Pages

Wednesday, July 1, 2020



නව කථාවක්

මන්දිරයක සතුට සොයන 
සමනලී
*විසි හයවන දිගහැරැම*

 ICU එක ගාව අපි හැමෝම දෑස් දල්වා බලන් හිටියෙ ඩොක්ට එලියට එනකනුයි..නංගිගෙත් බබාගෙත් තත්වෙ බලාගන්න හිටියෙ නොඉවසිල්ලෙන්..
හැමෝගෙම ඇස්වල තිබුණේ බලාපොරොත්තුවේ ආලෝකයක්..
ඩොක්ට එලියට ආවේ තරමක් කලබලේකින්...

"ඩො...ක්ට.. කො..හොමද.. මගෙ දුවට.."

අම්මා නංගි ගැන ඩොක්ටගෙන් ඇහුවේ නොඉවසිල්ලෙන්...

"එයාගෙ ලේ නවත්තලා බෙහෙත් දැම්මා.. ඒත් සෑහෙන්න ලේ ගැලීමක් වෙලා තියෙන නිසා එයාට සිහිය ගන්න අමාරැයි.. ඊටත් වඩා එයා ප්‍රෙග්නන්ට් නිසා අපිට මොකුත් ඉන්ජෙක්ශන් එකක් දෙන්නත් බයයි.. අපිට ලේ ඕන කරනවා.. එයාගෙ බලඩ් ගෘප් එක B+ අපිට දැන් ඕන කරන්නෙ මැච් වෙන බලඩ් ගෘප් එකක්.. කෙනෙක්ව හොයන්න.. පරක්කු වෙනවා කියන්නෙ ජීවිත දෙකම අවධානමේ.."

ඩොක්ට විස්තරාත්මකව පැහැදිළි කර කිව්වේ ලේ නොදුන්නොත් දෙන්නගෙම ජීවිත අවධානමේ බවයි..

"මේ හදිස්සියේ කොහෙන්ද ලේ දෙන්න කෙනෙක් හොයාගන්නෙ.. අනේ ඩොක්ට මගේ සේරම ලේ ටික උණත් කමක් නෑ ගන්න... මගෙ දරැවාව බේරලා දෙන්න.."

අම්මගෙ මූණෙ කවදාවත් නොදැකපු අසරණකමක් මම අද දැක්කා..

"ඔයාගෙ වයසත් වැඩී.. ප්‍රෙශර් එහෙමත් තියනවා නේද.. කොහෙමද ලේ දෙන්නෙ.. වෙන කෙනෙක් ඕන.."

"මගෙ බලඩ් ගෘප් මැච් වෙන්නෙ නෑනෙ.. නැත්තම් මම දෙනවා.."

සන්දීප් ඉදිරිපත් වුණත් අවාසනාවට දෙන්නගෙ බ්ලඩ් ගෘප් මැච් වුණේ නෑ.. පව් සන්දීප්ට මෙච්චර චෝදනා කලත් එයා නංගි වෙනුවෙන් එයාගෙ ජීවිතේ වෙනුවෙන් දෙවතාවක් නොහිතම ඉදිරිපත් වෙනවා...
පස්සෙ මට එක්තරා සිදුවීමක් මතක් වුණේ එකපාරමයි...

"සන්දීප් මට මතකයි.. දවසක් මට පොඩි කාලෙ උණ හැදිලා බ්ලඩ් චෙක් කලා.. මතක හැටියට රිපෝට් එකේ තිබුණෙ බ්ලඩ් ගෘප් එක B+ වගේ.. පොඩි කාලෙ නිසා හරියට මතක නෑ.."

අඩමානෙට වගේ පොඩි කාලෙ මගෙ බලඩ් රිපෝට් එකක් මතක් වුනත් හරියටම බ්ලඩ් ගෘප් එක මතකයේ තිබුණෙ නෑ වගේ.. නංගි වෙනුවෙන් ඉදිරිපත් වෙන්න මමත් දෙවතාවක් හිතන්නෙ නෑ.. නංගිට මාව පේන්න බැරි වුණත් අදටත් මට එයා එක්ක කිසිම තරහක්වත් තරඟයක්වත් නෑ.. හරියකට අම්මෙක් තාත්තෙක්වත් නොදන්න මට සවින්දි මදනායක වගේ කෙනෙක් එක්ක තරඟ කරන්න තියා හැරෙන්නවත් පුළුවන්ද.. අම්මයි නංගි යි විරැද්ධ වෙයි මම ලේ දෙන්න කැමති වුනත්.. ඒත් මගේ යුතුකම වෙනුවෙන් මම ඉදිරිපත් වෙන්න සූදානම්...

