ආදිත්‍යා
ආදරය වෙනුවෙන් කැපවුණු දඟකාරිකගේ කතාව
*සිව්වන පිටුව*
එතනට ගියපු අපි හැමෝගෙම ඇස් පුදුමයෙන් සහ බයෙන් පිරී ගියේ මෙවැනි දරුණු රැග් එකක් මින් පෙර දැක නැති නිසා...
"හා.. දැන් නැගිටපං.. මහ ලොකුවට කිව්වා නේද සින්දුවක් කියන්න කිව්වම බෑ කියලා.. සමාව ඉල්ලන්න කිව්වා කටගහන් ආවට.. ඒක කරන්නෙත් නෑනෙ නේද උඹ.. දැන් අර ඩෙස් එක ගනින් ඔළුවට.. බස්සන්නම් අද ලොකුකම උඹේ.."
අපොයි.. ඒ ගමන ඩෙස් එක ඔළුවෙ තියන් අක්කරයක් වගේ ඊටත් වැඩි ග්‍රව්න්ඩ් එක වටේ ගිහින් එන්න කිව්වනෙ.. ඇවිදගන්නත් අමාරැයි මෙයාට දැන්.. අයියලා ඇයි මෙහෙම කරන්නෙ.. අක්කලා ටිකත් දැන්නම් ගල් ගැහිලා වගේ.. අපිත් මේ සිදුවීම් දිහා බලන් හිටියෙ පුදුමයෙන් වගේ..ඊටත් වඩා හිටපු තැනම ගල් ගැහිලා.. මියුරු අමාරුවෙන් වගේ ඩෙස් එකත් ඔළුව උඩින් තියාගත්තා.. එයාගෙ ඇස්වල මහන්සිය වගේම ලොකු ධෙෙර්යක් තියෙන බව දැක්කා මම.. ඒත් ඇයි මෙයා සමාව නොඉල්ලන්නෙ.. මෙච්චර කට්ටක් කනවට වඩා ඒක අමාරු නෑනෙ ඇත්තටම..
අමාරැවෙන් උණත් ඩෙස් එක ඔළුවෙ තියන් යද්දි පුදුම දුකක් ඇති වුණා බලන් හිටපු අපි හැමෝටම.. මේක අසාධාරණයි.. රැග් කලත් මේ තරම් දරුණු රැග් දෙන එක සුදුසු ද.. එයාලත් අලුතෙන් ආවට මස්, ලේ, නහර, ඇට, මිදුළු වලින් හැදිච්ච හිතක් පපුවක් තියෙන මිනිස්සුනෙ.. මේක අවසානෙ මේ කොල්ලා මැරෙයි.... බෑ තවත් බලන් ඉන්න.. මට මාවම අවනත නොවුණේ දරුණු හදවතක් මුව දේනුවක සේ උණු වූ නිසාවෙන්...
"මේ.. චිරන්ත අයියෙ.. මේ වැඩේ හරි නෑ නේද... දැන් එකපාරක් ශර්ට් අයින් කරලා මුළු පිට්ටනිය පුරා බඩ ගාන්න කිව්වා.. වැස්සක් නැති මේ පොළොව කට්ට වෙන්නම වේලිලා.. තණ කොල පවා වේලිලා ගිහින්.. අර කොල්ලගෙ ඇඟම තුවාල වෙලා.. ඒ මදිවට දැන් ඩෙස් එකක් ඔළුවෙ තියන් වටේම ඇවිද්දනවා.. මේක දරුණු වැඩී නේද.."
බලන් ඉන්න බැරිම තැන අපේ ස්කූල් එකේ මේ වගේ දේවල් වලට බැහැලම වැඩ කරන ගුරුවරයෙක් හෝ කියන කිසිවක් කනකට නොගෙන ස්කූල් එකේ ලමයින්ව බය කරගෙන ඒකාධිපතිත්වයක් බිහි කරගෙන ඉන්න කවුරැවත් එයාගෙ වචනෙ හා තර්ක නොකරන ඒ තරම්ම දරුණු කෙනෙක් ඉදිරියේ කතා කරන්න මට හයියක් ලැබුණෙ කොහොමද කියන එකත් මට පුදුමයක්.. සුහදව කතා කලෙත් එයා එක්ක පැටලෙන එක නුවණට ඒ තරම්ම හුරු නැති නිසයි...
