ආදිත්‍යා
ආදරය වෙනුවෙන් කැපවුණු දඟකාරිකගේ කතාව
* පලමු පිටුව*
"ආදිත්‍යා නැගිටිනවා.. පස්සට ඉර පායනකම් ද ඉන්නෙ ආ.. එක්ස් ඈම් දවසටත් දවල් වෙනකම් නිදාගනී මෙහෙම ගියොත්.."
"අම්මෝ.. අම්මගෙ කෑ ගැහිල්ල.. එකපාර එලාම් සීයක් වදිනවා අහන් ඉන්න පුලුවන් මේ කෑ ගැහිල්ල අහනවට වඩා.."😵😵
කවදත් වගේම අම්මගෙ එලාම් එකේ පවර් එකට එක පාරින් අවදි වුනු මම මෙතෙක් වෙලා වැදුනු එලාම් එකත් නතර කලේ කොච්චර කිව්වත් එලාම් එකේ නාදෙ අහන් ඉන්න පුලුවන් කියලයි.. වෙලාව 5.35 වෙලා තියනවා දැක්කම මතක් වුනේ එලාම් එක තිබ්බෙ 4.30ට නේද කියලා.. දෙයියනේ නින්දක තරම.. එලාම් එක පැයක් වැදිලා.. මේ ඔරලෝසුව මගෙ ලගට ඇවිත් විදින දුකක්..🕟🕟🕟
"අනේ අම්මා.. තාම සකූල් පටන් ගත්තා විතරනෙ.. තාමත් ලමයි භාර ගන්නවා.. දැන්ම ඉදන්ම මොකටද මේ උදෙන් නැගිටින්නෙ..හරියට පාඩම් මොනවද කියලා දන්නෙත් නෑ.." 😒
ඕ ලෙවල් කියන්නෙ ලොකු කඩඉමක්.. එ් කඩඉමෙන් කොහොම හරි දෙයියන්ගෙ පිහිටෙන් අම්මගෙ කටේ බලෙන් යන්තම් පැන ගත්තත් මගෙ ඉස්සරහට තවත් අභියෝගයක් ඇවිත්... ඒ ලෙවල්.. මේ විභාග කියන ඒවා ඉවර වෙද්දි සැනසිල්ලෙ ඉන්න වෙන්නෙ වල පල්ලෙ තමයි.. මම හිතින් බැන්නෙ අම්මට ඕවා කියලා පාන්දරම ගුටි පූජාව බෙදයි කියලා බයෙයි..
"ඒ වුනාට මේක ඕ ලෙවල් වගේ එකක් නෙවෙයිනෙ.. ගොඩක් මහන්සි වෙන්න ඕන කැම්පස් යන්න.. උදෙන් නැගිටලා.. හිත සැහැල්ලු කරන් පාඩම් වැඩ කරන්න ඕන.. උදෙන් ස්කූල් යන්න ඕන.. මේ ස්කූල් යන අන්තිම කාලෙනෙ දරැවො.."
"කැම්පස්.. 😨 දැන් මම කැම්පස් යන්නත් ඕනද.. අම්මා කිව්වෙ ඕ ලෙවල් කොහොම හරි පාස් වෙන්න කියලා විතරනෙ.. දැන් ඒ ලෙවල් කරන්නත් ඕන, කැම්පස් යන්නත් ඕනද.."🤔😣
"නැතුව.. මහන්සි වෙන්න.. බැරි වෙන්නෙ නෑ.. කොච්චර ආඩම්බරයක්ද.. අපේ දුව කැම්පස් කියලා කියන්න තියෙනවනම්.. අනික වටේ ඉන්න අය ඉරිසියාවෙ පැලෙයි.."
