Pages

Wednesday, June 17, 2020


නව කථාවක්

මන්දිරයක සතුට සොයන 
සමනලී
*දහතුන් වන දිගහැරැම*

උදෙන්ම අවදි වුනත් මගේ හිතේ කිසිම සතුටක් නොරැදුනේ තාත්තා නැවතත් ඕස්ට්‍රේලියා යන නිසාවෙන්.. ඉස්සර තාත්තා මාස දෙකකට වතාවක් ඕස්ට්‍රෙලියා ගිහින් ආවත් පස්සෙ පස්සෙ ලංකාවේ නොසිටි තරම් ය.. ඒ දවස්වල අම්මා චෝදනා කලේ තාත්තට එහෙත් ෆැමිලි එකක් ඇති කියලයි.. ඒත් මට ඉර හඳ වගේ විශ්වාසයි.. මගෙ තාත්තා එහෙම කෙනෙක් නම් නෙවෙයි.. ඒත් ලංකාවෙ ඉන්නෙ නැත්තෙ ඇයි කියන්න මම දන්නෙ නෑ.. අද තාත්තා ගියාම මට කවදා තාත්තව දකින්න ලැබෙයිද දන්නෙ නෑ.. තාත්තා ආයෙම වතාවක් යද්දි මට දුක දැනුනේ නැවත කවදා ඒ ලෙන්ගතු මූණ, අවංක හදවත ලග මට ඉන්න ලැබෙයිද කියලයි.. ඒත් තාත්තා ආයෙ එයිනෙ කියන හැඟීම මගේ හිත අස්වැසුවේ බලාපොරෙත්තුව හද පත්ලටම කිමිදෙමින්..
අම්මයි නංගි එයාපොර්ට් යන්න ලෑස්ති වුනත් මම ගෙදර ඉන්න තීරණය කලේ මෙහොතක් ඒ තුන් දෙනාටත් තනිව ඉන්න ඉඩ දිය යුතුයි කියා සිතුන නිසයි..

"සවින්දි බබා.. අම්මා එක්ක කාර් එකට යන්න.. මම අක්කට කතා කරලා එන්නම්.."

අම්මයි නංගියි කාර් එකට යද්දි තාත්තා ආවෙ මං ගාවට..

"සදිසි මැණික.. මට දාලා යන්න දුකයි මගෙ රත්තරනේ.. තාත්තා පිච්චෙනවා.. වෙනදා ඇවිත් යනවා වගේ නෙවෙයි මේ පාර.. මගේ සමනලී... හැමදාම මේ විදියටම ඉන්න.. මොන දේ වුනත් ඔයාගෙ ධෙෙර්ය, අධිෂ්ඨානය නැති කරගන්න එපා..තේරැනාද.."

"නෑ තාත්තා. මම කවදාවත් තාත්තා කියලදීපුවා අමතක කරන්නෙ නෑ... ඔයා බලාපොරොත්තු වෙන විදිහෙ දුවෙක් වෙනවා මම..ඒත් ඇයි මේ වෙනදට වඩා දුකක් අද යද්දි.."

"මගේ බලාපොරොත්තුව ඔයයි මැණික.. ඔයාගෙ ඇත්තම අම්මා තාත්තා කවුද කියලා ඔයා හරි වෙලාවෙදි දැනගනී.. එතකොට ඔයා ස්ථවර කෙනෙක් වෙලා ඉන්න ඕන.. මම නැති වුනාම අම්මයි නංගියි ඔයාව අතෑරලා දායි.. ඒ දවසට ඔයාට තනි වෙන්න දෙන්නෙ නෑ.. තාත්තා මැරැණත් ඔයා පස්සෙන්ම ඉන්නවා ඔයා දිනනකම්.."

"මේ මොනවද කියන්නෙ.. මට ඔයාව ඕන හැබැහින්ම.. පරිස්සමෙන් ගිහින් ආපහු මාව බලන්න එන්න.."

මම තාත්තගෙ දෙපා දෙදණ බිම තියා වැදුම් කලේ උතුරා යන සෙනෙහසකිනි.. තාත්තත් මගෙ නළලට හාදුවක් එක්කර මෙහොතක් තුරැලු කරන් හිටියේ දෑස් පියාගෙනයි... ඒ හෘද ස්පන්දනය දැනුනේ කවදටත් වඩා වේගයෙන් ය.. මොකක්දෝ ලොකු දුකක් ඒ හදවතේ පිරී තියෙන බවනම් ස්ථීරයි.. මගෙ දිහා බලලා කාර් එකට නැගි තාත්තා ගේට් එකෙන් එලියට යද්දි මම නොපෙනන මානෙට යනකම් බලන් හිටියේ ඇස්වල කඳුළු පුරවන්.. අනේ මගෙ තාත්තා.. මම ඉකි බින්දේ දරාගන්න බැරි දුක නිසාමයි...

