Pages

Sunday, June 28, 2020


නව කථාවක්

මන්දිරයක සතුට සොයන 
සමනලී
*විසි තුන්වන දිගහැරැම*

සදිසි..  නැගිටිනවා සැලොන් යන්න තියෙනවා.. "

අම්මගෙ කීද්දිල්ලට මම ඇහැරැනේ හොඳටම දාඩියත් දාලයි.. 

"ඇයි.. අම්..මා..??"

"ඇයි තමුන්ට සවින්දි කිව්වෙ නැද්ද.. අද එයාගෙයි සන්දීප් ගෙයි වෙඩින් එක.. හොඳම හොටෙල් එකක ගන්නෙ.. කැත වෙඩින් හෝල් වල නෙවෙයි.. තමුන්ව බ්‍රයිඩ් මේඩ් ට ගන්න ඕනි කියලා කිව්වෙ සවින්දි.. සතුටු වෙනවා.. සවින්දි වගේ පෝසත් කෙල්ලෙක්ගෙ වෙඩින් එකට තමුන් වගේ තුට්ටු දෙකේ කෙල්ලෙක්ට ඉන්වයිට් ලැබිච්ච එකටම.."

සවින්දි වැරදි වැඩ කරලා තියෙද්දිත් අම්මා තාමත් එයාව සුද්ද කරන්නෙ මාව පහත් කරලා කතා කරන ගමන්.. මේ අසාධාරණකම් කරන්න පුළුවන් මේ වගේ අයටම විතරක්ම වෙන්න ඇති..

"මට බෑ අම්මෙ.. මගෙ ඔළුව රිදෙනවා.."

සන්දීප් ව වෙන කෙනෙක්ගෙ වෙනවා දකින දුක දරාගන්න බැරි නිසාම මම තීරණය කලේ ගෙදරින් එක අඩියක් හෝ නොයන්නයි..

"එහෙම කියලා කොහොමද.. ආ.. ඇයි තමුසෙට ඉරිසියයිද.. සවින්දි සන්දීප් ව මැරි කරනවට.. සවින්දිගෙ කැමැත්ත මේක.. ඒ නිසා දැන් මූණ කට සෝදන් එනවා.."

අම්මගෙ වචන එන්න එන්නම දරැණු වෙද්දී කෙසේ හෝ දරාගෙන වේදනා පිරැණු ඒ මොහොතට මූණ දෙන්නම මට සිද්ද වෙනවා.. මන්දයත් මට යන එනමක් නැති නිසා.. මේ බංගලාව ඉස්සරනම් මගේ දිව්‍ය ලෝකය වෙද්දි දැන්නම් අපායෙත් මීට වඩා සතුටක් තියෙනවා ඇති කියලා මට හිතුණු වාර අනන්තයි...
මේ දේවල් දරාගෙන මම ලෑස්ති වුණේ සැලොන් එකට යන්නයි.. මටත් කලින් නංගි සැලොන් එකේ ලෑස්ති වෙන බව තේරැණේ සැලොන් එකට ගිය පසුයි..

"ආ සදිසි.. ආවද තමුන්..?? මේ ඉන්නෙ විනූ.. මම කිව්ව කෙල්ල.. මෙයා ගියා ලොකු අතු අල්ලන්න.. ඉගිලෙන්න ගිහින් තටු කැඩිලා දැන් එකතැන් වෙලා ඉන්නෙ.."

නංගි සැලොන් එකේ හැමෝම ඉදිරියේ කිව්වේ හිනාවෙමින්.. එතන සිටි සියලුදෙනාම හිනා වුණේ මට සමච්චලයට මෙන්.. එක කුසේ නොඉපදුණාට එයත් ගැහැණියක් වෙලා තවත් ගැහැණියක් ලැජ්ජාවට පත් කරන තරම්.. මෙතන මං වෙනුවෙන් කවුරැත්ම නෑ.. මට ඉන්නේ මම පමණමයි.. මේ තරම් අපහස විඳ විඳ ගෙවන මේ ජීවිතේ තේරැම මොකක්ද.. මැරෙන්න හිතුණත් තාමත් මගෙ තාත්තා කවුද කියලා දන්නෙත් නෑ මං... මැරෙන්න කලින් ඒක දැනගන්නම ඕනි... මාව බිහිකරපු අම්මට සතුට ගේන්න ඕන.. මැරෙන්න බෑ මට මේ දේවල් දරාගන්නවා කොහොම හරි..