"සදිසි ඔයාගෙත් B+ නම් ලේ දෙන්න පුළුවන් ඉක්මනට ඩොක්ටට කියන්න.."

සන්දීපගෙත් මගෙත් අතර වුණු සංවාදයෙන් අන්තිමට තීරණය කලා මගෙ බ්ලඩ් හරියටම චෙක් කරලා බලන්න ඕන කියලා...

"ඩොක්ට.. මට පුළුවන් වෙයි.. චෙක් කරලා මාව ගන්න.."

මම ඉදිරිපත් වුණේ අම්මා දිහාත් බලලයි..

"වට්.. තමුන්.. නෝ.
මගෙ දුවට තමුසෙ වගේ ජරා කෙල්ලෙක් ලේ දෙන්න ඕන නෑ.. තමුන් නිසයි මේ සේරම.. සල්ලි තියෙනවා ඕන තරම් මට.. ඩොක්ට සල්ලිවලට ලේ දෙන්න අය ඕන තරම් ඉන්නවා ඉක්මනට හොයාගන්නම්.."

හිතුව වගේම අම්මා මගෙන් නංගිට ලේ දෙන්න කැමති වුණේ නෑ.. සමහරවිට ඒක එයාට මදිකමක් වෙන්න ඇති..

"අනේ අම්මෙ.. නංගිගෙ ජීවිතේ අනතුරේනෙ.. අපේ ප්‍රශ්න මෙතනට ඇදලා නොගෙන ඉමු.. ලේවල ඒ දේවල්වල ලියවිලා නෑනෙ.. මුලින් නංගිව හොඳ කරගමු.. ඊටපස්සෙ අනිත් දේවල් ගැන බලමු.."

මම බැගෑපත් වුණේ මේ අවස්ථාවේ නංගිගෙයි දරැවගෙයි ජීවිත තරම් වෙන කිසිම දෙයක් වැදගත් නොවෙන නිසයි.. මේ සිටුවේශන් එක අම්මා තේරැම් ගත්තොත් හොඳයි...

"මෙයා කියන කතාව ඇත්ත මිසිස් මදනායක.. අපි විනාඩියක් හරි ලේට් වෙනවා කියන්නෙ සවින්දිගෙ ජීවිතේ තවත් අනතුරැදායක වෙනවා..."

මගේ ඉල්ලීම නිසත් ඩොක්ටගෙ අවවාද උපදෙස් නිසත් අවසානයේ අම්ම මගේ ඉල්ලීමට එකඟ වුණා.. මම විශ්වාස කලා.. අම්මෙක් තමන්ගෙ දරැවා තරම් වෙන කිසිම දෙයක් වැදගත් නොවන බව.. මට කොහොම සැළකුවත් අම්මා නංගිට පණ ඇරලා ආදරේ බව...
වාසනාවට වගේ මගේ ලේ නංගිගෙ ලේ වලට මැච් වුණා..  ලේ දෙන ගමනුත් මම කල්පනා කලේ මේ වෙන සිදුවීම් ගැනයි.. සන්දීප්ට නංගි ආදරේ කරනවා.. මමත් එයාට ආදරෙයි.. අවංකව ම.. ඒත් නංගිට දුකක් දීලා කොහොමද එයාව මගේ කරගන්නේ.. නංගි මෙයිට වඩා නපුරක් කරගත්තොත්.. මට බයයි.. එයා මට කොච්චරනම් නපුරැකම් කරනවද.. තවත් මගෙන් මොනව උදුරගන්නද නංගි.. අද මම එයාට ලේ දෙනවා.. දවසක එයාගෙ කුසේ ඉන්න දරැවටනම් එයාගෙ නරක ගතිගුණ එන්නෙපා... එයා එයාගෙ සීයා වගේ වෙන්න.. ආච්චිගෙවත්, අම්මගෙවත් ගතිගුණ එයාට ලැබෙන්න එපා...

