නව කථාවක්
මන්දිරයක සතුට සොයන
සමනලී
*විසි අටවන දිගහැරැම*
ළමා නිවෙසත් කෙලින් ම සුදු අම්මගෙ ඔෆිස් එකටයි ගියේ මම.. බෑග් එකත් බිමින් තියලා සුදු අම්මව බදාගෙන ඇඬුවේ මොහොතක් හෝ පරක්කු නොවීමයි...
"මම හිතුවා සදිසි ඕක වෙයි කියලා.. ඒත් අදම වෙයි කියලනම් හිතුවෙ නෑ.. "
මොකක්..? සුදු අම්මගෙ කතාවට මම පුදුම වුණේ මේ දවස උදාවන බව මට නොතේරැණත් එයා කලින්ම දැනගෙන ඇති නිසයි..
"ඒ කිව්වෙ.. දැනගෙන හිටියා කිව්වෙ.. මට තේරැණේ නෑ.."
"මම දන්නවනෙ සදිසි නිලන්ති මදනායක ගැන.. එයා ඔයාව කවදම හරි ගෙදරින් එළියට දාවි කියලා හිතුවා මම.. මොකද එයාට ඕන දේපළවල එකම අයිතිය එයාගෙ අතටයි දුවගෙ අතටයි ගන්න.. ඔයා ලොකු වෙද්දි, ඔයා මැරි කරද්දි මිස්ට මදනායක අනිවාරෙන්ම ලොකු දෑවැද්දක් දෙනවා ඔයා වෙනුවෙන්.. අන්න ඒ දවසට කලින් ඔයාව ඔය ගෙදරින් යවනවා කියලා දැනන් හිටියා.."
දෙවියනේ.. සුදු අම්මා හිතල තියෙන දුරක්..
"මට කිසි දෙයක් ඕන වුණේ නෑ සුදු අම්මෙ.. මට ඕන කලේ තාත්තා අමාරැවෙන් හදාගත්ත නම රකින්න විතරයි.. එයා අමාරැවෙන් ගොඩනගපු දේවල් රැක ගන්න විතරයි.."
"ඔව් ඔයාට එහෙම හිතෙන්න ඕන..ඒක සාධාරණයි.."
"මම දන්නවා සුදු අම්මා මං ගැන හැමදේම දන්නවා කියලා.. මගෙ අම්මා දැන් ඉන්න තැනත් ඔයා දන්නවා.. මගෙ තාත්තා කවුද කියන්නත් ඔයා දන්නවා.. ඒත් හැමෝම ඒ දේවල් මගෙන් හංගනවා.."
මම නොදන්න බොහෝ දේවල් ලමා නිවාසෙ සුදු අම්ම දන්න බව මම දැනගෙන හිටියා.. ඒත් ඒ දේවල් මගෙන් හංගන්නෙ ඇයි කියලනම් හිතන්නවත් බෑ මට තාමත්..
"ඔව් දන්නවා.. ඒ දේවල් හැංගුවේ ඔයාගෙම ආරක්ෂාවට.. ඒත් දැන් ඔයාට ඔයාගෙ තාත්තා වෙනුවෙන් ඔයාගෙ අයිතිය වෙනුවෙන් සටන් කරන කාලෙ ඇවිල්ලා.. අපි හැමදේම හැංගුවේ හරි කාලෙ උදාවෙනකම්.. දැන් ඒ කාලෙ උදාවෙලා තියෙන්න.."
සුදු අම්මගෙ හිතේ අමුතුම අරමුණක් තියෙන බවක් මම දැක්කා.. ඒත් මොකක්ද මේ හරි කාලෙ.., මොන අයිතියක් ගැනද මේ කියන්නෙ.. මේ පැටලුම ලිහන්නෙ කොහොමද.. අගක් මුගක් නෑනෙ පේන්නවත්.. මට මගේ කඳුළුත් අමතක වුණේ සුදු අම්මගෙ අරමුණ සහ උපකල්පන මගේ හිතට කුතුහලයක් ඇති කල නිසාවෙන්..
