Pages

Monday, July 6, 2020



නව කථාවක්

මන්දිරයක සතුට සොයන 
සමනලී
*විසි නව වන දිගහැරැම*

"ම්.. මම කලින් ම ආවා.. නැත්තම් මෙයා මාරැ වෙයි හෙමින් සැරේ.."

සන්දීප් හිනාවෙලා එහෙම කියාගෙනම කාර් එකේ දොර විවර කලා මට නගින්න..

"ම්.. කොහෙද මේ යන්නෙ අපි.."

දැන් ඉතින් යන තැනට යනකම්ම මම අහන එකම ප්‍රශ්නය.. අපි කොහෙද යන්නෙ..

"ඔන්න පටන් ගත්තා.. යන තැනට ගියාම කියන්නම්.. එතකම් ඔය ප්‍රශ්නෙ අහන්නෙ නැතුව ඉන්න.. "

කවදත් වගේ මගේ කුතුහලයට සන්දීප්ගෙන් හරි පිලිතුරක් නම් ලැබුණෙ නෑ..
අපි ගියේ හොටෙල් එකකටයි.. ඒත් හොටෙල් එක ඇතුලටනම් එයා මාව එක්ක ගියේ නෑ.. ඒත් කොහෙද මේ යන්නෙ.. 

"සන්දීප් මේ.."

එකපාම සන්දීප් මගේ ඇස් රෙදි පටියකින් ගැට ගැහුවෙ මගේ කුතුහලය තව තවත් වැඩි කරමින්... 

"ඕක ගලවන්න ට්‍රයි කරන්නෙපා... මගේ අත අල්ලන් එන්න.."

ඇස් වහපු නිසාම මට කිසි දෙයක් නොපෙනන නිසා එයා පරිස්සමට මගෙ අතින්  අල්ලගෙන මාත් එක්කම හෙමින් හෙමින් පියවර ඉස්සරහට තිව්වෙ හරියට පුංචි බබෙක්ගෙ අතින් අල්ගෙන ඇවිද්දවන්න හුරැ කරනව වගෙයි... ඒත් ඇයි මේ.. මෙහෙම දෙයක්..
එකපාරම මාව නතර කරගෙන හෙමින් ඇස් වටේ බැඳපු පටිය ඉවත් කලා.. හෙමින් දෑස් විවර කලේ තවමත් නොවිසඳුනු කුතුහලයකින්...

"දෙවියනේ..."

මගේ කටින් පිට වුණේ එපමණයි... ලස්සනට මල්වලින් පාර දෙපැත්ත සරසලා සුවඳ හමන කැන්ඩ්ල් පත්තු කරලා තිබුණා.. ඉදිරියෙන් ලස්සනට සරසවපු  ටේබල් එකක පුටු දෙකක් විතරක් තියලා තිබුණේ එයාටයි මටයි වෙන්න ඕන.. මේ සුවඳ ඉටිපන්දම් ආලෝකය මැද.. ලස්සන නැවුම් මල් සුවඳත් මුසු වෙලා එන මේ නැවුම් වින්දනයට චමත්කාර හැගුම් පිබිදෙන්නෙ නැත්නම් එය බොරැවක්.. සත්තකින්ම මේ දැනෙන ආදරේ සුවඳ මල් සුවඳටත් වඩා සුවඳ බව තේරැණේ අදයි... ටේබල් එක පුරාම බිම හැමතැනකම එක එක පාට බැලුම් පුම්බලා සුළඟට ඒ බැලුම් ඒ මේ අත දුවද්දි පේන්නෙ පුංචි ලමයි සෙල්ලම් කරනවා වගෙයි.. අපි ලගට අාපු එක බැලුමක් හෙමින් නැමිලා ඇහිදගත්තේ මුහුණෙ සිනාරැල්ලක් රදවා ගනිමින්... බැලුමේ ලියා තිබුණේ වචන කිහිපයයි..

"I Love You Sadisi...."

