නව කථාවක්
මන්දිරයක සතුට සොයන
සමනලී
*අටවන දිගහැරැම*
කාර් එක ගේට් එක ලගින් නතර කරද්දිම මම ඉක්මනට බහින්න ලෑස්ති වුනේ නංගි හරි අම්මා හරි මම සන්දීප් එක්ක ඉන්නවා දැක්කොත් බනී කියලා හිතුන නිසයි..
"කොහෙද කොහෙද මේ කලබලේ.. එන්න බෑම කිවුවම මම උස්සගෙන ඇවිල්ලා කාර් එකට දාගත්තෙ.. ගේ දැක්කම පැනලා දුවන්න කල්පනාව..එව්වා කොහෙද මාත් එක්ක.."
"අම්මයි නංගි දැක්කොත් හරි නෑනෙ.. තෑන්ක්ස් ඇරලුවට ඔයා පරිස්සමෙන් යන්න.. මම බහිනවා.."
"ඔහොම පොඩ්ඩක් ඉන්න"
මම බහින්න හදද්දිම සන්දීප් මගෙ අතින් අල්ලන් මාව නතර කර ගත්තෙ කිසි බයක් නැතුවයි.. මම ගැස්සිලා සන්දීප් දිහා බැලුවේ බයටම මගෙ හදවත තවත් වේගයෙන් ගැහෙද්දෙයි..
"මේ මම තමුසෙව අල්ලගෙන කන්නෙ නෑ.. මම ඔයාට ඕනිම වෙලාවක ඕනිම උදව්වක් කරනවා..මාව විශ්වාස කරන්න.."
"හරි තෑන්ක්ස් මේ කරන හැමදේටම.. මම යනවා.."
වටපිට බලමින් මම ක්මනටම කාර් එකෙන් බැස ගත්තේ ගේට් එකෙන් ඇතුලට දුවන්න බලාගෙනයි..
"ඒක නෙවෙයි.. මේ.."
මාත් එක්කම සන්දීප් ද කාර් එකෙන් බැස නැවත වරක් මාව නතර කරද්දි මට ඇති වුනේ කේන්තියක්..
"මොකද ආ.. ඔයා මට උදව් කලා.. ඒකත් මම උදව් ඉල්ලලා නෙවෙයිනෙ.. දැන් මොකද මේ වද දෙන්නෙ.. ඔයා මට උදව් කලා කියලා මම ඔයා කියන කියන එක කරන්නම ඕනිද.. මට මේ තියෙන ප්‍රශ්න මදිවටද අම්මගෙනුයි නංගිගෙනුයි මට බැනුම් අහන තැනට වැඩ කරන්නෙ..ආ...මං ගැන මම බලාගන්නම් ඔයාගෙන් උදව් ඕනි නෑ.."
මගේ කෙන්නියටම මම සන්දීප්ට බැනගෙන බැනගෙන ගියේ තවදුරටත් මට ප්‍රශ්න වැඩ කරගන්න උවමනාවක් නොතිබුනු නිසාවෙන්..
"අම්මෝ.. ඉන්නෙ නම් දාහට ගනින්න බෑ වගේ.. කේන්ති ගියාම යක්ශනියෙක් වගේනෙ.. මම මේ කියන්න හැදුවේ උදව්වක් ඕන වුනොත් කතා කරන්න මේ තියෙන්නෙ මගෙ කාර්ඩ් එක.. මේ නම්බර් එකට කෝල් එකක් දෙන්න.."
සන්දීප් මගෙ අතට එයාගෙ බිස්නස් කාඩ් එකක් තියලා යන්න හදද්දි නම් දැනුනෙ දුකක්.. ඒත් මේ ප්‍රශ්න වැඩී මට..කාඩ් එකත් අතේ ගුලි කරගෙන මම ගේට් එකෙන් ඇතුලට ගියේ පස්සවත් නොබලයි..
මම ගේට් එකෙන් ඇතුලට යද්දිත් සවින්දි හිටියේ ගාඩ්න් එකේ.. මගෙ මුළු ඇඟම සීතල වෙලා ගියේ ඊළඟට මට නංගිගෙන් මොන විදියට බැනුම් අහන්න වෙයිද කියලා මතක් වුන නිසයි..