"මේ විනූ මෙයාට මේකප් එක වැඩිය ඕන නෑ.. මොකද මෙයා හැම තිස්සෙම ඉන්න ඕන මට වඩා පහලින්.. "

උඩරට මනාලියක් ලෙස හැඩ වී සිටි සවින්දි මටත් අනෙක් බ්‍රයිඩ් මේඩ් වෙනුවෙන් චාම් කහ පාට සාරි දෙකක්, ඒකට ජුවලරි සූදානම් කර තිබුණා..  නංගි දිහා දකිද්දි ඇත්තටම මට මැවිලා පෙනුනේ මමත් මේ විදිහට මාල හතක් පළඳලා එයාගෙ ගෙදරට යන්න තිබුණනම් කියලයි.. ඒත් ඒ තරම් මම පින් කරලා නැති නිසාම ඒ අවස්ථාව නංගි බලෙන් හෝ ලබාගත්තට මගේ හිතේ කිසිම ඉරිසියාවක් හෝ තරහක් නෑ.. නංගි ගෙ කීම අනුව මට මේකප් අඩුවෙන් දැම්මත්.. මම දැක්කා මගේම අමුතුම සුන්දරත්වයක්.. ඒත් සන්දීප්ගෙ මූණ බලන්නෙ කොහොමද හිත හදාගෙන මම.... පිච්චෙයි මාව දකිද්දි එයත්, එයා දකිද්දි මමත්.. මගේ වෙන්න බැරි වුණාට එයා තාමත් ආදරේ මට. අනේ මේ වෙඩින් එක ඉස්සරහ ඒ ආදරේ මතුවෙන්න නම් එපා..!! මම ප්‍රාර්ථනා කලේ එපමණයි...

................................................................................

"සන්දීප්.. පුතා ඉක්මන් කරන්න.. මටත් සැලොන් යන්න තියෙනවා.. අද මම තමයි සවින්දිට පස්සෙ ලස්සනටම ඉන්න ඕන.."

සන්දීප්ගෙ අම්මගෙ බල කිරීමට සන්දීප් වෙඩින් එකට ලෑස්ති වුණේ මැරෙන්න යන්න සූදානම් වනවා සේයි....

"අනේ අම්මා මේ.. මට ගමනක් යන්න ඕන.. නුවනා මීට් වෙන්න.."

සන්දීප් තාමත් සවින්දිගෙ කතාවෙ ඇත්ත හොයන යන චේතනාවෙන් පමණක්ම පසුවෙද්දි කිසිසේත්ම අම්මගෙන් මිදීමටනම් හැකි වූයේ නෑ..

"වෙඩින් එක තරම් වැදගත් දේ මොකක්ද.. ආ.. මගෙ කේන්ති අවුස්සනෙපා.. මාව සැලොන් එකෙන් බස්සලා ඔයත් රෙඩි වෙන්න.. යාලුවො දෙන්නවත් රෙඩි කරගන්න.. ලෑස්ති වෙලා මම එනවා ඔයා රෙඩිද බලන්න..,"

සන්දීප්ට පුංචිම හෝ බුරැලක් නැති වෙද්දී කොහොම හොයන්නද සවින්දිගේ වරදක්..

"හෙලා්.. නුවනා.. උඹ කොහෙද ඉන්නෙ.."

ඉවසන්න බැරි තරම් සන්දීප්ගෙ හදවත බයෙන් ගැහෙද්දි ගත්තෙ තම යාලුවා නුවන්ට කෝල් එකක්..

"සන්දීප්.. මම ගියා බං ඊයෙ මොකුත්ම දැනගන්න බැරි වුණා බං.. විස්තර ටික දීලා ආවා.. හොයන්නම් කිව්වා.. බට් නම කිව්ව පලියට උන් විස්තර දෙන්න අදිමදි කරනවා බං.. අද එන්න කිව්වා.. අද ගියාම කියයිද දන්නෙ නෑ හෙට එන්න කියලා.."

