Pages

Tuesday, July 7, 2020



නව කථාවක්

මන්දිරයක සතුට සොයන 
සමනලී
*තිස්වන දිගහැරැම*

"නෝ.. නෝ ඩැඩී.. ඒක වෙන්න බෑ.."

සන්දීප් හොඳටම කලබල වෙලා ඉන්න ස්වරෑපයක් මම දැක්කා.. එයාගෙ මූණ පුරා දැමූ දාඩිය පිහදගත්තේ මම දිහා බලමින්..

"ඕකේ ඩැඩී.. මම එන්නම් සදිසි එක්කම.."

සන්දීප් පෝන් එක කට් කලත් එයාට මාත් එක්ක කතා කරන්න වචනයක්වත් නෑ වගේ.. මගේ මූණ දිහා බලාගෙන ඉන්නෙ පුදුම වේදනාවකින්.. සත්තකින්ම ඇයි මේ.. 

"සන්දීප්.. ඇයි මේ.. ඔයාගෙ තාත්තා කෝල් කලේ ඇයි.. එයා මොනවද කිව්වෙ..ඔයා ඔහොම කලබල වෙලා ඇයි කියන්න.."

සන්දීප් තාමත් මගේ දිහා බලාගෙනමයි.. නෑ උත්තරයක් නම් දෙන්නෙ මට..

"සන්දීප් කියන්න මොනද වුණේ කියලා.."

මම එයාගෙ අතින් අල්ලලා හෙලෙව්වෙ එයාව පියවි සිහියට ගන්නයි..

"සදිසි.. අපිට දැන් යන්න වෙනවා.. ඉක්මනට යමු.."

ඊලග තත්පරයේ එයා මගේ අතින් අල්ලගෙන කාර් එකට ලගට ගියා නෙවෙයි දිව්වා.. ඒත් මොකද මේ වුණේ.. එකපාරම මෙයාට.. මටනම් හිතාගන්න බෑ.. මොනව කිව්වත් සන්දීප්ගෙ තාත්තා කියලා තියෙන්නෙ නම් හොඳ දෙයක් නෙවෙයි..  මට උපකල්පනය කරන්න පුළුවන් වුණේ එපමණමයි...
සනදීප් කාර් එක ස්ටාර්ට් කරලා ඩ්‍රයිව් කලෙත් ගොඩක් වේගයෙන්.. එයාගෙ ඇස්වල දැන් නම් කඳුළුත් පිරිලා.. දැන්නම් පපුවත් ගැහෙනවා බයටම වේගයෙන් මගේ.. 

"සන්දීප් දැන්වත් කියන්න.. ඇයි ඔයා අඬන්නෙ.. තාත්තා මොනවද කිව්වෙ.. එයාට කරදරයක් ද.. අනේ ඔයා මට හාට්ඇටෑක් එකක් එනකම් ද බලන් ඉන්නෙ.. කියන්නකො.."

කාර් එකෙත් එයාගෙ අතින් අල්ලගෙන මම ඇහුවෙ මට තවත් නම් ඉවසන් ඉන්න බැරි නිසයි.. 

"අම්මෝ.."

එකපාරම පාර අයිනට කරලා ආපු වේගයෙන්ම බ්‍රේක් කරද්දි මම ඉස්සරහට තල්ලු වුණේ ගොඩක් වේගයෙන්.. 
පාර අයිනෙ නතර කරලා එයා කාර් එකේ බැහැලා ගියේ කඳුළු පිහදානගමන්..
මමත් ඉක්මනටම ශීට් බෙල්ට් එක ගලවලා කාර් එකෙන් බැහැලා එයා ලගට දිව්වෙ ඉක්මනින්..

"සන්දීප්.. අනේ මොකද වුණේ කියන්න.. ඇයි අඬන්නෙ.. තාත්තා මොනවද කිව්වෙ.."

එයාගෙ ඇස්වල කඳුළු පිහදාන ගමන් ඇහුවෙ මම.. එයා කඳුළු නතර කරගෙන මොකක් හරි කියන්න ට්‍රයි කරනවා..

