නව කථාවක්
මන්දිරයක සතුට සොයන
සමනලී
*තෙවන දිගහැරැම*
"මතකද මන්දා මාව.. අර එදා අැක්සිඩන්ට් එක වෙන්න ගියේ.. මගෙ වාහනේ.."
එදා මට පාර මැද දෙනෝදාහක් ඉදිරියේ දොස් කියූ තරැණයා අද පන්සලටත් අැවිත්.. මට කවදාවත් අමතක නොවන දවසක් සහ අමතක නොවන මූණක් තමයි මේ...
"අාහ් ඔව්.. මට මතකයි.. බෝධි පූජාවට අාවද..?"
මගේ ලඟටම පැමිණ කතා කල නිසාම මටත් පිලිතුරැ දෙන්නම සිදුවුණා..
" නෑ.. මම මේ අයියව බලන්න ආවේ.. ටිකක් අසනීපෙන්ලු.. මගෙ අයියා පන්සලේ වැඩ ඉන්නෙ..හාමුදුරැ නමක්..මම යන්න හැදුවේ.. ඒත් මෙතන ඔයා මතුරනවා දැකලා ආවෙ බලන්න"
"අනේ හොඳයිනෙ.. මටත් ආසයි මහණ වෙන්න නම්.."
"අම්මෝ මෙහෙණි ශාසනේ එතනින් ඉවරයි.. හරියකට පාර වත් මාරැවෙන්න දන්නෙ නෑ.. පිස්සු හැදිලා වගෙ පාර පනින්නෙ.. කතාව මහණ වෙන්න.."
තාමත් මේ උඬඟු මිනිසා එදා අනතුර නැවත නැවත සිහි කරමින් මට දිගටම අපහස කරයිදෝ සැකයක් දැන් නම් අැති වී හමාරයි මට.. මගේ මීළඟ ප්‍රාර්ථනය නැවත කිසිදා මොහුව හමුනෝවේවා කියායි...
"ඒක නෙවෙයි.. ඔයා එඩ්වඩ් අංකල්ගෙ ගෙදර සර්වන්ට් කිව්වා නේද.. මොකක්ද නම ඔයාගෙ.."
"නෑ මම සර්වන්ට් කෙනෙක් නෙවෙයි..මගෙ නම සදිසි, සදිසි මදනායක.. එදා හොටෙල් එකේ හිටියෙ මගෙ නංගි.. එයා හොටෙල් එකට යනවා දැකලා තමා මම පාර පනින්න ගියේ කලබලයෙන්.."
එදා හොටෙල් එකේදි මම ගෙදර සර්වන්ට් සේ සවින්දි හදුන්වා දුන් නිසාම ඔහු එය පිලිගෙන.. මට ලැජ්ජාවක් අැති වුනේ ගෙදරක මෙහෙකාරියක් ලෙස මම සමාජය ඉදිරියේ හංවඩු ගැසෙන නිසාවෙන්..
"ඔයත් මිස්ට එඩ්වඩ් අංකල්ගෙ දුවෙක්ද.. මම දැනන් හිටිය මදනායක අංකල් ට ඉන්නෙ එක දුවයි කියලනෙ.."
"සදිසි බේබි.. ඉවරයි නේද.. අපි දැන් යමුද ගෙදර..ලොකු නෝනා බලන් ඇති මොකද තාම නැත්තෙ කියලා..එ්ක නෙවෙයි කවුද මේ මහත්තයා.."
මැණිකෙ නැන්දා එවලෙම එතනට පැමිණියේ මගේ වාසනාවටයි..
"මැණිකෙ නැන්දා.. මේ එදා අර අනතුර වෙන්න ගියේ මේ මහත්තයගෙ කාර් එකට.. මට බෑග් එකයි සල්ලි යි ලඟට ම ගෙනත් දුන්නෙ මේ මහත්තයා තමයි.."
"අනේ මහත්තයද අපේ සදිසි බේබිව බේරගත්තෙ.. ගොඩක් පින් අත්වෙයි මහත්තයට.. අද කාලෙ මහත්තයා වගේ ඔහොම කල්පනාවෙන් වාහන ගෙනියන තරැණ ළමයි ගොඩක් අඩුයිනෙ.."
