ආදිත්‍යා
ආදරය වෙනුවෙන් කැපවුණු දඟකාරියකගේ කතාව
*නව වන පිටුව*
ස්කූල් ගමන වෙනදට වඩා වෙනස් එකක් වූ බවයි මට දැනෙන්නෙ.. ඒත් ඒ කුමන හේතුවක් නිසාද කියලා තාම නෑ වැටහෙන්නෙ..
මොකක්දෝ නොතේරෙන හැගීමක් හිත ඇතුලෙ හිරවෙලා.. ඒත් ඒ මොකක්ද..
"මේ ආදි.. ආදියෝ..."
කල්පනා ලෝකය බිඳුණේ පවනිගේ විලාපයටයි..
"ඇයි බං"
"යකෝ උඹ සුපිරි මනෝ පාරකනෙ හිටියෙ.. මම කොච්චර කතා කලාද.."
මගේ කල්පනාවෙ තරම කියනවනම් අවට වටපිටාවෙ කිසිම ශබ්දයක් ඇහුණෙ නෑ මට..
"හරි ඉතින්.. මොකද දැන් විලාප දුන්නෙ කියහංකො..."
"මම ආර්ට් එකෙන් කොමර්ස් වලට මාරු වෙනවා.. තව කල් තියෙනවනෙ.. පාඩම් ගොඩක් කවර් කරලා නෑනෙ.."
පවනිගෙ කතාවට සඳුනි මම ඇතුළු සියලුදෙනාම හිටියේ පුදුමයෙන්...
"මොකක්..? උඹ කොමර්ස් වලට මාරු වෙනවද.. යකෝ කොමර්ස් අමාරුයි කියලා නේද ආර්ට් තෝරගත්තෙ..?"
"ඔව්.. ඒත් මට ෂුවර් එකක් තියෙනවා මට කොමර්ස් වලින් කැම්පස් යන්න පුළුවන් වෙයි කියලා.."
පවනි කතා කරන්නේ වෙන මොකක් හෝ අරමුණක් හිතේ තියාගෙන බව මට දැන් තේරී අවසන්.. ඒත් මේ වෙනසට හේතුව මොකක්ද.. තවමත් මට නොතේරෙන්නේ එයයි..
"ඒ බං පවනි.. ඇයි කොමර්ස් එකේ කොල්ලෙක්වත් සෙට් වුණාද උඹට.."
සඳුනි කටට එන එක අහන කෙල්ලෙක් නිසා ඕන එකක් අහනවා මූණටම.. ඒකිටත් මට වගේම සැකයි පවනිගෙ වැඩ ගැන...
"අනේ එහෙම නෑ.. මට හිතුණා.. අපි ඉකෝන් එකේදි මීට් වෙමු.. මම යනවා..."
අද පවනි කොමර්ස් එකට මාරු වුණා.. අපි හැමෝම පුදුමයට පත් කරමින්..
පවනි ගිහින් කොමර්ස් එකේ වාඩි වෙනකම්ම අපි බලාගෙන හිටියෙ මගෙ මේසෙ එක්කම තියෙන ජනේලයෙන්.. එයා මියුරු එක්ක හිනාවෙවී කතා කරනව දකිද්දි හිතට දැනෙන්නෙ මහ අමුතු හැගීමක්.. ඒකත් මියුරුට එක කෙලින්ම වාඩි වුණ නිසා මට මියුරුව පවනිට කවර් වෙලයි හිටියෙ...
ඒත් අපි ඒ ගැන හිතුවෙ නෑ...ඒක පවනිගෙ කැමැත්ත...
"මේ ඕකි කොමර්ස් එකට ගියපු එකටනම් ඕකිට අපරාදෙ කියලා හිතෙන්න දෙයක් කරන්න ඕන.. යකෝ එකට ජඩ වැඩ කරපු එකී බලපං අපිව අතෑරපා ගියපු හැටි.. බලපං මියුරුව ලොකු වුණා ඒකිට අපිට වඩා.."
මගෙ හිතේ තිබ්බ අමුතු හැගීම පිට වෙන්න ගත්තේ කේන්තියත් එක්කයි...
"මොකක්ද බං අපි ඒකිට එහෙම හිතෙන්න කරන්නෙ.. මටනම් කිසිම අයිඩියා එකක් නෑ.."