"ස..දි..සි.. මේ.. කියන.. දේ අහලා කලබල වෙන්න එපා.. ප්ලීස්.. කියන්න හයියක් නෑ මටත්.."

වචන නතර කර කර එයා මගේ කම්මුල් එයාගෙ අත්දෙකෙන් අල්ලගෙන මාව එයාගෙ පැත්තට හැරෙව්වා..

"මේ බලන්න මගෙ දිහා.. මම මේ කියන දේ හොඳින් අහගෙන ඉන්න.. දුවන්න ලෑස්ති වෙන්න එපා.. කලබල වෙන්නත් එපා.. මම ඔයාගෙ ලගම ඉන්නවා.. හැමදාටම.. ට්‍රස්ට් මී ප්ලීස්.."

සන්දීප් මොනවද මේ කියන්න හදන්නෙ.. එයා මේ කියන දේ මට ඒ තරම්ම බලපාන දෙයක්ද..

"හරි මට ඔයාව විශ්වාසයි.. මොන දේ වුණත් ඔයා මං ගාවම ඉන්නවා කියලා.. ඒත් දැන් ඔහොම කතා කරන්න මොකද වුණේ කියන්න.. දැන්නම් මැරෙයි මම.."

අවසාන වචන ටික කියන්න වුණේ නෑ.. එයා මගේ කට එයාගෙ අතින් වැහුවා.. 

"සදිසි.. අංකල්.. එ..ඩ්..ව..ඩ්.. අංක..ල්.. අ..අ..ප්..පි..ව.. දා..ලා.. ය..න්..න ගි..හි..ං.."

එයාගෙ වචනවල අවසන් කොටස මට නෑහුණා තරම්.. මගෙ මුළු හදවතම ඝණ අන්ධකාර වළකුළකින් වහගත්තා වගේ දැනුනා මට..

"ම්... මො..ක..ක්..ද.. කි..ය..න්..නෙ.. මො..ක..?"

මට කතා කරන්න බැරි තරම් වචන වත් පිට නොවෙන තරම්..

"ඔව් ස..දි..සි.. එයා.. අපිව.. දාලා.. සදහට..ම.."

"නෑ නෑ නෑ... ඔයා මට.. විහිළු කරනවද.. සන්දීප් ඔහොම විහිළු නම් කරන්නෙපා හීනෙකින්වත් හරිද.."

මට කිසිවක් විශ්වාස නැති ගානටම ඇවිත්.. සන්දීප්වත් විශ්වාස නෑ මට.. එයා කියන දේ වෙන්න බෑ කොහොමටවත්..

"අනේ මැණික.. ඔහොම දෙයක් ඔයාට කියන්න වෙච්ච එක තරම් පවක් මම කරලනෙ.. මැණික මම ඇත්ත කියන්නෙ.. අංකල් අපිව දාලා සදහටම යන්න ගිහින්..අපිව දාලා සදහටම..."

එයාගෙ වචන හමුවේ මගේ හුස්මවත් නොවැටෙන තරමට මම ගල් වෙද්දි මගේ ඇස්වලින් දියඇල්ලක් ගලන්න මෙන් කඳුළු කඩා වැටුණේ මටවත් නොදැනී.. මුළු ඇඟම මගේ පණ නැති වෙද්දි එහෙමම පාර අයිනෙ ඉන්ද වුණේ ඉන්නෙ පාරෙ කියන දේත් අමතක වෙමින්.. තාමත් මම බලාගත්ත අතේ බලාගෙන බිම හිදින්නේ අවට වටපිටාවේ කිසිම සද්ධයක් හෝ නොඇසෙන තරම් කන් අගුළු ලොක් වී ඇති නිසාවෙන්.. කතා කරගන්න බැරි තරමට වචන හිර වී තියෙද්දි හුස්මත් මග නතර වන තරමටම මගේ හදවත හිරවී අවසන්.. මට ඇහෙන්නේ මහා වනයක් මැද සුළි සුලගක් හමද්දි මම ඒ දෝංකාර සැඩ සුලගේ ශබ්දය පමණක් අහගෙන.. ගස්වල කොල නටුවෙන් මිදී මගේ ගතේ දැවටී සුලං රොදට ගසාගෙන යද්දි මම එකම තැනක නොසෙල වී ඉදගෙන හිදින බවක්.. නෑ ඇහෙන්නෙ නෑ අන් කිසිවක් මට.. මහ සැඩ සුළඟ ගසාගෙන ගියා මගේ මුළු ලෝකයම.. මගේ දෑස් ඉදිරිපිටදීම.....

