ආදිත්‍යා
ආදරය වෙනුවෙන් කැපවුණු දඟකාරිකගේ කතාව
* තුන්වන පිටුව*
අපේ ආර්ට් ක්ලාස් එකට එහා පැත්තෙන් කොමර්ස් ක්ලාස් එක තිබුණ නිසා කොමර්ස් ක්ලාස් එකේ ඉන්න ලමයි උගන්වන විෂය පවා අපිට බලාගන්න පුළුවන් කමක් තිබුණා..මම හිටියෙත් ඒ පැත්තට වෙන්න කොනේම නිසා රොයිටර් මම තමා.. කවදාවත් නැතුව මම කොමර්ස් එක දිහා සැරෙන් සැරේ බැලුවේ මියුරැ ගිම්හාන ඇවිල්ලද බලන්නයි.. මම ඊයෙ කරපු වැඩේ ගැන පසුතැවීමක් හදවතේ ඉතුරැ වෙලා තිබුණත් ඊටත් වඩා තරහක් තියෙන බවක් මට දැනුනේ මම මින් පෙර කිසිම කෙනෙක්ගෙන් ඒ විදිහට කතා අහගෙන නැති නිසයි...
"සඳුනි.. අන්න අර කොල්ලා ඇවිත්.. අපි කොමර්ස් එක පැත්තෙ වටයක් දාමුද.."
එකපාරම මගේ නෙත ගැටුණේ සුපුරුදු ඒ මුහුණ දකින්න ලැබුණු නිසයි...
"අනේ මේ ඊයෙ චා වුණා අමතකද තොට.. ලැජ්ජ නැද්ද අහයි කෙල්ලො වෙලා කොල්ලොන්ගෙන් කඩචෝරැ කඩා ගන්නෙ.."
ඊයෙ මියුරැ කිව්ව කතාවට සඳුනි ඉන්නෙ පුදුම ලැජ්ජාවක..
"හරි අද ඉකෝන් පීරියඩ් එක තියෙනවනෙ.. ඒකෙ අල්ලගන්නම්කො මම.."
මම ඉවසගෙන හිටියේ ඉකෝන් පීරියඩ් එක එනකනුයි...
ඉකෝන් පීරියඩ් එක වුණත් අද මිස් ස්කූල් නොපැමිණීම අපිට පුදුම සතුටක් ඇති කලේ...
"හලෝ මියුරැ.. කොහොමද ඉතින් ඊයෙ ගෙදර ගියාද.. "
"ඔව්.. අද මොනවද මගෙන් ඉල්ලන්නෙ.. "
මම කතාවට එන්නත් කලින් එයා තේරැම් අරන්...
"ම්.. අද මොකුත් එපා.. මම නැහැදිච්ච කෙල්ලෙක් කිව්වනෙ.. ලැජ්ජ නැද්ද ඇහුවනෙ කොල්ලොන්ගෙන් සල්ලි කඩාගෙන කන්න.. අද මම ආවෙ උත්තර දීලා යන්න..
මේ අහගන්න මියුරැ.. දෙකයි පනහෙ වැඩ අපි ගාව නෑ.. ගත්තට වඩා පරණ වෙද්දි අපි සළකනවා හොඳට.. එහෙම තමයි අපි.. යාලුවෙක් වුණාට පස්සෙ පණ වුනත් දෙනවා.. පොඩි රැග් එකක් දෙන්නෙ විනෝදෙට මිසක් අපිට හැදියාවක් නැතුව නෙවෙයි.. අපි පොලොවෙ පය ගහලා ඉන්න මිනිස්සු.. විහිළුවක් කරලා හිනාවෙලා ඉන්න අය.. ස්කූල් කාලෙ විනෝදෙන් ගෙවන අය.. එහෙමයි කියලා තුට්ටු දෙකේ වැඩ කරන්නෙ නෑ අපි.. ඒක ඔයා හොඳට මතක තියාගන්න.. ඔයා එවලෙ කිව්වනම් අද ගෙදර යන්න සල්ලි නෑ තියෙන එකෙන් කෑම අරන් දුන්නම කියලා ඔයාට පොදු සමා කාලයක් අනිවම දෙනවා.. අසරණ කරලා ගන්න හිතුවෙ නෑ.. ගොඩක් වෙලාවට අලුත් ස්කූල් එකකට යද්දි අපි නම් පරණ අයට ට්‍රීට් දෙනවා.. ඔයාලා නොකරට.."