නුවන් කතා කලේ බලාපොරොත්තු සුන් වූ තැනක පුංචි හෝ සැනසීමක් ගන්න පිලිතුරක් හොයන්නයි...

"අනේ මචං පොරැවේ චාරිත්‍ර උදේ අටයි ගානකටලු.. අනේ බං ඊට කලින් කරන දෙයක්.. ඒ නැතත් රෙජිස්ට්‍රේෂන් එකට කලින් නම් කරන්නම ඕන..ප්ලීස් මචං.. සදිසිව ඕන බං මට.."

සන්දීප්ගේ වචන බැගෑපත් වෙද්දි සදිසි ගැන තියෙන ආදරය තවත් මතු වෙන බවක් පෙනුනා...

"හරි මචං.. පුළුවන් හැමදේම කරනවා මම.. උඹ රෙජිස්ට්‍රේෂන් එක ටිකක් ලේට් කරන්න බලපං.."

"හරි බං.. මගේ ජීවිතේම අද කාලකණ්ණි වෙයිද නැද්ද කියලා තීරණෙ වෙන්නෙ තව පොඩි වෙලාවකින්... සදිසි නැතුවත් බෑ.. ඒත් අරකි ප්‍රෙග්නන්ට් නම් මොනව කරන්නද බං.. මම හිරවෙලා.. පව් සදිසි මට ලෝබයි බං ඒ කෙල්ලගෙ විදවිල්ල දකින්න.."

සන්දීප්ගෙ හදවත කම්පා වුණේ සදිසි වෙනුවෙන් විතරමයි.. මෙවන් ආදරයක් දකින්න නම් මේ සමාජයේ නැති ගානයි..

ලංකාවේ සුප්‍රසිද්ධ තරැ පහේ හෝටල් අතරින් එකක අද ආදරයක් නොමැති විවාහයක් සිදු වෙන්න නියමිතයි.. පලමුවරට වෙන්න ඇති සුප්‍රසිද්ධ හොටෙල් එකක හදවත්වල ආදරය අල්පක් හෝ නැති දෙදෙනෙක්ගෙ එකතුවක් සිදුවෙන්නෙ.. සන්දීප්, අම්මා සහ තාත්තත් හොටෙල් එකට ගියේ සන්දීප්ගෙ හදවත ප්‍රශ්න කෝටියක නතු කරමින්.. ඒ ඇස්වල සදිසිගෙ රැවම මැවි මැවී පෙනෙද්දී සවින්දිගෙ අතිනත ගන්නේ මොන හිතකින්ද.. සවින්දිට ලැබෙන්න ඉන්න දරැවා සදිසිටගෙත්, සන්දීප්ගෙත් ආදර කතාවේ අවසානයද.. සන්දීප්ගෙ ඇස්වල පිරැණු කඳුළු පිසගත්තේ පිරිමි පෞර්ෂයට කඳුළු නුසුදුසු නිසාම මිස වේදනාව නොදැනෙන නිසා නොවෙයි...

.............................................................................

"යමු දරැවො ඇති හැඩ වුණා.. නැකතට කිට්ටුයි.. ඒ කට්ටිය ඇවිල්ලු ඉන්නෙ හොටෙල් එකට.."

