ආදිත්‍යා
ආදරය වෙනුවෙන් කැපවුණු දඟකාරියකගේ කතාව
*දොලොස්වන පිටුව*
"එන්න බැහැලා.."
එක්වරම මියුරු මගේ අතින් අල්ලා නැගිට්ටවන්න හදද්දි මම ගැස්සිල වගේ එයා පැත්තට හැරුණෙ....
"මොකද.."
"කනක් ඇහිල යන්න නෑනෙ.. තේ වත්තක් වත් දැකල නෑ හරි පොශ්නෙ.. දැන් ඉතින් එනව බලන්න.. ඕකටම තමා බස් එක නතර කෙරෙව්වෙ.."
නෝන්ඩියට වගේ කිව්වට මගේ ආසාවල් ගැන මියුරු සෑහෙන්න උනන්දුයි වගේ... නොකිව්වට එයාගෙ හිතේ මං ගැන අදහසක්වත් තියෙනවද.. මටනම් පුදුමයක්.
මියුරු මගේ ආසාව නිසාම සුන්දර, ලස්සන තේ වත්තක් ලග බස් එක නතර කෙරෙව්වට...
බස් එකෙන් බැහැල වටපිටාවෙ සුන්දරත්වය විදින්න මම නොඉවසිල්ලෙනුයි හිටියෙ..
"සඳුනියෝ.. අපි ටිකක් පහලට යමු.. "
මගේ හිතේ තිබුණ තවත් එක ආසාවක් තමයි මම සඳුනිට කිව්වෙත්..
"පිස්සුද යකෝ.. කොහොමද මේ බෑවුමේ යන්නෙ.. වැටුණොත් නම් කොහෙන් මතුවෙයිද දන්නෙ නෑ.. කෑලි ටික විතරයි ඉතුරු වෙන්නෙ.."
මම කරපු යෝජනාවේ බරපතලකම සඳුනි පැහැදිළි කරදුන්නා පපුව කූල් වෙලා යන්නම.. ඒත් මම කවුරුවත් කියන දේ අහන කෙනෙක් නොවන නිසා මම තේ පදුරෙන් පදුර අල්ල අල්ල හෙමින් හෙමින් බෑවුමට බැස්සේ සීතල සුලං ධාරා ගත ස්පර්ශ කරද්දි දැනෙන සිසිලස විදිමින්.. මගේ පස්සෙන් මියුරුත් ආවෙ මට දැනෙන ඒ හැගීමම විදගන්න වෙන්න ඇති... එයා දිහා බලලා මම එයාට අත වැණුවෙ ඉක්මනට එන්න කියලයි...
ලස්සන තැන්නක් ලග මම වාඩිවුණේ මගේ පසුපසින් සඳුනිත් ඇවිත් වාඩි වෙද්දිමයි... මියුරුත් පවනිත්, කසුනුත් එකවරම අපි ලගට ඇවිත් වාඩි වුණේ ඉර එලිය වැටී ගතට දැණුනු සීතල යන්තමින් සිදී යද්දි...
"අර බලන්න ලස්සන කන්දෙ.. කන්දයි මායි අහුවෙන්න පොටෝ එකක් ගහපං සඳුනි.."
කොහේ ගියත් මගේ පොටෝ ග්‍රැෆර් සඳුනි තමයි ඉතින්...
"අනේ ඉතින් උඹට හොඳයි මම ඉන්නකං.. කෝ චුට්ටක් වමට ඇළ වෙයන්.. අන්න රයිට්.. ලස්සනයි ඇහ්.."
"මම ලස්සනයි තමයි කොහොමත්.. "
මියුරුත් එක එක විදිහට පොටෝ ගද්දි මට හිතුණෙම මගේ ආසාව පිටින් එයාලා ප්‍රයෝජන ගන්නවා කියලයි..
"කෝ මාත් එනව සෙල්ෆියකට.."
මියුරුගෙ කරේ එල්ලුනේ එයාගෙ පොටෝ එකට ඔළුව දාන්නයි....
පුදුමෙ කියන්නෙ එයා මගේ කරට අත දාගෙන පොටෝ එක ගත්ත එකයි...
"කෝ මියුරු අපිත් එකක් ගමු.."
මාව අහකට කරලා පවනි මියුරුට ලං වෙද්දි මට මරන්න තරම් කේන්ති....
මම මියුරු ලගින් වාඩි වුණේ අනිත් අය තවත් පහලට යද්දි...
