නව කථාවක්
මන්දිරයක සතුට සොයන
සමනලී
*නමවන දිගහැරැම*
උදෙන් අවදි වී ගෙදර අස්පස් කරලා අතුගාලා දාලා මම කාමරේටම වෙලා හිටියෙ සන්දීප් ආවත් ඇතුලටම වෙලා ඉන්නවා කියලා හිතාගෙනයි.. කාර් එකක් මිදුලෙ නතර කරනවා ඇහෙද්දි මගෙ පපුව සීතල වෙලා යනවා මෙන් දැනුනෙ සන්දීප් ආවද කියලා හිතුන නිසයි..
"ආන්ටී.. ආන්ටී.."
ගෙදර බෙල් එක නාද කර අම්මට කතා කරන ඒ පිරිමි කටහඬ මම තත්පරයක් යන්නත් කලින් හදුනගත්තේ මේ සන්දීප්ගෙ කටහඬ කියලයි.. ඇහුනත් නෑහුනා වගේ හිටියෙ සන්දීප් එන වග මට කිව්වත් ඒක ගෙදර අය නොදන්න නිසයි..
"ආ මේ සන්දීප් පුතානෙ.. මම බැලුවෙ කවුද කියලා.."
"ඔව් ආන්ටි.. ටවුන් එකට යන්න කියලා..මෙතනින් යද්දි ඇවිත් යන්න හිතුනා.. කෝ කට්ටිය නැද්ද අද ආන්ටි විතරද ගෙදර.."
"නෑ පුතා හැමෝම ඉන්නවා..ඉන්න මම දුවට කතා කරන්න.."
"දුව සවින්දි.. පොඩ්ඩක් එන්න.. යාලුවෙක් ඇවිත්.."
අම්මා සන්දීප් ආව කියලා සවින්දිට කියද්දි මගෙ හිතට මොකක්දෝ බයක්, වේදනාවක් දැනෙන්න වුනත් ඒ හැගීම තාමත් මගෙ හිතට නොතේරෙන නිසයි..තාමත් මම කාමරයටම වෙලා සංවාදයට කන්දීගෙන ඉන්න තීරණය කලේ සන්දීප් එක්ක අම්මල ඉස්සරහ කතා කරන්න දෙයක් නැති නිසයි..
"ආ මේ සන්දීප් නෙ.. මම බැලුවෙ කවුද කියලා.. අද නිකම් කම්මැලිකමේ හිටියේ.. ඔයා ආව එක නම් හොදයි.."
සවින්දි සන්දීප් ව පිලිගත්තේ සතුටින්..
"ඔයාලා කතා කරන්න.. මම කූල් ඩ්‍රින්ක්ස් හදලා එවන්නම්.."
අම්මා නංගිවත් සන්දීප්වත් තනි කර කුස්සිය පැත්තට යද්දි මම දොරේ කර්ටන් රෙද්ද ඉවත් කර බැලුවේ සන්දීප් දිහයි.. සන්දීප් වටපිට බලමින් මොනවදෝ හොයන බවක් දකිද්දි මම ඉක්මනටම ඇදෙන් වාඩි වුනේ දකී කියලා බයටයි..
"ඔයා මොනවහරි හොයනවද.."
"නෑ නෑ.. මුකුත් නෑ.. ගාඩ්න් එක ලස්සනයි.. ලසස්න මල් වවලා නේද.."
"හ්ම්ම්.. අපේ මමී ආසයි මල්වලට.. වැඩිපුරම මල් හිටවන්නේ සදිසි.. එයා ඉතින් ගාඩ්න් එකේ වැඩ කරනවා.."
"ම්ම්.. සදිසි මල්වලට ඇසයි වගේ.. කෝ එතකොට එයා.. ගෙදර නැද්ද.."
සන්දීප් නංගිගෙන් මම කෝ කියලා අහන්න අවස්ථාවක් එනකම් බලන් ඉදලා වගේ කියලා තේරැනේ මට..
"ආ එයා ඇති ගෙයි.. අපි යමු ගාඩ්න් එක පැත්තට.. මමී ඩ්‍රින්ක්ස් එවයි.."
සන්දීප් මං ගැන ඇහුවත් සවින්දි කතාව මගහැර සන්දීප්ට ගාඩ්න් එක පැත්තට එක්ක යන දිහා මම බලන් හිටියේ තරමක් අවුල් සහගතවයි.. එක අතකින් මට මොකද.. එයාලා කොහේ ගියත්.. මම මටම කියාගත්තත් මගෙ හිත ඇයි මෙච්චරම නොසන්සුන් කියන එකනම් විමතියක්..
ගාඩ්න් එකේ පුටු දෙකක වාඩි වුනු සවින්දි සහ සන්දීප් බර සාකච්චාවකට වැටුනේ කාලය ගෙවෙන බව අමතක වන තරමටයි..
"හරිම බොරින් වෙලා හිටියෙ.. ටවුන් එකට යන්න විදියකුත් නැතුව..ඔයා ආවනෙ දැන්නම් බොරින් නෑ.."
