නව කථාවක්
මන්දිරයක සතුට සොයන
සමනලී
*පහලොස්වන දිගහැරැම*
"ආ සවින්දි බබා.. මම මේ කල්පනා කලේ ඩැඩී ගැන.."
"වයි මමී.. ඩැඩී ගැන ඇයි..?"
සවින්දි නිලන්ති මදනායකගේ කල්පනාවට හේතුව ඇහුවේ තරමක් සැකයකින්..
"ඩැඩී මේ පාර කලින් පාර වගේ නෙවෙයි බබා.. පුදුම වෙනසක් තිබ්බෙ.."
"යස් මමී.. එදා දැක්කනෙ ආපු දවසෙම මට බැන්නා.. ඒකත් අර තර්ඩ් ක්ලාස් කෙල්ලට ලැප් එකකුත් ගෙනල්ලා.."
"ඒක තමා දුව මාත් මේ කියන්නෙ.. මේ පාර මටත් සෑහෙන්න දොස් කිව්වා.. හරි අමුතු කතා කිව්වා.."
"මොනවද මමී ඩෑඩී ඔයාට කිව්වෙ.."
"ඩැඩී මට බැන්නා.. සදිසිට සලකන්නෙ නෑ කියලා.. එයාගෙ වාසනාවටලු අපිට ඔයාව ලැබුනෙ.. අනික මම ඔයාට වැරදි දේවල් ලු උගන්නලා තියෙන්නෙ.. ඔයා ක්ලබ් යන එකත් ඩැඩී දැනගෙන.. මට බැන්නා හොඳටම.. ඒකත් සදිසි විදියට හැදුවෙ නෑ කියලා.."
"වට්..? අර ගොඩේ කෙල්ලගෙ වාසනාවට මාව ඉපදුනා කියලද කියන්නෙ.. නෝ මමී.. ඒකි තමා ඩැඩීව මගෙන් වෙන් කරන්නෙ.. ඩැඩීගෙ ආදරේ මගෙන් උදුරගන්න හදනවා..අනික ඒ ගොඩේ කෙල්ල වගේ හැදෙන්න.. ඊයා.. අනික කොහෙවත් ඉදන් ගෙනාපු කෙල්ලෙක් නිසා මමීට බනින්නෙ මොකද.. ඩැඩීට පිස්සු හැදිල ද.."
"ඔව් දුව.. ඩැඩී වෙනස්.. අනික එදා ඩැඩී සදිසි එක්ක උදේ ගියපු එක ආවෙ ගොඩක් රෑ වෙලා.. අනික ඩැඩී කලින් දවසෙ රෑ සදිසිට ලෙක්ච කෙනෙක් ගාවට යන්න ලෑස්ති වෙන්න කිව්වා.. එයාට බිස්නස් ගැන ඉගෙන ගන්න ක්ලාස් යවනවා කිව්වා.. එයාට බිස්නස් ගැන උගන්නන්න ඩැඩීට තියෙන උනන්දුව මොකක්ද... මාත් සද්ද නැතුව හිටියෙ වෙන කරන්න දෙයක් නැති කමට.. අනික අද උදේම සදිසි කොහෙද ගියා.. මම අහන්න ගියේ නෑ..මෙයාගෙ හැසිරීමත් දැන් වෙනස්.. පිස්සු වැඩ නවත්තලා දැන්වත් මේ ගැන හෙවිල්ලෙන් ඉන්න.."
නිලන්ති මදනායක හිටියේ පුදුම කේන්තියකින් හා සැකයකින්..
"මොකක් ඩැඩී සදිසිට බිස්නස් උගන්නන්න.. එතකොට මට.. එයා මගේ සර්වන්ට් වෙන්න ඕන.. අනික මට ඕස්ට්‍රේලියා පදිංචියට යන්න ඕන.. ඩැඩී මොකද මං ගැන උනන්දු නොවෙන්නෙ..ඩැඩීට ඉන්නෙ එක දුවයි.. ඒ මම.. මේ හැමදේම මගේ.. එව්රිතින් ඊස් මයින්..ඕකේ මමී.. සදිසිට මම මගෙ දේවල් ගන්න දෙන්නෙ නම් නෑ.."
