නව කථාවක්
මන්දිරයක සතුට සොයන
සමනලී
*පස්වන දිගහැරැම*
"ආන්ටී.. ආන්ටී.."
සන්දීප්ගේ හඬට මමත්, අම්මත්, මැණිකෙ නැන්දත් එකවරම සාලෙට පැමිණියේ කවුරැන්ද බලන්නයි..
"සන්දීප් සර්.."
මගේ කටින් පිටවුනේ එපමණයි..
"දෙවියනේ සවින්දි.. බබා.. මොකද මේ.. "
අම්මා සන්දීප්ගෙ දෝතෙහි සිටි සවින්දිව ඉක්මනටම සන්දීප්ගෙ දෑතින් ගත්තේ මගෙත් මැණිකෙ නැන්දගෙත් උදව්වෙන්..
"ඔයා කවුද.. මොකක්ද මගෙ දූට කලේ..ආ.."
අම්මා නංගිව පුටුසැටියෙම නිදිකරවා සන්දීප්ගෙ කමිසයෙන් අල්ලා ගත්තේ කේන්තියෙන්..
"මම සන්දීප් මානවඩු.. මගෙ ඩැඩී එඩ්වඩ් අංකල්ගෙ යාලුවෙක්.. මම සවින්දිට මොකුත් කලේ නෑ.. බර්ත් ඩේ පාර්ටි එකේ දි සවින්දි ටිකක් වැඩිපුර ඩ්‍රින්ක්ස් අරන්.. මාත් එක්ක ඩාන්ස් කලා.. එකපාරම මගෙ ඇඟටම වැටුණා.. ඉතින් මම ගෙදර ගෙනත් ඇරලුවා.. මම දන්නෑ මම මුකුත් කලේ නෑ ආන්ටි.. මම නැත්තම් මෙයාට මොනා වෙයිද දන්නෑ.."
"ආ මේ මිස්ට මානවඩුගෙ පුතානෙ.. එඩ්වඩ් කියලා තියෙනවා මානවඩු ගැන.. පුතා දූව ඇරලපු එක ගොඩක් ලොකු උදව්වක්.. මම ටිකක් බය වුනා දුවව දැක්ක හැටියෙම ඒකයි කෑගැහුවෙ.. සොරි පුතා.. අනික ගොඩක් තෑන්ක්ස්.. මම දූට කියලා තියෙනවා හැමදේම ලිමිට් කරන්න කියලා.. කොහෙද මෙයා අහන්නෙ නෑනෙ.."
"ඒකනෙ ආන්ටි.. මම යන්නම් දැන්.."
"පොඩ්ඩක් ඉන්න පුතා මොකුත් නොබීම යන්නෙ.. සදිසි කොෆි එකක් හදන් එනවා මේ මහත්තයට.."
අම්මගෙ කීමට මම කොෆි එකක් හදාගෙන ආවෙ සන්දීප්ට දෙන්න.. මටනම් ෂුවර් නෑ.. මෙච්චර මත් වෙච්ච කෙල්ලෙක්ට මොකුත් ම නොකර ගෙනත් ඇරලුවා කිව්වම..
"මේ කොෆි එක.."
මම දෑතින්ම කොෆි එක පිලිගැන්නුවේ ආගන්තුක සත්කාර හොඳටම දන්න නිසාවෙන්..
"පුතා බොන්න කොෆි එක.. මම දුවව රෑම් එකට දාලා එන්නම්.."
අම්මා එතනින් පිටවෙද්දි මමත් සන්දීපත් තනිවුනා සාලෙ..
"ම්... කොෆි එක නම් රසයි.. නින්දෙන් නැගිටලා බලනවකො පිස්සියෙක් වගේ.."
"මට කියන්න ඔයා නංගිට මොකද කලේ.. ඔයා හිතුවද මට මුකුත් තේරෙන්නෙ නෑ කියලා.. මෙහෙම අවසිහියෙන් කෙල්ලෙක් ඉද්දි කොල්ලෙක්ට ඕන දෙයක් කරගන්න පුලුවන්.. ඔයා කියලා රහත් වෙලා නෑනෙ.."
මම හිටියෙ ලොකු සැකේකින් වගේම කේන්තියකින්..
"අනේ ඔව් ඔව්.. ඔයගෙ නංගි තමයි මට කරදර කරන්න හැදුවෙ.. බීලා බීලා එයා මාත් එක්ක නරක විදියට හැසිරැනා.. එවලෙනම් ඉතින් මට ගොඩක් දේවල් හිතුනා කරන්න.. එයා තමයි මාවත් වැරදි වැඩවලට යොමු කරන්න හැදුවෙ මම නොවුන නම් ඉතින් නංගි අද ඉවරයි.."
සන්දීප් එහෙම කියද්දිනම් මට මහත් අත්වැසිල්ලක් ඇති වුනා.. ඇත්තෙන්ම මේ වගේ අවස්ථාවක් අද කාලෙ කොල්ලෙක් අතහරින එක පුදුමයක්...
"තෑන්ක්ස් ඔයාට නංගිව පරිස්සමෙන් ගෙනත් ඇරලුවාට.."
