ආදිත්‍යා
ආදරය වෙනුවෙන් කැපවුණු දඟකාරියකගේ කතාව
*දහඅට වන පිටුව*
"අනේ ආන්ටි.. මෙච්චර දෙයක්.. ඔයාලා මේ ගැන නීතිමය දෙයක් කරන්න බැලුවෙ නැද්ද.. කෙල්ලට සාධාරණයක් කරගන්න.."
සඳුනි හිතට දැණුනු වේදනාව නිසාම ඇහුවෙත් ටිකක් කේන්තියෙන් වගෙයි..
"අනේ ඕවට දුවලා වැඩක් නෑ.. පොලීසිය වැඩ කරන්නෙ මන්ත්‍රීලට.. පොඩි මිනිහට නීතිය වෙනයි ලොකු මිනිහට වෙනයි දුව.. පැමිණිලි භාරගන්නව විතරයි.. විභාග කරන්නෙ නෑ එ්වා.. පැමිණිලි දාන හැම දවසකම එක එක කෙනා ගාවට යවලා කෙල්ලගෙන් ප්‍රශ්න අහනව.. කෙල්ල අඬනවා.. මානසිකව ගොඩක් වැටිල හිටියෙ කෙල්ල විතරක් නෙවෙයි අපි හැමෝම.. කෙල්ල සැරින් සැරේ එක එකා ලග ඕක කියනකොට කටින් කට කී දෙනෙක් නම් දැනගන්නවද.. ඕක එක එකාට කියද්දි කෙල්ල කොච්චරනම් අසරණ වෙනවද.. කොච්චර කිව්වත් සාධාරණයක් ඉෂ්ට වෙනවද.. නෑ.. නඩුවක් දැම්මත් එ්වත් යටගහනවා.. අපි අතෑරලා දැම්මා.. කෙල්ලව පරිස්සම් කරනව දැන් අපිට පුළුවන් හොඳම දේ ඒක.. ආයෙමත් ඕකුන්ගෙ බැල්ම කෙල්ලට වැටෙන්න බැරි නෑ.."
මියුරුගෙ අම්මා කියන කතාවෙත් ඇත්තක් තියෙනව.. මේ රටේ නීතිය තත්ත්වය, නිලය, සමාජ මට්ටම් අනුව විවිධයි.. නංගි ව රැක ගන්නව ඇරෙන්න නීතියේ සරණ පැතීම නංගිගෙ අනාගතේ තව තවත් අඳුරු වෙන්න හේතුවක්...
"ඒකනම් ඇත්ත ආන්ටි.. මේ රට මහ අමුතු රටක්නෙ.. තරාතිරම අනුව නීතිය තියෙන්නෙ.. නංගි දැන් ලොකුයිනෙ.. වැඩේ අතාරින්න නරකයි.. ලේසියෙන් ඕකුන්ට බේරිලා ඉන්න දෙන්න හොඳ නෑ.. ඔහොම යමුකො තව ටික කාලයක්.. අපි මේ වෙනුවෙන් හඬක් නගන්නම ඕනි.. කෙල්ලාෙ විදිහට අපේ අයිතිවාසිකම් වෙනුවෙන්.."
මගේ හිත කළු ගලක් මෙන් රළු වූයේ සමාජයේ මෙවැනිම තවත් අපරාධ නීතියේ රැහැණෙන් ගැල වී දිගින් දිගටම මෙවැනි දේවල් සිදුකිරීම වලක්වාලීමේ අධිටන පෙරදැරිවයි..
"අනේ මේ තමුසෙගෙ හඬ තියාගෙන පාඩුවෙ ඉන්නවා අපිට මේ වෙච්ච දේවල් හොඳටම ඇති. වැඩිත් එක්ක.. දැන් හරිද සේරම අහගත්තනෙ ඕපදූප ටික.. දැන්වත් ඇණයක් නොවී යනවද පාඩුවේ.. මට කේන්ති ගිහින් තියෙන්නෙ හොඳටම.. කියන්න බෑනෙ අම්මට මේ හිතුවක්කාර කෙල්ලෙක් කියල.. කැම්පස් කියලා බොරු කියල ඇවිත් තියෙන්නෙ කියලා.. යනවකො හලෝ.. ලැජ්ජ නැද්ද බනිද්දිත් කොල්ලන්ගෙ ගෙවල් අස්සෙ රිංගන්න.."