"මොකක්ද නංගි කියන්නෙ.. උඹත් ෆන් එකේ ඉන්න කෙල්ලෙක් නේද.. දැන් මොකද මේ ගෝතෙක් ඉස්සරහ ඇඹරෙන්නෙ.. අනික මූට සින්දුවක් කියන්න කියලා විතරයි කිව්වෙ.. නැතුව මෙතන රඟපාන්න කිව්වෙ නෑ.. මූ මොකක්ද කිව්වෙ ගත් කටටම.. මට සින්දු කියන්න බෑ.. අනික මම ඇයි අලුතෙන් ආපු පලියට ස්කූල් එකේ ඉන්න සේරම කියන එක අහගෙන කරන්නෙ.. කිසි චාරයක් නෑ ඉන්න කිසිම කෙනෙක්.. අලුතෙන් ආපු එකෙක් අල්ලගෙන පුළුවන් තරම් මඩවලා ෆන් ගන්න එකද මේ ස්කූල් එකේ පිළිවෙළ කියලා ඇහුවා.. සොරි කියපං කිව්වා මූ ඒකට නැමුණෙත් නෑ.. මේ ඉස්කෝලෙ මට ඔහොම කතා කරපු පලවෙනි සතා තමයි ඕකා.. අලුතෙන් ආව නිසා නොදන්නවා ඇතිනෙ.. උනුත් දැනගන්න ඕන.. චිරන්ත වංශනාත් කවුද කියලා.. "
අයියනම් පස්සට අඩියක් තියන්නෙ නෑ වගේ.. එයා කොහොමත් එහෙමයි.. මෙයා සොරි කියන්නෙත් නැතුව වැරදි කෙනා එක්කනෙ ලොකුකම් කියවලා තියෙන්නෙ.. දැන් ඉතින් කරන්න දෙයක් නෑ.. මෙයාගෙ හිත වෙනස් කරන්නෙ කොහොමද..කොච්චර කිව්වත් මෙච්චර ලොකු ෆනිශ්මන්ට් එකක් ලැබිලත් තවමත් මේ දරුණු මනුස්සයා ඉස්සරහ ඔළුව පාත් නොකරන හැටි පුදුමයක්.. මේ ස්කූල් එකේ කිසිම කෙනෙක් ලග මේ තරම් ධෙෙර්යක් තිබිලා නෑ.. ඒත් මම මේ අයියට බය වුණත් මියුරුගේ යටත් නොවන, එයා ගාව තියෙන අසීමිත ධෙෙර්ය ලග හිතට ලොකු පණක් ගැම්මක් ආවෙ මටවත් අදහගන්න බැරැවයි..
"ඒ මොනව වුණත් මෙයත් මනුස්සෙක්.. අනික මෙයා අපේ බැජ් එකේ.. මෙයාට ඕන රැග් එකක් අපි දෙන්නම්.. ඔයා ඔයාගෙ සෙක්ශන් එක ගැන බලාගන්න.. මොන වැරැද්ද කලත් මෙහෙම දඬුවම් දෙන එක සුදුසු නෑ.. ඔයා 12 වසරෙදි අලුත් ලමයින්ව රැග් කරන්න ආවට අපි ආවෙ නෑ අයියෙ ඔයාලගෙ දේවල් වලට ඇඟිලි ගහන්න.. ඒ නිසා මෙයා ගැන අපි බලාගන්නම්.."
කොහෙන්දෝ ආපු ධෙෙර්යක් මගේ වචන වලට පෙරලී අවසන් වෙද්දි මම ඉක්මනටම මියුරු ලගට දුවගෙන ගියේ මේ වන දේ වැළැක්විය යුතු නිසාමයි.. ක්ලාස් එකේ කිසිම කෙනෙක් මම වෙනුවෙන් උදව්වට ඉදිරිපත් නොවුනේ චිරන්ත වංශනාත්ට තියෙන බය නිසාමයි...
