නව කථාවක්
මන්දිරයක සතුට සොයන
සමනලී
*පලමු කොටස*
"නංගී කොහේ හරි යන්නද.."
මම සවින්දිගෙන් ඇහුවෙ දනිස්සෙන් උඩට කොට ඩෙනිමක් හා ඉන පේන්න කොට බ්ලවුස් එකක් ඇඳගෙන මේකප් දාගෙන ලෑස්ති වී හිටිය නිසයි..
"ඔයාට මොකද මම කොහේ ගියත්.. එකපාරක් කිව්වනෙ.. මම තමුන්ගෙ නංගි නෙවෙයි කියලා... මාව සහෝදරියක් කරගන්න හරි අාසාවෙන් ඇත්තෙ..."
සවින්දිගෙන් මට හැමදාම පිළිතුරැ ලැබුණෙ එ් විදියටයි.. හැමදාමත් සවින්දි ගැන හොයලා බලලා මම කරන්නෙ හිත පාර ගන්න එක..
"මොකද මෙතන වෙන්නෙ.."
අම්මා අපි ඉදිරියට පැමිණියේ එවිටමයි..
"බලන්න මමී.. මේකිගෙන් තියෙන වදේ.. කොහේ යන්න හැදුවත් මූණ ඉස්සරහට ඇවිල්ලා ප්‍රශ්න අහනවා මල කරැමයක්.."
"සදිසි මම තමුසෙට කී පාරක් කියලා තියනවද සවින්දි ගෙ දේවල් වලට අැගිලි ගහන්නෙපා කියලා.."
අම්මා කවදත් ගත්තෙ සවින්දිගෙ පැත්ත..සවින්දි වුනත් ඉස්සර මාත් එක්කමයි.. ස්කූල් වැඩත් අහන්නෙ මගෙන්.. එ්ත් දැන් ලොකු වෙන්න වෙන්න සවින්දි කරන්නෙම වෙනස්කම්.. සවින්දි මගෙම සහෝදරියක් කියා හිතුවත් එයා එහෙම හිතුවෙ නෑ.. අම්ම මට කරපු වෙනස්කම් වලට සවින්දිත් උඩ ගෙඩි දුන්නා.. අනේ තාත්තා ලංකාවෙ හිටියනම්.. කියලා හිතුණු වාර අනන්තයි මට...
"අම්මා මම මේ..."
මට කියාගන්නට ඉඩහසර ලැබුණේ එපමණයි...
"අම්මා..? මම කියලා තියනවා නේද.. මට අම්මා කියන්නෙපා.. ලොකු නෝනා කියන්න කියලා.. මෙයාට නංගි නෙවෙයි චූටි බේබි කියන්න කියලා.. ඔයාට බෑ මෙයාට සම වෙන්න.. එහෙම හිතන්නවත් එපා.."
එදා පටන් ම අම්මට ගරැ කලේ, සැලකුවේ මා යදින මිහිපිට දෙවියන් දෙපල නිලන්ති මදනායක සහ එඩ්වඩ් මදනායක වූ නිසයි.. එඩ්වඩ් මදනායක නම් මහා ව්‍යාපාරිකයකි.. එතෙර මෙතර වෙළඳපොළවල් බොහෝමයක් හිමි ධනවතෙකි... නමුත් මට සහ සවින්දිට එක හා සමානව ආදරේ කලේ ය. මුල් කාලයේ නිලන්ති මදනායක හෙවත් මා හදාවඩා ගත් අම්මාද මට අපිරිමිත සෙනෙහසකින් යුක්ත විය.. නමුත් තරමක් ලොකු වන විට මට නොකල කෙනෙහිලිකමක් ද නැත.. එයට හේතුව මම තවමත් දන්නෙ ද නැත..
මම අඬ අඬ ම කුස්සිය පැත්තට දිව්වෙ මගෙ දුක හැමදාමත් මා සමඟ බෙදාගත් මැණිකෙ නැන්දා නිසායි... අැය මේ මහ සුවිසල් ධවල මැදුරේ මෙහෙකාරියයි...
