Sunday, September 20, 2020
Monday, September 14, 2020
Monday, September 7, 2020
Thursday, September 3, 2020
Sunday, August 30, 2020
Wednesday, August 26, 2020
බස් එකේ ඉස්සරහ ශීට් එකට ඔළුව තියන් මූණ හංගන් හිටියෙ කරපු දේ ගැන සිහියට නැගෙද්දි පපුව පලාගෙන යන තරම් ලැජ්ජාවක් ඇති වුණ නිසයි.. අනේ මං වගේ හරකියෙක්.. තව කවුරුහරි දැක්කනම්.. විනාසයි.. මට මේ මොකක් වුණාද එකපාර.. ඇයි මගෙ හිත මියුරුට මේ තරම්ම බැඳිල තියෙන්නෙ..
"ආදි.. මොනවද උඹ ඒ කලේ.. මම මේ හැමතැනම හොයල තෝ බස් එකට ඇවිල්ලද කියල බැලුවෙ.. මී හරකියෙක්ද උඹ.. දෙන්න හිතෙනව ඔළුව හිල් වෙන්න.."
සඳුනි ආව ගමන් බැනගෙන ගියේ ලොකු කේන්තියකින්.. මම ඔළුව උස්සල බැලුවේ පුදුමෙන්...
"යකෝ.. උඹ නිකම් සිසිටිවී කැමරාවක් වගේනෙ.. ඒකත් දැක්කද.. දැක්කට කාටවත් කියනව එහෙම නෙවෙයි ඔන්න.."
තේ පදුරු අස්සෙන් මම මියුරුට ලං වුනු එක සඳුනි දැක්කෙ කොහොමද කියන එක ලොකු ප්‍රෙහෙලිකාවක් මට....
"සීසිටීවී.. මම නම් ඕක දැක්කත් මොකද.. මම ඉතින් උඹ මොන බලු වැඩේ කලත් උඹ එක්කනෙ.. මම කියන්න ඕනි නෑ.. සේරම අය නොදැක්කට දකින්නම ඕන දෙතුන් දෙනා දැක්කා මුළු ෆිල්ම් එකම.."
සඳුනි දිහා මම හැරිල බැලුවෙත් ගැස්සිලා වගෙයි...
"ක්....ක... වු...ද.. ත්...ත...ව දැ..ක්...කෙ..?"
මගේ වචනත් ගොත ගැහුණේ නුවර එළි සීතලට වඩා මගේ ඇඟ ලැජ්ජාවෙන් හා බයෙන් සීතල වී ගොස් තිබූ නිසාවෙනි....
"ම්.. හැමෝම නෑ.. මම ඇරෙන්න තව පවනියි, කසුනුයි, තව එක්කෙනක් දෙන්නෙක් හිටියා එතන.. උන් කෙසේ වෙතත් අර දෙන්නගෙ මූණූ දෙකනම් කලු වුණා කේන්තියට.. දෙන්න බලන් හිටියෙ අබ අහුරක් මූණට දැම්මොත් සට සට ගාලා පුපුරන සයිස් එකේ.. මොන දේ වුණත් පවනි දැකපු එකනම් හොඳයි.. යසයි ඕකිට.. මියුරුගෙ කරේ එල්ලෙන්න ආර්ට් එක අතෑරල කොමර්ස් එකට පැන්නට...,"
මගේ අතින් සිදුවෙන්න ගිය දේට කේන්තියක් වගේම ඒ දේවල් පවනි දැකපු එකට සතුටකුත් තිබුණා සඳුනිගෙ හිතේ... ඒ අතින් සඳුනි මට ගැළපෙනව මටත් වඩා...
"අනේ උඹ මාත් එක්ක තරහද.. උඹට මං ලගින් ඉන්න තිබ්බෙ.. එහෙනම් මේ දේ වෙන්නෙ නෑ බං.. මියුරු මං ගාව තනි වුණානෙ.. ඒකයි එහෙම වුණේ.. අනේ මන් දන්නෙ නෑ සඳුනියෝ කවදා කොහොම මෙහෙම අදහසක් මගෙ ඔළුවට ආවද කියල..,"
මට තේරුම් ගන්න නොහැකි වුණු හැගීම මම සඳුනිට කිව්වෙ මගේ ඕනම ප්‍රශ්නෙකට පිළියම් ඒකි ගාව තියෙන නිසයි...
