Pages

Sunday, August 16, 2020

 

ආදිත්‍යා


ආදරය වෙනුවෙන් කැපවුණු දඟකාරියකගේ කතාව

*එකොලොස්වන පිටුව* 

හිරුට මුවා වී සඳ බැබලෙන අහස් කුසේ...
සඳ එළියෙන් බැබළෙන රන් තරු මැද්දේ...
මට නොකියා සඟවන ඔය හද පතුලේ...
මද පවනත් අඟවනවා සෙනෙහෙ නුඹේ...//

හිත කියනා නුඹ සඟවන හිත ඇතුලේ...
මහ ගොන්නක් දැනෙනවා මට නුඹෙ සෙනෙහේ...
හිමිවෙන්නට හිමිකම් නැති හිත් අස්සේ...
ලස්සන පෙම් කතන්දරයි මිලිණ වුණේ..//

හිරුට මුවා වී....//

දැනෙන නුඹේ ආදරයත් හැඟුම්බරයි...
ගලන නුඹේ ඔය වදනුත් හරි මිහිරියි...
කවදාවත් නොලැබෙන නුඹෙ පෙම සත්තයි...
සඟවන්නම් මගේ සෙනෙහෙ නුඹ නිහඬයි..//

හිරුට මුවා වී....//

මියුරුගේ ගීතය අවසන් වන විට මුළු බස් එකම එක නිහඬියාවක් වෙලයි තිබුණේ.. ගීය අවසානය වන තෙක් මම එය වින්දේ පදයෙන් පදයට මියුරුගේ මූණේ ඉරියව් වෙනස් වන තමන්ගේ හදවතින්ම එන හැඟීම කියන්න උත්සහ කරන විදිහ එක්කයි.. ඒ ඇස්වල තිබ්බ ආදරණීය බැල්මට මුළු ලෝකයක් වුණත් වසඟ කරගන්න පුළුවන් හැකියාව තියෙන බව මට තේරුම් ගියා අද හොඳටම...

"වාව් මියුරු.. මාර ලස්සනයි.. ඒක හොඳටම වැදුණා හිතට.. ගොඩක් ගොඩාාාක් ලස්සනයි.."

සින්දුව ගැන මගේ අදහස ගැන කියන්නටත් කලින් පවනි වර්ණනා කල නිසා මට ඇති වුණේ තරහක්.. එයා ඒ සින්දුව කිව්වෙ එයාට කියලා හිතන් ඉන්නෙ.. ඇත්තටම මියුරු පවනි ගැන හිතේ තියාගෙන එයාට දැනෙන්නද ඒ සින්දුව කිව්වෙ.. මගේ හිත මගෙන් ඇහුවා..මටත් තදටම සින්දුව දැණුනා.. පවනිටත් එහෙමද.. එතකොට එයා පවනිට ද ඒක කිව්වෙ.. මට දැනගන්න උවමනා වුණාට මියුරුගේ හිතේ තියෙන දේවල්.. ඒත් කොහොම දැනගන්නද කියලා හිතාගන්න බෑ.. පවනි ගැන එහෙම අදහසක් තියනවද කියලා හොයලා බලන්න මම උනන්දු වුණේ ඇයිද කියලා තාමත් මට හිතාගන්න බෑ... මේ වෙන දේවල් අස්සෙ පවනි ගැන මගේ හිතේ තියෙන තරහ ඉරිසියාව තත්පරෙන් තත්පරේ වැඩිවෙනවා... මේ මොකද වෙන්නෙ මට.....

"ම්... එච්චර ලස්සන නෑනෙ.. තෑන්ක්ස් පවනි... ඔයා හරි මාව අගය කලානෙ.."

මියුරු ඒ කතාව කිව්වෙත් මගේ දිහා බලලා.. මම එයාව වර්ණනා කලේ නැති නිසා වෙන්නැති.. එක අතකින් මොන එහෙකට වර්ණනා කරනවද.. මට කියපු එකක් නෙවෙයිනෙ.. පවනිටනෙ කියන්න ඇත්තෙ.. විකාර...

සීතල සුලඟ මැඩගෙන කඳු ශීඛර අතරින් අපි සුන්දර ග්‍රෙගරි වැව් තාවුල්ලට ආවේ උදෑසන අහාරයත් අරගන්න හිතාගෙනමයි.. මෙතෙක් වෙලා තිබුණු මහන්සිය, නිදමත, බඩගින්න සියල්ලක්ම එකම නිමේශයකින් සංසිඳුවන්න තරම් බලයක් හැකියාවක් තිබුණා සුන්දර ග්‍රෙගරි වැව් මාතාවට... සීතල වී ගල් ගැසුණු ඇගට යම් තරමකින් උණුසුමක් දැනුනේ ජර්සිය නිසාමයි.. අයිස් කැට වැනි සීතල වතුරෙහි කට්ටියම වැවට බැස මුව කට සෝදා ගත්තේ සුන්දර වැව් අසිරිය විඳිමින් කෑම ගන්නයි... 

"ඔන්න බලාගෙන...."

ඇහැපිල්ලමක් වදින්නටත් මත්තෙන් මම මියුරුගේ ගෙලෙහි එල්ලී මියුරුගේ දෝත උඩට වැටී හිටියේ මගේ කකුල් ගලක පැටලී වැවට විසි වෙන්නට ඔන්න මෙන්න තිබියදී ය.. ඇවිදගන්න බැරි තරමටම කකුල් ගල් ගැසී ඇති නිසාම ගල් පැටලී නොවැටුණොත් තමයි පුදුමෙ...

"කොහෙද මැට්ටියේ උඩ බලන් ද යන්නෙ තමුසෙ..🤨🤨🤨"

මියුරු මාව අල්ලගෙනම සැරෙන් වගේ ඇහුවේ.. 

