නව කථාවක්
මන්දිරයක සතුට සොයන
සමනලී
*සිව්වන දිගහැරැම*
"මොනවා..? සන්දීප් සර්.. මේ රෑ මොනවා කරනවද.. ඇයි මේ වෙලාවෙ ආවෙ දෙයියනේ ආපහු මට මොනව අස්සවන්නද ආවෙ.."
ගේට් එක ලඟ කාර් එක නතර කරගෙන සන්දීප් ඉන්නවා දුටු විට මට අදහගන්න බැරිවුනා..
"මම මේ ආවෙ ඔයාට මොකද වුනේ බලන්න.. මමනෙ බලෙන් වගේ වාහනේට දාගත්තෙ.. ඉතින් ඔයාට ප්‍රශ්නයක් වුනාද කියලා බලල යන්නම හිතුණා.. ඒකයි මේ ආවෙ.."
"නෑ නෑ ඔයා ඒක ගැන වද වෙන්න එපා.. දැන් ඔයා මෙහෙම ඉන්නවා දැක්කොත් තවත් ප්‍රශ්නයක්.. මේක මගෙ ගෙදර.. මෙහෙ ප්‍රශ්න මම බලාගන්නම්.. ඔයා මේ වගේ වැඩ කරන්නෙපා. අනික මම බැනුම් ඇහුවම ඔයාට වැඩක් නෑනෙ.. මෙහෙම වැඩ කරන්නෙපා.. ප්ලීස්.."
"මම මේ මම නිසා ප්‍රශ්නයක් වුනාද බලලා යන්න ආවෙ.. නැතුව මට ඇති ප්‍රශ්නෙකට ආවා නෙවෙයි.. ඔයා කියන කතාවත් ඇත්ත මම මොකටද ඔයා ගැන වද වෙන්නෙ.. මම යනවා කරදරයක් වුනානම් සොරි.. ගුඩ්නයිට්.."
සන්දීප් ඇවිත් තිබුනේ සවින්දි අපි ගැන වැරදියට හිතලා මට ප්‍රශ්නයක් ඇති කරලද බලන්නයි.. ඇත්තටම සන්දීප් ඒ ගැන හිතුවෙ ඇයි.. මම ඉකමනටම ගේට් එක ලොක් කරලා ගේ ඇතුලට ආවෙ අම්මා හෝ නංගි හෝ පේන්න ඉන්නවදැයි සෝදිසි කරමින්..
"සදිසි බේබි කවුද ඇවිත් තියෙන්නෙ"
"ආහ්.. මේ.. මේ.. කවුද මන්දා පාර වැරදිලා ඇවිත් මගෙන් පාරක් ගැන ඇහුවා.. මම කිව්වා මේ එහෙ නෙවෙයි කියලා.."
මැණිකෙ නැන්දා මගෙන් අහද්දි අනේ මන්දා ඇයි මට බොරැවක් කියන්න හිතුනෙ කියලා.. කටට ආව බොරැව එහෙමම කියලා දැම්මෙ මම කවදාවත් බොරැ නොකියන කෙනෙක් වුවත් අද ඇයි මේ බොරැවක් කියවුනෙ කියා මට අදහන්නවත් බැරැවයි..
.............................................................................
"මමී.. මම පොඩ්ඩක් ටවුන් එකට යනවා.. අද යාලුවෙක්ගෙ බර්ත් ඩේ පාර්ටි එකක්.. හොඳ ඩ්‍රස් එකක් ගන්නත් ඕන.. ඒකට ටිකක් ලේට් වෙයි.. ආපහු ඇවිත් යන්න වෙලාවක් නෑනෙ.. මම එහෙමම යනවා හරිද..එද්දි ටිකක් රෑ වෙයි.."
"සල්ලි තියෙනවද ශොපින් කරන්න.. පුදුමයි මගෙ කාඩ් එක ඉල්ලුවෙ නෑ අද.."
