නව කථාවක්
මන්දිරයක සතුට සොයන
සමනලී
*විසිවන දිගහැරැම*
පාන්දර වෙද්දි මට කෝල් එක ආවේ සන්දීප්ගෙන්... රෑ ගොඩ වෙලාවක් අවදියෙන් සිටියත් මටත් නොදැනිම නින්ද ගිහින් බව තේරැනේ සන්දීප්ගෙ කෝල් එකට අවදි වුණ නිසයි..
"හෙලෝ.."
"ගුඩ් මෝනින් ඉබ්බි.. එන්ගේජ්මන්ට් එක දවසෙත් සැපට නිදිද.. මටනම් නින්දක් නැති තරම්.. බඩු ටික සේරම ලෑස්ති කරන් ඉන්න.. මම එනවා දැන්.. ඔන්න කබ කඩ කඩ ඉන්නෙ නැතුව ෆ්‍රෙශ් ඉන්නවා.. මම තියනවා.."
පාන්දර 3.30.. මේ කොල්ලටනම් පිස්සු.. මට වචනයක්වත් කියන්න මත්තෙන් කලබලයෙන් උවමනා ටික පමණක් කියා පෝන් එක කට් කරා.. කොහොම වුනත් මේ කෝල් එක නාවනම් මට එන්ගේජමන්ට් එකට යන්න වෙන්නෙ නයිට් ඩ්‍රස් එක පිටින්.. හදවත තදින් ගැහෙද්දි මම මැණිකෙ නැන්දවත් අැහරවගෙන ලෑස්ති වුනේ සැලොන් එකට යන්නයි.. මගෙ අම්මා වගේ මැණිකෙ නැන්දත් මගේ මේ විශේෂ දවසෙ මගෙ ලගින්ම ඉන්න තීරණය කලා.. සන්දීප් හරියටම 4 වෙද්දි ගේ ගාවට එද්දි නැන්දත් මමත් හෙමිහිට එලියට බැස්සෙ අම්මයි නංගි අවදි වෙන්න කලිනුයි...
"සන්දීප්.. නැකත් කීයටද තියෙන්නෙ.. "
එන්ගේජ් වන මම තාමත් එන්ගේජ්මන්ට් එක තියෙන්න කීයටද කියලත් නොදැනයි හිටියෙ..
"අනේ මැට්ටි.. 9.34ට.. මුදු මාරැ කරගන්න ඕන.."
පුදුමාකාර උද්යෝගයක් මම දැක්කා සන්දීප්ගෙ මූණෙන් අද.. එයාගෙ ජීවිතේට ලැබුණු වටිනාම දවසක් වගේ අද දවස..
"ඉතින් ඇයි දැන්ම සැලොන් යන්නෙ.. 8.00 විතර ගියාම මදිද.."
"අනේ මෝඩි.. බියුටි කල්චර් පැත්ත ගැන සාමාන්‍ය දැනීමවත් නැද්ද කෙල්ලෙක් වෙලා.. අද එන්ගේජ්මන්ට් එකේ කෙල්ල ඔයා.. ඉතින් එහෙන් මෙහෙන් මේකප් දාලා හරියන්නෙ නෑ.. අද කවුරැත් වැඩිපුරම බලන්නෙ ඔයා දිහා.."
අනේ මන්දා.. බියුටි සැලොන්වල යන කෙනෙක් නෙවෙයි මම.. මෙච්චර දේවල් ඕනිද.. වෙඩින් එක නෙවෙයිනෙ.. අනේ මන්දා මෙයාට හැමදේම ඉස්තරම්ම තියෙන්න ඕනනෙ..
"එච්චර කට්ටියක් එනවද සන්දීප් අද.."
"ඔව් මගේ ලගම යාලුවෝ ටිකක් එනවා.. එතකොට එඩ්වඩ් අංකල්ගෙ යාලුවෝ, ඩැඩීගෙ යාලුවොත් එයි..,"
එච්චර කට්ටියක් එනවද.. දෙවියනේ.. මට ලැජ්ජයි.. හැමෝම අපි දිහාම බලන් ඉද්දි මටනම් හැමදේම අමතක වෙලා යයි.. හිතට දැනුනේ ලොකු බයක්...
"මට බයයි සන්දීප්.."
