Pages

Tuesday, July 28, 2020



ආදිත්‍යා

ආදරය වෙනුවෙන් කැපවුණු දඟකාරියකගේ කතාව

*හයවන පිටුව*

" ආහ්.. මේ මට ඔයාට වඩා පොඩ්ඩයි අඩු.. 72ක් තිබ්බා.."

කියන්න දෙයක් නොතිබුණම තැන මමත් කිව්වා නම්බුව රැක ගන්න බොරුවක්..

"72ක්.. මම දැක්කා යස 72 ඒක.. තව තිහක් එකතු කරන්න ඕන මම දැක්කා 42 නෙ.."

කියපු බොරුවත් එලිපිට අහුවෙද්දි  දෙන්න උත්තර නැති තරමට අසරණ වුණා මම එවලෙ..

"ම්..මෙ.. ඔ..ඔ..යා.. ද..න්..නෙ.. කොහො..මද.. ඒක..."

"මගෙ එහා පැත්තෙ හිටපු බෝයි තමයි ඔයාගෙ පේපර් එක මාර්ක් කලේ.. මට හිතුණා නම දැක්කම.. ඔයා වෙන්න ඇති කියලා.. කට තිබ්බට වැඩ නෑනෙ.. පාස් එක දාගෙන තියෙන්නෙත් අමාරුවෙන්.."

දෙවියනේ හතර විලි ලැජ්ජයි මට.. මේකා මාව අද අන්තෙටම පල් කරනවා වගේ...

"අනේ මේ.. මේකනෙ ෆස්ට් එක්ස්ඈම් එක.. බලනවා නෙක්ස්ට් පේපර් එකට මම තමුසෙව පාස් කරලා මාර්ක්ස් ගන්නවා. ඔන්න බලනවකො.."

ලැජ්ජාවෙන් බේරෙන්න ඊලග පාර ටෙස්ට් එකේ එයාට වඩා මාක්ස් ගන්නවා කියලා මම චැලේන්ජ් කලා.. දැන් මට හැමදේටම වඩා ඉලක්කයක් තියෙනවා.. ඒ කොහොම හරි මම මියුරුව පරද්දනවා කියන එකයි...

................................................................................

"ආහ් නංගි කොහොමද.. සැපෙන් ඉන්නවා නේද.."

චිරන්ත අයියගෙ අමුතු කතාවට මම වටපිට බැලුවෙ කවුද කියලයි..

"ආහ්.. මේ ඔයාද.. මම හොඳින් ඉන්නවා.."

මම උත්තර දුන්නෙ හිනාවෙලා..

"සුදු ගවුමට ඔයා හෙන හැඩයි නංගි.. එදා මම ඔයාට බැන්නට සොරි ආ.. "

එයා එහෙම කිව්වෙ අමුතු බරල්මක් දාලා.. තවත් මෙතන රැදෙන එක නුසුදුසුයි කියලා දැනුනෙ එතකොටයි..

"ඒක මම ගණන් ගත්තෙ නෑ අයියෙ.. මම යන්නම් එහෙනම්.."

එයාලව මගෑරලා යන්න මාර ගේමක් දුන්නෙ සඳුනි, පවනියි මායි..

"ඒක නෙවෙයි බං.. මේ පාර බාලදක්ෂ එකේ අපි මොකක්ද ප්ලෑන් කරන්නෙ.. ස්කූල් එකට දෙයක් ඉතුරු කරලා යන්න එපැයි.. කෑම්ප් එකක් ඕගනයිස් කරමුද.."

ස්කූල් එකේ බාලදක්ෂ ටීම් එකේ පරණම සාමාජිකයො අපියි.. නොයෙකුත් ක්‍රියාකාරකම් එක්ක අපි මේතරම් දුර ආව එක ගැන ආඩම්බරයි.. අපේ ස්කූල් එකට අපේ බාලදක්ෂ ටීම් එක ලංකාවෙන්ම පලවෙනි සහ ක්‍රියාකාරීම ටීම් එක විදිහට රන් සම්මානයක් දෙන්න අපිට පුළුවන් වුණා..