මැණිකෙ නැන්දා ඔහුට ස්තූති කරන්න අමතක කලේ නෑ.. මන්දයත් මැණිකෙ නැන්දා මට මවක් මෙන් අාදරය දෙන නිසාවෙන්..
"අයියෝ ඕක මොකක්ද.. කල්පාවෙන් පාර පනින්නත් ඕන.. කල්පනාවෙන් ඩ්‍රයිව් කරන්නත් ඕන.. අනික ඇයි මේ දෙන්න එක්ක තරඟෙට මට මහත්තයා කියන්නෙ.. මගෙ නම සන්දීප් මානවඩු... මගෙ තාත්ත එඩ්වඩ් අංකල්ගෙ බිස්නස්වලට ඉන්වෙස්ට් කරලා තියෙනවා.. දෙන්නම හොඳ යාලුවෝ.."
ඔහු දිගින් දිගටම මහත් උජාරැවකින් ඔහු හඳුන්වා දෙන්න පටන් ගත්තේ අපි ඔහු ගැන කිසිවක් නොදන්න බව දැනගත් නිසාවෙන්...
"අනේ එහෙමද.. අඳුනගන්න ලැබුණු එක සතුටක්.. සන්දීප් මහත්තයව.. අපි දැන් යන්නම් මහත්තයා.."
ඔහු ගැන අඳුන්වාදීම මට වැදගත් නොවූ නිසාවෙන් මම නිහඬව සිටියේ මැණිකෙ නැන්දා නිහඬ බව බිඳින බව දැන සිටි නිසායි..
"අාහ්.. අාන්ටි යමු දෙන්නම මාත් එක්ක.. මාත් එඩ්වඩ් අංකල්ගෙ ගෙවල් පැත්තෙන් තමා යන්නෙ.. ඔයාලා කැමති නම් මට ඔයාලව එතනින් ඩ්‍රොප් කරන්න පුළුවන්.."
"අ..හ්.. න්..නෑ.. අපි පයින් ..යන්නම්.. වැඩි දුරක් නෑනෙ.. තෑන්ක්ස් උදව්වට.."
"මාත් එ් පැත්තෙන්ම නෙ යන්නෙ ඒකයි කිව්වෙ.. එහෙනම් මම යන්නම්.."
සන්දීප්ගේ යෝජනාව මැණිකෙ නැන්දා අනිවාරෙන්ම පිලිගන්නා බව මම දන්නා නිසා ඇයට කලින් මම ප්‍රතික්ෂේප කලේ එ් නිසවෙන්.. ඇය කවදත් දණිස් අමාරැව නිසාම පයින් ගමන් කිරීමට මැලි වෙයි..
"නෑ මහත්තයා.. මහත්තයට කරදරයක් නැත්තම් අපි එන්නම්.. මටත් දණිස් අමාරැවනෙ.. අපි යමු සදිසි බේබි.."
සිතූසේම මැණිකෙ නැන්දා අපිට සමුදී පිටත් වන්න සැරසුණු සන්දීප් නවතාලූයේ ඔහු එක්කම යන්නයි..
"අනේ.. මේ ටික දුර ඇයි වාහනයක්.. අපි පයින් යමු.."
"කමක් නෑ අාන්ටි.. අාන්ටිට නෙ අමාරැ.. එ් නිසා අාන්ටිව ගේ ගාවින් දාන්නම් මම.. පුළුවන් අය පයින් එයිනෙ.."
මේ උඩඟු සන්දීප් එ් ගමන මැණිකෙ නැන්දවත් අල්ලගෙන.. අවසානයේ මට ඔවුන් දෙදෙනාට එකඟ වන්නම සිදුවිය..
"අනේ කරපු උදව්වට ස්තූතියි මහත්තයා.. එහෙනම් පරිස්සමට යන්න.."
"අයියෝ මට මහත්තයා කියන්නෙපා.. සන්දීප් කියන්න නැත්තම් පුතා කියන්න.. උදව්වක් කලාම තෑන්ක්ස් කරන්න දන්නෙ නැද්ද මේ බේබිලා.."