හිතේ තිබ්බ ලැජ්ජාව, පසුතැවීම තරහ නිවාගන්න මේක උපරිම අවස්ථාවක් කරගත්තා මම.. මොකද මම ආස නෑ කාටවත්ම සෙකන්ඩ් වෙන්න..
"මල විකාර වැඩ.. ඉගෙන ගන්න එකයි මටනම් මුල් තැන.."
මියුරැගෙ පිලිතුර කෙටි වෙද්දි මාත් එක්ක හිටපු පවනි, කසුන්, සඳුනි අපි සෙට් එකම පුදුම වුණා.. කොල්ලෙක් ඉගෙනීමට මුල්තැන දෙනවා කියන එක අහන්නත් පුදුමයක්..
"මේ බලහන්කො.. මූ මහ බැංකුවේ අධිපති වෙන්න යන්නෙ.."
කසුන් කිව්ව කතාවට ක්ලාස් එකේ හිටපු හැමෝම හිනාවුණා.. කොල්ලට ඒක අහන් ඉන්න බැරැවද මන්දා ඉකෝන් පොතත් අරන් නැගිටලා යන්න ගියා..
"අඩෝ අරෑට මල පැන්නද කොහෙද.."
"හ්ම්ම් අපිට පාන්ද බං ඉතින්.. ඒක නෙවෙයි.. ආදි.. ඔයා මට තාම වචනයක් දුන්නෙ නෑනෙ.."
කසුන් යාලුවෙක් විදිහට මම හිතුවත් එයා මං ගැන සෑහෙන්න බලාපොරොත්තු තියාගෙනයි හිටියෙ..
"අනේ උඹ. 10 වසරෙ ඉදන් ම මේකිගෙ පස්සෙ වැටිලනෙ.. අම්මපා උඹට එපාවෙන්නැද්ද බං එකම අහලා අවුරැදු ගානක් තිස්සෙ.."
10 ශ්‍රේණියේ සිටම කසුන් මට යෝජනා ගෙනෙද්දි මම හැමදාමත් ඒවා මගහැරියෙ මට කවදාවත් ම එයා කියන විදිහෙ හැගීමක් ඇති වී නැති නිසයි..
"ඔන්න බලපං ඒ ලෙවල් ලියන්න කලින් මම ආදි ව මගේ කෙල්ල කරගන්නැද්ද කියලා.."
"අනේ කසුන් මේ උඹ ඔය දගලන්නෙ මාත් එක්ක තියෙන යාලුකමත් නැති කරගන්න හොඳේ.."
සුපුරුදු පරිදිම මගේ වචනෙන් අදත් කසුන් ව නිහඬ කරගත්තා මම...
"අර කොල්ලා පව් නේද බං.. මට නම් මාර දුකයි.. අනික උෟ ඉගෙනගන්න මාර උනන්දුයිනෙ.."
පවනිගෙ කතාවට අපි හැමෝම ඒකි දිහා බැලුවෙ පුදුමෙන්.. මේකිට මොකද මේ සත්ව කරැණාවක් පහල වෙලා හැබෑටම..
"ඒ මේ.. උඹට මොකද එකපාරම සත්ව කරැණාවක් පහල වුණේ.. කෝ බලන්න උඹ හොඳ සිහියෙන් නේද ඉන්නෙ.."
මම පවනිගෙ ඔළුව ටිකක් අතගෑවේ ඇත්තටම මේකි ඉන්නෙ හොඳ සිහියෙන්ද බලන්නයි...
"ඒ මේ මාර කේස් එකනෙ.. "
කලබල වෙලා අපි ගාවට දුවගෙන ආවේ සහන්.. මේකට මොකක් වෙලාද ඒ පාර..
"ඇයි මොකෝ කේස් එක.."
"අන්න අරෑව 13 අයියලට අක්කලට අහුවෙලා.. අඩෝ මාර විදිහට රැග් කරනවා ග්‍රව්න්ඩ් එකට දාගෙන.. අදනම් අරූ ඉවරයි.."
සහන්ගේ කතාවට අපි ඉදගෙන සිටි තැනින් නැගිට්ට වුණේ ඉබේටමයි.. මන්ද යත් 13 සෙට් එකට අහුවුණා කියන්නේ බේරෙනවා බොරැ වීමයි..
"අපිත් යමං ඉක්මනටම.. ගිහින් බලමු මොකෝ සීන් එක කියලා.."
මගේ හිත ඉබේටම ඒ පැත්තට ගිහින් බලන්න යෝජනා කලත් අනිත් අය තවමත් එහෙමමයි...
