නව කථාවක්
මන්දිරයක සතුට සොයන
සමනලී
*දාහතරවන දිගහැරැම*
"මොකෝ මේ.. මම දන්නවා මට කැමතියි කියලා නොකිව්වට ඔයා මට ආදරෙයි කියලා.. ඒත් මෙහෙම මීට් වෙමු කියයි කියලනම් හිතුවෙ නෑ.. තාමත් අදහගන්න බෑ.. ඔයා මෙහෙම කතා කරයි කියලා.."
"හ්ම්ම්.."
සන්දීප්ගේ ප්‍රශ්න වලට ලැබුනු පිලිතුරැ එපමණක් විය..
"අනේ මැට්ටි.. ලැජ්ජයි කියන්නෙ බොරැවටනේ.."
සන්දීප් තදින් පපුවට තුරැල් කරගන්න ගමන් කිව්වේ සදිසි ලැජ්ජ බයට හැදිච්ච කෙල්ලෙක් නිසයි..
ඊළඟ තත්පරයේ සන්දීප්ගේ කමිසයේ බොත්තම් එක දෙක පන්නද්දි සන්දීප්ටත් සියල්ල අමතක වූයේ ඔහුගෙ අනුරාගී හැගීම් හදවතම ආක්‍රමණය කල නිසාවෙන්...
පපුවේ සරැවට වැඩී තිබුණු රෝම කූප අතර සියමැලි අතැගිලි දැවටෙද්දි දැනුනු අනුරාගී හැගීම නිසාම සන්දීප්ගේ දෑත් ඇගේ චූටි පටි අත් ඇති රාත්‍රී ඇඳුමේ දෑත් පහලට පන්නා දමා ඉනවටා යැවූවේ තවත් තමන් දෙසට ලංකර ගනිමින්... ඊලඟ මොහොතේ ඇගේ පපුවේ සුව විදිමින් දෙතොල් මතට දෙතොල් තබා සිප ගත්තේ රාගයේ ගිනිදැල් පැතිරෙද්දි.. මාරැවෙන් මාරැවට දෙතොල් සිපගද්දී ඉන්ව තැන පවා අමතක වීම අරැමයක් නොවෙයි.......
..............................................................................
මැදියමේ පෙම් සුවයටත් වඩා රාගයේ සුවය විඳි දෙදෙනා කලුවරේම ගැරිජ් කාමරයෙන් පිටවෙන්නට සූදානම් වූයේ මේ රැයේ මහ සිදුවීම් රාශියක ප්‍රතිඵලයක් අවසානයේ පියවි සිහියට එලබි පසුවයි...
"සදිසි... ඔයා බය වෙන්නෙපා.. ඔයා මගේමයි.. අපි දෙන්න මැරි කරනවමයි... මම ඔයාව සමනලියක් වගේ පරිස්සම් කරන්නම්.."
තදින් තුරැල් කරගෙන නලලට හාදුවක් එක් කරමින් එසේ කියූ සන්දීප් එතනින් පිටව ගියේ අඳුරෙමයි...
...............................................................................
"සදිසි බේබි කොහේ හරි යන්නද.."
"ඔව්.. මැණිකෙ නැන්දා.. අද ඉරිදනෙ. මට ලෙක්චර් ගාවට යන්න තියෙනවා.. වගෙ තාත්තගාගෙ හීනෙ හැබෑ කරන්න.. මම අද ඉදන් බිස්නස් ගැන ඉගෙන ගන්නවා.."
"අනේ හොඳයි.. සදිසි බේබි මේ තියපු පියවර ඉස්සරහට මිසක් ආපස්සට නම් තියන්කෙපා.. කවුරැ මොනදේ කිව්වත්, මොන දේ වුනත්.. තුණුරැවන්ගෙ පිහිටයි.. යන වැඩේ සාර්ථක වෙයි.. හිතුවටත් වඩා.."
කිසිම ලෝබකමන් නැතුව ආදරේ දෙන්න අම්මා කෙනෙක්ට විතරක් නෙවෙයි.. අම්මා නොවුනත් ගෙදර වැඩ කරන ආයා අම්මටත් පුලුවන්.. මැණිකෙ නැන්දා මගෙ දුකේදි හිත සැනසුවා මෙන්ම මම අඩියක් හරි ඉදිරියට තියද්දි මටත් වඩා සතුටු වුනා.. ඒ ඇයගේ අව්‍යාජ බවයි.. මැණිකෙ නැන්දට වැඳලා මම එලියට බැස්සේ පන්ති යන්නයි.. නංගි ගාඩ්න් එකේ බංකුවක් උඩ දිගාවී සිටි නිසා මම එතනට ගියේ අසනීපෙන්ද කියලා දැනගන්නයි...