යාලුවො සෙට් එක මං ගැන වද වෙනවා සෑහෙන්න.. මම වෙනුවෙන් ඕන දෙයක් කරයි එයාලා...
"ම්.. හරි අයිඩියා එකක් ආවා.. අපි ට්‍රිප් එකක් ඕගනයිස් කරමු නුවරඑළියෙ දවස් දෙකක...කොමර්ස් එකේ උන්ව දාලා යං.."
මගේ හිතට ආවේ කුරිරු අදහසක්..
"ආ සුපිරි අයිඩියා එකක්.. ඕකුන්ට පෙන්නමු ආර්ට් එකේ උන් ගන්න ආතල් කොහොමද කියලා.."
මගේ අයිඩියා එකට කවුරුත්ම තර්ක නොකරම එකඟ වුණා කවදත් වගේම...
"මේ අපි විතරක් යන්න ලොකු ගාණක් දාන්න වෙයි.. සයන්ස් සෙට් එකටයි මැත්ස් උන්ටත් කියමු.."
කසුන් එයාගෙ අනිත් යාලුවොත් එකතු කරගන්නයි ලෑස්තිය..
"ඔව් ඒකත් නරකම නෑ.. එතකොට පාලුත් නෑ.. කොමර්ස් උන්ට රිදෙයි.. ඔන්න යුනිෆෝම් එකෙන් යන්න බෑ.. අපි ස්කූල් නැතුව පිටින් සෙට් වෙලා යමු.."
නිළ ඇඳුමෙ ගෞරවය නැති කරමින් පාසලට අගෞරව කරන්න හිතුවෙ නෑ අපි...
"හරි.. අවුල වෙන්නෙ චිරන්තලව හැලුවොත් තමයි.. උන් අප්ට කේස් අදීද..?"
ගමන යන්නත් කලින් චිරන්ත ගැන කසුන්ට බය හිතිලා.. අනේ මේ වගේ බයගුල්ලෙක්.. බය නැත්තම් මට අච්චර පහත් කතා කියද්දි මූ අහන් ඉදීයැ.. මට ඇත්තටම ආදරේ නම්.. ඒ සම්බන්ධ ව නම් මට කසුන් ගැන තියෙන්නෙ පිලිකුළක් වගේ ම ලොකු කළකිරීමක්...
"අනේ අනේ කසුන් ඔයා එයාට එච්චර බයනම් ඔයා නෑවිත් ඉන්න ප්ලීස්.. අනික ඔයා මට ආදරේ නම් ඊයෙ චිරන්ත මං ගැන කැත කතා කියද්දි අහන් ඉදීද.. අර කොල්ලා මගෙන් බැනුම් ඇහුවා බයිට් කලා මම.. ඒත් මම වෙනුවෙන් කතා කරලා ගුටිත් කාලා.. ඒ විත්තියක් මට ඇඟෙව්වෙ වත් නෑ ඒකට ඔයා.. ඔයා ගැන නම් ලැජ්ජයි මට.."
කසුන්ට දොස් කිව්වෙ හිතට ආව කේන්තිය නිසාමයි...
"චිරන්ත ඒක කිව්වෙ ඔයාටම නෙවෙයිනෙ.. එයා හිතින් මවාගෙන නෙ.. අනික ගුටි කන්න බෑනෙ.. උෟව ශේප් එකේ තියාගන්න එපැයි.. උෟ ඔයාට අතක් හරි තිබ්බනම් මම නිකං ඉන්නෙ නෑ.."
අනේ එයාගෙ චන්ඩිකම.. මට අතක් හරි තිබ්බනම් මම නිකං ඉන්නෙත් නෑ..කවුරුවත් ගහනකං බලන් ඉන්න මට පිස්සුයැ.. මම හිතුවෙ හිතින්...
අපි කතා වුණේ සෙනසුරාදා දවසක්.. උදෙන්ම ගිහින් ඉරිදා රෑට එමු කියලා.. සෙනසුරාදා උදේ වෙද්දි නුවරට ගිහින් එදා දවසමයි, ඉරිදා දවසමත් ඇවිදලා එන්නයි අපි හිතන් හිටියෙ...