"මොකක් ගැනද මේ කියන්නෙ මොන කාලයක්ද.., මොන අයිතියක්ද.. මට නම් මේ මොකුත් ම තේරෙන්නෙ නෑ.."
"හැමදේම ඔයාට තේරේවි සදිසි.. තව පොඩ්ඩක් ඉවසන් ඉන්න.. ඕන තරම් කාලයක් ඔයාට මේ ලමා නිවාසෙ ඉන්න පුළුවන්.. දරැවො එක්ක කාලෙ ගත කරනකොට හැම ප්‍රශ්නයක්ම අමතක වෙයි.. අපිට කන්න බොන්න, ලමයින්ගෙ අවශ්‍යතා කිසි අඩුවක් නෑ.. මිස්ට මදනායක ඒ හැමදේම බලනවා.. ඒ වෙනුවෙන් එයාගෙ බිස්නස්වලින් ලැබෙන ලාභයෙන් කොටසක් අපේ ලමා නිවාසෙ වෙනුවෙන් වෙන් කරලා තියෙන්නෙ.. ඒ ගැන මිසිස් මදනායකවත් දන්නෙ නෑ.."
අනේ තාත්තා ලමා නිවාසෙ කරගෙන යන්න ලාභෙන් කොටසක් වෙන් කරලද... එතකොට මේ ලමයින්ගෙ අධ්‍යාපනය, මූලික අවශ්‍යතා සේරම තාත්තද කරන්නෙ.. අනේ තාත්තා කොයි තරම් නම් මානුෂීය කෙනෙක්ද.. ලොකු වගකීමක්, අම්මා තාත්තා නැතුව අනාථ වෙච්ච දරැවො කී දාහකට තාත්තා පිහිට වෙනවද.. අද වෙනකම් මේ දේවල් මම දැනගෙනවත් හිටියෙ නෑ.. මට තාත්තා ගැන ඇති වුණේ නිහතමානී ගෞරවයක්...
"තාත්තා එච්චර දෙයක් කරනවද.. අනේ මම දන්නෙවත් නෑ.. තාත්තා එහෙම තමයි.. එයා තරම් හිත හොඳ කෙනෙක් තවත් නැතුවැති.. මම දන්නවා සුදු අම්මා දන්නවා මගෙ අම්මා වැඩ කරන තැන.. මට කියන්න.. මට පුළුවන් අම්මා එක්ක එයා කරන වැඩ වලට උදව් වෙලා එයා එක්ක ඉන්න.."
"ස්නේහගෙ පරම්පරාව ගෙනියන්න නෙවෙයි ඔයා ඉපදුණේ.. ඒ පෙලපත වෙනස් කරන්න.. ඔයාගෙ අම්මා ස්නේහා ඔයාගෙ ආච්චි ඒ කියන්නේ ස්නේහගෙ අම්මත් කලේ ගෙවල් වල වලං හෝදපු එක.. බැල මෙහාකාරකම් තමයි... ඉතින් ඔයත් ඒ පෙලපත ඒ විදිහට ඉස්සරහට ගෙනියන්නද බලාපොරොත්තු වෙන්නෙ.. මිස්ට මදනායක ඒ දේ වෙන්න දෙන්නෙ නෑ ඔයාට.. අනික ඔයා ඒ දේ වෙනස් කරන්නම ඕන.."
මම අම්මත් එක්ක ගෙවල්වල වැඩ කරගෙන ඉන්න හරි යන්න හිතුවත් සුදු අම්මා ඒක එකහෙලාම ප්‍රතික්ෂේප කරා... එයාගෙ කතාවත් ඇත්ත.. මම ඒ මෙහෙකාර පෙලපත වෙනස් කල යුතුමයි...
