*මගේ මරණය මා අභියස..*
(කෙටිකතාව)
*තුන්වන කොටස*
"අන්තරාදායකයි.."
වටේම අනතුරැ සංඥා පෙන්වා තිබුණත් අපි ඉදිරියටම ගියේ මේ ප්‍රශ්නය විසදගන්නයි..ලං වෙන්න වෙන්න මට මේ ඇහෙන දෝංකාරය තවත් සමීපව ඇහෙන්න ගත්තා.. එක් අතකින් අයියවත් අනෙක් අතින් අම්මවත් අල්ලගෙන මම ඉස්සරහට ගියේ බයෙන්... එකපාරම දිරාපත් වූ බෝඩ් කෑල්ලක් ලඟ අපි නතර වුනේ එහි යම් කෙනෙකුගේ දිරාපත් ව ගිය ඡායාරෑපයක් නෙත ගැටුණු නිසයි..
"මේ බලන්න අම්මා.. මෙතන මොකක්ද පොටෝ එකක් හරියට පැහැදිලි ව පේන්නෙ නෑ.."
අයියා පොටෝ එක කිට්ටුවටම ගිහින් අතින් පිරිසිදු කර කර බලන්න ගත්තා..
"දෙවියනේ.."
අයියගෙ කටින් ඉබේම පිට වෙද්දි මමත් අම්මත් කිට්ටුවට ගිහින් බැලුවා..
"අම්මෙ... මේ.. මම.. නෙ.."
පුදුමයක්.. එහි තිබුනෙ මගේම ඡායාරෑපයක්.. යටින් මොනවදෝ ලියා තිබුණා..
"වර්ෂ 1939.12.01 දියේ ගිලී මිය යාම.. තවම දේහය හමුවී නැත.."
අපි හතරදෙනාම මූණට මූණ බලාගත්තේ කාටවත්ම කිසිම වචනයක් කතා කරන්නට නොහැකි තරම්ම අපි ලොක් වී සිටි නිසයි..
"තවම දේහය හමුවෙලා නෑ.. 1939 දී ගිලිලා මැරිලා.. දැන් 2020 නෙ.. මම 1998 නෙ.. කොහෙමද 1939 මැරැණා කියලා ආපහු 2020 පණපිටින් ඉන්නෙ අම්මෙ.. මේ මොන හරැපයක්ද මට තේරෙන්නෙ නෑනෙ.."
"අනේ මන්දා දෝණි.. ඔයා 1939 වෙන්නෙ කොහෙමද මම ඉපදුනෙත් 1973 නෙ.. ඔයා ඉපදුනෙ මගෙ කුසින්.."
අම්ම එහෙම කියද්දි මගෙ හිතේ බය තවත් වැඩි වුණා..
"පොඩ්ඩක් ඉන්න මම වටේ තව සෝදිසි කරලා බලන්න.."
කසුන් අයියා ගියේ තවත් වටපිටාව විපරම් කරලා හෝඩුවාවක් හොයන්නයි..
"ඔයා ගිය ආත්මෙත් මේ විදියමද දන්නෑනෙ දෝණි.. මේ හැඩරැවමද දන්නෙ නෑනෙ.. අපිට 1939 හරි ඊට කලින් හරි ඉපදුනු සීයා කෙනෙක් හරි ආච්චි කෙනෙක් හරි හොයාගන්න ඕන.. "
අයියා මේ ගැටලුව විසඳන්න උපක්‍රම හෙව්වා..
"එ් ජනිත් මේ පොඩ්ඩක් වරෙන්.."
එකපාරම කසුන් අයියගෙ අඬගැහිල්ලට අපි ඒපැත්තට දිව්වා..
"මේ බලපම් මචන් තව පොටෝ එකක් ගහපු බෝඩ් එකක්.. මට මේ මූණ ඡායාවක් වගේ මතකයි.."
අඳුරු වෙලා තිබුණ එ් රෑපය දිහා අපි තවත් ලංවී බලද්දි අපි අපේ මූණු දිහා සැරෙන් සැරේ බලන්න ගත්තා..
"මේ අර එදා බෝපත් අැල්ලෙදි අපිට සාත්තර කිව්ව ගෑනු කෙනා නේද.. "
මෙච්චර වෙලා ගැහී ගැහී තිබුණ හදවත් තවත් වේගයෙන් ගැහෙන්න ගත්තෙ අපිව මෙතනට එවන්න සාත්තර කිව්ව ගෑනු කෙනාගෙම ඡායා රෑපයක් මගෙ රෑපෙ වගේම බෝඩ් එකක ගහලා තිබුණ නිසයි..
"මේකෙත් ගහලා තියෙනවා.. 1939.12.01 දියේ ගිලී මිය යාම.. තවම දේහය හමුවී නැත.. "
"එතකොට එයා ගිලිලා තියෙන්නෙත් දෝණි වගේ කෙනා ගිලුනු දවසෙමයි.. එයා ගිලුනා නම් කොහොමද අපිට සාත්තර කිව්වෙ.. මේ මොකද වෙන්නෙ.. මේක තවත් පැටලිලානෙ.."
අපි කතා වුනේ මේ ගැටලුව එන්න එන්නම විසඳෙනවට වඩා ගැට ගැහෙන නිසයි..
