Pages

Tuesday, June 9, 2020



නව කථාවක්

මන්දිරයක සතුට සොයන 
සමනලී
*හයවන දිගහැරැම*

උදෑසනම කඩිමුඩියෙ ලෑස්තිවෙලා මම ලමා නිවාසෙට යන්න පිටත් වුනා.. හිතේ පුදුමාකාර වූ කුතුහලයක් තිබුණත් මම සියල්ල අමතක කර සිත සන්සුන් කර ගත්තේ තව මොහොතකින් මගෙ ප්‍රශ්නවලට පිලිතුරැ ලැබෙන නිසාවෙන්..
මම ලමා නිවාසයේ ගේට් එකෙන් ඇතුලු වුනේ හදවතට මහ ලොකු සැනසීමක් දැනෙද්දි..
මම කෙලින් ම ගියේ සුදු අම්මා හිටපු කාමරයටයි.. මන්ද යත් සුදු අම්මව හමුවීමට පැමිණෙන සෑම අවස්ථාවකම ඇය සහ මම කතා කරන්නෙ ඇගේ කාමරය තුල වීමෙනි..

"සුදු අම්මා මම ඇතුලට එන්නද.."

අදටත් කොතනක ගියත් ඇතුල්වීමට පෙර අවසර ගැනීම මගෙ පුරුද්දක් වෙලා තිබුණා..

"ම්.. සදිසි ඇතුලට එන්න.."

සුදු අම්මාගේ අවසරය පිට මම ඇතුලට යද්දිත් තවත් කාන්තාවක් එහි පැමිණ සිටියා..

"ඇයි සුදු අම්මා හදිස්සියෙම එන්න කිව්වෙ.. කාවද මුණගස්සන්නෙ.."

"ම්... මෙන්න මෙයාව තමා ඔයාට මුණගස්සන්නෙ.."

සුදුඅම්මා මට පෙන්නුවේ ලඟ සිටි කාන්තාවයි..

"හ්ම්ම්.. කවුද සුදුඅම්මා මේ.."

කාන්තාව ඇස් නොපියා මා දෙස බලා ම
සිටිද්දි මම බැලුවේ සුදු අම්මා දිහා පුදුමෙන්..

"සදිසි මේක තමා වෙලාව.. ඔයා මගෙන් නිතරම අහපු ප්‍රශ්නෙකට මම උත්තර දෙනවා අද.. දැන් ඔයා දැනුම් තේරැම් තියෙන ලමෙක්.. හැමදේම තේරැම් ගන්න, දැනගන්න ඕන.. අද ඔයාගෙ එක ප්‍රශ්නයක් විසදේවි.."

සුදු අම්මගේ වචන හමුවේ කුතුහලය තවත් වැඩිවෙද්දි මේ ගැටලුවට විසදුම් දැනගන්න මට තිබුණ ඕනකම තවත් වැඩි වුනා..

"මොකක් ගැනද සුදු අම්මා ඔයා කියන්නෙ.. මොන ප්‍රශ්නෙද විසදන්නෙ.. අනේ මට කියන්න.."

මම ඉවසන්න බැරි තැනම සුදු අම්මගෙන් ප්‍රශ්න කලේ හිත නිදහස් කරගන්නයි..

"ඒකට උත්තර මම දෙන්න ඕන නෑ.. ස්නේහා.. මේ ඔයාගෙ වාරේ.."

කඳුලු ඇස්වල පුරවාගත් ඇය මා දෙස බලාගෙන හිටියේ වේදනාවෙන්.. වචන ගලපගන්න බැරි තරම් ඇගේ තොල් පැටලෙද්දි මම ඉදන් හිටි පුටුවෙන් සිට ගත්තේ වෙන්නෙ මොකක්දැයි හරි හැටි තේරැම් නොගිය නිසාවෙන්...

"අ...නෙ... ම... ගෙ...දූ .."