ඒ වචන පේලිය කියවද්දි ඉබේටම මගේ හිනාව තවත් වැඩි වුණා.. සැබවින්ම ඒ හිනාව හදවතින්ම දැනුනු සතුට නිසා ඇති වුණ සිනහවකි.. මම බැලුවෙ සන්දීප් දිහා.. එයා අහිංසක විදිහට හිනාවෙලා ඇස්වලින් ඉගි කලා ඉස්සරහට යමු කියලා.. ඒත් මේ දේවල්..මට තාම අදහගන්න බෑ.. සතුටු වෙනවද පුදුම වෙනවද.. කොහොම තෑන්ක් කරන්නද.. මගේ ප්‍රශ්න අමතක කරලා මූණට හිනාව ගේන්න සන්දීප් කරන කැපකිරීම වචනවලින් කියන්න බැරි තරම්.. රෝස මල්පෙති තැවරෑ කාපට් එක මතින් එයා මාව අල්ලගෙන ඉස්සරහට ගිහින් පුටුව පස්සට ඇදලා මට වාඩි වෙන්න ඉඩ හදලා දුන්නා.. ඊලග තත්පරේ වේටර් අපේ ලගට ඇවිත් රෝස පෙති තැවරෑ තැටියක කූල් ඩ්‍රින්ක්ස් දෙකක් සහ රෝස මලක් එක්ක තවත් පුංචි පෙට්ටියක් ගෙනත් තිව්වා.. මේ දේවල් මොනවද.. තවත් කුතුහලයක් සිතට දැණුනේ එකින් එක සන්දීප් මං වෙනුවෙන් සූදානම් කරලා තියෙන දේවල් මට කිසිසේත්ම උපකල්පනය කරන්න නොහැකි නිසාවෙන්...

"සන්දීප්.. මොනවද මේ දේවල්.. ඇයි මෙච්චර දේවල්.. මට හිතාගන්න බෑ මෙච්චර වියදමක් ඇයි.."

"වියදමක්.. ඔයාගෙ හිතට සතුටක් දැනෙනවනම්, මූණනට හිනහවක් එනවනම් මට ඒ දේවල් ලොකු දේවල් වෙන්නෙ නෑ..මම කරනවා සදිසි.. අනික මම ඔයාට නැතුව මේ දෙවල් කාට කරන්නද.. දැන් මට තියෙනවා ලොකු දෙයක් කරන්න.. සම්පූර්ණ කරන්න බැරි වුණ දෙයක් තියෙනවා සම්පූර්ණ කරන්න.. කෝ නැගිටින්න.."

ආයෙම වතාවක් එයා මාව පුටුවෙන් නැගිට්ටෙව්වේ කරන්න බැරි වුණ දෙයක් සම්පූර්ණ කරන්න කියලයි..

"සදිසි මාව මැරි කරනව නේද.."

මගේ ඉස්සරහ එයා එක දණහිසක් බිම තියලා අනෙක් කකුල නවාගෙන සුවඳ රෝස මලක් මට දුන්නෙ එයාව මැරි කරනවද කියලා අහගෙනයි.. ඒ වෙලාවෙ මට දැණුනේ මුළු ලෝකයකම මගේ ලගට ඇවිත් වගේ හැගීමක්.. ඉතින් නොගෙන කොහොමද.. එයාගෙ ආදරේනෙ මේ දෙන්නෙ ගොඩක් ආසාවෙන්.. රෝස මල අතට ගත්තම එයා නැගිටලා තැටියෙ තිබුණ පුංචි පෙට්ටිය විවෘත කරලා එලියට ගත්තෙ මුද්දක්.. එයා ඒක මගේ ඇගිල්ලට දාලා මගේ අතින් තව එකක් තිබ්බෙ එයාගෙ ඇගිල්ලත් මගෙ පැත්තට දිගු කරලයි.. අනේ සම්පූර්ණ කරන්න බැරි වුණු වැඩේ මේකද.. එදා අසම්පූර්ණ එන්ගේජ්මන්ට් එක එයා සම්පූර්ණ කරන්න හදන්නෙ අද.. මුද්ද අතට ගත්තට දාන්නවත් සිහියක් නෑ මට...

"මොකෝ මූණ දිහා බලන් ඉන්නෙ.. ඕකත් ඔයාම දාගන්නද හදන්නෙ.. ඕක මගේ එක.. බලන්න.. රින්ග් දෙකේ කොටලා තියන අකුර.."

රින්ග් එකේ කොටලා තියෙන අකුර බලන්න කිව්වමයි හොඳටම බැලුවෙ මම..

"S අකුර.."

