*දොළොස් වන දිගහැරැම*
උදෙන්ම අවදි වී රෝස පාට ලස්සන ගවුමක් ඇඳ ගත්තේ තාත්තා එක්ක ලෙක්චර් ව හම්බවෙන්න යන්නයි..
නංගියි අම්මයි රවාගෙන ඉද්දි තාත්තයි මමයි පිටත් වුනේ පුදුම සතුටකින්.. තාත්තා එක්ක හුදෙකලාව ගත කරන්න ලැබීම තරම් සතුටක් මට තවත් නැති තරම්..
"සදිසි.. කියන්න මගෙ දුව.. මොකක්ද මේ අම්මා කියන කතාව.."
තාත්තා මගෙන් ඇහුවේ මොකක් ගැනද කියලා තාමත් වැටහීමක් නෑ මට..
මො..කක්..ගැනද තාත්තා..?
"අර කොල්ලෙක් ගැන කිව්වේ... ඔයා නිතරම මිස්ට මානවඩුගෙ පුතා එක්ක අරෙහෙ මෙහෙ යනවා කියලා අම්මා කිව්වා.. මොකක්ද ඒ කතාව."
මගෙ පපුව ගැහෙන්න වුනේ දැන් මම කියන්නේ මොකක්දෝ සිතමින්.. ඒත් සන්දීප් එක්ක මම වැරදි අදහසකින් කොහෙවත් ගියේ නෑ කියලා දන්නේ මම විතරමයි.. තාත්තට කොහොම පහදන්නද..
"නෑ තාත්තා.. හැමදේම වුනේ අහම්බෙන්.. අපි අතර එහෙම කිසි දෙයක් නෑ.. ඒත් එයා මට ගොඩක් උදව් කරනවා.. යාලුවෙක් විදියට ඕනි දෙයක් කියන්න පුළුවන්..එතනින් එහාට දෙයක් නෑ.."
මගේ පිලිතුර එය වෙද්දි තාත්තා මගේ දිහා බැලුවෙ හිනා වෙමින්..
"මගෙ දූ.. ඔයාගෙ තාත්තා රළු තීරණ තියෙන කෙනෙක් නෙවෙයි.. මම ඔයාගෙ යාළුවෙක් වගේ ඒ නිසා ඕන දෙයක් ශෙයාර් කරගන්න මාත් එක්ක බය නැතුව.. ආදරේ සම්බන්ධව මම ඔයාටවත් සවින්දිටවත් තහංචි දාන්නෙ නෑ.. මිල මුදලට සල්ලි වලට, දේපල වත්කම්වලට ආදරේ හොයාගෙන එන අයට වඩා ඒ කිසි දෙයක් නැතුව හදවතට ආදරේ කරන කෙනෙක්ව තේරැම් ගන්න සදිසි මැණික.. ආදරේ කියන දේ මට තේරෙද්දි මම පරක්කු වැඩී.. ඒත් මගෙ මැණිකෙලා දෙන්නට එහෙම වෙන්න දෙන්නෙ නෑ මම.. ආදරේ හරියටම තේරැම් අරන් ඔයාට කෙනෙක් ලංවුනා නම් කියන්න.. අද සල්ලි තිබ්බට හෙට පාරට වැටෙන්න බැරි නෑ..තරගකාරී ලෝකයක් මේක.. ඒ නිසා අද අසාර්ථක වුනොත් අපි හෙට බංකොලොත් වෙනවා.. දවසින් දවස අපි නවෝත්පාදන කරන්න ඕන.. දවසක අපි දුප්පත් වුනොත් දාලා නොයන දුක සතුට බෙදාගෙන ඕන අභියෝගෙකට මුහුණ දෙන්න පුළුවන් හොඳ ගතිගුණ තියෙන කොල්ලෙක් දැනුනොත් කියන්න.. එයා දුප්පතෙක් ද, අඩු කුලේද, ඒක මේ තාත්තට අදාල නෑ.. මගේ ආශිර්වාදය ලැබෙනවා.. තේරැනාද මගෙ දූ.."