ඉකිගැහෙන මුවින් දෙතොල් පටලවමින් මගේ දූ කියා වචන ගලපද්දි මම උන් තැනින් පියවරක් පස්සට තිබ්බ වුනේ පසුපස තිබූ මල් බදුනේ හැප්පෙමින්... එක් තප්පරයක් හෝ ඇස්පිල්ලමක් ගහන්නට හෝ මත්තෙන් ඇය මාව වැළඳ ගත්තේ මෙතරම් කාලයක් කාන්තාරයක වතුර පොදක් නොමැතිව සිටි මුවදෙනකට දිය පහරක් හමු වූවා සේයි..

"ම..ට.. ස...මා..වෙ..න්...න... ම..ගෙ.. දූ.."

වචන ගලපමින් මාව තදින් වැළදගෙන ඇය මගෙන් සමාව පතද්දී මම තවමත් සිහි නැති වුනා සේ බලාවුන් අත බලා හිටියේ වෙන කිසිම දෙයක් නොතේරන නිසාවෙන්..

"ඔයාගෙ අම්මට සමාව දෙනවද මගෙ දූ.."

මගෙ උරහිස් දෙකෙන් අල්ලා කඳුලු පිරැණු ඇස්වලින් මගේ ඇස් දිහාම බලාගෙන සමාව දෙනවද අම්මට කියලා අහද්දි මගෙ ඇස් වලින් කඳුලු කඩාගෙන හැලුනේ මටවත් නොදැනි.. වචනයක් හෝ කියාගන්න බැරි තරමට මගෙ දෙතොල් ලොක් වී තියෙද්දී දෙනෙත් නම් මට පාලනය කර ගත නොහැකි සේ කඳුලු හැලුවෙ අවුරැදු විසි පහක් පුරාවට මගෙ ඇස්වලින් නොදැකපු, සෙනෙහස ලැබිය යුතුම කාලෙදි පුංචි කැකුලියක් නොදන්න නොහදුනන මල්වත්තක තනිකර දමා ගිය ඇය මා කුසින් බිහි කල අම්මා ද..?.. මම තවත් පියවරක් පස්සට තැබුවෙ ඇගේ දෑත් මගෙ උරහිස්වලින් ඉවත් කරමින්..

"ඇයි මේ මගෙ දූ..අම්මට සමාවක් නැද්ද මගෙ දූ.. සමාව දෙන්න තරම් පොඩි වරදක් නෙවෙයි මම කලේ.. අනේ ඔය කටින් මට එකම එක පාරක් මට අම්මා කියන්න මගෙ දූ.."

ඉකිගහමින් අත්දෙක එකතු කර එකම වතාවක් අම්ම කියන්න කියා බැගෑපත් වෙද්දි මට ඇතිවුනේ කියාගන්න බැරි වේදනාවක්.. කොහොම වචන කරන්නද මගෙ මේ වේදනාව...

"ඇයි මෙහෙම කලේ.."

මගේ මුවින් පිටවුනේ ඒ වදන පමණමයි..

"මං අසරණයි මගෙ දූ.. අම්මට සමාව දෙන්න මගෙ දෙයියෝ.. ඔය මූණ දකින්න මම කොච්චරක් නම් ආසාවෙන් බලන් හිටියද.. මං අසරණ වුනා මගෙ දූ..."

තවමත් ඇගෙ ඇස්වලින් කඳුලු කඩා වැටුනේ ඇයට නවත්ත ගන්න බැරි තරමටමයි...

"ඔයා අම්මෙක්ද.. නොදන්න තැනක මාව දාලා ගියේ ඇයි..උත්තර දෙන්න මට උත්තර දෙන්න.."

ඇගෙ උරහිස් දෙකෙන් අල්ලගෙන මම කෑගහලා ඇහුවේ ඇයි මාව දාලා ගියේ කියායි..

"අ..නේ.. ම.. ගෙ.. දූ..ඔය කටින් එකම පාරක් අම්මා කියන්න..වදින්නම්.."