"මොකටද බය වෙන්නෙ.. මමනෙ ඉන්නෙ ලග..ඉබ්බි.."
මම කොච්චර බය වී හිටියත් සන්දීප් ඉන්නෙ පුදුම සැහැල්ලුවකින්...
සැලොන් එක ගාවින් මාවයි මැණිකෙ නැන්දවයි බස්සපු සන්දීප් ගියේ එයාගෙ යාලුවෙක්ගෙ සැලොන් එකකට...
පැය කීපයක සැලොන් එකේ ගර්ල්ගෙ මහන්සියෙන් උදේ 8 පහුවෙද්දි මාව ලෑස්ති කරලා ඉවර කලා.. සත්තමයි.. මමද මේ ඉන්නෙ කියලවත් අඳුරගන්න බෑ අද මට..
සිහිනයක් ඇත සෑම කෙල්ලෙක්ටම..
වෙන්න ලස්සන මනමාලියක්..
උදා වූවත් දවස අද මට ඇත්තෙ මහ ලොකු
භීතියක්..
ඔහුත් හා මම එකම පාරක යන්න දුටුවත් හීනයක්...
යන්න හැකිවෙද පහුකරලා මට මේ තරම්
ලොකු කඩඉමක්... ❤❤
"දෙවියනේ.. ඇස්වහක් වදින්නෙපා කෙල්ලට.. ලස්සනයි.. සුරංගනාවියෝ පරාදයි..මගෙ කෙල්ලට.."
මැණිකෙ නැන්දගෙ ඇස්වල තිබ්බෙ සතුටු කඳුළු.. බිහි නොකලත් මැණිකෙ නැන්දා මාව මං ගැන තියෙන්නෙ පුදුම ආදරයක්.. අද එයා සතුටු වෙන්නෙ එයාගෙ දුවගෙ වෙඩින් එක කියලමයි...
"අනේ ඒ තරම් ලස්සන නෑනෙ මම.."
"මොකද නැත්තෙ සදිසි බේබි... පේන්නැද්ද.. කණ්ණාඩිය ඉස්සරහ ඉන්නෙ දෙව්දුවක්.. අනේ ලොකු මහත්තයා හිටියනම් පිස්සු හැදුනා වගේ වෙයි.. "
සත්තකින්ම මගෙ තාත්තා හිටියනම් මම දන්නවා.. එයා මාව වඩාගෙනම උස්සන් යයි.. ඕන දුරක්.. අද මං මෙහෙම ඉන්නවා දැක්කම මට වඩා සතුටු වෙයි එයා.. ඒත් මගෙ අම්මා.. අනේ අම්මත් මං ලඟ හිටියනම්...
"මැණිකෙ නැන්දා.. මගෙ අම්මත් මං ලග හිටියනම්.. හරි තාත්තා කවුද කියලවත් නොදන්න මට.. තාත්තගෙ අඩුවක් නෙදැන්නෙන්න ආදරේ කරනවා මේ තාත්තා මට.. ඉතින් මගෙ අම්මවත් තාත්තවත් නැති තැන මේ එන්ගේජ්මන්ට් එක සම්පූර්ණ. වෙන්නෙ කොහොමද.. කෙල්ලෙක්ගෙ ජීවිතේ වැදගත්ම දවසෙ ඒ කෙල්ලගෙ අම්මා තාත්තා ලග නැති වෙන්න තරම්ම අවසනාවන්තද මම.."
"අනේ සදිසි බේබි නාඩා ඉන්න.. කැත වෙයි ඇඬුවම...මම ඉන්නවනෙ ලග.. අම්මා වගේ.. ලොකු මහත්තයත් ලගම ඉන්නව වගේ දැනෙයි..."
"අද මට කෑගහලා අඬන්න හිතුණත් ඒ දේ කරගන්න බැරි තරම් මම හිරවෙලා අද.. මෙච්චර ලස්සනට ලෑස්ති වෙලා මාව බිහිකරපු අම්මත් නැතුව.. අඩුම තරමෙ මට මෙච්චර ආදරේ කරන තාත්තත් නැතුව කොහොමද මම මේක කරන්නෙ.. මේ අඩුව කොහොම පුරවන්නද මම..."
