*දහවන දිගහැරැම*
කවදාවත් නැතුව මම යන යන තැනට පෝන් එකත් අරන් ගියේ සන්දීප් ගනීද කියලයි.. ඒ වගේ ගොන් වැඩනෙ කරන්නෙ.. අනේ මන්දා මගෙ හිත මෙච්චරම නොසන්සුන් ඇයි.. මට මේ දේවල් හිතන්න කලින් අම්මා ගැන හිතන්න ඕන.. තාත්තා කවුද කියලා හොයා ගන්න ඕන.. ඒත් ඒ හැමදේටම වඩා හිතට දැනෙන ලොකු අඩුව මොකක්ද.. හිත මොනවද ඉල්ලන්නෙ මගෙන්.. මට හිතාගන්නත් බෑ..
"ඔයා මොකද කරන්නෙ.. මම නංගිව ගරාජ් එකෙන් දාලා යාලුවෙක්ගෙ ගෙදර ආවා.. මම යාලුවටත් ඔයා ගැන කිව්වා.. කියන්නකො.. මට ආදරෙයි නේද.."
මැසේජ් එකක් එන හඬට මම ඉක්මනටම ඕපන් කරලා බැලුවේ මට ඉවසිල්ලක් නොතිබුන නිසාවෙන්..
ඒත් මම මොනවා කියල උත්තර දෙන්නද.. බෑ කියන්නද.. ඒත් හිතට ඒක මදිකමක් වගේ ඇයි..
"මට ටිකක් කල් දෙන්න.. මුලින් මගෙ ප්‍රශ්න ටික විසදගන්න ඕන.. අනික තාත්තා ලංකාවට එනවා කිව්වා.. අද හෙටම ඒවි.. ඒ නිසා මෙහෙ එන්නත් එපා.. අම්මයි නංගි යි වැරදියට හිතාවි.. මගෙ ඔළුව අවුල් කරන්නෙපා තව ප්‍රශ්න ඇතිකරලා.. බුදු සරණයි.."
මට ටයිප් වුනේ එච්චරයි.. මේ කිව්ව දේවල් මොලයක් තියෙන මනුස්සයෙක්නම් තේරැම් ගනීවි.. මම හිතින් හිතුවා පමණයි..
තවමත් නොසන්සුන් වූ හිත එක්කම මම මැණිකෙ නැන්දා හොයාගෙන කාමරයට ගියේ හිත ටිකක් සැහැල්ලු කරගන්නයි..
"මැණිකෙ නැන්දා.. මොකද කරන්නෙ.."
"ආ සදිසි බේබි.. එන්න ඇතුලට.. මම මේ පරණ බඩු වගයක් පිහදානවා.."
මැණිකෙ නැන්දා හිටියේ මොනවද පරණ දිරාපත් වෙන්න ගිය දූවිලි බැඳුනු බඩු වගයක් පිරිසිදු කරමින්...
"අම්මෝ ඒවගෙ තියෙන දූවිලි.. කෝ දෙන්න පිහදාන්න.."
"සිදිසි බේබි ඉන්න.. මම කරන්නම්.."
"එපා එපා නැන්දට දූවිලි වදින්න හොඳ නෑ.."
"ශා... මේක ලස්සනයි.. කොහෙන්ද ගත්තේ.."
මගෙ අතට හසුවුන් පන් වලින් ගෙතූ මංජුසාවක්..
"ඕක ගත්තෙ ජයසිරි මහ බෝධියට පඬුරක් ගැට ගහන්න ගිය වෙලාවෙ.. ලොකු නෝනලා දරැවෙක් ලැබෙන්න කියලා ජයසිරි මහ බෝධීන් වහන්සේට භාරයක් වුනා... ඒ ගිහින් එද්දි පාර අයිනෙ මනුස්සෙක් විකුණුවා.. ලස්සන නිසාම ලොකු මහත්තයා තුනක්ම අරගත්තා.. එකක් මට දුන්නා.., එකක් ලොකු නෝනට.. අනික..."
මැණිකෙ නැන්දගේ වචන එතනදි ගිලුන වගක් මට තේරැනා..
"අනික කාටද නැන්දෙ.."
"අනිකට මොනව වුනාද දන්නෙ නෑ.. ලොකු මහත්තයා ගාව ඇති.. කෝ දෙන්න ඕක ආපහු පෙට්ටියට දාන්න.."
"මැණිකෙ නැන්දා ඉක්මනටම මංජුසාව මගේ අතින අරගෙන පෙට්ටියට දාගත්තා.."
"ම්ම්.. මේ මොකක්ද ඇල්බම් එකක්.."
පරණ වී ගිය බඩු අතර සැගවුනු පුංචි ඇල්බම් පොතක් මගෙ අතට හසුවුනේ අහම්බෙන් වගේ.. දූවිලි පිරී පොටෝ තරමක් අපැහැදිලි ව තිබුණත් පිටු එකින් එක පෙරලුවේ හරි ආසාවෙන්...
"මේ කෙහෙද නැන්දෙ.."