අම්මා කලබලයෙන් වෙලාව සිහිපත් කරද්දි කාර් එකට අපි නැග්ගේ හොටෙල් එකට පිටත් වෙන්නයි.. දැන් නම් හෘද ස්පන්දනය වෙනදටත් වඩා වේගවත් වෙන්නේ මේ යන්නේ මරණ මංචකයට බව මට දැනෙන නිසාවෙන්... අනේ දෙවියනේ.. සන්දීප් වෙන කෙනෙක්ගෙ මනමාලෙක් වෙලා ඉන්නවා දකින්න මේ ඇස් මේ තරම්ම පව්කාරද.. මගෙ ආදරේ නැති වුණාට දුක නෑ.. ඇයි ඇස් පනාපිටම ඒක සිද්ධ වෙන්නෙ.. නංගිගෙ මේ කතාවේ මමයි කාලකණ්ණිම චරිතෙ කරන්නෙ.. මගදිගට මට හිතුණෙ එහෙමයි...
කාර් එක ඇවිත් නතර කලේ එදා තාත්තයි මමයි කෑමට ආව ප්‍රසිද්ධම හොටෙල් එකටයි.. ටුවරිස්ට්ලගෙන් හා ලස්සන පරිසරයක් ඇති හොටෙල් එකේ එදාටත් වඩා මම දැක්කෙ වෙඩින් එකට සූදානම් කරපු අමුතුම සුන්දරත්වයක්.. මෙවැනි තැනක වෙඩින් එකක් ගන්න ආත්ම ගාණක් පින් කරන්න ඕන.. තාත්තට පින් සිද්ධ වෙන්න කෑම වේලක් හෝ මෙතනින් කන්න ලැබුණේ පෙර පිනක් නිසාමයි.. අපි කාර් එකෙන් බැහැලා ඇතුලට යන්න හදද්දි සවින්දි මගෙ දිහා බැලුවේ සමච්චලේට වගෙයි.. .

"සදිසි මගෙ ඔසරි පොට ටිකක් දිග වැඩී.. බිම නොගෑවෙන්න අල්ලන් එනවා.." 

කිසිම පැකිලීමක් නැතුව නංගි මගේ ලවා ඔසරි පොටත් උස්සගෙන යන තැනටම කතා කලා... මේ මොන වගේ දඬුවමක්ද දෙවියනේ.. නෑ දෙවියො කියලා අය හිටියනම් මේ තරම් අසාධාරණකම් කරයිද මට.. දෙවියොත් විශ්වාස නෑ දැන් මට.. දුවෙකුට වඩා බංගලාවේ මෙහෙකාරියගේ චරිතය කරපු මට මේක වැඩක් නෙවෙයි.. මල් කළඹ එක් අතකට ගෙන අනිත් අතින් මම ඔසරි පොට අල්ලගත්තේ දැනටමත් සවින්දිගෙ වැඩකාරි වෙලා අවසන් බව හැඟෙද්දියි..
අපි ඇතුලට යද්දිත් සන්දීප්ලා ඇවිත් හිටියා.. අනේ එයාගෙ ලස්සන.. මගේ ඇස් එයා ලගම නතර වුණේ අද එයා වෙන කෙනෙක්ගෙ වෙන බවත් අමතක වෙමින්... චාම් කහපාට කමිසයට කෝට් එකදාගෙන ඉද්දි කොච්චරනම් කඩවසම්ද.. ඒත් ඒ ඇස්වල මම දැක්කෙ ලොකු අසරණකමක්.. සන්දීප් මාව මේ විදිහට දැක්ක නිසාද මන්දා පුදුම වෙලා මං දිහා බලාගෙනම හිටියා.. ඒ ඇස් මගේ ලඟ නතර වෙද්දි නිරායාසයෙන්ම මට ඉවත බැලුණේ අද සන්දීප් සවින්දිගෙ වෙන බව හිත දන්න නිසා වෙන්න ඇති... 

"ස.. දි..සි.. ඔ..යා.. මෙහෙ.. ඒකත් මේ.. විදිහට.."

සන්දීප් මගේ ලගට ඇවිත් ප්‍රශ්න කලේ කොහොමටවත් මෙවන් දෙයක් ගැන නොසිතූ නිසා වෙන්න ඇති.. 

"මොනා කරන්නද.. වැඩකාරියො වෙලා ඉපදුණාම මෙහෙම දේවල් වෙනවා.. සවින්දිගෙ බ්‍රයිඩ් මේඩ් වෙන්නත් වුණා.. මෙච්චරයි මට අඩු වුණේ.."