තාත්තනම් පුදුම කෙනෙක්.. පුදුම ගතිගුණ වලින් පිරැණු කෙනෙක්... අද කාලේ ලංකාව විතරක් නොව විදේශීය වෙළඳපොලක් අල්ලගෙන සිටින ධනවත් කෙනෙක්ගෙන් මේ වගේ අදහස් ලැබෙයිද.. කිසිසේත්ම නෑ.. ධනවත් අය කවදත් හෙව්වේ උසස් කුලයක් සමග තවත් ධනවතෙකි.. ඒ අතින් මගෙ තාත්තා ආදරයක වටිනාකම දන්න.. ආදරයට මුල් තැන දෙනෙකි...මේ තාත්තා කාටත් වඩා අවංක, නිහතමානී, ගුණගරැක කෙනෙක් බව කතාව කියවන අයටත් තේරෙන්නට ඇති...
"අනේ එහෙම කෙනෙක් නෑ තාත්තා..එහෙම දැනුනොත් ඒක මම මුලින්ම කියන්නෙ ඔයාට තමයි තාත්තා.. මම මේ ලොකෙ ඔයාව තරම් වෙන කාවවත් විශ්වාස කරන්නෙ නෑ.. අනික මට ඕන මගෙ තාත්තා වගේ ම හිතන කෙනෙක්.."
තාත්තට මම තේරැම් කලේ මගේ අදහස ගැනයි..
"සන්දීප් ගැන නම් මම පොඩි කාලෙ ඉදන් දන්නවා.. කොල්ලා නරක කෙනෙක් නෙවෙයි..මම දන්නවා මිස්ට මානවඩුලා ගැන.. දූට එහෙම සම්බන්ධයක් නැත්තම් ඒකට කමක් නෑ.. තියෙනවනම් තාත්තා හොයලා බලන්නම්.. බය නැතුව ඉන්න.. මගෙ දූට නරකක් වෙන්න දෙන්නෙ නෑ මම.."
තාත්තට මම හිනාවුනා පමණයි.. මම දැන් හිතන්නෙ මගෙ අම්මා ගැන.. තාත්තා එක්ක මේ ගැන කතා කරන්න ඕන නිදහස් තැනකට ගිහින්.. කතාවෙන් කතාවෙන් අපි ලෙක්චර්ගෙ ගෙදරටම ඇවිත්..
"ආ මේ එඩ්වඩ් සර් නෙ.. එන්න ඇතුලට.. මෙයාද සර් කිව්ව දුව.."
ඇතුලට යද්දිම තාත්තවයි මාවයි ගොඩක් හොඳින් පිළිගත්තා ලෙක්චර් සර්.. මට තේරැම් ගියේ තාත්තා මාව බිස්නස් ගැන ඉගෙන ගන්න සර් ගාවට එවන්න කලින් ඉදන් ම සැලසුම් කරලා කියලා..
"ආ ඔව් සර්.. මේ ඉන්නෙ මගෙ ලොකු දුව.. සදිසි.. මෙයාට බිස්නස් මැනේජ්මන්ට්, හියුමන් රිසෝස්, මාකටින් ගැන එහෙම උගන්නන්න.. මෙයාට දැනුම තියනවා.. ප්‍රායෝගිකව යොදවන්න උගන්නන්න ඕන.. අනික දැනුම තව වැඩිදියුණු කරන්න ඕන.. තරඟකාරී ව්‍යාපාරික ලෝකය එක්ක සාර්ථකව ඉදිරියට යන්න.."
"මම දන්නවා එඩ්වඩ් සර්.. ඔයාගෙ දැනුම බිස්නස් වලට පුදුම විදියට තියෙනවා.. ඒකනෙ එතෙර වෙළඳපොළවල් පවා අල්ලගෙන සාර්ථක ව අවුරැදු ගානක් ඉදිරියට කරගෙන යන්නේ.. මම උගන්නනම් සර්.. අපේ ගෘප් ක්ලාස් එකක් තියෙනවා මේ ලඟ.. ඉරිදට තියෙන්නෙ.. ඒකට එන්න..එතකොට පොඩි දුවට බිස්නස් උගන්නන්නෙ නැද්ද සර්.."