ආයෙම වතාවක් ඇය මා තදින් බදාගත්තේ වැළපෙමින්..මගෙ හදවත් ගින්නෙන් පිලිස්සෙනවා වගෙයි දැනුනෙ..

"ඇ..යි.. මා..ව.. දා...ලා.. ගි..යෙ.. අ..ම්..මා.."

මෙතෙක් වෙලා ගිනිගත් හදවත ඇස්වලින් හා මුවින් ගින්න පිට කරන්න ගත්තේ හදවත ම පුපුරා යන්න තරම් වේදනාව වැඩි වූ නිසාවෙනි..

"වෙන මොනා කරන්නද මගෙ දූ.. ඔයාව මතක් වෙන ගමනක් ගානෙ අවුරැදු විසිපහක් හැම තත්පරේම මම පිච්චුනා මගෙ දූ.. දැන් නම් වාරැ නෑ මට තවත් දරාගන්න.. මට සැනසිල්ලෙ මැරෙන්න එක වතාවක් මට ආදරෙන් අම්මා කියන්න මගෙ දූ.. "

"අනේ අම්මා.. මට කිසි තරහක් නෑ ඔයා මාව දාලා ගියාට.. මමත් මාව බිහි කරපු අම්මව දකින්න බුදුන්ගෙන් දෙවියන්ගෙන් ඉල්ලපු වාර අනන්තයි මගෙ අම්මා.."

සිර කරගෙන සිටිය නොහැකි තරම් දුකක් දැනෙද්දි මව් සෙනෙහස ලබන්න ඕන කාලෙ මාව දාලා ගියත් අම්මගෙ සුවද දැනෙනවා මට තාම.. මගෙ හිතේ වෙෙරයක් නැති නිසාම දෙතොල් පැටලෙද්දි මගෙ අම්මා කිව්වෙ දස මසක් කුසේ දරන් ඉදලා මෙලොව ගැහැණියක් විදින සියලු වේදනාවල් විදලා මා මෙලොවට බිහි කරපු අම්මා ඇයයි.. කොහොම වෙෙර කරන්නද.. මම අම්මට...

"මොකක්ද කිව්වෙ.. අම්මා..? අනේ ආයෙම පාරක් කියන්න මගෙ දූ"

"දාලා ගියත් ඔයයි දුක් විදලා මාව බිහි කලේ..අම්මෙ.. මම තරහ නෑ.. මාව මේ තරම් අසරණ කරලා දාලා ඇයි ගියෙ අම්මෙ.. කොයි තරම් දුකක් වින්දද තවත් විදිනවද.. කොච්චර අපහස විදිනවද.., අවජාතක කියලා කොච්චර නම් සමාජය හංවඩු ගහනවද.. අවජාතක කියලා ජාතියක් මේ ලෝකෙ නෑ අම්මෙ.. ගැහැණියෙක්ට තනියම දරැවෙක් හදන්න බෑ.. ඇයි මට අම්මා තාත්තා දෙන්නම නැති කලේ..ඇයි ඇයි තුරැලෙ තියාගන්න බැරිනම් මාව බිහිකලේ අම්මෙ.. මොන තරම් කරැමක්කාරියක්ද මම.."

මගේ හදවතේ මෙතරම් කාලයක් හංගගෙන සිටි ප්‍රශ්න එලියට ආවේ කඳුලු එක්කයමයි..

"අනේ එහෙම කියන්නෙපා මගෙ දූ.. ඔයාට ලැබිලා තියෙන්නෙ හොඳම තැන.. ඔතන තමයි මගෙ දුවට සුදුසු.. මට ඔයාව අපායට ගෙනියන්න උවමනා තිබ්බෙ නෑ.. ගෙදරක වලං හෝදන ගෑනියෙක්ගෙ දුවෙක් කියනවට වඩා මදනායක වගේ පෝසත් පවුලක් අරන් හදාගත්ත කියන එක නම්බුයි මගෙ දූ.."

ඉකිබිදිමින් අම්මා එසේ පවසද්දි මගෙ කඳුලු තවත් වේගයෙන් කඩා හැලෙන්න වුණා..