"අර බලන්නකො.. මියුරු තුවාල වෙලා.. ශර්ට් එකේ කුණුත් ගෑවිලා.. ලේත් ගලනවා..අදත් මොකක් හරි අවුලක් දාගෙන වගේ.. යං බලන්න.. "

මගේ ලග ඉදන් ජනේලෙන් කොමර්ස් එක පැත්ත බලන් හිඳිමින් පවනි කියද්දි අපි හැමෝම අපේ කතාව නතර කර ඉක්මනටම බැලුවේ කොමර්ස් එක පැත්තයි..

"යකෝ උඹ දකින දේවල්.. ඇත්ත තමයි.. තුවාල වෙලා වගේ.. යමංකො කෝකටත් දෙකක් කියන්නම්කො මං.."

අපි සෙට් එකම ගියේ කොමර්ස් එකට..

"ආහ් මිස්ට.. අදත් කාලා තියෙන්නෙ හොඳට.. මේ ස්කූල් එකේ ඉන්නවනම් පරණ අය කියන දේවල් අහන් ඉන්න ඕනි.. ආව දවසෙ ඉඳන් මේකෙ ඉන්න එවුන්ට රෙස්පට් පෙන්නුවනෙ.. දැන් ගුටි කකා ඉන්නවා.. මේ ස්කූල් එකේ කෙනෙක් දෙයක් කිව්වොත් ඒක අහන් ඉන්නවා.. ගරු කරනවා.. අදත් මොකක් හරි පණ්ඩිතකමක් කියවන්න ඇති.. යස වැඩේ මෙහෙ ඉන්න අයට සද්දෙ දාන්න යනවට.."

සිදු වූ දේ අහන්න දෙයක් නෑ.. අදත් චිරන්ත එක්ක අවුලක් දාගන්න ඇති කියලා මම උපකල්පනය කලේ කොහොමත් චිරන්තට මෙයාව හොඳටම නෝට් නිසයි.. අමාරුද, මොකද වුණේ කියන දේ දැන ගන්නවට වඩා වෙච්ච දේ කෙසේ වෙතත් පලියට පලියක් ගන්න බැන්න එකනම් කලා මම..

"අනේ ඔහොම බනින්නෙපා බං.. උඹ කරන්නෙ ගහෙන් වැටුණු එකාට ගොනා අනිනවා වගේ වැඩක්නෙ.. පව් බං තුවාල වෙලා හොඳටම.. ලේත් එනවා.. කටිනුත් එක්ක.. තවත් බනින්නෙපා පව් බං.."

පවනිගෙ ඇස්වල තිබුණෙ හැංගුණු ලොකු දුකක්.. කොහොමත් ඒකිටනම් පොඩි දේත් ඇති සංවේදි වෙන්න..

"අනේ මේ උඹට දුකනම් නලෝපං.. බෙහෙත් ටිකක් එහෙම ගාලා.. මටනම් එහෙම අමාරුවක් නෑ.."

කිසි දුකක් නැති විදිහට කතා කලත මගේ හිත ඇතුලෙත් පුංචි හෝ දුකක් නොතිබුණාම නෙවෙයි.. ඒත් අලුතෙන් ඇවිත් පරණ අය කියන දේ නාහනවට හොඳ පාඩමක් ඕක.. දැන්වත් හැදෙන්නෙ නැතැයි.. මම තනියෙම හිතුවෙ ඒ ගැනයි...

"අනේ ඔව් පවනි.. උඹට මූ ගැන රුදාව තිබ්බට මගෙ ආදි ට නෑ.. උඹ ඕනි එකක් කරගනින්.. අපි යනවා.."

