Pages

Saturday, June 20, 2020



නව කථාවක්

මන්දිරයක සතුට සොයන 
සමනලී
*දාහත්වන දිගහැරැම*


සංගීතයේ සද්දය මැද්දේ අම්මා මගේ කන ගාවටම ලංකරලා එහෙම කියද්දී මට දාඩිය දැම්මේ ඇතිවුන බයටයි..

"මොකක්.. ඇයි මම.. කේටරින් අය ඉන්නවනෙ.. එයාලා බලනවනෙ.."

බෑ කියන්න බැරිකමට මම එහෙම කිව්වේ මගහරින්නයි..

"එයාලා බලලා වැඩක් නෑ.. අපේ කෙනෙක් බලන්න ඕන.. යනවා දැන්ම ගාඩ්න් එකට..ගිහින් බලනවා.."

සන්දීප්ගෙ අම්මත් මගේ දිහා අමුතු විදියට හිනා වෙවී බලා ඉද්දී මම හෙමින් හෙමින් සංගීතයේ මහා සද්දය මැද, මත්වී කට්ටිය ඩාන්ස් කරනවා මගහැර ගාඩ්න් එකේ කෙලවරට ගියේ අම්මා කියූ පරිදි ඩ්‍රින්ක්ස් වල අඩුපාඩු හොයන්නයි.. ඒත් මගෙ පපුව වේගයෙන් ගැහෙන්නේ ඇතිවුන බය නිසාමයි.. කෙල්ලෙක් මේ වගේ තැනකට එවන්න තරම් අම්මා අශිෂ්ඨ වුනේ කොහොමද..

"මෙන්න බලහන්.. ලස්සන කෙල්ලෙක් ඇවිත්..මොකද පැටියෝ අපිව හොයන් ආවෙ.. මොනා හරි ඕනිද.. අපිත් මේ මොනා හරි ඕනි වෙලා නේද මචන් බලන් හිටියේ.."

එකෙක් හයියෙන් හිනාවෙමින් කියද්දි එතන හිටි අනෙක් හතරදෙනත් හිනාවුනේ ඒ කතාවට අත්පොලසන් දෙන්න වගෙයි..

"නෑ මේ.. ඔයාලට තව ඩ්‍රින්ක්ස් ඕනද අහන්න කිව්වා අම්මා.."

හෙමින් සැරේ කියද්දි එකෙක් මගෙ ලගට ආවේ විසි වෙමින්..

"මොකක්ද මැණිකෙ කිව්වෙ.. ඕම කිව්වට ඇහෙන්නෙ නෑ.. සද්දෙ වැඩීනෙ.. අපි පස්දෙනාගෙන් කාවද ඕන.."

උෟ එහෙම කනට කරලා අහද්දි මම අඩියක් පස්සට වුනේ මෙතන මොකක්දෝ දෙයක් වෙන්න යන බව තේරැණ නිසාවෙනි.. මම ඉක්මනටම එතනින් පිටවෙන්න හැදුවේ තවත් මෙතන රැදීම නුසුදුසු බව දැනුනු නිසාවෙනි..

"හැඩකාරි කොහෙද පැනලා දුවන්නෙ.. අපි ගාවට ආව කෙනෙක් පැනලා දුවලා බේරැනේ නෑ.."

එකෙක් මගෙ අතින් තදින් අල්ලගෙන කියවද්දි මට ඉබේම ඇඬුනේ මේ මහා සද්දෙ මැද කෑගැහුවත් ඇහෙන්නෙ නැති නිසයි..

"ම්..සුවඳ.. මේ සුවඳ විදින්න තියෙනවනම් දැන්..ඊට වඩා පාර්ටි කොහෙන්ද අපිට.."

එකෙක් මගෙ බෙල්ලට මුව තියා මුව කරද්දි මම බෙල්ල හරවගත්තේ පිලිකුල්වයි..

"ශික් මට යන්න දියන්.. වනචර හැත්ත.. මට යන්න දියන්.."

මම අත ගසමින් කෑගැහුවත් ඔවුගෙන් මිදෙන්න බැරිවුනේ මට වඩා දහස් ගුණයක් උන් ශක්තිමත් නිසයි...
එකපාරම එකෙක් මාව උස්සගනිද්දී මම කෑගැහුවේ දැගලුවේ උන්ගෙන් මිදීමටයි..

"අනේ මාව බේරගන්න.. කවුරැවත් නැද්ද.. අනේ මාව බේරගන්න... සන්දීප්.. මාව බේරගන්න ප්ලීස්.."

