*මගේ මරණය මා අභියස..*
(කෙටිකතාව)
*හතරවන කොටස*
(අවසන් කොටස)*හතරවන කොටස*
"හ්ම්ම්..දැන් බාහිර සද්ද බද්ද හැමදේම අමතක කරන්න.. ඔයාට ඇහෙන්නෙ මගෙ කටහඬ විතරමයි.. අපි අපේ යටි හිත අවදිකරමු... හොඳට කල්පනා කරන්න.. කොහොමද මේක වුනේ.."
"මට පේනවා.. එයා මාව වතුරට එබුවා.. මම කෑ ගැහනවා.. එපා කියලා..මාව බේරගන්න කියලා.. මහ රැයක් එදා තමයි මම ජීවිතේ විදපු නරකම දවස.. මම එපා කිව්වා.. එ්ත් මාව වතුරට ඔබාගෙන හිටියා.. මර බය නිසාම වතුරෙ නොසෑහෙන්න දගලුවා මම.. අනේ මට බෑ මේ දේවල් දකින්න මට බයයි.."
"නෑ නෑ.. තව පොඩ්ඩක් ඉස්සරහට යමු.. ඔයා කොහෙද.. මොනා කරන කෙනෙක්ද.."
"මෙහෙ ගම.. ඇල්ල ගාව බිස්නස් කරනවා අපි.. ඒ මගෙ අම්මා.. අම්මයි මායි තාත්තයි සතුටින් ජීවත් වුනේ.. මට අවුරැදු 18ක් වගේ එතකොට.. ඒ කාලෙ මම හොඳට ඉගෙන ගන්න පුලුවන්.. එ්ත් බිස්නස් වැඩියෙන් තිබ්බ නිසා අම්මයි තාත්තයි මාව සකූල් යැව්වෙ නෑ.. ඒ දෙන්නා සල්ලි මත්තෙමයි.. මම ඇඬුවා හැමදාම ඉගෙන ගන්න ඕනි කියලා.. ඒත් අම්මලා ඒකට කැමති වුනේ නෑ.."
"හරි.. ඉතින් එදා ඔයාලට සාත්තර කිව්ව ගෑනු කෙනාද ඔයාගෙ අම්මා.."
"ඔව්.. එයා තමයි මගෙ අම්මා.. ගොඩක් නපුරැ කෙනෙක්.."
"හරි ඔයාට මෙහෙම දෙයක් කරලා එයත් මෙහෙම දෙයක් කරගන්න හේතුව මොකක්ද..?"
"දවසක් අපේ කඩේට බෝයි කෙනෙක් ආවා.. මම එයාගෙ ලොකු විශේෂත්වයක් දැක්කා.. එයා නිතරම එන්න යන්න ගත්තා.. අපි අතරෙ සම්බන්ධයක් ඇතිවුනා.. ඕක අපෙ අම්මා දැනගත්තම මට ගොඩක් බැන්නා.. ගැහුවා.. ඒත් මගෙ ආදරේ අඩුවක් වුනේ නෑ.. මට ඒ සම්බන්ධෙ නවත්තන්න කියලා කොච්චර කිව්වත් ඇහුවෙ නෑ මම.. ඔය අතරෙදි තාත්තා සූදුවට ඇබ්බැහි වෙලා අපේ කඩේ හැමදේම උගස් කරලා සින්න වුනා.. ඊටත් වඩා තාත්තාව රවට්ටගෙන ගෑනු කෙනෙක් තාත්තගෙ හැම සතයක්ම හූරගත්තා.. අම්ම නොකා නොබී කෑම බීම හදලා විකුන්නෙ..අම්මට ඉවසගන්න බැරි කේන්තියක් දුකක් ඇති වෙන්නැති.. අපි සෑහෙන්න අසරණ වුනා.. අන්තිමට පාරට වැටෙන තත්වෙට ආවා.. අපි හිටියෙ ගමේ පෝසත්ම පවුලක් විදියට ඒ තරම් හම්බ කලා.. තාත්තගෙ බීමයි, සූදුවයි, නරක ගෑනු ආශ්‍රයයි අපේ හැමදේම නැති කලා.. අම්මටත් ඊට පස්සෙ කල්පනාව අඩුවුණා.."
"හරි.. එතකොට මේ අපරාදෙ වුනේ කවද්ද.. කොහොමද.. ඔයා ලොකු ගෑනු ලමෙක් නෙ.. බේරෙන්න තිබ්බනෙ.."