"සදිසි.. සදිසි මැණික.. අනේ කතා කරන්න.. හයියෙන් කෑ ගහලා දුක පිට කරන්න.. හදවතට ඔහොම දරන්න දෙන්නෙපා මගෙ රත්තරනේ.. පැලිලා යාවි හදවත.. අනේ රත්තරනේ හයියෙන් කෑ ගහලා දුක පිට කරන්න ඔහොමනම් ඉන්නෙපා.. ප්ලීස්.."

සන්දීප් මාව බදාගෙන අඬනවා.. ඉකි බිදින්නවත් හදවතට සිහියක් නෑ මගේ.. ජාතක නොකලට ඒ හදවත මගේ හදවතට මුසු වෙලා තිබුණා එදා ඉදන්ම..  පුංචි කාලෙ කෙලි සෙල්ලම් වයසේ පටන් තාත්තා මගේ අතින් අල්ලගෙන සෙල්ලම් කලා.. මම වැටිලා තුවාල වූ වෙලාවට මටත් වඩා දුක් වුණා එයා.. සැබැවින්ම අම්මෙක්ගෙ හා තාත්තෙක්ගෙ චරිත දෙකම වුණා තාත්තා මට.. නෑ.. එයාට මාව දාලා යන්න බෑ කොහොමවත් බෑ.. එකින් එක එයා එක්ක මම ගත කල නිමේෂයන් ඇස් ඉදිරියේ මැවෙද්දී කොහොම දරාගන්නද.. එයා සදහටම මාව මේ ලෝකෙ තනි කරලා යන්න ගිය බව..

"මගේ තාත්තේ.............................."

මෙතෙක් වෙලා නිසලව හිඳි මම කෑමොර දී කිව්වේ එකම දෙයයි.. මගේ තාත්තේ... හයියෙන් ඉකි බිඳෙද්දි අහස පොලවත් කම්පා වුණේ මේ වේදනාව ඒ තරම්ම අහසට හෝ පොළවටවත් දරාගන්න බැරි නිසාවෙනි....

"අනේ.. ම..ගෙ.. තාත්තා.. එ..එ..යාට.. ම්..මා..ව.. දා..ලා.. යන්.. බෑ.. බෑ.. මේ.. මො..ක..ද. වු..ණේ.. අ..නේ.... දෙ..යි..යනේ..."

මහ හයියෙන් විලාප දී ඇඬුවේ අපි වටා මිනිසුන් හෝ එකතු වී සිටින බව හෝ නාෙදකින තරමටයි...

ජීවිතයේ කටුක මගේ රෝස කුසුම වූවා..
පාළු කතරෙ විඩා නිවා දිය පහරක් වූවා..
යනෙන ගමනෙ හරි මංපෙත විවර කරලා දුන්නා..
අද කොයිබද මිලින වුණේ මා තනිකරදා ඔයා...

ඉකිබිඳෙද්දි ඇස් නොනවත්වාම කඳුළු හලන්න වුණා.. නැහැ කිසිම පණක් ඇඟට.. සන්දීප් එකපාරම මාව වඩාගෙන කාර් එකට නංවගත්තා.. තවමත් සිහියක් නැතුවම කඳුළු හලද්දි මටත් වඩා එයා අඬන බවක් මම අඩමානෙට දැක්කා..

"එ..යා..ට.. මා..ව.. දා..ලා.. යන්..න බෑ.. සන්දීප්.. කොහොමවත් බෑ.. අනේ.. කොහොමද මේම වුණේ දරාගන්න බෑ මට.. එයා මගේ ලෝකෙම සන්දීප් කියන්න මට.. එයාට මොකුත් වෙලා නෑ නේද... එයා හොඳින් නේද.."

