ආදිත්‍යා
ආදරය වෙනුවෙන් කැපවුණු දඟකාරියකගේ කතාව
*දහසය වන පිටුව*
"ආන්ටි මේ... ඔ..හොම ඉන්න අපි උදව් කරන්නම්.."
ඇඳේ වැතිරී කිහිලිකරුවක ආධාරයෙන් නැගිටින්නට වෙර දරණ වතාවක් දෙවතාවක් උත්සහ කිරීමෙන් වැටෙන්නට යන වයසට වඩා වයස පෙනුමක් පෙනෙන්නට ලැබෙන අකාලයේ එක්තැන් වී ඇති බවක් හැඟෙන සිනහවින් පිරුණු පියකරු මුහුණකින් හෙබි ඇය මියුරුගේ රුවට බොහෝ සමානකම් පෙන්නන නිසාම මියුරුගෙ අම්මා විය හැකි බව නිගමනයයි... ඒත් කකුලක් අහිමි වී, අතක් ද ශක්තියෙන් හීන වී ඇත්තේ ඇයි.. අහන්නත් හිතයි.. ඒත් තාමත් ඇයට අපි දෙදෙනා ප්‍රෙහෙලිකාවක් මෙන් අපි දිහා බලා සිටින්නේ මේ අවස්ථාවේදී ඇගේ හිතේ දැවෙන ප්‍රශ්න රාශියකට අපෙන් විසඳුම් සොයනවා මෙන්...
අපේ වාරුවෙන් හෙමින් සැරේ රෝද පුටුවෙන් වාඩි කලේ දයාබර හැඟීමෙන්...
"ඔය දරුවො කවුද.. දුවගෙ යාලුවෝ වෙන්න විදිහක් නම් නෑ.. පුතාගෙ යාලුවොද.. ඒත් ගෑනු ලමයි දෙන්නෙක් එනව කියල නිකමටවත් කිව්වෙ නෑනෙ.."
"නෑ නෑ ආන්ටි.. අපි ජයවර්ධනපුර කැම්පස් එකෙන්.. ආන්ටි අපි රිසර්ච් එකක් කරනවා මේ දවස්වල.. සාක්ෂරතාවය තමයි අපේ ටොපික් එක.. ඉතින් ආන්ටිගෙන් විස්තර ටිකක් දැනගන්න ආවෙ.."
ප්ලෑන් එකේ පරිදිම සඳුනි ලස්සනට බොරු ගොතන්න ගත්තත් බාගෙට හදපු ගේත්, එක්තැන් වී සිටින අම්මත් දැක්කම මට දැණුනේ වාවගන්න බැරි තරම් දුකක්..
සැබැවින් ම මේ මියුරුගෙ ගෙදරම ද.. අපිට වැරදුනාවත් ද.. වටපිට විපරම් කල බැලුවේ තවමත් මගේ හිතේ සැකයක් ඇති නිසයි..
හොඳින් හෝදිසි කර බලද්දි මම දැක්කෙ හුරුපුරුදු ගිටාරයක් බිත්තියේ එල්ලා තිබෙන අයුරුයි... අනේ... මේ ගිටාර් එක මියුරුගෙ නේද.. එතකොට මේ මියුරුගෙම ගෙදර ද,.. මේ මියුරුගෙ අම්මද එතකොට.. ඇත්තටම එයාට මං ගැන තියෙන හැඟීම හංගන්න හේතුව මේකද.. ඇයි එයාගෙ අම්මා මෙහෙම.. මෙච්චර වෙලා තිබ්බට වඩා ප්‍රශ්න කෝටියක්.. ඒත් අපි ආවෙ මියුරුගෙ යාලුවො විදිහට නෙවෙයි.. නොදන්න කැම්පස් දෙන්නෙක් විදිහට.. දැන් පටන් ගත්ත මේ බොරුව දිගටම ගෙන යා යුතුයි.. එතකොට කෝ මියුරු, කෝ නංගි.. ඇයි අම්මා තනියම.. හිත මට වද දුන්නා පෙරටත් වැඩි ය..
"අනේ දරුවෝ.. මට ඕවා ගැන එහෙම දැනීමක් නෑ... අපේ කොල්ලයි කෙල්ලයි නම් දන්නවා ඕවා ගැන.. ඒත් දෙන්නම දැන් නෑනෙ ගෙදර.."