"ඇයි දැන් මම කරන්නෙ වැඩකාරියක් වගේ අර මහ මන්දිරේ වලං හෝදන එක නෙවෙයිද අම්මෙ.. මුලදි මට එයාලගෙම දරැවෙක් වගේ සැලකුවට එන්න එන්නම නංගි ගෙයි අම්මගෙයි වැඩකාරි වෙලා.. මම ඒ හැමදේම කරන්නෙ අම්මට තියෙන ගෞරවේට.. වැඩකාරි වගේ හැමදේම කරන්නෙ හරි සතුටෙන් නෙවෙයි අම්මෙ..  වලං හේදුවට මොකද මට ඒක ලැජ්ජාවක් නෙවෙයි.. මාව ඔයා ගාවට ගන්න.. තාත්තා කෝ අම්මෙ මගේ.. ඇයි ඔයාගෙ කුසට මාව දීලා පැනලා ගියේ..මම අවජාතක කියන්නෙ කොහොමද අම්මෙ මිනිස්සු.."

(ඉපදෙන විටම මව් සෙනෙහස නැති  හින්දා
කවුරැන්දැයි මගෙ පියා මා දැක නැති  හින්දා
ධනවත් පවුලකින් පින් සේ මා ගත්     හින්දා
විදිනෙමි අම්මෙ මේ ලෝකෙන් අපහස නින්දා

ඇති දැඩි කරන්නට බැරිනම්             හදාවඩා
කුමකට බිහි කෙරැවෙද දසමස කුසේ    දරා
හැර යන විටදි මේ ලෝකෙන් මා  තනිකරලා
දුක නොදැනුනේද බිදක්වත් මා පව්    කියලා

රතු ලේ හැරැනාද කිරි ලෙස ඔබෙ මගේ නමින්..
නැතිද මේ ලෝකේ පියෙක් ඇත්තේ මගේ ලෙයින්..
දුක අැත්නම් ඔපමන මා දුටුව     අැසින්..
බිහිකර හැර ගියේ කිමද මා සතෙකු ලෙසින්..)

ලමා නිවාසෙම එකම මළගෙයක් වගෙයි..අම්මගෙයි මගෙයි මේ දුක්බර මොහොත විදගන්න බැරැව සුදුඅම්මත් පැත්තක හොඳටම අඬනවා..

"ඔයාට තාත්තෙක් ඉන්නවා මගෙ දූ.. අවුරැදු විසි පහක් අම්මව දකින්න ඉවසුවා නේද මගෙ මැණික.. දැන් හැමදේම විසදෙන කාලෙ.. දූ මගෙත් එක්ක ආවොත් කවමදාවත් තාත්තා ගැන දැන ගන්න වෙන්නෙ නෑ.. දූ තව පොඩි කාලයක් මේ දුක උහුලන්න මගෙ දූ.. අනාගතේ ලස්සන වෙයි මගෙ දූ..."

"නෑ නෑ අම්මෙ. මට ඔයයි මගෙ තාත්තයි නැතුව ජීවිතේ කවදාවත් ලස්සන වෙන්නෙ නෑ... අම්මා වැඩකාරකම් කරන ගෙදරට මාව එක්ක යන්න.. මට මේ ගෙදර ආදරේ තාත්තයි, මැණකෙ නැන්දයි විතරමයි.. තාත්තවත් වෙනස් කරගනී නංගිලා..මට පාරට වැටෙන්න වෙයි මගෙ අම්මෙ.. මම කොහෙද යන්නෙ.. කවුද මට පිහිට වෙන්නෙ මගෙ අම්මෙ.."

ඉවක් කොනක් නොපෙනෙන ලෝකෙක අතරමං වී හෙට දවස ලස්සන වෙයි කියලා අනාගතේ ගැන හීන දැකීම මට එපාවී තිබුනේ අවුරැදු 10 පටන් 25 දක්වා අවුරැදු 15කටම ඒ දවස උදා නොවූ නිසාවෙන්...

