Pages

Saturday, June 20, 2020



නව කථාවක්

මන්දිරයක සතුට සොයන 
සමනලී
*දහසය වන දිගහැරැම*


අද 2020/06/20 අමතක නොවෙන දවසක්.. මදනායක පරම්පරාවට අලුත් ආරම්භයක් වූයේ මීට වසර 23කට පෙර අද වගේ දවසක මදනායක ලෙයින් ඉපදුනු කෝටි ගානක දේපල වලට හිමිකාරියේ ඉපදීම.. ඉතින් ඒ දවස විශේෂ නොවී කොහෙමද.. අද රාත්‍රිය සැණකෙලියෙන් පිරී යාවී.. මට කුස්සියේ කෑම හදන්න උදව් කර කර ඉන්න වේවිද.. මොකද මීට පෙර දිනවල සවින්දිගේ උපන්දිනය සමරන්න තාත්තා ආව නිසා මාවත් පවුලේ සාමාජිකයෙක් වුනා.. ඒත් මෙවර තාත්තා නැති නිසා මට වැඩකාරියෙක් වෙන්න සිදුවේවි...අම්මලාගේ ධනවත් යාලුවෝ ඉස්සරහ...
අද වෙනදට වඩා කාර්යබහුල දවසක්.. ගෙදරම ලයිට් වලින් සරසනවා... එලියෙ ඩ්‍රින්ක්ස් දෙන්න ගාඩ්න් එක ලෑස්ති කරනවා.. මැණිකෙ නැන්දත් මමත් බලන් හිටියෙ මේ සල්ලි දුප්පත් මනුස්සෙක්ට පිනට දුන්න නම් මොකද කියලයි...

"සවින්දි.. ගිහින් චෙෆ්ලට උදව් කරනවා.. මැණිකෙ ඔයත් යන්න.."

හිතුව පරිදිම අම්මා මැණිකෙ නැන්දවත් මාවත් කුස්සියට යැව්වා... 

"අම්මෝ අද වෙනදටත් වඩා හැමදේම ඇරේන්ජ් කරලනෙ.."

"ඒකනෙ සදිසි බේබි..මදනායකගෙ එකම දුව කියලා පෙන්නන්න වෙන්නැති.."

"මගේ බර්ත් ඩේ එකනම් තියෙනවද කියලා දන්නෙ නෑ මෙයාලා.. තාත්තානම් මොකක්ම හරි සප්‍රයිස් එකක් කරනවා ඉද්දි..ඒත් දැන් ඒකත් නෑ..අම්මෙක් තාත්තෙක් හරියකට නැති මට මොන බර්ත් ඩේ පාර්ටි ද මැණිකෙ නැන්දා.."

ඉබේම වගේ දිග සුසුමක් පිටවුනේ කවදාවත් නැති අන්දමින්..

"අනේ සදිසි බේබි පොඩි කාලෙනම් බර්ත් ඩේ පාර්ටි වැරැද්දුවේ නෑ.. සවින්දි බේබි ආවට පස්සෙ තමා හැමදේම වෙනස් වුනේ.."

මැණිකෙ නැන්දත් කිව්වේ ලොකු දුකකින්...

"නංගිට විශ් කරන්නත් බැරි වුනා.. මම ගිහින් විශ් කරලා එන්නම්.. තාම රෑම් එකෙන් එලියට ආවෙ නෑ එයා.."

"හැඩ වෙනවා ඇති.. රෑට ඉඳී ඉන්දියාවෙ නිළියක් වගේ.."

මම නංගිව හොයන් ආවෙ විශ් කරන්න.. කොච්චර කිව්වත් පොඩි කාලෙ නංගිට මුලින්ම විශ් කලේ මම..මට බැරි වුනොත් නංගි ගොඩක් දුක් වෙනවා..ඒත් දැන් නම් එහෙම නෑ..

"නංගි.. හැපි බර්ත් ඩේ.. හැමදාම සතුටින් ඉන්න.. ඔයාට දීර්ඝායු ලැබෙන්න ඕන.."

"විශ් කලාට නම් තෑන්ක්ස්.. බට් මට ඔයාගෙ විශ් එක නැති තරමට හොඳයි.. ගොඩේ කෙල්ල.. අනික තමුන් තමයි මගෙ අවුල.. තමුන් නැත්තම් මම සතුටින් තමයි කොහොමත්.."