මගේ වචන දුක්බර වෙද්දි සන්දීප්ගෙ මූණ කේන්තියට පෙරලෙනවා මම දැක්කා... ඒත් මම අහක බලාගෙනම හිටියේ ඒ මූණ දකිද්දි මට වාවගන්න බැරි තරම් දුකක් දැනනෙ නිසයි..
දෙදෙනා පොරැවට නග්ගවන මොහොත උදා වුණා.. අද සන්දීප් ලග සිටිය යුත්තේ මම වුනත් මනමාලිගේ සාරි පොට අතේ තියාගෙන පෝරැව පහලින් මේ සියල්ලම බලන් ඉන්න මට සිද්ධ වෙලා...සන්දීප්ගෙ ඇස් මගේ ලගමයි.. 
අශ්ඨක මැද දෙදෙනාගෙ සුළුගිලි පටලද්දි මගේ ඇස්වලට කඳුළු  ඉනුවේ  ඉරිසියාවට නම් නෙවෙයි..  මගෙ සුළගිල්ල වෙනුවට වෙන කෙනෙකෙ සුළුගිලි පටලවන්න වෙලා සන්දීප්ට.. අනේ සන්දීප්ගෙ ඇස් මගේ දිහාම හැරිලා තිබුණා.. නිතරම ඇතුල්වීමේ දොරටුව දිහාත් අතෙහි බැඳ ඇති ඔරලෝසුව දිහාත් සැරෙන් සැරේ බලද්දි මට හිතුණේ සන්දීප් කවුරැන් හෝ එනකම් බලන් ඉන්නවා කියලයි.. සන්දීප්ගෙ ඇස්වල තියෙන ඒ අසරණකම දුක ඉස්සරහ අද සන්දීප් හා මම නිහඬ වෙලා.. සවින්දි මේ හැම චාරිත්‍රයක්ම අවසානයේ කට කොනකින් හිනා වෙමින් මම දිහා බලද්දි මට හැඟුනේ මේ වෙඩින් එක ආදරයට නොව මගේ වේදනාවෙන් සවින්දි ලබන සතුටක් හැටියට සිදුකරන බවයි.. මම තරහ නෑ නංගි.. මේ ඔයාගෙ සතුට නම්.. මම නිහතමානීව අයින් වෙන්නම් ඔයාල දෙන්නගෙන්.. ලස්සනට ඇඳගෙන මගේ දිහාම සැරින් සැරේ දුකින් බලන සන්දීප් දකිද්දි නම් මගෙ හදවත ඉකිබිඳින්නේ මටත් නොකියාමයි...

අනේ ඔබ අද.. මගේ ඉදිරියෙම...
වෙනකෙකු හා අතිනත ගන්නවා 
මේ ඇස් කොහොම ඉවසන්නද..
හදවත හයියෙන් ඔබවම ඉල්ලද්දි
කොහොම සනසන්නද හදවත..
ඔබ දැන් මට අයිති නෑ කියා..
පිලිගන්නෙ නෑ හදවත..
ඔබ දැන් මගේ නොවේ කියා...
ඇස් පනාපිටම.. ඔබව දන් දෙන්න..
සිදු වුණා මට අසරණකමටම..
අද ඔබ කුමාරෙකි.. මට හිමි නැති මාලිගාවක....
😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔

පෝරැවේ චාරිත්‍ර අවසානයේ දෙන්නම රෙජිස්ට්‍රාර් ඉදිරියට ගියේ යුග දිවිය අරඹන්න නීතියට එකඟවම.. නීතියට බෑ අපේ ආදරේ මකන්න.. දුරස් වෙනවා සන්දීප් අද මම.. ඔයාගෙ සතුට ගැන හිතලම.. නීතියෙන් බැඳෙන ඔයාලා කවදමහරි බැඳෙයි හදවතින්.. සදිසි එදාට සතුටුවේවි හදවතින්ම.. 

"මේ.. මේ.. මට පොඩ්ඩක් වොශ් රෑම් යන්න ඕන.. ගිහින් එන්නම්.."

පුදුමයි.. සන්දීප් මේ හදිස්සියේ රෙජිස්ට්‍රර් වෙන්න තියෙද්දි වොශ් රෑම් එකට ගියා... ඒකත් දොර දිහා බල බලම.. මොකද මේ වෙන්නෙ.. මට හිතාගන්න බෑ..