"ඔයාට මතකද අයියෙ.. එයා කිව්ව නේද මේ කතාව කියලා ඉවරවෙලා රාවණා අැල්ලෙ යන්න එහෙදි මාවත් මුණ ගැහෙයි කියලා.."
මම හදිස්සියෙම ගෑනු කෙනා අවසානෙදි කිව්ව කතාව මතක් වුනා.. තවමත් මගෙ හිතට මොකක්දෝ හැගීමක් දැනෙනවා.. කියාගන්න බැරි මොකක්දෝ ලොකු දුකක් හිත යට හිරවෙලා.. මට මෙතන එක එක සිද්ධි මතක් වෙන්න ගන්නවා.. මොනවද කියලා මට හිතාගන්න බෑ..
"ඒක තමයි.. ගෑනු කෙනා එහෙම කිව්වා.. ඉතින් අපි ආවනෙ.. එයා කෝ.. මෙහෙද දන්නෙ නෑ පදිංචිය.. හොයලා බලමු"
"නෑ බං.. ඒ ගෑනු කෙනා මෙයා වෙන්නෙ කොහොමද.. 1939 දිත් එයා අපි එදා දැක්ක වගේමනෙ.. 1939 කෙනෙක් නම් දැන් අවුරැදු 80 ටත් වැඩීනෙ.. එදා අපිගාවට අාපු කෙනා මේ වගේමයි.. ඒත් වයසත් එක වගේනෙ.. මේක නම් දැවෙන ප්‍රශ්නයක් බං.."
මගෙ අයියගෙ ප්‍රශ්නෙට කසුන් අයියා දීපු පිලිතුර අවුල් සහගත වුනා..
"මගෙ දූ... මාව මේ පාපෙන් මුදන්න මගෙ දූ..."
මහ අමුතු වේදනාබර කටහඬක් මගේ වටේ රැව්පිලිරැව් දුන්නේ පාපෙන් මුදන්න කියායි.. කිසිම දෙයක් වැටහෙන්නෙ නැති නිසාම මම අම්මව තදින් බදාගත්තා...
"අනේ අම්මා.. මට කෑගැහිල්ලක් අැහෙනවා අර ගැඹුරැ වතුර පාර ගාව.. අනේ මේ පොටෝ එක දකිද්දි ලොකු බයක් දැනෙනවා... අම්මෙ මට මොනවද මැවිලා පේනවා.. අතන.. අනේ මට කිසි දෙයක් පැහැදිළිව පේන්නෙ නෑනෙ.."
මොනවදෝ අමුතු සිදුවීම් පෙලක් සිහියට ආවත් එ්වා මොනවදැයි පැහැදිලිව නොපෙනෙන නිසා මගෙ ඔළුව කැක්කුමත් හැදෙන්න ගත්තා.. ඔළුවට ලොකු බරක් දැනෙන්න ගත්ත නිසාම මම අඬ අඬ බිම වාඩි වුණා..
"අපි දැන් යමු.. ඩොක්ට කෙනෙක්ට මේක කියමු.. එයා බලයි අතීත සිදුවීම්.. දෝණිට නොපැහැදිළි ව පේන දේවල් දෝණිව අතීතෙට අරන් ගිහින් දෝණිගෙ කටින් ම කියවයි.. මෙහෙ වයසක අය හොයන්න බෑ.. මිනිස්සු බයවෙයි.. 1939 මැරැණා කියලා බෝඩ් දාලා තියෙන කෙනා පණපිටින් එ් විදියටම ආපහු ඉන්නවා දැක්කම.. මිනිස්සු බයවෙයි හොල්මන් කියලා.. "
අයියා කියන කතාව ඇත්ත.. මට මේ පේන රෑප, සිහින වගේ දේවල්, මැවිලා පේන දේවල් මගෙ ජීවිතය ආපස්සට ගෙනිල්ලමයි බලන්න වෙන්නෙ.. මිනිස්සු බය වෙයි මෙහෙම දැක්කම.. අනික මට අර ගෑනු කෙනා එක්ක මොකක් හරි සම්බන්ධයක් දැනෙනවා.. මේ හැමදේම ඩොක්ට කෙනෙක්ට කියන්න වෙනවා..මමත් ඒකට එකඟ වුණා..
...............................................................................
*අතීත කතාවක වර්තමාන ආවර්ජනයක් කරන්නයි ලෑස්තිය.. ඇත්තෙන්ම මොකක්ද මේ සිදුවීම.. දියේ ගිලිලා මැරැණත් තවමත් දේහයන් හමුවෙලා නැද්ද.. එතකොට ඒවට මොකද වුනේ... එදා එහෙම මැරැණනම් අද ජීවත් වෙන්නෙ කොහොමද.. මැරැණඅ ගෑනු කෙනා සාත්තර කියලා අපිව එතනට එවලා මොනව බලාපොරොත්තු වෙනවා ඇද්ද.. මොකක්ද එයා හොයන සැනසීම... අලුතම අත්දැකීමක් මේක.. තව කොටසකින් හමුවෙමු.. මොකක්ද මේ ප්‍රෙහෙලිකාව කියලා.. රැදෙන්න දිගටම කතා පියස එක්කම...*
Dilru Don't Copy

No comments:
Post a Comment