නව කථාවක්
මන්දිරයක සතුට සොයන
සමනලී
*එකොලොස් වන දිගහැරැම*
"මයි ඩැඩී...ආෆ්ටර් ලෝන්ග් ටයිම්.. අයි මිස් යූ ඩැඩී.."
තාත්තා..? නංගි ඩැඩී කියනවා ඇහුනා විතරයි.. මම ඇදෙන් නැගිට්ටවුනේ ඉබේටම නැගිටින්න තිබුනු කම්මැලිකම කොහේ ගියාද මන්දා..
තත්පරයක් හෝ නොරැදි මම සාලෙට දිව්වේ තාත්තා බලන්න තිබුණ ආසාව ඒ තරම්ම වැඩි නිසයි..
"තාත්තා.."
තාත්තා දැක්ක ගමන් මට කියවුනේ එච්චරයි.. මම දුවගෙන ගිහින් තාත්තව බදාගන්න හිතුවත් ඉදිරියට තිවූ පියවර තවත් අඩියක් පස්සට තිබ්බේ නංගි තාත්තව බදාගෙන හිටිය නිසාත් මම ලගට යන්න හදද්දි අම්මා මගේ දිහා රවාගෙන සිටි නිසාත් ය...
තාත්තගෙ මූණ දකිද්දි මට හැමදේම අමතක වෙලා යනවා සත්තයි.. මගේ ලොකෙ ඉන්න එක් දෙවියෙක් තමා මේ තාත්තා..
"සදිසි මැණික.. තාත්තා ගාවට එන්නෙ නැද්ද මෙච්චර කාලෙකට පස්සෙ ඇවිල්ලත්.."
දයාබර මුහුනෙන් මද සිනාරැල්ලකින් අපිරිමිත සෙනෙහසකින් තාත්තා අනෙක් අත දිගු කර මට තුරැලට අඬගහද්දි මම තාත්තා ලගට දිව්වා නෙවෙයි ඉගිලුනා.. ඒකත් ඇස්වල කඳුලු පුරෝගෙන.. මටත් නංගිටත් එකම විදියට ආදරේ දෙනවා පංගු බේරැමක් නැතුව.. මේ ලෝකෙ තමන්ගෙ දරැවටයි.. අරන් හදාගත්ත දරැවටයි එකවගේ ආදරේ කරන අය ගොඩක් අඩුයි.. ඒත් මේ තාත්තා ලග ඉද්දි මට තවත් තාත්තෙක් මොකටද කියලා හිතුන වාර අනන්තයි...තාත්තා මාව තදින් බදාගත්තෙ නලල ඉබිමින්... නංගි තාත්තාගේ තුරැලෙන් අයින් වුනේ මම ගිය නිසා තරහට වෙන්න ඇති..
"ඉතින් මගෙ දූ.. ප්‍රශ්නයක් වුනේ නෑ නේද.. ගොඩක් ඇඳුම්, චොක්ලට්ස්, බෑග්, පර්ස් ගෙනාවා.. ඔන්න ඔයාට ලැප්ටොප් එකකුත් ගෙනාවා.. නංගිට එකක් එව්වා.. ඔයාට අද ගෙනාවා.."
පව් තාත්තා ගොඩක් දේවල් ගෙනල්ලා..
"එයාට මොකටද ඩැඩී ලැප් එකක්.. මගේ එක බිම වැටිලා කැඩුණා. මට මේක ඕන.."
සවින්දි තාත්තගෙ බෑග් අවුස්සලා මට ගෙනාව ලැප්ටොප් එක අතට ගත්තේ එයාගෙ එක කැඩුනා කියලා බොරැ කියලයි..
"මොකක්ද දූ.. ඔයාට නම් කිසිම දේක පරිස්සමක් නෑ.. නාස්තිය.. ඕක අක්කට දෙන්න මම ඔයාට එකක් එවන්නම්.."