මම කැම්පස් ගියොත් ඒකට තියෙන සතුටට වඩා අම්මට වටේ අයට පේන්න උජාරැවෙන් ඉන්න තියෙන ආසාව වැඩී වගෙයි මට පේන්නෙ.. ඒ කෙසේ වෙතත් ඕවට මැරෙන්න ඕනි මමනෙ.. සේරමත් බැරියැ.. පාන්දර නැගිටින්න නැත්තම්.. හිතින් බැන බැන මම මූණ සෝදගෙන යුනිෆෝම් එක දාගත්තෙ මේ දවස්වල අපේ ක්ලාස්වලට ආගන්තුක ස්කූල් වලින් එන ලමයින්ට රැග් කරලා සතුටක් ලබන්න තියෙන හොදම කාලේ ඒ ලෙවල් කාලෙ නිසයි...😁😁
"අම්මා මම යනවා.. තාත්ති.. යනෝ.. බායි.."
"හ්ම්ම් පරිස්සමෙන් යන්න.. දඩබ්බර වැඩ නොකර පාඩම් ගැන බලාගන්න.."
ගෙයින් පිට වෙද්දිම අම්මා අවවාද දුන්නෙ ප්‍රින්සිපල් වුනත් අම්මව ගෙන්නලා මං ගැන ඒ තරම්ම හොඳට වර්ණනා කරලා තියෙන නිසයි.. 😂😂
ගෙයින් පිටත් වී පයින් යන්න පටන් ගත්තෙ ඉස්කෝලෙට ඒ තරම්ම දුරක් නොතිබුනු නිසයි.. අපේ ගෙදරට ගෙවල් හතරක් වගේ එහායින් මගේ අතිජාත පාප මිත්‍ර සදුනි ඉන්න නිසා මම හැමදාම එයා එක්කයි ස්කූල ගියේ.. ඒකිත් මගේ ඕනිම මැර වැඩකට එක පයින්ම ඉන්න නිසයි..
"ඒ සදුනි.. වරෙන් බං යන්න.. පරක්කු වෙනවා බං.. උඹ වෙඩින් එකකට යන්න වගේද හැඩ වෙන්නෙ මේ අඩි දෙක යන්න.."🙄
"අයියෝ මොකද බං.. යමං ඉතින් පරක්කු නෑනෙ.. ස්කූල් එකට උනත් පිලිවෙලකට යන්නෙපැයි.. අපි දැන් ස්කූල් එකේ සීනියස්ලනෙ... අපිට ඉහලින් ඉතිම් ප්රන්සිපලුයි, ගුරැවරැයි විතරනෙ ඉන්නෙ.. අපි දැන් අක්කලා.. ආහ්.."
සදුනි ඉතින් කවුරැහරි ඒකිට අක්කා කියලා කතා කරනවනම් ඒකගෙන් පුලුවන් නම් ගෙදර වැඩ ටිකත් කරවගනී.. ඒ වගේ ඩයල් එකක් මේ..
එක ශ්‍රේණියේ ඉදන්ම අපේ හුස්ම තැවරැනු මේ පාසල් භූමියට අපි ඒ ලෙවල් කියලා අමුතු හැගීමක් නෑ..
උදේ රැස්වීමෙ ප්‍රින්සිපල් පැයක් විතර සමාලෝචනය කරද්දි නම් පුදුම බෝරින් හැගීමක් එන්නෙ..
"ඒ මේ.. මොනවද බං මේ කියවන්නේ.. එකෙක් දෙන්නෙක් කලාන්තෙ දාලා වැටෙනවනම් ප්‍රින්සිපල් සර්ගෙ කට නිකම්ම වැහෙයි.."
මගෙ පිටිපස්සෙ ඉදපු සදුනිට මම රහසින් වගේ කිව්වෙ ඒ තරම් මේ රැස්වීම බෝරින් වී තිබූ නිසාවෙන්...
"අනේ මන්දා බං..මටත් නම් දැන් කැරකිල්ල වගේ.."
"ඉදහං මම වැඩක් කරන්න.."
"ආව්.."
"අනේ මෙයාට කැරකිල්ල වගේ.. මේ සදුනි අල්ලහං පැත්තකින්.. උස්සං යමු ක්ලාස් රෑම් එකට.."
මිනිත්තුවක්වත් ගෙවෙන්නට කලින් මම මගේ ඉස්සරහ හිටපු කෙල්ලගෙ කකුලට ක්ෂණිව පයින් ගැහුවේ එක ශොට් එකෙන්ම බිම වැටෙන්නයි.. ඒකි බනින්න කලින් වටේ අයට සැක හිතෙන්නත් කලින් මම සදුනි අල්ලන් ඒ කෙල්ලව උස්සලා ගත්තේ කැරකිල්ල කියලා ක්ලාස් රෑම් එකට එක්ක යන්නයි..
