Pages

Tuesday, June 30, 2020



නව කථාවක්

මන්දිරයක සතුට සොයන 
සමනලී
*විසිපස්වන දිගහැරැම*


"සවින්දි.. බබා.."

"සවින්දි.."

"නංගි.."

අපි හැමෝම බයෙන් කෑ ගැහුව්වේ ඊලග තත්පරයේ වෙන්න යන දේ කිසි සේත්ම හොඳ දෙයක් නොවෙන නිසාවෙන්..

"කවුරැත් එන්නෙපා ලගට.. අයි වෝන්ට් සන්දීප්.. මට සන්දීප් ව ඕන.. හොඳින් හරි නරකින් හරි.. නැත්තම් මම සුයිසයිඩ් කරගන්නවා.. "

නංගි අතේ තිබුණේ වෙඩින් කේක් එක කපන්න තිබුණු පිහියයි.. තමන්ගෙම අතට තියාගෙන කාටවත්ම ලගට එන්නත් නොදී නංගි ඒ පාර මේ කරන වැඩේ මොකක්ද.. මම හොඳටම බය වුණේ නංගි මොනා හරි කරගනීද කියලයි.. අම්මත්, සන්දීප්ගෙ අම්මත් අපි හැමෝම කෑ ගැහුවේ නංගි අත කපා ගනීදෝ කියලා බයෙන්..

"සවින්දි බබා.. ප්ලීස් පිහිය අහකින් තියන්න.. මම ඔයාට ලංකාවෙම ඉන්න හැන්ඩ්සම් ම බෝයිව හොයලා දෙන්නම්... ප්ලීස් බබා පිහිය අහකට ගන්න.."

ජීවිතේ පලමුවතාවට අම්මා කාට හරි බැගෑපත් වෙනවා මම දැක්කා.. මොනව වුණත් සවින්දි තමයි අම්මගෙ හැමදේම.. සවින්දි මේ තරම් නරක් වෙන්නත් ඒ ආදරේම හේතුවක් වෙන්න ඇති...

"නෝ මමී.. සවින්දි මදනායක දෙයක් ඕන කියලා හිතුනොත් ඒක ඕනිමයි.. මේ ලෝකෙ මම ආස කරන දෙයක් වෙන කෙනෙක්ට ලබාගන්න දෙන්නෙ නෑ මං.. මට අයිති වෙන්නෙ නැත්තම් ඒ දේ වෙන කෙනක්ට අයිති වෙන්න දෙන්නෙත් නෑ මං.."

මෙච්චර දේවල් සිද්ද වෙලත් තාමත් නංගිගෙ දුශ්ටකම් හා කුහකගතිය අඩුවෙලා නෑ..
කොච්චර කිව්වත් මට මොන දේ කලත් මගේ හිතේ නංගි ගැන කිසිම තරහක් නෑ..

"අනේ නංගි මොකද ඔය කරන්නෙ.. ඔය පිහිය අහකට දාන්න නංගි ප්ලීස්.."

මමත් නංගිව වළක්වන්න උත්සහ කලේ නංගි මගේ එක කුසේ උපන් සහෝදරිය නොවුනත් මම එයාට පුදුම තරම් ආදරේ නිසයි...

"තමුන් කවුද මට අණ කරන්න.. ආහ්..? තමුන් නිසයි මේ සේරම.. ඩැඩීගෙ එකම දුව මම වෙලත් මට තමුන් එක්ක පොඩි කාලෙ ඉදන් හැමදේම බෙදාගන්න වුණා.. තමුන් මගෙ ඩැඩීවත් උදුරගත්තා..එයා තමුසෙට තරම් මට ආදරේ දීලා නෑ කවදාවත්.. එයාගෙ එකම දුව මම වෙලත්.. මගේ හැමදේම උදුරගත්තා තමුන්.. දැන් සන්දීප්.. එයාව මට නැති වෙන්නෙත් තමුන් නිසයි.. මේ හැමදේටම වග කියන්න ඕන තමුන්..මගෙන් කිසිම සමාවක් නෑ සදිසි තමුසෙට.. මට සන්දීප් ව ඕන.. නැත්තම් මම අත කපාගන්නවා.." 

දෙවියනේ නංගි කියන කතාවත් ඇත්ත.. නංගිට හැමදේම නැතිවුණේ මම හින්දා.. ඒත් මම දැනුවත් ව වරදක් කලේ නෑ.. හිතා මතා නංගිගෙන් කිසිදෙයක් උදුරගත්තෙ නෑ.. කාට කියන්නද මේ දුක...

"මොනවද කියන්නෙ.. සදසි මොකක්ද කරපු වරද ආ.. මමයි සදසිට ලංවුණේ.. මම ඔයාට එදා ඉදන් කැමති නෑ.."

සන්දීප් පහු බහින්නෙ නෑනෙ.. නංගිව නවත්තන්නෙ කෙහොමද දැන්... 

"අනේ සන්දීප්.. නංගිව නවත්තන්නකො.. එයා ඉන්න තත්වෙ එක්ක පොඩ්ඩක් හිතන්න ප්ලීස්.." 

සන්දීප් ලග මම අඬමින් ම බැගෑපත් වුණේ මොනවා වුණත් දැන් එයාගෙ කුසේ දරැවෙක් වැඩෙන නිසයි...

"සන්දීප්.. මාව මැරි කරනවද නැද්ද.. මට ඔයාව ඕන.. අද අපි මැරි කරන්නම ඕනි..."