නංගිව මගහැර මම ඉක්මනටම ගේ පැත්තට ගියේ නංගි ව නොදුටු ලෙසටයි..
"ඒයි සදිසි..."
නංගි මට කතා කරද්දි මම එකතැනම හිට ගත්තේ ඉස්සරහට තවත් එක අඩියක් හෝ තියන්නට නොහැකි තරම් මම බය වූ නිසාවෙන්..
"කොහෙද මගෑරලා යන්නෙ.. කාර් එකක නේද ආවෙ.. මට ඇත්ත කියනවා.."
අදත් මම ඉවරයි.. කියන්න බොරැවක් කටට එන්නෙත් නෑ..
"අනේ නෑ නංගි.. මම මේ ලමා නිවාසෙට ගියා.. මම ගේට් එකෙන් එද්දිම කාර් එකක් ගියා.. දන්නෙ නෑ කවුද කියලනම්.."
මගෙ කටට එවලෙ ආවෙ එපමණයි.. මම දන්නෙ නෑ.. මම මෙහෙම කාටවත්ම බොරැ කියපු කෙනෙක් නෙවෙයි.. මට මම ගැනම පුදුමයි..
"ආ ඒකත් එහෙමද.. බලමු හැංගි හැංගි වෙස් බැන්දට නටන්න වෙන්නෙ එළිපිටනෙ.. තමුන්ගෙ තටු කඩලා දැම්මෙ නැත්තම් මම සවින්දි නෙවෙයි.. අපි බලමුකො.."
සවින්දි හැමදාම උත්සහ කලේ මට රිදවන්නයි.. මම අඬනවනම් ඒක තමයි සවින්දි ලබන ලොකුම සතුට.. මගෙන් දේවල් උදුරගන්න එක තමයි එයා ලබන සතුට.. මම හිනාවෙලා එතනින් පිටව ගියේ තවත් හිටියොත් නංගි මගේ කටින් හැමදේම දැනගනී කියන බයටයි..
කෙලින්ම කුස්සියට ගිහින් මම මැණිකෙ නැන්දව බදාගෙන ඇඬුවේ අම්ම හමුවුනු සිද්ධිය ගැන කියමින්.. අම්මා ගැන කියද්දි මැණිකෙ නැන්දා මාව සැනසුවේ අම්ම පව් කියලයි.. ඒත් මට නොකියන දෙයක් මැණිකෙ නැන්දගෙ හිතේ තියෙනවා කියලා දැනගත්තෙ එයා මගේ මේ දුක ගැන කලින් දැනගෙන හිටිය වගේ අම්ම ගැන අහනවට වඩා මගේ හිත සනසන්න උත්සහ කරන නිසාවෙන්.. කවදත් මම මගෙ ඇත්ත අම්මා තාත්තා ගැන කියද්දි මැණිකෙ නැන්දා කිව්වෙ දැන් ඕවා හිතන්නෙපා හැමදේම වෙන්නෙ හොඳට කියලයි... මේ සිදුවීම ගැන මැණිකෙ නැන්දා පුදුම නොවුනෙ ඇයි කියලයි මට ප්‍රශ්නෙ.. මම හිතුවෙ අම්මා ගැන කිව්වම මැණිකෙ නැන්දත් අම්මව බලන්න එයාව එක්ක යන්න කියයි කයලයි.. එයා මගෙ අම්මා කවුද කියලා දැනගන්න ආස වෙයි කියලයි.. ඒත් මැණිකෙ නැන්දා මගේ හිත හදන්න උත්සහ කලේ.. හැමදාම වගේ මගේ ලඟම ඉදන් හිත හදනවා වගෙයි...