බලෙන්ම වගේ මාවත් දාගෙන ආවා මදිවට මං දිහා බලාගෙන ස්තූතියත් ඉල්ලනවා.. හරිම අහංකාරයි..
"තෑන්ක්ස්.."
මම හෙමින් සැරේ මිමිණුවේ කරන්න දෙයක් නොතිබ්බ නිසාමයි..
"හරි එහෙනම් මම යන්නම්.."
ගේට් එක ගාවින් වාහනය අද්දද්දි ම කොහෙදෝ ඉඳලා සවින්දි වාහනය ගේට් එක ගාවින් අැතුලට දාන්න හරස්වුනේ එවලෙමයි..
"මේ මොකද මේ.. කවුද මේ.. දැන් කාර් වලින් ඇවිත් ගේ ගාවින් බහින්නෙ නේද.. කවුද කාර් එක අැතුලෙ ඉන්නෙ.."
සවින්දි රවාගෙනම සන්දීප්ගෙ කාර් එක ඉස්සරහටම පැමිණියේ කාර් එක තුල සිටින්නේ කවුරැදැයි පැහැදිළිව නොපෙනෙන නිසයි..
"ආහ්.. මේ එදා අර හොටෙල් එකට ආව බෝයි නේද..? මේකද අලුත් නාඩගම තමුන්ගෙ..
එතකොට ඔයා..මෙච්චර වැදගත් කෙනෙක් වෙලත් මේ වගේ කරේ එල්ලෙන්න දගලන කෙල්ලො එක්ක අැවිදිනවද..?"
"ඇයි ඔයා ඔහොම කතා කරන්නෙ.. මේ ඔයාගෙ අක්කා නේද..?"
සන්දීප් මම වෙනුවෙන් කතා කරන්න ඉදිරියට පැමිණියේ මෙතෙක් සවින්දිගෙ වචනෙකට ඉහළින් කතා කල ප්‍රථම කෙනා වෙමින්..
"කවුද.. මෙයාද මේ බොරැව කියන්නෙ..මම මෙයාගෙ නංගි කියලා.. මේ මගෙ මමී ඩැඩී ලමා නිවාසෙකින් අරන් හදාගත්ත කෙනෙක්.. ඉතින් මෙයයි මායි අතර වෙනසක් නැද්ද.."
සවින්දි සන්දීප් ගෙ මූණටම එහෙම කියද්දි මගෙ පපුව ගිනි ගත්තා සේ දැණුනෙ සමාජය ඉදිරියේ සවින්දි මොන තරම් මාව කොන් කරනවාද සිතායි... ඇත්තටම මගෙ ඇත්තම අම්මා තාත්තා කොහේ ඇද්ද.. ඒ දෙන්නට පුංචිමවත් දරැ දුකක් දැනෙන්නෙ නැද්ද..? හැමදාමත් මගෙ ඇස් කඳුළින් තෙත් කලේ මේ ප්‍රශ්න නිසයි...
"එහෙමද.. හරි මම යන්නම්..,"
සන්දීප් මගෙ දෙස බලමින් කේන්තියෙන් මෙන් වාහනයට නැග යන්න ගියේ අැස් පිල්ලමට නොපෙනෙන මානෙකට වාහනය පදවමින්..
"සදිසි.. තමුසෙ අර බෝයි ට මගේ ඩැඩී ඔයාගෙත් තාත්තා කිව්වද අා.. මගෙ ඩැඩීගෙ නම යූස් කරලා සල්ලිකාර කොල්ලො අල්ල ගන්න හීනෙනකින්වත් හිතන්නෙපා.."
නංගි නැවතත් මට අනතුරැ අඟවා කාර් එක ගේට් එකෙන් අැතුලට දැම්මෙ අදත් අම්මා ලවා මට බන්නන්න අපූරැ හේතුවක් ගොතා ගනිමින්...