"දැන් හරි නැගිටින්න.. දැන්ම යන්නෙපා.. පැයක්වත් හොස්පිටල් එකේ ඉන්න.. ඔයාට මොකක්ම හරි අවුලක් දැණුනොත් ඉක්මනට කියන්න.. සවින්දිට දැන් සිහිය එයි.. ඔයා කලේ ලොකු පිනක්.. ජීවිත දෙකක් බේරැවා එකපාරම... "

ඩොක්ට හිනාවෙලාම කියද්දි මමත් හිනාවෙලා එලියට ආවෙ නංගිට දැන් සිහිය ඒවි කියලා හිතාගෙනයි.. මම එළියට එද්දිත් සන්දීප් දොර දිහාම බලන් හිටියේ ICU දොර කාෙයි මොහොතේ විවෘත වේදෝ කියා මගබලමින් හිටිය වගෙයි... මාව දැක්ක ගමන් සන්දීප් දුවගෙන ආවෙ මගෙ ලගටයි..

"සදිසි මැණික.. ඔයාට කොහොමද. ලේ මැච් වෙලා නේද.. අරගෙන තියෙන්නෙ.. ඔයාට ක්ලාන්තෙ වගේ නෑනේද.. මම මොනා හරි ගේන්නද බොන්න..," 

හුස්මක් නොගෙනම සන්දීප් දිගටම අහන් යද්දි අනේ මන්දා ප්‍රශ්න අස්සෙ වුණත් මට හිනා.. මං ගැන හිතන තරම්...

"අයියෝ ලේ මැච් වුණා... මට අවුලක් නෑ අනේ.. ඔයා වද වෙන්නෙපා.. මම හොඳින්.. නංගිටත් දැන් සිහිය එයි.."

"ඔයානම් පුදුමයි සදිසි.. ඔයාට මෙච්චර දේවල් කරලත් ඔයා එයාට තාම ආදරෙයි.. සලකන්නෙ ඔයාගෙම නංගි වගේ.. දැන් ඉතින් එයාගෙ ඇගෙත් දුවන්නෙ ඔයාගෙ ලේ නෙ.."

සන්දීප් එයාගෙ අත් දෙකෙන් මගෙ කම්මුල් අල්ලගෙන මං ගැන වර්ණනා කලේ ආඩම්බරෙන් යුක්තවයි..

"ආ ඒකට කමක් නෑ... ඒ ගැන නංගිට කියන්නෙපා.. එයා ආපහු සුවිසයිඩ් කරගනීද.. මගේ ලේ බාලයිනෙ එයාලා එක්ක බලද්දි..."

දෙවියන්ට පින් සිද්ධ වෙන්න නංගිට සිහි ආවා.. අම්මත් මමත් අපි කවුරැවත් එයාට ලේ දුන්නෙ මම කියලා නොකියා ඉන්න වග බලාගත්තා.. ඒකට හේතුවත් නංගිගෙ ගතිගුණ හා නපුරැකමයි ...
හවස් වුණ නිසා සන්දීප් මාව ගේ ගාවින් ඇරලලා යන්න තීරණය කලා.. වෙච්ච දේවල් එක්ක මට එයාගෙ මූණ බලන්න ලැජ්ජ හිතිලත් හිටියෙ.. ඒත් මගේ අතේ වරදක් නෑනෙ... වාහනේ එද්දිත් අපි අතරෙ තිබුණෙ නිහඬියාවක්.. පිරිමි හිතක් වුණාට ඒ හිතත් දැන් උත්තරයක් නැති ප්‍රශ්නෙක පැටලිලා.. එලොවක් මෙලොවක් තෝරගන්න බැරැව ඉන්නවා ඇති... මට ආදරේ නිසා මට ලංවෙන එක එයාගෙ ආසාව.. ඒත් නංගි කරන වැඩ නිසා එයාට මට ලංවෙන්න විදිහක් නෑ.. මටත් එයාට දෙන්න විසඳුමක් නෑ.. ආදරේ කලත් අපි දෙන්නම අසරණයි දැන්...

"සදිසි..."

නිහඬියාව මැදින් එයාගෙ හඬ අවදි වුණේ තරමක් කලකිරැණු ස්වභාවෙන්...

"ම්ම්ම්.."

"තරහද..?"