මියුරු මගේ කන ලගට ඇවිත් බැනගෙන බැනගෙන ගියේ මම සියලු සීමාවන් ඉක්මවා ඇති බව සිහි කරමින්... ඒත් මම ඒවට සැලෙනවද.. නෑ මම මට ඕන දේම කරනවා..
"ඇයි ඇත්ත නොකියන්නෙ.. කියනවා මාව කොල්ලෙක්ගෙන් බේරගත්තා, මං වෙනුවෙන් රැග් ඉවසුවා, තව දැන් මම ඔයාට ආදරේ කරනවා.. ඔයා අකමැති හේතුව හොයාගෙන පන්ති කට් කරන් මෙහෙ ඇවිත්, කැම්පස් ර්සර්ච් එකක් කියලා බොරු කියල ඇවිත් හැමදේම අහගත්තා කියලා.. කියනව ඉතින් ඇයි හංගන්නෙ.. මටනෙ ලැජ්ජාවක් වෙන්නෙ ඒකෙන්..ඔයාට නෙවෙයිනෙ.. ඇයි මට ලැජ්ජාවක් වෙන්න නොදී හැමදේම හංගන් ඉන්නෙ මියුරු,, කියන්න මට.. ඇයි එහෙම කරන්නෙ.. අම්මට ඇත්ත කිව්වම එයා මාව පිළිකුල් කරාවි.. ඇයි ඒකෙන් ඔයාට වෙන අවුල මොකක්ද.. කියන්න ඇයි හංගන් ඉන්නෙ.. තවත් රඟපාන්නෙපා.. හිතට වද දිදී හැගීම් හංගන් ඉන්නෙපා මියුරු.. ඔයා මාව මට හොරෙන් රකිනවා.., පොඩි හරි හැගීමක් තියෙනවා.. ඒකයි අදත් ඔයා නිහඬ.. මම පරාද වෙන්නෙ නෑ.. ඔයාට පරාද වෙන්නම වෙනවා.. "
මියුරුගෙ කේන්තියට මගෙන් ලැබුණු පිලිතුර ඒක.. ඒවයින් මේවයින් මට තව ප්‍රශ්නයක් මට අමතක වුණා.. කෝ මියුරුගෙ තාත්තා...
"හරි ආන්ටි.. ඒත් කෝ එදා අවුරුද්ද දවසෙ හිටපු දැන් පේන්න නැති නංගි ගෙ තාත්තා..."
"හ්ම්ම්.... නංගි ගෙ තාත්තටත් වුණේ ලොකු අසාධාරණයක් දුව.. මතක් වෙද්දිත් හුස්ම ගන්න අමතක වෙනව.."
තාත්තා ගැන අහද්දි මියුරුගෙ අම්මා හයියෙන් හුස්මක් ගත්තේ දුක සහ පසුතැවිල්ල නිසාම වෙන්න ඇති...
"එදා ඔය සිද්ධිය වෙද්දි එයා හිටියෙ බීලානෙ.. ටිකක් වැඩිපුර බීලා එදා.. අවුරුද්දනෙ දුව.. පිරිමි අය බොනවනෙ ටිකක් වැඩිපුර.. කොහොමින් කොහොම හරි කෙල්ලවයි මාවයි දෙන්නම ඉස්පිරිතාලෙ නැවැත්තුවා.. ගමේ එවුන් සිද්ධිය ගැන කියලා.. තාත්තත් කෙල්ලට පණ වගේ ආදරෙයි.. කොහොමත් තාත්තලා දූලටනෙ ආදරේ පුතේ වැඩිපුරම.. ගමේ එවුනුත් එදා තාත්තව උසිගන්නලා.. ඒ නැතත් තමන්ගෙ දුවට මෙහෙම අපරාධයක් කලා කිව්වම මොන තාත්තට ද කේන්ති නොයන්නෙ..සීමාව ඉක්මවන්නෙ නැත්තෙ කාටද.. කොහොම හරි එදා එයා ගිහින් මන්ත්‍රීගෙ ගෙදර.. ගිහිල්ලා මන්ත්‍රී එක්ක පැටලිලා රණ්ඩු වෙලා.. උන් ඒ අහිංසක මනුස්සයගෙ හැසිරීම වීඩියෝ කරලා මරණ තර්ජනය කලා කියලා පොලීසියට පැමිණිලි කලා.. නිකනුත් නෙවෙයි උංගෙ ගාඩ්ලා තාත්තට බිම දාගෙන ගහල තිබුණා.. ගහල ගහල පොලීසියට භාරදීල නිකන් නෙවෙයි උන් ලග තිබ්බ පිස්තෝලෙකුත් ඉනේ ගහල.. දැන් ඇප දෙන්නෙත් නෑ.. සාක්ෂි සේරම උන් පැත්තෙ තියෙන්න.. පොලීසිය කොහොමත් මන්ත්රීලටනෙ වැඩ කරන්නෙ.. පවු අහිංසක මනුස්සයා.. බර වැඩ කර කර උන්ගෙන් ගුටි කකා දුක් විඳිනව දුව.. අපිට ඉවසන්න බෑ ඒ ගින්දර ඒ අහිංසක මනුස්සයා කොහොම විඳිනවද කියලා.. දවසක් අපි බලන්න ගියා.. අනේ මගේ පපුව හෝස් ගාල ගිනි ගත්තා.. තුවාල කැළැල් හැමතැනම.. අතේ කරගැට නැති තැනක් නෑ.. එහෙන් තුවාල.., හරියකට කෑමක් නැතුව ඇදිල ගිහින්... කකුල් යටිපතුල් තුවාල වෙලා.. අනේ විදින දුකක්.. අපි ජීවත් වෙන්නෙ මැර මැරී දුව.. අනික කන බත් කටවත් උගුරෙන් පහලට යන්නෙ නෑ අපිට එයාව මතක් වුණාම පිච්චිලා යනවා මුළු ඇගම.. එදා අවුරුද්දෙන් පස්සෙ තිබ්බ එකම අවුරුද්දක්වත් අපි සැමරුවෙ නෑ.. ඒ මනුස්සයා එහෙ ඉදන් අඬනව අපි මෙහෙ ඉදන් අඬනවා.. අඩුම තරමෙ අපි ගෙදර උයන්නෙවත් නෑ එදාට.. සිංහල අවුරුද්ද කියන එක අදටත් අපිට සාපයක් ලබපු දිනයක්... අපි විදවනවා.. දුප්පත් අපේ පවුල විනාශ කරපු.., අපේ සතුට උදුරගත්ත උන් අදටත් ජීවිතේ විදිනවා... දෙයියොවත් අහන්නෙ නෑ මේ අවනඩුව.. කොල්ලයි කෙල්ලයි මාවත් බලාගන්නව.. පාරක් පාරක් හන්දියක් ගානෙ සින්දු කියලා යන්තම් කොල්ල ගෙදර බර, නංගිගෙ වගකීම් මගේ වගකීම් කරට අරන් මගෙ කොල්ලා ජීවිතේ විදින්න ඕන කාලෙ තාත්තෙක් ගෙ වගකීම් කරනවා.. මේ අත්දෙකට හිතට දෙවියො හයියක් වෙන්න කියලයි මං ප්‍රාර්ථනා කරන්නෙ.. මට අද මැරුණත් දුක නෑ.. මොකද හොඳ ගතිගුණ තියෙන, වැදගත් පුතෙක් මට ඉන්නවා, ආරක්ෂා කරන්න පුළුවන් බය නැතුව ප්‍රශ්න ගැන කියන්න පුළුවන් හොඳ අයියෙක් දුවට ඉන්නවා.. මම ප්‍රාර්ථනා කරන්නෙ මගේ කොල්ල මේ දුක් විදින ජීවිතේට හයියක් වෙන්න පුළුවන් යකඩ ගැහැණියෙක් මගේ පුතාට ලැබෙන්න කියලා.. එයාගෙ දුකත් තමන්ගෙ කරගෙන ඉවසන්න, හැමදේටම හයියක් වෙන්න පුළුවන් කෙල්ලෙක් මගෙ කොල්ලට ලැබෙන්න කියලා.. මගෙ දරුවන්ගෙ තාත්තත් අර මරු කටින් ගැලවිලා අපි ගාවට ඉක්මනටම එන්න ලැබෙන්න කියල ඉල්ලනව මම බුදුන්ගෙන්, දෙවියන්ගෙන් හැමදාකම.... "