සදිසි විලාප දුන්නේ සදිසි එක්ක ආත්ම ගානක සිට එන හතුරැ කමක් තියෙන ලෙසයි..
"ඒක තමා මාත් කියන්නෙ.. අද සදිසි කොහෙද ගියේ.. මේ ගැන හොයන්න ඕන.. අර ලැප් එකත් එයාගෙන් ගන්න ඕන.. ඩැඩී මේ පාර ලංකාවට ආවෙ ලොකු ප්ලෑන් එකක් එක්ක.. ඔයාගෙ නාස්තිය වැඩී.. මට බය මේ දේවල් ඩැඩී සදිසිටත් දෙයිද කියලා.."
"එහෙම කොහොමද..මේ දෙවල් මගේ.. සදිසිට බිස්නස් උගන්නලා වැඩක් නෑ.. කවදහරි එයා මගෙ බංග්ලෝ එකේ කිචන් එකේ වලං එක්ක ඉඳී.. මම බලාගන්නම් ඒ ගැන.."
"ආ තව දෙයක්.. මිසිස් මානවඩු කෝල් කලා අද මට.. ඒ ගැන කියන්න අමතක වුනානෙ.. ඩැඩී එදා එයාපාේර්ට් එකෙන් එද්දිම එහෙ ගිහින්.. මම ඩැඩීට කිව්වනෙ සදිසි මානවඩුගෙ පුතා එක්ක රවුම් ගහනවා කියලා..මම ඒක කිව්වෙ ඩැඩීට සදිසිව එපා කරවන්න... ඒත් වෙලා තියෙන්නෙ වෙනම දෙයක්.."
නිලන්ති මදනායකගේ කතාවට සවින්දි මවිත විය..
"මොකක්ද මමී.. ඇයි මොකක්ද වෙලා තියෙන්නෙ.. ඩැඩී මොකටද එහෙ ගිහින් තියෙන්නෙ.."
"නිලන්ති මගේ යාලුවෙක්.. එයා කියනවා එදා සන්දීප් එක්කයි, මානවඩු එක්කයි ඩැඩී කතා කලාලු.. ඩැඩී සන්දීප් එක්ක තනියම කතා කලාලු.. මානවඩු එක්කත් මොනවදෝ කතා කලාලු නිලන්තිව ගෙට යවලා.. ඒත් දෙන්නම වුනේ මොකද කියන්නෙ නෑලු.. මගෙන් ඇහුවා මොකක් හරි ප්‍රශ්නයක්ද කියලා.. සන්දීප් ඉන්නෙ සතුටින්ලු වෙනදටත් වඩා.. එදා ඩැඩී එහෙ ඇවිත් ගියාට පස්සෙ සන්දීප් ගොඩක් වෙනස් වෙලා කියලා කිව්වා මිසිස් මානවඩු මට.. මට හිතෙන්නෙ ඩැඩී...."
නිලන්ති මදනායක තම හිතැගි දේ සඟවාගත්තේ සන්දීප් හා සදිසි ගැන එඩ්වඩ් මදනායකට කිව් නිසා පසුතැවීමෙන් මෙනි...
"මොකක්ද මමී.. මොකක්ද ඒ පාර ඔයා කියන්න හදන්නෙ.."
"ඔව් සවින්දි.. ඩැඩී සන්දීප්ට සදිසිව ප්‍රපෝස් කරලා වගේ..සන්දීප් සදිසිට කැමති වගේලු.."