"ආ ඕකද ඕක රැවන්වැලි සෑය ගාවදි ගහපු එකක්.. ඕකත් ලොකු නෝනලා දරැවෙක් ඉල්ලලා බාරයක් වෙන්න ගියපු දවසක ගහපු එකක්.."
මැණිකෙ නැන්දා පින්තූර අතරින් අතීත මතක ආවර්ජනය කලේ තරමක් දුකින්..
"හ්ම්ම්.. සුදු කලු පොටෝ.. ඒවයෙ මීට වඩා තරැණයි වගේ... කොහෙද පරිස්සමක් නෑනෙ.. දූවිලි වැදිලා නාස්ති වෙලා.."
"ඔව් බේබි.. මම කාලයක් ඕවා ආදරෙන් බලාගත්තා.. මටත් වඩා වෙන කෙනෙක්.. ඒත් එයා නැති වුනත් හරි ඕවයෙ වටිනාකම අඩුවුනා.. පරිස්සම් කරලා වැඩක් නෑ කියලා අහකට දැම්මා.."
මැණිකෙ නැන්දා ඒ කතාව කියලා නිමා කලේ දිගු සුසුමක් පිට කරමින්..
මම නොදන්න තව කෙනෙක් ගැන මැණිකෙ නැන්දා දන්නවා.. ඒත් මට හංගනවදෝ කියලත් හිතෙනවා.. ඒත් මැණිකෙ නැන්දගේ අතීත තුවාල ඒකෙන් පෑරෙනවනම් ඒ ගැන අහන්න හොඳ නෑ..
"මේ.. මේ බලන්න මේ පොටෝ එක.. හතර දෙනෙක් ඉන්නවා.. හරියට පැහැදිළිත් නෑ.. සවුත්තුවෙලා ගොඩක්.. මෙතන ඉන්නෙ නම් තාත්තා.. තාත්තගෙ අත අල්ලන් ඉන්නෙ අම්මා වෙන්න ඕන.. එතකොට අම්මා ගාව ඉන්නෙ මැණිකෙ නැන්දා කියමුකො.. එතකොට කවුද මේ කොනේම ඉන්නෙ.. බාගයයි පේන්නෙ.. පේන චුට්ටෙනම් වැඩි වයසක් නෑ වගේ.. කවුද..?"
මම පොටෝ එක ඇස් ගාවටම ලංකර බැලුවේ ඒ රැව කාගෙදැයි හදුනාගත නොහැකි තරම් පොටෝ එක කිලිටු වී තිබූ නිසාවෙන්..
ඇත්තටම කවුද ඒ..මම කල්පනා කලේ තවමත් පොටෝ එක ඇස් ගාවම රදවමින්..
"ඔන්න ඕක මෙහාට දෙන්න සිදිසි බේබි.. ඇල්බම් එකම සවුත්තු වෙලා.. වැඩක් නෑ දැන් ඕවා.."
මැණිකෙ නැන්දා එකපාරම පොටෝ එක මගෙ අතින් ඇදලා අරන් ඇල්බම් එකත් පෙට්ටියට දාලා ලොක් කලේ පුදුම කලබලයකින්.. මෙච්චර බය වෙන්න, කලබල වෙන්න දෙයක් මම කලේ නෑනෙ.. මම පුදුම වුනේ ඒ නිසාවෙන්.. මැණිකෙ නැන්දා මේ තරම් කලබල වෙන්න ඒ පොටෝ එකේ තිබ්බ රහස මොකක්ද.. මට නොකියන මොකක් හරි දෙයක් මැණිකෙ නැන්දගෙ හිතේ තියෙනවා කියලා දැන්නම් ඔප්පු වී හමාරයි..
"ඇයි මැණිකෙ නැන්දෙ.. මම පොටෝ එකේ ඉන්නෙ කවුද කියලා විතරනෙ ඇහුවෙ.. ඇයි පොටෝ එක උදුරගෙන ඇල්බම් එකත් දාලා පෙට්ටිය ලොක් කරලම දැම්මෙ.."
මම ඇහුවෙ හිතට දරාගන්න බැරි කුතුහලය නිසාවෙන්..
"ඕවා අතීතයට අයිති පොටෝ බේබි.. දැන් එකක් ගානෙ කියන්න මට බෑ.. පරණ පොටෝනෙ සවුත්තුවෙලා.. ඕවා බල බල අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න දැන් වෙලාවක් නෑ.. පස්සෙ දවසක මම පෙන්නලා කියන්නම් පොටෝ ගැන.. ලොකු නෝනා කිව්වා රෑට එලවලු දෙක තුනක්, ඩිකන් ඩෙවල්, රයිස් එකක්, ෆෘඩ් සැලඩ් එකක් එහෙම හදන්න කියලා.. දැන්ම ඉදන් ලෑස්ති කරන්න ඕන.. මම යනවා කුස්සියට.."
මැණිකෙ නැන්දා දාහක් වැඩ කියමින් කුස්සියට ගියේ මෙතෙක් වෙලා නොතිබුනු හදිස්සියක් පෙන්නමින්..
"ඇයි එච්චර කෑම.. අද පාර්ටි එකක්වත් ද.. කවුරැවත් එනවද විශේෂ කෙනෙක්.."