අපේ ප්ලෑන් එක වතුරෙ යන්නයි යන්නෙ.. මියුරු ගෙදර නෑනෙ.. අම්මගෙන් දැනගන්ගන විදිහක් නෑනෙ.. අපි දෙන්නා මූණට මූණ බලාගත්තා අසරණ වුණු තරමට.. ඒත් මෙහෙට ආවට පස්සෙ මියුරු ගෙ කතාව අස්සෙ හැංගුණු මොකක් ම හරි රහසක් තියෙනවා කියලා තේරුණා.. ඒ වගේම ඒක දැනගන්නත් තිබ්බ උනන්දුව වැඩි වුණා... ඒත් කොහොමද.. බොරුව ඉස්සරහට ගෙනියන්න අයිඩියා එකක් එන්නෙත් නෑනෙ..
"ම්.. නෑ නෑ ආන්ටි අපි මේ සරල ප්‍රශ්න ටිකක් අහන්නෙ.. මේ.. නංගි මල්ලි ගොඩක් දුරකද ගියේ.. දැන්ම එන එකක් නැද්ද..?"
මගේ කල්පනාව බිඳුනේ සඳුනිගෙ මීලඟ ප්‍රයත්නයට.. අනේ ඒකවත් සාර්ථක වේවා...
"අනේ දූ.. පුතා තමයි මටයි කෙල්ලටයි දෙවියෙක් වගේ බලන්නෙ.. නංගිව පරිස්සම් කරනව දශමෙට.. එයා ගෙදර ඉන්න දවස්වලට නංගිට පන්ති හොයා දීලා.. ගිහින් දාලා වෙලාවට එක්ක එන්න යනවා.. ස්කූල් ගියත් එහෙමයි.. කෙල්ලව දාගෙන තමා එයා යන්නෙ.. ඉතින් කොල්ලට හැමදාම පරක්කු වෙනවා ඉස්කෝලෙට යද්දි.. පව් මගේ කොලු පැටියා.. නංගිව පරිස්සම් කරනවා.. දැනුත් ඔය නංගිව පන්තියෙන් ගන්න ගියේ.. තාත්තගෙ බර කරට අරන් සල්ලි හොයලා අපිව ජීවත් කරවනවා.. මටනම් මගේ මියුරු දෙවියෙක් දුව.."
මියුරු ගෙ අම්මා අවසාන වචන ටික කිව්වෙත් පුදුම දුකකින්.. ඇස් වල බේරෙන කඳුළු දෑතින්ම පිහදන ගමන්... ඒ කතාව ඇහුවම මට මියුරු ගැන තියෙන ආදරය, ගෞරවය තව තවත් වැඩි වුණා.. ඒකට මගේ ඇස්වලින් කඩන් හැලෙන කඳුළු සාක්ෂියක් වුණා....මට දැනුයි තේරෙන්නෙ.. හැමදාම මියුරු ස්කූල් පරක්කුවෙලා එන්නෙ ඇයි කියලා.. නංගිව ඇරලගෙන එන නිසා...පව් දෙවියනේ මියුරු.. ඒත් මියුරුගෙ තාත්තා කෝ.. අම්මට ඇයි මෙහෙම වුණේ.. දැන ගන්න දැන් නම් ඉවසුම් නැති තරම්.. ඒත් ඒ තරම් පෞද්ගලික දේවල් කොහොම අහන්න ද අපි... සඳුනිත් මගේ මූණ දිහා බලන් ඉන්නෙ නිසොල්මන් දෑසිනුයි...
"ම්.. මේ.. ඇහුවට තරහ වෙන්න එපා ආන්ටි... ආන්ටි කිව්ව කතාව අහල අපිට පුදුම හිතුණා.. කොල්ලෙක් තාත්තෙක්ගෙ බර කරට අරන් අඩු වයසින්.. එහෙම අය අද ගොඩක් අඩුයි.. ඇත්තටම මෙහෙම වුණේ ඇයි.. කෝ එතකොට එයාලගෙ තාත්තා... අනේ ආන්ටි තරහ වෙන්න එපා.. අපිටත් පුළුවන් උදව්වක් අපිත් කරනවා.."