අවසානයේ සන්දීප්ට කතා කලේ අන් කිසිවෙන් මේ පාර්ටි එකේ මාව බේරගන්න නැති නිසාවෙනි.. අනේ මුං පස්දෙනෙක් මම කොහොම ගැලවෙන්නද.. මම කූඹියෙක්ටවත් වරදක් කරලා නෑ.. ඇයි අසරණ මටම මෙහෙම කරන්නෙ දෙවියනේ.. 
මම හයියෙන් කෑගගහා ඇඬුවත් මහා සංගීතය මැද මගේ විලාපය ඇහෙන සතෙක්වත් නැති තරම්.. අනේ මගේ ජීවිතේ.. මම තවමත් දගලන්නේ බේරෙන්නයි...
කලුවර පැත්තෙන් බංගලාවේ පිටිපස්සෙන් දාලා තියෙන පඩිවලින් මුන් මාව උස්සන් යන්නේ ස්ටෝ රෑම් එකටයි.. ඒත් මම පුදුම උනේ මුල් වතාවට මෙහෙ ආපු මුන් මටත් වඩා හොඳට බංගලාව ඇතුලට යන්න දන්නේ කොහෙමද කියලයි... මොන දේ වුනත් අද මගේ ජීවිතේ අවසාන දවස වේවි.. මම හිතුවේ එහෙමයි...

"කිව්ව විදියට මේ පැත්තෙ තමා ස්ටෝ රෑම් එක.." 

"ඔව් මචන් අර තියෙන්නෙ.. යමං අදනම් මාර සැපක් හම්බෙයි.."

"කාලකණ්ණි.. මාව අතෑරපං.. මම උඹලට කරපු වරද මොකක්ද මට මේම කරන්න.."

මම තවමත් මගේ උත්සහය අත්හැර නැත.

"අනේ සමනලී.. අද තමයි තටු පොඩි වෙන්නෙ ඔයාගෙ.. රිද්දන්නෙ නෑ වැඩිය.. අයියලා කට්ටිය ටිකක් විතර දඟයි.. පොඩ්ඩක් ඉවසන් ඉන්න වෙයි.."

"ශික් ජරා කතා කියන්නෙපා.. මම එහෙම කෙනෙක් නෙවෙයි.. මගේ තාත්තා එඩ්වඩ් මදනායක.. දන්නවද.. තාත්තා උඹලව මරයි.."

"අනේ දෙවියනේ තාත්තෙ ඔයාගෙ සමනලීව බේරගන්න.. තාත්තෙ.."

විලාප දෙනවා ඇරෙන්න වෙන මොනව කරන්නද දෙයියනේ මම...

"එඩ්වඩ් මදනායකගෙ නම විකුණලා කොල්ලො දැලේ දාගන්න හදන එක තමයි උඹේ වරද කෙල්ලෙ.. සොරි ඉතින්.. හිතුවෙ නෑ.. මේ තරම් ලස්සන කෙල්ලෙක් කියලා.. දැන්නම් අතාරින්න හිතෙන්නෙම නෑ.."

මං කවදද දෙයියනේ කොල්ලෝ දැලේ දාගන්න ගියේ.. සන්දීප්නෙ මට කැමතියි කියන්නෙ.. මම මොකක්ද ඒකට කරන්නෙ..ඇයි මගෙන් පලිගන්නෙ මෙහෙම..
මුන් මාව ස්ටෝ රෑම් එකේ මුල්ලකට ගෙනත් වාඩි කරවලා අත් දෙක ගැටගැහුවා..

"අනේ මට යන්න දෙන්න.. වදින්නම්.. ඔයාලත් ඉපදුනේ අම්මා කෙනෙක්ගෙ කුසින් නේද.. ඇයි මෙහෙම ගෑනියෙක්ට නිගරැ කරන්නෙ.. ඔයාලට අක්කලා නංගිලා නැද්ද.. හිතක් පපුවක් නැද්ද.."