"නෑ ඇයි.."

"මේ වෙන දේවල් එච්චර හරි නෑ සදිසි.. අනේ මන්දා සවින්දි ගෙ වැඩ.. මේවට වගකියන්න ඕන ආන්ටි.. සවින්දි දරැවගෙ තාත්තා කවුද කියලවත් දන්නෙ නෑ.. ඒකත් මගේ පිට දානවා.. වරදක් වුණා.. හීනෙකින්වත් ඔයාට වරදක් කරන්න හිතුවෙ නෑ සදිසි මම.. මට මගෙ හැගීම් පාලනය කරගන්න බැරැවයි එහෙම වුණේ..මට ඔයාගෙ මූණ බලන්නත් ලැජ්ජයි.. ඒත් මාත් පිරිමියෙක්නෙ සදිසි.."

සන්දීප් තාමත් ඉන්නෙ නංගි එක්ක ගැරිජ් කාමරේ සිදුවුණ දේ ගැන තැවුලෙන්..

"ඔයාගෙ වරදක් නෑ සන්දීප්.. කෙල්ලෙක් දැනගන්න එපැයි තමන්ගෙ ගෞරවය රැකගන්න.. ඒ සිද්ධිය ගැන ඔයා හිතන්නෙපා වැඩිය.. ඒක මම අමතක කලා.."

අමාරැවෙන් වුණත් මම එයාගෙ හිත හදන්න තීරණය කලේ එයාට මේ දේවල් මටත් වඩා තදින් දැණුනු බව තේරැණ නිසයි..
කතාවෙන්ම ගේට් එක ගාවටම ආව බවක් මට තේරැණේ නෑ.. එයා කාර් එක නතර කරද්දියි මම වටපිට බැලුවේ.. එතකොටයි දැක්කෙ මම ඉන්න අපාය ගාවටම මම ඇවිත් කියලා.. 

"මම යනවා සන්දීප්.. පරිස්සමෙන් යන්න ඔයත්.."

එයාට සමුදීලා මම කාර් එකෙන් බහින්න හැදුවත් එකපාරටම එයා මගෙ අතින් අල්ලලා මාව නතර කලා..

"ඇයි මේ..?"

"මට ආදරෙයි නේද..?"

බහින්න නොදී මගේ අතින් අල්ලගෙන මම එයාට ආදරෙයිද කියලා අහද්දි එයාගෙ මූණෙ තිබුණෙ එයා වැරදිකාරෙක් මට වරදක් කරලා ඒකට පසු තැවෙනවා වගේ අමුතුම අසරණකමක්.., පසුතැවීමක්.. නොකියා ඉන්නෙ කොහොමද මම.. එයා ගැන ඇතිවුණ ආදරය වෙන කිසිම කෙනෙක් වෙනුවෙන් ආයෙමත් ඇතිවෙන්නෙ නෑ කියලා..

"හ්ම්ම්.."

බිම බලාගෙනම උත්තර දුන්නෙ ලැජ්ජාවකුත් දැණුනු නිසයි..

"ඔහොම බෑ.. ගොඩක් ප්‍රශ්න වුණා සදිසි.. මගේ ඔළුව තෝන්තුවෙලා... උත්තර හෙව්වට ප්‍රශ්නමයි ඒත්.. අඩුම තරමෙ මට මගෙ ආදරේවත් නිදහසේ විඳින්න  ඉඩක් නෑ... මට ආදරෙන් කිස් එකක්වත් දෙන්න.. අඩුම තරමෙ සැනසීමක් දැනෙයි.."

එයා මගෙන් කිස් එකක් ඉල්ලනවා.. එයා ප්‍රශ්න අතර පුංචි හරි සැනසීමක් හොයනවා.. මගෙ දෙතාෙල්වලින් එයාට එච්චරනම් සැනසීමක් ලැබෙනවද..??
නොදී ඉන්නෙ කොහොමද මටත් ඕන ඒ හිත හදන්න.. ඒත් දෙන්නෙ කොහොමද ලැජ්ජයි මම.. අහිංසක විදියට මං දිහා බලන් ඉද්දි පිටුපාලා යන්නත් දුකයි..මොකද කරන්නෙ මම.. මේ ප්‍රශ්නවලට වඩා මේ ප්‍රශ්නෙ මාව හොඳටම අමාරැවේ දැම්මනෙ..