"මියුරු.. තෑන්ක්ස්.. මේ වගේ තැනකට ලොකු ආසාවක් තිබ්බා.. ඔයා ඒක ඉෂ්ට කලානෙ..."
"අපෝ මට තෑන්ක්ස් ඕනි නෑ.. තේ වත්තක්වත් දැකල නෑනෙ.. පව් හින්දා නතර කලේ.."
"තෑන්ක් කලාටවත් පිළිගන්නෙ නෑ.. පුදුම ලොකුකමක්නෙ තියෙන්නෙ.."
"ලොකුකමක් නෙවෙයි මැට්ටි.. හරි හරි ඔයාගෙ ආසාවනෙ ඒකයි නතර කෙරෙව්වෙ බස් එකත්.."
අවසානෙදි මියුරු පිලිගත්තා මගේ ආසාව වෙනුවෙන් හැමදේම කලේ කියලා....
"අපි පහලට යමුකො ටිකක්.."
එයාගෙ අතින් අල්ලලා යමු කිව්වෙ එයා ඒ දේට විරුද්ධ නොවන බව දන්න නිසයි....
"ඊයා... අනේ.. අයින් කරන්න අනේ..."
විනාඩියක් ගෙවෙන්නත් කලින් මම මියුරුගෙ කරේ එල්ලුනේ කූඩැල්ලෙක් අතේ එල්ලිලා ඉන්නවා දැක්ක නිසයි.. මම තදින් මියුරුගෙ කරට ඔළුව තියන් මූණ හංගන් හිටියෙ කූඩැල්ලන් මට ඒ තරම්ම පිළිකුල් වූ නිසයි...
"කෝ... ඔළුව උත්සන්න මම උෟව අරන් දැම්මා..."
මියුරු මගේ ඔළුව අතගාලා දෑත්වලින් මාව ඈත් කලා ඉක්මනින්...
"අම්මෝ.. මම හිතුවෙ කටේ සද්දෙ තියෙන හැටියට යකෙක්ටවත් බය නෑ කියලා.. බැලින්නම් කූඩැල්ලෙක් දැක්කත් කොල්ලෙක්ගෙ කරේ එල්ලෙනවනෙ.. ඔක්කොම චන්ඩි පාට් අපි වගේ අහිංසකයන්ට තමා.."
මියුරු හිනාවෙවී කියද්දි මටත් හිනා..
"අනේ ඔයාගෙ තියෙන අහිංසකකම.. කරට ඔළුව තියන් ඉද්දි මාර සැනසීමක් දැණුනා... කවදාවත් එහෙම වෙලා නෑ.. මියුරු... මට තව පොඩ්ඩක් වෙලා මෙහෙම ලගින් ඉන්න ඕන.."
උවමනාවක් ඇති වුණා.. ඒ පපුවේ මූණ හංගගන්න..... එයාගෙ ප්‍රතිඋත්තරය දෙන්න කලින් මම ආපහුම වැළදගත්තා මියුරුව තදින්... මෙහෙම එද්දි මගේ පාලනය මගෙන් ඈත් වෙන බවක් හෝ තේරුණේ නෑ මට.... ඉරිසියාවකුත් තිබ්බා.. පවනි ලංවෙයි කියලා. මියුරුට... මගේ හිත කාටත් කලින් ඉස්සර වෙන්නද හදන්නෙ.. මම අතරමං වුණා මට තේරුම් ගන්න බැරි ලෝකෙක එක මොහොතකට...
"මියුරු.... මම දන්නෙ නෑ.. කවදාවත් මෙහෙම වෙලා නෑ මට.. කවදාවත් මෙහෙම දැනිල නෑ මට... ඔයාගෙ ලග ඉද්දි අමුතුම හැගීමක් දැණෙනවා මට.... පවනි ඔයා ලගට එද්ද තරහක්, ලොකු කේන්තියක් එනව මට... මාව තදින් ලංකරගන්න.. ප්ලීස්... මට ඉන්න දෙන්න..."
මියුරුගෙ කනට හෙමින් සැරේ මුමුණද්දි එයාගෙත් හැගීම් වෙනස් වෙලා වගේ.. මාව තදින් අත් දෙකෙන්ම තද කර ගත්තෙ හරි ආදරෙන්....
ඔළුව උස්සලා අත් දෙකෙන් මියුරුගෙ මූණ දෙපැත්ත අල්ලගත්තෙ මගේ හදවත මට පාලනයක් නොදෙන තැනයි...