"උඹ මොනවද ආදි කරන්නෙ.. ඇයි මේකිට පයින් ගැහුවෙ.. දැන් මේකි ප්‍රින්සිපල්ට රිපෝට් කලොත් අපි ගස්නෙ..,"
කෙල්ල උස්සන් යන ගමන් සදුනි මගේ කනට කරලා කිව්වෙ මම කරපු වැඩේ බරපතලකම..
"මට ඇති කැරකිල්ලක් නෑ.. ඇයි ආදිත්‍යා මට පයින් ගැහුවෙ.. මහ චාටර් වැඩක්නෙ.. බලහං උස්සන් එද්දි කොල්ලොත් හිනා වෙවී බලන් හිටියා.. වස ලැජ්ජාවනෙ.. මම කියනවා ප්‍රින්සිපල් සර්ට.."
කෙල්ලට හොදටම මල පැනලා වගෙයි..
"අනේ මේ ලැජ්ජාව පැත්තක දාපං.. උඹ කියන්නෙ තවත් හිටගෙන මිදුල මැද ඉන්න කියලද.. ප්‍රින්සිපල්ගෙ කියිවාරැව අහගෙන.. රිදුනද.. සොරි ඉතින්.. දැන් ඉවරනෙ රැස්වීම.. කැන්ටින් එකට ගිහින් උඹට වඩේකුයි ප්ලෙන්ටියකුයි අරන් දෙන්නම් කටවහන් ඉදහම් දැන්.."
රැස්වීමෙන් පැන ගන්න මට ක්ෂණිකව ආපු අයිඩියා එක කලා.. පව් කෙල්ලට දීපු ශොට් එක රිදිලා වගේ.. ඒත් මම ගැන නොදන්න කෙනෙක් නෑනෙ.. ඒ නිසා පාවලා දෙන්නෙ නෑ කවුරැවත් මාව... කොහොම හරි මගෙ අයිඩියා එකට පින් සිද්ද වෙන්න ප්‍රින්සිපල් කතාව නවත්තලා රැස්වීම ඉවර කලා.. අපි තෝර ගත්තෙ ආර්ට් විෂය ධාරාව.. අාර්ට් එකට එල කෙල්ලො සෙට් එකකුයි එල කොල්ලො සෙට් එකකුයි අහුවුන නිසා බෝරිං නැතුව මේ අවුරැදු දෙක හමාර ගෙවෙයි කියලා අපි හිතුවා...
"අඩෝ බඩගිනී බං.. යමන්කො කැන්ටින් එක පැත්තට.."
ස්කූල් යනකොට පිරීයඩ් එකක් ගානෙ බඩගිනි වෙන එක සාමාන්‍ය දෙයක් වෙලයි තිබුනෙ අපිට..
සෙට් එකම කැන්ටින් එක පැත්තට ගියේ මොනව හරි බඩට දාගන්න හිතාගෙන..
"ඒ සහන්...වඩේ විස්සයි ප්ලේන්ටි දහයයි ගෙන්න කියහං කැන්ටින් අංකල්ට.."
කැන්ටින් එකේ මුල්ලෙ මේසෙක ආර්ට් බැජ් එකේ හිටපු අපි විසි දෙනාම වටේට පුටු තියාගෙන වාඩි වුනේ ප්ලෙන්ටි යි වඩයි ගේනකං...
"අඩෝ උඹලට වඩේකුයි ප්ලෙන්ටි බාගෙකුයි ගහලා ඇත්ද බං.."
වඩයත් ප්ලේන්ටි බාගයයි මදි වුනේ අපේ සෙට් එකේ හිටපු බඩචාරියා ලහිරැවට..