"ඩැඩීටත් ඉතින් ලොකු මේ තර්ඩ් ක්ලාස් කෙල්ලනෙ.. මට වඩා මෙයා ලොකු වුනේ කොහෙමද ඩැඩී.. ඔයා මට වෙනස්කම් කරනවා.. කවුරැවත් ආදරේ නෑ මට.. මමයි ඔයාගෙ එකම දුව.. "
නංගි තාත්තටත් කෑගහලා ගස්සගෙන ගියේ කාමරයට තාත්තා මගෙ පැත්තට කතා කරනවට පුදුම තරහකින්..
"සවින්දි බබා.. ඔයා මොකද ඔච්චර මුරණ්ඩු. කොච්චර දේවල් එවනවද අක්කටත් වඩා ඔයාට මම.. මේ ලගදි ශොපින් කරන්න ඔයාට විතරක් ෆිෆ්ටි තවුසන් දුන්නා.. කුහක වෙන්නෙපා දූ.. මම කරලත් කලේ නෑ කියන්නෙපා.."
තාත්තා නංගිට ඇහෙන්න හයියෙන්ම කිව්වේ නංගි කාමරයේ දොර තදින් වසාගනිද්දියි..පව් නංගිගෙ වචන වලට තාත්තාගෙ හිත හොදටම රිදිලා.. තාත්තා නංගිට කෝටියක් දුන්නත් වැඩක් නෑ.. මට රැපියලක් හරි දුන්නොත් එයාට සලකන්නෙ නෑ.. එයාට දෙන්නෙ නෑ කියලමයි කියන්නෙ... මුරණ්ඩුකමේ තරම...
"මට ලැප්ටොප් එපා..මම ඉතින් ඕවයින් මොනව කරන්නද.. ඕක නංගිට දෙන්න..තාත්තා.. මට එපා.."
නංගි යි තාත්තයි මැද්දට මම එන එක හරි නෑ.. කොච්චර වුනත් සවින්දිගෙ ඇගේ දුවන්නේ තාත්තගෙම ලේ.. මට වඩා තාත්තව කොහොමත් අයිති නංගිටනෙ.. ඒ අයිතිය උදුරගන්න ඕනකමක් නෑ මට.. තාත්තා මට මේ දෙන ආදරේ ඇති බඩගින්නෙ උනත් ජීවත් වෙන්න...
"බලන්න එඩ්වඩ් ආව දවසෙම දූව අවුල් කලානෙ.. දැන් ඉතින් කෑමට එන එකකුත් නෑ.."
"ඔයා තමයි දුවව නරක් කරලා තියෙන්නෙ.. බලන්න කතා කරන විදිය.. මුරණ්ඩු වෙලා හොඳටම.."
අම්මත් තාත්තත් අතර මම නිසා ප්‍රශ්න ඇතිවෙයි කියලයි මට බයක් ඇති වුනත් මැද්දට පනින්න බෑ මට.. මම නිහඬව හැමදේම දරාගත්තේ මේ තරම් දරාගැනීමක් මට උරැම වෙන්න ඇත්තේ මගෙ අම්මගෙන් කියා සිතමින්...මට මගෙ ඇත්තම අම්මා මුණ ගැහුනු බව තාත්තට කියනවද.. නැද්ද.. නෑ එහෙම වුනොත් තාත්තා අවුල් වෙයි.. මම එයා ගාවට යයි කියලා.. හෙමින් සැරේ කියනවා.. ඊටත් මට මැහුම් කෝස් එකක් කරන්න ආසයි.. හෙමින් සැරේ තාත්තට කියන්න ඕන..
"තාත්තෙ.. මට මේ.."
"මොකද දුව ගොත ගහන්නෙ කියන්න.."
"තාත්තා මට මැහුම් ඉගෙන ගන්න ඕන.."
මම හෙමින් සැරේ මගේ ආසාව ගැන කිව්වා.. මැහුම් පන්ති යන විදියට මට අම්මා ඉන්න තැනත් හොයාගන්න පුළුවන්..