"අනේ එයා තාම බොළඳ වැඩී.. බිස්නස්වලට.. තව කල් තියෙනවා එයාට.. මුලින් මෙයා..පස්සෙ එයා.."
තාත්තා මං ගැන ලොකු විශ්වාසෙකින් ඉන්න බව තේරැනේ ලෙක්චර් ගාවදීයි...
"එඩ්වඩ් සර් හෙමින් හෙමින් බිස්නස් වලින් නිදහස් වෙන්න වගේ හදන්නෙ.. දූලා දෙන්නට බිස්නස් බාරදීලා නිදහසේ ඉන්න වගේ අදහස.."
"අනේ ඔව් සර්.. දැන් අපි වයසයිනෙ.. තරැණ අදහස් තමා ඕන.. අනික සැදෑ සමය සැහැල්ලුවෙන් ඉන්න ඕන ටිකක් හිත නිදහස් කරන්.."
තාත්තා කතා කලේ තරමක් සිත් තැවුලෙන්.. ඒ ඇයිදැයි මට තාම තේරෙන්නෙ නෑ..
"මට විශ්වාසයි.. තාම සර්ගෙ අදහස්නම් තරැණයි.. සර්ගෙ අදහස් පරද්දන්න පුළුවන් බිස්නස්මන්ට් කෙනෙක් තාම නම් ඉපදිලාවත් නැතුව ඇති.."
"හ්ම්ම්.. අත්දැකීම් තමා සර්.. මම හරි දේ හරි කාලෙදි කරන කෙනෙක්.. දැක්මක් එක්ක ජීවත් වෙන කෙනෙක්.. ජීවිතේ මේ වෙද්දි මේ දේවල් කරන්න ඕන කියලා මම ප්ලෑන් කරලා ඉවරයි දැන්..."
තාත්තා දිගු සුසුමක් පිට කරමින් එසේ කියද්දි මම කල්පනා කලේ තාත්තා කොයි තරම් දේවල් ඉගෙන ගත් කෙනෙක්ද.. ජීවිතේ හැමදේම සැලසුම් කරපු කෙනෙක්.. හරි දේ හරි කාලෙදි සාධාරණව හරි විදියට කරන කෙනෙක්.. සමහර විට ඒකම වෙන්නැති තාත්තා මේ තාක් දුරට මේ තරම්ම සාර්ථක ව ජීවත් වෙන්න හේතුවත්.. තාත්තගෙ කතාවෙන් තේරැනේ මම තාත්තගේ තවත් ඉගෙන ගත යුතු දේවල් බොහෝමයක් ඇති බවයි..
ලෙක්චර් සර්ට සමු දී අපි නැවත එන්න පිටත් වුනේ දවසම ඇවිදිමු කියලා හිතාගෙනයි.. පුදුමයි මම කියන්නත් කලින් තාත්තා මාත් එක්ක නිදහසේ කාලය ගත කරන්න සැලසුම් කර හමාරයි.. මගේ ආසාව අනුව අපි ගියේ පුංචි කාලෙදි අම්මයි, තාත්තයි, නංගි, මමයි සතුටින් කල්ගත කල පාර්ක් එකටයි.. මන්දයත් එහි අපේ සුන්දර මතකයන් ගොන්නක් අදටත් ඉතිරිව තියෙන නිසයි..පාර්ක් එකේ බංකුවක වාඩි වුනු අපි බලන් හිටියේ පුංචි ලමයින්ගෙ කෙලි සෙල්ලම් දෙසයි..
"තාත්තා ඔයාට මතකද.. අම්මයි තාත්තයි නංගිවයි මාවයි සීසෝ පැද්දුවා.. දෙන්න දෙපැත්තෙන් අපි දෙන්නව අල්ලගෙන හිටියෙ.. අපි දෙන්නා වැටෙයි කියලා... මම ආසයි තාත්තෙ ඒ අතීතෙට.."
මම අතීත මතක ආවර්ජනය කලේ දුකෙන්..