පෝන් එක ගනින් නුවනෝ.. මගෙ පපුව හිරවෙලා දැන් නම් හාට් ඇටෑක් වගේ.. තව කෙච්චර වෙලා නවත්තන්නද මේ මගුල මම.. පික්ප් ප්ලීස්..

සන්දීප් දහ සැරේටත් වඩා නුවන්ට කෝල් කලද ඔහුගෙන් කිසිම පිලිතුරක් නැති තැන බිඳුණු බලාපොරොත්තුවෙන් නැවත මංගල සබයට ආවේ තවත් පරක්කු කරන්න හේතුවක්වත් නැති තැන..

"දැන් දෙන්න මම කිව්වට පස්සෙ කියන්න.."

රෙජිස්ට්‍රාර් මැඩම් දෙදෙනාගේ කසාදය ලියවිල්ලට හා කොන්දේසිවලට ගොනු කරන්න හදද්දී මම හිතුවේ අපේ ආදරේ තාමත් කොන්දේසි විරහිත බව...

"සන්දීප් මානවඩු වන මම.."

"ස..න්..දී..ප්.. ම්..මා..න ව.. ඩු.. වන.. ම්..ම්.. ම..ම.."

සන්දීප් ඒ වචන නොකියවෙන තරම් ය.. තාමත් එයා බලන්නේ මගෙයි දොරකොඩ දෙසයි..

"මෙහි සිටින..."

"මෙ..හි.. සි...ටි...න.."

අනේ නුවනෝ.. මගේ ඇඟම ගැහෙනවා කෝ උඹ...??? සන්දීප් තාමත් අවසාන බලාපොරොත්තුව අතැතිව සිටී.. තව ඉතිරිව ඇත්තේ මිනිත්තු කිහිපයකි.. සියල්ල වෙනස් වෙන්නට..

"සවින්දි මදනායක වන අයව.."

"ස්..ස්..ස..වි..න්..දි... ම..ද..නා..ය..ක.. ව..න අ..ය.. ව.."


"මාගේ නීත්‍යානුකූල භාර්යාව වශයෙන් පිලිගන්නා බවත්.."
"ම්...මා...ගේ.. නීත්‍යා..නු..කූ...ල භා..ර්..යා..ව ව..ශයෙන්.. පිලි..ගන්නා.. බවත්..."

අනේ.. සන්දීප් තව විනාඩි කීපයකින්.. සදහටම වෙන කෙනෙක්ගෙ.. දෙවියනේ.. මාව..මරලා දාන්න... මගේ හදවත කඩා වැටී අවසානයි...

"නු..ව...නා..."

එකපාරම සන්දීප් සියල්ලම මග නවතා දමා නුවන් දුටු විගසම මහ හයියෙන් කතා කලේ පැමිණ සිටි සියලුදෙනාගෙම ඇස් ඒ වෙත යොමු කරමින්...නුවන් තරමක් බලාපොරොත්තු සුන් වූ අයුරින් එද්දී සන්දීප්ගේ කුතුහලය හා බය තව තවත් වැඩි විය.. 

"නුවනා.. මට කියපන්.. හැම දෙයක්ම හරි නේද.. මම බේරෙනවා නේද.. කියපංකො..ඇති බං දැන් හොඳටම.. කී පාරක් ගත්තද බලපං උඹට.. රිපෝට් හම්බුණාද.. මොකද වුනේ කියපං.." 

සන්දීප් නුවන්ගේ කොරලෙන් හොලවමින් රිපෝට් එකක් ගැන අහද්දි මගෙ හිතටත් ලොකු බයක් ආවේ මේ සිදුවෙන කිසිවක් නොවැටහෙන නිසයි..

"අපි.. පරා..දයි.. මචං... රි.පෝට්.. දෙන්න බෑ කිව්වා.. පෞද්ගලිකත්වයට සුදුසු නෑ කියලා.. එයාලට අවසර නෑ කිව්වා.. වැඳලා වැඳලා එකක් ඉල්ලගත්තා.. වැ..ඩක්.. නෑ මචං.."