පුංචි එකෙක් වගේ මගේ හිත සනසගන්න මම ම ප්‍රශ්න අහද්දි සන්දීප් හිටියෙ අසරණ වෙලා..

"අනේ මැණික.. ඇත්තට මූණ දෙන්න මගෙ දෙයියෝ.. එයා ඔයාගෙ පණ.. ඔයත් එයාගෙ පණ.. එයා වෙනුවෙන් නාඩා ඉන්න මගෙ මැණික.."

"අ..නේ.. මට.. එයා.. ඕන.. දෙවියනේ.. තාත්තා මගේ හැමදේම.. ඔයා දන්නවද එයා මට හැමදේම දුන්නා.. මට ඉල්ලුවෙ නැතත් හැමදේම ගෙනත් දුන්නා.. ලංකාවෙ ඉද්දි එයා මං එක්කමයි.. එයාට මාව දාලා යන්න බෑ..අනේ එයාට මාව නොදැක මාව දාලා යන්න කොහොමත් බෑ.."

මගේ ජීවිතය මෙතනින් අවසානයි.. තබන පියවර මෙතනින් අවසානයි..  තාත්තා මගේ හැමදේම.. එයයි මට පාර පෙන්නුවේ... මේ පාර ලංකාවට ආව වෙලේ මාත් එක්කම කාලෙ ගත කලා.. කොච්චරනම් සතුටින් තිව්වද ඔයා මාව.. මෙහෙම දෙයක් වෙයි කියලා කොහොමවත් හිතන්න බෑ මට..

කාර් එකේ සීට් එකේ ඔළුව හේත්තු කරගෙනම අඬ අඬ දෙඩෙව්වෙ මට කරගන්න කිසි දෙයක් දැන් නැති නිසා.. අනේ මට තාත්තා බලන්න ඕන.කාර් එක නතර කලේ බංගලාව ගාවයි.. බහින්න හාේ සිහියක් නෑ මට.. සන්දීප් මාව කාර් එකෙන් බස්සගෙන ඉනවටා අත යවා මාව එයාගෙ තුරැලටම නතු කරගෙන එයාගෙ පියවර සමගම මාවත් ඉදිරියට ගෙන ගියේ මට අඩියක් හෝ තනියෙන් තියන්නට සිහියක් නැති නිසාවෙනි...

"ඩැඩී.. මේ මොකද වුණේ ඩැඩී.. අනේ මේ බලන්න.. පණපිටින් පිච්චෙනවා මේ කෙල්ල.. අංකල්ට මොකද වෙලා තියෙන්නෙ.."

අපි යනවිටත් සන්දීප්ගෙ ගෙදර අයත් බංගලාවට ඇවිත් හිටියා..

"එඩ්වඩ්ට කැන්සර් එකක් තිබිලා.. එයා කාටවත් ම නොකියා හංගලා කියලා තමා සෙකියුරිටි එකෙන් කිව්වෙ.. අනේ මන්දා පුතා.. මෙයා ඇයි මෙහෙම කලේ කියලා හිතාගන්න බෑනෙ.."

"කැන්සර් එකක් තිබ්බනම් අපිටවත් කියන්න තිබ්බනෙ.. අනික ට්‍රීට්මන්ට් කරලා වැඩක් නැත්තම් මේ දේවල් පවරලා අංකල්ට ලංකාවට වෙලා ඉන්න තිබ්බනෙ.. එයා ඇයි අපිට නොපෙනෙන්න ඕස්ට්‍රේලියාවලම අවසන් හුස්මත් හෙලුවෙ.. කවද්ද ඩැඩී බොඩි එක ලංකාවට එන්නෙ.."

"හෙට හවස් වෙද්දි එයි පුතා.. මටනම් තාම අදහගන්න බෑ.. "

"ඔව් ඩැඩී.. බලන්න මේ කෙල්ල දිහා.. මට දරාගන්න බෑ සදිසි මෙහෙම ඉන්නකොට.. පොඩ්ඩක් කතා කරන්නකො.. කියන්නකො දැන් ඇඬුවා ඇති කියලා.."