මගේ ඇඟල්ලට දාපු මුද්දෙත්, එයාට දාන්න කියලා මගේ අතින් තියපු මුද්දෙත් කොටලා තිබුණේ ඒ විදිහට.. එයා මං වෙනුවෙන් හැමදේම ලෑස්ති කරලා ගොඩක් ඉක්මනට..
එයා ආයෙම වතාවක් ඇස්වලින් කිව්වෙ එයාගෙ ඇගිල්ල පෙන්නලා මුද්ද දාන්න කියලා.. ඉටිපන්දම් ආලෝකය මැදින් මම එයාගෙ ඇගිල්ල දිගේ යැව්වා මුද්ද.. ඒ වෙලාවෙ දැණුනු ආදරය, හැගීම විස්තර කරන්න බැරි තරම්.... මම ආදරෙයි එයාට මහ ගොඩක්...
එයා හෙමින් හෙමින් මං ගාවට කිට්ටු වෙද්දි හෘද ස්පන්දනය ගොඩක් වේගයෙන් ගැහෙන්න ගද්දි මට කරන්න ඕන කිසිම දෙයක් හිතාගන්න බැරි වුණා.. ඒ ඇස් මගේ ඇස්වල නතර වෙලා තියෙද්දි මටත් දැණුනෙ මම එයාට මෝහනය වෙලාදෝ කියලයි... එයා මගෙ ඉස්සරහට තියෙන පියවරක් පාසා මම පියවර තිබ්බෙ පිටිපස්සටයි.. එකපාරම එයා මගෙ අතින් අල්ලා එයා ගාවට ඇදලා ගද්දි මම ඉබේම ඒ තුරැලට නතුවුණේ දඩයක්කරැවෙකුට හසුවුණ මුව දේනුවක් වගේ... 

"මගේ නේද..??"

එයා මගේ කනට කරලා හෙමින් කොඳුරද්දි මගේ මුළු ඇඟම සීතල වෙලා ගියේ එකපාරම විදුලි සැරක් ඇඟ පුරාම දිව්වා වගේ..

"ස...ස..න්..දී..ප්.. මේ.."

දැණුනු ලැජ්ජාවට සහ බයට මට වචන හෝ පිටවුණේ නැති තරම්.. මේ මොහොතට මම ආසයි.. ඒත් ලැජ්ජයි.. ඊටත් වඩා බයයි..

"මොකෝ මේ.. ඔයා මගේනෙ.. ඇයි බය වෙන්නෙ.. මගේ හැමදේම ඔයා සදිසි.. තවත් නම් බෑ ප්‍රශ්න නිසා ඈත්වෙලා ඉන්න..."

සන්දීප් ප්‍රශ්න නිසාම අපි දුරස් වුණ හැම මොහොතක් ම එක දවසින් නැති කරගන්නද හදන්නෙ..පව් ඉතින් මම වෙනුවෙන් මොන තරම් නම් දේවල් කරනවද, බලන් ඉන්නවද..  අද ලස්සන දවසක් ඒත් ඇයි මගෙ හිත මේ තරම් බය.. මට විශ්වාසයි.. මගේ අම්මගෙන් තාත්තාගෙන් පස්සෙ මට ආදරේ දෙන එකම කෙනා සන්දීප්.. 
ඊලග මොහොතේ මාව තදින් අල්ලගෙන එයා  එයාගෙ දෙතොල් මගෙ නළල මත තැවරැවේ හදවත පුරෝලා තියෙන ආදරේ සංකේතයක් විදිහටයි.. නලලෙන් දෙතොල් එහෙමම පහලට ඇදෙද්දි මම ඉක්මනටම ඉවතට පැන්නේ හදවතේ ගැහෙන රිද්මය තවත් වෙනස් වෙද්දි.. ඒත් ඉවත් වෙලා වැඩිදුරක් යන්නට පෙර සන්දීප්ගෙ අත්වලින් මගෙ අත් අල්ලගෙන ඉන්නෙ කියලා මට තේරැණා.. 

"කොහෙද පැනලා දුවන්න හදන්නෙ.. මගේ හාට් එක උස්සලා පැනලා දුවන්නද හදන්නෙ.. අද ඒවා බෑ.. මගේ ලඟ ම මාංචු දාලා තියෙන්නෙ.. ඈතට දුවන්න බෑ දැන්.."

ආයෙම මගේ ගාවට ඇවිත් නතර කරපු තැනින් පටන්ගත්තෙ එයාගෙන් අදනම් මට බේරැමක් නෑ කියලා මට තේරෙද්දි... සියුම් දෙතොලින් මගේ ලැජ්ජාව සහ බය නිසාම වේලී ගිය දෙතොල් තෙත් වෙනවා දැනෙද්දී මගේ ඇස් පියවුණේ මටත් නොදැනීම ඒ හැගීමට මාව නතු වෙද්දි...  දිගු වෙලාවක් ඒ දෙතොලින් මගේ දෙතොල් තෙත් වෙද්දී ඇස් පියාගෙනම දැණුනු හැගීම වින්දේ මෙවැනි හැගීමක් මට දැණුනු මුල්ම අවස්ථාව මෙය නිසාමයි...  සත්තකින්ම මම ඒ පහසට නතු වී හමාරයි.. කිසිමදාක නොදැනුනු තරම් ආදරයක්, සෙනෙහසක් දැනෙනවා එයාගෙන් මෙච්චර කාලයක් හිතේ තද කරන් හිටපු හැම හැගීමක්ම එලියට එනවා අද.. 

