Pages

Sunday, August 30, 2020


 ආදිත්‍යා


ආදරය වෙනුවෙන් කැපවුණු දඟකාරියකගේ කතාව

*දහ හතර වන පිටුව* 


"කෝ බං මියුරු තාම නෑනෙ.."

ස්කූල් එකට ගිය වෙලේ ඉදන් මගෙ ඇස් කොමර්ස් එක ඇතුලෙම තිබ්බෙ තාමත් මියුරු නොපැමිණියෙ ඇයිද නොදන්න නිසයි.. 

"මියුරු කෙසේ වෙතත් පවනි නම් ඇවිල්ල ඉන්නවා.. බලපං පාර දිහා බලන් ඉන්නෙ මියුරු ආව ගමන් එල්ලෙන්න වෙන්නැති කොහොල්ලෑව වගේ.."

සඳුනිට පවනි එක්ක ඇති වෙලා තියෙන්නෙ එසේ මෙසේ තරහක් නම් නෙවෙයි.. මියුරුට කැමති මම.. ඒත් මියුරු ගැන හිතන් ඉන්න පවනි එක්ක තරහ තියෙන්නෙ සඳුනිට.. මාර යාලුකමක් මේක...

"අන්න එනව උඹේ කුමාරයා.."

ඈත එන මියුරු ව දකිද්දි මගේ හිත පිරුණෙ පුදුම විදිහට... ඒත් ලගට ගිහින් කතා කරන්නෙ කොහොමද.. කරපු ගොන් වැඩේට.. 
සඳුනිත් මමත් ලැජ්ජාවෙන්ම මියුරු ගාවට ගියේ වෙන කරන්න දෙයක් නැති තැන..

"මියුරු මට ඔයා එක්ක ටිකක් කතා කරන්න ඕන.. ලයිබ්‍රි එකට එන්න දැන්.. මම ඇතුලෙ බලන් ඉන්නව.. ප්ලීස්.. මං ගැන පොඩි හරි හැගීමක් තියෙනවනම් ඔයා එයි.. මම යනව.."

මියුරුගෙ ප්‍රතිඋත්තරය දැනගන්නකම්වත් නොඉද අපි එතනින් ගියේ මියුරු එයි කියන බලාපොරොත්තුවෙන්...
ලයිබ්‍රි එකට වෙලා අපි දෙන්න පොත් දෙකකුත් අතේ තියන් බලන් හිටියෙ එවලෙ ලයිබ්‍රි සර් හිටපු නිසයි.. අපේ නිශ්ශබ්දතාවය බිඳුනෙ සර් එළයට අඩිය තියනව එක්කමයි...

"අඩේ කෝ බං මූ.. එන්නැති පාටයි.. අයියෝ මෙහෙම ලොකුකමක් මොකක්ද.. මම ඕක බස්සලමයි පස්ස බලන්නෙ.."

ලයිබ්‍රි එකේ දොරකඩ දිහා බලන් ඉදන් මම සඳුනි එක්ක කිව්වෙ මගේ හිතට ආපු අදහසයි..

"හරි ඉවසපං.. එයි දැන්.. අපි ඕකට මොකක් හරි ගේමක් ප්ලෑන් කරමු.. අකමැති නොවෙන්න..."

"ඔව් මම නිකං ඉන්නෙ නෑ.. උෟ මාර ගති බං.. පේනවනෙ සින්දු කියන්නත් පුළුවන්.. දවසක බැරියැ එයාගෙ සින්දුවලට මට විෂුවල් වලට ඇක්ට් කරන්න..🤗🤗"

"අනේ උඹ වගේ එකියක්.. උෟට සින්දු කියන්න පුළුවන් නිසා ද උෟට උඹ කැමති වුණේ.. උගේ සින්දුවල විෂුවල් වලට රඟපාන්න.. අනේ මන්දා බං උඹනං.."

බලන් යද්දි මට තිබිල තියෙන්නෙ ඇක්ටින් පිස්සුවද කොහෙද...

"අන්න එනව.. පුදුමයි.."

මියුරු ලයිබ්‍රි එකට ඇතුල් වෙද්දි සඳුනි මගේ කනට කරල දැනුවත් කලා එන බව..

"ඇයි මට ලයිබ්‍රි එන්න කිව්වෙ.. එදා කරපු දේවල් එකතු කරල නවල් එකක්වත් ලිව්වද.."

