Pages

Wednesday, July 8, 2020


නව කථාවක්

මන්දිරයක සතුට සොයන 
සමනලී
*තිස් එක්වන දිගහැරැම*

"මොකක්ද මේ වුණේ මමී.. ඩැඩී ඇයි අපිට කැන්සර් එක හැංගුවේ.. මම ඩැඩීට ගොඩක් හිතුවක්කාර වුණා මමී.. බට් අයි ලව් හිම්.. "

සවින්දි කොතරම් හිතුවක්කාර වුණත් එඩ්වඩ් මදනායකට බෙහෙවින් ආදරේ කලා.. එඩ්වඩ් මදනායක ව සදිසි එක්ක  බෙදා ගන්න  සවින්දි කැමති වුණේ නෑ...

"මොනා කරන්නද දූ.. දැන් වුණ දේ වුණා..ඩැඩී කොහොමත් ගුප්ත කෙනෙකනෙ.. මොන දේ කලත් කරල ඉවර වෙලානෙ කියන්නෙ.."

මමී.. අන්න සදිසි ඇවිත්.. ඒකත් සන්දීප්ගෙ කරේ එල්ලිලා.. මගේ ඩැඩී නැති වුණාට මෙයා මොකද මේ act කරන්නෙ දුකයි වගේ.. මිනිස්සුන්ට පේන්නද.. මට අගේට වෙන්න ඇති සන්දීප්ගෙ කරේ එල්ලිලා එන්නෙ.. ඉන්නකො දෙකක් කියලා දෙන්න.. බංග්ලෝ එකට එන්න කිව්වෙ කවුද අහන්න.."

"එපා බබා.  මේ ඒකට වෙලාව නෙවෙයි.. ඩැඩීගෙ යාලුවෝ පුරාම ඇවිත් ඉන්නෙ දැනටමත්.. එයාලට හිතෙයි අපි සදසිට වෙනස්කම් කරලා ගෙදරින් එලවලා කියලා.. ඕවා පිට මිනිස්සුන්ට දැනගන්න තියන්නෙපා.. බවසලා ඉන්න.. බොඩි එක ගෙනවම අවසන් කටයුතු ඉවර කරලා අහමුකො ඇයි ආවෙ කියලා.. කොහොමත් එයාට දැන් බංග්ලෝ එකේ කවුරැවත් නෑනෙ..ඩැඩී විතරනෙ හිටියෙ.. එයත් නෑනෙ දැන්.."

තාත්තගෙ නික්මයාමට වඩා සවින්දිට සදිසි හා සන්දීප් එකට ඉන්නවා දැකීම වේදනාවක් වගෙයි.. සේරටම වඩා ඊර්ෂ්‍යව වැඩි.. 

සන්දීප් සහ මමත් ගාඩ්න් එකේ වාඩි වෙලා හිටියෙ තාමත් මට කතා කරන්න හෝ සිහියක් නැතිව සිටිද්දියි..

"හැමදාම මගේ ප්‍රශ්නෙකදි මාව ආරක්ෂා කරපු, මට විසඳුමක් වුණු මනුස්සකම උගන්නපු තාත්තා මාව තනි කරලා යන්නම ගිහින්..  පොඩ්ඩක් හරි දැනගත්තනම් ඇස් දෙක වගේ තියාගන්නවා ලගම මගේ.. ඇයි ලෙඩක් තිබිලත් මට නොකිව්වෙ දෙවියනේ.. මොන දේ දුන්නත් මොකද මට ඕන එයාව.."

"අනේ මැණික ඇති දැන්.. එයා එහෙම කරන්න හේතුවක් ඇති.. එයා ඔයාව මට බාරදුන්නෙ කැන්සර් එක ගැන දැනගෙන වෙන්න ඇති.. ඉතින් ඔයාට දැන් මම ඉන්නවනෙ.. අංකල් වගේ ඔයාට ආදරේ දෙනවනෙ මම.. තාත්තෙක් වෙන්න පුළුවන් මට ඔයාට.. "

අඬන හැම මොහොතකම මාව පපුවට තුරැලු කරගෙන හරි ආදරෙන් හිත හදන්න උත්සහ කරනවා එයා.. ඒත් මොන දේ දරාගත්තත් මට දෙවියෙක් වගේ හිටපු තාත්තා මාව දාලා ගියේ.. හිත සනසගන්නෙ කොහොමද මම..
හවස් යාමෙට උදා වෙද්දි වාහනයක් ගේ දොරකොඩටම එද්දි මෙතෙක් වෙලා ඉකිබිඳුණු මගෙ හදවත වේගයෙන් ගැහෙන්න වුණේ මගේ හදවතෙන් බාගයක් ම අද මගේ ඇඟෙන් ගැලවිලා යන තරම්ම වේදනාවක් දැනෙද්දි...