"නංගී.. මොකද මෙතන අසනීපයක් එහෙම නෑ නේද.."
සවින්දිගෙ ඔළුවට අත තියලා ඇහුවේ හේතුව දැනගන්නයි..
"මම මොනව කලත් ඔයාට මොකද.. මේ මගේ ගෙදර.. මම මට ඕනි තැන ඉන්නවා.. ඔයා ඒ ගැන වද වෙන්නෙපා.."
ඇතිද අහගත්ත ටික.. දුක සැප හොයන්න ගියත් පේන්නෙ වැරදිමයි.. කොහොමත් මට තාත්තා නැති කාලෙක පාරට වැටෙන්න වෙන්නෙ.. මට මේ ගෙදර ඉන්නෙ තාත්තයි, මැණිකෙ නැන්දයි විතරමයි..
"හරි නංගි.. සොරි කරදරකලාට.. මම යනවා.."
"ආහ් කුමාරිහාමි කොහෙද යන්නෙ... සන්දීප් අල්ලගෙන රවුම් ගහන්නද යන්නෙ.. මනමාලයනෙ ඔයාගෙ.."
නංගි ඒ වචන ටික පිට කලේ කට කොනකින් හිනා වෙමින් වෙද්දි මට දැනුනේ නංගි සන්දීප් ගැන කියලා මාව සමච්චල් කරනවා වගෙයි..
පාඩම් සේරම හොඳින් ධාරණය කරගත් මම පිටත් වුනේ තාත්තා ගෙනත් දීපු ලැප්ටොප් එකෙන් බිස්නස් ගැන තව හොයන්න ඕන කියලා හිතාගෙනයි..
"මගෙ සමනලී.. නගින්න.. මම ඩ්‍රොප් කරන්නම්.."
"සන්දීප්.. ඔයා කොහෙද මේ.."
එකවරම මගෙ ලගටම කරලා නතර වුනේ සන්දීප්ගෙ කාර් එකයි..
"මට එඩ්වඩ් අංකල් කිව්වා.. ඔයාට ඉරිදා ක්ලාස් කියලා.. මම මේ බලන්න ආවේ.. නගිනවා.. පාර අයිනෙ නතර කරන් ඉන්නා දෙන්නෑ.. දඩ කවන්නද හදන්නෙ මට.."
සන්දීප්ගෙ ඉල්ලීමටයි මම කාර් එකට නැග්ගෙ...
"මොකෝ මේ.. දැන් මාව දැක්කම ලැජ්ජ හිතෙනවද.. මගේනෙ දැන් ඔයා.. එඩ්වඩ් අංකල්ගෙනුත් ප්‍රශ්නයක් නෑනෙ.. ඉතින් මට ඔයාව අයිති වුනාම මොකද.."
සන්දීප් එකවරම කම්මුල් මිරිකමින් කියද්දි මගේ ඇඟ පුරාම අකුණක් ගමන් කලාක් මෙන් දැනුනෙ..
"දැන්නම් ලැජ්ජයි.. මට ඊයෙ රෑම නින්දගියෙ නෑ.. ඔයාගෙ කටහඬටත් පිස්සු හැදිලා මට දැන්.."
සන්දීප් එහෙම කියද්දි මම බිම බලාගත්තේ සත්තකින්ම මට ලැජ්ජාවක් දැනුනු නිසාවෙනි...
එකවරම කාර් එක අයිනෙන් නතර කල සන්දීප් මගෙ අතින් අල්ලද්දි මම අත ඔහුගෙන් ගලවා ගන්න දැරැවෙ මහත් වෙහෙසක්..
"පිස්සු හැදිලද.. අතාරින්න මගෙ අත.."
"දැන් කට්ටියට පේන නිසාද ලැජ්ජ.. අනේ මෝඩි.. කාර් එකේ පේන්නෙ නෑ..."
ඊළඟ මෙහොතේ සන්දීප්ගෙ දෙතොල් මගෙ දෙතොලගට එද්දී මගෙ හිස පුපුරා දෙදරා ගියා මෙන් දැනුනේ.... ඉක්මනටම කාර් එකේ සීට් බෙල්ට් පන්නා මම බැස්සේ තාමත් පපුව වේගයෙන් ගැහෙද්දි.....