කඳුළු ආවත් දරාගෙන ඉවසුවේ අද අඬන්න හොඳ නැති නිසා.. සන්දීප් මෙච්චර ආසාවෙන් ඉද්දි.. තාත්තගෙත් හීනයක් වෙද්දි ඒ දවස විනාශ කරන්න බෑ මට...මම වෙනුවෙන් නෙවෙයි.. සන්දීප් වෙනුවෙන්.. තාත්තා වෙනුවෙන්... මේ හැමදේම..
සන්දීප් කාර් එකෙන් සැලොන් එකට ආවෙ මාව එක්ක යන්න..කාර් එකෙන් බැසසත් එයාට තවත් එක පියවරක් හෝ ඉදිරියට තියන්න අමතක වුණා....
"ඕ මයි ගෝඩ්... මට අදුරගන්නත් බෑ.. මේ තරම් ලස්සනක්... ප්‍රින්සස්ලා පරාදයි.. පණ තියෙන බෝනික්කියෙක් වගේ.."
සන්දීප්ගෙ ඇස් මගේ ළගම නතර වෙද්දි මම හිතුවා ඇත්තටම අද මම ලස්සනයි තමයි... මේකත් හදවතේ තිබ්බ හිරවෙච්ච හීනයක්.. තවදාවත් හැබෑ නොවෙයි කියලා හිතපු එක හීනෙකට පණ දුන්නා අද සන්දීප්... මගේ මුවෙහි මද සිනා රැල්ලක් ඇඳෙද්දී මම ගවුමෙ දෙපැත්තත් පොඩ්ඩක් උස්සගෙන මල් පොකුරත් අතින් ගෙන හිමින් හිමින් ඉස්සරහට අඩිය තිව්වේ මේ ඇඳුම්, මේ හීල්ස් මට හුරැ නැති නිසාවෙන්... ඇත්තමයි අද සන්දීප් නළුවෙක් වගේ.. එයාගෙ තිබ්බ ඒ පෞර්ෂ්‍යත්වය ඊටත් වඩා වැඩිපුර පෙනුනා.. ඒ කෝට් කිට් එකට..
"ජානු.. තෑන්ක්ස් බං මගේ කෙල්ල මේ තරම් ලස්සන කලාට.. ඒකිගෙ ලස්සනට හරිම වටිනාකම දුන්නට.."
"අයියෝ.. ඔයා මගේ බෙස්ට් කෙනෙක්නෙ.. මේ මගේ නංගි වගේ.. ඉතින් මෙයාව ලස්සන කරන්නෙ නැද්ද මම.. ටිකකින් මාත් එන්නම් ඒ පැත්තට.. කැන්දන් යන්න ඔයාගෙ සමනලීව.."
මාව හැඩ ගැන්වුවාට සන්දීප් තුති පිදුවේ පුදුම සතුටකින්.. මන්දයත් සන්දීප් හිතුවටත් වඩා එයාගෙ යෙහෙලිය මාව හැඩ ගන්වා තිබූ නිසා.. මැණිකෙ නැන්දත් සාරියක් ඇඳගත්තේ අද දවස එයාටත් විශේෂ වූ නිසාවෙන්...
අපි තුන් දෙනා කෙලින්ම ආවේ වෙඩින් හෝල් එකටයි.. කාර් එකෙන් සන්දීප් මාව බස්සවා ගනිද්දි මගේ ඇස් මවිත වුණා.. හැමතැනමක්ම ලස්සනට ඩෙකරේට් කරලා.. ලස්සන පරිසරක, සුන්දරම තැනක් සන්දීප් එන්ගේජ්මන්ට් එක වෙනුවෙන් තෝරාගෙන තිබුණා...
"වාව්.. මාර ලස්සනයිනෙ.."
මගේ කටින් ඉබේම පිටවුණා.. සන්දීප් අත්හැරියෙ නෑ.. මගෙ අත දිගටම අල්ලගෙන අඩියෙන් අඩිය හිමින් ඉස්සරහට තිබ්බා...
Welcome lovly cupple sandeep & sadisi...
අපි දෙන්න හෝල් එක ඇතුලට යද්දි පිලිගන්න ලස්සන ගෑනු ලමයි දෙන්නෙක් මල් දුන්නා...
"ඔහොම ඉන්න සදිසි.."
සන්දීප් මාව දොරකොඩ තියලා ඇතුලට ගියා..