"මගෙ දූ වාසනාවන්තයි... කවදාවත් තනි වෙන්නෙ නෑ.. මේ බලන්න මගෙ අත්දෙක.. මේ අපායට මට ඔයාව කොහොම අරන් යන්නද මගෙ රත්තරනේ.."

කරගැට දමා ඒවායෙ තුවාල කැළල් සහිත රළු වී ගිය දෑත් ඇය මට පෙන්වද්දි ඇති වුන වේදනාව පොලොව පලාගෙන යන්න තරම්..මේ දෑත් කුඩා කාලයේ කොච්චරනම් සියුමැලිව තියෙන්න ඇතිද.. මෙතරම් රළු වෙන්න තරම් සමාජය ඈට කොහොම කුරිරැ වෙලාද.. ගැහැණියකගෙ දෑත් මේ තරම් රළු වෙන්න තරම් දරැවෙක් කුසට දී වගකීම් වලින් පලාගිය ඒ පිරිමියා කවුරැන්ද.. ඔහුට තවදුරටත් තාත්තා කියා ඇමතිය හැකිද.. එක ගැහැණියෙක්ගෙ ජීවිතයම අපායක් කර අතහැර ගිය ඔහුට පිරිමිකමක් තිබිය හැකිද.. ප්‍රශ්න විතරමයි හදවතේ තාම....

"මෙච්චර අත් රළු වෙන්න තරම් මගෙ අම්මා දුක් විදිනවද.. අම්මගෙ බඩට මාව දීලා පැනලා ගියපු මනුස්සයා කවුද අම්මෙ.. ගෑනියෙක්ගෙ ලෝකෙ දිව්‍ය ලෝකයක් කරන්නත්, අපායක් කරන්නත් පුලුවන් පිරිමියෙක්ට.. මගෙ අම්මගෙ ලෝකෙ අපායක් කරලා ගියපු මිනිහා කවුද.. මම වෙෙර කරනවා ඒ මනුස්සයට මගෙ අම්මටයි මටයි දුන්න ගින්නට.., අපහස වලට.."

වේදනාවේ උපරිමය වෙෙරයයි.. කඳුලුවලින් රතු වූ ඇස් ඒ කඳුලුම වෙෙරයකට පෙරලුවෙ මගෙ අම්මගෙ හා මගෙ වේදනාවේ ගින්නයි...

"අනේ එහෙම කියන්නෙපා මගෙ දූ... කවදාවත් දූගෙ තාත්තට වෙෙර කරන්නෙපා.. මට උරැම මේ දුක මගෙ දෙමව්පියෝ නිසා.. සල්ලිකාර පවුල් වල මාළිගා ඇතුලෙ උන්ට සැප විදින්න දුක්, කඳුළු හෙලුවෙ පොඩි කාලෙ ඉදන්මයි මම.. මගෙ දූට දැන් ලැබෙන සතුට වත් මට ලැබුනෙ නෑ මගෙ දූ ඔය වයසෙදිවත්... ඉතින් මට නැති වුන ඒ සතුට මගෙ දූට දෙන්නයි දාලා ගියේ මගෙ මැණික.. අවුරැදු විසි පහක් මේ දැනටත් මම ඉන්නෙ ගින්නෙ මැණික.. මට ගෙවල්වල විදින දුක දුකක් නෙවෙයි මගෙ දූ නැතුව ගෙවන තත්පරේ මට දැනෙන දුක තරම්.. සතුටින් ඉන්න මගෙ දූ.. දවසක මගෙ දූට ලස්සන ලෝකයක් උදාවෙයි.. තාත්තවත් හම්බවෙයි.. වෙෙර කරන්නෙපා දූගෙ තාත්තට එදාට..මට නැතිවුන සතුට දූට ලැබෙයි.. එදාට දූ මාවත් ගන්න දූ ඉන්න තැනට.. එතකම් මට ඕන දුකක් විදින්න පුලුවන් මගෙ මැණික.."