"එදා 1939.12.01.. අම්ම මට ඇවිත් කිව්වා රෑ 10ට විතර තාත්තා ගෑනු කෙනෙක් එක්ක ඇල්ල ගාව ඉන්නවලු යමු අතටම අල්ල ගන්න කියලා.. මමත් ඒකට කැමති වුනා.. නිදිමතේ හිටියෙත්.. අපි යද්දි කවුරැවත් හිටියෙ නෑ.. අම්ම කිව්වා වතුරට බහින්න කියලා.. මම ඇහුවා ඇයි කියලා.. අම්මා මගෙ කොණ්ඩෙන් අල්ල ගෙන ඇදගෙන ගියා.. එදා ඇල්ල ගොඩක් රළුයි.. වතුර පාර සැඩයි.. අම්ම මාව ඇදන් යද්දි මම කෑගැහුවා.. ඒත් රැල්ලෙ සද්දෙට පිටට ඇහුනෙ නෑ.. අම්මා කිව්වා අපිට යන එනමක් නෑ. තිබ්බ හැමදේම ඉවරයි.. තාත්තත් ගෑනියෙක් එක්ක ගිහින් අපිට යන එනමක් නෑ කියලා.. අම්මා සෑහෙන්න ඇඬුවා.. අපි ගෑනු දෙන්නෙක් ඉන්න තැනක් නැතුව පාරට බහින තත්වෙට ඇදලා දැම්ම තාත්තා.. මම කෑ ගහද්දි අම්ම අඬ අඬ මගෙ බෙල්ල මිරිකුවා.. මම කෑගැහුවා..දැගලුවා.. ඒත් අම්ම මාව බෙල්ල මිරිකගෙනම වතුරෙ ගිල්ලුවා..."
"මාව බේරගන්න.. මාව ගිලෙනවා.. අම්මා.. "
මම කෑගහගෙන නැගී සිටියෙ මෙතෙක් වෙලා මම මනෝකායෙහි සිරවී සිටි බවත් අමතක කරවමිනි..
"දෝණි.. අම්මා ඉන්නවා ලඟ.. බය වෙන්නෙපා.."
අම්මා මගෙ හිත සනසන්න වුනා..
"එතකොට කෝ මගෙ අනිත් අම්මා.. එයාට මොකද වුනේ.. එයා තාම ජීවත් වෙනවද.. එයා මාව හොයන් ආවනෙ බෝපත් ඇල්ල ගාවටම.."
"නෑ දුව.. එයා දැන් ජීවතුන් අතර නෑ..තාමත් ඔයාගෙයි අම්මගෙයි දේහයන් හම්බවෙලා නෑ.. මේ සිද්ධිය හැමෝටම ගැටලුවක් වෙලා තිබ්බෙ.. ඒත් දැන් සේරම විසඳුනා.. ඔයා නම් ලස්සන පවුලක ඉපදිලා.. ඒත් මම හිතන්නෙ ඔයාගෙ ඒ ආත්මෙ අම්මට තාමත් සැනසීමක්, ආත්මයක් ලැබිලා නෑ වගේ.. බය වෙන්නෙපා වතුරට.. දැන් හැමදේම හරි.. ඔයා ඒ අම්මට සමාව දෙන්න.. පිං දහම් කරලා පුලුවන් තරම් පින් දෙන්න.. අවුරැදු ගානක් එයා ආත්මයක් නැතුව සැරිසරලා.. ඔයාගෙන් ආත්මෙට සැනසීමක් ගන්න සමාව පතලා.. පිං දෙන්න එයාට.. අලුත් ජීවයක් ලබන්න.. එතකොට ආපහු වතුරෙදි ඔයාට බයක් දැනෙන එකක් නෑ.. මේකට මට දෙන්න තියෙන එකම ප්‍රතිකාරය ඒක.. පිං කරන්න.."
වෙෙද්‍යතුමාගේ දීර්ඝ උපදෙස් පරිදි අපි ගොඩක් පින් දහම් කලා..අම්මා මට එහෙම කලේ තාත්තගෙ වැරදි නිසානෙ.. එයාට සමාව දුන්නා.. ලොකුවට දානයක් දුන්නා.. හිතට දැනුනෙ මහා ලොකු සතුටක්, සැනසීමක්.. ලොකු බරක් නිදහස් වුනා වගේ.... අපි එතනින් එහාට සතුටින් ජීවත් වුනා.. මගෙ තනියට, හැමදාම මගෙ ලඟ හෙවනැල්ල වෙලා හිටපු මගෙ මැට්ටව මැරි කලා.. ඒ ආත්මෙ මට මගෙ ආදරේ නොලැබුනාට මේ ආත්මෙ නම් මගෙ ආදරේ මගෙම වුනා...
ලස්සනම ලස්සන චූටි කුමාරිකාවක් අපි දෙන්නට ඉපදුනා...මගේ පුංචි පවුල සම්පූර්ණයි දැන්.. දවසක් මගෙ දුව හිනාවෙන මුල්ම දවසෙ මම මහ අමුතුම දෙයක් දැක්කා..