"ඇයි දුව මැහුම්.. ඔයාට ඇඳුම් ඕනි වෙලාවට කියන්න.. ඇති තරම් ගන්න සල්ලි දෙන්නම්.. ඔයා මහන්නෙපා.. දන්නවනෙ තාත්තා ගැන.. ඉර, හඳ, තරැ විතරයි මට දෙන්න බැරි.. මහන්සි වෙන්නෙපා ඔයා.."
අනේ මගෙ තාත්තා කොච්චර කරැණාවන්ත ද.. ඉල්ලන ඕන දෙයක් ගෙනත් දෙයි.. ඒත් මේ ආසාවනෙ මගේ...
"නෑ තාත්තා.. මට ආසයි.. ඒකයි..ගෙදර ඉන්නත් කම්මැලි..ඒකයි.."
"ඊයා.. එඩ්වඩ් මදනායකගෙ ගෙදර ඉන්න කෙනෙක් මැහුම් පන්ති යන්න.. කොච්චර ලැජ්ජාවක්ද ඒක අපිට.."
මගේ අදහසට අම්මා එකපාරින්ම විරැද්ධ වුනේ එයාලට ඒක ලැජ්ජාවක් කියලයි..
"මොන ලැජ්ජාවක්ද.. මැහුම් ගෙතුම් කෙල්ලෙක් ඉගෙන ගත්තට වැඩි වෙන්නෙ නෑ.. ඔයා ආසනම් යන්න.. සල්ලි ගැන වද වෙන්නෙපා.. හෙට මම ඔයාව එක්ක යනවා හොඳ ලෙක්ච කෙනෙක් ගාවට.. බිස්නස් මැනේජ්මන්ට්, හියුමන් රිසෝස් ගැන ඉගෙන ගන්න..එයා මම අදුරන ලෙක්ච කෙනෙක්.. ගොඩක් හොඳයි.. සේවකයො පාලනය කරන්න, කස්ටමර්ස්ලව කොහොමද තියාගන්නෙ.., එයාලා තෘප්තිමත් වෙන්න අපි හිතන්න ඕනි මොනවද හැමදේම ඉගෙන ගන්න ඕන.. දූට නම් මට වඩා හොඳ මොලයක් තියෙනවා බිස්නස් මැනේජ්මන්ට් ගැන.. මට ඒක විශ්වාසයි.. ඒත් අපි ඒවා භාවිතා කරන විදය ඉගෙන ගන්න ඕන.. අනාගතේට හොඳ ආයෝජනයක් ඉගෙන ගන්න එක.. නංගිටත් කියන්නම් මම.."
තාත්තගෙ දීර්ඝ විස්තර කිරීමෙන් මට තේරැනේ එයා මම බිස්නස් ගැන ඉගෙන ගන්නවට ආසයි කියලා.. ඇත්තටම මට බිස්නස් ගැන අවබෝධයක් තියෙනවා ලොකු.. ප්‍රායෝගිකව නොකලට.. ඒත් දැන් මට ඕන කරන්නේ ජොබ් එකක් කරලා මගෙ අම්මා විදින දුකින් නිදහස් කරගැනීම මිස අන් කිසිවක් නෙවෙයි.. කොහොම කියන්නද තාත්තට මට ජොබ් එකක් කරන්න ඕන කියලා.. හෙට තාත්තා මාව ලෙක්ච ගාවට එක්ක යද්දි නිදහසේ කියන්න ඕන හැමදේම... මම බිස්නස් ගැන ඉගෙන ගන්නවට අම්මා අකමැති බව අම්මගෙ මූණෙන් ම පෙනුනේ ඒ මූණේ කිසි සතුටක් නොතිබුණු නිසාවෙනි.. තාත්තා ඉන්න තැන මොකුත් කියන්න හොඳ නැති නිසා කටවහගෙන ඉන්නවා ඇති...