අම්මා මාව බදාගෙන අඬමින් එහෙම කියද්දි මම අධිෂ්ඨාන කර ගත්තෙ මගෙ අම්මව කවදම හරි මේ අපායෙන් ගොඩ ගන්නවාමයි කියලයි..

"මට තාත්තවත් හම්බවෙන්න ඕන.. එයාගෙන් අහන්න ඕනි ඇයි මගෙ අම්මට මෙහෙම දුකක් දුන්නෙ කියලා.. ඇයි මාවයි අම්මවයි දාලා ගියේ කියලා..මට අහන්න ඕනි අම්..මෙ..."

"මගෙ දූ කණ්ණාඩිය ඉස්සරහට ගිහින් බලන්න.. දූගෙ ඇස්වලින් තාත්තව පෙනෙයි.. දූගෙ ලස්සන ඇස් තාත්තගෙ වගේමයි..."

තාත්තව දකින්න කණ්ණාඩියෙන් ඇස් දිහා බලන්න කියලා විතරයි කිව්වෙ.. මගෙ ඇස් මගෙ තාත්තගෙ වගේනම් මම අද ඉදන් වෙෙර කරනවා මගෙ ඇස්වලටත්...

"අනේ අම්මා මාව දාලා යනවද ආයෙම.. අනේ යන්නෙපා අම්මා..."

මගෙ අම්මා මගෙන් මිදී පස්සෙන් පස්සටම යද්දි මම අත දිගු කරමින් ඈ වලකන්නට උත්සහ කලේ මට දරාගන්න බැරි නිසයි.. බිහිකල අම්මා ලඟ ඇරෙන්න මව් සෙනෙහසක් වෙන කාගෙන් ලබන්නද දරැවෙක්...


"කරන්න දෙයක් නෑ මගෙ දූ.. දුවට ලැබිලා තියෙන්න දූට හරියනම තැන.. දවසක මගෙ දූ රැජිනක් වෙලා මේ පව්කාර අම්මව ගන්න දූ ගාව දාසියකට... මට ඒ්කත් සැපයි මගෙ දූ...මම එතකම් මේ දුක විදින්නම් මගෙ දූ.. තාත්තට වෙෙර කරන්නෙපා.. දූ තව පොඩි කාලයක් ඉවසන් ඉන්න.. මේ අම්මත් ඉවසන්නම් එතකම්.. මම යනවා මගෙ දූ.. ඔය මූණ දැක්කනෙ දැන් මැරැණත් සැපයි මට.. සතුටින් ඉන්න මගෙ දූ.. මේ අම්මට සමාව දෙනවනම් ගන්න දූ ගාවට දූට හරිගිය දවසට... මට සමාවෙන්න..මගෙ පණ ටික.."
අම්මා මගෙන් මිදී මට සමුදෙන්න හදද්දී මම අඬමින් දුවගෙන ගොස් ඇගේ දෙපා මුල වැද වැටුනේ මගෙ අම්මගෙ දෙපතුල් අල්ලා වදින පලමු දවස අද නිසාවෙන්... ලස්සනට තිබුනු රැවක් අකාලයේ දුක් විද රෝස පැහැති සමේ නිරාවරණය වී ඇති තැන් කළු වී, දෙකම්මුල් වලගැහී තිබුනේ වයසට නොව.. වයසට වඩා විද ඇති දුක්වල ප්‍රතිඵලයන්ටය.. කෙසේ වෙෙර නොකර හිදින්නද මම මගෙ තාත්තාට.. මගෙ අම්මට මේ කර ඇති අපරාදයට... දෙපතුල් ඉබිමින් දෑත් එක් කරමින් අම්මට වදිද්දී අම්මා එහෙමම බිමට කඩා වැටුනේ කිසිම දවසක ඇගෙ කුසින් බිහි වූ ඇගේ ම දුවගෙන් වැදුම් පිදුම් නොලැබී ඇති නිසාමය...