නංගිගේ පිලිතුර එච්චරම සතුටුදායක නොවුන නිසාම තවත් එකම වචනයක් හෝ පිට නොකර මම එලියට එන්න ලෑසති වුනේ..

"ආ මේ සදිසි.. දන්නවද මම රෑට අඳින්න ගත්ක ඩ්‍රස් එක කීයද කියලා.. රැපියල් හතළිස් දාහක් වුනා.. සපත්තු දෙක දහදහායි.. එතකොට ජුවලරි සේරටම ලක්ෂයකට කිට්ටුයි වගේ.. ඩැඩීගෙ ගිෆ්ට් තමා.. සල්ලි දුන්නෙ ගන්න කියලා.."

නංගිගෙ ඇඳුම්වලටම ලක්ෂයක් කිට්ටුයි කිව්වම මට හුස්මත් හිරවුනා.. දෙවියනේ මේ තරම් විනාශයක්..

"අනික තව දෙයක්.. අද මයි ඩේ.. අද මෙහෙ එන්නෙ ගොඩක්ම පොසත් අය.. එයාලා එක්ක හැරෙන්නවත් තමුන්ට බෑ.. තමුන් සර්වනට් වගේ කිචන් එකටම වෙලා ඉන්නවා.. තේරැණානෙ..?"

නංගිගේ වදන් පපුව පසාරැ කරන් යද්දි මම එතනින් පිටවුනේ දිගු සසුමක් පිට කරමින්..

..............................................................................

"මිසිස් මානවඩු ඔයා මම කියපු විදියටම වැඩේ කරානේද.. මේක කරන්න ඕන සන්දීප් පුතාටවත්, මිස්ට මානවඩුටවත් අපි කලා කියලා නොදැනෙන්න.. අනික තමා සන්දීප්ට සදිසිව එපා කරවන්න ඕන.. මේක තමා චාන්ස් එක.."

"ඕ.. ඔයා ඒ ගැන හිතන්නෙපා මිසිස් මදනායක.. පාර්ටි එකේ වැඩේ ගැන හිතන්න.. මම ගානට හැමදේම ඇරේන්ජ් කරලා ඉවරයි.. එයාලත් ඔය වගේ වැඩවලට ආසයි.. හැබැයි අද රෑට අපේ පුතා සදිසි පස්සෙ යන එක මගාරවන්න ඕන.. වෙලාවට එතනට ගියාම ඇති.."

"ඕකේ.. මිසිස් මානවඩු.. ඒක අපේ සවින්දි ලස්සනටම කරයි.. සවින්දි ඒවට දක්ෂයි.."

"වෙරිගුඩ්.. හැබැයි මේ දේට මාත් සම්බන්ධයි කියලා දැනගන්න තියන්නෙපා.. මොකද මානවඩුයි පුතයි සෑහෙන්න මිස්ට මදනායකට එකතුයි.. එයාලා මොනව ප්ලෑන් කරන් ඉන්නවද දන්නෙ නෑ.. මාවත් ගෙදරින් එලවලා දායි දැනගත්තොත්.."

"නෝ නෝ.. එහෙම වෙන්නෙ නෑ.. ඔයා එයාලට කියලා තියන්න.. අවුලක් වුනොත් පාවලා දෙන්න එපා කියලා.. මම සවින්දිටත් කියලා තියෙන්නෙ කෙරෙන්න ඕන හැමදේම.."

"ඒක හොඳයි... මෙයාලා මට විශ්වාසයි පාවලානම් දෙන්නෙ නෑ.."

"හරි එහෙනම් රෑට හම්බෙමුකො...මම තියන්නම් මිසිස් මානවඩු.."

"ඕකෙ.. ගුඩ්බායි.."

මිසිස් මානවඩු සහ මිසිස් මදනායක මොනදෝ ලොකු සැලසුමක් පාර්ටි එක මැදදි කරන්න සූදානම් වන බවක්නම් පේනවා..