"මට කියන්න මියුරු.. මට දැනෙනව අමුතු හැගීමක්.. ඔයාටත් දැනෙනවද... මම දන්නෙ නෑ.. කවදා මෙහෙම වුණාද කියලා.. ඔයාගෙ පලවෙනි සින්දුවෙන්ම එදා පාරෙදි මාව වෙනස් කෙනෙක් කලා... මගෙ හිත ඔයාව ඉල්ලනව මියුරු..."
පාලනයකින් තොර වූ මගේ හදවත මගේ ලවාම හැගීම කියවගත්තේ හරි අපූරුවට.. ඒ රුව ලග මම ඉන්න තැන හෝ අමතක කරන්න සමත් වුණා පුදුම විදහට....
සීතලට හමන සුළඟ ගතේ දැවටී ගතම හිරිවට්ටවා යද්දි,, සීතල පිණි කැට ගතට වැදී හදවත ස්පර්ශ කරද්දී පරිසරයත් මේ ඇති වූ නව හැගුම් තව තවත් පුබුදු කරන්නට දුන්නේ ලොකු උදව්වක්... මගේ ඇස් මියුරුගෙ දෙතොලග නතර වෙද්දී හිත ඉල්ලන හැමදේම දෙන්න මට උවමනා වුණා... ඇස් හෙමිහිට පිය වී මගෙ මුව මියුරුගෙ මුවට ලං වුණේ අත් දෙකෙන් තදින් මියුරුගෙ මූණ අල්ලන් මගේ පැත්ත හරවන් ඉද්දි... මියුරු නිසොල්මන්ව ඉද්දී මගෙ අත් දෙකම මියුරුගෙ ගෙල වටා එතුනේ තව තවත් මාව මියුරු ලගට ලංකරමින්... සීතලට වියලුනු මගේ දෙතොල් මියුරුගෙ දෙතොලෙහි පහස සොයමින් දිව්වේ අන් කිසිවක් හෝ සිහියක් නැති තැනයි... මගෙ දෙතොල් මියුරුගෙ දෙතොල් ස්පර්ශ වෙද්දී දැණුනු හැගීම විස්තර කල නොහැකි තරම්.........
"ආදි.. මොනවද මේ කරන්නෙ ආ.. මොන සිහියෙන්ද ඉන්නෙ..පිස්සු හැදිලද..?"
විගසින් මියුරු මාව එයා ලගින් ඈත් කරද්දි මම පියවි සිහියට ආවේ පුදුම ලැජ්ජාවක් හිතට ඇති කරමින්... මේ මොකද වෙන්නෙ.. මට පිස්සු හැදිලද.. මම එතන තව එක් මිනිත්තුවක් හෝ නොඉද ඉක්මනටම මම බස් එකටම දිව්වේ පිටුපසවත් නොබලයි...
මියුරු බස් එකට ආවම මූණ දෙන්නෙ කොහොමද.. මම ඉස්සරහ සීට් එකට ඔළුව තියාගෙන හිටියෙ මූණ දෙන්න තියන ලැජ්ජාවටයි.....
................................................................................
*කතාවෙ 12 පිටුවත් පෙරළුවා.. කෙල්ලට ටිකක් පාලනය නැති වුණා.. ආදරය කියන දේ එක්ක හැගීම් ඇති වෙන එක සාමාන්‍ය දෙයක්.. කෙල්ලගෙ හැගීම් කියවද්දි කොල්ලා හිටියෙ නිහඬ ව.. අවසාන මොහොතේ හැගීම විදිද්දි මියුරු ඒ දේට ඉඩ නොදුන්නෙ ඇයි.. මියුරුගෙ හිතේ ආදි ගැන අදහසක් නැද්ද.. ආදරයක් නැද්ද...දැන් කෙල්ල පියවි සිහියට ආවම ලැජ්ජ හිතිලා.. මූණ හංගන් ඉන්නෙ කොල්ලට කොහොම මූණ දෙයිද... කොල්ලගෙ පිලිතුර මොකක් වෙයිද.. ඒ හැගීම නොවිද ආදිව ඈත් කරන්න ආදිට ලං නොවෙන්න වෙන හේතුවක් මියුරුට තියෙනවද... කතාව ගොඩක් පරක්කු වුණා.. සමාවෙන්න.. කතාව ගැන දැණුනු හැගීම ගැන කමෙන්ට් එකක් දෙන්න.. ඊලග කොටස පරක්කු නොකර දෙන්නම්.. දිගටම ඉන්න කතා පියස එක්ක..*
Dilru
No comments:
Post a Comment