Pages

Friday, June 5, 2020




නව කථාවක්

මන්දිරයක සතුට සොයන 
සමනලී
* දෙවන දිගහැරැම*


"මම වැරදි වෙලාවක ද ආවෙ.. පිස්සියෙක් වගෙ පාර පනින්න ගිහිං තව පොඩ්ඩෙන් මාත් හිරේ.. මෙලෝ සිහියක් නැතුව බෑග් එකයි පර්ස් එකයි මහ පාර මැද දාලා දිව්ව නේද.. මම මේ එ්ක දීලා යන්න ආවේ.. "

මේ මනුස්සයා මාව හොයන් හොටෙල් එකටත් ඇවිත්.. මගෙ පර්ස් එකයි බෑග් එකයි අරන් ඇවිත්... හොටෙල් එක අැතුලෙත් වෙච්ච සිද්ධිය ඇදලා අරන් මට අපහස කරනවා.. නංගිලත් ඉස්සරහ පිට.. ඒත් අද කාලෙ සල්ලි හංගලවත් පරිස්සම් කරන්න බැරි එකේ මේ මනුස්සයගෙ යහපත් ගතිගුණ අද මගෙ ජීවිතේ බේරැවා වගේ අම්මගෙන් බැනුම් කෝටියක් අහන්න තිබ්බ ඉඩහසරත් අවහිර කලා...

"අනේ තෑන්ක්ස්... ලොකු උදව්වක් කලේ.."

මේතරම් යහපත් මනුස්සෙක්ට කෘත ගුණ වශයෙන් ස්තූති කරන්න අමතක නොකල යුතුමයි..

"මට ඔයාගෙ ස්තූතිය ඕනි වෙන්නෙ නෑ.. මම යනවා.."

කොච්චර යහපත් මනුස්සයෙක් වුනත් මහන්තත්ත කම නම් ඇඟ පුරාම බව පසක් වුනේ මගේ ස්තූතියවත් පිලිනොගත් නිසයි...

ඒ මේ... මාර හැන්ඩ්සම් පොරක්නෙ.. ඔයාද මෙයාගෙ ජීවිතේ බේරැවේ.. මේ අපේ ගෙදර සර්වන්ට්..."

සවින්දි මාව තරැණයාට හඳුන්වා දුන්නෙ වැඩකාරියෙක් ලෙසටයි.. කියාගත නොහැකි දුක එක්කම මම එතනින් පිටවුනේ පිටස්තරයන් ඉදිරියේ තවත් අපහස විඳිය නොහැකි නිසාවෙන්...
එ්ත් සවින්දි එ් කොල්ල එක්ක කතා කරපු විදිය වැරදි.. කෙල්ලෙක්නෙ මේ ගැන එයාට කියන්න ඕන.. කොල්ලො එක්ක ඔහොම පැනලා කතා කරන්න හොඳ නෑ.. නංගි ගෙදර එයිනෙ අද.. ආවම මම අම්ම ඉස්සරහම කියනවා.. බැන්නත් කමක් නෑ.. ඔහොම ගිහින් එයා අමාරැවෙ වැටෙයි..
වෙනදට වඩා සවින්දි ගෙදර එන්න ගොඩක් ම පරක්කු වුනේ ගෙදර කාටවත් ම හිතා ගන්න බැරැවයි...

" වාහනය අාවා වගෙ.."

කාර් එක ගරාජ් කාමරයට යද්දි අපි අපේ හිත හදාගත්තෙ නංගි ආවා කියලා දැනගත්ත නිසාමයි...

"බබා අැයි මේ පරක්කු.."

"මමී ඔයත් දැන් මේ තර්ඩ් ක්ලාස් කෙල්ල වගේ වුනාද.. දන්නවද අද මේ කෙල්ල මගෙ යාලුවො ඉස්සර මට ලැජ්ජ කලා මමී.. වස නෝන්ඩිය මට"

එන්නත් කලින් ම මටත් වඩා ඉස්සර වූ නංගි බොරැත් එක්ක කියන්න ගත්තෙ මට අම්මගෙන් බන්න වන්න කියලා මම දැනගත්තෙ නංගි කවදත් එයාගෙ වැරදි වහලා මට බොරැවට චෝදනා කරන නිසයි..

"ඇයි බබා මේකි මොකද කලේ ඔයාට.."

සුපුරැදු පරිදි සවින්දි ගෙදර එන්න පරක්කු වූ බවක් ද අම්මට අමතක විය...

"අද මම යාලුවො එක්ක හොටෙල් එකේ ඉද්දි මේකි එතනට අැවිත් මගෙන් ඇහුවා මොකද කරන්නෙ කියලා..යාලුවො මට හිනා වුනත් එක්ක.. අනික මෙයා එඩ්වඩ් මදනායකගෙ දුව කිය කිය පෝසත් හැන්ඩ්සම් කොල්ලො එක්ක අැවිදිනවා.."