නුවන් සන්දීප්ට මුහුණ දෙන්න නොහැකිව වගේ බිම බලාගද්දි සන්දීප්ගේ භීතිය තවත් උත්සන්න වුණා..

"මොකක්ද උඹ කියන්නෙ.. කෝ දීපං ඕක මෙහාට.."

සන්දීප්ට තවත් එක තත්පරයක් හෝ ඉවසන්න බැරි තැන නුවන්ගෙ අතේ තිබුණ රිපෝට් එක උදුරගත්තේ සැක හැර හැමදේම දැනගන්නයි..

"වට්..?? මේක පොසිටිව්.."

සන්දීප් හිටිය තැනින් අඩියක් පස්සට ගියේ ඇස් දෙක ලොකු කරගෙන රිපෝට් එක දිහා බලාගෙනයි..

"සන්දීප් ඔයාට මම කිව්ව දේ සැක හිතුණද.. මම ඇත්ත කිව්වේ මම ප්‍රෙග්නන්ට්.. නව් යූ අා මයින්.. ඔයා තමයි අපේ බබාගෙ ඩැඩී..දැන්වත් මේක ඉක්මනට ඉවර කරමු.. ආය මුල ඉදන් කියවන්න..."

මොකක්ද මේ වෙන්නෙ.. සන්දීප් සවින්දිගෙ රිපෝට් ආය අරගෙනද.. අනේ එයාට තාමත් මාවයි ඕන.. එයා මාව එයාගෙ කරගන්න සටන තාම නතර කරලා නෑ.. ඒත් අපි පරාදයි.. සවින්දි කියලා තියෙන්නෙ බොරැවක් නෙවෙයි.. එයා ඇත්තටම අම්මා කෙනෙක් දැන්.. ඔයාව මට අයිති නෑ සන්දීප් දැන්.. හිත හදාගන්න පුළුවන් වෙයි.. ඇස්වල පිරැණු කඳුළු හෙමින් පිහදගත්තේ දැන් හැමදේම විසදී හමාර නිසාය..

නෑ.. මේක කොහොමද වුණේ.. රිපෝට් පොසිටිව්.. සවින්දි බොරැ කියලා නෑ.. අනේ මට සදිසි ලැබෙන්නෙ නැද්ද.. ඒ කෙල්ල කොහොම දරාගන්නද.. මගේ අවසාන බලාපොරොත්තුවත් බිඳුණා.. අනේ සදිසි මැණික..
සන්දීප් අඬන්න ගත්තේ කරකියාගත කිසිවක් නොමැතිවයි.. රිපෝට් පොසිටිව්..

"කෝ ඕක පැත්තකට දාලා එන්න රෙජිස්ට්‍රේෂන් එක ඉවර කරන්න.."

සවින්දි සන්දීප් අතේ තිබ්බ රිපෝට් එක උදුරගන්නයි හැදුවේ..

"ඔ..හො..ම පොඩ්..ඩක්.. ඉන්න ..මෙකේ අවු..ල..ක්.. මේ.. මේ..ක..????"

...............................................................................


*කතාවෙ විසිතුන්වන කොටස මේ විදිහට අවසන් කරද්දි මේ මොකද වුනේ.. සවින්දි කියලා තියෙන්නෙ බොරැවක් නෙවෙයි.. රිපෝට් බොරැවක් නෙවෙයි.. දැන් මොකක් වෙයිද.. සවින්දි රිපෝට් ඇදලා ගන්න හදද්දි සන්දීප් මොනවා හරි දැක්කද.. මොකක් වෙන්නැතිද.. සන්දීප්ට සදිසිට සදහටම සමුදෙන්න වෙයිද.. රිපෝට් පොසිටිව් නිසා සවින්දි හා සන්දීප් නීතියෙනුත් එයාලගෙ වෙයිද.. කතාව ගැන ඔයාලගෙ අදහස් කමෙන්ට් කරන්න අමතක කරන්නෙපා.. ඊළග කොටස අරන් ඉක්මනටම එන්නම්.. දිගටම ඉන්න කතා පියස එක්කම..*
Dilru Don'T Copy

No comments:

Post a Comment