"උඹට ඒක නොතේරුණාට මම ඔය සීන් එක උඹටත් කලින් තේරුම් ගත්තෙ.. යකෝ අපි දෙන්නා යාළුවො වුණාට නිවුන් සහෝදරියො වගේනෙ.. උඹේ පුංචි වෙනසත් මට තේරෙනව බං.. උඹ උෟට කැමැත්තෙන් හිටියෙ අද ඊයෙක ඉදන් නෙවෙයි.. උෟ ස්කූල් එකට ඇවිත් චිරන්තල රැග් කරපු දවසෙ ඉදන්.. තේරුණාද උඹට.. ඕක උඹට තදටම වැදුණෙ එදා පාරෙදි මියුරු කියපු සින්දුවෙන්.. එදා උඹගෙ හිත උෟ හොරෙන්ම ගත්තා කොහොමත්.. කවදාවත් උඹ චිරන්තල එක්ක හැප්පිලා නෑ.. උඹ තියා මේ ස්කූල් එකේ ඉන්න වෙන කිසිම කෙල්ලෙක් තියා කොල්ලෙක්වත්.. ඒත් උඹ මියුරු වෙනුවෙන් එදා චිරන්ත එක්ක හැප්පුනා.. මට තේරුම් ගිහින් තිබ්බෙ.. ඒත් උඹට ඒක කියල තේරුම් කරනවට වඩා උඹටම ඒක තේරුම් ගන්න ඇරල මම පාඩුවේ හිටියෙ... අද එද්දි වුණත් උඹ මියුරු ව තමා හෙව්වෙ.. උෟ බස් එකට ආවම උඹේ මූණට වැටුණු එළිය මම දැක්කා.. ඒකයි මියුරුට උඹ ගාව වාඩි වෙන්න ලයින් කරල මම ශේප් එකේ සයිඩ් වුණේ... හරිද.."
සඳුනිගේ දීර්ඝ විස්තර කිරීම හමුවේ මම සඳුනි දිහා බලන් හිටියෙ විමතියෙන්... මට නොතේරුණු මම හීනෙන්වත් නොහිතපු දේවල් සඳුනිට තේරිලා.. ඒකි මටයි මියුරුටයි තැන දීලා වෙන තැනකට ගියේ මගේ හැගීම් තේරුම් අරන්.. යකූ මේකි අදහන්න වටිනවනෙ බලන් යද්දි...
"අඩෝ බං.. බලන් යද්දි උඹ දෙයියෙක් නෙවෙයි දේවාලයක්නෙ.. ප්ලෑන් කරලමයි මියුරුව මගේ ලගින් තියල මගෑරල ගියේ නේ.. ඒක නෙමෙයි එයා මාර ලස්සනයි නේද බං.. කතා කරද්දි නිකම් අතරමං වෙලා යනවා.. අනේ මට මෙහෙම දෙයක් දැනිලම නෑ බං.. මගේ කුළුදුල් ආදරේනෙ.. මට සපොට් කරපංකො.."
"හරි හරි උඹට නැතුව මම කාට සපොට් කරන්නද.. අන්න මියුරු එනව පේනව බස් එක පැත්තට.. මම මෙතන හිටියොත් ඕකා වෙන තැනකින් වාඩි වෙයි.. මම හෙමීට කැපෙන්නම් එහෙනම්..."
ඈත එන මියුරුව දැක්ක ගමන් සඳුනි ඉක්මනටම අයින් වුණේ මියුරුට මගේ ලග වාඩි වෙන්න ඉඩ දෙන්නයි.. ඒත් මියුරුව දකිද්දි මට පාලනය කර ගත නොහැකි වුණු හැගීම් නිසා සිදුවෙන්න ගිය දේවල් මතක් වෙද්දි ඇති වූ ලැජ්ජාව මට දරාගන්න බැරි තරම්.... මම ඉක්මනටම නැවත වතාවක් ඉස්සරහ ශීට් එකේ ඔළුව තියාගෙන මූණ හංගගෙන හිටියෙ මියුරුට මුහුණ දෙන්න බැරිකමටයි...
මගේ ලගින් කවුරුන් හෝ වාඩි වෙනව දැනෙද්දි මම තව ටිකක් මුහුණ හංගගත්තෙ කර ගන්න දෙයක් නැති කමටමයි...
"දැන් ලැජ්ජද.. ශෝක් හපන්කමක් නෙ කලේ ආදි ඔයා..."
කෙසේ නමුත් ඒ කට හඬේ වෙනසක් දැණුන නිසාම මම ඔළුව උස්සලා බැලුවෙ මියුරුට මොකක් හරි කරදරයක් වෙලාද කියලයි...
"ක්..ක..සුන්.. ඔ..යා..?"
ඔළුව උස්සා බැලූ විට මම දැක්කෙ මගේ ලග මියුරුව නෙවෙයි කසුන් වාඩි වී සිටින බවයි...
"ඔව් ඔව් මං තමයි.. ඇයි අර ගල් මූසලය කියල හිතුවද.. මූටත් ලැජ්ජාවක් නෑනෙ.. අනුන්ගෙ කෙල්ලොන්ව ඉඹින්න යන්න.."
කසුන් මියුරුට බැන්නෙ මහ කැත විදිහට...