එන්න එන්නම ප්‍රශ්න විසදෙනවට වඩා වැඩි වෙද්දි රෑ නින්දට යන්න ඇඳට ගියාම හතක් වුනෙත් මගෙ අම්මව.. පව් මගෙ අහිංසක අම්මා.. දිය සුසුමක් පිට කරමින් ටේබල් ලෑම්ප් එක නිවන්න යද්දි මම දැක්කෙ සන්දීප් දීලා ගිය කාඩ් එක.. ඒකත් අතට අරගෙන මම කල්පනා කලේ අද සන්දීප් මෙච්චර උදව් කරලත් මට අනතුරක් වෙයි කියලා මාව බලෙන්ම ගෙදරට ඇරලලාත් අවසානෙදි මය සන්දීප්ට බැන්න එකයි.. පව් අවුල් ගියාද දන්නෑ.. ඇයි ඉතින් සන්දීප් මට උදව් කරන්නෙ හැමවෙලේම.. මං ගැන වද වෙන්නෙ ඇයි.. මම වුනත් සන්දීප්ට අවනත වෙන්නෙ ඇයි..අනේ මන්දා මට තේරැම් ගන්න බැරි මේ දැනෙන දේවල් මොනවද කියලා..කාඩ් එක අතට අරගෙනත් මම කල්පනා කලේ සන්දීප්ට කෝල් එකක් ගන්නවද කියලයි.. අම්මලත් නිදි නිසා බයක් නෑ.. දවල් බැන්න එක හිතට අවුල් හොඳටම.. බනිද්දිත් කේන්ති නොගෙන උදව්වක් ඕනි නස් කියන්න කියලා ගියේ.. මම වැරදී.. ඒත් කතා කරන්නෙ මොකක් කියලද.. එක්කො ඕනි නෑ.. ආය හම්බවුනාම කෑගැහුවට සොරි කියනවා.. කොල් එකක් ගන්නවද නැද්ද කියන විවාදය මැද කොල් ගන්න ඕනි නෑ කියලා මම ලයිට් ඕෆ් කලේ නිදා ගන්නයි.. ඒත් අද වුනු සිදුවීම් මාලාව මගෙ ඇස් වටා කැරකෙද්දි මට නින්දක් දැනුනෙම නෑ... ආයෙම වතාවක් මට සන්දීප් මතක් වෙද්දි ලයිට් එක දල්වා මම සන්දීප්ගෙ නම්බර් එක ඩයල් කලේ හිත හයිය කරගෙනයි..
"හෙලෝ.."
සන්දීප් කතා කරද්දි ඒත් මම මොනව කතා කරන්නද.. මම ගල් ගැහිලා වගේ අහන් හිටියෙ කියන්න වචන ගැලපුනේ නැති නිසයි..
"කවුද මේ.. කෝල් ගත්තනම් කතා කරන්න කටක් නැද්ද.. මහ රෑ නිදාගන්න නොදී හාව බයිට් කරනවද අයිසේ තෝ මොකාද.."
එන්න එන්නම සන්දීප්ගෙ වචන සැර වෙද්දි මම ඉක්මනටම පෝන් එක කට් කලේ තව මොනව කියයිද කියලා බයක් දැනිලයි..
දෙවියනේ සන්දීප් ගන්නවා.. ආන්සර් කරනවද..කට් කරනවද.. කල්පනා කරලා අවසානයේ මම ආන්සර් කලා..
"හෙ..ලෝ.."
"හෙලෝ කෙල්ලෙක්නෙ.. මේ මහ රෑ කවුද.."
"මේ.. මේ.. මම.. ස..දි..සි.."
ගොත ගසමින් පිලිතුරැ දුන්නේ තවත් බනින්න කලින් වලක්වන්නයි..
"ආ.. මේ බස්සිද.. මොකෝ මේ ගොත ගහන්නෙ.. දවල් තිබ්බ චන්ඩිකම කෝ බැස්සද ඒක.."
සන්දීප් තාමත් මම බැනපු එකනම් හිතේ තියාගෙන ඉන්නෙ කියලා මට තේරී හමාරයි..
"ඔව්.. මේ.. මට ඒකට ගොඩක් අවුල්.. සොරි කියන්න ගත්තෙ..සොරි මට බය හිතුනා අම්මයි නංගි යි දකී කියලා.."