"ඕ... ඊයෙ මම මගෙ ලව්ලි ඩැඩීට කිව්වා අද පාර්ටි එකක් කියලා.. ඩැඩී මට ෆිෆ්ටි තවුසන් ඩිපොසිට් කරලා තිබ්බා.. අර ගොඩේ කෙල්ලවත් එක්ක යන්න කිව්වා ශොපින්.. මම කිව්වා පාර්ටි එකට එන්නෙ ඩීසන් අය විතරයි කියලා.."
"ඒක තමා මගෙන් සල්ලි ඉල්ලුවෙ නැත්තෙ..පුදුම හිතුණා මට මෙයා කලින්ම ඩැඩීව රවට්ටලා.. එයා මොකටද අරයව ශොපින් එක්ක යන්න කියන්නෙ.. ඔයාගෙ ඩැඩීට නම් කියලා වැඩක් නෑ.. යන්න හොඳට ශොපින් කරලා එන්න.. එන්ජෝයි කරන්න.. පරිස්සමෙන් ඕකේ.."
"හරි මමී මම යනවා.. ලව් යූ.. බායි.."
සවින්දි අදත් සුපුරැදු පරිදි ගෙදරින් පිටව ගියේ විනෝද වීමටයි.. සල්ලිකාර තාත්තට සහ අම්මට දරැවන් නොසිට සදිසිගෙ වාසනාවට ඉපදුනු සවින්දිට එඩ්වඩ් මදනායක සහ නිලන්ති මදනායක නොදුන් සැපක් නැත..
රාත්‍රී සාදය කිසිම අඩුවක් නොමැති ව සූදානම් කර තිබිණි.. ධනවත් පවුල් වල තරැණ තරැණියන් බෙහෝමයක් සාදයට සහභාගී වූ නිසා සාදය ඉස්තරම්ම අයුරින් සූදානම් කර ඇත.. ධනවත් පන්ති වල අය විසින් දුප්පතා නොසලකා සල්ලි විනාශ කරමින් විනෝද වන අවස්ථා ඕන තරම් අැත..
සවින්දිත් ධනවත් පන්තියේ සාමාජිකාවක් නිසා මෙම සාදයට අනිවාරෙන්ම ඇයට දොරගුලු විවර වී ඇත..
"එ්.. නිශී.. හැපි බර්ත් ඩේ ඩාලිං.."
"තෑන්ක්ස් සවී..තෑගි ගොඩක් ගෙනල්ලනෙ බබා ඔයා... හොඳට එන්ජෝයි කරන්න.. අර පැත්තෙ කෑම.. මේ පැත්තෙ ඉතිම් ඩ්‍රින්ක්ස් පොඩ්ඩක් අරන් අපි එන්ජෝයි කරමු.."
"හරි හරි බං.. යාලුවො ගොඩක් ඉන්නවනෙ.. කට්ටිය එක්ක ෆන් එකක් ගමු..."
සවින්දි යාලුවෝ සමගින් මුලින් ම ගියේ ඩ්‍රින්ක්ස් පැත්තටයි.. ධනවත් පවුල්වල කාන්තාවන් මද්‍යසාර භාවිතය වර්තමානයේ සුලබ ව දකින්න ඇති දෙයකි...
මතින් මත්වී යාලුවන් හා සවින්දි මීලගට ඩාන්ස් ෆ්ලෝ එකට ගියේ සාදයේ හොඳම කොටස සමරන්නයි..
"ඕ.. ඈ..ම්.. සොරි.. මිස්ට.."
එකපාරම සවින්දි තරැණයෙකුගෙ ඇඟේ හැපී වැටෙන්න යද්දි ඔහු ඇයව අල්ලගත්තෙ තදින්.. සවින්දි මතින් මත්වී සිටි නිසා තරැණයා දෙස බලාගෙනම හිටියේ වශී වුනා සේ යි..
"සොරි කියලා හරියන්නෙ නෑ.. නැගිටිනවා.. කට්ටිය බලන් ඉන්නවා.."
තරැණයා එසේ කියද්දි සවින්දි වටපිට බලා ඉක්මනටම නැගී සිටියේ ලැජ්ජාවක් ඇති වූ නිසයි..මත්වී සිටියද ඡායාවක් වගේ සවින්දිට ඒ රැව මතක බවක් හැඟුනා..
