ආදිත්‍යා
ආදරය වෙනුවෙන් කැපවුණු දඟකාරියකගේ කතාව
*හත්වන පිටුව*
"ඔව් නංගි.. පට්ට අවුල් අපි සෙට් එකටම.."
"මොකක්ද එතන මම නිසා වුණේ කියන්න අක්කෙ.."
පටලැවිල්ල තවත් ඉවසන්න බැරුවම මම උස් හඬින් ඇහුවෙ ඒ තරම්ම හිත නොසන්සුන් නිසයි..
"අපේ චිරන්තයා එදා ඔයා මියුරුව බේරගන්න ඉදිරිපත් වුණ වෙලේ ඉදන් ඔයා එක්ක තරහින් හිටියෙ.. ඒත් දැන් ඒ වෙෙරය මොකක්දෝ හේතුවකට ආදරේකට හැරිලා.. ඒත් ඒ හොඳකට නම් නෙවෙයි.. මම දන්නවනෙ ඕකා ගැන.. කෙල්ලො කී දෙනෙක් නම් ඕකා පස්සෙ ඇවිත් ඕකා උන්ගෙන් ප්‍රයෝජන ගත්තද.. ආදරේ කෙසේ වෙතත් ඌ ඔයාගෙ ලස්සනට තමයි පස්සෙන් එන්න.."
අක්කා එවලෙ කිව්ව කතාවට ඔක්කොටම වඩා පුදුම වුණා මම.. එයාගෙ හිතේ මං ගැන එහෙම හැඟීමක් විශ්වාස කරන්නත් බෑනෙ..
මොකක්ද.. එයා මං ගැන එහෙම හිතනවා..?
"ඔව් නංගි.. මම ඇත්ත කියන්නෙ... එයා ඔයා දිහා බලන්නෙත් හරි අමුතු විදිහට.. ජරා කොල්ලෙක්.. කොහෙද ඉතින් ඌට විරුද්ධ ව අපිට කතා කරන්න බෑනෙ.. කතා කරපු එකාටත් වෙච්ච දේ පේනවනෙ.."
අක්කා අවසාන වචනය කිව්වෙ තරමක් හෙමින්..
"මො..කක්ද.. ඒ කතාව.. අවසානෙට කිව්ව කතාවෙ තේරුම මොකක්ද අක්කෙ.."
සඳුනිත් මමත් එකම ප්‍රෙහෙලිකාවක එකම තැනක සිරවී නතර වී සිටින බවක් තේරුණා මට එවලෙ..
"ඔව් නංගි.. අර අහිංසකයා ගුටි කෑවෙ ඔයා නිසා.. ඔයාට මතකද කැන්ටින් එක ගාවදි අද චිරන්ත ව හම්බුණා.. එවලෙ උෟ ඔයාට කතා කලේ එදා වුණ දේට තරහක් නෑ එහෙම කියලා... ඊටපස්සෙ ඔයා යනකම් ඉඳලා මහ කැත විදිහට ඔයා දිහා බලාගෙන අනිත් අපත සෙට් එකත් එක්ක ජරා විදිහට ඔයා ගැන කතා කලා.. කෙල්ලෙක් වෙලා මට ලැජ්ජයි නංගි උඹට ඒවා කියන්නත්.. "
තරමක කලකිරීමකින් කතා කරපු අක්කා යම් කතාවකට මුල පුරන බවක් මම දැක්කා.. අද ස්කූල් එකේදි සිදු වුණ මතකයක් එයා ආවර්ජනය කරන්න වුණා...
"අර බලහන්කො බං.. ගැස්සිල්ල.. පට්ට ශේප් ඇඟක්නෙ තියන්නෙ.. උකුල නිකම් තොටිල්ල වගේ.. අම්මෝ දැක්කත් ආස හිතෙනවා ඒ රූපෙ.."
"මොනවද මචං චිරන්තයා උඹ කියන්නෙ ඔය.. උඹ ඒකිට ලව් කිව්වා නේද.. සිරාවටම.."