"සොරි බබා.. මම වැරදි දෙයක් හිතන්න කලේ නෑනෙ.. ඔයා දැන් මගේනෙ.."
"මම ඔයාට කැමතියි කිව්වෙ නෑනේ තාම.. "
"ඒත් ඉතින් දැන් මගේනෙ.. මට ඊට වඩා සතුටක් නෑ.. බොරැවට අගේ නොකර කියනවා මට ආදරෙයි කියලා.."
"මාව ඇරලනවද.. නැත්තම් බස් එකේ යන්නද.. මෙච්චර කාලෙකට තාත්තා ගත්තේ හරි තීරණමයි.. ඒත් මාව මෙයාට බාරදීලා ගත්ත තීරණේ නම් වැරදී.. දෙනෝදාහක් යන එන මහ පාරක ඔහොම හැසිරෙන එක හරිද.. ඒකත් මම කැමතියි කියන්නත් කලින්.."
"අනේ මෝඩි.. පාර වුනාම මොකද.. මේ වගේ නගරවලට ඕවා සාමාන්‍ය දේවල්.. ඔයාගෙ නංගි ක්ලබ් යන්නේ.. බොන්නෙ එහෙනම්.. මේ දේවල් මොනවද ඒවා එක්ක බලද්දි.. අනික මම මේ මැරේජ් එක කොහොමත් ඉක්මනින් කරනවා.. අපේ ගෙදර අයත් මේකට කැමතියි.."
"මොකක්.. මම කැමති නොවී මාව බඳින්න.. කවුද ඒ නීතිය හැදුවෙ.. අනික රෑ කොහොම කතා කලත් මම නිදිමතේ මහන්සියෙන් හිටියෙ.. ඒ නිසා මතක නෑ මට.."
"මට මතකයිනෙ.. ඔයා මගේ.. දැන්නම් උස්සගෙන යනවා.. ඒ තරම් දැනුනා ඊයෙ.. පුදුම ආදරයක්නෙ මට මේකි ගැන දැනෙන්නෙ.. ලස්සනත් නෑ මම වගේ හැන්ඩ්සම් කොල්ලෙක් එක්ක බලද්දි.. කටු ටික විතරයි.. එඩ්වඩ් අංකල්ගෙ ගෙදර ඉන්න කෙනෙක් කියන්නත් බෑ.."
සන්දීප් කියන කතා වලට හිනාත් යනවා.. ඒත් පෙන්නන හොඳ නෑ..
"යනවද නැද්ද..මම යන්නද.."
"එහෙම කොහොමද.. මේ බොම්බෙ අංකල් මට බාර දුන්නනෙ.. දැන් ඉතින් පුපුරගන්න වෙන්නෙත් මගෙ ලගම විතරයි.. යමු යමු ඇරලන්නම්.. මට ආදරෙයිනෙ.. ආදරෙයිනෙ.. ආදරෙයා නේදෝ......"
මේ මෝඩයගෙ පිස්සු හැසිරීම නම් මට හැම ප්‍රශ්නයක්ම අමතක කරනවා.. පුදුම මුරණ්ඩුයි.. මටත් සන්දීප් ව දැන් ඕන.. ඒත් අම්මලා ඒකට කොහොම රිඇක්ට් කරයිද..
මම සන්දීප්ට පිලිතුරැ දුන්නේ එක් හිනාවකින්.. ලැජ්ජාව පිරැණු ඒ හිනාවේ කියාගන්න බැරි සතුටක්, හැගීමක් තියෙන බව සන්දීප්ට අනිවාරෙන්ම වැටහෙන්න ඇති.......
..............................................................................
*කතාවෙ දාහතර කොටස මේ විදියට ඉවර කරනවා.. මේ මොකද.. රැයෙහි අච්චර දෙයක් වෙලා සදිසි කාර් එකේදි සන්දීප්ට අතින් වත් අල්ලන්න දුන්නෙ නෑ.. දෙබඩි රගපෑම මොකක්ද.. රෑ සිදුවූ සිදුවීම සදිසිගේ කුලුදුල් ප්‍රේමයේ හැරවුම් ලක්ෂයක් වෙයිද.. නැත්තම් දුකට හේතුවක් වෙයිද.. ඊලග කොටස අරන් ඉක්මනටම එන්නම්.. දිගටම ඉන්න කතා පියස එක්ක..*
Dilru Don'T Copy
No comments:
Post a Comment