මම අඬද්දිම උන් මාව කාඩ්බෝඩ් එකක් උඩට පෙරලද්දි මගෙ මුලු ඇඟම සීතල වුනේ මේ තරම් කුරිරැ සාහසිකයින් ලග මට කවමදාවත් නිරැවත් වෙන්න බැරි නිසයි.. මම මර බයෙන් මෙන් දගලද්දි එකෙක් මගෙ කටේ රෙදි පටියක් එතුවේ මගෙ පරාජය මං ලගටම ඇවිත් බව පෙන්නන්නයි.. ඇස්වලින් කඳුළු කඩා හැලෙද්දි කෙල්ලෙක් වෙලා හරි හමන් ආරක්ෂාවක් නැති තැනක ඉන්න වුනේ සසරෙ මම කරපු මොන වගේ අකුසලෙකටදැයි සිතාගන්න බැරැවයි.. මීට වඩා හොඳයි නේද මුන් මට මුකුත් කරන්න කලින් මාව මැරැණනම්..නම්බුයි තිරිසන්නු අතින් කෙලෙසෙනවට වඩා ඒක..

"මේකි දගලනවා බං.. දැන් මොකද කරන්නෙ.. අපිට කිව්වෙ පොඩ්ඩක් ඇඳුම් ඉරලා දාන්න කියලනෙ.. මචං මට මේ ලස්සන දැක්කම යන්න හිතෙන්නෙ නෑ.."

"මොන පිස්සුද යකෝ..දෙන දෙයියෝ සල්ලි එක්ක දෙනවා කියන්නෙ මේකටනෙ.. බලපන් ලස්සන.. මෙහෙම එකකගෙ ඇඳුම් ඉරලා විතරක් යන්න ඇයි අපි රහත් වෙලාද.. මටනම් දැන් ඉවසිල්ලක් නෑ.."

සාහසිකයින් රහසින් කතා වෙද්දි මම උපරිම උත්සහ කලේ මෙතනින් පැන ගන්නයි..
එකෙක් මගේ පපුව මතින් අත තියද්දි දැනුනු වේදනාව මගේ පපුවට පිහියක් තිබ්බා වගෙයි.... අනේ දැන්නම් දගලන්න හයියක් නෑ.. මහන්සි මට.. ජීවත් වෙන්නෙපා මම තව තත්පරයක්වත්.. තිරිසනෙක් මගේ ගවුම පහලට අදිද්දි අනෙක් වුන් ඒකට උදව් කලේ දවසක් ගානක් කන්න නැතිව හිටි නරි රෑනකට ගොදුරක් ලැබුණා සේයි... 

..............................................................................

අම්මෝ ඇති යන්තම් සවින්දිව කෙල්ලෙක්ට මාට්ටු කලා.. කෝ මේ සදිසි පේන්න නැත්තෙ ඇයි.. කිචන් එකේනෙ හිටියෙ ගිහින් බලන්න ඕන.. ඇයි මට මේ අමුත්තක් දැනෙන්නෙ.. මගෙ හදවතින් කෑල්ලක් අඩුවෙනවා වගේ..
කිචන් එකෙත් නෑ.. මේ කෙල්ල කොහෙට වුනාද.. සවින්දි මාත් එක්ක ඉන්නවා දැකලා අවුලෙන් නෙ හිටියෙ.. එලියෙ බලන්න ඕන..

"ඩැඩී.. සදිසි ව දැක්කද.."

සන්දීප් මිස්ට මානවඩුගේ කනට කරලා ඇහුවේ සදිසි හොයාගන්න නොහැකිවයි..

"අර රෝසපාට ගවුමක් ඇඳන් හිටපු ලස්සන කෙල්ලනෙ.. මම දැක්කා ගාඩ්න් එක පැත්තට යනවා.."

"වට්.. තනියමද ගියේ..?"

සන්දීප් කලබලෙන් මෙන් ඇහුවේ ගාඩ්න් එකේ බොන අය විතරක් සිටි නිසාවෙන්..

"ඔව්.. ආපහු ගියාද දන්නෙ නෑ.. ගිහින් බලන්න.."

මානවඩුත් එවලෙ හිටියේ අවසිහියෙන් නිසා සන්දීප් ගාඩ්න් එකේ කෙලවරට දිව්වේ පුදුම බයකින්..

"මේ.. මේ.. මෙතන පුටු පෙරලිලානෙ.. අතන.. මේ පර්ස් එක සදිසි අතේ තිබ්බෙ.. කෙල්ල කෝ.. මෙතන හිටපු එවුනුත් නෑ.. මගෙ මැණිකට කරදරයක් වගේ.. කොහේ යන්න ඇත්ද.. ඕ ගෝඩ්.. ප්ලීස් මට පාර පෙන්නන්න.."

බිම වැටී තිබී සදිසිගෙ පර්ස් එක හමුවුන නිසා සන්දීප්ට තහවුරැ වුනා සදිසි අනතුරක බව.. සන්දීප්ගෙ හදවත වේගයෙන් ගැහෙද්දී ඒ මේ අත දිව්වෙ සදිසි කොහේ ඇතිද සොයාගත නොහැකිවයි..

"මේ මොකක්ද.. රින්ග් එකක්.. මේක සදිසිගෙ වෙන්න ඕන.. රෝස පාට ගවුමට දාපු රින්ග් එකක්.. ඒ කියන්නෙ මේ පැත්තෙ.."

තවත් පියවර කිහිපයක් ඉදිරියට යද්දි හමුවූ රින්ග් එකෙන් සන්දීප් පාර හොයාගත්තත් තවමත් ඒ පාර පැහැදිලි නැත..

මේක.. වලල්ලක්.. මේකත් සදිසිගෙ.. ඒ කියන්නෙ සදසිව මොකෙක් හරි අරන් ගිහින්.. බංගලාව පිටිපස්සෙන් ඇතුලට පඩිපෙලක් තියෙනවා.. කෙල්ල මේ දේවල් දාලා යන්න ඇත්තේ කවුරැහරිම බේරගන්න එයි කියලා හිතාගෙන වෙන්න ඇති.. අනේ මගෙ අසරණ කෙල්ල.."

සන්දීප්ට පැහැදිලි වූ පාර ඔස්සේ ඉක්මනට දිව්වේ සදිසිව බේරගන්නයි.. ඇස්වල කඳුළු පිරී තිබුනේ ඒ ආදරයේ තරමටමයි..
සදිසිව උත්සන් යන අතරේ අතේ තිබූ මුද්දේ සිට බිමට විසි කරන්න ඇත්තේ සන්දීප් ඇයව හොයාගෙන එයි කියන අවසන් බලාපොරොත්තුව නිසාම වෙන්න ඇති... තවමත් සදිසි බලාගෙන ඇති.. ඇගේ ප්‍රථම ආදරය ඈ මුදවාගනී කියා...

ඇඳුම් එකිනෙක ගැලවෙමින් නිරැවත් වෙද්දී මට දැනුනේ අපායක දඬුවම් විදිනවා සේයි.. එකෙක් මගේ පපුවට ලංවෙද්දී මම ඇස් පියා ගත්තේ වේගයෙන් ගැහෙන මේ හදවතේ වේදනාව දැණුන කිසිම කෙනෙක් නැත්ද කියලයි.. මාව මේ සාහසිකයන්ගෙන් මුදවගන්න.. ජීවත් වෙලා වැඩක් නෑ මට..පිරිමි පස්දෙනෙක් ඉස්සරහ නිරැවත්ව සිටීමම කොයි තරම් පිළිකුළක්ද..
අනේ මාව බේරගන්න කෙනෙක් නැති හැටි.. මගේ වේදනාව කාටවත් නොතේරෙන හැටි...

එකවරම මගේ පපුවට ලංවූ සාහසිකයා මගෙන් ඉවතට විසිවෙනවා වගේ දැන්නෙද්දී මම ඇස් ඇරියේ වෙන්නෙ මොකක්දැයි හරිහැටි නොතේරෙන නිසාවෙන්.. 
පුදුමයක්.. සන්දීප් උන් එක්ක තරඟෙට ෆයිට් කරනවා දකිද්දි මට ඇතිවුන සතුට කියාගන්න බැරිතරම්...අත්දෙක ඉස්සරහට අරගෙන කටින් ලණුව ලිව්වේ පුදුම අමාරැවකින්.. අතදෙක නිදහස් කරගෙන මම මුලින්ම කලේ ඉරාදැමූ ගවුම යලිත් ඇඟේ පටලවා ගැනීමයි... 

"සදිසි මැණික.. කරදරයක් වුනේ නෑ නේද.."

සන්දීප් දාඩිය දැමූ මුහුණෙන් කඳුළු පිරැණු ඇස්වලින් මගෙ දිහා බලන් ඉද්දී ඉබේටම මම සන්දීප්ගේ පපුවට තුරැල් වුනේ තාත්තගෙන් පසු මට ආරක්ෂාවක් දැනුනු පලවෙනි කෙනා සන්දීප් නිසාවෙන්.. පපුවට තුරැලු වී ඉකිගගහා ඇඬුවේ ඇතිවූ බයටයි..

"මට සමාවෙන්න මැණික.. මම එඩ්වඩ් අංකල්ට පොරොන්දු වුනා.. ඔයාව ඇස් දෙක වගේ පරිස්සම් කරනවා කියලා.. අර ජරා කෙල්ල චුයින්ගම් එකක් වගේ ඇඟේ ඇලිලා හිටියෙ.. මගෙ කෙල්ලගෙ ඇඟට අතක් තිව්ව ඕකුන්ගෙ අත් කඩනවා මම..ඔයා මට අයිති වෙලා ඉවරයි..උන්ට ඒක උදුරගන්න බෑ.."

සන්දීප්ගෙ වචන සැර වෙද්දී මම බය වුනේ මම නිසා සන්දීප් අමාරැවේ වැටෙයි කියලයි..ඒත් මේ හැමතිස්සෙම මම එයාගෙ කියන කතාවත් මට ප්‍රශ්නයක් වුනා.. ඒත් සන්දීප් මාව බේරගත්තනෙ මට එයාගැන තිබ්බ ආදරේ, ගෞරවය තව වැඩිවුණා..

"මෝඩි මොකද තනියම කොල්ලො ඩ්‍රින්ක්ස් ගන්න පැත්තට ගියේ ආ.. මොළයක් කියලා කලඳක්වත් නැද්ද ඔය ඔළු ගෙඩියෙ.. බීපු උන් ඉන්න තැන්වලට තනියම යන්න.."

සන්දීප් බනිද්දී මට දැනුනේ බයක්,,ඊටත් වඩා ඒ වචන ඇතුලේ ලොකු ආරක්ෂාවක්, ආදරයක් දැනුනා..

"මම ඔයාට ආදරෙයි.. නංගි එක්ක ඉන්නවා දකින්න බැරිවුනා.. ඒකයි පිටිපස්සට වෙලා හිටියෙ.. ඒත් අම්මයි මාව යැව්වෙ එතනට ගිහින් අඩුපාඩු බලන්න කියලා.. නැත්තම් මම යන්නෙ නෑ.."

මම කිව්වේ අඬ අඬාමයි.. ඒත් අම්මා මාව එතනට තනියම එවන්නත්, මෙයාලා මේතරම් හොඳට ස්ටෝ රෑම් එකට එන්නත් හේතුව මොකක්ද.. මේක ප්ලෑන් කරලා කරපු වැඩක්ද.. සන්දීප්ගෙ තුරැලෙ ඉද්දි මම කල්පනා කලේ ඒ ටික..

"ඉබ්බි.. යන්තම් මොලේ ටිකක් තිබිලා.. අතේ තිබ්බ ඒවා හරි බිම දාන්න.. මම එයි කියලා බලාපොරොත්තුවක් තිබ්බා නේද.. මට ඔයාගෙ පර්ස් එක හම්බ වුන වෙලේ පපුව හෝස් ගාලා ගියා.. දැනුනා ඔයාට කරදරයක්ද කියලා.. "

සන්දීප් හීනියට මගෙ නළලෙහි දෙතොල් තියද්දි මම ඇස් පියාගත්තේ මට එයාගෙන් දැනුනු අපිරිමිත ආදරය නිසයි.. 

"ආන්ටි.."

සන්දීප් කතා කරද්දි මම ඔළුව උස්සා බලද්දි අම්මත්, නංගිත්, සන්දීප්ගෙ අම්මත් අපි ඉස්සරහ හිටියා.. නංගිගෙ මූණේ පුදුම තරහක් මම දැක්කා..

............................................................................

*දාහත්වන කොටස ඒ විදියට අවසන් වෙද්දි සන්දීප්ගෙ ආදරයත්, සදිසිගේ ස්ථානෝචිත ප්‍රඥාවත් නිසා සදිසි සාහසිකයන් අතින් විනාශ වීම වැළකුණා.. සවින්දි ඇතුළු මේ තුන්දෙනා එකතුවෙලා කරන්න හදපු පහත් ක්‍රියාව සන්දීප් හොයාගනීද.. සදිසිට අම්මා ගැන ඇතිවුන සැකය ඇත්තක් බවට තහවුරැ කරගනීද.. සදිසිගෙ කටින් සන්දීප්ට ආදරෙයි කියවුනා.. අද තවත් ඒ ආදරය වැඩිවුනා.. අන්තිමට වුනේ සවින්දිලගෙ සැලසුම දෙන්නව තවත් ලංකරපු එක.. ඊළඟ කොටස අරන් ඉක්මනටම එන්නම්.. කතාව ගැන ඔයාලගෙ අදහස් කමෙන්ට් කරන්න අමතක කරන්නෙපා.. දිගටම ඉන්න කතා පියස එක්ක..*
Dilru Don'T Copy

No comments:

Post a Comment