ආදිත්‍යා
ආදරය වෙනුවෙන් කැපවුණු දඟකාරියකගේ කතාව
*පහලොස්වන පිටුව*
"ම්.. මේ මොකද.. ඇයි අපිට යන්න නොදී හරස් කරන් ඉන්නෙ.."
මම ඉස්සර වුණේ මියුරුටත් කලින්...
"නංගි මම උඹට කිව්වා කලිනුත්.. මූ ගැන තියෙන අදහස අතෑරගනිං කියලා.. උඹ හිතුවද ට්‍රිප් එක ගිහින් තොපි දෙන්න නටපු නාඩගම මම දන්නෙ නෑ කියලා.. පොටෝ එක්ක දැක්කෙ., පොටෝ එක්ක.. දැනුත් ලයිබ්‍රි ආවෙ පොත් කියවන්න නෙවෙයිනෙ ලව් කරන්නනෙ නේද.. උඹට මේකෙ එදා ඉදන් අපිට වඩා මේ ඊයෙ පෙරේදා ආපු එකෙක් කරේ තියාගෙන ඉන්න මං ඉඩදෙයි කියලා හිතුවද.. ඒවා හඳේ නංගි.."
"ඔයාට කවුද පොටෝ එව්වෙ.. අනික අපි ලයිබ්‍රි එකේ බව දන්නෙ කොහොමද.. "
එදා ට්‍රිප් එකේදි සිදු වූ දේවල් පොටෝ එක්කම දැක්කෙ කොහොමද.. කීප දෙනයිනෙ දැක්කෙ.. චිරන්තට පොටෝ ගහල එවන්න තරම් ජරා වැඩක් කලේ කවුද.. අනික අපි ලයිබ්‍රි ආව බව කිව්වෙ කවුද.. චිරන්ත එක්ක අපි කරන දේවල් කේලම් කියන්නෙ කවුද.. ඒ පාර තවත් ප්‍රශ්නයක් ඔළුවට වැටුණෙ තියෙන ප්‍රශ්න විසඳෙන්නත් කලිනුයි...
"යකෝ නංගි මම චිරන්ත. මට හොරෙන් මේකෙ මොකුත් කරන්න බෑ.. අනික මේ තොට කියන අවසාන වතාව.. ආපහු මේකි එක්ක කතා කරනව හරි දැක්කොත් තොට යන්න වෙන්නෙ හතර දෙනෙක්ගෙ කර පිටින් තමයි.. ලාස්ට් වෝර්නිං එක මේ තොට දෙන්නෙ.. ආපහු කියන්නෙ නෑ. කරනව විතරයි.."
චිරන්ත මියුරුගෙ මූණට ම ලංවෙලා ඇස් දෙකත් ලොකු කරලා කිව්වෙ පුදුම තරහකින්.. මියුරුත් පාඩුවේ හිටියට එයා හිතින් ගොඩක් දේවල් හිතාගන්න ඇති.. නිහඬ වුණේ මම ලඟ හිටපු නිසා වෙන්න ඇති.. චිරන්ත අපි ලගින් මියුරුගෙ උරහිස හප්ප ගෙන එතනින් යද්දි මියුරු බැලුවෙ මගේ දිහයි...
"ඔයාට ඇහුණා නේද.. මේ මම ඔයාගෙ යෝජනාවට කැමැත්ත දීලත් නෙවෙයි.. කැමැත්ත දුන්න නම් කොහොම වෙයිද.. අනේ ආදිත්‍යා.. මම දුප්පත් කොල්ලෙක්. මගේ අහිංසක අම්මව බලන්න ඉන්නෙ මං.. නංගිට බලන්න ඉන්නෙ මං.. ඒ නිසා මෙන්න වැන්දා.. ඔයාගෙ නාඩගං නිසා මුං අතින් මගේ අතක් පයක් කඩවලා මගේ මුළු පවුලම අසරණ නොකර ඉන්න ප්ලීස්.. දැනුත් මට මොකුත් කියන්න බැරිකමක් නෑ.. ඒත් මට චිරන්ත එක්ක හැප්පෙනවට වඩා මගෙ පවුල වටිනවා.. මට මගේ පාඩුවේ ඉන්න දීලා ඔයාගෙ වැඩක් බලාගෙන ඉන්න.. ආයෙ මාත් එක්ක කතා කරන්න තියා මම ඉන්න තැනකටවත් එන්නෙපා.. 🙏🙏🙏🙏"
හිතුවෙවත් නැති කතාවක් කියලා මගෙ ලග අත් දෙකම එකතු කරලා වැඳලා එයා යන්න ගියේ හිතේ ලොකු අසරණ කමක් එක්ක.. එයාට දැණුනු අසරණකම මම හොඳටම දැක්කෙ එයාගෙ මූණෙන්..