"නෝ මමී.. කවදාවත් ඒක වෙන්න දෙන්නෙ නෑ.. මම ඉන්නකම් සදිසිට සන්දීප් ව මැරි කරන්න දෙන්නෙ නෑ.. ඩැඩී කොහොම කිව්වත්.. සන්දීප් කැමති වගේ නෙවෙයි.. සදිසිට සන්දීප් ආදරය කරනවා.. ඒක ඔප්පු වුනා.. බට් මමී මට අයිති වෙන්න ඕන දේවල් සදිසිට අයිති වෙන්න දෙන්නෙ නෑ.. මගේ දේපලවත්, මගේ සන්දීප් වත්.."
සදිසිගේ වචන තවත් උස් වූයේ එඩ්වඩ් මදනායක සන්දීප්ට සදිසිව ප්‍රපෝසල් කලා කියන කතාව දරාගන්න බැරැවමයි..
"මොකක්ද බබා.. ඔයා සන්දීප්ට කැමති ද.. ඇයි මට නොකිව්වෙ.."
"යස් මමී.. මට සන්දීප් ව ඕන.. එයා මගෙයි.. එයාගෙ තියෙන හැන්ඩ්සම් ලූක් එකට. එයාගෙ ෆිගර් එක.. අම්මෝ මාව පිස්සු වැට්ටුවා මමී.. අයි නීඩ් හිම්.. මට එයාව ඕන මමී.. එයාගෙ හදවත මට වැඩක් නෑ.. මට ඒ හැන්ඩ්සම් බෝයි මගේ හස්බන්ඩ් වෙන්න ඕන.. එයා මගේ විතරමයි.. ඩැඩී කොහොම කිව්වත්..එදා බර්ත් ඩේ පාර්ටි එකේදි එයා එක්ක ඩාන්ස් කරද්දි එයාගෙ ලූක් එකට මම වශී වුනා.. මම මේ ගැන ඩැඩීට කියනවා.. මමී මානවඩු ආන්ටිට කියන්න.. සන්දීප් මැරි කරන්නෙ මාව කියලා.."
සවින්දි සන්දීප්ට ආදරය කරන බව දැනගත් නිලන්ති හදනායක මවිත වුනේ මේ පැටලිලි කෙසේ ලිහන්නද යන්න කල්පනා කරන්නාක් මෙනි..
"ඕ නෝ බාබා.. මොනවද මේ වෙන්නෙ.. ඇයි මට එදාම නොකිව්වෙ.. ඔයාට සන්දීප් ව ඕන කියලා.. දැන් කොහොමද ඩැඩීට ඕක කියන්නෙ.. ඊට පස්සෙ එයා සදිසිගෙයි සන්දීප්ගෙයි මැරේජ් එක ඉක්මන් කලොත්.. අනික ඩැඩී දැන් ඉන්නෙ මේ හැමදේම ඉක්මනින් ඉවර කරන්න බලාගෙන.. ඕක කිව්වොත් ඔයා සදිසි එක්ක තියෙන තරහට කරනවා කියයි.."
"මමී.. මට ඒ කිසි දෙයක් වැඩක් නෑ.. සන්දීප් මගේ.. එච්චරයි.. මට අයිති වෙන්න ඕන දේවල් සදිසිට ලැබෙන්න දෙන්නෙ නෑ.. කැමැත්තෙන් මට ඒ දේවල් නොලැබුනොත් මම බලෙන් හරි ඒ දේවල් මගේ කර ගන්නවා.. "
"නෝ බබා.. ඔයා කලබල වෙලා මුකුත්ම කරන්නෙපා.. ඩැඩීට මේ දේවල් කියන්නත් එපා.. මොකද ඩැඩීව හොඳින් තියාගන්න ඕන.. මේ ප්‍රොපටීස් අපි අතට ගන්නකම්.. සේරම දේපළ අපේ අතට ආවම සදිසිව කුණු ගොඩක් වගේ විසි කරලා දාන්න ඕන විදිය මම දන්නවා..දූ කලබල නොවී ඉන්න.."
නිලන්ති මදනායකගෙ හිතේ මොන තරම් කුහක ගති තියෙනවද.. ඇත්තටම එඩ්වඩ් මදනායක ආදරය සම්බන්ධව ගත්ත තීරණය වැරදී කියා කියන්න මේ හේතුවම සාධාරණයි..