"යූ..? ඔයා නේද අර අපේ තර්ඩ් ක්ලාස් කෙල්ලව ඩ්‍රොප් කරපු හැන්ඩ්සම් බෝයි.. අයියෝ.. ඔච්චර ලස්සන වෙලා ඇයි අනේ අර කෙල්ල එක්ක රවුම් ගහන්නෙ..ඔයාට පිස්සුද.."
බලන් යද්දි මේ සන්දීප්.. ඔහුත් ධනපති පන්තියේ සාමාජිකයෙක් බැවින් සාදයට අවසර හිමිවන්නට ඇති..
"නෑ.. එයා එදා නගින්න බෑ කිව්වා.. අර ඇන්ටිට අමාරැ නිසා නැග්ගෙත්.. අනික එයා තර්ඩ් ක්ලාස් නෙවෙයි.. හැදිච්ච ගෑනු ලමෙක්.. ඔයත් ගෑනු ලමෙක් වෙලා තව කෙනෙක්ට අපහස කරන්නෙපා.."
සන්දීප්ගෙ වචන වලට සවින්දිට කේන්ති ගියේ ඔහු සදිසි ව වර්ණනා කල නිසයි..
"අනේ මේ.. ඔයත් ඒ ගොඩට වැටෙන්නෙපා.. එන්න අපි චුට්ටක් ඩාන්ස් කරමු.."
සවින්දි සන්දීප්ගෙ අතින් අල්ලන් නටන්න ගත්තෙ ඇයට එය නුහුරැ නුපුරැදු දෙයක් නොවන නිසයි..
"අයියෝ ගෑනු ලමෙක් වගේනෙ තව ටිකක් ලං වෙන්න..ඔහොම ඈත්වෙලා, ඩාන්ස් කරන්නෙ කොහොමද.?"
මත් වී සිටින සවින්දි සන්දීප්ගෙ ඉනවටා අතයවා එකපාරම ලඟට ඇදලා ගත්තෙ සන්දීප් පුදුමයෙන් බලාසිටිද්දි.. සන්දීප්ටත් සවින්දිගෙ ග්රහනයෙන් මිදෙන්න උවමනාවක් නොමැති වූයේ ඒ මොහොතේ සන්දීප් ද තරමක් මත්වී සිටි නිසයි..
"ඔයා බොනවද.. අම්මලා දන්නවද බොනවා කියලා.."
"අයියෝ මේක මොකක්ද අනේ.. අද කාලෙ කෙල්ලො චුට්ටක් නොබිව්වොත් කොන් වෙනවනෙ.. මමීලා දන්නවා ඒත් එයාලා මුකුත් කියන්නෙ නෑ.. මොකද එයාලගෙ ලකී ඩෝට මමනෙ.."
සවින්දි සන්දීප් දෙස බලාගෙන එහෙම කියද්දි සන්දීප් පුදුමෙන් වගේ බලන් හිටියා..
"එතකොට අර ඔයාගෙ අක්කා.. සදිසි මදනායක.."
"අපෝ ඒ ගොඩේ කෙල්ලද.. ඒ අපේ ඩැඩීලා පිනට ලමා නිවාසෙකින් අරන් හදාගත්ත කෙල්ලෙක් නෙ.. එයා කොහොමවත් මදනායක කෙනෙක් වෙන්නෙ නෑ.. එඩ්වඩ් මදනායකගෙ ලෙයින් හැදුනෙ එක දුවයි.. එ් තමයි මම සවින්දි මදනායක.. සදිසි නමට විතරයි දුව.."
සවින්දිට තරමක් කේන්තියක් හටගත්තෙ සන්දීප් සවින්දිව මතක් කල නිසාවෙන්..
"ආහ්.. එහෙමද.. එතකොට ඔයා සවින්දි මදනායක එයා සදිසි මදනායක.. නරකම නෑ.. නම් දෙකත් එක වගේ.."