"සදිසි දුව.. මට කියන්න බෑ අඬන්නෙපා කියලා.. ඒත් දුව මේක තමයි කාටත් පොදු දේ.. ඉවසන්න.. අපි ඉන්නවා ඔයාට.. "

"ම..ට.. තා..ත්..ත..ව.. ඕ..න.. එයා..මගේ.. ජීවිතේ.."

මට මිමිණෙන්නෙ එකම වචනයයි... මට තාත්තව ඕන.. මගේ ලග මොනව තිබුණත් ඵලක් නෑ මට.. තාත්තා නැතුව මගේ ලග...

දුවෙක්ට ලැබුණත් දහසකුත් රජ මාලිග..
ඵලක් නෑ රජෙක් නැති හිස් වූ මාළිග..
නුඹයි එඩිතර රජතුමා මගෙ ලොව..
නැවත එනු පියාණෙනි සොයා මා වෙත..
තාත්තෙකුගේ දහදිය බිදුවත්...
දුවෙක්ට මහා සයුරකි පිරැණු ලුණු දිය...
කුමාරියක් කරන්නට රජ මැදුරක..
වෙහෙසුනා වූ එකම දෙවියා වේය නුඹ මට...
පියවරක් පාසා නොවැටි තබන්නට 
නුඹේ අතැගිලි මහා අධාරකයක් වුණා එදා මට...
අදත් නුඹේ අතැගිලි අවැසිමයි මට යන්න හෙට දවසට...
එනු පියාණෙනි නැවත මා වෙත..........

තාත්තෙක් නැති ගෙයක් ගෙයක් නම් නොවෙයි දුවෙක්ට... සත්තකින් ම දුවෙක්ට තමන්ගෙ තාත්තා තමයි වීරයා හැමදාම... මව් සෙනෙහස උපන්දා සිටම අහිමි වුණ මට අම්මාගෙ සෙනෙහසත් මුසු කරලා ආදරේ දෙන්න හිටපු.. උප්පැන්න සහතිකය පියාගෙ නමට ඉරක් නොවැටෙන්න හිඩස සම්පූර්ණ කල තාත්තා අද මට මගේ හදවතම පසාරැ කර මගෙන් සදහටම වෙන් වී ඇත.. තවත් නම් මේ දුක දරන්නට බෑ මට...

😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭


*කතාවෙ තිස්වන දිගහැරැමත් මේ විදිහට අවසන් කරනවා.. අනේ සදිසිට පණ වගේ ඉදපු හීනෙකින්වත් සදිසිට වෙනස්කමක් නොකරපු එඩ්වඩ් මදනායක සදිසිගෙන් සදහටම වෙන් වෙලා මේ ලෝකෙන් ගිහින්.. මේ දුක නම් සදිසිට දරාගන්න බෑ කොහොමත්.. මදනායකට කැන්සර් එකක් කියලා දැනගෙන ඉදලද කලින් ඉදන් ම.. ඒත් ඒක මදනායක හැමෝගෙන්ම හංගලා කාටවත් නොපෙනන දිහාවක සදහටම තමන්ගෙ දෑස් පියවෙන්න ඉඩ හරින්න හේතුවක් තිබුණද.. සදිසිගෙ හැම හීනයක්ම බොඳ වේවිද.. මදනායක නැති දුක එයා කොහොම දරාගනීද.. හෙට වෙද්දි මදනායකගෙ නිසල දේහය ලංකාවට එයි.. සදිසි කොහොම පිලිගනීද එයාගෙ තාත්තගෙ මේ විදිහට පැමිණීම.. කතාව ගැන අදහස් කමෙන්ට් කරන්න අමතක කරන්නෙපා.. තව ටිකයි කතාව.. හැමදාම කතාව කියවන අයට ආදරෙයි ගොඩාාාක්... ඊලග කොටස ඉක්මනටම ගේන්නම්.. දිගටම ඉන්න කතා පියස එක්කම..*
Dilru don'T Copy

No comments:

Post a Comment