කසුනුත් මැද්දට පැන්නෙ මම එයාගෙ බව හඟවමින්.. ඒ වචනෙට මට කේන්ති ගියත් මම ඒක ඇත්ත විදිහට කට වහගෙනම හිටියෙ මියුරුට දැනෙන්නයි.. හැබෑටම මට කොල්ලෙක් හිටියත් නැතත් ඒක මොකටද මෙයාට අඟවන්නෙ.. එයාට රිදෙන්න වැඩ මම මොකටද කරන්නෙ.. මගේ හිත මම එක්කම තර්ක කරද්දි අපි එතනින් පිටවුණේ මම නැවත වරක් පිටුපස හැරී මියුරු දිහා ඉබේටම බැලෙද්දියි.. පවනි අපි දිහා දුකෙන් බලන් ඉන්නවා මම දැක්කා එවලෙ.. ඒකිගෙ හිත අපේ හිත් වලට වඩා සංවේදී.. සමහරවිට තුවාල දැක්කම ලේ ගලනවා දැක්කම දුක හිතෙන්න ඇති.. ඇත්තටම මම ඇයි මියුරු එක්ක රණුඩුවටම යන්නෙ.. වරදක් කලේ නෑනෙ.. උපදෙස් දුන්නා ඇරෙන්න.. සමහරවිට මේක ආත්මගත වෙෙරයන් වෙන්න ඇති.. මම එයා එක්ක රණුඩුවටම යන්නෙ.. එයාට සෙකන්ඩ් වෙන්න අකමැති.. ක්ලාස් එකට ආවත් මගෙ ඇස් නිතරම තිබුණෙ කොමර්ස් එකේ.. හිත ඇතුලෙන් මට කරදර කරනවා මියුරුට කොහොමද කියලා දැනගන්න කියලා.. ඒත් නොපසු බස්නා උඩ හිත නිතරම මට කිව්නවා උඹ මොකටද උෟ ගැන හොයන්නෙ වද වෙන්නෙ කියලා..

"අර බලහන්කො බං පවනි.. කොමර්ස් එකේ සෙට් එකත් එක්ක එකතුවෙලා මියුරුවට බෙහෙත් දානවා තරඟෙට.. මේකිගෙ නම් දැන් වෙනසක් පේනවා ලොකු... හොයන්න ඕන.. මේකි ගැන නම්.."
 
සඳුනි පවනි ගැන කිව්වෙ හිනාවෙවී.. හැබෑටම පවනි හරි ඕනෑකමින් මියුරුට බෙහෙත් දානවා බැන්ඩේජ් ඔතනවා.. මූටත් මොකද කෙල්ලෙක් අතින් එහෙම අල්ලනවනම් බෑ නොකියා පාඩුවෙ ඉන්න හැටි.. බලන් යද්දි ගෑනු පෙරේතෙක්ද කොහෙද.. පවනිටත් පිස්සුනෙ.. පවනි මියුරුට බෙහෙත් කරද්දි හිත ඇතුලෙන් අමුතු හැගීමක් මට ආවා.. ඒත් ඒ මොකක්ද කියන එකනම් තේරුණෙ නෑ.. දුකක්ද, තරහවක්ද, නැත්නම් ඉරිසියාවක් වගේ දෙයක්ද.. නෑ.. සමහරවිට මට කේන්ති.. අපිත් එක්ක එකට ඉන්න කෙනා අපේ තරහකාරෙක්ට අපෙන් ගේම ඉල්ලපු එකෙක්ට කිසි ලැජ්ජාවක් නැතුව බෙහෙත් කරද්දි... මම හිතුවා එහෙම අන්තිමේදි..

......................................................................

"ඔයාට ගොඩක් අමාරුද.. ඇයි චිරන්ත අයියා එක්ක පැටලෙන්නෙ.. එයා හොඳ කෙනෙක් නෙවෙයිනෙ..දැක්කත් මගහැරලා ඉන්න බලන්න.."

පවනි මියුරුට බෙහෙත් කලෙත් උපදෙස් දෙන ගමන්මයි..

"ඇත්ත කතා කරන්න මම බය නෑ.. ලැජ්ජත් නෑ.. පහු බහින්නෙත් නෑ.."

"අම්මෝ.. ඔයා චන්ඩියෙක්නෙ.. කෝ කටින් ලේ එනවා.. මේ මගෙ ලේන්සුව මේකෙන් පිහදගන්න ආ.."

එපා එපා.. කිලිටුවෙයි.. අනික එහෙම හරි නෑනෙ..

"හරි නැත්තෙ මොකද මම කැමැත්තෙන්නෙ දෙන්නෙ.. ඔයා ගන්න..අරන් පිහදගන්න.."

