ආදිත්‍යා
ආදරය වෙනුවෙන් කැපවුණු දඟකාරියකගේ කතාව
*අටවන පිටුව*
සංසාර පුරුද්දට හමුවූවා මට නුඹ එකමත් එක හැන්දෑවේ...
වසඟ වුණා මම කිසිදාක නොදුටු නුඹේ ඔය ලස්සන සිනහාවේ...
හිමි වේදොා් මට වෙන්වේදෝ නුඹ ..
ඇස් දෙක මානෙන් මේ මාගේ...
අද මෙන්ම හෙටටත් මගෙ හිත නුඹේ නමින් ලියවී තියේ....
නුඹේ නමින් ලියවී තියේ....
දුටුව මුල් දිනම නුඹ වෙලා ගත්තා මා නුඹෙ ආදර අන්දරයේ...
ලැගුම්ගන්න මට අවසර දෙනවද ලස්සන නුඹෙ නෙත් අස්සේ...
මගේ සෙනෙහෙ අද කියනෙමි නුඹහට ගයනා මේ පද අස්සේ...
ආදරෙයි මම ආදරෙයි දැන් ලෝකයම නුඹමයි මාගේ...
ලෝකයම නුඹමයි මාගේ....
දිගැති කෙහෙරැල් දිගු නිල් දෙනෙතත් පැටලෙව්වා මා නුඹෙ රූපේ...
ඇහැරෙන්නද මම.. ඇහැරෙනු නොහැකියි දකිනා මේ සුන්දර සිහිනේ...
දෑත් එක්කරන් පටලන් යන්නද මා නුඹ මේ මුළු ලෝකේ...
දකිනා සිහිනෙන් අවදි වනු බෑ මගේම වෙන්
සමනලියේ....
මගේම වෙන් සමනලියේ..........
සංසාර පුරුද්දට හමුවූවා මට නුඹ එකමත් එක හැන්දෑවේ...
වසඟ වුණා මම කිසිදාක නොදුටු නුඹේ ඔය ලස්සන සිනහාවේ...
හිමි වේදොා් මට වෙන්වේදෝ නුඹ ..
ඇස් දෙක මානෙන් මේ මාගේ...
අද මෙන්ම හෙටටත් මගෙ හිත නුඹේ නමින් ලියවී තියේ....
නුඹේ නමින් ලියවී තියේ......
සිහියනක අතරමන් වුණා වගේ මම ඇස් පියන් වින්දා ඒ ගී පදවැල්... පුදුමයක් ද.. නෑ මේ සිහිනයක් ද.. මිහිරි කටහඬ ලස්සන පදවැල් ගයන්නේ මියුරුම ද මේ... එදා සින්දුවක් කියන්න කිව්වම දන්නෙ නෑ කියලා ලොකු රැග් එකක් ලැබිලත් ඒත් පුංචි පදවැලක් ගෙතුවෙ නැත්තෙ ඇයි මෙච්චර හැකියාවක් තියාගෙන... ගිටාර් එක වයමින් ගී පදවැල් එකිනෙක අමුණද්දි මගේ හදවත එක මොහොතකට ඒ රුව ලග, සිහිනයක් මැද අතරමං කලා වගේ දැනුනේ... ගයපු ගීතය කා වෙනුවෙන් ගැයුවද.. හිතන්න කිසිවක් නෑ හදවතේ.. හිරවුණු කෝටියක් ප්‍රශ්න අමතක කලා මගේ මියුරුගෙ ගී පදවැල් අස්සෙ.. සඳුනිත් මමත් පුදුමෙනුත් පුදුමයෙන් බලාගෙන හිටියෙ ජීවිතේට නොහිතපු දෙයක් සිදු වෙද්දි.. වටේ එක්රැස් වෙලා වුන් සැවොම සල්ලි, කාසි එයාට දීලා යද්දි අපි දෙන්නා විතරක් මගේ අතරැඳි රෝස මල් පොකුර සමග තාමත් එතනමයි...
"මචං ආදි සිංදුව ඉවරයි.. මේ මොකක්ද බං මම දැක්කෙ.. උඹත් දැක්කෙ මම දැකපු දේමද.."