"මං කාටද අඩෝ සිරා ලව් කලේ.. ඒ ෆිගර් එක මාව පිස්සු වැට්ටුවා.. කුළුදුල් හිමිකාරයා මම උණාම ඇති මට ඒ ෆිගර් එකෙ.. ඊටපස්සෙ උඹලට ඕනි එකක්.. මාව නොගෑවෙන්න.."
චිරන්තගෙ පහත් ආකල්ප ඉදිරියේ ඒවටම සරිලන යාළුවෝ රැලකුත් හිටියා ඒ දෙවල්වලට උල්පන්දම් දෙන..
"අනිවා අනිවා..අපිටත් ඉතින් උඹේ පිහිට තමා චිරන්තයා.."
"කෙල්ලෙක්ට ඔය විදිහට අපහස කරන්න උඹලට ලැජ්ජ නැද්ද ආ.. මෙතන ඉන්න එකෙක්ටවත් අක්කලා නංගිලා නැද්ද.. අඩුම තරමෙ බිහි කරපු අම්මටත් නින්දාවක් නේද.."
"අම්මටසිරි මේ අර එදා බඩගාගෙන ගිය එක නේද.. උඹට කොහෙන් ආපු හයියක් ද පර බල්ලො ආහ්.. තොට එදත් මම කිව්වා මට නෝට් වෙච්ච එකෙක් මම ලේසියෙන් අතාරින්නෙ නෑ.. එහෙම තියෙද්දිත් තෝ අදත් පාර්ට් දානවද හු..## ආහ්.."
"පාර්ට් නම් දාන්නෙ නෑ අයියෙ.. එදා මම කිව්වෙත් ඇත්ත, අද කියන්නෙත් ඇත්ත.. කෙල්ලෙක්ට ඔහොම අපහස කරන්නෙපා.. ඒ කෙල්ල මට මොන විදිහට සැලකුවත් ඔයාට වරදක් කලේ නෑනෙ.. ඔහොම කෙල්ලොන්ගෙ ඇඟට කෙල පෙරන, ආශාවල් පස්සෙ දුවන, තමන්ගෙ වැඩේ කරගෙන කෙල්ලෙක්ව අසරණ කරලා දාන එක පිරිමිකම කියලා හිතනවනම් ඒක පිරිමින්ටත් ලැජ්ජාවක්.. ඕකට කියන්නෙ පිරිමිකම නෙවෙයි.. බලුකම.."
"තෝ මොකක්ද බල්ලො කිව්වෙ.. තොට කොහෙන්ද එච්චර හයියක් මට බල්ලෙක් කියන්න ආ..තෝ කොහෙම කිව්වත් මම ඒකිව වෙන් කරලා ඉවරයි.. හොඳින් හරි නරකින් හරි මට ඕනි දේ මම කරගන්නවා අද මම තෝව ඉතුරු කරන්නෙ නෑ.."
"ආව්.."
"ඒ චිරන්තයා අතෑරපං ඕකා මැරෙයි.."
"අනේ චිරන්ත අතාරින්න හලෝ.."
😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔
"ඔන්න ඕකයි වුණේ නංගි.. චිරන්ත වගේ බල්ලෙක්ට දෙයක් ඕන වුනොත් ඕනිමයි.. හොඳින් හරි නරකින් හරි.. උඹ පරිස්සම් වෙලා ඉදපං.. මමත් කියවන්න ගිහින් මටත් බැන්නා ඔයාට කිව්වොත් මටත් ස්කූල් එන්න දෙන්නෙ නෑ කියලා.. අනේ මම කිව්ව බවක් අඟවන්නවත් එපා.. දන්නවනෙ හැටි.. මට දුක අර කෙල්ලා ගැන.. පව් අහිංසකයා..නිරපරාදෙ ගුටිකෑවා. අපි නොහිටින්න දැනටමත් මැරිලා ඒකා.."
අක්කගෙ දීර්ඝ පැහැදිළි කිරීම හමුවේ මට ඉබේටම සඳුනිගෙ අතින් ඇල්ලුනේ ඉන්න තැනවත් අමතක වෙද්දි...
"මො..ක..ක්..? එයා ගුටි කෑවෙ මං වෙනුවෙන් ඉදිරිපත් වෙලාද.. එයා එවලෙ චිරන්ත ගැන දැන දැනම මට අපහස කරපු එකට විරුද්ධ වෙලාද මේක වුණේ අක්කා.."