"මොකෝ ඔච්චර හිතන්නෙ ඉබ්බි.."

තවත් මොහොතක්වත් නොරැදි එකපාරටම එයාගෙ නළලට එබිලා හදිස්සියේම පුංචි හාදුවක් තියලා කාර් එකෙන් බැහැලා කාමරේටම දිව්වෙ පස්සවත් නොබලයි.. ඒ තරම් ලැජ්ජයි මට.... ඒත් මේ මම මගෙ ආදරේ ප්‍රකාශ කරපු පලවෙනි හාදුවයි.. මේ දවස මට අමතක වෙන එකක් නෑ කවදාවත්...
එදා රෑ ගෙවී ගියේ දහවතාවකටත් වඩා මට මම දුන් මුල් හාදුවේ පහස මතක් කරමින්...

...............................................................................

උදේම මමත් ලෑස්ති වුණේ නංගි බලන්න යන්නයි.. අම්මා මාව එක්ක යන එකක් නෑ.. මැණිකෙ නැන්දටත් නංගිව බලන්න ඕන කිව්ව නිසාම අපි දෙන්නා ලෑස්ති වුණේ බස් එකේ යමු කියලයි..

"ආ කොහෙද මේ යන්න ලෑස්ති වෙලා ඉන්නෙ දෙන්නා.."

අම්මත් ලෑස්තිවෙලා අපෙන් ඇහුවේ තරහින් වගෙයි...

"අම්මෙ අපි මේ.. නංගි බලන්න යන්න හැදු.."

මට කියාගන්න ලැබුණෙ එච්චරයි..

"මොකක්.. තමුසෙ මොකටද හොස්පිටල් යන්නෙ.. තමුසෙ සවින්දිට ලේ දුන්නට හිතන්නෙපා මේ දේවල් වලින් ලේසියෙන් ගැලවෙන්න.. සන්දීප් අල්ලගෙන සවින්දිව අනාථ කරන්න මම තමුන්ට ඉඩ තියන්නෙ නෑ කොහොමත්.. අනික අද සවින්දිව ඩිස්චාර්ජ් කරනවා.. එයා තමුසෙගෙ මූණවත් දකින්න කැමති නෑ..තීරණයක් ගන්නවා.. මම එඩ්වඩ් නිසාවත් මේ පාර ඉවසන්නෙ නෑ.." 

"අම්..මෙ.. මොකක්ද කියන්න හදන්නෙ.."

"සවින්දිටයි තමුසෙටයි දෙන්නටම මේ ගෙදර ඉන්න බෑ..."

අම්මගෙ කතාවට මට දැණුනෙ අහස කඩාගෙන මගෙ ඔළුව උඩටම වැටුණා වගේ.. මේ මොකක්ද වෙන්නෙ ඒ පාර.. අම්මෙක් තාත්තෙක් හරියකට නැති මම කොහේ යන්නද..

"ම...ම.. කො...හේ.. යන්..නද..අම්..මෙ..?"

උහුලගන්න බැරි තැන කඳුළු කැට ඇස් දිගේ බේරෙවා.. කඳුළු වලට පුළුවන්ද.. මට හෙවනක් දෙන්න.. නෑ.. යන එනමක් නෑ මට..

"කොහේ හරි යනවා.. මේක මගේ තැන.. මගේ තැනින් යනවා.. කොයි ලෝකෙ ගියත් මට කමක් නෑ.. මම සවින්දිව ඩිස්චාර්ජ් කරන් එද්දි තමුන් අපේ ඇස්වලට පේන්නවත් ඉන්නෙපා.. යනවා රෙදි ටික පැක් කර ගන්නවා.. කවුද දන්නෙ අම්මා තාත්තා මොනව කරලා තමුසෙ හැදුවද කියලා.. අම්මට හරිහමන් මනුස්සෙක් නැතුව ඇතිනෙ තාත්තා කවුද කියන්න.. ඒකනෙ දාලා ගියේ.. අපිත් ගෙනාවා මෝඩකමට.. ඒක තමයි සවින්දිටත් තමුන්ට තමුන්ගෙ අම්මා තාත්තා කරපුදේම කරන්න හදන්නෙ.. අපි එද්දි තමුන් මෙහෙ ඉන්නෙපා.."