කොමර්ස් එක ඇරෙන්න අනිත් ක්ලාස් ටිකට අපි කිව්වත් දවල් වෙද්දි අපේ ප්ලෑන් එක ස්කූල් එකේ නොදන්න කෙනෙක් නැති තරම් අනේ මේ වගේ චීත්ත... පවනි සෑහෙන්න අවුලෙන් හිටියෙ.. එදා දවස ගෙවුණෙ ට්‍රිප් එකේ සැලසුමෙන්මයි...
හෙටයි දවස.. අපි ගෙවල් වලින් අවසරත් අරන් බස් එකටත් කියලෙ ඇඳුම් එහෙමත් කල් තියාම ලෑස්ති කරගත්තෙ ඒ තරම්ම ඇවිදින්න තියෙන ආශාවටත් වඩා පවනි ගැන තිබ්බ කේන්තියටයි... මම අලුතෙන්ම දිග ගවුමක් ගත්තෙ ඇඳගෙන යන්නයි.. හැමදේම ලෑස්ති කර ගත්තත් මගේ හිත තාමත් තිබුණෙ නොපිරුණු මට්ටමක.. වැටහෙන්නෙ නෑ ඒ ඇයි කියන්න.. කාටත් නොකිය මගෙ හිත මාව අරගෙන ගියා මියුරු ගාවට...
"මියුරු.. පොඩි දෙයක් කියන්න ඕන.."
"ඒ මොකක්ද.."
"ආර්ට් එකේ අපි ට්‍රිප් එකක් ඕගනයිස් කලා නුවර එළි.. ඔයත් එන්න යන්න.."
"අපිට එන්න කිව්වෙ නෑනෙ..මට විතරක් මොකද.. කොමර්ස් එකේ අයට එන්න කිව්වෙ නෑනෙ.."
පවනිට රිදෙන්න නෙ ට්‍රිප් එක යන්න හැදුවෙ.. ඒත් මියුරුව ට්‍රිප් එක එක්ක යන්න තිබ්බනම්.. මගෙ හිත මටත් වඩා හිතුවක්කාර ඇයි මෙච්චර...
"ඔව් ඔව් ඔයාට ලස්සනට සින්ග් කරන්න පුළුවන්නෙ.. ඒකයි.. අපිට බෝරිං නෑනෙ.."
කියන්න හේතුවක් කටට ආවේ එච්චරයි..
"ආ.. මේ මගේ ලවා මෙයාලට විනෝද වෙන්න සින්දු අහගන්න.. මට කාටවත් ආතල් ගන්න සින්ග් කරන්න බෑ මම එන්නෙ නෑ.."
"සින්දු කියන්න පුළුවන් උන පලියට ඔච්චර ලොකුකමක් මොකක්ද හැබෑට.. අපිටත් පුළුවන් සින්දු කියන්න මිනිස්සුන්ට අහගෙන ඉන්න බැරි වුණාට.. මෙයාගෙ ගණන් බලන්න එපැයි.."
"මොනව හරි කියවනවද.. මට බනිනවද.. ඇයි ඇහෙන්න කියන්න බැරි චන්ඩියානෙ.."
මට විතරක් ඇහෙන්න මුමුණද්දි මියුරු තේරුම්ගත්තා දෙහි කපන්නෙ මම එයාට කියලා...
"නෑ. නෑ.. ඔයා සින්දු කියන්න උවමනා නෑ.. එනවනම් එන්න.. ඔයාට විතරයි කතා කලේ.. බලෙන් එක්ක යන්නෙ නෑ.."
මට උවමනා වුණෙත් නෑ.. සෙකන්ඩ් වෙන්න එයා ලග.. මොන එකකට මම මේ යකා ගාව චාටර් වෙන්න එනවද මන්දා.. හිතින් මටම දෝශාරෝපනය නගමින් මව ගියේ ක්ලාස් එකට..
"උඹ කොහෙද ගියේ අපි මේ හැමතැනම හෙව්වා.. බස් එකත් හරි.. යන ටයිම් එකත් හරි.. යද්දි කෑමට සැන්චිචස් ටිකක් සෙට් කරගමු.."
සඳුනි දිගටම කියවන් ගියා.. ඇත්තටම මේ ට්‍රිප් එකේ අරමුණ පවනිට රිදවීමද.. පවනි සබ්ජෙක්ට් මාරු කරපු එකට අපි කේන්ති ගන්නෙ මොකද.. තාමත් හිතාගන්න බැරි ඒ ගැන..