කොලුකාර හිතක් තිබුණත් මගෙ ඇස්වලට කඳුළු ඉනුවේ හදවත ඒ තරම්ම සංවේදී වූ නිසයි...
"ඔව් නංගා.. මහ පුදුම කොල්ලෙක්..ඇත්ත වෙනුවෙන් ඉදරිපත් වෙන්න බය නෑ.. බය කියන එක ගෑවිලාවත් නෑ ඒකට.."
"අනේ මම අමාරුද අහුවෙවත් නෑ එයාට.. බැන ගියා මිසක්.. තව කිව්වා ස්කූල් එකේ පරණ අය කියන ඒවා අහන්න ඕනි.. කියන ඒවා කරන්න ඕනි,, ගරු කරන්නත් ඕන කියලා.. බලන් යද්දි පරණ එවුන් අපිටම මඩ ගහද්දි අලුතෙන් ආව කෙනෙක් විරුද්ධ වෙලා තියෙන්නෙ.. මැරෙනකම් ම බඳින්න කොල්ලෙක් නොලැබුණත්.. ලෝකෙටම ඉන්න එකම කොල්ල චිරන්ත වුණත් මම එයාට නම් කැමති වෙන්නෙ නෑ.. එයා මට මොනව හරි කරන්න හිතන් ඉන්නවනම් ඒක හීනයක්.. "
චිරන්ත වැන්නවුන් පිලිකුල් කල යුතුයි.. ගැහැණියකට ගරු නොකරන කෙනෙක් ලග කිසිම දවසක සහෝදරියකට වත් ආරක්ෂාවක් නෑ.. චිරන්ත ගැන කේන්තියකුත් වගේම මියුරු ගැන ලොකු දුකකුත්, නිහතමානී ආඩම්බරකමකුත් ඇති වුණා මට..
"අඩෝ ඔව් බං.. උඹ අද අරූට කතා කලේ වැරදි විදිහට.. කිසි මනුස්සකමක් නෑ වගේ බැන්නා.. බෙහෙත් දාන්නද අහනවා ඇරෙන්න.. ඒකට පවනි.. දැක්කෙ හෙල්ප් කරපු හැටි අපිවත් මගෑරලා උෟට.. ඒකි ලකුණ දාගත්තා.. මටනම් ලැජ්ජයිත් එක්ක බං.."
සඳුනි කතා කලේ තරමක පසුතැවීමකින්.. සත්තමයි.. මටත් දැන් ලොකු ලැජ්ජාවක්, කණගාටුවක් පසුතැවීමක් දැනෙනවා.. එවලෙ නොබැන උදව් කලානම් මම වෙනුවෙන් ඉදිරිපත් වුණ එකට ණය වෙන්නෙ නෑනෙ මං.. මගේ හිත මටම බැන වැදුණා.. වැරදි මම මයි කියලා...
"ඔව් නංගා.. එයා වැරදි නෑ.. අනේ මේ දෙවල් මම කිව්වා කියලා චිරන්තට දැනගන්න දෙන්නෙපා.. මට බෑ උෟ එක්ක හැප්පෙන්න.. පරිස්සමෙන් වැඩ කරන්න නංගි.. මම යනවා.. බායි.."
"හරි අක්කා.. අනේ තෑන්ක්ස් මට කිව්වට මේ දේවල්.. ඔයාට වරදක් වෙන්න දෙන්නෙ නෑ මං.. බය වෙන්නෙපා.. ඔයත් පරිස්සමෙන් බායි.."
සියලු දේ දැනගෙන අක්කට සමු දුන්නත් මගේ හිත තවමත් කලකිරීමෙන්.. ඊටත් වඩා කාටවත්ම සෙකන්ඩ් වෙන්න කැමති නෑ මං.. ඒත් දැන් වැරැද්ද වෙලා තියෙන්න මගේ අතින්..
"දැන් මොකද සඳුනි අපි කරන්නෙ.. ලැජ්ජයි බං මට.. මූණ දෙන්නෙ කොහොමද මියුරුට.. ඊටත් වඩා අවුල චිරන්ත අයියා.. ශික් මං දිහා බලලා තියෙන්නෙ මහ කැත විදිහට.."