"මේ අහනවා.. අපි දෙන්නගෙ සේම් නේම් තියෙන්න පුලුවන්.. බට් සදිසිට මට සමාන වෙනවා තියා ලං වෙන්නවත් බෑ.. ඒකිව මතක් කරලා මගෙ මූඩ් අවුල් කරන්නෙපා.. මට කියන්නකො හැන්ඩ්සම්ගෙ නම.."
සවින්දි සන්දීප් ගෙ මූණටම කිට්ටු වුනේ අනුරාගී රැවක් මවාගෙනයි..
"මගෙ නම් සන්දීප්.. සන්දීප් මානවඩු.."
"ඕ නෝහ්.. ඔයා මානවඩු අංකල්ගෙ පුතාද.. අපේ ඩැඩී මානවඩු අංකල් ගැන කියලා තියෙනවා මට ඇහිලා තියෙනවා.. ඔයා මානවඩු අංකල්ගෙ පුතානම් අවුලක් නෑනෙ මම ආශ්‍රය කලාට..තව පොඩ්ඩක් ලං වෙන්නකො අනේ.. රොමෑන්ස් ඩාන්ස් එකක් දාමු කට්ටිය පුදුම වෙන්නත් එක්ක.."
සවින්දි සන්දීප්ට තවත් ලං වුනේ සන්දීප්ගෙ ඇස් දිහා බලාගෙනමයි...සවින්දි සන්දීප්ගෙ අත තමාගෙ ඉනවටා ඔතාගත්තේ තම අතක් සන්දීප්ගේ ඉනවටා යවමින්.. මූණට මූණ ලංකරගත් ඇය උමතුවෙන් මෙන් අනෙක් අතෙන් සන්දීප්ගේ ලය මතින් තමන්ගේ සියුමැලි ඇඟිලිතුඩු යැව්වෙ සන්දීප්ගෙ අනුරාගී හැගීම් අවුලාලමින්... සවින්දි සන්දීප්ගේ අනෙක් අත ගෙන තම ලය මතින් තබාගත්තේ සාදයේ තවත් අය සිටින බවක්ද අමතක කරමින්.. ඉන් නොනැවතී තම වේලී ගිය දෙතොල් සන්දීප්ගේ දෙතොල් මතට ලං කලේ පැමිණ සිටි සියලුදෙනා මවිත කරමින්..
වෙරිමත නිසාම සවින්දි එකවරම සන්දීප්ගෙ උරමතට කඩාවැටුනේ සිහි නැතුවයි..
"සවින්දි.. සවින්දි.. කෝ ඔයාට අදනම් ටිකක් වැඩී වගේ.."
යෙහෙලියන් සවින්දිව අවදි කරන්න උත්සහ කලත් එය අසාර්ථක වුනේ සවින්දි තමන්ව පාලනය කල නොහැකි තරම් මත්වී සිටි නිසයි..
සන්දීප් සවින්දිව තම දෝතට ගනිමින් කාර් එක ගාවට ගියේ ඇගේ හැසීරීම් සිහිකරමින්.. සවින්දිව කාර් එකට නංවාගත් සන්දීප් එතනින් පිටව ගියේ තවමත් සවින්දි සිටි වෙරිමත නිසාම ඇයට කිසිම දේක කල්පනාවක් නොමැති අවස්ථාවකයි...
...........................................................................
*වෙරිමතින් ඉන්න සවින්දිව රැගෙන සන්දීප් පාර්ටි එකෙන් පිටත් වුනා.. සල්ලි බලයෙන් මහන්තත්ත කම උදුම්මවාගෙන සිටින සවින්දිට කුමක් වෙයිද.. සදිසි ට මේ දේවල් කොහොම බලපෑම් එල්ල කරයිද.. පස්වන කොටස අරන් ඉකමනටම එන්නම්.. කතාවෙ අඩුපාඩු ඇති.. ඒවට සමාවෙන්න..අදහස් කමෙන්ට් කරන්න.. දිගටම රැදෙන්න කතාපියස සමගම..*
Dilru Don'T Copy

No comments:
Post a Comment