"මොකක්ද ඒ කතාව සඳුනි.. අම්මවයි නංගි වයි බලාගන්නෙ එයා.. එයාට මොකක් හරි වුණොත් පවුලම අසරණ වෙනවා කිව්වෙ ඇයි බං.. එයා ලොකු අසරණකමක හිටියෙ.. අපිට නොකියන ලොකු දෙයක් තියෙනව එයාගෙ හිතේ... අද එයාට ඒක කියවුණා හොඳටම..."
මට දැණුනු දේ මට දැණුනු විදිහට මම සඳුනිට කිව්වෙ මට වඩා කෙනෙක් ගැන තේරුම් ගැනීමේ හැකියාව එයාට තියෙන නිසයි..
"හ්ම්ම්... ඔව් බං මටත් ඕක හිතුණා නිකමට එයා පාරේ සින්දු කියලා සල්ලි එකතු කරපු දවසෙ ම.. කෙල්ලො පරිස්සම් කරන්න වෙලාවක් නෑ කිව්ව වෙලේ.. මොකක් හරිම අවුලක් තියෙනව කියලා.. මට දැන් හොඳටම තේරෙනවා දැන්.. උෟ ඒක තමයි අසරණ විදිහට ඉන්නෙ.. පවුලෙ ප්‍රශ්නයක් වගේ.. මට දැනුයි තේරෙන්නෙ උගේ හිතේ උඹට කැමැත්තක් නැතුව නෙවෙයි..ඌ උඹට කැමතියි.. උඹ වෙනුවෙන් සටන් කරයි ඕන එකෙක් එක්ක... ඒත් ඌ හිතන්නෙ පවුල ගැන... ඒකයි නිහඬ.."
සඳුනි එයාට දැණුනු දේ විස්තර කලා මං හිතපු දේ හරි කියලා ස්ථීර වෙන්නම...
"ඒත් බං ඇයි ඒක එයා නොකිව්වෙ.. කියන්න තිබ්බනෙ.. දැන් කොහොමද අපි මේ කතාවෙ තේරුම හොයාගන්නෙ.. ඇත්තටම වෙලා තියන දේ දැනගන්නෙ කොහොමද අපි..."
"මේ ඊයෙ පෙරේදා අදුරගත්ත උඹට ඕව කියයිද බං ඌ .. අපි හොයා ගමු.. මට පොඩි අයිඩියා එකක් ආවා.. අදත් සිංහල ක්ලාස් එක මිසින් වෙනවා.. අවුලක් නෑනෙ.."
සඳුනිගෙ හිතේ යම් සැලසුමක් තියෙන බව මට තේරුණා.. මියුරු මට හොඳින් ඉගෙන ගන්න කිව්ව තමයි.. ඒත් මියුරු කිව්ව කතාවෙ ඇත්ත හොයන්න එක ක්ලාස් එකක් නෙවෙයි දහයක් කට් වුණත් මට කමක් නෑ..මට ඕනි දේ වෙනවනම්...
"අඩෝ ක්ලාස් වගේද මේක.. නෝට් එක ඉල්ල ගමු. මට මුලින් අයිඩියා එක කියපංකො.. මොකක්ද ක්ලාස් කට් කරලා කරන්න හදන්නෙ.."
මගේ හිත දෙගිඩියාවකින් පෙලුනේ සඳුනිගෙ හිතේ තියෙන සැලසුම දැනගන්නයි...
"ඒක වෙන්නෙ මෙහෙමයි... මුලින් ම ගෙදරට ක්ලාස් කියලා එනවා...****** ඔන්න ඔහොමයි වැඩේ වෙන්නෙ.. එන ඕනම දේකට මූණ දෙන්න ලෑස්ති වෙලා වරෙං.."
සඳුනිගෙ දීර්ඝ තේරුම් කිරීම හමුවේ මම නිහඬ ව සිටියේ හිතට යම් සැනසුම් සුසුමක් දැනෙද්දි....
"අඩෝ ඒක පට්ට බං.. එල අයිඩියා එකක්නෙ.. උඹට මම කලින් කියනව වගේ ඔය ඔළු ගෙඩිය ඇතුලෙ තියෙන්නෙ මොළයක් නෙවෙයි.. මොළ ගෙනාපු නැවක්..."
සඳුනිගෙ සැලසුම මට කොච්චර සතුටක් එක් කලාද කිව්වොත් සඳුනි ව බදාගෙන ඉබින්න තරම් සතුටක් ආවෙ මට...
ගෙදර ඇවිත් ඉක්මනට ම වොශ් එකක් දාගෙන කටට දෙකට බත් ටික ගිල්ලෙ අපේ සැලසුමට කාලය වැදගත් වූ නිසයි...
ඉක්මනට ලෑස්ති වෙලා සඳුනි මායි ටවුන් එකට ආවෙ සැලසුම පරිදිමයි...
................................................................................
