නව කථාවක්
මන්දිරයක සතුට සොයන
සමනලී
*විසිඑක්වන දිගහැරැම*
සන්දීප්ගේ වචන පැටලෙද්දි මගෙ ඇස්වලින් කඳුළු බිඳු පහලට වැටුනේ මටත් නොදැනිමයි... මේ තරම් නරක සිදුවීමක් කවද්ද වුනේ..
"මම.. කවදාවත් මම ඔහොම කරනවද ආ..? අතින්වත් අල්ලන්න දෙනවද ලේසියෙන්.. ඔච්චර දෙය..ක්.. ඇයි දෙයියනේ.. මම කවදාවත් ඔහොම කරන්නෑ කියලා හිතන්න බැරි වුණාද.."
උහුලගන්න බැරි තැන මගේ වචනවල වේගය වැඩිවෙද්දී ගිලිහුණු මුද්ද ගැන හෝ සිහියක් නෑ..මට..
"ස...දි..සි මැණි..ක.. මම.. වරදක්.. කරන්න... හිතුවෙ නෑ රත්තරනේ.."
සන්දීප් මගෙ අත් දෙකන් අල්ලගත්ත ත් මගෙ අත ඉවතට ගන්න තරම් වේදනාව දරැණු වුණා.. දෙවියනේ මේ තරම් දුක් උහුලන්න මම කල පව මොකක්ද..
"මම කොච්චර ලැජ්ජ කෙල්ලෙක්ද.. ඔයා ආදරෙන් බැලුවත් මම බිම බලාගන්නවා.. එහෙම එකේ මම ඔයාව මහ රෑ ගරාජ් කාමරේට ගෙන්න ගෙන ඔය විදිහට හැසිරෙනවද..කතා කරන්න සන්දීප්..කියන්න මට.."
මගේ ප්‍රශ්න ඉස්සරහ සන්දීප් ගොලුවෙද්දී තවත් මොනව කතා කරන්නද මම.. නංගිගෙ වරදින් හරි නංගි ගෙ උවමනාවෙන් හරි මේ දේවල් වෙලා ඉවරයි.. දෙවියනේ සන්දීප්ගෙ ලෙයින් දරැවෙක් නංගිට....???
"හැමෝම දැනගන්න.. සන්දීප් නිසා මම ප්‍රෙග්නන්ට්.. අපි දෙන්න මැරි කරන්න ඕනි..මානවඩු පරම්පරාවටත්, මදනායක පරම්පරාවටත්.. එන්න ඉන්න උරැමක්කාරයා.. අපි දෙන්න එක්කෙනෙක්..ලගදිම වෙඩින් එක ඇරේන්ජ් වෙයි.."
සවින්දි මහ හයියෙන් කෑගහලා කිව්වෙ මෙච්චර දෙයක් කරලත් ගානක් නෑ වගේ.. මේ තරම් ලැජ්ජාවක් නැති කෙල්ලෙක්.. සන්දීප්ගෙ අතින් සවින්දි අල්ලගද්දි මේ හෝල් එක ඇතුලෙ තවත් මම සිටීම සුදුසුද.. මේ වුණු අපහසය කොහොම නම් මකාගන්නද.. ඉකි බිඳුනේ ඉබේටමයි මට..
හීන එකිනෙක බොඳ වෙමින්..
ඇස් පනාපිට කඩා හැලෙද්දිත්..
කෙසේ ඉවසන්නද.. දුක මහමෙරක්..
කුමට මැව්වද එකම මලකට සමනලියො දෙන්නෙක්..
අයිතියක් නැත වෙන්න නුඹගේ මාළිගේ රැජිනක්..
ඔබත් මැව්වා මමත් මැව්වා එතෙර වන්නට හීනයක්..
නික්ම යන්නම් ඇයත් නුඹටම බැඳුනු හින්දම ආලයෙන්..
පහුවුනා මම අවදිවෙන්නම් දැකපු සුන්දර සිහිනයෙන්..
