Pages

Monday, June 29, 2020



නව කථාවක්
මන්දිරයක සතුට සොයන 
සමනලී

*විසි හතරවන දිගහැරැම*


"ම්.. මේ... බ..ල..න්..න.. මේක.."

සන්දීප්ගෙ ඇස් රිපෝට් එකේ තැනක නවතිද්දි මගේ හදගැස්මත් තවත් වැඩි වුණේ ඊළඟ මොහොතේ මොකක් වෙයිද කියලා හිතලයි..

"ඇයි මචං.. මොකද වුණේ..?"

නුවන්ටත් සන්දීප්ගේ හැසිරීම පුදුමයක්..

"මේකෙ තියෙන්නෙ දැනට මාස දෙකක් වෙනවා කියලනෙ.. ඒ කියන්නෙ බබාට දැන් මාස දෙකක් වෙනවා.. එච්චර කල් මේක හංගන් හිටියද.. අවුල තියෙන්නෙ මම එදා ගැරිජ් කාමරේට ඇවිත් මාසයක් වෙන්නෙත් නෑනෙ.. මට හොඳට මතකයි.. උපරිම සති තුනක් වගේ ඇති.. ඒත්  ඊටත් කලින් තමයි බබා ඇවිත් තියෙන්නෙ.. මේක වුණේ කොහොමද සවින්දි..??"

රිපෝට් එකේ එක තැනක දරැ ගැබෙහි කාලය මාස දෙකක් යැයි සඳහන් වෙද්දී මගෙත් ඇස් මවිත වුණේ මේක කොහොම වුණාද කියලයි... එතකොට සන්දීප් කියන විදිහට එයා ගැරිජ් කාමරේට ඇවිත් නංගි එක්ක සිදුවුණ සිදුවීමට මාසයක්වත් වෙන්නෙ නැද්ද.. දෙවියනේ නංගි... මගේ හුස්මත් දැන්නම් හිරවෙනවා වගෙයි..

"නෝ සන්දීප් ඕක දාන්න පැත්තකට.. අද අපේ වෙඩින් එක.. රෙජිස්ට්‍රර් වුණාම සේරම හරි.. එන්න.."

නංගී සන්දීප් අතේ තිබුණ රිපෝට් එක උදුරගන්න උත්සහ කලේ පුදුම කලබලේකින්.. ඇයි නංගි මෙච්චරවෙලා හරි ම සතුටින් ඉඳලා දැන් කලබල වුණේ..

"රෙජිස්ට්‍රර් වුණාම හරිද.. එච්චරද අඩු.. මටයි සදිසිටයි මෙච්චර දුක් දුන්නේ මේකටද.. අර අහිංසකීව කිසි ලැජ්ජාවක් නැතුව තමුන් බ්‍රයිඩ් මේඩ්ටත් අරන්.. තමුසෙ ගෑනියෙක්ද අයිසෙ.. මොන වගේ පහත් එකියක්ද ආ.. කාගෙද ඔය බඩේ ඉන්න දරැවා.. ඒකත් මගේ කියලද කියන්නෙ..??"

සන්දීප් කේන්තියෙන් වෙව්ලන්න වෙද්දි කවදාවත්ම මම එයාගෙන් නොදැකපු නපුරැ පෙනුමක් අද දැක්කා.. ඒ වචන වලට නංගිට වඩා මටයි බය හිතුණේ.. හොටෙල් එක AC වුණාට දැන්නම් මට හීන් දාඩිය දාලා.. පැමිණ සිටි සියලුදෙනාම කිසිම සද්ධයක් නැතුව බලන් හිටියෙ කර කර හිටපු වැඩත් අමතක කරමින්..සමහර අය අතට ගත්ත ඩ්‍රින්ක්ස් වීදුරැව කටගාවට කරගෙනම බලන් හිටියෙ බොනවද නැද්ද කියලත් අමතක වෙමින්.. හෝල් එකම එක් නිහඬියාවක් වෙද්දී සන්දීප්ගේ හඬ විතරක් වේගයෙන් දෝංකාර දුන්නේ බිත්තිවලටවත් අහගෙන  ඉන්න බැරි තරම් ඒ හඬ රළු වෙද්දී..