"අදත් ලොකු නෝනගෙනුයි පුංචි බේබිගෙනුයි අැනුම්පද අහගෙන ආවද.. මම කියලා තියෙනවනෙ සදිසි බේබිට එයාලට වැඩිය පේන්න ඉන්නෙපා කියලා.."
මැණිකෙ නැන්දා කවදත් මට එකතු නිසාම මට අවවාද කලේ අම්මත් නංගිත් එක්ක යන්නෙපා කියලා ඇසුරට.. මන්ද යත් ඔවුන් මට නිතරම කලේ දොස් නගපු එකයි...
"මම දන්නෙ නෑ මැණිකෙ නැන්දෙ.. අම්මලා ඇයි මට මෙහෙම කරන්නෙ කියලා...ඉස්සර නංගියි මායි අම්මයි තාත්තයි කොච්චර සතුටෙන් හිටියද..."
මම එහෙම කිව්වෙත් අතීතය මතක් කරගෙන යි.. අපි කුඩා කාලයේ සමගියෙන් ආදරයෙන් හිටියෙත්... මාවයි නංගිවයි පාර්ක් එක්ක ගියාමත් අපි දෙන්නට හැමදේම සමාන ව අරන් දුන්නා..එ්ත් දැන් සේරම වෙනස් වී හමාරයි....
"සදිසි බේබි චූටි බේබි ට වඩා ලස්සනයි.. අනික ඉගෙනගත්තා ඉතින් ලොකු නෝනයි, චූටි බේබි යි ඉරිසියයි.. ලොකු නෝනට ඉස්සරනම් සදිසි බේබිව මැණිකක් වගේ... මම ඉතින් නොදන්නවයැ ලොකු නෝනලා දරැවෝ නැතුව ඉන්න කාලෙ දොස්තරලා පස්සෙ, යන්තර මන්තර පස්සෙ කොච්චර දිව්වද.."
මැණිකෙ නැන්දා හැමදාම වගේ මම අඬද්දි ඔය ටික මතක් කරනවා.. මම අරන් හදාගත්ත ලමෙක් නිසා දැන් එයාලා වෙනස්කම් කරනවා කියලා මට දැන් හොඳටම තේරී අවසන්...
"මට දරාගන්න හයිය තියෙනවා..මැණිකෙ නැන්දා..."
මම එහෙම කියාගෙන කුස්සියෙන් පිටවෙන්නයි සූදානම් වුනේ..
"ආ මේ ලමාතැනී කුස්සියෙ ඉදන් මැණිකෙවත් අල්ලගෙන ලොකු සාකච්ඡාවක.. මට තේ එකක් හදලා කාමරේට ගෙනත් දෙනවා.."
අම්ම එහෙම කියාගෙන කුස්සියෙන් පිටව ගියෙ ද රවාගෙනයි..
"අම්මා මගෙන් කොච්චර වැඩ ගත්තත් මට කමක් නෑ.. ඒත් මේ විදියට මං එයාගෙ දරැවෙක් නෙවෙයි කියලා අඟවන එක තමයි මට දරාගන්න අමාරැ.."
කඳුලු පිස දමමින් තේ එක දිය කලේ අම්මගෙ වෙනස දරාගන්න බැරැවයි..
"ආරණ්‍යක හාමුදුරැ නමක් කියලා තියෙනවා දරැවෙක් අරන් හදාගත්තම ඒ පිනට දරැ උපතක් ලැබෙයි කියලා.. එ්කෙන් තමා ලොකු නෝනයි, ලොකු මහත්තයයි ලමා නිවාසෙකින් ඔයාව ගෙනාවෙ.. ඒ දවස්වල නම් සදිසි බේබිට ලොකු නෝනල සැලකුවේ තමන්ගෙ ම දරැවෙකුට වගේ.. චූටි බේබි ඉපදුනාට පස්සෙත් ලොකු මහත්තයයි ලොකු නෝනයි හිතුවෙ ඔයා තමයි වාසනාව කියලා.."