"වෙල්කම් මයි ෆියුච(ර්).."
පුදුමයි...මගේ ඉස්සරහට ලස්සනට සරසලා තිබුණු දිග සෝෆා එක ගාව ඉදලා සන්දීප් රතු කාපට් තීරැවක් පෙරළුවා..
"එන්න මගේ මැණික.. රෙඩ් කාපට් ඔයා වෙනුවෙන්..."
මගේ ලගට විත් මගේ අත අල්ලගෙන එයා මාව පලස දිගේම එක්ක ගියා... දෙපැත්තෙ පේලි හැදිලා හිටපු එයාගෙ යහළු යෙහෙළියෝ රෝස මල්පෙති වලින් අපි දෙදෙනා නාවද්දි මම සන්දීප්ගෙ මූණ දිහා බලාගෙනම ඉස්සරහට ගියා...
දෙවියනේ.. මේ තරම් ආදරයක්.. සෙනෙහසක්.. මාව සතුටු කරන්න එක දවසට මේ තරම් ලොකු සැලසුමක්.. රෑ නින්දත් නැතුව අද දවස වෙනුවෙන් මෙතරම් සුවිසල් කැපකිරීමක්.. මම දැකලා නෑ... මගෙ ජීවිතේට මේ තරම් වැදගත් කොල්ලෙක්... අම්මා තාත්තට හෝ වැදගත් නොවුන මාව කෙටිකලෙකින් අහම්බෙන් හමුවුන සන්දීප්ට මේ තරම් වටිනවද.. අදහගන්න බෑ මට..
සත්තමයි මැණික ඔබ මාව...
ගෙන යන විටදි දෑත් පටලවා පලස මතින්..
කෑගහලා මට කියන්න හිතුනා ආදරෙයි මමත් මහමෙරක්...
උපන්දා සිට අහිමි වූ බොහෝ දේ තුල..
මට හිමි වූ මාණික්‍යකි ඔබ...
මගේම වේවා... අද වගේ මෙන් මතු සසරෙදිත්
මගෙම වේවා... ඔබ මගෙම වේවා...!!!❤❤
හෝල් එකේ ලස්සනට හැමදේම ඇරේන්ජ් කරලා තියෙද්දි.. හැමෝම සතුටින් ඉද්දි ඇවිත් හිටියා.. අම්මත්, සන්දීප්ගෙ අම්මත්.. කිසිම සතුටක් තිබ්බෙ නෑ.. ඒ දෙන්නගෙ මූණුවලනම්.. මට කෙලින් ඒ දන්න දිහා බලන්න බෑ.. ඒත් සවින්දි පේන්න හිටියෙ නෑ.. එයා මොන වගේ රියැක්ෂන් එකක් ගනීද..සත්තමයි දැන්නම් හොඳටම වෙව්ලනවා මගෙ කකුල්..
තාත්තා කිව්ව විදිහටම ලැප්ටොප් එකෙන් එයාට හාමදේම පේන්න හරිගැස්සුවා.. අනේ එයා අඬනවා.. මටත් දුකයි.. කැමරාවට හාදුවක් දුන්නේ ලග හිටියනම් මාව බදාගෙන පොඩි කරන තරම් ආදරෙන්... එයයි මට මුලින්ම ආශිර්වාද කලෙත්..
"ඔහොම ඉන්න.. ඔළුවෙ පොඩි අඩුවක් පේනවා.."
සන්දීප් මගෙ ඔළුව අල්ලද්දි මම ගැස්සුනේ මේ මොකක් කියනවද කියලයි..
"මැට්ටි.. ඔයා මගේ ක්වීන්.."
පුදුමයක්.. සන්දීප් පුංචිම පුංචි කිරැළක් මගේ හිසේ පලඳද්දී ඇවිත් හිටපු හැමෝම අත්පොඩි ගැහුවා.. අනේ.. මේ මෙනවද.. මේ තරම් දේවල්..
"දැන් තමයි කෙල්ල සම්පූර්ණ.. මගෙ ක්වීන්.."
හිනා වෙන්නද.., අඬන්නද මම.. හිතාගන්න බෑ කිසිදෙයක්.. හැම තත්පරේම මම තාත්තා දිහා බැලුවා.. එයාගෙ මූණෙ තිබ්බ සතුට මහමෙරක් තරම්..