ඇත්තටම පුංචි ලමයි එක්ක කාලෙ ගත කරනකොට වෙලාව යනවා දවස් ගෙවෙනවා තේරෙන්නෙ නෑ.. මොන ප්‍රශ්න වුණත් තාත්තා සල්ලි ගෙවපු මාව ගිහින් හඳුන්වලා දීලා උගන්නන්න කියපු ලෙක්චර් ගාව බිස්නස් මැනේජ්මන්ට් ඉගෙන ගන්න යන්න අමතක කලේ නෑ.. මම මගෙ අම්මා මෙතරම් කාලයක් කරගෙන ආව ඒ මෙහෙකාර පෙලපත අවසන් කරනවමයි....
"සුදු අම්මා මම ක්ලාස් ගිහින් එන්නම්.."
"පරිස්සමෙන් ගිහින් එන්න.. මතක තියාගන්න.. ඔයා තමයි අම්මලා ගෙනාව මෙහෙකාර පෙලපත වෙනස් කරන්නෙ..අලුත් ආරම්භයක් ඔයාගෙන් පටන් ගන්න.."
සුදු අම්මට සමුදීලා මම පන්ති යන්න ලෑස්ති වුණේ.. යද්දිත් මට මතක් වුණේ මේ කිසි දෙයක් සන්දීප් දන්නෙ නෑනෙ.. එයා මං ගැන වද වෙනවා ඇති.. හදිස්සියට පෝන් එකත් දාලා ඇවිත් නෙ.. පව් මොනවා කරන්නද... පන්තිය ලගටම ඇවිත් ගේට් එකෙන් ඇතුලු වෙන්න හදද්දිම කවුදෝ මගේ අතින් හයියෙන් ඇද්ද නිසාම මමත් වේගයෙන් ඒ පැත්තට ඇදිලා ගියා..
"උෟයි.."
ඔළුව උස්සලා බලන්නවත් වෙලාවක් ලැබුණෙ නෑ.. මගෙ කන තදින් මිරිකද්දි මම එහෙම්මම දැගලුවේ ඉන් මිදෙන්නයි..
"ශෝක් හපන්කම.. කාගෙන්ද පලිගන්නෙ මගෙන්ද.."
"සන්දීප් ඔයා..??"
සන්දීප්ගෙ ඇස්වල රෑ දවල් නොනිදපු, මූණ සුදුවැලි වී හෙම්බත් වුණු ස්වරෑපයක් මම දැක්කා.. ඒ අතරින් කේන්තියට ඇස් ලොකු කරගෙන ඉන්නවත් දුටු නිසාම මම එහෙමම බිම බලාගත්තෙ බයක් දැණුනු නිසාවෙන්...
"ඔව් මම... ගෙදරින් යන්න කිව්ව ගමන් හරියකට තැනක් වත් නොදැන පාරට බහිනවද කෙල්ලෙක් ආහ්.. මටවත් කෝල් කලාද නිකමටවත්.. කාවද ඔහොම බය කරන්නෙ.. අරෙහෙ මැණිකෙ ආන්ටි බය වෙලා අඬ අඬ ඉන්නවා ගිය තැනක් දන්නෙ නැතුව.. මටත් රෑ නින්දක් නෑ.. දවල්ට ගෙදරත් නෑ.. හෙව්වා දවස ගානෙ ටවුන් එකේ මම.. කන්නවත් නෑ හරියට.. මෙහෙ මෙයා හිතුමතේ වැඩ කරනවා.. අද ක්ලාස් දවස නිසා අඩ මානෙට මම මෙතන පැයයි විනාඩි හතලිස් පහක් තිස්සෙ ඉදන් බලන් ඉන්නෙ.. තුන් වතාවක්ම ඇතුලටත් ගිහින් බැලුවා ඉවසන් ඉන්නම බැරි තැන.. කාටද ඔහොම ගිනි දෙන්නෙ.. තමුසෙ ගැන හිතන මිනිස්සුන්ට හෙන ගැහුනත් කමක් නැද්ද ආ..උත්තර දෙනවා මට.."