"ම්.. හරි.. මේක මම හෙට එද්දි සෝදලා ගෙනත් දෙන්නම්.. ලේ ගැවුණනෙ.."

"අනේ එපා.. මම සෝදගන්නම් ඔයාට අමාරුයිනෙ.. අනික මට එහෙම අවුලක් නෑ.."

"නෑ නෑ.. ඔයා දුන්න එකම ඇති.. මේක හෙට වෙද්දි සෝදලා දෙන්නම්.. තෑන්ක්ස් හැමදේටව.. මොකක්ද ඔයාගෙ නම කිව්වෙ.."

"පවනි.. මම පවනි.. "

"ආහ්.. තෑන්ක්ස් පවනි.. ඔයා කරපු උදව්වලට.. ඔයාගෙ අනිත් යාළුවන්ට වඩා ඔයා ගොඩක් වෙනස්.. එයාලා බලන්නෙම බනින්න.. බයිට් කරන්න.. ඒත් එයාලා බැනලා ගියත් ඔයා නැවතිලා උදව් කලා.. යාලුවොන්ගෙ කීමටත් විරුද්ධ වෙලා.. තෑන්ක්ස්.. විශේෂ යාලුවෙක් උණාට.. අනිත් අයට වඩා.."

මියුරුගෙ දීර්ඝ වර්ණනාව ඉදිරියේ පවනි හිටියෙ ආඩම්බරෙන්...

"තෑන්ක්ස් ඕනි නෑ මියුරු... ඔයා අනිත් අයට වඩා වෙනස් විදිහට විශේෂ විදිහට මාව දැක්කනෙ.. මාව විශේෂ යාලුවෙක් කරගත්තනෙ.. කෙනෙක්ට කරදරයක් වුණාම අතෑරලා යන්න හිත ඉඩ දෙන්නෙ නෑ මට... අද ඉදන් කාට නැතත් මට ඔයාව විශේෂ යාලුවෙක්.. අනිත් එක ආදි කරන, කියන දේවල් ගණන් ගන්නෙපා.. එයා කටවති සෙකන්ඩ් වෙන්න කැමති නෑ..නැත්තම් එයාගෙ හිත හරි හොඳයි ඕන කෙනෙක්ට ඕන උදව්වක් කරනවා.. ඔයා ආව දවසෙම එයාව අවුල් කලා.. දැන් ඉතින් ඒ ලෙවල් ඉවර වෙනකම්ම ඇරිබස් එකේම ඉඳී.. ඒත් එයා නරකක් කරන්නෙ නෑ කාටවත්.."

"හ්ම්ම්.. අම්මෝ එයා හරි හොඳයි.. මම දැක්කනෙ කතා කරන විදිහ කොල්ලොන්ටත්.. එයාට මම එදා වරදක් කලෙත් නෑ.. අද කලෙත් නෑ.. එයා නිසාම තමයි මට මේ වදිහට මොකක් හරි රිටර්න් එකක් හම්බෙන්නෙ.. මට වැරැද්දක් වෙනවනම් එයා ඒකට කොහොම හරි ගෑවෙනවා.. අනේ මන්දා.. ඒක නෙවෙයි.. අර කසුන්ද කවුද කියන කෙනා ආදිත්‍යාගෙ බෝයි ෆ්‍රෙන්ඩ් ද.. අර කිව්වෙ මගේ ආදි කියලා..

ආදිත්‍යා කිව්ව වචනවලට වඩා බැන්න දේවල් වලට වඩා කසුන් මගේ ආදි කිව්ව එකනම් මියුරුට මතක තියෙනව වගේ..

"අනේ එහෙම එකක් නෑ.. නෑ නෑ.. ඒ දෙන්නා අතරෙ එෆෙයා එක්ක තියෙනවා.. ලොකුවටම නෑ තාම.. ඒ ලෙවල් කරලා මැරි කරයි.. ඔයා ඒක දැනගත්ත එකත් හොඳයි කොහොමත්.. කසුනුත් එච්චර හොඳ කෙනෙක් නෙවෙයි නිසා.."