"අයියෙ.. අනේ එන්නකෝ.. මේ මගෙ දූ.."
මගෙ කෑගිල්ලට අයියා බත් එකත් දාලා දිව්වෙ..
"මොකද දෝණි.. අපේ චූටි දෝණි අම්මිට කරදර කලාද.. "
"නෑ අයියෙ.. මෙයා අද මුල්ම වතාවට හිනාවුනේ... ඒත් මම අමුතු රෑපයක් මගෙ දූ හිනාවෙද්දි එකපාරම දැක්කා.."
මම මගෙ දූගෙ මූණෙ මුල්ම හිනාවෙන් දැකපු දේ විස්තර කරන්න ගත්තා..
"මොකක්ද දෝණි.. ආපහු ප්‍රශ්නයක්ද.."
"නෑ අයියෙ... අර මගෙ කලින් අම්මා.. එයා හිනාවෙන රෑපයක් දූගෙ හිනාවෙන් මම දැක්කා.. එකපාරම ඒ රෑපෙ හිනාවෙලා නැතිවෙලා ගියා.."
"පුදුම සිද්ධියක්නෙ ඒක.. අපෙ දූ එයාගෙ අම්මිගෙ කලින් ආත්මෙ අම්මද දන්නෑ.. කොහොම හරි දැන් අවුල ඉවරයි.. අපි අම්මව මිදෙව්වනෙ අතරමං වුනු බවයෙන්.. ආපහු දුවගෙන් එහෙම දෙයක් දැක්කොත් අපි ඩොක්ටට කියමු.. ආපහු එහෙම වෙන එකක් නෑ..දැන් ඒ ගැන හිතන්නෙපා..මේ අපේ පණ ඩිංගනෙ.. මේක හිටියම ඇති ඉතිම්.. අම්මි වගේ තාත්තිට සද්දෙ දාන්න.."
මගෙ චූටි දූගෙ මුල්ම හිනාව එයාගෙ තාත්තිට මහමෙරක් වගේ.. අයියා මගෙ නලලත්, දූගෙ නලලත් සිප ගත්තෙ මහ සෙනෙහසකින්......
.............................................................................
මගෙ මරණය මා අභියස.. කතාව මේ විදියට ඉවර කරනවා.. ඒ ආත්මෙදි අපි සමහර කරන දේවල් සසර පුරැද්දට අපි පසුපස ලුහුබඳින්න ඉඩ තියෙනවා... අදටත් ඉපදුනු කිරිකැටියා මරා දමන මව්වරැ ඉන්නවා.. සූරාව, සූදුව, අනවශ්‍ය ලෙස ගෑනුන් ඇසුරැ කිරීම පවුල් අවුල් කරන්න, ජීවිත විනාශ කරලා දාන්න හේතු වෙනවා.. කවදා හෝ සසරෙ නැවත ජීවයක් ලබන්න එයාලට වසර ගානක් දුක් විදින්න වෙයි.. මැරිලත්.. ඒ අතරින් මගෙ මේ භවයෙ මට ලැබුනු අම්මා තාත්තා මගෙ ආදරේ හැමදේම ගොඩක් සුන්දරයි..මම වාසනාවන්තයි.. සමහරවිට මගේ කුසින් මොලොව එලිය දුටුවෙ වසර ගනනක් ජීවිතයක් නසා තම ජීවිතය බිලිදුන් මගෙ පෙර බවයේ අම්මා විය හැකියි.. අපි අතරෙම මගේ සමාවෙන් ඇය නව ජීවයක් ලබන්නට ඇති... ආත්මගත හමුවීම නිසා අපි අතරම උපදින්න ඇති..ජීවිතයක් නැසීමේදී හෝ පෙර පිනට හිමිවූ ජීවිතය නසා ගැනීමට පෙර හා සූරාව, සූදුව, අන් ගැහැණුන් හෝ පිරිමින් ඇසුරට කලින් සියදහස් වතාවක් සිතන්න.. තව ආත්මයක් ලබන්නට හැකියාවක් නොලැබෙන බව... ආත්මයක් පාසා ඒ පව් සැරිසරණ බව.....
....සමාප්තයි.......
*කතාව ගැන අදහස් කමෙන්ට් කරන්න... අඩුපාඩු ඇති ඒවට සමාවෙන්න... කතාව ලස්සනයි කියලා හිතෙනවනම් යාලුවෝ එකතු කරන්න..ශෙයා කරන්න..රැදෙන්න කතා පියස සමගම....*
Dilru Don'T Copy
No comments:
Post a Comment