"මොකක්ද කියන්නෙ.. මිනිස්සුන්ට ගරු කරල කතා කරන්න ඉගෙන ගන්න.. අනික මොකක්ද ඔය අනුන්ගෙ කෙල්ලො කියල කියන කතාව.. කසුන් ඔයා එකක් මතක තියාගන්න.. මම ඔයාගෙ වෙලා හිටියෙත් නෑ වෙන්නෙත් නෑ.. එහෙම හීනයක් තියෙනවනම් හිතින් අතෑරගන්න.."
මියුරුට කතා කරපු විදිහට මට කසුන් ගැන ඇති වුණේ ලොකු තරහක්..
"ඔයා මට කැමැත්තෙන් හිටියා ආදි.. අන්න අරූ තමයි ඔයාව උගේ පැත්තට හරව ගත්තෙ.. ඔයා මගේ වෙනවමයි.. තේරුණාද.. මම උෟ එක්ක බලාගන්නම් හැමදේම.."
කසුන් මගේ ලගින් නැගිටලා ගියේ තර්ජනය කරමින්... ඒත් මියුරු පේන්න හිටියෙ නැති නිසාම මම සීට් එකෙන් නැගිටල හෙව්වෙ එයාව..
අනේ... එයා ඉස්සරහ ෆුට් බෝඩ් එකට වෙලා යනව.. මගේ මූණ බලන්න ලැජ්ජ හිතිලද.. නැත්තම් මම මහ ජරා කෙල්ලෙක් කියල හිතිලද.. අයියෝ මම ඉක්මන් වුණා වැඩිද මන්දා.. ඒත් මට දැණුනනෙ එයාගෙන් ආදරයක් මං ගැන.. එයා බොරුවක්ද කලේ.. පවනිටද ආදරේ එතකොට එයා.. නැත්තම් මං ගැන ආදරේ හංගන් ඉන්නවද...මගේ හිත තිබුණටත් වඩා ප්‍රශ්න ගොඩක අතරමං වුණා... මේ හැමදේම විසදගන්නව.. එයාට සොරි කියනව.. ආපහුනම් ඔහොම පාලනයක් නැති වැඩ කරන්නෙ නෑ.. ඒත් එයාව යාළු කරගන්න මොනව හරි කරනවා.. දැනට ඉවසනවා.. මට එයාව ඕන කොහොමත්....
දීර්ඝ ගමනක අවසානය අපි නැවත වතාවක් අපේ ගෙවල්වලට පැමිණීමයි.. කාටවත් ලොකු කරදරයක් නොවී නිරුපද්‍රිතව එන්න ලැබීම සතුටක්.. ඒ වගේම බස් එකෙන් බැහැල යනකොටවත් මියුරු මගෙ මූණවත් බැලුවෙ නෑ.. පපුව ඇවිලෙන තරම් වේදනයි මට.. එයාට මං ගැන තිබ්බ ගෞරවයත්, ෆ්‍රෙන්ඩ්ශිප් එකත් නැති වෙලාද.. නුවරඑළිය ට්‍රිප් එකෙන් මතක ගොන්නක් පොදි ගහගෙන ආයෙම ගෙදරට ආවත් මතක ගොන්නෙ තිබ්බ සමහර මතකයන් පපුවට ගින්නක් ඇවිලෙව්වෙ මට මියුරු එක්ක තිබ්බ හිතවත්කමවත් නැති වුණාද කියල මතක් වෙද්දියි.... හෙට ස්කූල් යන්න තියෙන නිසාම ඇවිදලා මහන්සි නිසත්, එන්නත් රෑ වුණු නිසා වොශ් එකක් දාගෙන ඇඳට වැටුණ ගමන් නින්දගියත් හිතේ තිබ්බෙ හෙට ස්කූල් එකේදි මියුරුගෙ මූන බලන්නෙ කොහොමද.., එයා මං ගැන මොනව හිතනව ඇද්ද කියලයි....
................................................................................
*කතාවෙ 13 පිටුවත් පෙරලන්නම් ඔය විදිහට.. කෙල්ල කරපු දේට කොල්ලට අවුල් ගිහිල්ලද.. කොල්ලා කෙල්ල ගැන වැරදියට හිතනවද නැත්තම් කොල්ලට කෙල්ලව එපා වෙලාද.. ට්‍රිප් එකේ අවසන් වෙලා එද්දිවත් මියුරු ආදි දිහා බැලුවෙ නෑ.. වෙච්ච දේවල් පවනිත් කසුනුත් ඇස් දෙකෙන්ම දැකලා.. ඉතින් එයාල මේ දේට විරුද්ධ ව මොකුත් නොකර ඉදී ද.. හෙට ස්කූල් ගිහින් ආදි මියුරුට කොහොම මුහුණ දේවිද.. ආදිගෙ කුළුදුල් ආදරේ හිත ඇතුලෙම මැරිල යයිද.. නැත්තම් ආදි දිනයිද.. ඊලග කොටසෙන් විසදගමු.. දිගටම ඉන්න කතා පියස එක්කම..*
Dilru