සඳුනි මොනවදෝ මගෙන් අහනව වගේ හීනියට මගේ කන වැකුණත් මම හිටියෙ මියුරුගෙ ඇස් සහ තාමත් ඒ ගී පදවැල් අස්සෙ..
"නෑ.."
මගේ කටින් පිලිතුරක් පිටවුණාද කියලවත් මම දැක්කෙ නෑ.. තෑන්ක්ස් කෙරිල්ල, සොරි කියවිල්ල පැත්තක තියලා දැන් ඉන්නෙ හොඳටම සප්‍රයිස් වෙලා මම...
"මොකක්..? උඹ වෙන දෙයක් දැක්කා.. පිස්සුද.. උඹෙන් නෙවෙයි ඇහුවෙ උෟ.. දැන්වත් පියවි සිහියට වරෙන්.."
සඳුනි මගේ අතින් අල්ලලා මාව හොල්ලද්දි තමයි මම පියවි සිහියට ආවෙ...
"ආහ්.. මේ මාර ලස්සනයි බං ඒක.. අනේ එයාට ලස්සනට සින්ග් කරන්න පුළුවන්..
ඒත් එදා ඕක කිව්වනම් අපි අහම රැග් කරන්නෙ නෑනෙ බං.. එයා කියපු වචනයක් ගානෙ මගේ පපුවට වැදුනා බං අම්බානෙකට.. මම දන්නෙ නෑ.. බං.. ඒක කියන්න තේරෙන්නෙ නෑ.."
මගේ හදවතේ නැගෙන හැගීම විස්තර කරන්න මම අසමත් වුණා අද ප්‍රථමවරට.. සැබවින්ම ඒ ගායනාව මගේ පපුව ඇතුලටම තැන්පත් වුණ බවක් තේරුණා මට...
"අම්මපා.. ඒකත් එහෙමද.. සින්දුව නම් ලස්සනයි.. ඒත් උඹ ඔය කියනව වගේ නම් දෙයක් මට දැණුනෙ නෑ.. මගේ කන් දෙකේ අවුලක්ද දන්නෑ නෙහ්..සිරාවටම උඹේ ඇසුත් නිල් පාටයි නෙහ්.. ආව් ආව්.."
සඳුනි වැලමිටෙන් මගේ අතටත් ඇණලා ඇහැකුත් ගහලා කිව්ව එකෙන් මට තේරුණා මේකි මට නෝන්ඩිය දානවා කියලා..
"අනේ පලයං.. මෙයා පාරෙ සින්දු කියලා සල්ලි හොයනවද.. ඇයි එදා නොකිව්වේ එහෙනම්.. සින්දු කියලා සල්ලි හොයන හේතුව මොකක්ද.. එයාගෙ කතාව අපේ කතාවට වඩා ටිකක් වෙනස් කියලා හිතෙන්නෙ මටනම්.. ආසයි දැනගන්න.. ඒත් මම එයාට කරපු බලු වැඩේට මට බනී බං.. ඒ නැතත් එයා එක්ක ටිකක් කතා කරන්න ඕන.. යන්න කලින් අල්ල ගමු..යං.."
සඳුනිත් මමත් මියුරු ලගට ගියේ එයා සල්ලිත් එකතු කරන් යන්න හදද්දි...
"මේ.. මියුරු..ඔයාගෙ සින්දුවනම් ගොඩක් ලස්සනයි.. ඇයි එදා කිව්වේ සින්දුවක් කියන්න කිව්වම සින්දු කියන්න දන්නෙ නෑ කියලා.. පුංචි හරි සෝන්ග් එකක් කිව්වනම් මේක මෙච්චර දුර යන්නෙ නෑනෙ.."
සියල්ලටම වඩා මගේ හිතේ රජ කරපු ලොකුම ප්‍රශ්නෙ තමා ඒක..