පවනි එකපාරම කියන්න හදපු දේ වෙනස් කරලා මියුරැට ඇති වුණ සැකය තහවුරු කලා.. ඇත්තටම කසුන් සහ ආදිත්‍යා අතර සම්බන්ධයක් ඇතිවෙලා නෑ.. ඒක කසුන්ගෙ හිතේ තියෙන ඒකපාර්ශ්වික හැඟීමක් විතරයි තාම...සමහරවිට කසුන් ගැන ආදිත්‍යාටත් හැඟීමක් ඇති වෙන්නත් පුළුවන්...

"ඇයි.. ඔයා කලින් නෑ කියලා පස්සෙ තියෙනවා කිව්වෙ.."

පවනිගෙ එකවරම පිලිතුර වෙනස්වීම මියුරුට ප්‍රශ්නයක් නොවුණාම නෙවෙයි..

"මේ.. ඒ..ක..ද.. ඒ.. කසුන් දැන් අවුරුදු ගානක ඉදන් ආදි ගැන හිතන් ඉන්නෙ.. ආදිත් වචනෙ දීලා තිබ්බෙ ඕලෙවල් ඉවරවෙලා ම හිතමු කියලා.. එතකම් කල් ඉල්ලුවේ.. දැන් ඕ ලෙවල් ඉවරයිනෙ.. ඒ ලෙවල් කරලා මැරි කරයි.." 

පවනි ලස්සනට බොරුව ගෙතුවා මියුරුට සැකයක් නොහිතෙන්නම... ඒත් පවනි කරන්නෙ හරි දෙයක්ද කියන එක ලොකු ප්‍රශ්නයක්...

"අම්මෝ එච්චර කලින් මැරි කරන්නෙ ඇයි.. ඒ ලෙවල් කලා කියලා හැමදේම ලැබෙන්නෑනෙ.. ඒ ලෙවල් කියන්නෙ එක කඩඉමක් විතරයි.. ඊටපස්සෙ කොච්චර දේවල් තියෙනවද කරගන්න මැරි කරන්න කලින්.."

ඉක්මක් විවාහය මියුරු දැඩි සේ හෙලා දැක්කා එවලෙ..

"ම්.. ඔව්.. මමනම් කැම්පස් යනවා.. ඔයාට ඉකෝන් හොඳට පුළුවන්නෙ.. මාක්ස් හොඳයිනෙ.. මට උදව් කරනවද..නොතේරන දේවල් කියලා දීලා.."

"හරි.. ඕක සුළු දෙයක් නෙ.. මම උදව් කරන්නම්.. මාත් කැමති ඉගෙන ගන්න උනන්දු ලමයින්ට උදව් කරන්න.. මන් දන්න දේවල් නොදන්න කෙනෙක් එක්ක බෙදාගන්න.."

දෙදෙනාගේ සුහද සාකච්ඡාව පාසලේ දෙෙනික නිමාව වෙන තෙක්ම දුර ගියේ ගෙවෙන වෙලාව හෝ නොදැනෙද්දියි..

ස්කූල් නිමාවලො හවස සිංහල පන්ති යන්න බලාගෙනම සඳුනියි මායි ගෙදර ගියේ.. ලෑස්ති වෙලා ඉක්මනටම ආපහු පන්ති යන්න..  

"මේ ඒ ලෙවල් කියන එකනම් අපේ නිදහස කෑවා සඳුනි.. දැන් බලපං ස්කූල් ගියා ආවා වොශ් එකක් දැම්මා කෑවා දැන් මේ ආපහු යනවා.. හුස්මක් ගන්න වෙලාවක් නෑනෙ.." 

"අනේ ඔව් බං.. කියලා වැඩක් නෑ.. දැන් කොහොමතු හැරෙන්නත් බෑ.. උඹ නිකං ඉන්න බැරුව මියුරැ කාරයට චැලේන්ජ් කලානෙ.. ටෙස්ට්වල දි උෟව පාස් කරනවා කියලා.. උණා නම් දැන් විදෝපංකො.. ඒකෙන් මටත් හැමදාම ක්ලාස් එන්න වුණා.."