"තා......ත්......තා.."

අත් දෙකෙන් කට වහගෙන අඬන්න ගත්තේ වාහනයෙන් එලියට තාත්තගෙ නිසල දේහය වැසූ ලී පෙට්ටිය එලියට ගනිද්දි.. තවත් එක තත්පරයක් හෝ නොඉඳ මම එතනට දිව්වේ මගේ මුළු ලෝකෙම මගේ ඉදිරිපිටදීම කඩා වැටෙන බව දැනෙද්දියි.. පෙට්ටිය බදාගෙනම මම ඇඬුවේ මහා හයියෙන් විලාප දෙමින්..

දැනෙයි සුවඳ ඔබෙ ආදරේ මට කියාගන්නට බැරි තරම්...
තිබූ සෙනෙහස සඟවගෙන අද මිලින වෙනවද මගේ ලොවින්...
නිදන්නට බෑ නුඹට මෙලෙස මම තාම ඉන්නේ අවදියෙන්...
සසර ගමනෙදි මටම හිමි වෙනු සෙනෙහ පිරි මගෙ පියා නමින්... 

"අනේ සදිසි කෝ අයින් වෙන්න.. අපි තාත්තව බලමුකො පෙට්ටිය ඇරලා... "

සන්දීප් මාව තුරැලට ගත්තේ මගේ වේදනාවේ දෝංකාරය මැදින්...
ඊටත් වඩා වාවගන්න බැරි වුණේ පෙට්ටිය විවර කරද්දි තාත්තා නිසොල්මන් ව දෑස් පියාගෙන ඉද්දියි.. අනේ ඒ කටින් කොච්චරනම් මට ආදරෙයි කියන්න ඇත්ද.. මම එයාගෙ පණ කියලා කියන්න ඇත්ද...

"අනේ ඇයි මෙහෙම දෙයක් වුණේ තාත්තෙ... දැන් කවුද මාව බලාගන්නෙ.. අනේ කියන්නකො එකම වතාවක් මම ඔයාගෙම දුව කියලා.. කියන්න... මට ආදරෙයි කියලා.. මතකද මම ඔයාට කිව්වා දවසක ඔයා මාව දාලා යන්නෙ මගෙ හැම සතුටක්ම දැකලා කියලා.. ඔහොම ඉන්නෙපා මගෙ තාත්තෙ.. මට මේ තරම් දුකක් මේ ගෙදරින් යද්දිවත් දැනුනෙ නෑ.. ඔයා ලගදි ආපු පාර මාත් එක්කම කාලෙ ගත කලේ මේ හැමදේම දැනගෙනද තාත්තෙ.. කොච්චර සතුටු වුණාද.. බීච් ගිහින් සෙල්ලම් කලා.. වඩාගත්තා.. පුංචි කාලෙ වගේ ආදරෙන්... ඒ හැමදෙයක්ම මේ නිසාද... ඒකද එදා කිව්වෙ.. ආය එන්න බැරි වුණොත් තරහ වෙන්නෙපා කියලා... මේ නිසාද කලකිරීමෙන් කතා කලේ එදා.. ජීවිතේ ස්ථීර නෑ කියලා කතා කිව්වෙ එදා... මේ නිසාද හැමදේම මම වෙනුවෙන් කලින්ම ලෑස්ති කලේ.. අනේ කියන්න.. හීනෙකින්වත් මට මේක දැනුනෙ නැත්තෙ මොන පවකටද තාත්තෙ... මට ඔයා නැතුව ඉන්න විදිහ කියලා දීලා යන්න.. මාවත් අරන් යන්න තාත්තෙ.. මාවත් අරන් යන්න... ඔයා නැති හුස්ම මට මොකටද..."