"අයියෝ මම එනවට එච්චරම කැමතිද.."
"ඔව් අනේ.. මමී විතරනෙ ඉන්නෙ කතා කරන්න.. ඒකයි කම්මැලි..මොකද මේ කූල් ඩ්‍රින්ක්ස් මෙච්චර පරක්කු..ටිකක් ඉන්න සන්දීප්.."
"අයියෝ ඩ්‍රින්ක්ස් මොකුත් එපා.. මම ටවුන් එක පැත්තට යනවා දැන්.."
"එහෙම එපා. ටිකක් ඉන්න මම බලලා එන්නම්.."
නංගි යි සන්දීප් දෙන්නා එලියෙ කතා කරනවා ඇති.. එලියට බහින්න විදිහකුත් නෑනෙ.. මම හිටියෙ එක අරමුණක නැති කලබල වූ සිත තැන්පත් කර ගන්නට හෝ සිහියක් නැතුවයි..
මොකක්ද මේ මැසේජ් එකක් ආවෙ..
එකපාර පෝන් එකට මැසේජ් එකක් එද්දි මගෙ කල්පනාව හැරැනෙ එ් වෙතටයි..
"මොකෝ මැට්ටි හැංගිලා.. මම එනවා කියලා දැනගෙන නේද හැංගිලා ඉන්නෙ.. ඔහෙව බලලා යන්න ආවෙ.. හැංගිලා ඉන්න තැනින් එලියට ඇවිල්ලා මූන ටිකක් පෙන්නලා යනවකො.. පුදුම ආඩම්බරකමක්නෙ තියෙන්නෙ.."
සන්දීප් එලියෙ ඉදන් මැසේජ් එකක් එවලා.. ඒකටනම් මෙතෙක් වෙලා නොසන්සුන්ව තිබුනු මගේ හිත තැන්පත් වුනා හරි අපූරැවට..
"සදිසි.."
නංගි එකපාරම කාමරයට ඇවිත් කතා කරද්දි මගෙ අතින් ගිලිහිලා පෝන් එකත් බිමට වැටුනෙ අකුණක් වැදුනා වගේ දැනුනු නිසයි.. ඒ තරම්ම ලොකු බයක් ඇතිවුනා මට..
"කි..ය..න්..න.. නං..ගි.."
"මොකද තමුසෙ ගොත ගහන්නෙ.. මොකක් හරි හොර වැඩක් නේද පෝන් එකෙන්.. මම අල්ලගන්නම්කො.. තමුසෙගෙ හැසිරීම දැන් හරි වෙනස්.. දැන් ඉක්මනටම කූල් ඩ්‍රින්ක්ස් දෙකක් අරන් එනවා ගාඩ්න් එකට.. මටයි සන්දීප්ටයි.."
නංගි එහෙම කියාගෙන කාමරෙන් එලියට යද්දිනම් හිතට දැනුනෙ ලොකු සැනසීමක්.. මේ මෝඩයට පිස්සු හැදිලා එලියෙ ඉදන් මැසේජ් එවනවා.. තව පොඩ්ඩෙන් නංගි දකිනව.. එහෙනම් ඉවරයි..
මම ඉක්මනටම කුස්සියට ගියේ ඩ්‍රින්ක්ස් දෙකක් හදන්නයි..
"හරි දැන් ගෙනෙයි.. මම සදිසිට කිව්වා..ඒක නෙවෙයි එදා මම බර්ත් ඩේ පාර්ටි එකේදි කොහොම හැසිරැනාද මන්දා.. දැන් මතකත් නෑ.. ටිකක් වැඩිවුනා මට.. වෙන අයට වඩා ඔයාගෙ අමුතු ලස්සනක් දැක්ක එදා.. ඉතින් මට ඩාන්ස් කරන්න හිතුනා.. සොරි වැරදි දෙයක් වුනානම්.."
"ටිකක් නෙවෙයි.. හොදටම වැඩී.. එදානම්..අම්මෝ.. මම බය වුනා.."
"ඇයි බය වෙන්නෙ.. ඇයි මම ලස්සන නැද්ද.. කියන්නකො.."
සවින්දි එකපාරම සන්දීප්ගෙ අතින් අල්ලගත්තෙ කූල් ඩ්‍රින්ක්ස් අරන් එන මට පේන්නමයි.. මම බිම බලාගෙන නොදැක්කා වගෙයි ලගට ගියේ..සන්දීප් එකපාරම සවින්දිගෙ අත අයින් කරලා අත අහකට ගත්තෙ මගෙ මූණ දිහා බලලා.. මම ඩ්‍රින්ක්ස් දෙක තියලා යන්න හදද්දි..
"මොකද කරන්නෙ.. මම හිතුවේ ගේ ඇතුලේ භාවනා කරනවා ඇති කියලා.. රහත් වෙලාද කියලා කල්පනා කලේ.."
සන්දීප් හිනාවෙලා එහෙම කියද්දි මම ඇහුනෙ නෑ වගේ යන්න හැදුවෙ.. ආයෙම වතාවක්..