"ඔව් දූ.. අද වගේ මතකයි මට.. මාත් ඕස්ට්‍රේලියා ඉද්දි ඕවා ගැන ගොඩක් වෙලාවට මතක් කරනවා.. වෙලාවකට හිතෙනවා මට කොතනක හරි වැරදුනාදෝ කියලා.."
තාත්තා සුසුම් හෙලුවේ පුදුම වේදනාවකින්..
"නෑ තාත්තා.. අපි සතුටෙන් හිටියා.. දැනටත් ඉන්නෙ මේ සතුටින්නෙ.."
මම තාත්තගෙ තුරැලට හේත්තු වුනේ ඒ පපුවේ හෘද ස්පන්දනයත් මට සුවයක් ගෙනෙන නිසාවෙන්..
"ඔව් දූ.. ඒත් අපිට දැන් සතුටින් ඉන්න තියෙන කාලය ගොඩක් අඩුයි.. ඒ ගැන හිතෙද්දිනම් හිතෙනවා අපි එකට ගෙවපු කාලේ හොඳටම මදි කියලා.. ධනය, බලය, නිලතල හම්බ කලාට මට හම්බ කරගන්න බැරිවුනු දේවල් තියෙනවා.. ඒ දේවල් ගැන දුකයි මගෙ දූ.. කලකිරීම් තියෙනවා මොන ධනවතා තුලත්.. මගෙ දූ තාත්තව කවදාවත්ම අමතක කරන්නෙ නෑ නේද.. අපි මේ ගත කරන මොහොතෙන් පස්සෙ ආය හම්බ නොවුනොත් මේම නිදහසේ කතා කරන්න ඉඩ නොලැබුනොත් දුව තරහ නෑ නේද.."
තාත්තගෙ මේ වචන මගෙ පපුවට පිහියෙන් අනිනවා වගේ දැනුනේ..
"තාත්තා.. ඇයි ඔහොම කතා කරන්නෙ.. තාත්තා ආයෙත් ගිහින් ලංකාවට ආවම අපි මීට වඩා නිදහසේ ඇවිදිමු.. ඒ වෙද්දි නංගිත් ලොකු වෙලා ඉඳී.. මීට වඩා වගකීම් ඇතුව හිතයි එයා.."
මම තාත්තගෙ හිත සනසන්න ගත්තේ උත්සහයක්..
"නෑ දුව.. නංගිව හදන්න බෑ.. අම්මා එයාව නාස්ති කරලා.. මට එයා මේ බිස්නස් හොඳින් කරයි කියලා කිසිම විශ්වාසයක් නෑ.. මම බලාපොරොත්තු තියන් ඉන්නෙ ඔයා ගැන..ඔයාව විශ්වාසයි මට.. මටත් වඩා.."
නංගි නිසා තාත්තා ගොඩක් පසුතැවීමෙන් ඉන්න බවක් තේරැනා.. එයා මං ගැන ගොඩක් ම බලාපොරොත්තු තියාගෙන ඉන්න බව දැනුනා..
"තාත්තා ඔය තරම් විශ්වාස කරනවද මාව.. ප්‍රොමිස් වෙනවා මම ඔයාට.. කවදහරි ඔයා අමාරැවෙන් මේ දිනාගත්ත නම, කීර්තිය, බලය හැමදේම රැකගන්නවා පණ වගේ.. ඉදිරියට ගෙනියනවා.. ඔයාගෙ නම බබලවනවා මීටත් වඩා.."
මම තාත්තගෙම දුව නොවුනත්, එයා මං ගැන විශ්වාසෙ තියන් ඉන්නෙ එයාගෙම ලේ වලටත් වඩා..තාත්තා මගේම තාත්තා නොවුනත් එයා ගැන මගෙ හිතේ තියෙන විශ්වාසය ගෞරවය මගේ ඇත්තම තාත්තාටවත් දෙන එකක් නෑ මම..