"සදිසි බේබි... දැන් ඇති.. ලොකු මහත්තයා ආය එයිනෙ... අනේ දෙවියනේ මේ බැඳීම හැමදාම මේ විදියට තියෙන්න ඕන.."

මැණිකෙ නැන්දා මාව සනසමින් දෙවියන් යැද්දේ තාත්තගෙයි මගෙයි බැඳීම රැක දෙන්න කියායි...
අැඬූ දෙනෙතින් ඇඳේ වැතිරී සිටි මගේ හිත එකවරම ගැස්සුනේ පෝන් එකට කෝල් එකක් එද්දියි..
සන්දීප්... මට ඉබේම කියවුනේ ඇමතුම සන්දීප්ගෙන් නිසයි...

"හෙලෝ.."

"සදිසි.. මොකද කරන්නෙ.."

"මුකුත් නෑ.."

"එඩ්වඩ් අංකල් ගියාද.."

"ඔව් ටිකකට කලින් ගියේ.. ඔයා කොහොමද දන්නෙ තාත්තා ආපු වගක්.."

සන්දීප් තාත්තා ආවද කියලා අහද්දි මම පුදුම වුනේ සන්දීප් ඒ ගැන දන්නෙ කොහොමද කියලයි..

"මම දන්නවා.. අංකල් මෙහෙ ආවා.. එයාපෝට් එකෙන් කෙලින්ම ආවෙ මෙහෙ.. කතා කර කර ඉදලා ගියේ.. අපි දෙන්නා ගැනත් ඇහුවා.." 

මගේ ඇඟම සීතල වුනේ තාත්තා ගෙදර එන්නත් කලින් සන්දීප්ගෙ ගෙදර ගියේ ඇයි.. අපි ගැන කතා කලා කියන්නෙ මොනවද...

මො..ක..ක්..?..

"ඔව්.. ආවා.. එයා ඇහුවා අපි අතර සම්බන්ධයක් තියෙනවද කියලා.."

"ඔ..යා.. මොකක්ද කිව්වේ.. නෑ කිව්වා නේද.."

මම සන්දීප්ගෙ පිලිතුරෙන් බලාපොරොත්තු වුනේ එකම දෙයයි.. ඒ අපි අතර එහෙම දෙයක් නෑ කියන එකයි..

"පිස්සුද මැට්ටි.. මම කිව්වා.. ඔව් කියලා.."

ඒ වචන ඇහෙද්දි මට දැනුනේ එකපාරම අකුණක් ගැහුවා වගෙයි..

"මොකක්..? කවද්ද එහෙම එකක් ඇතිවුනේ.. මම කැමතියි කිව්වද.. ආ..? මෙව තාත්තා ඉස්සරහ බොරැකාරියෙක් කලානෙ.. මම ඔයාට කැමතියි කියන්නෙ නැතුව එහෙම කියන්න ඕනිද ආ..?"

"අම්මෝ බස්සිගෙ කටේ සද්දෙ.. හරි වැඩේ දැන්.. මම බයවෙලා ඉන්නෙ.."

මගේ කේන්තිය සන්දීප් විහිලුවකට ගත්තේ කිසි ගානක් නැතුවයි...

"මම කිව්වනෙ.. දැන්ම තාත්තාට කතා කරලා කියනවා එහෙම දෙයක් නෑ කියලා.."

"බස්සි.. ඔය හිතුවද මම එච්චර ගොන් කියලා.. මම කිව්වා ඔයා හොඳ කෙනෙක්.. මමනම් සදිසිට කැමතියි.. එයා තාම ඒක දන්නෙ නෑ කියලා.."

මගේ ඇඟට ලේ ටිකක් ඉනුවෙ දැනුයි... මම තාත්තා ඉස්සරහ බොරැකාරියෙක් නොවුන එකනම් හිතට අස්වැසිල්ලක්..
ඒත් තාත්තා සන්දීප් ගැන අහල මම නෑ කියද්දි හිනාවුනේ සන්දීප් මට කැමතියි කිව්ව නිසා වෙන්නැති..

"මම ඔයාට කැමතියි කිව්වෙ නෑ තාම.."

"හරි හරි.. ඒකට කමන් නෑ.. ඊයෙ ලෙක්චර් මීට් වුනානෙ කවද්ද ක්ලාස්.. එඩ්වඩ් අංකල් පොඩ්ඩක් ඔයා ගැන හොයලා බලන්න කිව්වනෙ.. ටවුන්වල අනතුරැ වැඩී කියලා.. ඔන්න මාමණ්ඩියා දැන්මම මට ඔයාව භාරදීලා.. ඔයාගෙ වචනෙ තමා ඕන.."