"මම ගියේ මියුරුව මීට් වෙන්න.. මම එයාට ට්‍රිප් එකට ඉන්වයිට් කලා.."
"මොකක්.. ඔයා මොකටද උෟට කතා කලේ.. දැන් කොමර්ස් උන්ට රිදෙන්නනෙ අපි මේක ලෑස්ති කලේ.. මියුරු කියන එකා කොමර්ස් නෙවෙයිද එතකොට.. ඔයාට මොකක්ද වෙලා තියෙන්නෙ ආදි.. ආ.."
මම මියුරුට කතා කරපු එකට කසුන්ට හොඳටම කේන්ති ගිහින්.. ඒත් එයාගෙ කේන්තිය මටනම් අදාලම නැති දෙයක්...
"සිරාවටම.. උඹ උෟට කිව්වෙ ඇයි.. අපි කොමර්ස් එකේ සෙට් එක හලලනෙ යන්නෙ.."
"නෑ බං සඳුනි අපි මේ දේවල් කලේ පවනිට රිදෙන්න නෙ.. ඉතින් පවනි නිසා අනිත් උන්ට යන්න නැති කරන්න බෑනෙ.. අනික මියුරුට සින්ග් කරන්නත් පුළුවන් නිසා අපිට වාසියක් වෙයි කියලා හිතුණා.."
මම හැමෝටම පැහැදිළි කලා මගේ අරමුණ.. ඒත් මට අපැහැදිළි ඒකමද මම එහෙම කරන්න තිබ්බ අරමුණ කියලා...
"දැන් හරි.. උෟ ආවොත් එයි නැත්තම් නෑ.. මොකා ආවත් නැතත් අපි අපේ ගමන ගිහින් අපේ ආතල් එක ගන්නවා.."
කස්ටිය ට්‍රිප් එක යන්න බරටම ලෑස්තිය.. මගේ හිත විතරක් එක් දෙගිඩියාවක.. පවනි එක්ක මම ඉරිසියයිද.. මොකක්ද ඒකට හේතුව මෙච්චර දවසක් සතුටින් සැහැල්ලුවෙන් හිටිය මට මොකක්ද මේ හිතට දැනෙන බර...
දවස ඉක්මනින් ගෙවෙනවා.. ගෙවල් වලින් අවසර අරන් ඉරේෂාගෙ අම්මයි තාත්තවයි අපේ ආරක්ෂාවට කතා කරගෙන හැමදේමත් ලෑස්ති කරන්.. රෑ නින්දට වැටුණත් නිදාගත්තා කියලා මොහොතක් නැති තරම්.. පාන්දර වනතුරුම මගෙ හිත තිබුණෙ මාත් එක්කම වාද විවාදයකට එළඹි ලෙසින් ය......
............................................................................
*කතාවෙ නව වන පිටුවත් පෙරලුවා.. ගොඩක් ටයිප් කරන්න වෙලාවක් නැති නිසා ටික ටික දාන්නම් හැබැයි ඉක්මනටම... පවනි කොමර්ස් එකට මාරු වුණා.. නිකම්ම වෙන්න බෑ.. මොකක් හරි හේතුවක් තියෙනවා යටි හිතේ.. ඒක දැනිලද ආදිට.. ආදිත් පවනිට ඉරිසියා කරන්න අරන්.. ඒකට හේතුව ආදිත්‍යා නෑ තමත් දන්නෙ... එයාට ඒක කොහොම තේරුම් යයිද.. හිත ඇතුලෙ තියෙන දේවල් මොන විදිහට එලියට එයිද.. ඒකට මේ චාරිකාව උදව්වක් වෙයිද.. ආදිගෙ ආරාධනාව ප්‍රතික්ෂේප කලත් මියුරු මේ ගමනට සහභාගි වෙයිද.. මියුරුගෙ හිත ඒ කරා යොමුවේවිද.. අපි බලමු ඊලග කොටස අරන් ඉක්මනටම එන්නම්.. බලමු චාරිකාට ඇත්තටම විනෝද වෙයිද නැත්තම් අමතක නොවෙන සිදුවීම් පෙලගස්සාවිද කියලා.. ඉක්මටනටම ලියන්නම්.. දිගටම ඉන්න කතා පියස එක්කම..*
Dilru
No comments:
Post a Comment