"මාව තැනකට ගෙනාපු, මට ජීවත් වෙන්න හයියක් වෙන මගේ හැකියාව ඔයාලා වගේ අය ලග හෑල්ලු කරන්න මට උවමනා නෑ.. මම සින්දු කියනවා නෙවෙයි.. ගායනය තමයි මගේ ජීවිතේම.. මම ගෟෙරවයෙන් කරන, පූජනීය දෙයක් මේ සංගීතය.. එහෙම දෙයක් ඔයාලා වගේ අය ලග හෑල්ලු කරන්න කැමති නෑ මගේ පණ මගෙන් ගලවගන්නවා කිව්වත්.."
මියුරුගෙ පිලිතුර මට අදහගන්න බැරි වුණා.. සඳුනිත් මමත් එකවරම මූණට මූණ බලාගත්තා.. සත්තකින්ම තමන් ආදරය කරන, අභිමානයෙන් පිදුම් කරන,, භාවනාවක් වගේ මෙනෙහි කරන දෙයක් වටිනාකමක් නැති අපි ලග එයා හෑල්ලු කරලා නෑ.. ගෟෙරවයෙන් තමන් ආදරෙන් කරන දේ රැක ගන්න එයා එයාගෙ ජීවිතේ වුණත් දෙන්න ලෑස්ති.. අද එයා කීයක්හරි හම්බ කරගන්නව නම ඒ එයාගෙ හැකියාවෙන්.., ඒක එයා කරන්නෙ අභිමානයෙන්.. තමන් අභිමානෙයන් භක්තියෙන් කරන සංගීතයේ වටිනාකම රකින්න එයා පණ වුණත් පුදන්න සූදානම්.. පුදුම කොල්ලෙක්.. මෙහෙම අය ඉන්නෙ 1000කින් එක්කෙනයි වගේ.. මට එවලෙ මියුරු ගැන ලොකු පැහැදීමක් වගේ ම ගෟෙවරවයකුත් ඇති වුණා...
"ඇත්ත තමයි.. ඔයා හරි.. මටයි වැරදුනේ.. අන්තිමට ඔයාට සෙකන්ඩ් වෙන්නෙ නෑ කියලා හිතපු මාව ඔයා ලග ඔයා කරන දේ කරපු දේ හරි කියන දේ ඔප්පු කරලා පෙන්නුවා ඔයා.. මම ආවෙ ඔයා එක්ක පොඩ්ඩක් කතා කරන්න.."
මට එයා එදා මම වෙනුවෙන් කතා කරපු එකට තෑන්ක්ස් කරන්න,, මම එයා ගැන කිසි කැක්කුමක් නැතිව බැන්න එකට සොරි කියන්න ඕන වුණා මට.. ඒ වගේම එයාගෙ සංගීත කතාවෙ පිටුපස මොකක් හෝ කතාවක් තියෙනවද කියලා දැනගන්නත් ඕන වුණා..
"මට වෙලාවක් නෑ.. උවමනාවකුත් නෑ.."
මියුරුගෙ සරල පිලිතුර ඉදිරියේ මට තරමක් කේන්ති ආවත් ඒ සියල්ල මැඩගෙන හිටියේ මියුරුගෙ මහත්මා ගතිය මගේ කේන්තියට වඩා ප්‍රබල වූ නිසයි.. මගේ හදවත මියුරු එක්ක මොහොතක් කතා කරන්න දැඩි සේ ඇවිටිලි කල නිසයි..
"මට ඔයාගෙන් පොඩි වෙලාවක් දෙන්න.. ඇත්තටම අපි දෙන්නා කොෆි ශොප් එකට යන්න ගියේ.. මෙතන කට්ටිය පිරිලා ඉන්නවා දැකලා ආවෙ.. මෙතනට ආවට පස්සෙ තමා සප්‍රයිස් වුණේ.."
"ඕකේ.. මටත් කොෆි එකක් බොන්න ඕන.. ටිකක් අමාරුයි.. එහෙනම් යමු.."