"අනේ ඔව් බං.. අපිට මියුරුගෙන් කොහොමද අහන්නවත් තිබ්බෙ.. ඒත් උෟත් හෙන රෙස්පට්නෙ බං.. චිරන්ත අයියා මහ වල් බං.. කෙල්ලො කී දෙනෙක්ගෙන් ඕකා ප්‍රයෝජන ගත්තද බොරැවට යාලුවෙලා.. මියුරු උෟ ගැන දැන දැනත් ඉදිරිපත් වෙලා.. ගුටිත් කාලා උඹ බනිද්දිත් ඒ ගැන නොකියා හිටියා..හොඳ හැදිච්ච පවුලක හැදිච්ච මහත්මා ගති තියෙන කොල්ලෙක් ඒ.. අපි මොක්කුද බං ඒකා එක්ක.. දැන් ඉතින් සොරි කියලවත් කියමු..තෑන්ක් කියලත් කියමු.."
සඳුනිත් මමත් කතා වුණේ මේ වුණ දෙයින් හිත සනසගන්න මාර්ගයක්.. කාගෙවත් ලග ඔළුව පහත් කරන්න අකමැති වුවත් මං වෙනුවෙන් ඒ තරම් එඩිතරව ඉදිරිපත් වෙලා කතා කරලා චිරන්තගෙන් ගුටිත් කාපු මියුරු ලග බැගෑපත් වෙලා සමාව අයැද්දට දුකක් නෑ.. මොකද එයා හොඳ ගතිගුණ තියෙන නිර්භීත කෙනෙක්.. මාව චාටර් කලත් කමක් නෑ.. සොරි කියනවා.. මං වෙනුවෙන් කතා කලාට තෑන්ක්ස් කරනවා..මම අවසානෙදි හිතත් එක්ක පොර බැදලා තීරණය කලේ එයාගෙන් සමාව ගන්නයි, එයාට තෑන්ක් කරන්නයි..
"මම එයාගෙන් සමාව ඉල්ලනවා බං ඔන්න ඔහෙ කමක් නෑ.. මං වෙනුවෙන් කතා කලාට තෑන්ක් කරනවා තව.. ලැජ්ජ වෙන්න වෙන්නෑනෙ.. කොහොමත් සොරි නොකිව්වොත් මගෙ හිත මට සමාවක් දෙන එකක් නෑ.. "
"ඔව් ආදි.. හෙට මල් පොකුරකුත් අරන් යමු ස්කූල්.."
සඳුනිගෙ යෝජනාවට මම ඉදිරියට තිව්ව අඩියත් පස්සට අරගෙනයි නැවතුණේ..
"මොකක්.. මොකටද මල් පොකුරක්..??"
මම ප්‍රශ්න නැගුවේ විශ්මයෙන්..
"ඇයි බං හරකියේ.. උෟ උඹ නිසා එච්චර ගුටිකාලා තියෙද්දි නිකම් ලගට ගිහින් ඔයා මං ගැන චිරන්ත අයියා නරක විදිහට කියද්දි ඉදිරිපත් වෙලා බැන්නා.. තෑන්ක්ස් ඔයාට.. අනික අමාරුද අහන්නෙත් නැතුව මමත් බැන්නා ඒකට සොරි,, එහෙමද කියන්නෙ.. ගහෙන් ගෙඩි එන්න වගේ එහෙම කියනවද බං.. ඊට වඩා පිලිවෙලයිනෙ මල් පොකුරක් අරන් ගිහින් තෑන්ක් කරලා,, සමාව ඉල්ලලා දෙන එක.. "
මට අයිඩියා නාවට සඳුනිගෙ මොලේ කියන්නෙ දෙයක් වුණාම විසදගන්න අයිඩියා ගේන නැවක්.. ඒකනෙ ඒකි මගේ ගජයා වුණෙත්..
"අම්මෝ.. උඹේ මොලේ මොළයක් නෙවෙයි.. මොළ ගේන නැවක් බං.. තෑන්ක්ස් හොඳේ.. අද ක්ලාස් පැත්තක දාපං.. අපි මල් පොකුරකුත් අරගෙන ප්‍රැක්ටිස් කරමු.. සොරි කියන්නයි,, තෑන්ක් කරන්නයි..."