ආව ගමන් පටන්ගත්ත ඉතින් මාව චාටර් කරන්න..

"අනේ නෑ... ඇත්තටම ඔයා ගැන එහෙම අදහසක් ආව නිසයි කිව්වෙ.. ඒත් හීනෙකින්වත් අහම දෙයක් කරන්න හිතුවෙ නෑ.. ඒක එවලෙ හිතට ආව දෙයක්.. ඒකට සොරි කියන්නයි එන්න කිව්වෙ.. ආපහු එහෙම දෙයක් වෙන්නෙ නෑ මගේ අතින්.. ඒත් මම ඔයාට කැමති.. මම ආස නෑ පවනි ඔයාට ලං වෙනවට.. පවනි ඔයාට ලංවෙන එකම තමයි එදා එහෙම වෙන්න හේතුවත්... සොරි මියුරු.. ඔයා හැමදේකදිම මාත් එක්ක හිටපු නිසා චිරන්ත එක්ක හැප්පුනු නිසා මට හිතුණෙ ඔයා මට කැමති ද කියල... ඒකයි.. කවුද දන්නෙ එහෙම කරල තියෙන්නෙ බොරුවට කියල.. ඒත් මට දෙයක් ඕන වුණොත් ඕනමයි.. කොහොම හරි..."

මගේ දීර්ඝ විස්තර කිරීම එයා අහන් හිටියෙ නිහඬ ව...

"නෑ.. මම එදා වුණු දේ ගණන් ගත්තෙ නෑ.. මට කෙල්ලෙක් ගැන හිතනවට වඩා දේවල් තියනව තව.. ඉගෙන ගන්න ඕන.. ඔයත් ඉගෙන ගන්න ඕව නොහිත.. මට තව ගොඩක් දේවල් කරන්න තියෙනව.. මට කෙල්ලෙක් ගැන හිතන්න, හොයන්න, ආරක්ෂා කරන්න නිදහසක් නෑ.. පවනි මගේ යාලුවෙක් එයා ගැන මගේ හැඟීමක් ඇති වෙලත් නෑ වෙන්නෙත් නෑ.. ඒ නිසා ඉගෙන ගන්න.. එයත් ඉගෙන ගන්න උනන්දුයි දැන්.. ඔයා එයාට වඩා දෙයක් කරන්න පුළුවන් කෙනෙක්.. අනික මට වෙන කෙනෙක්ගෙ කෙල්ලෙක්ව උදුරගන්න උවමනා නෑ.."

මියුරුගෙ උත්තරය අහගෙන හිටියෙ නිහඬ ව අපි.. ඒත් මොකක්ද වෙන කෙනෙක්ගෙ කෙල්ලෙක් උදුරගන්න බෑ කියන්නෙ..

"මොකක්ද.. වෙන කෙනෙක්ගෙ කෙල්ලෙක්..?? කවුද දැන් එහෙම.. ඔයා හිතන්නෙ මම කසුන් එක්ක යාලුයි කියලනම් ඒක කවදාවත් වෙලත් නෑ වෙන්නෙත් නෑ.. ඒක ඒකපාර්ශ්වික ආදරයක්.. එයාගෙ හිතේ විතරයි.. අනික චිරන්තට ඕන මාව නෙවෙයි මගෙන් ප්‍රයෝජන ගන්න.. මට මේ තරම් කාලෙකට මෙහෙම හැඟීමක් ඇති වුණේ ඔයා ගැන විතරයි.. ඒක සදහටම තියෙයි..."

මම මියුරුට විස්තර කලේ එයා මං ගැන වැරදි වැටහීමක ඉන්න නිසයි.. මියුරු ගැනම විතරක් වෙනස් හැඟීමක් දැනෙන නිසයි...
පොත් ගුල්ල වගේ ඒ ගමන පොතක් අරන් වාඩි වුණා.. ඒකත් ආර්ථික විද්‍යාව පොතක් 😱😱😱😱

"අපෝ මහ පුදුම පොත් ගුල්ලෙක්නෙ.."

මූණට අල්ලන් ඉන්න පොත එකපාර ම ඇදල ගත්තෙ හුරතල් පෙනුමක් දාගෙන.. 😉😉

"ඕක මෙහෙට දෙන්න.. මේක ලයිබ්‍රි එක අමතක වුණාද..,?"