සන්දීප් මගේ උරහිස් දෙකෙන් අල්ලගෙන සැරෙන් වගේ නොනවත්වාම කියවන් යද්දි මට දැණුනු බයනම් කියාගන්න බැරි තරම්.. මම වැරදි තමයි.. ඒත් පෝන් එකත් නැතුව කොහොම කතා කරන්නද..
"ස..න්..දී..ප්.. ම..ට.. පෝ..න්.. එක.. ගේ..න්.. අ..ම..තක.. වෙ..ලා.."
මගේ පිලිතුර මටවත් ඇහුනද කියලා සැක හිතුනා මට..
"මොකක්ද.. අමතක වෙලා.. ඇයි මගේ නම්බර් එකට commiunication එකකට ගිහින්වත් කෝල් එකක් ගන්න තිබ්බෙ නැද්ද ආ.. අඩුම තරමෙ සිද්ධිය කියන්න බැරිනම් ඉන්න තැනක්වත් කියන්න බැරිද.. දන්නවද කෝල් ම කීයක් ගත්තද කියලා.. මැසේජ් කීයක්. දැම්මද.. බැරිම තැන තමයි හොයාගෙන බංග්ලෝ එකට ගියේ.. මැණිකෙ නැන්දා කිව්වම ඔයා ගෙදරින් ගියා කියලා මගේ පපුව පිච්චිලා ගියා.. මට හිටපු තැනත් අමතක වුණා.. එතනින් එහාට පිස්සෙක් වගේ තමුසෙව හැමතැනකම හෙව්වෙ.. පාර්ක් එකෙත් බැලුවා.. දන්න හැමතැනකම බැලුවා.. ඇයි පෝන් එකක් කාගෙන්වත් ඉල්ලගෙන වත් කතා නොකලේ.. ආ..?"
" නම්බර් එක.. මත..ක නෑ.."
දැන් නම් පාරක් දෙකක් වදින තරමට ම කේන්තිය දරැණු වෙයි සන්දීප්ගෙ..
"මොකක්..? තමන් ආදරේ කරන කෙනාගෙ නම්බර් එක මතක නෑ කියලද කියන්නෙ..? ඉලක්කම් දහයක් මතක තියාගන්න බැරිද..? මටනම් මරන්න තරම් කේන්ති.. කොහෙද හා පැටියෙක් වගේ මූණ දැක්කම අතක් උස්සන්න පුළුවනෑ.. හරි සේරම ඉවරයි දැන්.. මට මේක විතරක් කියන්න.. කොහෙද ඉන්නෙ ඔයා.."
සන්දීප්ගෙ කටින් පිටවුණ හැම වචනෙකම මට දැණුනා එයාට මං ගැන තියෙන ආදරේ...
වරදක් තමයි කලේ මං ගැන මෙච්චර හිතන සන්දීප්ටයි, මැණිකෙ නැන්දටයි දුකක් දීපු එක.. මොනව කරන්නද.. යන තැනක් නොදැනනෙ පාරට බැස්සෙ මම..
'සොරි සන්දීප්.. අම්මා මට යන්න කිව්ව වෙලේ මට හැමදේම අමතක වුණා.. ගහෙන් ගෙඩි එන්න වගේ යන්න තැනක් නැතුව.. කොහෙ යන්නද කියලා.. ඔයාට කියන්න හිතුනත් බරක් වෙන්න බැරි නිසා පාඩුවේ හිටියා.. මම දැන් ආවෙත් ඔයා ගැන හිත හිත.. "
"මම දන්නවා මැණික.. ඒ මිනිස්සුනම් මිනිස්සු වෙන්න බෑ.. තරැණ කෙල්ලෙක් මහමගට දානවද.. ශික් කිසි හිතක් පපුවක් නෑ.. අම්මටයි දූටයිත් මම කියලා ආවෙ.. කරපු දේ බරපතලකම.. දැන් කොහෙද ඔයා ඉන්නෙ කියන්න.."