මහත්මා ගතිය වගේම ආඩම්බරකමයි ලොකුකමයි.. මොනා කරන්නද මමනෙ මුල වරද්ද ගත්තෙ.. ඒ නිසා ඉවසන් ඉන්නවා.. ආඩම්බරකාරයා යන්තම් එයාගෙ වෙලාවෙන් පුංචි වෙලාවක් දුන්නා.. ඒකත් මහ ලොකුකමකින්.. අම්මපා මට මල් පොකුර දෙන්න නෙවෙයි... දමලා ගහන්න හිතෙනවා.. ඇයි යකූ මේකට මොකද මෙච්චර ලොකුකමක්.. හිතින් බැන බැන මුහුණෙන් සිනහ සී කොෆි ශොප් එකට ගියේ සමාව ගන්න,, තෑන්ක්ස් කරන්න..
"හ්ම්ම්.. කියන්න.. මොනවද කියන්න තියෙන්නෙ.."
මියුරුගෙ හඬ අවදි වෙද්දි මම කල්පනා කලේ කොහොම කතාව පටන් ගන්නද කියලා.. සොරි කියන හැටි පුරුදු වෙන්න නෙ මෙතනට එන්න හැදුවෙ.. ඕපදූප හොයන්න ගියානෙ.. දැන් ඉතින් කොහොමද පටන් ගන්නෙ.. මම දහ අතේ කල්පනා කලේ ඒ ගැනයි..
"මේ හලෝ මට මෙතන ඉන්න වෙලාවක් නෑ.. කියන්න තියෙන දේ ඉක්මනට කියන්න.. නැත්තම් මම කොෆි එක බීලා යනවා.."
මගේ කල්පනාව කොතරම් දුර ගියාද කියලා මට තේරුණේ අපි තුන්දෙනා ඉදිරියේ කොෆි තුනක් තිබෙන බව දුටු විටයි...
"ආහ්.. මේ.. මේකයි.. අද සෝන්ග් එක ලස්සනයි.. මම ඒකට ගොඩක් ආසයි.. ඒත් ඇයි ඔයා මෙහෙම ක්ලාස් නැති වෙලාවට පාරේ සින්ග් කරන්නෙ.."
කියන්න හිටියෙ මොකක්ද.. ඇහුවෙ මොකක්ද යන්නෙ කොහෙද මල්ලෙ පොල් වගේ සීන් එකක් වුණේ මට..
"ආ දැන් ඒකද ඔයාට අහන්න තිබ්බෙ..? ඒක මගේ පෟෙද්ගලික දෙයක්.. ඔයා ඒ ගැන අහන්නෙපා.. "
මියුරුගෙ පිළිතුරෙන් මම සෑහීමකට පත් නොවුණත් මට තේරුණා ඇත්ත මට එයාගෙ පෟෙද්ගලික ජීවිතේ ගැන මොකටද කියලා...
"ආදී.. මොනවද ඔය අහන්නෙ.. අපි ඕකටද යකූ මල් පොකුරකුත් උස්සන් මෙතනට ආවෙ.. අපි කියන්න හිතන් ආපු දේ කියහං.."
සඳුනි මගේ කනට කරලා හෙමිහිට මතක් කලේ අපි මෙතනට ආව කාරණාවයි..
"මේ.. මේකයි මියුරු.. අද ස්කූල් එකේ වුණ දේට සොරි කියන්න ඕන.. මම හැමදේම දැනගෙන ඉන්නෙ.. අර චිරන්ත.. එයා මං ගැන දවල් කි..ය..පු..වා.. අනේ ඔයා එවලෙ එයාට විරුද්ධව කතා කලාලු නේද.. එවලෙ එයා ඔයාට ගැහුවනෙ.. අනේ තෑන්ක්ස් ගොඩක්.. ඔයාට.. මම වෙනුවෙන් කතා කලාට.. එවලෙ මම ඔයාට බැනපුවා.. ඔයාගෙන් ගොඩක් අමාරුද කියලවත් අහන්නෙ නැතිව අමාරුවෙන් ඉදපු ඔයාටම බැන්නා.. ඔයා කරපු දේ නොදැන ඔයාටම දොස් කිව්වා.. අනේ මට සමාව දෙනවද.. මට ඕන වුණේ ඔයා චිරන්තට විරුද්ධ ව කතා කලාට තෑන්ක්ස් කරන්නයි,, මම ඔයාට කතා කරපු, සළකපු විදිහට සොරි.. මට සමාව දෙනවද.. මේ මල් පොකුර ගෙනාවෙ සොරි කියන්න.. මේක ගන්නකො.. අනික අද සෝන්ග් එක ලස්සනට සින්ග් කරානෙ..ඒ වෙනුවෙන්වත්.."