තවත් එකම නිමේශයක් හෝ නොඉද මම මගෙ අගැල්ලට දැමූ මුද්දත් ගලවා බිම දමා රතු පලස මතින්ම දිව්වේ මහ සෙනගක් මැද, ලැබුණු අපහස, දුක තවත් දරාගන්න බැරි නොවුන තැනයි.. ලස්සන කුමාරිකාවක් වෙලා සන්දීප්ගෙ වෙන්න මැවූ හීනයම ගින්දරක් වී මාව පුච්චද්දි කොහොම තවත් බලන් ඉන්නද ඒ රැව දිහා මම.. ගවුම දෙපැත්තෙන් තරමක් උස්සගෙන දිව්වත් හීල්ස් දෙක පෙරලී මම වැටුණේ සියල්ලෝම ඉස්සරහ.. අන්තිමේදී හීල්ස් දෙකත් එතනම ගලවා දමා මම දිව්වේ මහ පාරේ යටිපතුල් අව්වෙන් සහ ගල්වලින් දැවෙද්දී.. වෙඩින් හෝල් එකත්, හිටපු කිසිවෙක්වත් දෑස්වලට නොපෙනන මානෙකට දිව්වේ මේ වේදනාව හිතේ හැටියට පිටකරගන්න වුවමනා වූ නිසයි..
ගල් ඇනුනනද, යටිපතුල් පිලිස්සුනද මට ඒ කිසිවක් දැනුනෙ නෑ.. මන්ද මට ඒ කිසිම දෙයක් සිහි වුණේ නැති නිසා... හිතේ දුකටම දුවලා දුවලා මම නැවතුනේ මහ විශාල රෑස්ස ගහක් පාමුල.. එහෙමම බිම වාඩි වුණේ සිදුවීම් මාලාව මගේ ඇස් පනාපිට මැවෙද්දි මහ හයියෙන් ඉකි ගැහෙද්දී.. අනේ ඊයෙ දවස කොච්චර ලස්සනද.. සන්දීප් මං වෙනුවෙන් හොඳම ශොප් එකකින් ඇඳුම් ගතපු හැටි, මම නොදන්නවා වුනත් ගවුමට ජුවලරි අරගත් හැටි.. මටත් නොකියා සැලොන් බුක් කරලා මාව සුරංගනාවියක් වගේ සරසවපු හැටි.., මගේ සතුට වෙනුවෙන් එයාගෙ රෑ නින්දත් කැප කරලා මාව එයාගෙ නමට ගන්න වැඩ කරපු හැටි.., ලස්සන පරිසරයක වෙඩින් හෝල් එක බුක් කරලා ලස්සනට ඇරේන්ජ් කරලා තිබ්බ හැටි,, මාව සතුටු කරන්න එයා මගේ ඉස්සරහට රතු කාපට් එකක් එලද්දිත්, එයාගෙ රැජිණ කියලා මගේ ඔළුවේ චූටි කිරැළක් පළන්දද්දි ඒ දැනුනු හැගීම, සතුට, එයා වෙනුවෙන් ඇතිවුන ආදරය, ගෞරවය... වචනවලට හරවගන්න බැරි තරම්... එයා මං වෙනුවෙන් මෙච්චර දේවල් කරද්දි මට එයා ගැන තියෙන ආදරේ වැඩි වෙන එක අරැමයක් නෙවෙයි.. මගේ ඔළුවේ සන්දීප් පළඳපු කිරැළ ගලවා අතට ගෙන ඒ දිහාම බලාගෙන ඇඬුවේ දරාගන්න බැරි තැනමයි....
"සදිසි... "
මම ගහේ කඳට හේත්තු වී අඬද්දි මගේ ලගින් වාඩි වී කතා කල ඒ හඬ මට හුරැ වුනත් මට ඇස් අරින්න වුවමනාවක් දැනුනෙ නෑ..
"මම බොරැවක් කියන්නෙ නෑ.. ඇත්ත එදා මටත් පාලනයක් නැති වුණා... මේ බලන්න සදිසි මැසේජ් එක.. මට ඔයාගෙ නම්බ එකෙන් එදා එන්න කියලා ආවෙ.. මටත් හිතුණා ඔයාට මොනා හරි මට කියන්න ඇති කියලා.. මම සතුටු වුණා මැණික. ඔයාව දකින්න ලැබෙන නිසා.. මං ආදරේ කරන කෙල්ල මට එයාව මීට් වෙන්න එන්න කිව්වම මට වෙලාවක් වැඩක් තියෙනවද මැණික..?