"දැන් මුදු මාරැ කරගන්න දෙන්නම.."
එතන අපේ චාරිත්‍ර කරන මිස් කෙනක් හැම චාරිත්‍රයක්ම මතක් කලා වෙලාවට.. සන්දීප් මගේ ඇඟිල්ල දිගේ මුද්ද යවද්දි මට ඇති වුනේ ලැජ්ජාවක්.. අත්පුඩි හඬ මැද එයා මට මුද්ද පැලැන්දුවේ උතුරන සතුටකින්...
දැන් මගේ වාරයයි.. ලැප්ටොප් එකෙන් තාත්තා ඇස් නොපියා බලන් ඉද්දි මට දැනුනෙ ලැජ්ජාවක්.. මම මුද්ද අතට ගද්දි එයාගෙ අත මගෙ අත්ල උඩින් තිව්වෙ ඉවසිල්ලක් නැති හැගීමෙන් වගේ..
මම මුද්ද දාන්න එයාගෙ අත තවත් ලංකරගත්තා මගෙ ලගට.. මේ මොහොතෙ දැනෙන මේ හැගීම මට විස්තර කරන්න බැරි තරම්... එයාට මුද්ද පලන්දන මොහොතයි මේ..
"නවත්තනවා ඔය නාඩගම.."
කොටටම කලිසමක් හා කොට බ්ලවුස් එකක් ඇඳගත් සවින්දිමයි ඒ.. හෝල් එකට ඇතුල් වෙන තැන ඉදන්ම මහ හයියෙන් කෑ ගහද්දී අපි හැමෝගෙම අවධානය යොමු වුනේ ඒ වෙතටයි.. මගෙ අතේ මුද්ද ඉතිරි වෙද්දි සන්දීප්ගෙ අත මගෙ අතින් අතෑරැනේ ඉබේමයි.. නංගි ලඟට එද්දිනම් පපුව ගැහෙන වේගෙ ක්‍රමයෙන් වැඩිවන බවයි තේරැණේ..
"නවත්තනවා.. ඔයා කොහොමද මම ඉද්දි මෙයා එක්ක එන්ගේජ් වෙන්නෙ සන්දීප්.."
සන්දීප් ලඟට විත් නතර වුණු සවින්දි ප්‍රශ්න කලේ දැඩි තරහකින්..
"ඇයි.. මම ආදරේ කරන කෙල්ල එක්ක එන්ගේජ් වෙන්න මට ඔයාගෙන් ලයිසන් ගන්න ඕනද.."
සන්දීප් පසු බැස්සෙ නෑ කොහෙමවත්..
"ආදරේ.. මම දන්න ආදරයක් නෑ.. සන්දීප්.. මම ප්‍රෙග්නන්ට්.. මේ බබගේ ඩෑඩ් ඔයා සන්දීප්.."
සවින්දිගේ වචන මගෙ පපුවට පිහි පාරවල් වෙද්දී සන්දීප්, මම ඇතුලු අපි හැමෝම බලන් හිටියෙ කිසිම සද්ධයක් නැතුව..
මොකක්.. තමුසෙ පහත් කෙල්ලෙක් කියලා මම දැනන් හිටියා.. ඒත් මේ තරම් පහත් කෙල්ලෙක්.. මේ එන්ගේජ්මන්ට් එක නවත්තන්න ඔයා ඔය තරම් පහත් කතාවක් කියනවද..?
"ඔප්පු කරන්න සාක්ෂි අරන් ආවෙ.. මේ තියෙන්නෙ රිපෝට්ස්.. මේ හැම එකකම කියලා තියනවා පොසිටිව් කියලා.. මම ප්‍රෙග්නන්ට්.."
සවින්දි රිපොට් සන්දීප් අතේ තියද්දී මම දැක්කේ රිපෝට් හැම එකක්ම පොසිට්ව් බවයි.. මගෙ හීන එකිනෙක බොඳ වෙමින් මගෙ ඇස් පනා පිට වැටෙද්දි මොනව කියන්නද මුළු ඇඟම ලොක් වී හමාරයි..
"ඉතින්.. මේවා පොසිටිව් කියලා මට මොකක්ද කියන්නෙ.. මගේ කරපිට දාන්නෙ මොකද.."