"මමී.. බලන්න අද මේකි මැණිකා වත් ඇදගෙන එදා අර හොටෙල් එකට ආව කොල්ලා එක්ක ඇවිදින්න ගිහිං.. ඒ මනුස්සයා බංග්ලෝ එක ලඟටම ඩ්‍රොප් කලා මගෙ අතටම අහු වුනා.. මෙයා මගෙ ඩැඩීවත් එයාගෙ කියලා.."
"එහෙමද මේවා සේරම කියන්නෝන එඩ්වඩ්ට... එයානෙ උඩ තියන් ඉන්නෙ.. අපි බලමුකෝ මගුල් නටන හැටි මෙයා.."
අම්මත් නංගිත් බොරැ සැකයක් මවාගෙන නොකරපු වරදකට මට දොස් නගද්දි මට ඇතිවුනේ ලොකු දුකක්...මොනා කරන්නද අම්මා තාත්තා දාගා ගියපු කාලකණ්ණි කෙල්ලෙක්නෙ.. මේත් හොඳ වැඩී මට.. දිගු සුසුමක් හෙලමින් මගෙ හිත මම හදාගත්තෙ එහෙම..
"සදිසි බේබි මම නිසා ඔයා අදත් බැනුම් ඇහුවා නේද.. මමනෙ කිව්නෙ ඒ මහත්තයගෙ වාහනේ යං කියලා.. නාකි මම නිසා අහිංසක කෙල්ල බැනුම් ඇහුවා.."
අම්මා මට දොාස් කිව්ව වෙලේ ගොඩක්ම දුක්වුනේ මැණිකෙ නැන්දා.. එයා නිසයි මෙහෙම වුනේ කියලා..
"අනේ නෑ නැන්දා.. නංගි කොහොමත් මට බනින්න බලාගෙනනෙ ඉන්නෙ.. ඕක ඉතින් අද ඊයෙක ඉදන් වුනු දෙයක් නෙවෙයිනෙ.. මට දුක නෑ නැන්දා.."
"ලොකු මහත්තයත් ලංකාවට එනවලු හෙට අනිද්දා.. සදිසි බේබි බය වෙන්නෙපා.. ලොකු මහත්තයගෙ හිතේ ඔයාට තියෙන ආදරේ අඩුවෙන්නෙ නෑ... යමු අපිත් කාලා නිදාගමු.."
මැණිකෙ නැන්දත් මමත් කෑම කාලා නිදාගන්න ගියේ හෙට දවස කොහොම ආරම්භ කරන්න වෙයිදෝ සිතමින්..
එකපාරම වාහනයක් ගේට් එක ගාව නතර කර හොන් කරන සද්දෙට මැණිකෙ නැන්දත් මමත් එකම තැන නතර වී ගේට් එක දෙස බැලුවෙ මේ රෑ කවුරැන්දෝ කියා සිතාගත නොහැකිවයි...
"සදසි බේබි ගිහින් බලන්න කවුද කියලා.. හදිස්සියක්ද දන්නෑනෙ.. මම මෙතන ඉන්නම් එනකම්.."
මේ රෑ හෝන් කරන්නෙ කවුද කියා දැනගන්න ගේට් එක ගාවට මාව යවන්න තීරණය කලා මැණිකෙ නැන්දා.. හිතේ කුතුහලයකුත්, බයකුත් හිතේ දරාගෙන මම ඉදිරියට ඇදුනෙ කවදාවත්ම නැතුව රෑ ගේට් එක ලඟ හොන් කරන්නෙ කවුැරැන්දැයි දැනගන්නයි...
..............................................................................
*කතාවෙ තුන්වන දිගහැරැම මේ විදියට අවසන් වෙනවා.. හැමදාම දුක්, කරදරවලටම මුහුණ දෙන සදිසිට ඊළඟට මොන කරදරේකට මුහුණ දෙන්නට සිදුවෙයිද.. ඉක්මනටම හතරවන කොටස අරන් එන්නම්.. අදහස් කමෙන්ට් කරන්න අමතක කරන්නෙපා.. කතාව ඉස්සරහට ලස්සන වේවි.. දිගටම රැදෙන්න කතාපියස සමගම..*
Dilru Don'T Copy

No comments:
Post a Comment