නංගි එහෙම කියද්දි මට මගෙ ඇස් අදහගන්න බැරිවුනේ මේ කුමන චෝදනාවක්දැයි සිතාගත නොහැකිවයි..

"අා.. මේකද අලුත් නාඩගම.. එ් පාර එඩ්වඩ්ගෙ නම විකුණලා කොල්ලො අල්ලගන්නවද.. අමතක කරන්නෙපා තමුන් එඩ්වඩ් ට  ඉන්නෙ එක දුවයි.. මම මේක එඩ්වඩ්ට කියනවා කෝල් අරන්.. එයානෙ තමුන්ව කරේ තියන් ඉන්නෙ.. අනික සවින්දිගෙ ඉස්සරහට ගිහින් එයාට ලැජ්ජ කරන්නත් එපා..තමුන් මෙහෙ තාම ඉන්නෙ එඩ්වඩ් නිසා.. ඒකත් නැතිවෙයි.."

සවින්දි කිව්ව බොරැවත් අම්මා එක පයින්ම විශ්වාස කලා.. මේ මොකද දෙවියනේ.. මේ තරම් අවනම්බුවක්..

"අනේ එහෙම එකක් නෑ අම්මා... මේ මම අැක්සිඩන්ට් වෙන්න ගිහින්..."

"මොකක්ම හරි හේතුවක් තියෙනවා කියන්න නේද.. යනවා ඇතුලට ආපහු සවින්දිගෙ දේවල් වලට ඇගිලි ගහන්නෙපා..එඩ්වඩ් ටත් මම මේ සේරම කියනවා.."

මේ බංගලාවෙ මට පක්ෂපාතී තාත්තා සහ මැණිකෙ නැන්දා පමණයි.. තාත්තාවත් නැති වුනොත් මට දරාගන්න බැරිවෙයි... මා තැති ගැන්වූ ප්‍රබලම හේතුව එයයි...

.............................................................................

"මොකද සදිසි බේබි සුදෙන්ම ඇඳගෙන.. මලගෙදරකවත් යන්නද..."

මැණිකෙ නැන්දා ප්‍රශ්න කලේ මම සුදු පාටින්ම සැරසී සිටි නිසයි...

"නෑ නැන්දෙ.. මම මේ පන්සලට ගිහින් එන්න කියලා බැලුවෙ.. කාලෙකින් ගියෙත් නෑනෙ.."

"දැන් එකපාරම පන්සල මතක් වෙලා මොකද.. මටත් කාලෙකින් යන්න බැරි වුණා...මාත් එන්නම්කො සදිසි බේබි එක්ක... චුට්ටක් ඉන්න අස් කරලා ඉවරවෙලා එනකම්.."

මමත් මැණිකෙ නැන්දත් මල් කඩාගෙන, තෙල්, පහන්තිර සේරම අරගෙන පන්සල ගියේ මහත් වූ ශ්‍රද්ධාවකින්..
බෝධි පූජාව අවසන් වී පැන් කලය දෝතින්ම ගෙන මම බෝධිය දෙස බලාගෙන කල්පනා කලේ හැමදාමත් මගෙ පවුල සතුටින් තියන්න කියායි.. මන්දයත් මට පවුල තරම් මගෙ සතුට වත් වැඩක් නැති නිසායි... තවද මට මා බිහිකල මගෙ අැත්තම අම්මා තාත්තා හමු වී මාව ලමා නිවාසෙට භාරදුන්නෙ අැයිදැයි අහගන්නත් වුවමනා වුණා...මම බෝධිය දෙස බලාගෙන ම ප්‍රාර්ථනා කලේ එපමණයි..

"පැන් කළේ තියෙන්නෙ බෝධිය නාවන්න.. නැතුව බෝධිය දිහා බලන් කල්පනා කරන්න නෙවෙයි.."

හුරැපුරැදු කටහඬක් මගෙ කල්පනාව බිඳිමින් මාව පියවි සිහියට ගෙන ආ නිසා මම කලබලයෙන් වටපිට බැලුවේ මේ පුරැදු කටහඬ කාගෙදැයි දැනගන්නයි.. මා කලබල වූයේ මා ලඟ මා දෙස බලාගෙන හිනාවෙවී සිටි පුද්ගලයා නිසයි..

.............................................................................

*නිලන්ති මදනායක සහ සවින්දි මදනායක නිසා සදිසි මදනායක තවත් බොහෝ දුක්, අපහස විඳීවී.. එ් වේදනාවන් අතරින් සදිසි ට කවුරැන් හෝ සතුට ගෙන එ්වි.... කතාව ලස්සනයි ඉස්සරහට...අපි සදිසි ට එයාගෙ අැත්තම අම්මවයි තාත්තාවයි මුණගස්සන්න උදව් කරමු... ඔයාලගෙ වටින අදහස් කමෙන්ට් කරන්න... රැදෙන්න දිගටම කතා පියස එක්කම...*
Dilru Don'T Copy

No comments:

Post a Comment