"එ..හෙම කරන්න බෑ.. මම ආදරේ කරන්නෙ සදිසිට.. මට ඔයා මගෙ නංගි වගෙයි.. කියන්න.. ඇත්තටම බබාගෙ තාත්තා කෝ.. කොයි ලෝකෙන් හරි මම එයාව මෙතනට ගේනවා.."

සන්දීප් නංගිට සලකන්නෙ එයාගෙම සහෝදරියෙකුට වගේ..

"නෝ සන්දීප්.. මට දැන් ඕන ඔයාව.. මාව මැරි කරනවද කියන්න.."

සන්දීප් මොන දේ කිව්වත් නංගිට ඕන බලහත්කාරෙන් හෝ සන්දීප්ව එයාගෙ කරගන්නයි..

"නෑ.. මම ඔයාව මැරි කරන්න කැමති නෑ.. සදිසි තමයි මගෙ හිතේ ඉන්න එකම කෙනා.. සදිසිට ඇරෙන්න ඒ තැන වෙන කෙනෙක්ට ගන්නත් බෑ.."

"නංගී..............."

මට කෑ ගැස්සුනේ ඉබේමයි.. නංගි එකපාරටම පිහියෙන් එයාගෙ අත සීසීකඩ පාරවල් ඇඳ ගද්දි අත දිගේ ලේ බේරන්න ගත්තේ උල්පතක් මතුවුණා වගෙයි.. මගෙ අත්දෙකන්ම මුහුණ වහගත්තේ බලන් ඉන්න බැරි තැනයි.. මුළු හෝල් එකම නොසන්සුන් වෙලා.. මේ තරම් දරැණු දෙයක් කරගන්න තරම් නංගිගෙ හිත එතරම් දරැණුද.. තමන්ගෙ අරමුණු දිනන්න තමන්ගෙම ජීවිතේ අනතුරේ දාගන්න මේ වගේ දරැණු හිත් තියෙන අයට තමන්ගෙ උවමනා වෙනුවෙන් තවත් කෙනෙක්ගෙ ජීවිතයක් උදුරගන්න එක මොන තරම් සුළු දෙයක්ද.. අත දිගේ ලේ වැගිරෙද්දී නංගි බිම ඇද වැටුණේ සිහිසුන්වයි...

"සවින්දි බබා... අනේ මොකද මේ කරගත්තේ.. කතා කරන්න මගෙ දුව.. කතා කරන්න.. ඇස් අරින්න.."

නංගි වැටුණු තැන එකම ලේ විලක් වෙද්දී අපි සැවොම නංගි ගාවට දිව්වේ කලබලයෙන්..

"නංගි.. අනේ උදව් කරන්න.. නංගි මොනවද මේ කරගත්තේ.."

දරාගන්න බැරි තරම් දුකක් හිතට එද්දි නංගිගෙ කම්මුල් දෙකෙන් අල්ලා හෙලවූයේ සිහි ඒවිදෝ බලමින්..

"අයින් වෙයන් ජරා කෙල්ල.. උඹ නිසා තමයි සේරම.. අත තියන්නෙපා සවින්දිට.. උඹේ කරැමක්කාරකම නිසයි සේරම... 
අනේ කවුරැ හරි උදව් කරන්න.. හොස්පිටල් එකට මෙයාව ගෙනියන්න.."

අම්මගෙ වචන මගෙ හදවතට පිහියෙන් අනිනවා වගේ වෙද්දි මම නංගි ගාවින් අයින් වුණේ ඇස්වල කඳුළු පිහදාමින්.. තවත් එක තත්පරයක් හෝ පරක්කු නොවී සන්දීප් තමන්ගෙ දෝතට සවින්දිව ගත්තේ හොස්පිටල් එකට යන්නයි.. මොන දේ වුණත් සන්දීප්ගෙ තියෙන්නෙ උණුවෙන හදවතක්...
නංගිව ප්‍රයිවට් හොස්පිටල් එකට ඇඩ්මිඩ් කරද්දිවත් නංගිට සිහි තිබුණේ නෑ.. අම්මා අඬනවා නතර කරන්නෙම නෑ..
මම දෑත් එකතු කර දෙවියන්ගෙන් ඉල්ලුවේ නංගිට කිසිම කරදරයක් වෙන්නෙපා කියලයි.. නංගිවත් එයාගෙ කුසේ වැඩෙන දරැවවත් ආරක්ෂා කරලා දෙන්න කියලයි.....

...............................................................................


*කතාවෙ තවත් කොටසක් ඒ විදහට අවසන් වෙද්දි සවින්දි එයාට ඕන දේ ලබාගන්න එයාගෙ ජීවිතේම අනතුරේ දාගත්තා.. ඒ තරම් දරැණු හිතක් තියෙන කෙනෙක්ට ඕනම දෙයක් කරන්න පුළුවන්..  සවින්දි ලේ විලක් මැද වැටිලා ඉද්දි එයාව හොස්පිටල් ගෙනියන්නත් ඉදිරිපත් වෙන්නෙ සන්දීප්.. ඇත්තටම එයා හොඳ චරිතයක්.. දැන් සවින්දිත්, එයාට ලැබෙන්න ඉන්න බබාටත් කරදරයක් වේවිද.. බේරගන්න පුළුවන් වෙයිද ඒ දෙන්නව... අවසානයේ අකමැත්තෙන් වුණත් සන්දීප්ට සවින්දිව බඳින්න වේවිද.. ඊලග කොටස අරන් ඉක්මනටම එන්නම්.. කතාව ගැන ඔයාලගෙ අදහස් කමෙන්ට් කරන්න අමතක කරන්නෙපා.. දිගටම ඉන්න කතාපියස එක්කම..*
Dilru Don'T Copy

No comments:

Post a Comment