"කකුල පැටලුනා.."

මූණට මූණ ලංවී තිබූ අකාරයෙන්ම මගේ වචන පිට නොවුණු ගානයි.. උත්තර දුන්නා නෙවෙයි මිමිණුවා කිව්වොත් නිවැරදි... මම කෙලින්ම බලන් හිටියෙ මියුරු දිහාමයි.. සීතලට වේලිලා තියෙන දෙතොල් දත්වලින් හපාගෙන හිටියෙ සීතල නිසාම වෙන්නැති... මටත් වඩා එයාට සීතලයි වගේ... ටික වෙලාවක් මගේ ඇස් අස්සෙ එයත් අතරමං වෙලා වගේ කියලා මට දැනෙන්න ගත්තෙ වටපිටාවෙ අපේ සෙට් එක එකතු වෙලා අපිට විහිලු කරනවා කියලා ඇහුණෙත් අපි දෙන්නටම ගොඩ වෙලාවක් ගියාට පස්සෙ නිසයි...

"ආව් ආව්.. කොහොමද.. පට්ට මැචින් කපල් එක නේද බං..."

පවනිගෙ අතින් අල්ලලා සඳුනි පවනිට කියද්දි පවනිගෙ ඇස් රතු වෙලා වගේ තිබුණා.. පවනි මොකක් හරි දෙයක් හංගනවා.. මට දැන් තේරෙනවා.. මියුරු ගැන අදහසක් පවනිට තියෙනවා... 

"අහකට වෙනවා තවත් එල්ලිලා ඉන්නෙ මගෙ අත් දෙක කඩන්නද.. ඔච්චරයි තියෙන්නෙ මට හම්බ කරගන්න..බතලි වගේ බර මේකිගෙ ඇගකුත් නෑ ඒ තරම්... මොනවද කන්නෙ අලි මස් ද..?"

මියුරු ඉක්මනටම මාව පැත්තකට තල්ලු කලේ බර වැඩී කියලා අපහස කරමින්.. කට්ටිය විහිලු කරද්දි ලැජ්ජ හිතිලා මූණත් හොඳටම රතු වෙලා තියෙන බවක් මම දැක්කා එයාගෙ මූණෙන්...
මියුරු මට බැන්නත් මගෙ හිත තිබ්බෙ සතුටින්.. ඇයිද කියන්න දන්නෙ නෑ මම..
අපි උදේට ගෙනියපු කෑම කද්දි කොල්ලො ටික නම් ලග කඩේකින් උදේ කෑමත් ගත්තා.. කෑමත් බෙදාහදාගෙන කාලා සුන්දර ග්‍රෙගරි වැවට සමු දෙන්න හිතුවේ නුවර එළියේ දකින්න තවත් බොහෝ සුන්දර තැන් ඉතිරි වී තියෙන නිසයි...
අපි ගමන පටත් ගත්තේ හෝර්ටන් තැන්නෙ සිරි නරඹන්න යන්නයි... මියුරු මගේ ගාවින්ම ඇවිත් වාඩි වෙද්දි මට පුදුමත් හිතුණේ මෙයා ආපහු ම මම ලග වාඩි වුණ එක ගැන හිතාගන්න බැරි නිසයි.. කට්ටිය චාටර් කරපු එකේ මම හිතුවෙ මම ඉන්න පැත්තකටවත් එන එකක්නම් නෑ කියලා..
යන අතරතුරේ පාර දෙපැත්තෙ ලස්සනට බෑවුම්වල වවා තිබූ තේ වතුවල ලස්සන බලන්න යන්නමයි මට හිතුණේ.. ඈතින් පෙනෙන කඳු වැටි මීදුම් පහරින් විවිධ රටා මවා තියෙද්දි පොටෝ එකක් අරගන්න නියම පරිසරයක් බවයි මට හැගුණෙ.. තේ වත්තක් මැද යන්නත් පුදුම ආසයි මට.. තේ ගහෙන් ගහට අල්ලගෙන..

"වාව්... ලස්සන පරිසරය.."

චමත්කාර කඳු පන්ති මැද ලස්සන තේ වත්තක් පහු වෙද්දි මට කියවුණේ ඉබේටමයි.. මම ජනේල අයිනෙන් එලියට ඔළුව දාගෙන අසිරිය වින්දේ බස් එක නවත්තන්න කියන්න  බැරි නිසාමයි..
අනේ ලස්සන......
බස් එක එක්වරම නවතිද්දි මම ඉස්සරහ බැලුවේ එකපාරම මොකක් වුණාදෝ කියලයි... ලග හිටිය මියුරුත් අතුරැදහන් වෙලා හිටියා.. බස් එක නැවතුණේ ඇයි එකපාරම.. ලග හිටිය මියුරුට මොකද වුණේ.. සිසිල නිවා හීන් දාඩිය දැම්මා මට එවලෙ....

ඉදිරියට.................

..............................................................................

*කතාවෙ තවත් පිටුවක් පෙරලෙද්දි මේ මොකද වෙන්න යන්නෙ.. ආදිට නම් කොල්ලට හොඳටම හිත ගිහින් වගේ.. කොල්ලගෙ සින්දුවෙන් නොකියන යමක් එයාගෙ හිතෙත් තියනවද කියලා හිතෙනවා... එකපාරම බස් එක නතර වුණේ ඇයි.. ලග හිටිය මියුරුට මොකද වුණේ.. ඊලග කොටස ඉක්මනටම දෙන්නම්.. කතාව ගැන කමෙන්ට් එකක් ඕන... ඊලග කොටසින් කුතුහලය නැති කරගමු.. දිගටම ඉන්න කතා පියස එක්කම...*
Dilru


No comments:

Post a Comment