"පිස්සුද ආදි.. ඕවට අපිට හොට දාන්න බෑ.. දන්නවනෙ අයියලගෙ හැටි.. අනික උෟ අපිට අරන් දීපු බීම එකටනෙ අච්චර පාට් දැම්මෙ.. දැන් රිටන් එක හම්බෙයි.. මටත් පුදුම තරහක් තිබ්බෙ ඕකා එක්ක.. ඔයාට කතා කරා කිව්ව විදිහට.. අද ඒවට එක්ක ෆනිශ්මන්ට් හම්බෙයි.. යස වැඩේ ඕකට.."
ඊයෙ මියුරු මට කිව්ව කතාවලට කසුන්ට මියුරු ගැන තිබුණේ පුදුම කේන්තියක්.. කසුනුත් අවස්ථාවක් එනකලුයි බලන් ඉඳලා තියෙන්නෙ මට කිව්ව කතාවලට පලිය ගන්න.. ඇත්තටම කසුන් මං ගැන ගොඩක් හිතනවා.. ඒත් අපේ වයසෙම ලමෙක්නෙ.. එච්චර ලොකු රැග් එකක් හරි නෑ කියන මතේ මගේ හිතට ආවා මටත් නොදැනිම..
"අනේ එහෙම කියන්නෙපා කසුන්.. ඒකත් අපි වගේම ලමෙක් නෙ.. අනික අපි මේ බීම එකක් ගත්තා වගේ නෙවෙයි අයියලාට අහුවුණා කියන්නෙ.. යං යං.."
"අනේ ඔව් එයා හරි පව් මටනම්.. ඔයාලට එන්න බැරිනම් ඉන්න මම යනවා.."
සිද්ධිය බලන්න මටත් කලින් ඉස්සර වුණේ පවනි යි.. මටත් පුදුම පවනිගෙ හැසිරීමයි..
අපි කට්ටියම ග්‍රව්න්ඩ් එක පැත්තට දිව්වේ 13 සෙට් එක මියුරුට මොන වගේ රැග් එකක් දීලද බලන්නයි..
ග්‍රව්න්ඩ් එකට ගිය අපිට දකින්න ලැබුණු දේට මගේ මෙතෙක් වෙලා ගල් වී තිබූ හදවත උණු වී දිය වී වැටෙන්නාක් මෙන් දැණුනෙ ජීවිතේ පලමු වතාවට වෙන්න ඇති.. මගේ දෙඅත් කම්මුල් අතර රැදුණේ මටත් නොදැනිමයි..
"දෙවියනේ මේ මොකක්ද අයියලා දෙන රැග් එක..."
මට කියවුණේ එපමණයි..
ඉදිරියට...............................
................................................................................
**ආදිත්‍යා පොතේ තුන්වන පිටුවත් පෙරලී අවසන්.. ආදිත්‍යා තියෙන කෙලිලොල් කමට බීම එකක් ඉල්ලගත්තත් අවසානෙ ගෙදර යන්න අතේ තිබ්බ සල්ලි පවා දුන්නෙ කොච්චර සෙල්ලක්කාර වුණත් හැමෝටම උණු වෙන හදවතක් මවලා තියෙන නිසයි...
ආදිත්‍යා තරහ පිට වෙන්න බැන්නත්, එදා මියුරු ආදිත්‍යාට කොහොම කතා කලත් ආදිත්‍යාට මියුරු එක්ක තරහ තිබ්බත් මේ වෙන දේට කැමති වෙයිද.. ආදිත්‍යා මේ දේ අනුමත කරයිද.. නැත්තම් මියුරුව මුදව ගනීද.. මොන වගේ රැග් එකක් 13 අයියල අක්කලගෙන් මියුරුට හම්බෙලා ඇත්ද.. එතකොට කසුන් ආදිත්‍යා ගැන වසර ගණනක් තියාගෙන එන හැගීම ඒ ලෙවල් අවසන් වෙන්න කලින් ඉටුකරගනීද.. කතාව ඉදිරියට ලස්සන වෙයි.. ලොකු බලාපොරොත්තුවක් තියෙනවා එහෙම.. ඔයාලගෙ අදහස් කමෙන්ට් කරන්න අමතක කරන්නෙපා..ඊලග කොටස අරන් ඉක්මනටම එන්නම්.. දිගටම ඉන්න කතා පියස එක්කම..**
Dilru
No comments:
Post a Comment