ආදිත්‍යා
ආදරය වෙනුවෙන් කැපවුණු දඟකාරියකගේ කතාව
*දාහත්වන පිටුව*
"කමක් නෑ එහෙනම් ආන්ටි.. මල්ලි අකමැතිනම් අපිට කියන්න ඕනි නෑ.. පවුලෙ දෙයක් නම් ඉතින් කියලත් බෑනෙ.. හරි නෑනෙ.. අපි යන්නම්.. තැන්ක් යූ ආන්ට්.. තෑන්ක්ස් මියුරු මල්ලි විස්තර දුන්නට.. තෑන්ක්ස් නංගි බබා.. තේ එකට... අපි යනවා. එහෙනම්..පරිස්සමට ඉන්න.."
මියුරුගෙ හරස්වීම හමුවේ සඳුනි හිතේ තියෙන කුතුහලය නිවාගන්න සිද්ධිය දැනගන්නට කලින් යන්න ලෑස්ති වෙද්දි මගේ කලබලය තවත් වැඩි වුණේ කරන්න දෙයක් හෝ නැති තැනයි..
මම සඳුනිගෙ මූණ දිහා බැලුවෙත් පරාජිත හැගීමකින් යුතුවයි...
"අනේ නෑ දරුවො.. වාඩි වෙන්න.. මේ අපේ එකා කාටවත් කියන්න දෙන්නෙ නෑ ඕවා.. ඒත් ඔයාලත් ගෑනු ලමයිනෙ.. දැන ගන්න ඕන මේ සමාජෙ ගැන..
ඊටපස්සෙ එක එක තරග තිබුණා.. අපේ කෙල්ලට අවුරුදු කුමාරිට යන්න ඕන කිව්වා.. ඉතින් කෙල්ලගෙත් ආසාවනෙ.. අපි තිව්වා..
කෙල්ල ලස්සනේ බෑ ඉතින්.. කාගෙත් ඇස් තිබුණෙ මගෙ කෙල්ල ගාව.. කොහින් කොහොම හරි කෙල්ල තමා පලවෙනියට ආවෙ.. ගමේ හැමෝම ඇස් උඩ තියන් තමයි කතා වුණේ කෙල්ල ගැන.. කොල්ලොන්ටත් හරි උනන්දුව කෙල්ල ගැන.. කොහොම හරි එදා පුතා අවුරුදු උත්සවේ සංවිධාන වැඩ වලට හිර වෙලා හිටියෙ.. හවස අපේ ගෙදර ආවා පලාත් සභාවෙ මන්ත්‍රීගෙ පුතා.. වැඩි වයසක් නෑ.. අපේ පුතාට වඩා අවුරුද්දක් දෙකක් වැඩිමල් ඇති කොල්ලා.. ඇවිල්ල කිව්වා කෙල්ලට ලොකු ඉස්කෝලෙකට යන්න ශිෂ්‍යත්වයක් එයාගෙ තාත්තා හදල දෙනව කිව්වා කියල දූව එක්ක යන්න ඕන කිව්වා.. එදා අවුරුද්දනෙ.. අපේ එක්කෙනත් ටිකක් වැඩිපුර බීලා හිටියෙ... පුතත් තෑගි හදනව, කෑම බෙදනවා වැඩ ගොඩක හිටියෙ.. මමත් කැමති වුණා.. ලොකු ඉස්කෝලෙකට ශිෂ්‍යත්වයක් කිව්වම ඉතින් කවුද ආස නැත්තෙ.. කෙල්ලවත් ලෑස්ති කරන් මමත් ගියා මන්ත්‍රීගෙ පුතා ආපු ජිප් එකේම.. අනේ පුතා ඔහොම ටික දුරක් යද්දි වාහනේ හැරෙව්වෙ පාළු පැත්තකට.. මම ඇහුවා කොහෙද මේ යන්නෙ.. පාර වැරදීනෙ කියලා.. ඊට පස්සෙ ඌ කිව්වා තාත්තා මේ වෙලාවෙ වත්තෙ බංග්ලෝ එකේ ඉන්නෙ එහෙට යන්නෙ මෙහෙන් ලගයි පාරෙ ට්‍රැෆික් කියලා.. අනේ මාත් විශ්වාස කලා ඒ වචන...