"මම ඉන්නෙ ලමා නිවාසෙ.. සුදු අම්මා මට කැමති කාලයක් ඉන්න කිව්වා.. එහෙ ඉදන් මගේ ගමන මම හදාගන්නවා සන්දීප්.. මට දුකක් නෑ.. මේ දේවල් මම දරාගන්නවා.. මට හයිය තියෙනවා.."
"මට කිව්වනම් මම යාලුවෙක් ලගවත් නතර කරනවා.. නැත්තම් මැරි කරලා අපේ ගෙදර ගෙනියනවා.. එන්න යමු පෝන් එකක් අරන් දෙන්න ආයෙත්.. "
සන්දීප් මාව කාර් එකට දාගෙන ආපහු වතාවක් පෝන් එකක් අරන් දෙන්න ගියා.. පව් එයා මං ගැන හිතන තරම්.., හොයන තරම්.. පුදුමයි ඒ ආදරේ..
පෝන් එකකුත් අරන් දීලා එයාගෙ නම්බර් එකත් සේව් කරලා දීලා ක්ලාස් එක ගාවින් දැම්මා එයා මාව..
"ක්ලාස් ඇරෙන ටයිම් මම එනවා.. දුවනවා එහෙම නෙවෙයි මට නොකියා.. කලින් ඉවර වුනොත් කෝල් එකක් ගන්න.. අද ඩිනර් මාත් එක්ක.. ක්ලාස් එක ඇරෙද්දි මම එනවා.. ඉන්නවා තේරැණාද.. මම බය වුණු තරමට වන්දි ගෙවන්න වෙයි.. රිටන් එක දෙන්නම්කො.. "
කාර් එකෙන් බහින්න හදද්දි හිනා වෙලා එයා එනකම් ඉන්න කියද්දි මට ඇති වුණේ පුදුම ආදරයක්.. නොකියා ආවට දැන් ඉතින් එයාගෙ ෆනිශ්මන්ට්වලට මූණ දෙන්න වෙයි.. පිස්සෙක් මේකානම්.. ක්ලාස් එකේ හැම වැඩක්ම හොඳින් කලා.. පැය හතරක් ගෙවුනා මටත් නොදැනි...
ක්ලාස් එක ඉවරවෙලා මම එලියට එද්දිත් එයා මං එනකම් ගේට් එක ගාව....
.............................................................................
*කතාවෙ විසි අටවන කොටස ඒ විදිහට අවසන් වෙද්දි සදිසිට ලමා නිවාසෙ ආයෙම දොරගුළු විවෘත වෙනවා.. ඒ අතරේ සන්දීප් හොඳටම බය වෙලා සදිසි ගැන හොයලා... කොහොම හරි දෙන්නව හම්බ වුණා.. දැන් ඉතින් සදිසිට සන්දීප්ගෙ ෆනිශ්මන්ට්වලට යටත් වෙන්නම වෙනවා.. බලමු කොල්ලා කෙල්ල වෙනුවෙන් සප්‍රයිස් එකක් දෙයිද කියලා.. එයාව ආපහු දකින්න ලැබීමත් සන්දීප්ට හීනයක් වගේ.. ඉතින් එයා ඒ හීනෙ සදිසි එක්ක බෙදාගනී.. අද රෑට දෙන්නගෙ ඩිනර් එක special වේවි.. කතාව ගැන අදහස් කමෙන්ට් කරන්න අමතක කරන්නෙපා.. ඊලග කොටස අරන් ඉක්මනටම එන්නම්.. දිගටම ඉන්න කතා පියස එක්කම..*
Dilru Don'T Copy
No comments:
Post a Comment