"ම්ම්.. මට හිතුනා.. මේකද නම්බර් එක.. දැන් කොහොමද ඔයාට..? තාම දුකෙන්ද.. හිතන්නෙපා.. අපි හැමදේම ඉක්මනට විසදගමුකො.. ඔයා අහිංසක වැඩී ප්‍රශ්නවලට..,"
සන්දීප් හරිම නිවුනු විදියටයි කතා කලේ.. හිත සැහැල්ලු වුනා.. පුදුම විදියට ඒ වචන වලට..
"හ්ම්ම්.. මම මේ හොරෙන් කතා කලේ.. අම්මටයි නංගිටයි ඇහුනොත් තව ප්‍රශ්නයක්.. මම තියන්නම්.. සොරි බැන්නට.."
"ඇයි සදිසි එයාලට බය ඔච්චරම.. ඔයා කැමති කෙනෙක් එක්ක කතා කරන්න නැද්ද.. ඔයා බයේ ඉන්න තාක්කල් එයාලා කරන්නෙ ඔයාව පාරන එක.. අරන් හදාගත්ත ලමයා තමයි ඔයා.. ඒත් ඔයා බලෙන් නෙවෙයිනෙ එල්ලිලා ආවෙ.. එයාලා කැමැත්තෙන් ආදරෙන් නෙ ඔයාව ගෙනාවෙ.. ඔයාගෙ වරදක් නෑනෙ මාත් එක්ක කතා කරන්න ඔයා එයාලා මුකුත් කරන එකක් නෑ..."
ඒ වචන මට ශක්තියක් වෙද්දි මොහොතකට මගෙ දුක අඩු වී සැනසීමක් දැනෙන්නද හේතුවක් වුනා..
"හ්ම්ම්... ගුඩ් නයිට්.. සොරි නින්ද කැඩුවනම්.."
"අපෝ නෑ මෝඩි.. ඕනි වෙලාවක කතා කරන්න.. මම නම්බ එක සේව් කරනවා.. කලින් සැරෙන් කතා කලා මම.. කොල්ලොත් බයිට් කරනවා රෑට ඒකයි බැන්නෙ.."
"හරි බායි.."
"ආ මේ.. හෙට මම ආන්ටිලා බලන්නත් එක්ක එනවා ඔය පැත්තෙ.. ගුඩ් නයිට්.. ටේක් කෙයා.."
සන්දීප් කට් කලේ හෙට මේ පැත්තෙ එනවා කියලයි.. මේ කොල්ලට මොනවා වෙලාද.. කවදාවත් නැතුව එන්න හදනවා.. කතා කරලා වරදක් කරගත්තද මම.. කෝල් එක ගත්තටත් මම පසුතැවුනේ සන්දීප් වැරදි අදහසක් හිතුවද කියලයි.. කොහොම වුනත් එයා එක්ක කතා කරද්දි හිත ගොඩක් නිදහස් වෙනවා කියලනම් දැනුනා හොඳටම.. හෙට සන්දීප් ඒවි....
..............................................................................
*කතාවෙ තවත් කොටසක් ඒ විදියට ඉවර වෙද්දි සන්දීප් සදිසි ගැන මෙච්චරම හොයලා බලන්නෙ ඇයි..සදිසිටත් සන්දීප් කතා කරද්දි සැනසීමක් දැනෙනවා සදිසිට... හෙට සන්දීප් ගෙදර ආවම සදිසි කොහොම ප්‍රතිචාර දක්වයිද.. ඊලඟ කොටස අරන් ඉක්මනටම එන්නම්.. කතාව ලස්සනයි ඉදිරියට.. තාමත් නොවිසදුනු ඇත්ත ගොන්නක් තියෙනවා සදිසිට විසදලා දෙන්නත් අපිට.. හෙමින් සැරේ විසදලා දෙමු හැමදේම.. ඔයාලගෙ වටින අදහස් කමෙන්ට් කරන්න අමතක කරන්නෙපා.. දිගටම රැදෙන්න කතා පියස සමගම..*
Dilru Don'T Copy

No comments:
Post a Comment