මේ මොකද වෙන්නෙ දෙවියනේ.. තාත්තා මගෙන් අහන්නෙවත් නැතුව මගෙ ජීවිතේ තව කෙනෙක්ට භාරදීලද.. මට ඕන තාත්තා වගේ ගති පැවතුම් තියෙන කෙනෙක්.. ඒත් තාත්තා සන්දීප් ව තේරැවනම් ඒ තේරීම වරදක් තියෙන්න බෑ.. අනික.. ඒකට හේතු නැති වෙන්නත් බෑ .. අම්මා සන්දීප් ගැන කියදපු දවසෙ ඉදන් තාත්තා එයා ගැන හොයලා බලලා තියෙන බව නම් මට ඔප්පු වී හමාරයි.. ඒ්ත් ඇයි තාත්තා මගේ අනාගතේ ගැන මේ තරම්ම සැලසුම් කලේ.. මට තවත් ප්‍රශ්න ගනනනාවක් නිදන්ගත වුනේ මේ සිදුවීම් වලින්...
මම සන්දීප්ගේ කතාවට පිලිතුරැ නොදුන්නේ තවමත් මගේ හිත එවැනි දේකට විවර වී නැති නිසයි.. ඒ්ත්.. මට සන්දීප්ට අකමැති කියන්නත් හිත ඉඩ දෙන්නෙ නෑ.. මොකක්ද මේ තීරණයක් ගන්න බැරි හැගීම... මම පෝන් එක කට් කලේ කියන්න දෙයක් නැති කමටයි....
මම සම්බන්ධයක් ඇති කර ගත්තත් අම්මලා ඒකට විරැද්ධ වන බව සත්තයි... ඒත් මගෙ ඇත්තම අම්මා හොයාගන්න නගරය ගැන හොඳින් දන්න සන්දීප්ගේ උදව් අවශ්‍යයමයි....
රෑ පෝන් එක මේසේ උඩින් තියාගත්තේ නිදාගන්න ඕන නිසයි... ඒත් කල්පනාවන් මගේ නින්දට බාධා ඇති කලත් මම උත්සහ කලේ නිදාගන්නයි... ඒ තාත්තා සමග ගත කල කාලය මතක් කරමින්...

පැය දෙකකට පසු.............

"සන්දීප් ඔයා නිදිද.. මට ඔයාව මීට වෙන්න ඕන.. තනියම.. මේ රෑම... කාර් එක ගේට් එක ගාව නතර කරලා ගැරිජ් කාමරේට එන්න.."

රාත්‍රී 11ට පමණ සන්දීප්ගේ දුරකතනයට ලැබුනේ කෙටි පණවිඩයකි... සන්දීප් මවිත වුනේ රෑ සදිසිට මාත් එක්ක කතා කරන්න ඕන උනේ ඇයි කියලයි...

"ඇයි මේ මහ රෑ.."

පිලිතුරැ කෙටි පණිවිඩයකි..

"මෙ ඔයාව බලන්න ඕන... දැන්ම.. මට නින්ද යන්නෙ නෑ.. ඔයාව මතක් වෙනවා ඉක්මනටම එන්න.. මම බලන් ඉන්නවා ගැරිජ් කාමරේ..."

සන්දීප්ට ලැබුණු ඊළඟ පණිවුඩයෙන් ලස්සනට සැරසී.. සුවඳ ක්‍රීම්,  විලවුන් ගල්වා ඉක්මනටම සදිසිගේ ගෙදර ගේට් එක ලග කාර් එක නතර කලේ තවමත් නොවිසදුනු ප්‍රශ්නයක්, ලොකු සතුටක් දරාගෙන පුළුවන් උපරිම වේගයෙනි......

..............................................................................


*කතාවෙ දහතුන්වන කොටස ඒ විදියට අවසන් වෙද්දි සදිසි සන්දීප්ව මහ රෑ ගේ ලගට ගෙන්වා ගනීද.. සන්දීප් ගේ ලගට ආවා.. කෙල්ලෙක් කොල්ලෙක්ව කාටත් හොරෙන් මහ රෑ තනියම හමුවෙන්නේ කුමන අරමුණකින්ද.. දැන් ගරාජ් කාමරයේ මොනව සිදුවේවිද.. දාහතර වන කොටස අරන් එන්නම්.. එතකම් ඉන්න දිගටම කතා පියස එක්කම..*
Dilru Don'T Copy

1 comment: