නව කථාවක්
මන්දිරයක සතුට සොයන
සමනලී
*දහඅටවන දිගහැරැම*
"අපෝ සදිසි තමුසෙ පුදුම ජරා කෙල්ලෙක්නෙ.. අපේ නම්බුව කෑවා.. තමුන්ව එතනට යැව්වේ අඩුපාඩු හොයන්න මිසක් උන් එක්ක වනචරකම් කරන්න නෙවෙයි.. පේනවද මිසිස් මානවඩු මේ කෙල්ලගෙ තියන නොහැදියාවක තරම"
අම්මා සන්දීප්ගෙ අම්මා ඉස්සරහ මට අපහස කලේ ජරා විදිහට.. සිදු වුන දේ විසතර කරන්නවත් කෝ මට සිහියක්.. මම හිටියේ පරාජිත හැගීමෙන්.. ඊටත් වඩා පිළිකුලෙන්..
"ආන්ටි.. ඔයා මොකටද ගෑනියෙක් වෙලා සදිසි වගේ කෙල්ලෙක්ව සදිසි අදුරන්නෙත් නැති වනචර බේබද්දෝ ටිකක් ගාවට යැව්වෙ.. අඩුපාඩු බලන්න නම් ඔයාට මට හරි කියන්න තිබ්බනෙ.. ඇයි සදිසිව යැව්වෙ.. දැන් ඒ ළමයට බනින්නෙපා.. තේරෙන්නැද්ද ඒ ළමයා හොඳටම බයවෙලා ඉන්නෙ.."
කඳුළු පිරැණු ඇස් වලින් මම සන්දීප් දිහා බැලුවේ පුදුම ගෞරවයකින්.. මෙච්චර දේවල් වෙලත් අම්මත් මාව නරක කෙනෙක් ගානට දාද්දි එයා විතරක් මගේ පැත්ත අරන් කතා කරනවා.. මේ ආදරය මහ පුදුමයි.. පුදුම ආදරයක්...
"මොන බයක්ද.. ඔය ඉන්නෙ යසට.. අපේ ගෙස්ට්ලා ඔහොම හැසිරෙන්නෙ නෑ.. මෙයා එතනට ගිහින් උන් ඉස්සරහ ඒ විදිහට හැසිරෙන්න ඇති.."
"ඉනාෆ් ආන්ටි.. මම දන්නවා සදිසි බේරැනේ අනූනවයෙන්.. මම නාවනම් අද ගොඩක් නරක දෙයක් වෙන්නෙ.. ඒකත් සදිසි මොලේ කල්පනා කරලා උන් මෙයාව අරන් එද්දි අතේ කරේ තිබ්බ ඒවා හරි බිමට දාලා තිබ්බා.. නැත්තම් මට වෙලාවට එන්නත් බැරි වෙනවා..අනික උන් කොහොමද දන්නෙ බංග්ලෝ එක පිටිපස්සෙන් ස්ටෝ රෑම් එකට වෙන පඩිපෙලක් තියෙනවා කියලා.. මට හිතෙන්නෙ මේක උවමනාවෙන් කරවපු වැඩක් කියලා.."
"පුතා මොනවද මේ කියවන්නෙ.. ඔයා තාමත් මේ කෙල්ලගෙ පැත්තද ගන්නෙ... ඔයාට මෙයා ගැන අදහසක් හිතේ තියනවනම් දැන්ම ඒක හිතින් අයින් කරගන්න.. මොකද මේ වගේ නැහැදිච්ච කෙල්ලෙක් මගේ පවුලට සම්බන්ධ කරගන්න මම කැමති නෑ.."
සන්දීප්ගේ වචනවලට අම්මගෙ කට වැහෙද්දි සන්දීප්ගේ අම්මා මට චෝදනා කලෙත් නරක කෙනෙක් කියලයි.. මෙහෙම අපහස විඳිනවට වඩා මැරැණනම් හොඳයි දෙවියනේ.. මට කතා කරන්න ලග හිටපු සන්දීප්වත් මගෙන් වෙන් කරයි කියලම හිතුනෙ එවලෙ.. කොහොමත් මන් දැන් අපිරිසිඳු කෙල්ලෙක්.. උන් මට මොකුත් නොකලට..උන් මගෙ ඇඳුම් අයින් කරද්දි මට නිහඬ වෙන්න වුණානෙ..
"මමී සදිසි වැරදි නෑ.. උන් අතින් සදිසිට මොකුත් වුනෙත් නෑ.. සදිසිව ගැටගහලා තිබ්බෙ.. මමයි බේරගත්තෙ.. එයා මගේ මිසක වෙන කෙනෙක්ගෙ නෙවෙයි.. අනික එඩ්වඩ් අංකල්ට වුනු පොරොන්දුව කඩ කරන්න බෑ මට.. අනික අංකල් කියන්නත් කලිනුයි මට සදිසි ගැන ආදරයක් ඇති වුනේ.."
සන්දීප් එකවරම මාව දොා්තට වඩා ගනිද්දී දැණුනේ පුදුම ආදරයක්.. සිවින්දිගෙ මූණ කේන්තියට රතුවෙනවා දැක්කත් මට ඕනකමක් තිබ්බෙ නෑ කෙලින්ම මූණ දිහා බලන්න.. සන්දීප් මාව පරිස්සමෙන් ගෙනල්ලා මං ඇඳුම් මාරැ කරනකම් එලියෙ ඉඳලා.. මැණිකෙ නැන්දට මගේ ගාව නිදාගන්න කියලමයි ගියේ.. පව් හොඳටම බයවෙලා.. මැණිකෙ නැන්දට මාව බාරදුන්නේ පරිස්සමට බලාගන්න කියලා.. එයා මාව පරිස්සම් කරන්නෙ මැණිකක් වගේ..සත්තයි මට දැණුනු රැකවරණය නම් කියාගන්න බෑ.. ඒත් මේ සිදුවීම මට එක පෙලට මතක් වෙද්දී ඇස් පියාගෙන ඉන්න බැරි තරම්.. මැණිකෙ නැන්දා එළවෙනතුරැ මගෙ හිත හැදුවා.., සැනසුවා.. අමනුෂ්‍යයෝ අරක් ගත් තැනක මිහිපිට දෙවිවරැ ඉන්නවා මම දෑසින්ම දැක්කා...
..............................................................................
"ඕ ශිට්.. අපේ ටයිම් එකනම් නරකයි මමී.. ඒ වැඩෙත් අවුල් වුනා.. සන්දීප් මාව මගෑරලා පැනගත්තනෙ.."
සවින්දි කාමරයේ ඒ මේ අත ඇවිද්දේ කේන්තියට දත්මිටි කමින් තදින් දෙපතුල් බිම හප්පමින්..
"ඔයාගෙ වැරැද්දනෙ බබා.. මම කිව්වනෙ එයාලගෙන් මැසේජ් එක එනකම් සන්දීප්ව ලගම තියාගන්න කියලා.. සන්දීප් තව පොඩ්ඩක් ලේට් වුණානම් හරි.. ඒකත් මේ කෙල්ල අතේ කරේ තිබ්බ සේරම් ගලව ගලව දදානෙ ගිහින් තියෙන්නෙ.. නැත්තම් සන්දීප්ට කොහොමත් හොයාගන්න බෑ ස්ටෝ රෑම් එක.."
සවින්දිත් මදනායකත්, නිලන්ති මදනායකත් හිටියේ පුදුම පසුතැවීමකින්..
"සදිසි මේපාර බේරැණා.. සන්දීප් මගේ විතරයි මමී.. මට තව එක ක්‍රමයක් තියෙනවා.. මම සදිසිට පෙන්නන්නම් එයා දකින්නෙ හීනයක් කියලා.. සන්දීප් එයාට ආදරේ කරයි.. ඒත් එයාට මාව මැරි කරන්නම වෙනවා.."
සවින්දි කතා කලේ තර්ජනාත්මකව.. දැඩි විශ්වාසෙකින් යුතුවයි..
"දැන් කලබල නොවී ඉන්න.. මේක අපි කලා කියලා දැනගන්න තියන්න බෑ.. දැන් පොඩ්ඩක් ඉවසලා ඉන්න.. ඩැඩී දැනගත්තොත් අපි දෙන්නම පන්නයි.."
"මම දන්නෙ නෑ.. සදිසිට සන්දීප්ව අයිති වෙන්න දෙන්නෙ නෑ මං.. මමී ඩැඩීගෙන් මේ හැමදේම ලියවගන්න බලන්න.. මොකක් හරි කරලා.. ඊටපස්සෙ සදිසිව මම පන්නන්නෙ මගෙ ලඟ දණගහලා වඳිද්දි..මට ඒ දවස උදාවෙනකම් ඉවසිල්ලක් නෑ.. අන්තිමට සන්දීප් මගේ වෙයි.. මානවඩු ආන්ටි කොහොමත් සදසිට කැමති නෑනෙ.."
"ඔව් මම එයාට කිව්වා මේ දේපළ කිසිදෙයක් සදසිට ලැබෙන්නෙ නෑ කියලා.. මේ හැමදේම ඔයාගෙ කියලා..ඒ නිසා එයා සදසිට කැමති වෙන්නෙ නෑ.. බබා මහන්සි ඇතිනෙ දැන් නිදාගන්න..."
නිලන්ති මදනායකගෙත් සවින්දි මදනායකගෙත් පහත් අරමුණු තාමත් අවසන් වී නැත...
උදේ වෙලත් මම කාමරයටම වෙලා හිටියෙ ඊයේ සිදුවුන සිදුවීම නිසයි.. සමාජය මං ගැන මොනවා කියනවා ඇත්ද.. ඒ ජරා මිනිස්සුන්ගෙන් මට ආපහු කරදරයක් වෙයිද කියලත් බයයි...
පෝන් එකත් බිම වැටිලා කැඩිලා තිබ්බ නිසා සන්දීප්ටවත් කතා කරන්න විදිහක් නැතුව මම හිටියෙ ගොඩක් පාලුවෙන්.. එයා එක්ක ටිකක් කතා කලානම් හිත සැහැල්ලු කරගන්න තිබුණා.. ඒත් එයාගෙ මූණ බලන්නත් දැන් ලැජ්ජයි.. මං ගැන වැරදි දෙයක්වත් හිතයිද.. මට සේරටම වඩා බය ඇතිවුනේ මට එයාව නැතිවෙයි කියලයි..
"සදිසි බේබි අන්න සන්දීප් මහත්තයා ඇවිත්.. ඔයා කෝ අහනවා.."
මැණිකෙ නැන්දා සන්දීප් ආවා කියද්දි මට පුදුම හිතුනේ මොකක් හරි ප්‍රශ්නයක්ද කියලයි.. ඊයෙ වෙච්ච සිද්ධියට එයාගෙ ගෙදර අය මොකුත් කියලද දන්නෙ නෑ.. හිතට එක එක ප්‍රශ්න එද්දි මට එළියට යන්න ලැජ්ජාවකුත් තිබ්බා.. ඒත් මට එයාට තෑන්ක් කරන්නත් බැරිවුණා.. ඊයෙ මට එච්චර උදව් කරලත්..
"මැණිකෙ නැන්දා.. කෝ අම්මයි නංගි.."
"දෙන්නම තව නිදි.. ගිහින් කතා කරන්න අර ළමයා බලන් ඉන්නවනෙ.."
අම්මයි නංගි නිදි නිසාම මම ඉක්මනටම ගියේ සන්දීප් ආව කාරණාව දැනගන්නයි..
"ඔයා.. මේ වෙලාවෙ ඇයි..?"
මම ඇහුවේ තරමක් කුතුහලයෙන්..
"ඔයාට අවුලක් නෑ නේද.. මට ඊයෙ නින්ද ගියෙත් නෑ.. පෝන් එකත් අරැන් කඩලා දාලා තිබ්බනෙ.. ඔයා අවුලෙන් ඉන්නවා කියලා දන්නවා මම.. ඉක්මනට ලෑස්තිවෙලා එන්න.. මාත් එක්ක ගමනක් යන්න.."
"ගමනක්..? ඒ කොහෙද.."
"යනකොට කියන්නම්.. ඉක්මනට එන්න.."
පුදුමයක්.. මෙයා කතා කරන්නෙ හරිම සැහැල්ලුවෙන්.. මම හිතුවෙ මාව එපාවෙලා ඇති කියලා.. තෑන්ක් කරන්න හිතන් ගියේ ඒත් ගමනක් යනවලු.. මේ මොනවද වෙන්නෙ.. ප්‍රශ්න කෝටියක් හිත විමසද්දි මම දිග ගවුමක් ඇඳගත්තේ කොහේ ගියත් මගේ සාම්ප්‍රදායිකත්වය වෙනස් නොකර..
කාර් එකේ වැඩිදුරක් ගියෙත් ලොකු නිහඬතාවයක.. සැබවින්ම මේ නිහඬ බවත් මට දැන් ප්‍රශ්නයක්..
"ඊයෙ.. ඔයා නොහිටියනම් මම නෑ.. ඇත්තමයි.. මගේ ජීවිතේ නැති කරගන්නවා මම.."
නිහඬ බව බින්දේ මමමයි..
"මැරෙන්න.. මම ඉද්දි.. පිස්සුද.. මම කිව්වනෙ ඔයාට මොකුත්ම වෙන්න දෙන්නෙ නෑ.. මම අංකල්ට කිව්ව ඊයෙ සිද්ධිය.. එයා සෑහෙන්න දුක් වුණා.."