"මමී දේපළ තනිකරම අපේ අතට ගන්න බලන්න.. සදිසගෙයි සන්දීප්ගෙයි නාඩගම නවත්තන්න මම දැනටමත් වැඩ පටන් අරගෙනයි තියෙන්නෙ.. සන්දීප්ව මරි කරනවා මම.. මමී ඩැඩීගෙන් සදිසිව වෙන් කරන්න ප්ලෑන් කරන්න..."
"ඕකේ බබා.. දැන් සදිසි එයි.. මේ ගැන මොකුත් එයාට කියන්නෙපා.. කලබල නොවී ඉන්න.."
"කාර් එකක් ගේට් එක ගාව නතර කලා නේද.. මම හිතුවා සනදීප් එක්ක ඕකි අදත් රවුම් ගහන්න යන්නැති කියලා.. දැන් හැම තිස්සෙම පෝන් එකේමයි.. අද උදේ යද්දිම මම ඇහුවා සනදීප් එක්ක රවුම් ගහන්න යනවද කියලා.. හිතුවා හරි.. ආවදෙන්කෝ ඕකි.."
මම ගෙට ගොඩ වෙද්දිත් අම්මයි නංගියි හිටියෙ මගේ දිහාම බලාගෙන..
"සදිසි තමුන් කොහෙද ගියේ.."
අම්මා සැරෙන් මෙන් ප්‍රශ්න කරද්දී මාව ගැහෙන්න වුනේ බයටයි..
"ක්..ලා...ස්.. ගි..යෙ.. අ..ම්..මා."
"ක්ලාස්.. ඇයි තමුසෙ බිස්නස් ගැන ඉගෙන ගන්නෙ දවසක මගෙ බංග්ලෝ එකේ වලං හෝදන්න බිස්නස් ඉගෙන ගන්න ඕන නෑ.. තමුන්ට නම් මගෙ බංග්ලෝ එකේ කිචන් එකවත් මැච් වෙන්නෙ නෑ.."
නංගි ගෙ වචන වලට හිත රිදුණත් මම හිත හයිය කරන් හිටියේ තාත්තා අවසානයේදී කියූ වදන් මතක් වූ නිසාවෙනි.. මට තාත්තා කිව්වෙ හැමදේම හිත හයිය කරන් දරාගන්න කියලයි.. මොන බාධකේ ආවත් ඉදිරියට තැබූ පියවර ආපස්සට නොතියන ලෙසයි.. තාත්තා දැනගෙන ඉන්න ඇති අම්මලා මගේ ඉගෙන ගැනීමට හරස් වන බව.. සත්තයි තාත්තෙ.. මාව ජාතක නොකලත් මගේ හයිය ඔයයි...
"සදිසි තමුන් බිස්නස් ඉගෙන ගන්න ගියාට කමක් නෑ.. ඒත් මේ කිසි දෙයක් ගැන බලාපොරොත්තු තියාගන්නෙපා.. මේ දේවල් අයිති වෙන්නෙ දවසක එඩ්වඩ්ගෙ ලෙයින් උපන් සවින්දිට විතරයි.."
අම්මා එහෙම කියද්දි නංගි මං දිහා බලන් හිටියේ කට කොනකින් හිනා වෙමින්.. සමච්චලයට මෙනි...
"මට මොකුත් එපා අම්මෙ.. ඉගෙන ගන්න ආසයි.."
මගේ පිලිතුර එය වෙද්දි සවින්දි අල්ල ගත්තේ මගේ එක අතක් මහ ගොඩක් තද කරමින්..
"සදිසි.. තමුන් සන්දීප් ව මැරි කරන්න හීන මවනවනම් දැන්ම හීනෙන් අවදි වෙනවා.. තමුන්ට සන්දීප් ව හීනෙන්වත් අයිති වෙන්නෙ නෑ.. තමුන්ට අඬ අඬ ඉන්න වෙයි ඉස්සරහදි.. මාත් එක්ක හැප්පෙන්න එන්නෙපා..මම තමුන්ට ඒ වගේ කොල්ලෙක්ව මැරි කරන්න නම් දෙන්නෙ නෑ.."