"මගෙ දුව තාත්තට තුරැලු වෙන්න.. ආසයි.. කෙල්ලව තුරැලෙ තියන් ඒ තුරැලෙම මැරිලා යන්න... මගෙ දුවගෙ මේ තියෙන ධෙෙර්යය ගැන මට විශ්වාසයි.. ඒකයි මට තියෙන සැනසීම..නිදහසේ මැරෙන්න.. කවදහරි ඔය ධෙෙර්ය මගෙ දුවව මේ ලොකෙ අවංකම ව්‍යාපාරිකාවක් කරයි..මගෙ දූ එක්ක මේ ගත කරන මෙහොත ආය එයිද කියලා මට විශ්වාස නෑ.. ඒ නිසා අද සතුටින් ම ඉමු.."
මගෙ තාත්තා දැනටමත් ගොඩක් මානසිකව කඩා වැටිලා ඉන්න බවක් තේරැනේ මට.. ඒත් ඇයි ඒ.. මොකක්ද මගෙ තාත්තාව කම්පා කරන්න වුනේ.. ඇයි මේ විදියෙ දේවල් කියන්නෙ.. මට තාමත් හිතාගන්න බෑ මේ වෙන දේවල් තාමත්...
"නෑ.. මගෙ තාත්තා කවදහරි එයාගෙ සදිසි ලොකු කෙනෙක් ලෝකෙම දන්න කෙනෙක් වෙනකම් ඉන්නවා.. එදාට මීටත් වඩා සතුටු වෙනවා අපි.. ලෝකෙම දිනාගෙන මගෙ හීන හැබෑ කරගෙන.. තාත්තගෙ හීනත් හැබෑ කරලා.. අන්න එදා වෙනකම් මගෙ තාත්තා මගේ ලඟින් ඉදී.. මට ජීවිතේ කියා දි දි.., හරි පාරම පෙන්න පෙන්න.. තේරැනාද ඔහොම කතා කියන්නෙපා.."
"මේ දේවල් අනිත්‍යයි මගෙ දූ.. ජීවත් වෙන එක මැරෙන එක තීරණය කරන්නෙ අපි ගෙනාපු පිං පව් අනුව.. කොයි මොහොතෙ අපිට වෙන් වෙන්න වෙයිද දන්නෙ නෑ.. මට බයයි මේ වගේ දවසක් ආය උදා නොවුනොත් කියලා.. මට ඔයා එක්ක ඉද්දි දැනෙන සතුට තරම් සතුටක් වෙන මොන දේකින්වත් ලැබෙන්න නෑ.. ඒ නිසා අපි විනෝද වෙමු.. තරැ පහේ හෙටෙල් එකකින් කාලා හවසට බීච් ගිහින් විනෝද වෙලා කාලෙ ගත කරමු.. මගෙ දූ..මේ ලැබුණු සතුට මට විදින්න ඕන.. උපරිම.. දැන් යමු.."
පුදුමයි තාත්තගෙ වදන්.. තාත්තා මගෙන් මොනව හරි හංගනවද.. එයාගෙම දූ ගාව වත් එයාට නොදැනෙන සතුටක් මගේ ගාවින් දැනෙනවලු.. අමුතුම කතා කියනවා.. කවදාවත් නොකියපු.. මට තාමත් තේරැම් ගන්න බෑ.. ඇයි මේ දේවල්.. තාත්තා මාත් එක්ක සතුටු වෙන්නම බලන් ඇවිත් අද දවසෙම.. ඉන්නෙත් මොකක් හරි අවුලක.. ඉතින් මම අම්මා හම්බ වුනු වග කියනවද තාත්තට.. ඒත් තාත්තා අවුල් වෙයිද තව.. නෑ.. තාත්තා මං ගැන විශ්වාස තියන් ඉන්නෙ.. කාටත් වඩා මං ගැන හිතනවා.. ඉතින් මේ දේ කියලා තාත්තගෙ මේ හිතේ තියෙන ප්‍රශ්න වැඩි කරන්න ඕනිද.. නෑ.. අද තාත්තා මාත් එක්ක සතුටින් ඉන්න කාලය කලින් ම සැලසුම් කරලා.. මටත් මේ ලැබුණු කාලය තාත්තා එක්ක සතුටින් ම ගෙවන්න ඕන.. තාත්තා ලඟදි මේ දැනෙන සැනසීම නැති කරගන්න බෑ මට.. අද දවස තාත්තා එක්ක සතුටින් ගෙවනවා.. පස්සෙ අම්ම ගැන කියනවා..