"තා..ත්..තා.. මොකද කිව්වෙ.. අනේ පව් මගෙ තාත්තා දුක් වෙන්න ඇති.."
"ඔව්.. උන් පස්දෙනා හොයන්න ටික දෙනෙක්ට කියන්නම් කිව්වා.. අංකල් ඕකුන්ව පණ පිටින් තියන එකක් නෑ.. කිව්වා එකා ගානෙ මරවණවා කියලා.. මම ඒත් කිව්වා.. ඔයාට මොකුත් කරදරයක් නෑ.. මම බලාගන්නම් කියලා.. මට අවුල අංකල් ටිකක් අමාරැවෙන් වගේ කතා කලේ.."
"පව් මගෙ තාත්තා අහිංසකයි.. එයාට මම නිසා අපරාධකාරෙක් වෙන්ක දෙන්න බෑ.. අමාරැවෙන් කිව්වෙ.. දුකෙන්ද.. අසනීපෙන් ද.."
තාත්ත අමාරැවෙන් කතා කලා කිව්වම මගේ පපුව පිච්චුනා පුදුම විදිහට..
"ඔව් ටිකක් අසනීපෙන් වගේ.. මම ඇහුවා ප්‍රශ්නයක් නෑ කිව්වා.. "
"අනේ එහෙනම් කමක් නෑ.. පව් මගෙ තාත්තා.. ඒක නෙවෙයි තෑන්ක්ස් ඊයෙ මාව බේරගත්තට.. චන්ඩියා වගේ ෆයිට් කරලා අතත් තුවාල වෙලා නේද.."
සන්දීප් මාව බේරගත්තත් මට එයා ගැන බලන්න බැරිවුණා.. පව් කොල්ලගෙ අත තුවාල වෙලා..
"ඕක මොකක්ද.. ඔයාව බලාගන්න මම මටම පොරොන්දුවෙලා ඉවරයි.. එඩ්වඩ් අංකල්ටත්.. අද මේ යන්නෙත් ඒ පොරොන්දුව නිසාමයි..ඊයෙ සිද්ධියට සවින්දිගෙයි, ආන්ටිගෙයි සම්බන්ධයක් තියෙනවා කියලමයි හිතෙන්නෙ.. මොකද උන් දැනගන්න විදිහක් නෑ හරියටම store room එකට යන පාර.. ඔයාට ඒ ගෙදර ආරක්ෂාවක් නෑ කියලා හිතෙනවා මට.. අංකලුත් කිව්වෙ ඒකමයි මට.."
"අනේ මන්දා මට මැරෙන්නමයි හිතුනෙ..එයාලා ඒ වගේ පහත් වැඩක් කරයිද.. මමත් කෙල්ලෙක්නෙ.. සවින්දි වගේම...ඒත් කොහෙද ඇත්තටම අපි මේ යන්නෙ.."
"තව පොඩ්ඩකින් දැනගනී.. හෙට අපිට විශේෂ වෙයි සදිසි.."
"මොකක්..? විශේෂයි..???"
සන්දීප්ගේ මේ කතා මට ගෙනාවේ ප්‍රෙහෙලිකාවක්.. තාමත් විසදගන්න අග, මුල මැද හෝ නැත.. කාර් එක ඇවිත් නතර කලේ සුවිසල් රෙදිපිලි මන්දිරයක් ලඟයි......
................................................................................
*කතාවේ දහඅට වන කොටස මෙලෙස අවසන් වෙද්දී සන්දීප් තමන්ටත්, එඩ්වඩ් මදනායකටත් වුනු පොරොන්දුව සදිසිව රැකබලා ගැනීමයි.. ඊයෙ සිදුවීම නිසා සන්දීප් ඉන්නේ ලොකු අවුලක.. සන්දීප් දන්නවා සදිසිට ඒ බංගලාවේ ආරක්ෂාවක් නැති බව.. ඉතින් කොහෙද මේ සදිසිව එක්ක යන්නෙ.. මොකක්ද අරමුණ.. සදිසිට ලැබෙන පුදුමය මොකක් විය හැකිද.. හෙට දවසේ විශේෂත්වය මොකක්ද.. සන්දීප්ගෙයි සදිසිගෙයි මේ තරම් ලස්සන ආදරය ජයගන්න සවින්දිත්, නිලන්ති මදනායකත් ඉඩ දේවිද.. ඊළග කොටස ඉක්මනටම අරන් එන්නම්.. දිගටම ඉන්න කතාපියස එක්කම..*
Dilru Don'T Copy
No comments:
Post a Comment