"හ්ම්ම්.. අනේ මන්දා එයාගෙ චාම් බව අඩුයි ගොඩක්.. ඕනිවට ටඩා මොඩ් එයා.. කෙල්ල හොඳයි හැබැයි.. එයා ඔයා එක්ක ගොඩක් තරහයි.. නමවත් කියනවට කැමති නෑ. පුදුමයි එයා එහෙම කරද්දි ඔයා එයා ගැන මෙහෙම වද වෙන එක හොයලා බලන එක.."
"එයා මට කොහොම සැලකුවත් මම එයාට ආදරෙයි.. අපි එක කුසේ උපන් නොවුනට මට එයා ගැන තියෙනවා සහෝදර හැගීමක්.. ඔයාට තෑන්ක්ස් සර්.."
"ඇයි මේ සර්.. මට සන්දීප් කියන්න.. සර් කියන්නෙපා ඒකට මම ආස නෑ.. මම යනවා.."
සන්දීප් නිහතමානි කෙනෙක් කියලා මට තේරැනේ අදයි.. සල්ලි තියෙන හැමකෙනාම වගේ ආත්මාර්ථකාමී, සල්ලි බලය උදුම්මාවගෙන ඉන්න කෙනෙක් නෙවෙයි.....මොන දේ වුනත් අම්මා නංගිගෙ වැරදි හදාගන්න දෙන්නෙ නෑ ඒවට වචනයක්වත් කියන්නෙත් නෑ...මුලු රෑම ගෙවිලා ගියේ මගේ කල්පනාව නංගිගෙත් සන්දීප්ගෙත් ලඟ නතර කරවමින්...
.............................................................................
"අම්මෝ හරි අමාරැයි මමී.. මට කූල් ඩ්‍රින්ක් එකක් හදලා දෙන්නකො.."
වෙරි මතින් සිටි සවින්දි පියවි සිහියට පැමිණියේ පසුදා දවාලයේයි..
"මොකක්ද බබා මේ කරන වැඩ.. මම කියලා තියෙනවනෙ හැමදේම ලිම්ට් කරන්න කියලා.. දන්නවද ඔයා ගෙදර ආව හැටි.. මිස්ට මානවඩුගෙ පුතා ඔයාව උස්සගෙන ආවෙ.. ඒ ලමයා නිසා හොඳයි නැත්තම් මොනවා කරයිද දන්නෑ.."
"ඔහොම තමයි මමී පාටි වලට ගියාම.. අනික මට මතකයි මම සන්දීප් එක්ක ඩාන්ස් කලා.. එයානෙ මාව එක්ක ආවෙ.. අනික එයා දැක්කම මට ලොකු වෙනසක් දැනුනා.. මට ඩාන්ස් කරන්න ආසාවක් ආවා.. අනික පාටි එකක්නෙ ඕක සාමාන්‍යයිනෙ.."
සවින්දි රෑ සිදු වූ සිදුවීම ගනන් ගත්තෙ වත් නැත්තෙ ඇයට එවැනි දේ හුරැපුරැදු නිසයි..
"සාමාන්‍යයි..? මිස්ට මානවඩු ඩැඩීගෙ යාලුවෙක්... අර කොල්ලා මිස්ට මානවඩුට ඊයෙ වෙච්ච දේ කියලා නම් ඩැඩීට අනිවාරෙන් දැනගන්න ලැබෙයි.. අනික පාටි එකේ ඩැඩීගෙ යාලුවෝ කොච්චර ඉන්න ඇද්ද..ඩැඩී මේක දැනගත්තොත් අපි දෙන්නට හොඳටම බැනුම්.. ඔයා කරන වැඩ නිසා ඩැඩී මේ බිස්නස්වත් ඔයාට හැන්ඩ්ල් කරන්න දෙන එකක් නෑ.."
"ඩැඩී ලංකාවට එයිද ලඟදි.. එයා දැනගන්න එක්ක නෑ.. අනික ඩැඩීගෙ බිස්නස් මට නැතුව වෙන කාටද... මමී බය නොවී ඉන්න.. ඩැඩී මේක දැන ගන්න එකක් නෑ..කෝ මට ඩ්‍රින්ක් එකක් හදලා ඕන.."
"ඉන්න මම සදිසිට කියන්න ෆෘට් ජූස් එකක් හදන්න කියලා.. ඇඟට ගුණයිනෙ.."
"අන්න හරි සදිසිට කියන්න.. ඒකි මගෙ සර්වන්ට් වෙන්න ඕන කොහොමත්."
කිසිම හිතක් පපුවක් නැති සවින්දි අසරණ සදිසි ව මෙහෙකාරියක් කරගෙන අවසන්..
"සදිසි ෆෘට් ජූස් එකක් හදනවා මටයි සවින්දිටයි විතරක්.."
අම්මගෙ වචනෙට ගරැ කරන මම ඉක්මනටම ෆෘට් ජූස් එකක් සකස් කර දුන්නෙ හරිම කැමැත්තෙන්.. මොකද ගෙදරක වැඩ ඉගෙන ගන්න එක කෙල්ලෙක්ට කොහොමත් වටින නිසා..