වැඩි විස්තර සවිස්තරාත්මක ව දැනගන්න තිබුණු ඉවසුම් නැතිකම නිසාම මම ඉස්සර වුණේ සඳුන්තිටත් කලින්...
"ම්... ඒක දිග කතාවක් දූ.. ඔයාලට අහන් ඉන්න කාලයක් නැති වෙයි.. ඉගෙන ගන්න ලමයිනෙ.. පාඩම් වැඩකටනෙ ආවෙත්.. අපේ පුතා කීයට එයිද දන්නෙ නෑනෙ... කාලෙ නහත්ති කරන්න එපා.. ඉගෙන ගන්න එක පාඩු කරගන්න එපා.."
අම්මා හිතුවේ අපේ ඉගෙනීම ගැන.. අතට පයට වාරු නැතත් අම්මා මියුරුලට උගන්නන්න දරණ උත්සහය, උනන්දුව තේරෙනවා මට.. මියුරු මේ තරම් ම දක්ෂත් ඒ නිසයි.. ඒත් දැන් මට අනිත් හැමදේටම වඩා වැදගත් මේ දෙයයි...
"නෑ නෑ ආන්ටි.. කොහොමත් අපි ගොඩක් කරුණු හොයාගත්තා.. තව ටිකයි තියෙන්නෙ.. පරක්කු වුණාට කමක් නෑ ආන්ටි.. අපි ආසයි දැනගන්න.. අනික කාටවත් නොකිය ඉන්නත් වග බලාගන්නම්.."
මගේ පොරොන්දුව මියුරුගෙ අම්මගෙ හිතේ අපි ගැන විශ්වාසයක් ගොඩනැගුව බව තේරුණා මට අම්මගෙ මුහුණෙන්..
"අනේ දරුවෝ.. එහෙම හංගන්න දෙයක් නෑ.. ඒක ලොකු කතාවක්.. ඒකයි ඔය දරුවන්ට පරක්කුවෙයි ඒකයි මම කිව්වෙ.. මේ කතාව මේ පලාතම දන්නවා.. ඕන කෙනෙක්ගෙන් අහන්න අවුරුදු දෙකකට කලින් අවුරුද්දක් දා මොකක්ද සිද්ධ වුණේ කියලා.. කවුරුත් දන්නවා.. ඒත් කවුරුත් කට හොල්ලන්නෙ නෑ ඒ ගැන.. දූලත් මේ දේවල් දැනගන්න ඕනි.. වටිනව දැනගෙන ඉන්න එක.. මේ සමාජෙ අපි හිතන තරම් සුන්දර නෑ දරුවො.. ඔයාලට පරක්කු නැත්තම් මම කතාව කියන්නම්.."
දිගු සසුමක් පිට කරමින් අම්මා ලොකු කතාවක් කියන්න මුලපුරන්න වුණා.... අපිත් අම්ම දිහාම බලන් හිටියෙ නොඉවසිල්ලෙන්....
"හ්ම්.. එහෙනම්.. මීට අවුරුදු දෙකකට කලින් අපේ ජීවිත දුප්පත් වුණත් හරි සතුටින් ගෙවුණෙ... ගිය අවුරුද්දට උඩින් අවුරුද්දෙ අපි ජයටම අවුරුදු සැමරුවා..ඉතින් අවුරුදු උත්සවයක් එහෙම තිබ්බා අපිත් සහභාගි වුණා.. අපේ කෙල්ල එතකොට නවය වසරෙ.. ලොකු ලමෙක් වෙලා චාමෙට පාටියක් තිබ්බා ඒ අවුරුද්දෙම මාර්තු මාසෙ.. හරියටම 16 වෙනිද තමා දුවගෙ පාටිය තිබ්බෙ.. කෙල්ලත් වෙනදට වඩා ලස්සනයි... උසට මහතට.. අපිට හිතාගන්න බෑ.. එච්චර ඉක්මනට අපේ කෙල්ල ලොකු වුණාද කියලා.. ඉතින් කෙල්ලටත් හරි සතුටුයි.. එදා අවුරුද්ද ජයයි අපිටත්.. ඉතින් අවුරුදු දා......"