"ස..න්..දී..ප්.. මේ.. මේ.. බබා ඔ..යා..ගෙ..?"

මෙතරම් වෙලාවක් මහන්තත්ත කමින් හිටපු සවින්දිගෙ වචන පිට නොවෙන තරම්..

"ශික්.. පෝන් එකත් කුඩු කරානෙ.. නැත්තම් පෙන්නනවා මම.. මාස දෙකක් වෙන්නෙ නෑ කියලා.. ජරා කෙල්ල.. කියනවද තවත් ලැබෙන්න ඉන්නෙ මගේ දරැවෙක් කියලා.. ආ..??"

"මේ.. ඔයාගෙයි.. ම..ගෙ..යි..ද..රැ.."

"කටවහනවා.. තමුන් කවුරැ කියලද හිතන් ඉන්නෙ ආ..? තමුසෙ හිතුවද මම සදිසි වගේ තමුන් කියන කියන එක බැගෑපත් වෙලා අහන්  ඉඳී කියලා.. ඒ අහිංසකීගෙ අහිංසක කමින් තමුන් නොගත්ත ප්‍රයෝජනයක් නෑ නේද.. ? කියනවා.. තමුන් ක්ලබ් ගිහින් කොල්ලො එක්ක බීලා නටන ජරා කෙල්ලෙක් කියලා දැන දැනත් මම මේ වෙඩින් එක කරන්න ආවෙ දරැවා නිසයි.. තර්ඩ් ක්ලාස් ජරා කෙල්ල.."

සන්දීප්ට නංගි කරපු බොරැවට වඩා වේදනාව නංගි මට කරපු වද හිංසාවලට කියලා තේරැණා මට.. අනේ මං වෙනුවෙන් ඔය තරම් ආදරයක් ඔය හිතේ තියෙනවද සන්දීප්... මගෙ ඇස්වලින් කඳුළු වැටුණේ ඒ ආදරේ ඒ තරම් සංවේදි වූ නිසයි...

"සන්දීප්.. නතර කරනවා කියවිල්ල.. සවින්දිට වැදගත් විදිහට කතා කරනවා.. මේ එඩ්වඩ් මදනායකගෙ එකම දුව.. ගරැ කරලා කතා කරනවා.."

මෙතරම් වෙලාවක් කේන්තියෙන් මේ සිදුවීම දිහා බලන් හිටපු අම්මට දැන්නම් ඉවසීම ඉක්මවා ගිහින් වගෙයි... තමන්ගෙ දුවගෙ පුළුවන්කාරකම් හා ජරා වැඩවලට හැමදාම උල්පන්දම් ඇල්ලුවේ අම්මා.. හැමදාම නංගිගෙ වැරදි වහන එක අම්මගෙ පුරැද්දක්..

"ගරැ කරන්න මෙයාට.. ආන්ටි හිතුවද මම සදිසි කියලා.. කියන කරන හැමදේම කරබාගෙන අහන් ඉන්න, බලන් ඉන්න.. නෝ ආන්ටි.. මම සන්දීප් මානවඩු... සවින්දි එඩ්වඩ් අංකල්ගෙ දුව නිසා තමයි මෙච්චරකල් ඉවසුවේ.. අංකල්ගෙ හොඳ ගතිගුණ නිසා.. එදා යාලුවගෙ බර්ත් ඩේ පාර්ටි එක දවසෙත් මගේ කරේ නගින්න එද්දි බීලා බීලා අංකල්ට අවනම්බුවක් වෙයි කියලයි ගෙදර ගෙනත් ඇරලුවේ.." 

මෙච්චර කාලයක් වෙච්ච හැමදේම දරාගෙන හැමදේම ඉවසන් හිටපු සන්දීප්ට අද ඒ හැම පීඩනයක්ම පිට කරන්න අවස්ථාවක් ඇවිත්.. එයා හැම තිස්සෙම මං වෙනුවෙන් පෙනී හිටියා.. මට ඊට වඩා සතුටක් නැති තරම්... ඒත් අද මේ මොකද වෙන්නෙ...

