Pages

Thursday, July 16, 2020


ආදිත්‍යා
ආදරය වෙනුවෙන් කැපවුණු දඟකාරිකගේ කතාව


* දෙවනි පිටුව*

මේ හලෝ.. ඔයා අලුතෙන්ලු නේද ආවෙ.. කොමර්ස් ලු කරන්නෙ නේද..?"

"හ්ම්ම්..."

ආගන්කුකයගෙ පිලිතුර ඉතාම කෙටි විය..

"අම්මෝ.. මෙන්න.. අපේ ස්කූල් එකට බකමූණෙක් ඇවිත්.. එච්චරයි අඩු වුණේ.. දන්නවද.. අපි එදා ඉදන් මේවයෙ අරක් ගෙන ඉන්නෙ.. අලුතෙන් ආවනම් අපිට සලකන්න වෙයි.."

හෙමින් සැරේ වටින් ගොඩින් කතාවට අල්ලගත්තෙ සඳුනිට ඇහැකුත් ගහලයි..

"ඒ කි..ව්වෙ..?"

කිසි දෙයක් නොතේරෙන ගානට කතා කරද්දිනම් මට යකා නැග්ගා.. එකසිය ගානට..

"අඟහරැවෙන්ද පාත් වුණේ අයිසෙ..?. සිංහල තේරෙන්නෙ නැද්ද. බබා වගේ කතා කරන්නෙ.. ඕකේ.. කමක් නෑ.. කෙලින්ම කියන්නම්කො.. අපිට කොත්තුවක් අරන් දෙනවා..ඒකත් මේ දැන්.."

"ආදී.. සැර වැඩී බං. ඕකා ප්‍රින්සිපල්ට රිපෝට් කලොත්.."

ආගන්තුකයගෙන් ටිකක් සැරෙන් වගේ කොත්තුවක් ඉල්ලද්දි කසුන් මගේ කනට කරලා මතක් කලේ ප්‍රින්සිපල් දැනගත්තොත් කොත්තුව වෙනුවට වේවැල් පාර හම්බවෙයි කියලයි...

"මං ගාව එච්චර සල්ලි නෑ.."

"මොකක්.. අලුත් ස්කූල් එකකට ආවම පරණ අයට ට්‍රීට් එකක් දෙන්න ඕනි කියලා දන්නෙ නැද්ද.."

මගේ ඉවසීමේ සීමාව දැන් ඉක්මවා ගොස්  ඇත..

"එහෙම කරන්නෙ මොකටද.. මං ගාව සල්ලි නෑ.."

"හරි සල්ලිනෙ නැත්තෙ නේද.. මෙතන ඉන්නවා අපේ ආර්ට් එකේ සේරම.. අපිට ඇහෙන්න කියනවා ලස්සනට සින්දුවක්.. ඔයාට 200ක් වියදම් කරන්නනෙ බැරි වුණේ.. දැන් කීයක්වත් වියදම් කරන්න ඕනි නෑ.. සින්දුවක් කියනවකො.."

සල්ලි නෑ කිව්ව තරහටම මම තවත් එයාව මඩවන්න හිතුවෙ පන්තියේ 20 දෙනාම ඉස්සරහ ආගන්තුකයා මාව ලැජ්ජාවට පත් කල නිසයි..

"එපා බං.. පව් මේකා.. ඉස්සෙල්ලා අහපන් නම මොකක්ද.. කොහෙන්ද ආවෙ කියලා..,"

පවනි එයා ගැන විස්තර දැනගන්න අයිඩියා එක මගෙ ඔළුවට දැම්මෙත් ඒ මොහොතෙමයි..

"අප්පටසිරි මට අමතක වුණානෙ..  නමවත් දන්නෙ නෑනෙ..ඉදහන් අහන්න.."

පවනිගෙ අයිඩියා එකට මාත් එක පයින්ම කැමති වුණා..

"මේ හලෝ ඔක්කොටම කලින් කියනවා ඔයාගෙ නම.. ආසයි දැනගන්න මේ සපුමල් කුමාරයා කොහෙන් පාත් වුණාද කියලා.. නම මොකක්ද..තවුසෙගෙ.."

"මම මියුරැ ගිම්හාන.."