"අම්මෙ..."
අම්මගෙ කතාව ගැනම අවධානයෙන් සිටි අපේ අවධානය බිඳුණේ දොරකඩින් මතු වූ හඬටයි...
මියුරු නංගිවත් අරගෙන ගෙදරට ආවේ කතාවේ හොඳම හරියෙදියි... ඒ කෙසේ වෙතත් ගෙට ගොඩ වූ මියුරුගෙ ඇස් ලොකු වුණේ අපිව දුටු විටයි.. මියුරුගෙ නංගි මියුරු වගේමයි... දැක්කත් හිත ඇද ගන්න හුරුබුහුටි පෙනුමක්..ඝන දිග කොණ්ඩෙ නංගිගෙ ලස්සන තවත් වැඩි වෙන්න දෙවියො මවලා වගෙයි දැක්කෙ..
"ආ දරුවනෙ.. මේ ඉන්නෙ මට දෙවියො දීපු රජයි, රාජ කුමාරියයි.. මේ මියුරු.. මේ දුව අහිංසා..
එතකොට පුතා මේ කැම්පස් ලමයි දෙන්නෙක්.. මේ කැම්පස් වැඩකට තොරතුරු හොයන්න ඇවිත්.. මම මේ අපි වෙච්ච දේවල් ගැන කිය කිය හිටියෙ.."
මෙතෙක් වෙලා අපිට කියාගෙන ආ කතාව නවතා මියුරුට අපි දෙන්නවත්, අපි දෙන්නට මියුරුවත් නංගිවත් හඳුන්වලා දුන්නෙ ආදරෙන්.. මියුරු මගේ දිහා බලන් හිටියෙ කන්න වගේ.. මියුරු නොදන්නවැයි අපේ කැම්පස් කතාව..
"ආ.. ඒවා මෙයාලට වැඩක් නෑනෙ අම්මෙ.. ඉගෙන ගන්න තොරතුරු හොයන් ආවනම් ඒවා කියා දීල යවන්න.."
මියුරු අම්මට කිව්වෙ මගේ දිහා බල බල රවන ගමනුයි....
"අනේ අයියෙ.. මේ අක්කිල දෙන්න ශෝක් නෙ.. ඉන්න අක්කෙ මම අම්මව වොශ් රෑම් එක්ක ගිහින් තේ දෙකක් හදන් එන්නම්.. අයියගෙන් අහන්න දන්න තොරතුරක් නම් කියාදෙයි.. අපෙ අයියා හරි හොඳයි.."
නංගිට නම් අපිව දැක්ක ගමන් හිත ගිහින් වගේ.. අයියවයි අපිවයි තනි කරල අම්මයි නංගි යනව කියන්නෙ මට හොඳටම දෙහි කැපිල්ලක් අත ලග කියන එකයි...
"අනේ ඔව් ලමයිනේ.. ඇවිත් ගොඩක් වෙලානෙ තේ එකක්වත් දුන්නෙ නෑනෙ.. අපේ පුතාගෙන් අහන්නකො ඔය මොකක්ද.. සාක්ෂරතාවෙද මොකක්ද කියන එක ගැන.. එයා විස්තර කියයි.. ඔයත් දන්නෙ නැති දෙයක් තියෙනවනම් අහගන්න මේ කැම්පස් ලමයි දෙන්නෙක්නෙ.. ලොකුකම නැතුව අහගනින්.. මේ ලමයි උඹට වඩා ඉගෙන ගෙන තියනවනෙ..අපි තේ හදාගෙන එන්නම්.."
අම්ම මියුරුට අපෙන් නොදන්න දේවල් අහගන්න කිව්ව එකටනම් මට හිනා ගියා.. යන්තම් පාලනය කරගත්තෙ..
"මම නොදන්න මෙයාලගෙ සාක්ෂරතාවෙ.. විකාර.."
මියුරු අම්මට නොඇසෙන්න මිමිණුවට මටනම් ඇහුණා හොඳටම....