එයා ආර්ථිකේ ගැන කියවද්දි අපි දෙන්න කියෙව්වෙ ලව් සීන් ගැන.. දෙන්න අතේම තිබ්බෙ නවල් දෙකක්..

"ඕවම කියවල තමයි ඔහෙගෙ මොලේ ඉදිමිලා තියෙන්න.. ඇඟ හැමතැනම මොලේ මුල් බැහැලා.. මෙන්න මෙයින් එකක් කියවනවා.. හැඟීම් පහල වෙන්නවත්.. රටේ ආර්ථිකේ ගොඩ දාන්න කලින්, රට හදන්න කලින් හැඟීම් දැනීම් පහල වෙන්නවත්...,"

ඉකෝන් වෙනුවට නවල් එක අතට දුන්නෙ කියවන්න කියලයි...

"අනේ විකාර.. ඕව කියවල තමයි මොලේ අවුල් කරන් ඉන්නෙ.. වැදගත් පොතක් කියවනවකො ඕයි.. වෙලාව අපතෙ දාන්නෙ.."

ඔන්න දැන් හරි ලෙක්චර් එක පටන් ගත්තා.. මම අම්මා තාත්තා කියන එකවත් අහන එකියක්යැ..මෙයා කවුද..

"ඔන්න සඳුනි.. වැදගත් පොතක් කියවන්න ගිහින්.. මේ ලමයා කියන එක අහල.."

සඳුනිගෙ අතට වැලමිටෙන් තට්ටු කරල කිව්වෙ මියුරුට මනමාල හිනාවක් දාලමයි..

"බලපංකො බං.. මූ පොතේ ඇලිලනෙ.."

ඔළුව උස්සලා වත් නොබලන තරමට එයා පොතේ ගිලිල ඉන්නව දැක්කම සඳුනි මට ඇහැකින් පෙන්නලයි කිව්වෙ..

"ආව්.."

එක මොහොතක් යන්නටත් පෙර මියුරු හයියෙන් කෑගහද්දි ලයිබ්‍රි එකේ හිටපු ලමයි සර්ල, ටීචර්ස් ල සේරම එකපාරම බැලුවෙ මියුරු දිහා.. එයාගෙ මූණ ලැජ්ජාවෙන් රතු වෙනව වගේ තරහට මං දිහා බැලුවෙ ඇස් ලොකු කරලා.. අම්මෝ.. බයේ බෑ..

"මොකද පුතා එකපාරම කෑ ගැහුවෙ..?"

සර් කෙනෙක් අහද්දි එයාට කරගන්න දෙයක් නැති වුණා.. 

"යකූ.. උඹ මොකක් හරි අණ්ඩපාල වැඩක් කරාද මේකට.."

සඳුනි මගෙන් රහසින් ඇහුවෙ මං ගැන හොඳින් ම දන්න නිසයි..

"කකුල පෑගුවා.. හී.. රිදෙන්නම.. තරහ ගියාමත් මාර ලූක් එකක් එන්නෙ නෙහ්..😁😁😁"

ආයෙත් අහන්න දෙයක් නෑ ඉතුරු.. වෙච්ච දේ මගේ පූර්ණ සහභාගීත්වයෙන් තමයි වුණේ.. වෙන කවුරු කරන්නද ඕවා ඉතින්...

"යකූ.. තෝ මාර එකියක්නෙ.. දැන් මූ අපිව පාවල දෙයි . ඉවරයි අදත් ප්‍රින්සිපල්ගෙන් කෑමක් තමා සෙට් වෙන්නෙ..."

"බලමුකො.. බය නොවී ඉදපං මමනෙ කලේ.. බලමු මෙයා මාව පාවල දෙයිද කියල.."

අපි බලන් හිටියෙ මියුරුගෙ උත්තරය එනකනුයි.. නවල් එකෙන් මූණ වහගෙන පොත පොඩ්ඩක් පහලට කරල හොරෙන් එයා දිහා බලන් හිටියෙත්...

"ම්.. මේ.. මදුරුවෙක් විද්දා සර්.. මං හිතන්නෙ මදුරුවගෙ ගෑනු සතාද කොහෙද.. ඒකයි රිදුනා ටිකක්.."

මියුරු මගේ දිහා බලලා රවලා උත්තර දුන්නා.. මටයි සඳුනිටයි හිනා.. ඒත් හිනා වුණොත් තව මලපනී.. ඒ නිසා අපි හිටියෙ මුකුත් දන්නෙ නෑ වගේ...