"අන්..න රයිට්.. මමී එදා තමයි.. මේ දේවල් වුණේ.. එදා මම ඩ්‍රින්ක්ස් අරන් ඉද්දි මෙයා මාව අරන් ආවා.. මමී මාස දෙකකට උඩින් එදා මටත් සිහියක් නැතුව මෙයත්..."

"ආ..ව්..."

නංගිට තවත් එක වචනයක් හෝ කතා කරන්න ඉඩ නොලැබුණේ හැමෝම ඉදිරියේ සන්දීප්ගෙ අත සවින්දිගෙ කම්මුලේ නැවතුණු නිසයි.. දෙවියනේ මගේ අතේ තිබුණු මල් කලළඹත් බිමට වැටුණේ ඒ කම්මුලු පාරටයි.. සන්දීප්ගෙ මෙතරම් දරැණුකමක්..

"කට වහනවා.. තමුන් තරම් ලැජ්ජාවක් නැති කෙල්ලෙක් මම දැකලම නෑ.. එදත් මගේ කරේ නගිද්දි මෙලෝ සිහියක් නැතුව ඉන්න වෙලේ මට ඕනි එකක් කරගන්න තිබුණා තමුන්ගෙන්.. මොකද මගේ කරේ බලෙන් නගිද්දි බලන් ඉන්න මම රහත් වෙලා නෑනෙ... කොච්චර කිව්වත් මම හින්දමයි ගෙදරට ගෙනත් ඇරලුවේ.. වෙන එකෙක් වුණානම් තමුන්ට මොනවා කරයිද දන්නෙ නෑ.. එදත් මම එඩ්වඩ් අංකල්ගෙ නම්බුව ගැන හිතලා එහෙම කලේ.. ගෑනියෙක්ට අතක් උස්සන්න හීනෙකින්වත් හිතපු එකෙක්  නෙවෙයි මම.. ඒත් අද මගෙ සීමාව පැන්නුවා තමුන්.. තද දෙයක් තමුන් නම් මහ ජරාම කෙල්ලෙක්.. එදා කරපු හෙල්ප් එකටත් දැන් මාව අල්ල ගත්තද..තමුන් අවසිහියෙන් හිටියට මම හිටියෙ හොඳ සිහියෙන්.."

"තමුන්ට එච්චර හයියක් කොහෙන්ද මගෙ දුවට අත උස්සන්න.. මෙච්චර වෙලා ඉවසුවේ මිසිස් මානවඩු මගෙ යාලුවා නිසයි... එදා තමුන් මගෙ දරැවට මොනව කලාද කවුද දන්නෙ.. එදා තමුසෙ කියන දේ විශ්වාස කලා මම.. ඒත් අද මගෙ දුවට මෙහෙම වුණාම අතාරින්නද.. ඒවා කොහෙද මාත් එක්ක මම ලේසියෙන් මේක අතාරින්නෙ නෑ..."

අම්මා සන්දීප් ලගට ගියේ පුදුම කේන්තියකින්.. මටනම් බෑ දරාගන්න.. මේ වෙන දේවල් නම් එච්චර හොඳ නෑ...

"ඇයි මට මොනව කරන්නද ආන්ටි.. මැරයො දම්මලා සදිසිව විනාශ කරන්න හැදුවා වගේ මටත් ගස්සවන්නද.."

සන්දීප් අද නතර වෙන්නෙ නම් නෑ වගෙයි..
මේ දේවල් දැන් නම් ඇති.. 

"අනේ සන්දීප්.. ඕවා ඇදලා ගන්නෙපා දැන්.. කට්ටියත් බලන් ඉන්නවා.. තාත්තට මේ දෙවල් දරාගන්න බැරි වෙයි.. එයා අමාරැවෙන් හදාගත්ත නම නැති වෙන්න දෙන්න බෑ.. ප්ලීස් සන්දීප් නවත්තන්න.."