කම්මුල් දිගේ පහලට වැටෙන කඳුළු තේරුම් කලේ ඒ අම්මගෙ හදවතේ ඇවිලෙන දුක් ගින්නෙහි තරමයි.. අහන් හිටපු අපේ ඇස්වලට මේ කතාව අවසන් වෙද්දි කඳුළක් නොආවනම් අපි දුක දැනෙන මිනිස්සු නෙවෙයි.. අම්මව වැළඳගෙන නංගිවත් වැළඳගෙන අපි ඇඬුවෙ එවන් දුක්බර කතාවක් නැවත කිසිදා ඇසෙන්නට නොලැබේවා කියායි.... මියුරුගෙ නංගිටත් තාත්තටත් වුණු අසාධාරණයට වගකිව යුතු සියලු දෙනාටම දඬුවම් හිමිවිය යුතුයි... මියුරුගෙ තාත්තා ඉක්මනටම හිරෙන් නිදහස් කර ගත යුතුයි...
මියුරු විදින මේ ජීවිතේට සැනසීමක් දෙන්න ඕනිමයි.. මම මියුරුගෙ අම්මා කිව්ව විදිහෙ යකඩ කෙල්ලෙක් වෙන්න ඕන.. දැනටත් මම කිසිම දේකට බය නෑනෙ.. ඉස්සරහටත් ඊටත් වඩා ශක්තිමත් වෙන්න ඕන.. මියුරුගෙ තාත්තා නිදහස් කරගත යුතුමයි...
මියුරුගෙ අම්මටත් වැඳලා, ස්තූති කරලා නංගිවත් සනසලා අපි ආවෙ ගෙදර එන්නයි.. අපි පස්සෙම මියුරුත් ටික දුරක් ආවෙ අපේ ආරක්ෂාවට වෙන්න ඇති.. කෙල්ලෙක් ව ඇස්දෙක වගේ පරිස්සම් කරන කොල්ලෙක් ලබන්න කෙල්ලෙක්ට පින තියෙන්නම ඕන...
"දැන් හරිද.. සේරම අහගත්තනෙ.. නින්ද යයි දැන්.."
මියුරු තරහින් වගෙයි අපෙන් ඇහුවෙ..
"නෑ.. හරිම දුකයි.. ඔයා විදින දුක තේරෙනවා.. මටත් දුකයි.. මට පුළුවන් ඔයාට හයියක් වෙන්න.. මාව විශ්වාස කරන්න.."
"බලමු.."
මගේ ප්‍රශ්නෙට මියුරු දුන්නෙ වෙනස් පිළිතුරක්... මගෙ හිතට ඇති වුණේ ලොකු විශ්වාසයක්.. අපේ කතාව වෙනස්ම එකක් වේවි..
ඉදිරියට...............................
.......................................................................
**කතාවෙ තවත් පිටුවක් පෙරලුනා... කතාව ගොඩක් ලේට් වෙනව සමාවෙන්න ඒ වෙනුවට.. කතාව ඉක්මනට ඉවර කරනව.. අලුත් විදිහට වෙනස් දෙයක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා... කතාව ටිකක් වෙනස් වේවි දැන්.. කොල්ලගෙ ප්‍රශ්නෙ කෙල්ල දැනගත්තා.. ඒ වෙනුවෙන් ආදි ඉදිරිපත් වෙයි... බලමු කතාවෙ ඉස්සරහට බාධක මැඩගෙන ඉදිරියට යන්න පුළුවන්ද කියලා.. අසාධාරණයට විරුද්ධ ව ආදි සටන් කරයිද කියලා.. ඉස්සරහට ගොඩක් බාධක ඒවි.. අපි බලමු මොකද වෙන්නෙ කියලා.. කතාව ගැන අදහස කියන්න අමතක කරන්නෙපා..
දිගටම ඉන්න කතා පියස එක්කම...**
No comments:
Post a Comment