"මේ සදිසි.. ඊයෙ රෑ සන්දීප් මාව ඇරලද්දි ජෙලස් හිතෙන්නැති නේද.. මහ ලොකුවට හීන මවාගෙන ඉන්න ඇත්තෙ සල්ලිකාර ලස්සන කොල්ලෙක්ගෙ කරේ එල්ලෙන්න.. එයා ඊයෙ මාත් එක්ක ඩාන්ස් කලා... දැන් ඉතින් අදහස අතහැර ගන්නවා.."
කොච්චර හොඳින් සැලකුවත් සවින්දි බලන් හිටියෙ මට සමච්චල් කරන්න හේතුවක් හොයාගන්නමයි..
"මම ඇයි ජෙලස් වෙන්නෙ.. නංගි ඔයා තමා ඕන නැති වැඩ කරන්නෙ.. බලන්න අර කොල්ලා ගැන හරියටම දන්නෙත් නෑ.. අනික එයා නිසාම පරිස්සමට ගෙනත් ඇරලුවා.. ඔයාට මොකක් හරි වුනා නම්.."
"මේ සදිසි.. තමුන්ට මම කිව්වනෙ මට උපදෙස් දෙන්න එන්නෙපා කියලා.. අනික කා අතින් මට මොනව වුනත් ඔයාට මොකද.. මම සවින්දි මදනායක.. මට කරන්න බැරි දෙයක් මේ ලෝකෙ නෑ.."
නංගිට උපදෙස් දීලා හදාගන්න පුලුවන් තත්වෙක එයා නෑ.. අම්මගෙ තාත්තගෙ ආදරේ නිසාම එයා මුරණ්ඩු වෙලා ගොඩක්.. දැන් මොකුත් කියලා වැඩක් නෑ.. කවදම හරි මට්ටු වෙයි එදාට තේරෙයි..
"සදිසි.. මේ කෝල් එකක්.."
අම්මගෙ අඬගැහිල්ලට මම ඉක්මනටම ගියේ මේ වෙලාවෙ මට කවුද කතා කරන්නෙ බලන්නයි..
"කවුද අම්මෙ.. මේ තමුන් ඉන්න ඕන තැනින් කතා කරන්නෙ.. තමුන්ගෙ ගෙදරින්.."
අම්මා සමච්චලේට මෙන් එහෙම කියලා පෝන් එක මගෙ අතින් තියලා එතනින් යන්න ගියා..
"හෙලෝ.. කවුද මේ.."
"ආ සදිසි අපි මේ ලමා නිවාසෙන් කතා කරන්නෙ.."
"සුදු අම්මා.. අනේ කොහොමද ඉතින්.."
කුඩා කාලයේ ලමා නිවාසයේ සිටින දරැවන් ආදරයෙන් බලාගන්න අම්මට තමයි සුදු අම්මා කියන්නෙ.. සුදුම සුදු පැහැයක් තිබුණ නිසා හැමෝම එයාට කතා කරන්නෙ සුදු අම්මා කියලා.. මේ ලෝකෙ මම ගොඩක්ම ගරැ කරන තවත් චරිතයක් ඒ.. හැම ලමෙක්ටම එක වගේ සලකනවා.. තමන්ගෙ කුසින් ඉපදුනේ නැතත්..
"අපි ඉතින් ඉන්නවා.. සදසිට හරිගියාට පස්සෙ සුදු අම්මව මතකම නෑනෙ.."
"අනේ එහෙම නෑ අම්මා... හදිස්සියෙම ඇයි අම්මා.. කරදරයක්වත් ද.."
"නෑ සදිසි හෙට එන්න.. ඔයාට කෙනෙක් මුණගස්සන්න තියෙනවා... ඔයා එන්න උදේම..."
සුදු අම්මගෙ වචන මගෙ හිතට මොකක්දෝ ලොකු වෙනසක් කලා වගේ දැනුනෙ.. පුදුමාකාර හදගැස්මක්, නොඉවසිලිමත් කුතුහලයක් දැනුනා.. අද දවස තත්පරෙන් තත්පරේ, විනාඩියෙන් විනාඩිය ගෙවෙන තෙක් කුතුහලයෙන් බලන් හිටියා...
...........................................................................
*සදිසිව මුණ ගැහෙන්නට එන්නේ කවුරැන් විය හැකිද.. සදිසිට එයින් මොන වගේ වෙනසක් ඇති කරයිද.. අපි බලමු සදිසිට හෙට ලමා නිවාසෙදි කවුරැන් මුණ ගැහෙයිද කියලා.. සදිසිගෙ ඉරණම වෙනස් වේවිද කියලා.. කතාවෙ අඩුපාඩු ඇති.. ඒවට සමාවෙන්න.. ඔයාලගෙ අදහස් කමෙන්ට් කරන්න අමතක කරන්නෙපා... දිගටම රැදෙන්න කතා පියස සමගම.*
Dilru Don'T Copy

No comments:
Post a Comment