සඳුනි මම මියුරුට දුන්න අභියෝගෙත් යතක් කරලා බනින්න උණා.. ඇත්තටම බැරි දේවල් මාත් කිව්වානෙ.. දැන් සෙකන්ඩ් වෙන්නත් බෑ ශික් අප්පා...

අපි ටවුන් එකට ආවෙ කියවිල්ලෙන්මයි..

"ආ මේ.. ආදී නංගි උඹ හම්බුණ එක හොඳයි.. මම ස්කූල් එකේදීත් හෙව්වා පොඩි බඩුවක් කියන්න.."

එකවරම අපිව නතර කරගත්තෙ ඒ ලෙවල් 13 වසරෙ අක්කා කෙනෙක්.. අපි කුතුහලයෙක් එයා දිහා බලන් හිටියෙ..

"මොකක් ගැනද.. ඇයි ඒ හෙව්වා කියන්නකො දැන්.."

මටත් වඩා පුදුම වුනු සඳුනි මටත් කලින් ප්‍රශ්න කලා අක්කගෙන්..

"අද මියුරු චිරන්තගෙන් ගුටි කෑවෙ උඹ නිසා බං නංගි.. පව් මටනම් දුක හිතුණා.."

මොකක්...?? මගෙ කටින් ඉබේම පිටුවුණේ ඒක.. මොන හතර බීරි කතාවක්ද කියලා නොත්රෙන නිසාම සඳුනියි මමයි එකවරම මුහුණට මුහුණ බලාගත්තා පුදුමයෙන්...

ඉදිරියට......

** කතාවෙ තවත් පිටුවක් පෙරලන්නම් ඔය විදිහට..කතාව ගොඩක් පරක්කුයි.. සමාව ඉල්ලනවා හැමෝගෙන්ම.. ඉවසීමෙන් පෙරලමු පිටු අපි.. තරහ වෙන්නෙපා කතාව ලේට් වුණාට.. මාව අතාරින්නත් එපා.. කතාව ගැන කිව්වොත් ඉගෙන ගන්න අරමුණක් නැති ආදිත්‍යාට මියුරුට වඩා ලකුණු ගන්න තරඟයක් ඇති වුණා.. මියුරුට අභියෝගත් කලා.. ඉතින් ආදිත්‍යා ඒ අභියෝග ජයගනීද.. ඒ වෙනුවෙන් මොනව කරයිද..  එහෙන් පවනි මියුරුට ආදිගෙයි කසුන්ගෙයි සම්බන්ධයක් තියෙනවා කියලා බොරු කිව්වා.. පවනි මියුරු ගැන මොනවගෙ හැඟීමකින් ඉන්නවද..මියුරුත් පවනිව විශේෂ යාලුවෙක් කරගත්තා.. ඒ දෙන්නා ලං වේවිද.. මියුරු අද චිරන්තගෙන් හොඳටම ගුටි කෑවෙ ආදිත්‍යා නිසාලු.. මොකක්ද ඒ කතාව.. ආදිත්‍යා ඒකට ගෑවුණේ කොහොමද.. හේතුව දැනගත්තම ඒක ආදිත්‍යා කොහොම වටහගනීද.. මේ කතාව පාසල් කාලෙ තුන් කොන් ප්‍රේමයන් වෙයිද.. නැත්තම් ජීවිත කීයකට බලපෑම් ඇති වෙයිද.. ආදිත්‍යා, මියුරු, පවනි, කසුන් වගේම චිරන්තත් කතාවෙ කොටස්කරුවො වෙලා.. අපි බලමු ඉතින්.. ඉස්සරහට ලස්සන වෙයි කතාව..කතාව පොඩ්ඩක් පරක්කුවෙයි.. අද කොටස ටිකක් දිගයි වෙනදට වඩා.. බෝනස් එක්කම දෙන්නම් පුළුවන් දවසට.. බලන් ඉමු ඉතින් මාත් එක්කම.. ඊලග කොටස දෙනකම්.. ඉක්මනටම එන්නම්.. දිගටම රැදෙන්න කතා පියස එක්කම**
Dilru

No comments:

Post a Comment