අවසානෙදි අපි ක්ලාස් ගමන නතර කරලා මල් පොකුරක් අරන් එයාට සොරි කියලා තෑන්ක්ස් කරන විදිහත් ප්‍රැක්ටිස් වෙන්න තීරණය කලා.. ෆ්ලවර් ශොප් එකකින් මල් පොකුරකුත් අරගෙන අපි කොෆි ශොප් එකකට ගියේ එදා ක්ලාස් යන්න ගෙදරින් දීපු සල්ලි මගේ සමාව ඉල්ලිල්ලටයි, සොරි කියවිල්ලටයි වියදම් කරලයි.. ඇත්තටම වැරදි කරනවා වගේ නෙවෙයි සමාව ඉල්ලන එක වැරදි කරනවට වඩා මාර අමාරුයි කියලා තේරුණේ අදයි මට...
අපි කොෆි ශොප් එකට යද්දි පාර අයිනෙ ගොඩක් කට්ටිය එකතු වෙලා ඉන්නවා අපි දැක්කා.. එයාලා මොකක්දෝ දෙයක් රසවිඳින බවක් තේරුණා.. පන්තිත් හවස් වෙනකම් තියෙන එකේ වෙලාවත් තව ඉතුරු වෙලා තියෙන එකේ අපි තීරණය කලා.. එතන වෙන්නෙ මොකක්ද කියලා බලන්න..
සෙනග අතරින් එහෙන් මෙහෙන් රින්ගලා අපි දෙන්නා ඉස්සරහටම ආවෙ වෙන්නෙ මොකක්දෝ කියා සැක හැර දෑසින්ම දැකගන්නයි.. ඉස්සරහටම ගියපු අපි දෙන්නා දැකපු දෙයින් සඳුනිගෙත් මගෙත් ඇස් ලොකු වුණේ අපි දෙන්නම මවිතයෙන් මවිතයට පත්වූ නිසයි.. සඳුනි මගෙත්, මම සඳුනිගෙත් මුහුණට මුහුණ බලාගත්තේ එක්වරමයි.. මගේ අතේ තිබූ මල් පොකුර එක ක්ෂණයකින් බිහ වැටෙන්න යද්දි එය නතර කර අල්ල ගත්තේ සඳුනියි..........
ඉදිරියට.....................
................................................................................
*කතාවෙ හත්වන පරිච්ඡේදයත් පෙරලුණා... චිරන්තගෙ පහත් අරමුණු, පහත් සිතුවිලිවලට එරෙහිව කතා කරපු නිසා මියුරු චිරන්තගෙන් පහර කෑමට පවා ලක්වෙලා.. ආදිත්‍යාත් කලේ මියුරුට බැන්න එක.. දැන් ආදිත්‍යා ඒ කරපු දේ ගැන ලැජ්ජාවෙන් පසුතැවිල්ලෙන් ඉන්නෙ.. සඳුනිගෙ අයිඩියා එකක් මත මල් පොකුරකුත් අරන් සමාව ඉල්ලලා තෑන්ක් කරන්න තීරණය කලා ආදිත්‍යා.. ඉතින් මියුරු ආදිට මල් පොකුර පිළි අරන් සමාව දෙයිද.. ඔය අතරෙදි උන්හිටි තැන් අමතක වෙන්න තරම් සඳුනි සහ ආදි සෙනඟ අතරෙ මොනව වෙනවද දකින්න ඇත්තෙ.. කතාව පරක්කු වෙනවට සොරි කියනවා.. මල් පොකුරක් පස්සෙ එවන්නම්කො.. 😁😁😁 සමාව දෙන්න හොඳේ.. අපි බලමු ආදි සමාව ඉල්ලන්නෙ කොහොමද, ඊටත් කලින් පුදුම වෙන්න දැක්කෙ මොකක්ද කියලා.. ඊළග කොටස ඉක්මනට ගෙන්නම්.. කතාව ලස්සන වෙයි ඉදිරියට.. දිගටම ඉන්න කතා පියස එක්කම....*
Dilru