ආදරය සොඳුරැද මේ තරම්ම...
කිසිදා නොවින්ද හැගීම් ගොන්නක්..
කියා ගන්න බෑ හදවත ගැහෙන රිද්මය..  ආදරෙයිද මෙතරම් නුඹ මට..
ලං වුණු විට නුඹේ සුවඳ මට..   
කෙසේ නම් නොවිඳ ඉන්නද ඒ සුවඳ මම...
ගැහෙන නුඹෙ හදවත සාක්ෂියි අද මට..
ආදරය නුඹේ අවංකයි මං ගැන...
සුසුමක තවරා තෙමූ දෙතොල...
නතු වී අවසන් නුඹේ හුස්ම මත...
ආදරෙයි මං ආදරෙයි.... තව තවත් වැඩියෙන් මම නුඹට.....

" ඔයාව මට නැතුවම බෑ කියලා දැණුනා සදිසි ඔයා ගෙදරින් ගියා කිව්ව වෙලේ.. පිස්සෙක් වගේ හෙව්වෙ පාරක් පාරක් ගානෙ මම.. හිතුණෙ මට මාවම නැති වුණා කියලා.. අද ඔයාව දැක්කම ආපු සැනසීම කියලා නිම කරන්න බැරි වුනා සදිසි.. අදනම් දුවන්න ලෑස්ති වෙන්න එපා ප්ලීස්.. මට දැන් ඔයා නැති වුණොත් මොනව වෙයිද දන්නෙ නෑ.."

මාව තදින් තුරැළු කරගෙන එයා මට එයාගෙන් දුරස් වෙන්න එපා කියලා ආයාචනා කරද්දි මට දැණුනා සන්දීප්ට මං වෙනුවෙන් තියෙන ආදරේ කොච්චරක්ද කියලා.. කොච්චර පව් කලත් අවංක ආදරයක් ලබන්න පිං කරලා මම...
මම තව තවත් සන්දීප්ගෙ තැරැළට ගුලි වුනේ මටත් දැන් ඒ සුවඳ දැනී අවසාන නිසාවෙනි...
අපි දෙන්නම පියවි සිහියට ආවේ සන්දීප්ගෙ පෝන් එක නාද වූ නිසයි...

"හෙලෝ ඩැඩී කියන්න.."

සන්දීප් පෝන් එක ගත්තේ මාව තුරැලෙ තියාගෙනමයි..

"මම මේ සදිසි එක්ක ඉන්නෙ ඩැඩී.. නෝ ඩැඩී කලබල වෙන්නෙ නෑ කියන්නකො.."

"වට්..?? නෝ ඩැඩී.. ඒක වෙන්න බෑ.. කොහොමද එහෙම වුණේ.. ඕ ගෝඩ්.." 

සන්දීප් මගේ තුරැලෙන් මිදුණේ ඉබේමයි.. එයාගෙ මූණේ දාඩියත් පුරාම දාලා තිබුණා.., ගොඩක් බය වුණු, කලබල වුණු පෙනුමක් මම දැක්කා එයාගෙ තාත්තගෙ කෝල් එකත් එක්ක.. සන්දීප්ගෙ තාත්තා මොනවද කියන්න ඇත්තේ සන්දීප් මේ තරම්ම කලබල වෙන තරමට.. මට හිතාගන්න බැරි වුනේ එයයි..

...............................................................................


*කතාවේ විසි නව වන කොටස මේ විදිහට අවසන් කරනවා.. අද සදිසිගෙත් සන්දීප්ගෙත් සම්පූර්ණ නොවුනු එන්ගේජ්මන්ට් එක සම්පූර්ණ වුණා.. ඉතින් සදිසිගෙ දෙතොල් මතට සන්දීප්ගෙ දෙතොල් එක්වුණා පලමු වතාවට.. සුන්දරයි ඒ අත්දැකීම දෙන්නටම අද.. හදස්සියේ සන්දීප්ට එයාගෙ තාත්තගෙන් ලැබුණු ඇමතුම මොකක්ද.. සන්දීප් මෙච්චර කලබල වෙන්න, එයාට දාඩිය දාන්න තරම් මානවඩු මොනවද කියන්න ඇත්තේ.. ඒ පණිවිඩය සදිසිට සම්බන්ධ දෙයක් වෙයිද.. අපි බලමු..කතාව ගැන අදහස් කමෙන්ට් කරන්න අමතක කරන්නෙපා.. ඊලග කොටස අරන් ඉක්මනටම එන්නම්.. ආදරෙයි කතාව කියවන හැමෝටම.. දිගටම ඉන්න කතා පියස එක්කම..*
Dilru Don'T Copy

No comments:

Post a Comment