මම අඬමින්ම සන්දීප්ගෙ අතක් අල්ලගෙන ආයාචනා කලේ මේ වෙන සිදුවීම් සිදු නොවිය යුතු නිසාමයි.....

"ඇයි නවත්තන්නෙ සදිසි.. අංකල් මෙයාලා ගැන හොඳටම දන්නවා.. හොයලා බලන්න කියන්න මෙයාලගෙ මහලොකු මැරයො ටික දැන් ජීවත් වෙනවද කියලා.. අංකල් එකා ගානේ නැති කරලා දැම්මා.. ඔයාට අත තිබ්බ වරදට උන්ට විදවන්න වුණා.. අංකල් ඒ පලිය ගත්තා සදිසි... ඒ හැමදේම කරවලා තියෙන්නෙ මේ දෙන්නා.."

සන්දීප් හැමදේම දැනගෙන ඉඳලා.. අනේ උන් මට කරදර කරන්න හැදුවට තාත්තා උන්ගෙන් පලි අරගෙනද.. පව් තාත්තා.. මං ගැන හිතන තරම්..

"මට ඇත්ත කියනවා සවින්දි.. තවත්නම් බොරැ එපා.."

"ඔව් ඔව් මේ බබා ඔයාගෙ නෙවෙයි.. දැන දැනම තමයි එදා මම සදිසි නින්ද ගියාට පස්සෙ එයාගෙ පෝන් එකෙන් ඔයාට මැසේජ් කරලා එන්න කිව්වෙ.. මොකද මට ඔයාට ආස හිතුණු නිසා.. ඔයාගෙ හැන්ඩ්සම් ලුක් එකට මම වශී වුණා.. ඔයා අයිති මට.."

සවින්දි එකපරම මහ හයියෙන් තමන්ගෙ හපන්කම් පාපොච්චාරණය කලෙත් මගෙ අතේ සන්දීප්ගේ අතින උදුරා දමමින්.. නංගිගෙ හිතේ තමත් සන්දීප්ව අයිති කරගැනීමේ චේතනාවම තියෙන බව පැහැදිළියි...

"වට්..? මට කියන්නෙ මම නොදන්න ලමෙක්ගෙ තාත්තා වෙන්න කියලද.. කෝ ලමයගෙ තාත්තා ඇත්තටම.. හැමෝම අහගන්න.. මේ වෙඩින් එක වෙන්නෙ නෑ.. එදා මෙතන නාඩගමක් නටලා සදිසිගෙයි මගෙයි එන්ගේජ්මන්ට් එක නතර කරලා සදිසිට අපහස කලා.. වැරදි කෝටියක් ලග තියාගෙන අහිංසක කෙල්ලෙක් රිද්දුවා.. බැඳගන්නවා හොයාගෙන ලමයගෙ තාත්තව.."

සියලුදෙනාම මවිත කරමින්.. සන්දීප් මේ කසාදයෙන් බේරෙන්න තියපු පුංචි ම බලාපොරොත්තුවක් හරි මල් පල ගැන්වෙද්දි සන්දීප්ගෙ මූණට වැටුණු අමුතුම ආලොක්ය මම දැක්කා.. මම මේ වෙලාවෙ සතුටු වෙන්නද,, දුක් වෙන්නද.. දෙවියනේ නංගිගෙ ජීවිතේම විනාශයි.. මම කොහොම සතුටු වෙන්නද.. ඒත් සන්දීප් ගැන තාමත් බලාපොරොත්තු සුන්වෙලා නෑ.. සතුටු නොවී ඉන්නෙ කොහොමද.. දුකත්, සතුටත් මැද මම තාමත් ඉන්නෙ කුමක් තෝරගන්නද කියා දෙගිඩියාවක.. නංගි රිද්දලා සන්දීප් මගේ කරගන්නත් බෑ.. නංගි කරපු වරදට සන්දීප්ව බිලි දෙන්නත් බෑ.. මොකක්ද මේ වෙන්නෙ.. ඇයි මාව උත්තර නැති ප්‍රශ්නවලම පටලවන්නෙ....