"ශාහ්.. මියුරැ ගිම්හාන.. ඒ සඳුනි.. ගිම්හානෙ කොහොමද බං මියුරැ වුණේ.. මට දැවෙන ප්‍රස්නයක් ඒ පාර මේක.. එකකට එකක් මැච් වෙන්නෙ නෑනෙ.."

මගේ කතාවට එතන හිටපු සැවොම හිනා වෙද්දි මියුරැගේ මූන ලැජ්ජාවට රතු වෙනව දැක්කා.. අයියෝ මෙහෙම ඇන්දිල්ලක්..

"ඒකට කමක් නෑ.. දැන් අපිට මොනව හරි අරන් දෙනවා.. නැත්තම් සින්දුවක් කියනවා..දෙකෙන් එකක් කරනවා.. "

මගේ වචන ටිකක් රළු වෙද්දි අනිත් හැමෝම නිහඬවෙලයි හිටියෙ.. 

"මගේ අතේ තියෙන්නෙ 120යි.. ඒකෙන් ක්‍රීම් සෝඩා එකක්වත් අරන් දෙන්නම්.. මම සින්දු කියන්න දන්නෙ නෑ.."

"ශාහ්.. ඒකෙත් වරදක් නෑ.. මේ කාලේ ගිම්හානෙනෙ නේ බං.."

මගේ කතාවට හයියෙන් හිනා වෙද්දි නොමිලේ ලැබුණු ක්‍රීම් සෝඩා එක අන් කවරදාටත් වඩා රසවත් ව තිබුණේ අමාරැවෙන් අපි හම්බ කරපු සල්ලි වලින් අරගත්ත වගෙයි.. ඇත්ත තමයි.. ආමාරැවෙන් නේන්නම් මේකත් කඩා ගත්තෙ.. අද ස්කූල් වරැව ගෙවුණේ විනෝදෙන්මයි.. අපි දවස පුරාම හිනා වුණේ කොල්ලගෙ නම මතක් කර කරයි...

"සඳුනි මම පැය බාගෙන් එනවා ලෑස්ති වෙලා ඉදහම්.. නැත්තම් අදත් ක්ලාස් යන්න වෙන්නෙ සර් උගන්නද්දි.."

සකූල් ඉවරවෙලා අපි අමතර ක්ලාස් එකට යන්න සූදානම් වුණේ.. පැය බාගෙන් වොශ් එකක් දාගෙන කාලා අපි ටවුන් එකට ආවෙ ක්ලාස් එකට යන්නයි.. ඒත් බස් හෝල්ට් එකක බංකුවක් මත වාඩි වෙලා හිටපු කොල්ලෙක් ලග අපේ ඇස් නතර වුණේ ඒ මූණ දැකලා පුරැදු නිසාවෙනි...

"ඒ සඳුනි.. අර ගිම්හානෙ නේද බංකුව උඩ ඉන්නෙ.. මොකක්ද දන්නෙ නෑ ප්‍රශ්නෙ.."

"යමං යමං ගිහින් බලමු.."

අපි දෙන්නම ගියේ මියුරැ ගිම්හාන ලගටයි..

"මේ.. කවුද ඔයා.. ආහ්.. මියුරැ ගිම්හාන.. මොකද මෙතන කරන්නෙ.."

මොනව වුණත් ස්කූල් එකට අලුතෙන් ආව කෙනෙක්නෙ.. උදව්වක් ඕන නම් කරන්න අපි ලග මනුස්සකම තියෙන්න එපැයි.. ආතල් එකට මොනව හරි කඩාගත්තට..

"ඇයි අහන්නෙ.. මම මෙතන හිටියම ඔයාට මොකද.. "

කොල්ලගෙ පිලිතුර ඉස්සරහ අපි තරමක් ලැජ්ජ වුණාද කියලා නොහිතුණාම නෙවෙයි.. ඒත් ලැජ්ජ හිතුණත් ඒක හංගලා මැර මූඩ් එකෙන් ඉන්න තරම් කුරිරු හැකියාවක් අපිට තියෙනවා...

"මේ හලෝ.. අපිට වැඩක් නෑ ඔහේ කොහේ හිටියත්..  හෙල්ප් එකක් ඕනද කියලා බැලුවේ මනුස්සකමට.. පුදුම ගණන් කාරෙක්නෙ.. අපිට අදාාල නෑ එව්වා.. ඔහේ කොමර්ස් වුණාට..."

මට පාලනය කරගන්න බැරි තරම් කේන්තියක් ආවෙ එවලෙ..

"මට ගෙදර යන්න සල්ලි නෑ.. ඔහෙලා කෙල්ලොද.. අලුතෙන් ආව පලියට සේරම ඉන්න තැන ලැජ්ජ කරවලා.. තිබ්බ අවසාන සතේට වෙනකම් හින්දලා කොල්ලොන්ගෙන් කඩචෝරැ කඩාගන්න.. ලැජ්ජයි ඇත්තටම සකූල් එකේ නමත් ඉවරයි.."

කොල්ලගෙ වචනවලට ලැජ්ජාවට එහාගිය දුකකුත් ඇතිවුණා අපි දෙන්නටම.. අපි දෙන්නා මූණට මූණ බලාගත්තේ සෑහෙන්න ලැජ්ජාවෙන්...

"හ..රි.. ඉතින්.. ඔහේ මොකටද ඒකට බස් එකේ යන්න තිබ්බ ඒවයිනුත් අරන් දුන්නෙ..   බස් එකට ඉතුරැ කරගෙන ඉතුරැ සල්ලිවල අරන් දෙන්න එපැයි.. පිස්සුනෙ.. ඒත් මොන ස්කූල් එකට අලුතෙන් ගියත් පරණ ලමයින්ට පොඩි හරි ට්‍රීට් එකක් දෙන්න පුරැදු වෙනවා.. කොහේ වුණත් ඒක කරන්න ඕන.. යුතුකමක් විදිහට.. මේ තියෙන්නෙ මහ ලොකුවට අපිට ක්‍රීම් සෝඩා අරන් දීපු සල්ලි.. දැන් යනවා.. හෙට එනකොටවත් අපිට හොඳ ට්‍රීට් එකක් දෙන්න ලෑස්ති වෙලා එනවා.. කුණුකම නැතුව.."

අපිට බීම අරන් දීපු ගාණ ආපහු මගේ අතින් දීලා වෙච්ච නෝන්ඩිය නිසාම අපි තවත් තත්පරයක් හෝ නොයිද එතනින් ගියේ පිටුපසවත් නොබලයි.. ක්ලාස් අවසන් වී ගෙදර ආවත් මට නින්ද යන තුරැම මතක් වුණේ ආගන්තුකයා කිව්ව කතාවයි.
අැත්ත තමයි.. ට්‍රීට් ඉල්ලන්න කලින් ඒ මනුස්සයට ගෙදර යන්නවත්, කන්නවත් සල්ලි තියෙනවද කියලා අහන්න තිබ්බා.. ඒත් ඉතින් දැනගන්න එපැයි පරණ ලමයින්ට ට්‍රීට් කරන්න අලුතෙන් ආවනම්.. මගේ හිත මාත් සමගම තර්ක කලා මුළු රෑම...
හෙට දිනයේ දී අද ටිකකටත් හරියන්න ගන්නම්කො මව එයාගෙන්.. මගෙන් ගියපු 120ට මම 240ක්ම නැති කරන්නම් එයාට...
මගේ හිත අධිෂ්ඨානයක් ඇති කලේ තරහටමයි...

ඉදිරියට.........

..............................................................................


*කතාවෙ දෙවන පිටුවත් පෙරලන්නම් ඔය විදිහට.. ඉතින් ට්‍රීට් ගන්න කොට ඒ කෙනාගෙ පැත්තෙනුත් හිතන්න ඕන.. තව කෙනෙක් බඩගින්නෙ තියලා එයාගෙ මාර්ගෙන් තමන්ට විතරක් දේවල් ලබාගන්න එපා.. දැන් දඟකාර කෙල්ල එයාට ගෙවන්න වුණ ගානට වඩා දෙගුණයක් කොල්ලගෙන් ලබාගන්න මොනව කරයිද.. හෙට දවසෙ කොල්ලා කෙල්ලට කොහොම ට්‍රීට් කරයිද.. කතාව තව ඉදිරියට ලස්සන වෙයි.. ඊලග පිටුවත් කියවමු දිගටම ඉන්න කතා පියස එක්කම..*
Dilru 

No comments:

Post a Comment