ජිප් එකේ තව කොල්ලො දෙන්නෙකුත් හිටියා.. තව ටිකක් දුරට යද්දි මුංගෙ හැසිරීම වෙනස් වුණා දුව.. හිනාවෙනවා.. කෙල්ලට ඇගිල්ලෙන අනිනවා, බොනව ඒක ඇතුලෙ.. කෙල්ලගෙ මූණට එබෙනව.. මට තේරුනා මේක උගුලක් කියලා... මම කලබල කලා.. කෙල්ල අරගෙන වාහනෙන් පනින්න හැදුවෙ.. ඒත් ඒ කාලකණ්ණි මාව වාහනෙන් පහලට තල්ලු කලා.. අනේ වාහනේ පිටිපස්සෙ රෝදෙට මගේ අතකුයි කකුලකුයි යටකරන් ගියා දරුවෝ.. අනේ මගෙ කෙල්ල මට අරගන්න බැරි වුණා.."
දෑස්වලට පිරුණු කඳුළු දෑත්වලින් පිහද ගත්තත් හදවතින් ඉකි ගැහෙද්දි නතර කරගන්නට නොහැකි වුණේ දෑත්වලින් දෑස්වලින් වැටෙන කඳුළු නතර කරත්, හදවතින් වැටෙන කඳුළු නවතන්නට නොහැකි නිසාවෙනි... කතාව අසා නිම වන්නටත් පෙර සංවේදී සහ ඒ කටුක කතාව අතරමගදී ම අම්මට නැගුණු කඳුළු එක්කම අපේ දෑස් වලින් කඳුළු වැටුණේ පිහදගන්නටවත් දෑත් වාරු නැති වෙද්දී...
වැටුණු කඳුළු අතරින් ඉකි බිඳෙන ස්වර අතරින් අම්මගෙ හඬ නැවතත් වෙව්වලන දෙතොල් වලින් මතු වෙන්නට වුණේ කතාවේ තවත් සංවේදී කොටසකට මුල පුරන්නටයි...
"අනේ මට නැගිට ගන්න බැරි වුණා පුතේ.. කොහොම හරි මම කෑගැහුවා එදා පැත්තම දෙදරන්න.. මට තිබ්බ වේදනාව තරම.. නැගිටලා වැටි වැටී දිව්වා පුතේ මගේ කකුල කැඩුනට මම තනි කකුලෙන් දිව්වා.. දරු කැක්කුමට අම්මෙක්ට බඩගාගෙන වුණත් ගව්ගානක් යන්න පුළුවන් මගෙ දරුවො.. ඒකට තමයි අම්මලා කියන්නෙ.. පුතාට පෝන් කලේ පාරෙ ගිය මනුස්සෙක්ගෙ පෝන් එකක් අරන්.. කොල්ල ගමම එකතු කරන් වාහනවල ආව පුතේ.. අපි ගියා උන් කියපු බංගලාවට.. අනේ යද්දි..,"
"අම්මේ..."
මියුරු ඉඳගෙන සිටි තැනින් නැගිට්ටේ කන් දෙක වහගෙන විලාප දීගෙනයි.. මම තේරුම්ගත්තා ඒ හැසිරීමෙන්.. ඒ බිහිසුනු අත්දැකීම දෑසින් දුටු මියුරුට ආවර්ජනය කරද්දි කොයිතරම් වේදනාවක් වෙන්නැති ද කියල... හදවතට පිහියෙන් අණින වේදනාව මේ වේදනාව එක්ක මියුරුට නොදැනෙනවා නොඅනුමානයි.. තමන්ට ඉන්න එකම නංගි, නංගිට ඉන්න එකම අයිය වෙලත් නංගිට මේ තරම් ලොකු විපතක් වෙනකම් බලන් ඉන්න සිදුවීම මියුරුට මැරී මැරී ඉපදෙන්නට හේතුවක් බව නොඅනුමානයි... අනේ මියුරුගෙ හිතේ කොයි තරම් වේදනාවක් හැංගිලා තියෙනව ඇති ද.. ඒක පිටට නොපෙන්වා ඉන්න දරණ උත්සහය.. , ප්‍රශ්න කෝටියක් මැද තමන්ගෙ නංගි දිහා තවත් එක පිරිමියෙක්ගෙ නරක බැල්මක් නොවැටෙන්නට පණට දෙවැනි කොට රකින මේ වගේ අයියෙක් මේ නංගිට රටක් රාජ්‍යක් නොවන්නේද..?.. මියුරු උන් එන මොහොතෙ එකන හිටියනම් නංගිව මේ කාලකණ්ණි ටිකගෙන් බේරගන්නව කියලා සියයට කෝටි ප්‍රකෝටි ගානක් විශ්වාසයි මට.. අනේ නංගිව එයා දැනටත් ස්කූල් එකට, පන්තියට ගෙනියන්නෙ, ආයෙ එක්ක එන්නෙ., ඉඩ තියෙන හැම මොහොතෙම නංගි එක්ක ඉන්නෙ එයාව පරිස්සම් කරන්නෙ සහෝදරෙකුටත් වඩා තාත්තෙක් වගෙයි.. එදා චිරන්ත මං ගැන කැත විදිහට කතා කියද්දි එයා ඉදිරිපත් වුණේ තමන්ගෙ නංගිට වුණ දේ දෑසින් දුටු අයියෙක්ට තවත් තමන්ගෙ නංගි වගේම කෙල්ලෙක්ට තවත් ජරා පිරිමියෙක්ගෙ ජරා බැල්ම වැටෙද්දි ඉවසන්න බැරිවම වෙන්න ඇති.. එයා ඒ අතින් කොච්චර වගකීම් සහගත සුන්දර, පිරිසිඳු හදවතක් තියෙන කෙනෙක් ද..