"අනේ උඹට ඉතින් වඩයක් නෙවෙයි මෙතන ෆුල් කොත්තු දෙකක් ගෙනත් තිබ්බත් මදිනෙ.. බලපං බඩේම සයිස් එක.. එකපාර අපි සේරම ගිල්ලහැකි ඕකට.." 🤣🤣
මගේ කතාවට සේරම හිනා වෙද්දි අපි වඩේ එක ගානෙ කෑවෙ ප්ලෙන්ටිය දෙන්නෙක් එක්ක බෙදාගෙන බොන ගමන්.. ඉගෙන ගන්න එක කෙසේ වෙතත් මේ ගන්න විනෝදෙ නම් අමතක වෙන එකක් නෑ ජීවිතේට...
"අඩෝ මේ.. අර බෝයිව උඹලට දැකලා හුරැද.. මටනම් දැකලා පුරැදු නෑ වගේ.."
නුහුරැ නුපුරැදු කෙනෙක් කැන්ටිමට ආවම මම අනිත් අයගෙන් ඇහුවෙ උන් වත් දන්නවද කියල දැනගන්නයි..
"ආ මේ ඩයල් එකද.. ස්කූල් එකට ඊයෙ භාර දුන්නෙ.. කොමර්ස් ක්ලාස් එකට.. කොහෙන් ආවද කියලනම් දන්නෙ නෑ.."
ක්ෂණිකව මගේ ප්‍රශ්නෙට උත්තර දුන්නෙ සහන්..
"අඩෝ කලින් කියන්න එපැයි... ඊයෙ පෙරේදා ආව එකෙක්නම් අපිට අනිවම සළකන්න ඕනි.. අපි එදා ඉදන් මේවයෙ පැල් පැදියං වෙලා ඉන්නෙ.. ඉතින් අපිට නොසළකා කොහොමද.. වරෙන් යන්න නෝර්මල් කොත්තුවක් වත් ලයින් කර ගන්න පුලුවන්ද බලන්න.."
ස්කූල් එකට අලුතෙන් ආව කෙනෙක්නම් ඒ කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියන එක අපිට අදාල වුනේ නෑ.. අපිට අදාල වුනේ පිනා පාරේ බඩට මොනව හරි දාගන්න එකයි..
"ඇමතියෙක්ගෙ පුතෙක්ද දන්නෑ බං.. බලාගෙන හොදේ.."
පවනි ටිකක් බයවෙලා ඉද්දි මම ඒක සතේකට මායිම් කලේ නෑ..
"ඇමතිලගෙ පුත්තු කොහෙද බං මේ වගේ ස්කූල් වල එන්නෙ.. උන් යන්නෙ හයි ෆයි ස්කූල් වලනෙ..මෙන්න මෙහෙ වරෙන්..කොත්තුවක්වත් ලයින් කරගන්න.."
පාසලට අලුතෙන් ආව ආගන්තුකයා කවුද කියන එකට වඩා පාසලට පරණ අපි අලුතෙන් එන අයගෙන් මොනා හරි ගත්තම මක් වෙනවද..මගෙ හිතේ තිබ්බෙ එච්චරයි..
ඉදිරියට...................
............................................................................
*ඔන්න අලුත් කතාවක්.. අපි ආසාවෙන් කල්ගත කලානම් ඒ පාසල් කාලයයි.. සුන්දරම පාසල් කාලේ සර්ලට ටීචර්ස්ලට හොරෙන් කරන පිස්සු වැඩ ගොන්නක් එකතු කරගෙන මේ කතාව ලියන්නයි අදහස.. තාමත් පාසල් කාලේට ආදරේ කරන ඔයාලගෙ කමෙන්ට් ඕන... දිගටම කතාව කියවන්න මෙතන් පටන්... පාසල් කාලේ ඔයාලත් මේ අත්දැකීම් ලබලා තියෙනවද කියලා බලන්න.. ආදිත්‍යා දැන් කොල්ලගෙන් කොත්තුවක් ඉල්ලගනීද.. නැත්තම් ප්‍රින්සිපල්ගෙන් සේරම ඉස්සරහ ගුටි කන්න වෙයිද... අපි බලමු.. ඉක්මනටම එන්නම් ඊලග කොටස අරන්.. දිගටම රැදෙන්න කතා පියස එක්කම..*
Dilru
No comments:
Post a Comment