"අනේ මගෙ දූ.. මට දැන්නම් මැරෙන්න තරම් දුකයි... මගෙ දූ අම්මට වැන්දා.. සමාව දුන්නද මගෙ දූ.. ඔයාගෙන් වැදුම් ගන්නවත් සුදුසු නෑ මං... තුණුරැවන්ගෙ සරණයි මගෙ මැණිකට.. මේ දේවල් දරාගන්න තවත් ශක්තිය ලැබෙන්න ඕන.. ඉක්මනටම මගෙ දූ රැජිනක් වෙන්න ඕන...මම හැමදාම ප්‍රාර්ථනා කලා මගෙ දූට ලස්සන ලෝකයක් ලැබෙන්න කියලා.. මෙච්චර ලස්සන මල් කැකුලක් මං විදිනවා වගේ දුක් විදින්න සුදුසු නෑ... මගෙ සමනලී... අම්මා යන්නම්.. මගෙ සමනලීගෙ රෑපෙ මුලු හදවතේම ඇඳුනා.. මට ඒක තමා මේ අවුරැදු හතලිහටම ලැබුනු සැනසීම.. පරිස්සමෙන් ඉන්න මගෙ සමනලී..."

මා බිම වැටී සිටි ලෙසටම වැටී සිටියේ නැගිටින්නට හෝ කල්පනාවක් නැතිවුන නිසාමය.. මගෙ අම්මා මගෙ මූන පිස්සුයෙන් මෙන් ඉම්බේ අවුරැදු ගනනාවක්  බැරිවුන පාඩුව සන්සිදවාගන්නා ලෙසයි.. අවසානයේ ඉකි බිදිමින් ඈ ගේට් එකෙන් එලියට දිව ගියේ පසු නොබලාමයි.. මා දකින විට මා දමා යන්නට මගෙ අම්මගෙ හදවත් ඉඩ නොදෙනවා ඇති.. හැගීම් හංගාගෙන මෙතරම් කාලයන් සිටි සේම තව ටික කාලයක් ඉන්න ඕනි නිසාම මට දුක් දඩන්න බැරි නිසාම ඇය නැවත වතාවක් මාව දමා යන්න ගියේ උහුලන්න බැරි වේදනාවෙන්.. අනේ.. මගෙ අම්මා එදත් මාව දාලා යන්න ඇත්තෙ මෙහෙමයි... ඉදන් උන් තැනින් නැගිට මම පියවරෙන් පියවර ඉදිරියට තැබුවේ යා යුතු මාර්ගය ගැන හෝ නොසිහියෙනි....

..............................................................................

*කතාවෙ දිග කොටසක් ගෙනාවා... සදිසි අවුරැදු විසිපහක් බලාගෙන හිටපු එයාගෙ අම්මව දකින්න තිබ්බ ප්‍රාර්ථනාව අද ඉෂ්ඨ වුනා.. ඒත් තාමත් සදිසිටත් අහිංසක අම්මටත් මේ දේ කලේ කවුද.. කොහොමද කියන එක ප්‍රශ්නයක්... ගැහැණියෙක්ගෙ ජීවිතයක් අපායක් කරන්නත්, දිව්‍ය ලෝකයක් කරන්නත් පිරිමියෙක්ට පුලුවන්... ඒකෙන් සදිසිටත් මව්පිය සෙනෙහස උපන් දා සිටම අහිමි වුනා.. ධනවත් ගෙවල් වල දැලි කුණු අතගාන, දුක් විදින සදිසිගෙ අම්මා ස්නේහාව ඒ කප්පරක් දුකින් මුදවගන්න සදිසිට හැකි වෙයිද.., සදිසි මේ ප්‍රශ්නවලට කොහොම පිලිතුරැ හොයාගනීද.. හත්වන පරිච්ඡේදය අරන් එන්නම්.. අදනම් හැමෝගෙම අදහස් ඕන.. කතාව දැනුනු විදිය.. ඉක්මනටම එන්නම් දිගටම රැදෙන්න කතා පියස සමගම..*
Dilru Don'T Copy

No comments:

Post a Comment