"අනේ දුව මගෙ කෙල්ල.. අපි යනකොට පරක්කු වැඩී.. ඒත් ජරා පිරිමි තුන් දෙනාටම ලං වෙන්න බැරි වුණා මගේ කෙල්ලට.. ඒ අතින් අපි ඉස්සර වුණා.. මන්ත්‍රීලගෙ, ඇමතිලගෙ ලමයි දෙමව්පියන්ගෙ බලයෙන් ප්‍රයෝජන අරන් මල් කැකුළු කෙලෙසනවා තාමත් සමාජෙ.. ඒකයි මේ කතාව කිව්වෙ ඔය දරුවොත් පරිස්සම් වෙන්න සමාජෙ ඉද්දි... අපේ කෙල්ල පස්සෙමයි දැන් මියුරු.. මට බය කොල්ලගෙ ජීවිතේටත් අනතුරක් තියෙන එක ගැන.. මමත් රෝද පුටුවට වැටුණා නරුම කාලකණ්ණි නිසා.. "
දෑසින් වැටුණු කඳුළු පිසදන ගමන් අතීතයේ සිදුවුණ ඒ තුවාලය පෑරි පෑරි රිදුම් දෙන ආකාරය විස්තර කලේ තුවාලයේ වේදනාව කඳුළු දිගේ පහලට බේරමින්... කතාව දැන් පැහැදිළි වී අවසන් අපි දෙන්නටම.. මියුරු දුක් විඳින, මං ගැන හිතේ තියෙන දේ හංගගෙන මගෙන් දුරස් වෙන්න හදන හේතුවත් දැන් මට පැහැදිළි වුණා හොඳටම.. සඳුනිත් මමත් හිටියේ හදවතේ තිබූ කුතුහලය මෙවැනි ගින්දරකින් නිවාලන්නට සිදු වූ පසුතැවිල්ල උඩයි.. රටේ නීතිය කියල දෙයක් තියෙන්නෙ මෙවැනි හිංසාවන් කරන සාහසකියන් නසන්නට, මෙල්ල කරන්නට නොවේද.. එතකොට මන්ත්‍රීගෙ පුතා දැන් කොහෙද.. මේ මල් කැකුළට කල අපරාධයට උන් සියලුදෙනාටම නිසි දඬුවම් ලැබුණද.. මගේ ප්‍රශ්නය වුණේ ඒක..
"මියුරු., එතකොට දැන් උන් කෝ.. හිරේද.. මොකද වුණේ උන්ට.."
හිතේ තියාගන්නැතුව මගේ ප්‍රශ්නෙ මියුරුගෙන් ඇහුවෙ පිළිතුරු දැනගන්න..