සවින්දි මගේ අත තදින් මිරිකද්දි මට ලොකු වේදනාවක් ඇති වුනත් ඉවසුවේ මම තාත්තාගෙ රෑපෙ සිහි කරමින්..
ඒත් ඇයි මේ අසාධාරණයක්.. මට දේපල මොකුත් එපා කියලා මම කිව්වනෙ.. මේ සල්ලිවලින් මට වැඩක් නෑ.. මට ඕන දවසක මගෙ මහන්සියෙන් දැනුමෙන් දිනන්න.. මේ දේවල් එපා කිව්වමත් ඇයි මේ මගේ හිතට ඇති වුන පලවෙනි ආදරෙත් මගෙන් උදුර ගන්න හදන්නෙ.. සන්දීප් මාව රවට්ටන්නෙ නෑ.. ඒක මට විශ්වාසයි.. තාත්තා මට වැරදි තේරීමක් කරන්නෙ නෑ..
සන්දීප් ගැන අදහස අයින් කරන්න කියද්දි මට ඇති වුනේ වේදනාවක්.. ඊටත් වඩා එ් වචන මට ගෙනත් දුන්නේ අපිරිමිත ධෙෙර්යක්.. මමත් සටන් කරනවා.. මගේ හැගීම් වෙනුවෙන්.. මට තවත් අරමුණත් ඇති වෙන්න නංගිගෙ වචනත් හේතුවක් වුනා... නංගිගෙ අත තදින් අල්ලා ඉවත් කලේ කවදාවත් නැතුව හිතට ඇති වූ ධෙෙර්ය නිසාවෙන්.....
...............................................................................
*කතාවේ පහලොස් වන කොටස ඒ විදියට ඉවර වෙද්දි එඩ්වඩ් මදනායක මේ හැමදේම ඉක්මනටම ප්ලෑන් කලේ ඇයි.. එඩ්වඩ් සන්දීප්ටත්, මානවඩුටත් කාටත් හොරෙන් මොනව කියන්න ඇතිද.. සවින්දි සන්දීප්ට ආදරය කරනවා.. ඒත් හදවතට නෙවෙයි.. ඒ හැන්ඩ්සම් පෙනුමට හා ඇඟට.. සදිසි සන්දීප්ගෙන් වෙන් කරන්න වැඩ පටන් ගත්තලු.. සවින්දි සදිසිගෙන් සන්දීප්ව වෙන් කරන්න මොන වගේ දේවල් කරනවා ඇත්ද.. ඉදිරියට කරයිද.. සදිසිගෙ හදවතට දැනුනු ප්‍රථම අවංක ප්‍රේමයත්, සවින්දිට තරැණයෙකුගේ පෙනුමට, ගතට ඇති වුන ආදරය අතර හැන්ඩ්සම් සන්දීප් අක්කෙයි නංගිගෙයි එකම ආදරය වෙද්දි ඔහුව කාට හිමිවේවිද.. අවසානයේ සදිසි තමන්ගේ හැඟීම වෙනුවෙන් සටන් කරන්න අදිටන් කරද්දී සදිසිගේ අවංක ආදරය ජයගනීද.., එඩ්වඩ් මදනායකගේ අරමුණ කුමක් විය හැකිද.. ඉක්මනටම එන්නම්.. කතාවේ තවත් නොවිසදුනු තැන් බොහාේයි.. හිමින් සැරේ විසදගමු.. ඔයාලගෙ අදහසුත් කමෙන්ට් කරන්න අමතක කරන්නෙපා..ඉක්මනටම එන්නම් ඊලග කොටස අරන්..රැදෙන්න දිගටම කතා පියස එක්කම..*
Dilru Don'T Copy
No comments:
Post a Comment