අනේ මේ අම්මෙක් කියන කතාවක්ද.. මමත් දුවෙක්නෙ කාගෙ වුණත්.. අම්මා තාත්තා නැතුව මම කොහේ යන්නද.. මේ වචන මාව පණපිටින් මරණවා වගෙයි දැනෙන්නෙ...

"අනේ ලොකු නෝනා.. සදිසි බේබි කොහේ යන්නද.. අනික තරැණ සන්දියේ කෙල්ලෙක්නෙ.. කරදරයක් වුනොත්.. අනේ එහෙම කරන්නෙපා.."

මාව තමන්ගෙම දරැවෙක් වගේ බලාගන්න මැණිකෙ නැන්දට නම් මේක අදහගන්න බැරි කතාවක් වගේම දුකක්...

"මැණිකා.. ඔයා මේවට කට දාන්නෙපා.. එඩ්වඩ්ගෙ සමහර වැඩවලට මට හොරෙන් තමුනුත් උදව් කලා.. හිතන්නෙපා මම අමතක කරලා ඉන්නවා කියලා.. සදිසි තමුසෙ අපි එන්න කලින් අපේ දෑහට නොපෙනි යනවා.. ආය මේ බංග්ලෝ එකේ දොරවල් තමුන් වෙනුවෙන් ඇරෙන්නෙ නෑ..,"

අම්මා අවසාන වතාවටත් අවධාරණය කරලා කිව්වෙ මට මේ ගෙදරින් යන්න කියලයි.. අම්මා කාර් එකේ ගේට් එකෙන් එලියට යනකම්ම මම හිටියෙ එකම තැන ගල් වෙලා වගේ කිසිම දෙයක් මතකයක් නැතුව..
ඇයි දෙවියනේ මට මෙහෙම කරන්නෙ..
 මටම කියලා කතා කවුරැවත් නැති තැන මම කොහේ නම් යන්නද.. මහ පාර හෙවනක් වෙයිද මට... මම හිටපු තැනම බිම වාඩි වුනේ මටත් නොදැනි මගෙ මුළු හදවතම මගේ ලග කඩා වැටෙද්දි...

සොයා යන්නද මහ මගක මම කාගෙ හව්හරණක්..
මව් කිරිද මට අහිමි වූවා ඉතින් ලැබේවිද හෙවනක්..
කිසිදෙයක් මට සිතන්නටවත් නෑ හදවතේ සැනසුමක්...
මගේ පිළිසරණට කවුරැ හෝ මට දිගු කරයිදෝ දෑතක්...

කඳුළු නවතින්නෙ නෑ.. තාමත් මගෙ හුස්ම ගැහෙනවා.. ඒකත් මම කරපු කරැමයක්...

..............................................................................


*ම්.. කතාවෙ තවත් කොටසක් අවසන් වෙනවා.. කතාවෙ තව ටිකයි තියෙන්නෙ.. සවින්දි අද ජීවත් වෙන්නෙ සදිසි නිසා.. සදිසිගෙත් සවින්දිගෙත් ලේ එකට මැච් වුණා.. ඒකෙන් සවින්දි දරැවත් එක්කම බේරැණා.. ඒත් සවින්දිගෙ නොහොබිනාකම් වලට සදිසිට වන්දි ගෙවන්න වෙලා.. නිලන්ති මදනායක සදිසිට ගෙදරින් යන්න කිව්වා අම්ම කවුද කියලා දැනගත්තත් එයා ඉන්න තැනක්වත් නොදන්න සදිසි දැන් කොහේ යන්නද.. හිතක් පපුවක් නැති නිලන්ති මදනායක තවත් එක කෙල්ලෙක් එලියට ඇදලා දැම්මා නරක විදිහට.. සදිසිට දැන් කවුරැ පිහිට වෙයිද.. කොහේ යයිද සදිසි.. මේ දුක දරාගනීද එයා කොහොම.. ඊලග කොටස ඉක්මනට දෙන්නම්.. කතාව ගැන අදහස් කියන්න අමතක කරන්නෙපා..කතාවෙ තව ටිකයි තියෙන්නෙ.. දිගටම ඉන්න කතා පියස එක්කම..*
Dilru Don'T Copy

No comments:

Post a Comment