"නෑ.. නීතිය උන්ගෙ පැත්තට නැමුණා.. නඩුව යට ගියා.. මිනිස්සුත් මන්ත්‍රීට බයේ කතාව යට ගැහුවා.. කවුරුවත් ඉදිරිපත් වුණේ නෑ.. නීතිය උන්ව බේරුවා.. කොහොමත් ලංකාවෙ නීතිය පෝසතාට, දුප්පතාට, බලවතාට අනුව වෙනස් වෙනව.. අපිට වුණෙත් ඒක.. උන්ගෙ තර්ජන එක්ක අපිට නිහඬ වෙන්න වුණා... අපිත් වැඩේ අතෑරියා ඕවා තැන් තැන්වල කියන්න ගියාම තවත් නංගිට වුණු දේ සමාජගත වෙනවා... ලංකාවෙ නීතියේ හැටියට ඕව රහසිගත ව විසඳන ප්‍රශ්න නෙවෙයි.. එක තැනකින් තව තැනකට ප්‍රශ්නෙ දානවා, එතනිනුත් තව තැනකට.. අන්තිමට නඩුව ඉවර වෙද්දි සල්ලිත් සතේට ඉවරයි, වෙච්ච අපරාධෙත් සමාජෙම දැනගෙන ඉවරයි.. ඒත් සාධාරණයත් ඉෂ්ට වෙන්නෙ නෑ.. අපි තවත් ඕව පාරෙ ගියෙ නෑ.. නංගිව පරිස්සම් කලා ඇරෙන්න.. අන්තිමට මන්ත්‍රීලට, ඇමතිලට සේවය කරන පොලීසායේ OIC ම වැඩේ යට ගැහුවා.. අපිත් තවත් අවුස්සන්න ගියෙ නෑ.. නංගිගෙ ආරක්ෂාවට හොඳ නැති නිසා..."
මියුරුගෙ දීර්ඝ පැහැදිලි කිරීම හමුවේ මට තේරුණා මේ නඩුවට සිදු වුණ දේ.. නංගිගෙ වයසත්, අවස්ථාවෙත් හැටියට මේ දේ යටපත් කරල කලේ නුවණැති ක්‍රියාවක්.. දැන් මූලිකම දේ නංගිගෙ මේ කතාව සමාජගත නොවී නංගිව රැක ගන්න එක.. තවත් ජරා පිරිමින්ගෙ බැල්ම නොවැටෙන්නට මග හදන එක.. රටේ නීතිය දේශපාලනයේ හෙවන ඇති අය තමන්ට ඕන විදිහට නවා ගන්නව හිතූ හැටියට... ඒත් මෙවැනි අපරාධ සමාජයේ තවත් සිදුවීම වැළැක්වීම වෙනුවෙන් හඬක් නැගිය යුතුමයි.. මෙවැනි නරුමයන් මේ සමාජෙන් තුරන් කර හෙට දවසට ආලොක්මත් කාලයක් ලබාදිය යුතුමයි.. මෙවැනි දේවල් වෙනුවෙන් සසාජෙ හඬ නගන්නන් විරල වීම දුකට හේතුවක්.. මගේ හිත මේ වෙද්දිත් අසාධාරණය පිලිස්සීම වෙනුවෙන් වෙෙරයේ ගිනිදැල් ඇවිලී හමාරයි...
ඒත් කෝ මියුරුගෙ තාත්තා එතකොට.. තාත්තට මොකද වුණේ... තාත්තා මියුරුල එක්ක නැති වෙන්න හේතුවත් මේකමද.. මගේ හිත නැවත වරක් තවත් ප්‍රශ්නයක් මතු කලා කුතුහලයක් සමඟමයි.....
ඉදිරියට.......
.....................................................................
*කතාවෙ තවත් පිටුවක් පෙරලන්නම් මේ විදිහට.. ඉතින් සඳුනිගෙත්, ආදිගෙත් හිතේ තිබුණු මියුරු ආදිට අකමැති වෙන්න මියුරුට තියෙන දුක, වේදනාව, ප්‍රශ්න ගොන්න ආදි සැක හැර දැනගත්ත අද.. අනේ මියුරුගෙ නංගිට සිද්ධ වෙලා තියෙන දේ.. කොයිතරම් දුක්බද දෙයක්ද.. තවත් මේ රටේ මෙවැනිම කතා කොච්චර ඇතිද.., ධනයට, නිලයට, බලයට යට වුණු මල් කැකුළු කීයක් මේ ලොකයට මිලින වෙන්නට ඇතිද.. නීතිය මෙවැනි ම අවස්ථා කීයක නම් අන්ධ වෙලා ඇතිද.. මියුරුගෙ තාත්තා නැතුව පවුලෙ බර, නංගිගෙ, අම්මගෙ බර, වගකීම මියුරුගෙ හිස මත පැටෙවෙන්න මියුරුගෙ තාත්තට මොකද වුණේ.. ආදිට මේ කතාවෙන් පස්සෙ අලුත් අරමුණක් හිතට එයිද.. යුක්තිය වෙනුවෙන් සටන් කරයිද.. අපි බලමු මියුරු, ආදිත්‍යාගෙ කතාවෙ මීලගට මොනව වෙයිද කියල.. කතාව ගැන අදහස් කමෙන්ට් කරන්න අමතක කරන්නෙපා.. දිගටම ඉන්න කතා පියස එක්කම..*
No comments:
Post a Comment