"දානවා ඕක බිමට.. දන්නවද මේ පාර කටගහන් ගියේ කා එක්කද කියලා.. එයා තමයි මේ ස්කූල් එකේ හැම කෙනාවම බය කරගෙන ඉන්න කෙනා.. එයාට පොඩි එකාගෙ ඉදන් එයාගෙ වයසෙ අය වෙනකම් යටත්.. තේරුම් ගන්නවා මට චන්ඩි පාට් දැම්මට මෙහෙ හැමෝටම ඒවා දිරවන්නෙ නෑ.. ඔච්චර පණ්ඩිතකං කියපු එකේ සොරි කියන්න තිබ්බෙ නැද්ද ආ.. ඒක අමාරුද මෙච්චර හරියක් කරන එකට වඩා.. "
ඔළුවෙ තියන් හිටි ඩෙස් එක බිමට දමා මම බැනගෙනම ගියේ ඉවසන්න බැරි කෙන්තියටයි.. අවස්ථාව අනුව තව කෙනෙක්ට යටත් වීම මෝඩකමක් නොවන බව මියුරුට තේරුම් නොගිය එක නම් පුදුමයක්...
"මම කාටවත් වරදක් කරලා නෑ.."
මෙච්චර ටිකක් වෙලත් මියුරුගෙ පිලිතුර ඉතා කෙටි වෙද්දි මේ මනුස්සයා ගැන නම් තේරුම් ගන්න බෑ කොහොමවත්.. දරුණු ෆනිශ්මන්ට් ලැබිලත් තවමත් මේකා ඉන්නෙ පුදුම ලොකුකමකින්.. යටත් වෙන්න සමාව ඉල්ලන්න කිසිම සූදානමක් නෑ වගෙයි..
"නංගි.. අද මම මූව අතාරින්නම්.. හැබැයි මේ දෙකයි පනහෙ ඇච්චො ඉස්සරහ මම පදිරි වෙන්නෙ නෑ.. තමුසෙ නිසා පාඩුවේ යන්නම් අදට.. එතකොට උඹ.. මේකිට පින් සිද්ධ වෙන්න නොමැරි බේරුණා කියලා හිතාගනින්.. මම කාටවත් සෙකන්ඩ් වෙන එකෙක් නෙවෙයි.. අදට පලයං.. හැබැයි පරිස්සමෙන් ඉදපං.. මට උඹව හොඳටම නෝට්.. මගේ ඉස්සරහට නෑවිත් ඉදපං.. නැත්තම් වෙන දේ තොට හිතාගන්න බැරිවෙයි.. නංගි උඹ දෙකයි පනහෙ අද ඊයෙ ආපු එකෙක් වෙනුවෙන් මාත් එක්ක තර්ක කලා.. මගේ තීරණවලට බලපෑම් කලා.. උඹත් පරිස්සමෙන් හිටපං අවස්ථාවක් එයි ආයෙම මට එතකොට මම බලාගන්නම්.."
මූණටම කරලා තර්ජනය කරද්දි අපි හැමෝම හිටියෙ නිසොල්මන්ව.. වසර 11කටම කිසිම දෙයක් නිසා චිරන්ත අයියට නෝට් නොවුණු මම අද මේ ඊයෙ පෙරේදා ස්කූල් එකට ආපු මහන්තත්ත, වැඩකටම නැති මනුස්සෙක් නිසා චිරන්ත අයියට නෝට් වුණා මම..
"මොකක්ද ආදි මේ කරගත්තෙ.. මම කිව්වා නේද චිරන්තගෙ ඒවට හොට දාන්නෙපා කියලා.. අනික මූ නිසා.. මූ ඔයාටත් අනම්මනම් කිව්වා.. මොකටද මේ වගෙ එකෙක් නිසා අහක යන තොප්පියක් දාගත්තෙ..මටත් මූත් එක්ක පුදුම කේන්ති.. මෙහෙම වෙලා මදි ඔයාට කිව්ව දේවල් වලට.."
කසුන් මැද්දට පැනලා මට දොස් කිව්වෙ මටත් අනම් මනම් කියපු මියුරුව මම බේරගන්න ඉදිරිපත් වුණ නිසයි.. එයත් බලන් හිටියෙ මට කිව්න දේවල් වලට මියුරුගෙන් පළිගන්නයි... ඒ මොනවා වුණත් මේ තරම් දරුණු දේවල් අනුමත කරන්න බෑ කොහොමටවත් කාට සිද්ධ වුණා වුණත්...මගේ මතේ වුණේ ඒකයි..