"මේ තමුසෙලා දෙන්නට පිස්සුද.. මොකටද මෙහෙ ආවෙ ආ.. ක්ලාස් කට් කරන් නේද ආවෙ.. මොකටද ආවෙ අල තම්බන්න ද.. ඔයාට මොනවද ඕනි ආදිත්‍යා.. ආ..? ඒ මදිවට අම්මවත් රවට්ටලා හොඳටම.. මම නොදන්න ඔහෙලගෙ සාක්ෂරතාවෙ.."
හිතුවත් වගේම අම්මල ගෙට ගිය ගමන් පටන්ගත්තා මියුරුගෙ දෙහි කැපිල්ල..
"ඔයා ඉතින් කිව්වනෙ ප්‍රශ්න කියලා.. මෙච්චර අවධානමක් අරන් ඔයාව බලන්න නෙ ආවෙ මැණික.. දැන් මොකද බනින්නෙ.. මනුස්සෙක් ගෙදරට ආවම ඔයාලා සලකන්නෙ ඔහොමද..බැනල එලවගන්නවද.. මාර කෙනෙක්නෙ.. අර අම්මගෙයි, නංගිගෙයි ගතිගුණ ගෑවිලාවත් නෑ මෙයාටනම්.. මහ දුශ්ටෙක්.. ආදරේ නිසා හොයන් ආවම බනිනවා.."
කේන්තියට රතු වුණු මියුරුගෙ කම්මුල ඇඟිලි දෙකෙන් ඇද්දෙ වටපිට බලලයි.. මියුරු ටක්ගාලා ඈතට ගියේ ලැජ්ජ හිතුණු ගෑනු ලමෙක් වගේ වටපිටත් බලලයි..
"කෙල්ලෙක් නේද.. ලැජ්ජාවක් ගෑවිලාවත් නැද්ද.. පිස්සුද.. මොකක් දැනගන්නද ආවෙ.. අම්මව අන්දගෙන මොනවද දැනගන්න හැදුවේ.. මට පාඩුවේ ඉන්න දෙන්න ආදි.. පේනවනෙ ගෙවල් දොරවල් දැක්කම කොච්චර දුප්පත් ද.. අම්මා ඉන්න තත්වෙ පේනවනෙ.. මේවගේ වැඩ කරලා ඔයත් අමාරුවේ වැටිලා මාවත් අමාරුවේ දන්නෙපා.. ප්ලීස්..,🙏🙏"
බනින ගමන්ම එකපාරම මියුරු බැගෑපත් වුණේ ලොකු වේදනාවක් පපුවේ හිරකරගෙන..
"අනේ මියුරු.. මම ඔයාව අමාරුවේ දාන්න ආව නෙවෙයි.. ඒත් ඊයෙ ඔයා කිව්ව කතාව මට අවුලක්.. මට දැනගන්න ඕන ඔයා මට අකමැති ඇයි කියලා.. ඒකයි මේ රිස්ක් එකක් අරගෙන ආවෙ... අනේ අම්ම කියාගෙන ආවෙ අපිට.. ඒත් ඔයා ඒකත් කෑවා.."
"අනේ ආදි මේ.. ඒවා ඔයාට වැඩක් නෑ.. කිව්වනෙ මගේ දේවල් හොයන්න එපා කියලා.. ඒව අපේ ප්‍රශ්න.. අපි බලාගන්නම්.. තේ හදන් ආවම බීලා සැක නොහිතෙන්න යන්න මෙහෙන්..🙏🙏🙏"
මියුරුනම් ඇත්ත කියන පාටක් නෑ වගේ.. ඒත් මට දෙයක් ඕන වුනොත් ඒක දැනගෙන මිසක් මම පාඩුවේ ඉන්න එකියක්ද.. නෑනෙ.. නෑනෙ...
"ආ මෙන්න අක්කිලා.. තේ බොන්න.."
"දූලා තේ බොන්න.."
අම්මත් නංගිත් ආවෙ තේත් හදාගෙන.. මියුරු බලාපොරොත්තු වුණේ අපි තේ බීල යයි කියලා.. ඒත් මගේ සටන මම අවසාන වෙනතෙක් කරනවා.. එයා එහෙම කිව්වට මෙච්චර කට්ටක් කාලා බොරු කෝටියක් ගොතලා අන්තිම මොහොතෙ සටන පාවලා දෙන්න පුළුවන්ද.. පිස්සු නැත්තං ශෝක්..