මට පුදුම හිතුණා.. ගැරිජ් කාමරේ ලයිට් ඕෆ් කරලා මගේ ඇඟේ එල්ලෙද්දි ඔයා මෙහෙම කරයිද කියලා.. ඒත් රත්තරනේ මාත් අනිත් අය වගේ මනුස්සෙක්නෙ.. හැගීම් දැනීම් තියෙන.. මම හිතන් හිටියෙ එදයින් පස්සෙ ඔයා මගෙම වුණා කියලා.. මගෙ ආදරේනෙ වස්තුව ඔයා.. ඔයා එක්ක බෙදාගන්න බැරි දෙයක් නෑ මට.. මමත් එවලෙ දැණුනු හැගුමට නතු වුණා මැණික.. සත්තයි. ඒ වින්ද හැම තත්පරේකම මගේ ඉස්සරහ මැවුනෙ ඔයාව විතරයි.. මට සමාවෙන්න.. විඳවන ඔයාගෙ ජීවිතේට සතුටක් වෙන්න මිසක් හීනෙකින්වත් දුකක් දෙන්න හිතුවෙ නෑ මම.. මේ පෝන් එක නිසයි එදා ආවෙ මම.. මේකට මං.."
ඇස්වල කඳුළු පුරවගත් සන්දීප් තරහින් වගේ පෝන් එක ලගම තියෙන ගලකට තදින් ගහද්දි මගෙ ඇස් ඇරැනේ ඉබේමයි.. පෝන් එක අපේ ඉස්සරහම කෑලි කෑලි කැඩෙද්දි මම හිතුවෙ මේ කොල්ලා අතේ වරදක් නැති බව.. සිදු වුණ දේට මටත් වඩා එයා තැවෙන බව..
"මම දන්නවා.. කෙල්ලෙක් තනියම කතා කලාම.. කෙල්ලෙක් තමයි වැඩිපුරම ඉවසන්න ඕනි.. ඔයා වැරදි නෑ.. මේ නංගි හැදුන විදිහෙ වරද.. ඒත් ඔයා මම වගේ කෙල්ලෙක් කැමැත්තවත් නොදී ඔහොම හැසිරෙයිද කියලා හිතන්න තිබ්බා.. ඒකයි ඔයාගෙ වරද.. ලොකුම වරද නංගිගෙ.. එයාගේ නරක හැගීම්වලට මම විදිහට ඔයාව ගෙන්න ගෙන හැමදේම ලබාගත්තා.. දැන් නොදැනුවත්ව හරි හැමදේම වෙනස් වුණා.. හදාගන්න බැරි තරමටම.."
ලොකු හුස්මක් අරන් මම කතා කලේ හිත හදාගන්න දෙන්නටම පුළුවන් වෙන්නයි...
"මාව අතෑරලා දානවද සදිසි ඔයා.. සවින්දිට මම පොඩ්ඩක්වත් කැමති නෑ.. කොහොමද ඔයාට පැලෙන්න ආදරේ කරන ගමන් වෙන කෙනෙක්ව මැරි කරන්නෙ.. මට බෑ ඒක කරන්න.."
සන්දීප් මාව හැර වෙන කෙනෙක් මැරි කරන්න කිසි සූදානමක් නෑ වගෙයි කතා කලේ.. ඒ ආදරේ මං වෙනුවෙන්මයි..
"එතකොට සවින්දිට ලැබෙන්න ඉන්න දරැවා.. අනාථ, අවජාතක ලමෙක් වෙච්ච මට කියන්නෙ මං වගේ තව ලමෙක්ව අවජාතක කරන්න කියලද.. දැන හරි නොදැන හරි ඔයා නිසා එයා ප්‍රෙග්නන්ට් වෙලා.. මට දැන් අයිතියක් නෑ ඔය තුන්දෙනා අතරට එන්න.. මට වුණ දේ මේ ලෝකෙට එන්න ඉන්න තව දරැවෙක්ට කරන්න බෑ.. අමතක කරන්න අපි හම්බුණා කියලා.. අමතක කරන්න මේ වෙච්ච හැමදේම.. මට නොලැබීම් හොඳයි.. සතුටක් මට මං වගේ අවාසනාවන්ත කෙල්ලෙක්ට සතුට දෙන්න ඔයා උත්සහ කලාට.. ආදරෙයි මාත් ඔයාට.. ඒක මේ හිතේම මැරිලා යද්දෙන්.. නංගියි දරැවයි හදාගෙන සතුටින් ඉන්න.. අමතක කරන්න මාව.."