රාත්‍රිය වුනා.. නොයෙකුත් කෑමවලින් කුස්සිය පිරී යද්දි සැණකෙලියක් මෙන් නොයෙකුත් එළි දැල්වුනා.. ඉතා උසස්ම වර්ගයේ මත්පැන් සාදයට ප්‍රධාන අමුත්තෙක් වෙද්දී සන්දර්ශණයකට අවශ්‍යම සංගීතය ලංකාවේ උසස්ම සංගීත කණ්ඩායමකට පැවරී තිබුණා.. සත්තකින්ම අද පාර්ටි එකේ වටිනාකම කෝටියත් ඉක්මවනවා ඇති....
මෙච්චර ලොකු පාර්ටි එකකට අඳින්න තරම් සුදුසු ඇඳුමක්වත් මා ලඟ නෑ.. මට තාත්තා ගියපාර උපන්දිනේට ගෙනත් දුන් ලස්සන රෝස පාට දිග ගවුම මතක් වුනේ එය ලස්සන දිලිසෙන ගල් ඇල්ලූ එකක් නිසාවෙන්.. තාත්තා මට ගෙනත්දීපු හොඳම සහ මම ගාව තියෙන එකම හොඳම ඇඳුමයි ඒ.. ලැජ්ජ වෙන්න බැරිකමටම ඒක ඇඳලා කොණ්ඩෙ කඩාහැලෙන්න දාගනිද්දී මට මගේ අමුතුම ලස්සනක් පෙනුනා...මේකප් නැති චාර්ම් ලස්සනක්.. තාත්තා මෙවර ගෙනත් දුන් පර්ස් එකත් ගවුමට මැච් වෙද්දී මම මුලින්ම ගියේ මැණිකෙ නැන්දා හම්බවෙන්නයි...

"මැණිකෙ නැන්දා.. ලස්සනද.."

මැණිකෙ නැන්දා පුදුමයෙන් වගේ මම දිහා බලන් හිටියෙ..

"අනේ දෙයියනේ.. අද කෙල්ල සුරංගනාවක් වගේ.. පුදුම ලස්සනයි.. සවින්දි බේබි කොච්චර හැඩ වුනත් මේ ලස්සන අල්ලනවා බොරැ.. ඇස්වහක් වදින්නෙපා මගෙ මැණිකට.."

මැණිකෙ නැන්දගෙ ඇස්වලින් කඩා වැටුණේ සතුටු කඳුළු.. ඒ කඳුළු වල සැඟවුනු අව්‍යාජ සතුට මම දැක්කා හදවතින්ම..

"ආ මෙයා මට වඩා ලස්සනට ඉන්න වෙන්නැති හදන්නෙ.. ඒවා කොහෙද.. මාව පරද්දන්න බෑ.. කොහොමත් අද ටිකක් ලස්සකට ඉන්නවා.. නැත්තම් අපිට ලැජ්ජයි.. ඊටත් වඩා අද ලස්සනට ඉන්න එක තමුන්ට වැදගත් වෙයි.." 

කියාගන්න බැරිතරම් ලස්සන ගවුමකින් සහ ඒකටම ගැලපෙන ආභරණවලින් සැරසී ආව සවින්දි අවසාන වචන ටික කිව්වෙ සමච්චලයට මෙන් හිනාවෙවී.. හේතුවක් මම දන්නෙ නෑ.. නංගි කවදත් මට සමච්චල් කරපු ගමන්මයි...
රෑ සාදය පටන් ගනිද්දි ලොකු ලොකු ධනවත් පවුල්වල අම්මගෙ යහළුවන්.., නංගිගෙ යහළුවන් විශාල තෑගි බෝග එක්ක ගේ පිරෙද්දි මම කොනකට වී බලා සිටියේ මේ විච්චූර්ණ නාඩගම් දිහායි.. එකවරම මගෙ ඇස් නැවතුනේ සාදයට ආ පවුලක් ලඟ..

"සන්දීප්.."

අද වෙනදටත් වඩා හැන්ඩ්සම්කමක් පෙනුනේ මටත් අදහගන්න බැරැවයි.. එයත් එක්ක ඉන්න අනිත් අංකල් සහ ආන්ටි සන්දීප්ගෙ අම්මයි තාත්තයි වෙන්න ඇති.. මම නිගමනය කලේ එසේයි.. ගෙට ඇතුලු වුනත් ගේ පුරාම සන්දීප්ගේ ඇස් ගමන් කරන බවක් මම දැක්කා.. ඇත්තටම සන්දීප් හොයන්නේ මාවද.. මම මගෙන්ම ඇහුවේ පුදුම ලැජ්ජාවකින්..