("මගෙ දුව තාත්තට තුරැලු වෙන්න.. ආසයි.. කෙල්ලව තුරැලෙ තියන් ඒ තුරැලෙම මැරිලා යන්න... මගෙ දුවගෙ මේ තියෙන ධෙෙර්යය ගැන මට විශ්වාසයි.. ඒකයි මට තියෙන සැනසීම..නිදහසේ මැරෙන්න.. කවදහරි ඔය ධෙෙර්ය මගෙ දුවව මේ ලොකෙ අවංකම ව්‍යාපාරිකාවක් කරයි..මගෙ දූ එක්ක මේ ගත කරන මෙහොත ආය එයිද කියලා මට විශ්වාස නෑ.. ඒ නිසා අද සතුටින් ම ඉමු..")

තාත්තා එදා අවසන් වතාවට ආපු දවසෙ මට කිව්ව කතා.. මාත් එක්ක හිටපු විදිහ හැමදේම එකින් එක එක පෙලට මතක් වෙද්දි මට මං ගැනම ඇති වුණේ තරහක්.. 
ඇයි මට මේ දේවල් නොතේරැණේ... තාත්තා මාත් එක්ක ඒ ගත කරපු හැම නිමේශයක්ම ගොඩක් ආදරෙන් හිටියෙ ආපහු මාත් එක්ක එහෙම ගත කරන්න අවස්ථාවක් නෑ කියලා දැනගෙනමද තාත්තෙ.. ඇයි මට නොකිව්වෙ තාත්තෙ... ඔයා මාව දාලා යනවා කිව්වනම් මමත් එනවනෙ ඇයි මට නොකියම යන්න ගියෙ මගෙ තාත්තෙ...

කට නොපියවෙන තරමට වචනත්, ඇස්වලට නතර කරගන්න බැරි තරමට කඳුළුත් පිටවෙද්දී තාත්තා මට උගන්නන්න ලෙක්චර් ගාවට දාපු එකත්, මාත් එක්ක ලස්සන දවසක්  ගත කලෙත් එයාගෙ ලෙඩේ ගැන දැන දැන කියලා හිතෙද්දි නම් පපුව තවත් වැඩියෙන්ම පිච්චෙනවා.. එයා එයාගෙ ජීවිතේ ජීවත් වෙන්න තියෙන්නෙ පොඩි දවසක් කියලා දැනගෙන සන්දීප්ට මාව බාර කරලා.. ඔයා මං ගැන ඔච්චරටම වද වුණාද තාත්තෙ.. ඔච්චරටම මං ගැන හිතුවද.. 

ලොවම නිහඬයි..  තාත්තා නිහඬ ව දෑස් පියාගෙන ඉන්නවා... ඒ නිහඬියාව තරම් ජීවිතේ නරකම දවසක් විඳලා නෑ මම.. අනේ මෙහෙම දවසක් උදා කලේ ඇයි මට.. මැණිකෙ නැන්දත් මගේ අතේ එල්ලිලා අඬනවා හොඳටම.. රත්තරන් තාත්තා කෙනෙක් මට රැකවරණය දුන්නා... අනාථ වෙච්ච පුංචි කෙල්ලෙක් අරන් හදාගෙන රැකවරණය දීලා තාත්තෙක්ගෙ සෙනෙහස දුන්නා.. ඔයාට ඒ පිනම ඇති මතු භවයෙදි නිවන් දකින්න තාත්තෙ..... 

අවසානයේ හදවත් කම්පා කරමින් සදහටම තාත්තා නින්දට ගියේ එයා එක්ක මතකයන් කෝටි ගානක් හදවතේ එක් වෙද්දි... මුළු ලෝකයම අල්ලන් හිටපු රජෙක් වගේ බිස්නස් ගනනාවක් පාලනය කරපු.. ඒ මහා ධනවතා, උතුම් මිනිසා කාගෙත් දෙනෙතට කඳුලක් එක් කරමින් සදහටම.. සදහටම.. අපෙන් වෙන් වුණා... නොහිතපු විදිහට...
එඩ්වඩ් මදනායක.. නැත්නම්.. මගේ ආදරණීය තාත්තෙ... ඔයාට අජරාමර නිවන්සුව..!!! මේ භවයේ නෙවෙයි.. මතු උපදින හැම භවයකම මම ඔයාගෙම දුව වේවා.... ආදරෙයි තාත්තෙ.......
අවසානයේ මගේ හදවතේ සදහටම එයාගෙ මතකයන් සනිටුහන් කර සදහටම පොලොව ඇතුලේ මිහිදන් වෙද්දි පස් මිටක් අරගෙන ඔයාගෙ වලට දාලා ඔයාව වහනවට වඩා සත්තකින්ම පණ පිටින් ම පොලොව ඇතුලේ මිහිදන් වෙන එක මට සතුටක් කියලා හිතුණා මගෙ තාත්තෙ.. ඉතින් එහෙනම් සමුදෙන්නම්... මතු භවයේදී නිවන් දකීවා ඔයා තාත්තෙ....
අඬන්නද කඳුළු දැන් නැති තැන.., සැනසෙන්නද හේතුවක් නැති තැන., බත් පිඩක් හෝ උගුරෙන් පහලට නොයන තැන.., මැරෙන එක නම් මටත් සතුටක් දැන් හුස්ම වැටෙනවට වැඩිය....