මැණිකෙ නැන්දා මගෙ පිට අතගාමින් මාව සැනසුවේ එලෙසයි...
"අම්මෙ මේ තේ එක බොන්න.."
"හා ඔතනින් තියනවා.. මාකට් එකට ගිහින් ගෙදරට ඕනි කරන බඩු ටික අරන් එනවා.. මම ලිස්ට් එකක් හදලා ඇති.. සල්ලිත් තියලා ඇති.. හැම එකේම බිල දාගෙන එනවා.."
එ් පාර අම්මා මාව මාකට් යවලා බඩු ගෙන්න ගන්න හදනවා. කවදත් අම්මගෙ තාත්තගෙ වචනෙට ගරැ කරන මම අම්මා කියන හැම වැඩක් ම කලේ බොහොම ගෞරවයෙන්...
සුදු පාට රෙද්ද පුරාවටම රෝස පාට චූටිමල් ඉහිරැණු දනිස්ස වැහෙන්න චීත්ත ගවුමක් ඇඳගෙන කොණ්ඩ කරලක් ගොතාගෙන මල්ලත් උස්සගෙන මම ටවුන් එකට ආවා...
"නංගිගෙ කාර් එක..."
සවින්දිගෙ වාහනය හොඳටම අඳුනන මට දකින්න ලැබුණේ සවින්දි තවත් යහළුවන් සහ යෙහෙළියන් සමඟ හොටෙල් එකකට ඇතුල් වෙන අයුරැයි...
මම ඉක්මනටම පාර මාරැ වෙන්න හැදුවෙ සවින්දි මොකද කරන්නෙ බලාගන්නයි...
එකපාරටම ඉස්සරහට අාපු කාර් එකක මම හැපෙන්න ගියත් එ් මනුස්සයගෙ කල්පනාව මගෙ දිවි බේරැවේ මං නොහිතපු විදියටයි...
,"කොහෙද හලෝ යන්නෙ.. පාර බලලා නෙවෙයිද පාර පනින්නෙ.. මොන සිහියෙන්ද පාර පනින්නෙ.. වෙලාවට මම හෙමින් ආවෙ.. නැත්තම් කෑලිවත් නෑ ඉතුරැවෙන්න.."
වාහනයෙන් බැස ආවේ තරැණයෙකි.. තරමක් සුදු පාටට හුරැ තලෙළු පෙනුමක් ඇති ඔහු අහිංසක පෙනුමකින් සිටියත් කට නම් ඒ තරම්ම අහිංසක නැති බව තේරැණේ මට එකදිගටම කට නොපියාම බැන වැදුණු නිසාවෙනි..
"මට සමාවෙන්න සර්.. මම මේ පොඩි හදිස්සියකට.."
ඉතුරැ හරිය කියන්නවත් කාලයක් දුන්නෙ නෑ එයා මට..
"හදිස්සිය.. හදිස්සියට පිස්සු හැදිලා වගේ පාර පනිනවද.. ශෝක් සිහිකල්පනාව.."
මේ මනුස්සයා එක දිගටම බනිද්දි වටේ හිටපු අය අපි වටේ රොක් වූ නිසා මට ඇති වුවේ මහ ලැජ්ජාවක්.. නැවත වතාවක් සමාව අරන් මම අාපස්ස නොබලාම ගියේ හොටෙල් එකටයි...
"අන්න උඹගෙ අක්කා ඇවිල්ලා.."
සවින්දිගෙ නැහැදුණු යාළුවෝ සවින්දිට මාව පෙන්නුවේ සමච්චලේට වගෙයි..
"අාහ්.. මේ 3rd class කෙල්ල මගෙ Sister කෙනෙක් වෙන්නෙ කොහොමද.. මෙයා මේ අපෙ මමීටයි ඩැඩීටයි පිස්සු හැදිලා ෆැමිලි එකට ගෙනාපු කෙනෙක්නෙ.. ළමා නිවාසෙක හැදිච්ච අනාථ කෙල්ල.."