මම අන්තිමේදි තීරණය කලේ අද දවස තාත්තා එක්ක සතුටින් ම ගෙවන්නයි.. මේ දවස මට වැදගත්.. කාටත් වඩා මම ගරැ කරන ආදරය කරන එකම කෙනා මේ තාත්තා.. ඒ වගේම කාටත් වඩා මට ආදරය කරන කෙනා.. තාත්තත් මමත් තරැ පහේ හොටෙල් එකකින් එක එක කෑම ජාති තරඟෙට කාලා, බීච් ගිහින් තරඟෙට අයිස් ක්‍රීම් කාලා.. හිනාවෙලා දවසම ගෙව්වා.. සත්තයි මගෙ හිතට මේ තරම් සතුටක් දැනුනේ වසර ගානකට පසුවයි.. තාත්තා මාව වඩාගෙනත් හිටියා.. සෙල්ෆි ගැහුවා.. මේ දැනුනු සතුට ආයෙම දවසක ලැබෙයි නේද දෙවියනේ.. මම දෙවියන්ගෙන් යැද්දේ තාත්තව හැමදාම මගේ ළඟින් තියන්න කියලයි....
දවසෙම සෙල්ලම් කරලා අපි ගෙදරට එද්දි ගොඩක් රෑ වෙලා.. විඩා බරව සිටි මම ඇඳට වැටුනේ අද දවසේ මතක ආවර්ජනය කරමිනුයි.. තාත්තගෙ පපුවෙ මාව වැඩිහරියක් තුරැලු කරන් ඉද්දි දැනුනු සැනසීම සල්ලි වලට ගන්න බැරි තරම්... අද රාත්‍රිය ගෙවුනේ මතක රාශියක් ගොනු කරමින්....
.............................................................................
කතාව ටයිප් කරද්දි පොඩ්ඩක් පරක්කු වුනා යාලුවනේ.. ඉතින්.. මේ මොකද වුනේ.. එඩ්වඩ් මදනායක සදිසිට උගන්වන්න කලින්ම සැලසුම් කරලා.. එයා එක්ක කාලය ගත කරන්න සැලසුම් කරලා...සදිසි තරම් කාවවත් විශ්වාස නෑ මදනායකට.. ඒත් ජීවිතේ මොකක්දෝ අනිත්‍ය බවක් දරන් කතා කරන මදනායකගේ හැසීරීම් සදිසිට වැටහෙන්නෙ නෑ.. සදිසි අම්ම ගැන කියනවා කියලා හිතන් හිටියට තාත්තගෙ අවුල් වැඩි කරන්න බැරිකමටත්, සදිසිට තාත්තා එක්ක සතුටින් ගත කරන්න ඕන වුන නිසාත් අම්මා ගැන කියන එක ආපස්සට ගත්තා.. ඒ තීරණය වැරදීද.. 🤔🤔දැන් සදිසිට අම්මව දුකෙන් මුදවගන්න බැරිවෙයිද.. සදිසිගෙ ලොකේ කොහොම ගොඩනගා ගනීද.. අපි බලමු ඉස්සරහට.. මදනායක ඇයි මෙහෙම දවසක් සදිසිගෙන් ඉල්ලුවේ කියලා.. ඊළඟ කොටස අරන් ඉක්මනටම එන්නම්.. ටිකක් දිග කොටසක් ගෙනාවා.. කතාවට වැටෙන ලයික් කමෙන්ට් නම් අඩුයි.. කතාව කැතද මන්දා..🤔 ඔයාලගෙ අදහස් මට රන් හා සමානයි.. කතාව ලස්සන නම් තව අයට කියවන්න ශෙයාර් කරන්න.. අපේ කතා පියස ගැන යාලුවන්ට කියලා උදව් කරන්න.. කතාව එක්ක දිගටම ඉන්න යාලුවෝ ටිකක් ඉන්නවා.. ආදරෙයි ගොඩාක් හැමෝටම.. දිගටම රැදෙන්න කතා පියස එක්කම..**
Dilru Don'T Copy
No comments:
Post a Comment