අමාරුවෙන් කමිසෙත් අරගෙන ටැප් එක ලගට ගියේ ඉන්න තත්වයෙන් දිගටම ඉන්න බැරි නිසා වෙන්න ඇති.. අමාරුවෙන් ඇවිදන් යද්දි මටත් නොදැනිම මගේ හිතට දැණුනේ ලොකු දුකක්... ඒ නැතත් හැම කෙනාටම කට ගහගෙන යන එකත් දඬුවම් ලැබිය හැකි වරදක්.. අද මියුරුට ඒක පසක් වෙන්න ඇති කියලා මම මටම කියාගත්තෙ අද වුණ සිදුවීම නිසයි.. ගාඩ්න් එකට සමු දී ක්ලාස් එකට ආවෙ කොමර්ස් එක දිහා බලාගෙනයි.. අන් කවරදටත් වඩා ආර්ට් එකෙත් කොමර්ස් එකෙත් තිබුණේ නිහඬියාවක්..
"ලමයි.. හෙට ඉදන් පරිසර සතිය පටන් ගන්නවා.. ඔයාලා හෙට එද්දි මොනව හරි පැලයක් අරන් එන්න මල් පැලයක් හරි ස්කූල් එකේ හිටවන්න..."
හැම පන්තියකම ලමයින්ට ලෝක පරිසර දිනය වෙනුවෙන් ගසක් සිටුවීම අනිවාර්යය වුණා.. හෙට දිනයේ මල් පැලයක් හෝ රැගෙන ආ යුතුයි... ස්කූල් නිම වී ගෙදරට ඇවිත් ඇඳට වැටුණෙත් අද සිදු වූ දේ මතක ආවර්ජනය කරමින්.. ඇත්තමයි.. කියපු දේ නොකර සමාව හෝ නොඉල්ල දීපු ෆනිශ්මන්ට් හැම එකක්ම දරා ගනිමින් සමාව අයැද ඔළුව පහත් නොකරන්න තරම් මියුරුට තියෙන ධෙෙර්යනම් පුදුමයි.. අද ඊයෙ දැකපු කෙනෙක් වෙනුවෙන් අච්චර දරුණු මනුස්සෙක් ලග මමත් බලපෑම් කරපු මගේ ඒ ධෙෙර්ය ගැනත් මට පුදුමයි...
පසු දින ලෝක පරිසර දිනය වෙනුවෙන් මම තෝරගත්තෙ ලස්සනට වැවෙන ෆයිනස් ගහක්.. මියුරු අද වුණ දේ නිසා හෙට ස්කූල් ඒවිද එයාට කොහොම ඇත්ද කියලා දැනගන්නත් කුතුහලයක් මට ඇති වුණා.. ඇත්තටම මට ඒ දේවල් මොකටද.. මට එයා ගැන වැඩක් නෑ.. මගේ හිත දෙපැත්තකට තර්ක කරන්න පටන්ගත්තා රෑ මැදියම ඉක්ම වන තෙක් නින්දක් නොදීම...
ඉදිරියට..........
.............................................................................
*කතාවෙ සිවු වන පිටුවත් පෙරළුනා.. පිටුවෙන් පිටුව පෙරලෙද්දි අලුත් දෙයක් අලුත් ආරම්භයක් ලැබෙනවා වගෙයි.. යටත් නොවෙන ගතිය,, කිසිම දෙයක් නිසා තමන්ගෙ අදහසට පිටින් නොයන කොල්ලෙක්ගෙ ජීවිතේ ඇති නොකියන රහසක්,, අත්දැකීම් ගොන්නක්.. අපි බලමු.. මේ පොතේ පිටුවෙන් පිටුව පෙරලමු හෙමින් සැරේ අපි.. ඔයාලගෙ අදහස් කමෙන්ට් කරන්න අමතක කරන්නෙපා පිටු අතරට ඔයාලගෙ අදහස් අනිවාරෙන් එකතු කරන්න.. ඉක්මනටම හමුවෙමු ඊලග පිටුවෙන්.. දිගටම ඉන්න කතා පියස එක්කම..*
Dilru
No comments:
Post a Comment