"ටිකක් ඉදලා මේක අරන්ම යන්න.. මාත් දැන් ටවුන් යනවා.."
මම පැත්තකින් වාඩි වුනේ ඩ්‍රින්ක් එක බීලා ඉවර වුනාම වීදුරැ දෙක අරන් යන්න හිතාගෙන..
"ඕ ගෝඩ්.. මටත් ටවුන් යන්න තියෙනවා.. කාර් එකේ ටයර් පන්ච් එකක්.. ගරාජ් එකට දැම්මා.. ඔයාට පුලුවන්ද මාව ගරාජ් එකෙන් ඩ්‍රොප් කරන්න.."
"ම්.. ඕක සුලුදෙයක්නෙ.."
"ඕකේ.. මම ඉක්මනට ඇදුමක් දාගෙන එන්නම්.. සදිසි මේ වීදුරැ දෙක ගෙට ගෙනියනවා.."
නංගි මටත් අණ දීගෙන ගෙට දිව්වෙ සන්දීප් එක්ක ටවුන් යන්න ලෑස්ති වෙන්නයි..මම ඉක්මනටම වීදුරැ දෙක අරන් නැගිට්ටෙ කුස්සියට යන්නයි.. සන්දීප් එකපාරටම මාව..
"මොකක් වෙලාද මේ.. මාව අතාරින්න.."
සන්දීප් එකපාරම මාව අතින් අල්ලලා එයා ලගට ඇදලා ගද්දි මාත් ඇදිලා ගිහින් ඒ තුරැලට හේත්තු වුනේ වීදුරැ දෙකත් බිම වැටෙද්දි..
"මම ආවෙ ඔයාව බලන්න.. ඊයෙ ඔයා කතා කරපු වෙලේ ඉදන් නින්දගියෙ නෑ මට..මන් දන්නෙ නෑ මොකක් වෙලාද කියලා.. එදා දුකින් පිරිලා තිබ්බ ඇස් දැක්කම මට පිස්සු වගේ.... දෙයක් කියන්නද මම.."
බයෙන් වුනත් මම සන්දීප්ගෙ ඇස් වල අතරමං වුනේ මෙහොතකට බය අමතක වෙද්දි..
"මොකක්ද.."
"මට ඔයාව දැනෙනවා.. එදා ඔයා අඬද්දි මට දරාගන්න බැරිවුනා..මට ඔයාව ඕන.. කැමතිද මට.. හිතලා උත්තරයක් දෙන්න.. අපි දෙන්නම එකතුවෙලා ඔයාගෙ ප්‍රශ්න ටික විසදගමු.."
සන්දීප් මගෙන් කනට කර කැමතිද අහද්දි පපුව සීතල වුනා වගේ හැගීමක් දැනුනත් මම ඉක්මනට ඒ තුරැලෙන් මිදුනෙ නංගි දැක්කොත් තවත් ප්‍රශ්නයක් වන නිසයි..
"ප්‍රශ්න විසදනවා නෙවෙයි.. එහෙම කරොත් ප්‍රශ්න තවත් වැඩිවෙයි.. මම යනවා.."
එකපාරම බෑ කියන්න හිත නොදුන්න නිසාම මම ප්‍රශ්න වැඩිවෙයි කියලා එතනින් මගහැරලා යන්න හැදුවෙ වීදුරැ දෙකම ඇහිදගෙනයි..
"හදිස්සි නෑ..හිතලා කියන්න.. මම දන්නවා ඔයාට මාව දැනෙනවා.. මට නම් ඔය ඇස් දෙක විතරමයි මැවිලා පෙන්නෙ.. ආදරයෙි සදිසි මම ඔයාට මහ ගොඩක්.. ඒක තේරැනේ එදා ඔයා අඬද්දි මට දැනුනු දුකට..ප්ලීස්.. මගේ වෙන්න..හැමදේම මම බලාගන්නම්.. ප්‍රශ්නයක් නොවෙන්න.."
මම යන්න හදද්දිත් සන්දීප් මට ආදරෙයි කියද්දි ඇතිවුන හැගීම වචන කරන්න බැරි තරම්.. ඒත් මම නෑහුනා වගේ ගෙට ආවෙ නංගි මොන වගේ දෙයක් හිතයිද කියලයි...
................................................................................
*නව වන කොටසත් ඒ විදියට ඉවර වෙද්දි සන්දීප් සදිසිට කැමතියි කිව්වා.. තේරැම්ගන්න බැරැව සිටි හැගීම අද එලියට ආවා.. ඒත් සදිසි හිතුවෙ නංගි ගැනයි.. නංගිත් සන්දීප්ට කිට්ටු බව සදිසිට තේරෙන නිසා සදිසිගෙ හැගීම යටපත් කරගනීද.. නැත්නම් සදිසිට සන්දීප් ව ඕන වේවිද.. දෙන්න එක්ක සදිසිගෙ තාත්තාව හොයා ගනීද.. දහවන කොටස අරන් ඉක්මනටම එන්නම්.. දිගටම රැදෙන්න කතා පියස සමගම..*
Dilru Don'T Copy

No comments:
Post a Comment