රාත්‍රී කෑම මේසය අස් කර මම නින්දට ගියේ තාත්තගෙ කිස් එකත් අරන් මයි.. තාත්තා නින්දට කලින් මගෙ නලලට දෙන හාදුව තාත්තා ඉද්දි මට මතක ඇති කාලේ ඉදන්ම ලැබුණා.. ඒ හාදුවෙන් මගෙ මුළු හදවතම පිරෙනවා.. ඒත් ඇයි ඒ.. මගේම තාත්තා නොවුනත් මේ තරම් සෙනෙහසක් ආදරයක් තාත්තා මට දෙන්නෙ, මම තාත්තට දෙන්නෙ.. එයා මගෙ ලඟ ඉද්දි දැනෙන්නෙ මම සම්පූර්ණයි කියලා.. මේ දැනෙන හැගීම, අපේ බැඳීම විස්තර කරන්න වචන නෑ මට.. ඇත්තටම අම්මා වෙනස් වුනත් තාත්තා තාමත් එදා වගේමයි.. ඒ සෙනෙහස වෙනස් වුනේ නෑ කවදාවත්.. මගෙ ඇත්තම තාත්තවත් මට මේ තරම් ආදරේ නොකරනවා වෙන්න ඕන.. මොකද තාත්තගෙ ආදරේ අඩුවක් මේ තාත්තාගෙන් මට දැනිලම නැති නිසා... බොහෝ වෙලා කල්පනා කලේ මා ඒ ගැනයි... හෙට තාත්තා එක්ක ලෙක්ච හම්බ වෙන්න ගියාම නිදහසේ කතා කරන්න ඕන.. අම්මා හම්බවුනා කියලත් කියනවා... ජොබ් එකක් කරලා එයාව නිදහස් කර ගන්නත් ඕනි කියනවා.. තාත්තා අකමැති වෙන එකක් නෑ.. මේ ලෝකෙ මාව තේරැම් ගන්න පුළුවන් එකම කෙනා මේ තාත්තා.. එයා තේරැම් ගනී මම වැරැදි දෙයක් කරන්නෙ නෑ කියලා.. කැමති වෙයි ජොබ් එකක් කරනවට... මම හිතුවේ එහෙමයි..මන්දයත් මගෙ තාත්තා තරම් හොඳ ගතිගුණ ඇති කෙනෙක් ලෝකයේ තවත් නැති තරම්...
හෙට තාත්තා එක්ක තනියම කාලය ගත කරන්න ලැබෙන නිසා මට දැනුනෙ පුදුම සතුටක්... හෙට ලස්සන දවසක් වේවි... මගෙ දුක බෙදාගන්න හොඳම කෙනා තාත්තා...
................................................................................
*කතාවේ තවත් කොටසක් ඒ විදියට ඉවර වෙද්දි සදිසිට විශේෂ දවසක් උදා වෙනවා.. ඒ සදිසිට මේ ලෝකෙ වැඩිපුරම ආදරේ දෙන එයාව අරන් හදාගත් තාත්තා ලංකාවට පැමිණීම.. තාත්තා සදිසිට බිස්නස් ගැන උගන්නන්න හදනවා.. ඒත් සදිසි ජොබ් එකක් කරන්න කැමැත්තෙන් ඉන්නෙ.. අරමුණ තමන්ට ලේ කිරි කරපු අම්මා විදින දුකෙන් අම්මව නිදහස් කරගන්න.. හෙට එඩ්වඩ් මදනායනට සදිසි එයාගෙ අම්ම ගැන කිව්වම එඩ්වඩ් මදනායක ඒකට කොහොම ප්‍රතිචාර දක්වයිද.. සදිසිට අම්මව දුකෙන් මුදවගන්න මංපෙත් විවර වෙයිද.. හෙට ලස්සන දවසක් වේවි සත්තකින්ම සදිසිට.. ඊළඟ කොටස අරන් ඉක්මනටම එන්නම්.. දිගටම ඉන්න කතා පියස සමග...*
Dilru Don'T Copy
No comments:
Post a Comment