නංගි යහළුවන් ඉදිරියේ මාව හෑල්ලු කරද්දි මම මට ඇතිවුනේ පොලොව පලාගෙන යන්න තරම් වේදනාවකි... නංගිගෙ යහළුවන් ද හොටෙල් එක තුල සිටි සියලුදෙනාම ඉදිරියේ හයියෙන් ම හිනාවුනේ මට ලැජ්ජ කිරීමටයි...
"මේ.. තමුන්ට මම කියලා තියෙනව නේද මගෙ දේවල් හොයන්නෙපා කියලා.. මේ වගේ ඩීසන් තැන් වලට තමුන්ලා වගේ 3rd class අය එන්නෙ නෑ.. අනික මම තමුන්ගෙ නංගි නෙවෙයි කියලා මමිත් කී පාරක් කියලා තියෙනවද.. මගෙ දේවල්වලට ඇඟිලි ගහන්නෙපා කියලා..අම්මෙක් තාත්තෙක් නැති අනාථ කෙල්ල.."
නංගිත් ඒ විදියට කතා කරද්දි මට ඇති වු වේදනාව කියාගන්න බැරි තරම්... නංගි කියන්නෙ ඇත්ත.. මගෙ අම්මා තාත්තා මාව තනි නොකල නම් මම අද මෙහෙම මන්දිරයක් ඇතුලේ අපහස විදින්නේ නෑ.. මේ මම කල පූරැවේ පවකි.. කඳුළු උනපු ඇස් කඳුළු හංගන් දුවන්න හැරැනේ මම ගෙනා බෑග් එකත් සල්ලිත් සේරම අනතුර වූ තැන වැටී අැති බව සිහියට නැගුණු නිසාවෙන්.. මම අාපහු යන්න හැරෙද්දි දුටු කෙනා නිසා මගෙ මූණට දාඩිය දැම්මේ වැටෙන්න ගිය කඳුලුත් නවතමින්........
.............................................................................
* අලුත් කතාවක ආරම්භයක්.. ලස්සනට ලියන්න අදහස තියෙනවා.. ඒත් මේ කතාව කලින් එක වගේ පිස්සු කෙල්ලෙක්ගෙ කතාවක් නෙවෙයි... නොයෙක් දුක් කම්කටොළු මැද සතුට, අාදරය සොයන්න වෙර දරන තරැණියක් ගැන කියවෙන කතාවක්.. උපත දුන් අම්මා, තාත්තා කවුරැද වත් නොදන්න පෝසත් මැදුරක කුඩා කාලයේ සැපට හැදී වැඩී වයසත් එක්කම නොයෙක් අපහස විදිමින් ජීවිතය සොයා යන තරැණිය සදිසි කතාව කියන අැය මමයි.. සවින්දි නම් නිලන්ති මදනායකගේ සහ එඩ්වඩ් මදනායකගේම දියණියයි.. අැය මට වඩා අවුරැදු දෙකකුත් මාස පහකුත් බාල කෙලිලොල් ගති පැවතුම්වලින් හෙබි රස්තියාදු ජීවිතයක් ගෙවන උඩඟු තරැණියකි... එඩ්වඩ් මදනායක සහ නිලන්ති මදනායක දරැ උපතක් අාසාවෙන් සිටි එ් අාසාව නිසාම ළමා නිවාසෙන් මාව අරන් හදාගත් අම්මා තාත්තා යි.. මැණිකෙ නැන්දා නම් මේ මැදුරේ මෙහෙකාරියයි.. දුක් විඳින මට නංගි නිසා තවත් මොනව අහිමි වෙයිද.. සතුට මා සොයා යන්නේ කෙසේද.. මේ කතාව එක්කත් රැදෙන්න.. කතාව ලස්සන කරන්න ඔයාලගෙ වටින අදහස්, ශක්තිය දෙන්න.
රැදෙන්න දිගටම කතා පියස සමඟම.. අලුත් කතාව හාත්පසින් ම වෙනස් එකක් වේවි...*
Dilru Don'T Copy
No comments:
Post a Comment