මම දිගටම කිව්වේ තවත් මේ සම්බන්ධය ගෙන යාමේ පලක් නැති නිසා.. සන්දීප්ගේ ඇස්වලින් කඳුළු වැටෙද්දී මට තේරැණා.. ඒ පිරිමි පපුවත් උණු වී ගලාගෙන යන බව...
"මට ඔයාව අමතක කරන්න මැරෙන්න වෙයි සදිසි... මට ඔය ප්‍රෙග්නන්ට් කතාවත් විශ්වාස නෑ.. එයාට ඕනම පහත් දෙයක් කරන්න, කියන්න පුළුවන් එයාගෙ අරමුණු වෙනුවෙන්.. මේ දේවල් අතාරින්නෙ නෑ මම.. සවින්දි කරන්නෙ බොරැවක් නම් එයාට විදවන්න වෙයි.. ඔයාව මගෙන් වෙන් කලාට.. ලේසියෙන් මම මේ සටන අතාරින්නෙ නෑ.. මාව ඔයාගෙන් වෙන් කරන්න ජරා පිරිමි අතින් ඔයාව විනාශ කරන්න ප්ලෑන් ගහපු එයාලට තව මොනාද කරන්න බැරි පහත් වැඩක් තියෙන්නෙ.. වැරැද්දක් වුණා..ඒත් මේ දේවල් මම ලේසියෙන් අතාරින්නෙ නෑ සදිසි.."
සන්දීප් තවමත් හොයන්නේ මගේ වෙන්න මගක්.. ඒත් දැන් කිසි දෙයක් නිවැරදි කරන්න බෑ... මම අමාරැවෙන් හරි හිත හදාගන්න තීරණය කලා... ගහ ගාවින් නැගිට්ටත් මට ගෙදර යන්න හිතුණෙ නෑ.. ඒ වුණත් මට ඒ අපායට ඇරෙන්න යන්න වෙන තැනක් නෑ.. ඔළුව හැරැණ අතේ යන්න හිතුවත් සන්දීප් ඉද්දි ඒකනම් කරන්න වෙන්නෙ නෑ.. මොකද තාමත් එයා මාව රකින්න කැපවෙලා ඉන්න නිසා..
"සදිසි යනවද.. I love you.. තාමත් මම ආදරෙයි.. ඒක වෙන කෙනෙක්ට ගන්න බෑ.. මේ හිතේ ඔයාට ඇරෙන්න වෙන කෙනෙක්ට ඉඩක් නෑ.. මේ වෙච්ච දේත් විසදනවා මම ප්‍රොමිස්.."
මම කතාවක් හෝ නැතිව එන්න හදද්දී එයා ටිකක් උස් හඬින් කිව්වේ තාමත් ඒ හිතේ මේ වුණ දේ ඇත්ත නැත්ත ගැන විශ්වාසයක් නැති නිසාමයි.. එයා මං වෙනුවෙන්, අපි වෙනුවෙන් හැම බරක්ම කරටගත් බව නම් තේරැණා මට.. ඒත් ඒ දේවල් ප්‍රයෝජනවත් වෙයිද දැන්.... මම හිතුවා පමණයි..
...............................................................................
කතාවෙ තවත් කොටසක් ඒ විදිහට ඉවර වෙද්දි සදිසි තමන්ගෙ හිත හදාගන්න තීරණය කලත් සන්දීප් තාමත් එයාගෙ ආදරේ වෙනුවෙන් කරන සටන අතෑරලා නෑ.. කවුරැත් ඉල්ලුවා ලස්සන අවසානයක්.. ඒත් කතාව තව කොටසක් දෙකක් වැඩිවෙයි.. අපි බලමු මේ දේවල් සන්දීප් කොහොම විසඳයිද කියලා.. එදා ගැරිජ් කාමරේ සිදුවුණ දේ හරිගස්සන්න බෑ.. ඒත් මොකක්ම හරි මාර්ගයක් විවර වෙයි එයාලා වෙනුවෙන්.. වෙඩින් හෝල් එකේ වුණ හැමදේම වීඩියෝ කෝල් එකෙන් එඩ්වඩ් මදනායක දැක්කා කියලා කාටත් අමතක වුණා.. මේක මදනායකට කොහොම දැනෙයිද.. සන්දීප් සහ සදිසි පාරවල් දෙකකට හැරෙයිද.. ඊළඟ කොටස ඉක්මනටම ගේන්නම්.. දිගටම රැදෙන්න කතා පියස එක්කම..**
Dilru Don'T Copy
No comments:
Post a Comment