................................................................................

තාත්තගෙ අවසන් කටයුතු කරලා ආවත් සන්දීප් මං ලගින් හෙල වුණේ නෑ පොඩ්ඩක්වත්.. ගෙදරට ආපු නෑදෑයො, යාලුවෝ හැමෝම හත් දවසෙ දානෙ කටයුතු ත් උපරිමයෙන් කරන්න උදව් කරලා යන්න ගියා..මුළු බංගලාවම දැන් හිස් වූ ගුහාවක් වගේ.. ආලෝකයට වඩා අඳුර.. තාත්තා නැති ගෙදර සත්තකින්ම කොහෙන්ද ආලෝකය.. දැන් මට මොකක් වෙයිද.. තාත්තගෙ පිලිසරණත් දැන් මට නැති තැන අම්මලානම්  පිහිට වෙන්නෙ නැති බව ඉරහඳ වගේ විශ්වාසයි මට.. 

"සදිසි... තමුන් තමයි අර මනුස්සයව මරාගත්තේ.. උඹේ කරැමක්කාරකමටයි ඒ මනුස්සයා මැරැණෙ... අනිත් සේරමලා ගියා.. තමුන් මොකද ඉන්නෙ.. ආපු දිහාවකටම තොරොන්චි වෙලා යනවා.."

තාත්තා මාව දාලා ගියේ මගේ කරැමක්කාර කමටද.. හිතුවටත් වඩා ඉක්මනට අම්මා මට නරක විදිහට චෝදනා කරද්දි.., ගෙදරින් යන්න කියද්දි මටත් මේ බංගලාවෙ කිසිම දෙයක් නෑ වටිනාකමකට ඇති.. හිටියෙ තාත්තා.. එයත් දැන් අපි අතර නෑ.. දැන් මට මේ දේවල්වල කිසි වටිනාකමක් නෑ.. මම යනවා.. සදහටම.. තාත්තා ආපහු නොඑන ගෙදර මට රැකවරණයක් එපා.. මම එලියට බැස්සෙ ආපහු නොඑන්නම ගෙදරින් යන්නයි..
එ්ත් යන්න හදද්දිම..

"මිස් සදිසි මදනායක ඔයා නේද..,?"

"ඔ..ව්. ක...වු..ද.. මේ.. ඇයි මා..ව අ..හන්..නෙ..?"

................................................................................


*කතාවෙ තිස් එක්වන කොටස අවසන් වෙද්දි සදහටම එඩ්වඩ් මදනායක පොලොව යටට මිහිදන් වුණා.. ඒ වේදනාව අස්සෙම සදිසි හිතුවා වගේම එයාට ගෙදර ඉන්න ඉඩක් ලැබුණෙ නෑ.. එයා බංගලාවෙන් පිටත් වෙන්න හදද්දි සදිසි නොදන්න කෙනෙක් සදිසි ගැන එයාගෙන් අහනවා.. කවුද මේ කෙනා.. සදිසිව හොයන්නෙ ඇයි.. සදිසිට ඉදිරියට මොනව වෙයිද.. කතාවෙ තව කොටස් දෙකක් තුනක් වගේ තියෙන්නෙ.. ගොඩක් අඩුයි.. අපි බලමු සදිසි ගැන ඇහුවෙ කවුද කියලා.. කතාව ඊයෙ ටයිප් කරන්න බැරි වුණා.. සමාවෙන්න.. කතාව ගැන අදහස් කමෙන්ට් කරන්න අමතක කරන්නෙපා.. ඊලග කොටස ඉක්මනට ගේන්නම්.. දිගටම ඉන්න කතා පියස එක්කම..*
Dilru Don'T Copy

No comments:

Post a Comment