"සදිසි.. දැන් ඔයා මගේ.. මම විශ්වාස කලා..  සවින්දිගෙ කතාව බොරැවක් කියලා.. දැන් අපිට බාධාවක් නෑ.. මට සමාවෙන්න මැණික.. දුකක් දුන්නට.. මම සම්පූර්ණයෙන්ම වැරදිකාරෙක් නෙවෙයි.. මගේ වෙන්න. අපි අදම රෙජිස්ට්‍රර් වෙමු.. ඔයත් ලස්සනට ඩ්‍රස් කරලා.. මමත්.. හැමදේම අපේ අත ලග අපි නීතියෙනුත් අපේ වෙමු..."

සන්දීප් මාව හැමෝම ඉස්සරහ තදින් වැළඳ ගත්තේ උතුරා යන සෙනෙහසකින්.. සත්තයි.. ඒ පපුවට තුරැල් වුණාම දැනෙන සැනසීම වචනවලට පෙරලන්න බැරි තරම්...
ඒ පපුවේ රිද්මය වේගයෙන් ගැහෙද්දී රිද්මයට මම නතු වුනේ සියලු වේදනාවන් අමතක වෙද්දි.. ඔව්.. දැන් මට මේ උණුසුම ඕනි.. මගෙ හිත ඉල්ලුවේ එයාවමයි..

"සන්දීප් ඔයා මාව මැරි කරන්නම ඕනි.. අද අපේ මැරේජ් එක වෙනවමයි.. එහෙම නැත්තම්.."

මම ඉබේම සන්දීප්ගෙ තුරැලෙන් ඉවතට පැන්නේ නංගිගෙ කෑගැහිල්ලට මම පියවි සිහියට පැමිණි නිසාවෙන්.. ඒත් පැමිණ සිටි සියලු අමුත්තන්, මම, සන්දීප් අම්මලා අපි හැමෝගෙම ඇස් ලොකු වුණේ නංගිව දුටු විටයි.. දෙවියනේ.... මට කියවුණේ එපමණයි..

................................................................................

**කතාවේ විසි හතරවන දිගහැරැම ඒ විදිහට අවසන් වෙද්දි සවින්දි කොයි තරම් පහත් කෙනෙක්ද.. වෙන කෙනෙක්ගෙ දරැවෙක් බව දැන දැන සන්දීප් සදසිව මැරි කරයි කියලා තියෙන ඉරිසියාවට තරහට සන්දීප් පිට හැම වරදක්ම පටවන්න තරම්.. සන්දීප් පුංචිම හරි හේතුවක් හෙව්වේ දරැවෙක් ගැන කිව්ව කතාව විශ්වාස නැති නිසාවෙන්.. ඒත් කතාව ඇත්ත.. නමුත් වෙනසක් ඇතුවයි ඒ කතාව ඇත්ත වුණේ.. එතකොට සදිසිට සන්දීප්ගෙන් දැනුණු ආදරේ ඕන කියලා හිතුනත් ඒ ආදරේ තමන් සතු කරගන්න බැරි තරම් අසරණ වෙලා නංගි දුක්වෙයි කියලා.. සන්දී්ප්ට සදසිව ඕන වුනත් අද ඒ දෙන්නට රෙජිස්ට්‍රේෂන් කරන්න ඉඩ දෙයිද සවින්දි.. කාගෙත් ඇස් මවිත කරමින් සවින්දි මීලගට මොනව කරන්න හදනවා ඇත්ද.. සන්දීප්ව සදිසිගෙන් වෙන් කරන්න එයා ඕනම දෙයක් කරාවි... ඊලග කොටස අරන් ඉක්මනටම එන්නම්.. කතාව ගැන අදහස් කමෙන්ට් කරන්න අමතක කරන්නෙපා... බලමු හෙට දවසෙ මොකක් වෙයිද කියලා.. දිගටම ඉන්න කතා පියස එක්කම..**
Dilru Don'T Copy

No comments:

Post a Comment