"මොනවද හොයන්නෙ සන්දීප්.. ඔන්න අද මගේ දවස මාත් එක්කම ඉන්න ඕන.."

නංගි සන්දීප්ගේ අතින්ම අල්ලගන්නවා දකිද්දිනම් හිතට ආවේ ලොකු දුකක්.. ඒත් මම හුදෙකලාවම ඉන්න තීරණය කලා... අම්මගෙ සමහර යාලුවෝ, නංගිගෙ යාලුවෝ මට හිනාවුනේ සමච්චලයට...
දැන් ඉතින් පාර්ටි එක පටන් ගත්තා.. කට්ටිය බොනවා.. හොඳම වර්ගයේ බීම ගෙනත් තියෙන නිසා කට්ටිය අද මතින් මත්වේවි... අම්මත්, සන්දීප්ගෙ අම්මත් එකම තැන කතා කරමින් ඉන්නකොටයි තේරැණේ මෙයාලා හොඳ යාලුවන් බව.. අම්මා මාවත් පෙන්නනවා දැක්කා.. ඒත් මම හිටියේ බිම් බලාගෙනයි...

"සන්දීප් එන්න ඩාන්ස් කරන්න.."

"අනේ බෑ.. ඔයා ඩාන්ස් කරන්න කාත් එක්ක හරි.."

"මම කිව්වනෙ අද මගේ බර්ත් ඩේ එක.. ඒ නිසා මාත් එක්ක ඉන්න.."

සවින්දි සන්දීප් ලගම හැම තිස්සෙම දැවටෙද්දි සන්දීප්ට ඒක වදයක් වුන් ගැලවෙන්න ලැබෙන්නෙ නෑ..මොකද මේ පාර්ටි එකේ වෙන්නෙ සවින්දිටත්,අම්මටත්, සන්දීප්ගෙ අම්මටත් ඕන කරන දේවලුයි..

"අනේ පුතා.. අද සවින්දිගේ බර්ත් ඩේ එකනෙ.. ඩාන්ස් කරන්න.."

"හරි මමී. "

සන්දීප්ට තමන්ගේ අම්මාගේ කීමට සවින්දි එක්ක ඩාන්ස් කරන්න සිදුවුනා..

"එදා වගේ රොමෑන්ස් ඩාන්ස් එකක් දාමු.. කොහොමත් දැන් ඔයා මගේනෙ.."

"මොකක්.. ඔයාගෙ.. එහෙම කොහොමද.. ඔයාට ලියලා නෑනෙ මාව.."

"ලියන්න ඕනද මගේ වෙන්න.."

සවින්දි හිනාවුනේ හරි අමුතු විදියටයි.. සන්දීප් ඩාන්ස් කරන ගමනුත් වටපිට බලද්දී සවින්දි සන්දීප්ගේ මූණ අතින් තමනගේ මූන පැත්තට හරවනවා..
මේ මොනවද වෙන්නෙ... නංගි සන්දීප් එක්ක හැසිරෙන හැටි... මගෙ පපුව මැද ගිනිගන්නවා වගෙයි දැනෙන්නෙ..
ඊලග මොහොතේ නංගි සන්දීප්ගේ අත තමන්ගේ ඉනවටා යවාගෙන සන්දීප්ට ලංවෙද්දී මට දරාගන්න බැරි මොකක්දෝ වේදනාවක් දැනුනා.. ඊලග මෙහොතේ නංගි සන්දීප්ගේ හූණට එබුනේ කී දෙනෙක්නම් එයා දිහා අද බලන් ඉනනවද කියා අමතක කරමාන්.. තවත් මේ දේවල් බලන් ඉන්න බැරි තැන මම දිව්වේ කුස්සිය පැත්තටයි...

"සදසි..."

මම කුස්සියට ඇවිත් පොඩි වෙලාවක් යද්දිම මගේ උරහිසට අතක් තියා කතාකරන බව දැනුනම හැරැනෙ මම..

"වාව්.. අද මාර ලස්සනයි... ප්‍රින්සස් කෙනෙක් වගේ.. මෙච්චර ලස්සන කෙල්ලෙක් මේ පාර්ටි එකේම නෑ.. ඔච්චර ලස්සනට ඉඳලද හැංගිලා ඉන්නෙ මෝඩියේ.. කොච්චර හෙව්වද මම.. මේ පැත්තට දුවනවා දැකලා ආවෙ.."

"මම පේන්න ඉන්නෙ මොකටද.. නංගිගෙනෙ බර්ත් ඩේ එක..මම දැක්කා නංගි එක්ක ඩාන්ස් කරන විදිහ.. ඇයි මාව හොයන් මේ පැත්තට ආවෙ.."

මම කතා කලේ තරමක් දුකින්..

"මේ බලනවා.. මම ඔහෙව තමා හෙව්වෙ.. පාර්ටි එක පුරාම.. එයානෙ මගෙ ඇගේ එල්ලි එල්ලි ඩාන්ස් කරන්න කතා කරන්නෙ..අනික අපෙ අම්මගෙ කීමට මම ගියේ.. සොරි බබා.. මගේනෙ ඔයා.. මගේ ලගම ඉන්නවා.. අනික මම නංගි එක්ක ඉන්නවා දැකලා ජෙලස් හිතුනානෙ.. ඒකනෙ දිව්වෙ.."

"නෑ නෑ.. මම මේ.. වතුර ටිකක් බොන්න ආවෙ.."

මට ඇති වතුර තිබහක් නෑ.. ඒත් කටට ආව එක කියලා දැම්මේ ඇත්තටම මං ඇයි දුක් වෙන්නෙ නංගි එයා එක්ක හිටියට කියලා හිතුන නිසයි..

"අනේ බොරැ නොකියා ඉන්න.. ඇත්තමයි.. අදනම් මට පිස්සු හැදෙයි.. ඒ තරම් ලස්සනයි අද.."

"සන්දීප් ඔයා මොකද මෙතන.. මම පොඩ්ඩක් බිසී වුනාම පැන්නා නේද.. මේ එනවා යන්න.. පාර්ටි තියෙන්නා ඉස්සරහ.. කිචන් එකේ නෙවෙයි..."

"ආ මම එන්නම් ඔයා යන්න.."

නංගි ඇවිත් සන්දීප්ගෙ අතේ එල්ලෙද්දි මම අහක බැලුවේ හිත රිදෙන නිසයි.. 

"එහෙම කොහොමද එන්න යන්න.."

නංගි සන්දීප්ගේ අතින් බලෙන් ඇදන් යද්දී එයා නොපෙනෙනකම්ම බලන් හිටියේ මං දිහායි.. පව් එයා..ඒ ඇස් දැනටමත් මගේ හදවතේ ඇඳී හමාරයි...

"සදිසි.. මෙහෙ එනවා.."

අම්මා කතා කරනවා හැරිලා මම අම්මා ලගට ගියේ ඉක්මනින්..

"ගාඩ්න් එකේ කට්ටියට ඩ්‍රින්ක්ස් ඇද්ද බලනවා.. මදිනම් දීලා එනවා.."

...........................................................................

*කතාවේ කොටසක් මේ විදියට ඉවර වෙද්දී අද සාදය නම් ටිකක් ලොකුයි වගේ.. ඒත් මේ සාදය මැද නිලන්ති මදනායකත්, මිසිස් මානවඩුත් සැලසුම් කලේ මොකක්ද.. සන්දීප්ට සදිසිට එපා කරවන්න එයාලා සැලසුමේ කලේ මොකක්ද.. සදිසිව ඩ්‍රින්ක්ස් දෙනින යැව්වේ සැලසුමේ කොටසකටද..සවින්දි සන්දීප් එක්කම ඉද්දි සදිසිට ඒක කොහොම දැනෙයිද.. අද දවස සදිසිට මොන වගේ දෙයක් කරන්න සූදානම් වෙලා ඇත්ද.. අපි බලමු ඊලග කොටසින්.. සදිසි කොහොම මේ දේවල් දරාගනීද කියලා.. කතාව ගැන ඔයාලගෙ අදහස් කමෙන්ට් කරන්න.. දිගටම රැදෙන්න කතා පියස එක්කම..*
Dilru Don'T Copy

No comments:

Post a Comment