"අනේ ආන්ටි.. අර කතාවෙ පොඩ්ඩනෙ කිව්වෙ.. ඉතුරු ටිකත් කියන්නකො.. අපිට පරක්කු නෑ.. ක්ලාස් අරින්න තව පැයක් තියෙනවනෙ.."
"මොකක්ද.. ක්ලාස් අරින්න..?"
අප්පා.. පැන්නා නේද බළලා මල්ලෙන් එළියට.. කොහෙද මගේ කටට බ්‍රේක් නෑනෙ..
"අනේ නෑ ආන්ටි.. අද කැම්පස් ලෙක්චර්ස් නෑ.. අපි එක්ට්‍රා කෝර්ස් එකක් කරනවා.. අද ඒක එච්චර වැදගත් ලෙසන් එකක් නෙවෙයි තියෙන්නෙ.. ඒකයි මේ වැඩේට ආවෙ.."
වෙලාවට සඳුනි දාර්ශික විදහට බොරු ගොතන්න පශ්චාත් උපාධිය හදාරලා තියෙන්නෙ..නැත්තම් අපි දෙන්නගෙම බොරුව මාට්ටු...
"ආ ඒක මිසක්... කතාවද.. ඒක කතාවක් විතරක් නෙවෙයි දරුවො මහ අපරාධයක්..
අවුරුදු උත්සවේ අපිත් තරඟ කලා.. විනෝද වුණා... නංගිට අවුරුදු කුමාරිට යන්න ආසයි කිව්වා.. ඉතින් අපිත්.."
"අම්මෙ.. ඕවා මෙයාලට වැඩක් නෑ.. ඇති අනේ.. ඔය ඇති.."
කතාව කියන් එද්දිම මියුරු හරස් වුණේ මහා කලු ගලක් වගෙයි.. අනේ මට ඒ කතාව දැන් දැනගන්නම ඕනි.. කොහොමද අහගන්නෙ...
ඉදිරියට...................
....................................................................
** කතාවෙ තවත් කොටසක් පෙරලන්නම්.. ඉතින් කතාවෙ ලොකුම කතාව කියවන්නයිතියෙන්නෙ අපිට... මියුරු නංගිව පරිස්සම් කරනවා.. නංගිව ස්කූල් ඇරලලා එන නිසා හැමදාම ස්කූල් එන්න ලේට් වෙනවා.. අනේ මියුරු ඉන්නෙ හරියට වැඩ අවසන් නොකරපු ගෙදරක.. අම්මත් එක්තැන් වෙලා... ගොඩක් දුකයි ආදිට.. මියුරු තාත්තෙක් වගේ ගත කරන ජීවිතේට ආදිට තවත් ආදරේ හිතුණා...ඒත් මේ කතාව මොකක්ද.. මීට අවුරුදු දෙකකට කලින් සිංහල අලුත් අවුරුදු දවසෙ මොකක්ද වුණේ.. ඒ මොකක් වුණත් ඒක එච්චර සුන්දර කතාවක් වෙන්න බෑ.. මියුරුල ගෙවන වර්තමාන ජීවිත කතාව ඒ සිදුවීම එක්ක බැඳුණු එකක්.. කෝ මියුරුගෙ තාත්තා.. මොකද වුණේ.. මියුරු කැමති නෑ ආදි මේව දැනගන්නවට.. ඇයි මියුරු ආදිව මේ දේවල් වලට සම්බන්ධ කරගන්න මියුරු අකමැති.. ආදිට ආදරේ නිසාද..ඉතින් අම්මට මියුරු කතාව කියන්න දෙයිද.. ආදි දැනගනීද.. ආදි වගේම අපිත් බලන් ඉන්නෙ ඒ කතාව දැනගන්න.. කතාව පරක්කු වෙනවා.. සොරි.. ටිකක් දිග කොටසක් ගෙනාවා කතාව පරක්කු වුණ නිසාම.. කතාව ගැන අදහස් කමෙන්ට් කරන්න අමතක කරන්නෙපා.. අපි හොයාගමු ඒ දුක්බර කතාව මොකක්ද කියලා.. දිගටම ඉන්න කතා පියස එක්කම...**
Dilru
No comments:
Post a Comment