"කවුද ගෙදර.. කවුද ඉන්නෙ.. "
එක මොහොතකින් අපි නතර වුණේ බ්ලොග් ගල අල්ලා බිත්ති බැඳි, වහලය සීට් සෙවිලි කරන ලද, ජනෙල් කවුළු ඉටි රෙදි වලින් ආවරණය කරන ලද අඩක් නිම කරන ලද පුංචි නිවසකටයි..
"මේ සිරාවටම මේ අපි ආව තැන හරි නේද බං.. වැරදි ඇඩ්රස් එකක් ද මන්දා.. ඔබට හොඳටම ෂුවර් නේද..? මේ තැන හරි කියලා.. මේ වගේ ගෙයක්..?"
මම වටපිටාව ගේ ඇතුල, පිටත හොඳින් බැලුවේ අපි ආව ඇඩ්රස් එක වැරදි ද කියලා හිතාගන්න බැරුවයි... කතා කලත් කවුරුවත් එලියට නොඑන බවකුත් පෙන්න තිබුණේ අපි බොහෝ වෙලා එළියෙ රැඳී සිටි නිසයි...
"ඔව් ඔව් බං.. ඇයි උඹට මේ ගේ දැක්කම සැක හිතුණද.. උඹ ආවෙ රාජ මාළිගාවක් මවාගෙනද..පොඩ්ඩක් ඉදපංකො මම ම හොයාගන්න තැන හරිද වැරදිද කියලා..."
සඳුනිගෙ එඩිතර කම ගැන නම් කතා කරන්න වචන නෑ.. මම වෙනුවෙන් ඕනම ප්‍රශ්නෙකට මුහුණ දෙන්න, ගුටි කන්න වුණත් සූදානම්... මේ යාළුකම තරම් යාළුකමක් ලෝකෙ කොහේවත් නැතුව ඇති.. මට කරදරයක් වෙන තැන ඒකෙන් බාගයක් කරට ගන්න සඳුනි සූදානම්...
"කවුරුවත් නැද්ද..?"
ඒ පාරනම් සඳුනිට ටිකක් මළ පැනල වගේ..
ජනෙල්වලට අලවා තිබූ ඉටි කොල සුළං පහරට සහ දිරාපත් වී තැන් තැන්වල හිල් වී කඩතොලු වී තියෙද්දි හදවත වාවගන්න බැරි තරම් ලොකු දුකක් ඇති වුණේ මටත් නොදැනිමයි...
"කවුද මේ.. ඔයාලා කවුද..?"
ගේ ඇතුලෙන් ගැහැණු කෙනෙක්ගෙ කටහඬක් ඇහෙද්දි අපි දෙන්නට දෙන්න මුහුණු දිහා බලාගත්තේ තරමක් තැති ගැනීමකින්.. ගෙට යන්නට බයක් ඇති වුණත් කතා කරන ගෑනු කෙනා එළියට නොඑන නිසා අපි ඇතුලට ගියේ ඕනම දේකට මුහුණ දෙන්න හිත හයිය කරගෙනයි.. හෙමින් හෙමින් කටහඬ ඇහෙන පැත්තට යද්දි අපි දෙන්නට දකින්න ලැබුණෙ.................
ඉදිරියට...............
...............................................................................
*කතාවෙ තවත් පිටුවක් පෙරලන්නම් ඔය විදිහට.. ඉතින් චිරන්තගෙන් අදනම් ගුටිකන්න වුණේ නෑ කොල්ලට.. ඒත් වෝර්නින් එකක් හම්බුණා.. එතකොට ට්‍රිප් එක ගිහිල්ලා වෙච්ච සිදුවීම චිරන්ත දැනගත්තෙ කොහොමද.. පොටෝ දුන්නෙ කවුද චිරන්තට.. පුස්තකාලෙට මියුරු, ආදි, සඳුනි ගිය විත්තියත් චිරන්ත දැනගෙන.. ආදර කතාව පටන් ගන්නත් කලින් හතුරො වැඩිවෙලා... කොල්ල කෙල්ලට කැමති වුණත් ඒ කැමැත්ත නැති කරගන්න ලොකු හේතුවක් තියෙනවා.. ඒ මොකක් විය හැකිද.. කෙල්ලො දෙන්නා ක්ලාස් කට් කරගෙන කොහෙද ගියේ.. එයාලට ගිය වැඩේ සාර්ථක කරගන්න පුළුවන් වේවිද.. අඩක් නිම කරපු ගේ ඇතුලෙ ආදිලට දකින්න ලැබුණෙ මොන වගේ දෙයක්ද.. ඊලග කොටසින් ප්‍රශ්නෙ විසඳගමු... ප්‍රශ්න එකින් එක ලිහෙයි.. කතාව ඉක්මනට දාන්න ට්‍රයි කරන්නම්.. කතාව ගැන කමෙන්ට් එකක් එකතු කරන්න අමතක කරන්නෙපා... දිගටම ඉන්න කතා පියස එක්කම..*
Dilru
No comments:
Post a Comment