"ආ.. ඔය කොයි සතාගෙ ගෑනු සතත් ඔහොම තමයි.. හරි විසයි පුතා.. ගණන් ගන්නෙපා.."

සර් කිව්ව කතාවට ලයිබ්‍රි එකේ හිටපු හැමෝම හිනා වුණේ මහ හයියෙන්.. සර්ගෙ විවාහ ජීවිතය ගැන අපි ඒ කතාවෙන් යම් නිගමනයකට එලඹුනේ නැතුවාම නෙවෙයි.. පව් අහිංසක සර්..🤣🤣🤣🤣

"මම යනව යන්න.. මෙතන යක්ශණියො එක්ක කොහේ පොත් කියවිල්ලක්ද.. "

මියුරු යන්න නැගිටිද්දි මම එකපාර ම පොත පහතට කලා හදිසියෙන්...

"මාව ඕනි නේද.. මට කැමතීනෙ.. ඒකනෙ මගේ කෝලම් බලන් ඉන්නෙ.. පාවල නොදෙන්නෙ..ම්.. හා කියන්නකො.. මගේ නේද...?"

අහිංසක විදිහට බෙල්ල පොඩ්ඩක් ඇල කරල කිව්වෙ එයාගෙ හිතේ මං ගැන ආදරයක් නැතුවාම නොවන බව තේරෙන නිසයි...

"මම යනවා.."

ප්‍රශ්නෙ මගහැර ලයිබ්‍රි එකෙන් යද්දි අපි දෙන්නත් එයා එක්කම ගියේ තවත් ලයිබ්‍රි එකේ සිටීම ප්‍රයෝජනයක් නැති නිසයි...

"ඔහොම ටිකක් නවතිනවා.."

මියුරු එක්කම මමත් සඳුනිත් සර් කියපු කතාව ගැන කතා වෙවී හිනාවෙමින් යන අතරතුර අපි ඉස්සරහට ඇවිත් පාර හරස් කලේ චිරන්තයි එයාගෙ නොසන්ඩාල යාලුවෝ ටිකයි.. අපි තුන්දෙනා තබපු පියවර තවත් එක අඩියක් හෝ ඉදිරියට නොතබා නැවතුණේ මෙතරම් වෙලා කියව කියව හිනාවෙවී ආපු පෙනුමත් අපේ කතාවත්, හිනාවත් අපිට නොදැනිම නිහඬියාව සහ හෘද ස්පන්දනය විසින් ගිල දමද්දියි.........

ඉදරියට........

......................................................................

*කතාවෙ තවත් පිටුවක් පෙරෙලන්නම් මේ විදිහට.. කොල්ලට කෙල්ලො ගැන හිතන්න වෙලාවක් නෑලු.. හොයල බලන්න රකින්න විදිහක් නෑලු.. ඇත්තටම මියුරු ආදිට අකමැති ඇත්තටම හිතේ කැමැත්තක් ආදරයක් නැති නිසාද.. නැත්තම් මියුරුට යම් කාරණාවක් ඒකට බාධාවක් වෙලාද... කෙල්ල කරන නොසන්ඩාල වැඩ වලට කොල්ල අකමැතිත් නෑ.. ඒත් පෙන්නන්නෙ නෑ.. ආදි මියුරුව ලංකර ගන්න මොන වගේ ප්ලෑන් ගහයිද.. කොයි තරම් දුරට ඒවා සාර්ථක වෙයිද.. චිරන්ත ලයිබ්‍රි එක පැත්තට ආවෙ කාගෙ හරි ඔත්තුවකටද.. තුන් දෙනාම එකට අතටම අහුවෙද්දි චිරන්ත මොකුත් නොකර ඉදීද.. මියුරුට ආයෙමත් චිරන්ත පහර දෙයිද.. අපි බලමු ආදි සහ මියුරු කොහොම මේ බාධාවන් ජයගනීද කියලා.. ආදිගෙ විකාර වැඩවලට කොල්ලා ආදරේ කරයිද කියලා..ඊලග පිටුවෙන් හමුවෙමු.. කතාව දාද්දි පරක්කු වෙනවට සමාවෙන්න..  අපිව අතහරින්නෙපා.. කතාව ගැන කමෙන්ට් කරන්නත් අමතක කරන්නෙපා.  දිගටම ඉන්න කතා පියස එක්කම...*
Dilru

No comments:

Post a Comment