වචනෙන් වචනෙ ගලපමින්..හෙමින් සැරේ කියලා දැම්මෙ මට කියන්න ඕන වුණ හැමදේම....
"ආ ඒකද මේ.. මට ඔයාගෙන් විශේෂයෙන් කියලා තෑන්ක්ස් එකවත්, සොරි එක වත් උවමනා නෑ.. චිරන්ත ඒ දේ ඔයාට නෙවෙයි වෙන මොන කෙල්ල ගැන කිව්වත් මම කරන්නෙ අද මම කරපු දේ.. මොකද ගෑනු අයට නිගරු කරනවට, පහත් කරලා කතා කරනවට මම කැමති නෑ.. මොනම ගෑනු කෙනාටවත්.. මම කලේ හරි දේ.. ඒකට ඔයා විශේෂ වුණේ නෑ.. අනික තමා ඔයා අද කතා කලේ ඔයාගෙ විදිහට.. ඔයා හැදිලා තියෙන විදිහ.. ඔයාගෙ ගතිගුණ මට හදන්න ඕන නෑ.. අනික මම ඔයාගෙන් එයිට වඩා දෙයක් බලාපොරොත්තු වුණේ නෑ.. ඒ ඔයාගෙ හැදියාවෙ විදිහ.. ඒ නිසා සොරි ඕන නෑ.. ඒත් මට සතුටුයි.. ඔයාලා එක්කම එකට හිටියට කවුද අර... ආ.. පවනි.. එයා හොඳ ගතිගුණ තියෙන කෙනෙක්.. එයා ගැන නම් පුදුමයි.. ඔයා එක්ක ඉන්න ඔයාගෙ සෙට් එකේ හොඳ ලමෙක් ඉන්නවා.. පුදුමයක්.."
බලාපොරොත්තු වුණා වගේම එයාගෙ පණ්ඩිතකමයි ලොකුකමයි අහන්න වුණා.. මගේනෙ වරද ඒ නිසා ඉවසන් හිටියා.. ඒත් පවනි ගෙ හොඳ කියලා මගේ හැදියාව විවේචනය කරපු එකට නම් මට තරහක් වගේම හිත ඇතුලෙ ඊර්ෂ්‍යාවක් වගේ දෙයක් ඇති වුණා.. ඉතින් කොහොම ඉවසන්නද.. 🙄
"ඔව් ඔව් මට හැදියාවක් නෑනෙ.. ඒකනෙ වෙච්ච දේ දැනගත්ත ගමන් මල් පොකුරකුත් අරන් තෑන්ක්ස් කරන්නයි, සොරි කියන්නයි ආවෙ.. පස්සෙ හරි වැරදි තේරුම්ගත්තම සමාව ගන්න එක නෙවෙයිද වටින්නෙ.. පවනි හොඳයි මට වඩා.. එයාම සොරි කියයි එහෙනම්.. මල් පොකුර ගන්නවනම් ගන්න ඔයා වෙනුවෙන් ගෙනාපු එක මම ආපහු ගෙනියන්නෙ නෑ.. ගන්න බැරිනම් මම ගියාම විසි කරන්න.. ආපහු කියනවා.. ඔයාගෙ ගතිගුණ වලට මම ගරු කරනවා.. තෑන්ක්ස් ඇන්ඩ් වෙරි සොරි.. ආහ්.. සෝන්ග් එක ගොඩක් ලස්සනයි.. ටැලන්ට් එක ඉස්සරහට ගෙනියන්න විශ් කරනවා.. පුළුවන්නම් මාව තේරුම්ගන්න.. අපි යනවා.. මල් පොකුර මෙතන.. බායි.."
පවනි ගැන වර්ණනා කිරීම ගැනමද මට කේන්ති ගියේ.. මොකක්ද මේ වුණේ.. මේ ගීතය මට මේ තරම්ම දැනෙන්න හේතුව මොකක්ද..