මමත් මැණිකෙ නැන්දා පස්සෙන්ම ගියේ වැඩවලට උදව් වෙන්නයි..
"අනේ මන්දා.. කවුරැ හරි එනවා ඇති.. රයිස් එකක්, චිකන් ඩෙවල්, ෆෘඩ් සැලඩ් ඒවා හදන්න කිව්වෙ ඒකනෙ.. මට කිව්වෙ නෑ හේතුවක් හදන්න කියලා විතරයි කිව්වෙ.."
මැණිකෙ නැන්දගෙ පිලිතුර එය වෙද්දි මම වැඩවලට උදව් කලේ තවත් කුතුහලයක් හිතට එද්දි.. අද මොකක්ද විශේෂත්වෙ..බර්ත් ඩේ එකක්වත් නෑනෙ.. කවුද එන්නෙ ඔච්ච්රම විශේෂ කෙනෙක්..
ෆ්‍රයිඩ් රයිස් එක රසට හදලා ෆෘඩ් සැලඩ් සේරම හදලා මම නාගෙන කාමරයට වෙලා ඇඳට වී කල්පනා කලේ පෙටෝ එක ගැනයි.. ඇයි ඒ පොටෝ එක මේ තරම්ම අවුල් කලේ මාව.. හරියටම පේනුනෙත් නෑනෙ.. මැණිකෙ නැන්දා මොකුත් කියන්නෙත් නෑනෙ.. දෙලාෙවක් අතර මම කල්පනා කලේ සමහර විට ඒක මට වැඩක් නැති එකක් වෙන්නැති කියමින් මම මාවම සනසගනිමින්.. ඒත් ඇයි මෙච්චරටම අවුල් මට.. ඇයි මැවී මැවී ඒ පොටෝ එකම පේන්නෙ මට..........
මට සමාවෙන්න සදිසි බේබි.. ඔයාගෙ හිත සනසන්න බැරි වුනාට.. දැන් තවත් අවුලක් හිතේ ඇති පොටෝ එක ගැන.. ඒත් මම අසරණයි.. කියන්න පුලුවන් නම් කෑගහලා කියනවා මම.. ඒත් ඒක සුදුසු නෑ.. මේ පොටෝ අතීතෙ කුණු අවුස්සනවා.. මට මේවයින් වැඩක් නෑ.. ආපහු ඒ අතීතෙ කුණු පෑරෙන්නෙපා.. මේ පොටෝ පිච්චිලා යනවා වගේ ඒ අතීතෙ සිදුවීම් අළුවෙලා යනවනම්....
මැණිකෙ නැන්දා ඇල්බම් එකේ සේරම පොටෝ එකින් එක පුළුස්සා දැම්මේ ඇස්වල කඳුළු පුරෝගෙනයි... අතීතයේ අඳුරැ සිදුවීම් මේ පොටෝ සේම අළුවී යන්න කියා ඇය ප්‍රාර්ථනා කලේ සදිසිගේ අනාගතේ වෙනුවෙන්ම විය හැකියි.....
කල්පනා කරමින් ඇඳේ සිටි මට ඉබේම නින්ද ගොස් ඇති බව තේරැනේ ගරාජ් කාමරේ පැත්තට කාර් එකක් යන සද්දෙට මම එකපාරම ගැස්සී අවදිවුන නිසාවෙන්... ඒ වුවත් සාලයට ගොස් ආවෙ කවුදැයි බලන්න කම්මැලි නිසාම මම ඇඳේ එහෙමම දිගා වී සිටියත්......................
...............................................................................
*කතාවේ තවත් කොටසක් ඒ විදියට නිමා වෙද්දි හිතට තවත් ප්‍රශ්නයක්.. අර පොටෝ එකේ කවුරැන් සිටියා විය හැකිද.. ඇයි ඒ පොටෝ එක නිසා මැණිකෙ නැන්දා කලබල වුනේ.. ඇයි ඒ පොටෝ සේරම සිදිසිට හොරෙන් පුළුස්සා දැම්මේ.. දැන් සදිසිට මේ දේවල් හොයාගන්න බැරි වෙයිද..මැණිකෙ නැන්දා සගවන්නේ මොන වගේ දෙයක්ද.. ඒකෙන් සදිසිගෙ අනාගතේට තියෙන බාධාව මොකක්ද.. සදිසිගෙ ප්‍රශ්නවලට පිලිතුරැ මැණිකෙ නැන්දා ලග තිබිය හැකිද.. ඔය අතරම අද ගෙදර විශේෂත්වයක් මොකක්ද.. රෑ කෑම මේසේ විශේෂ වෙන්න බංගලාවට පැමිණියේ කවුරැන්ද... ප්‍රශ්න සේරම විසදගමු හෙමිහිට.. ඔයාලගෙ කමේන්ට් ඕනිමයි.. කතාව දුරට ගෙනියන්න.. මේ ප්‍රශ්න විසදගන්න.. ඊලග කොටස අරන් එන්නම්.. දිගටම ඉන්න කතා පියස එක්කම..*
Dilru Don'T Copy

No comments:
Post a Comment