"ආහ් එහෙමද.. එදා ගෙදරටම ඇවිත් ගැරිජ් කාමරේ ඔයා හැම සීමාවක්ම බින්දෙ මතකද මතක් වුනාද.. එහෙම එකක්.."
සවින්දි මොනවද මේ කියන්නෙ.. ගැරිජ් කාමරේ මොකක්ද වුනේ.. එලොවක් මෙලොවක් අතර මම හිරවුනේ මේ වෙන කිසිම දෙයක් තේරැම් ගන්න බැරැවයි..
"මො..ක..ක්..එදා සදිසි නෙවෙයිද මගෙත් එක්ක..?"
සන්දීප්ගේ වචන ගිලෙද්දී මගෙ හදවතේ ගැස්ම තව තවත් වේගයෙන් වැඩි වුණා
"ඕ යස්.. එදා මටයි ඔයා එක්ක ඉන්න ඕන වුණේ.. මේ තර්ඩ් ක්ලාස් කෙල්ල නෙවෙයි.. ඔයා සතුට වින්දෙ මගෙන්.. ඔයා මගේ වෙලා ඉවරයි.. දැන් කොහොමද මෙයා එක්ක එන්ගේජ් වෙන්නෙ ආ.."
සන්දීප්ගෙ ඇස් ලොකු වෙද්දී මේ සිදුවීම ඇත්ත නැත්ත සන්දීප්ගෙන්ම දැනගන්න ඕන වුනේ මට..
"ස..න්..දී..ප්.. මේ.. කතාව.. අැත්ත..ක්..ද..?"
"ස..දිසි.. එදා මම හිතුවෙ ඔයා මාත් එක්ක..මම ඔයාව මැව්වෙ.."
වචනයක් හෝ තවත් පිටවෙන්න මත්තෙන් මගෙ අතේ තිබුණු මුද්ද මගේ අතින් ගිලිහුනේ සියලු සිහින සුන් වී හමාර බව පසක් කරමින්.. මගෙ කටින් වචන හිරවෙද්දි පියවරක් පස්සට තිබ්බ වුනේ ඉන්න තැන හෝ අමතක වෙමින්..
"ම..ගෙ.. ස..දි..සි..."
...............................................................................
**කතාවෙ දිග කොටසක් ගෙනාවා.. මේ මොකද වුනේ.. සතුට සදිසි ලගටම ඇවිත් ගිලිහුනේ ඇයි මේ.. එදා ගැරිජ් කාමරේ සිදු වූ සිදුවීම ඒ පැටලැවිල්ල සවින්දිගෙ උගුලක්ද.. සවින්දි සන්දීප්ගෙ ශරීර හැඩයට තියෙන ආශාව නිසා සදිසිට හොරෙන් පෝන් එක අරන් සන්දීප්ව හොරෙන් ගෙන්න ගෙන.. එදා සන්දීප් සදිසි කියලා හිතාගෙන සතුටින් හැම සීමාවක්ම බින්දේ සවින්දි එක්කද..
මොහොතකටවත් සන්දීප් සදිසි මෙහෙම දේවල් නොකරයි කියලා නොහිතපු නිසා සදිසිට අද ලැබුණු සතුට ඇස් පනාපිට විනාශ වුනා.. සන්දීප්ගෙ හිතේ සදිසිට තියෙන ආදරේ ප්‍රයෝජනවත් නොවේවිද..සදිසි සන්දීප්ව සවින්දිට දේවිද.. සවින්දිව භාරගන්න සන්දීප්ට සිදුවෙයිද.. ලැබෙන්න ඉන්න දරැවගෙ කතාව ඇත්තක් වෙයිද.. සදිසි මේ සිදුවීමට කොහොම ප්‍රතිචාර දක්වයිද.. හිතුවට වඩා කතාව වෙන අතකට හැරවුනා නේද.. ඔයාලගෙ අදහස් කමෙන්ට් කරන්න අමතක කරන්නෙපා.. මේ දුක උහුලගන්න සදිසිට පුලුවන් වෙයිද.. ලස්සන දවස මෙහෙම අළු වේවිද.. ඊළග කොටස අරන් එන්නම් ඉක්මනටම..දිගටම රැදෙන්න කතා පියස එක්ක.. **
Dilru Don'T Copy
No comments:
Post a Comment