"ඔයාගෙ බෝයි ෆ්‍රෙන්ඩ්ට එවලෙ ඔයා ගැන මට තරම් කැක්කුමක් නොතිබුණ එක නම් අවුලක් මටත්.."
අපි නැගිටලා යද්දි එයා කිව්ව කතාව මට ඇති වුණ තරහට වඩා කුතුහලයෙන් පිරුනු දෙයක් වුණා.. මෙයා කියන මගේ බෝයි ෆ්‍රෙන්ඩ් කවුද.. මම ගැන කැක්කුමක් නෑ කිව්වෙ මොකක්ද.. මියුරු ගැන ඇති වුණ ගෟෙරවයත්.. එයා ගයපු ගීය තදටම දැණුනු එකත් එක්කම බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ගැන කියන කතාවත් මට පුදුමයක් ඇති කලා... එතකොට පවනිගෙ හැසිරීමත් සියල්ලම මගේ හිස වටේ කැරකෙන චක්‍රයක් මෙනි... මියුරු කියන බෝයි කසුන් ද.. ඒත් එයා ඒක සීරියස් ගත්තද.. අනේ මට මොකද.. මම හිත හදාගත්තෙ එහෙම.. ඒ ගීතයේ වර්ණනා කල රුව මම කල්පනා කලේ මගෙත් නිල් ඇස් තියෙන එක මට ප්‍රශ්නයක් වුණා සින්දුවත් එක්ක.. සියල්ලම හිතේ ධාරණය කරන් අපි කොෆි ශොප් එකෙන් එලියට බැස්සෙ නව හැඟමන් කෝටියක් දරන්..
මියුරු මල් පොකුර ගනීද... නැද්ද....
ඉදිරියට.....
.......................................................................
**කතාවෙ තවත් පිටුවක් පෙරළුනා.. ඉතින් කතාව පොඩ්ඩක් වෙනස් වෙනවා.. සින්දුවක් වගේ ලිව්වා.. කැමති තනුවක් හදාගෙන ගායනා කරන්නකො ඉතින්.. 😁😁 සින්දුව නම් කැත ඇති.. ගීත නිර්මාණය කරලා නෑනෙ මම... ඒත් මෙතැන් පටන් කතාව නව ගායන නිර්මාණ හා මුසු වේවි..මේ හැම උත්සහයක්ම දරන්නෙ කියවන ඔයාලට වෙනස් අත්දැකීමක් දෙන්න.. සින්දු එක්ක ඉදිරියට යමු.. ලස්සනට ලියන්න ට්‍රයි කරන්නම්.. අලුත් අත්දැකීමක් වෙයි.. ඉතින් මියුරුගෙ පලමු ගීතය මියුරුගෙ හදවතේ රැදුණු ඒ රෑපය කාගෙ විය හැකිද.. මියුරු පාරේ ගී ගයලා සල්ලි හොයාගන්න එයාගෙ සැඟවුණු රහසක් තිබිය හැකිද.. හෙමින් පිටු පෙරලලා බලමු.. මියුරුගෙ ගී පිටුපස සැඟවුණු කතාව... පවනි දැනටත් මියුරුගෙ හිතේ යහපත් චරිතයක් ගොඩනගා ගෙන.. ආදිත්‍යාට ඉරිසියයි පවනි ගැන කියනකොට.. සේරම දේවල් එලියට එයි.. සින්දු එක්ක යමු ඉදිරියට.. කතාව ලස්සන වෙයි ඉදිරියට.. මියුරු මල් පොකුරට මොනව කරයිද.. ඇදිත්යාත්, මියුරුත්, කසුනුත්, පවනිත්, චිරන්තත් වටා ගොඩ නැගුණ ලස්සන කතාවක්... අපි බලමු.... මීලග ගීතය ආදිට කොහොම දැනෙයිද කියලා... ඉක්මනටම එන්නම් ඊලග කොටස අරන්.. කතාව ගැන කමෙන්ට් කරන්න අමතක කරන්නෙපා.. දිගටම ඉන්න කතා පියස එක්කම...**
Dilru
No comments:
Post a Comment