Pages

Friday, July 10, 2020



නව කථාවක්

මන්දිරයක සතුට සොයන 
සමනලී
*තිස් දෙවන දිගහැරැම*


ගෙදරින් නැවත වතාවක් යන්න හදද්දි මාව නතර කරගත් නාදුනන පුද්ගලයා කවුද කියලා දැන් මට ඇත්තේ කුතුහලයක්.. කලු කෝට් එකක් ඇඳගෙන ඉද්දි මට තේරැණේ තාත්තා වගේම වැදගත් කෙනෙක් බවයි...

"මම.. තමයි ලයනල් ප්‍රනාන්දු මිස්ට එඩ්වඩ් මදනායකගෙ ප්‍රයිවට් ලොයර්... "

තාත්තගෙ ප්‍රයිවට් ලෝයර් ද මේ.. ඒත් ඇයි මං ගැන අහන්නෙ.. ප්‍රශ්න හිතේ පිරැණට කෝ ඒවට උත්තර..

"ම්.. හෙලෝ සර්.. ඇ..යි.. මාව හෙව්..වෙ..?"

අඩමානෙන් වගේ ප්‍රශ්න කලේ මටවත් නෑසෙන ගානටයි..

"මිසිස් මදනායක මේ අයි කමීන්..?"

"මිස්ට ප්‍රනාන්දු.. කම් ඇන්ඩ් සීට්.."

අම්මා ලෝයර්ව පිලි අරගත්තා.. තවමත් මම දොරකොඩ ඉදන් යන්නත් නොයන්නත් අතර අතරමං වෙලා බලන් ඉන්නවා... වෙන කිසි දෙයක් නොතේරෙද්දි...

"සදිසි.. මම ආවා.. යමු මම ඔයාව ඇරලන්නම්.."

එවලෙම සන්දීප් එතනට ආවෙ මාව ඇරලවන්නයි... 

"ලෝයර් මාව ඇහුවා සන්දීප්.. ඔයා ආව එක හොඳයි.. මම බයෙන් හිටියෙ"

මේ අවස්ථාවේ සන්දීප් දැකීම හිතට ලොකු සහනයක්.. 

"මිසිස් මදනායක මම කෙලින්ම කතාවට එන්නම්.. සදිසි මදනායකත් මෙතන ඉන්න ඕන.."

"වට්.. ඒ මොකටද.. එඩ්වඩ්ගෙ වයිෆ් මම.. එතකොට මේ එයාගෙ ඩාේටර්.. කාෙහොමත් මම ලෝයර්ට කතා කරන්න හිටියෙ.. බිස්නස් වල වගකීම ලීගලි ම මගෙ අතට ගන්න කාලෙ හරි..ඒකට මෙයා ඕන නෑ.. සදිසි යන්න මෙහෙන් දැන්.. ඔයාට මේවා අදාල නෑ.."

අම්මා මට යන්න කියද්දි තවත් මෙතන ඉන්න එක කිසිසේත්ම සුදුසු නෑ..

"නෑ මිසිස් මදනායක සදිසි මදනායක ඉන්නම ඕන.. එන්න මිස් සදිසි මදනායක.. සන්දීප් මානවඩුත් මෙතන ඉන්න ඕන.. "

ලෝයර් මටත් සන්දීප්ටත් කතා කරද්දි අපි දෙන්නත් වාඩි වුණේ තාත්තගෙ ලෝයර් කියන්න හදන්නෙ මොනවද කියලා දැනගන්නයි..

"මිසිස් මදනායක.. මිස්ට මදනායක එයාගෙ හැම දේපලක්ම නිරවුල් කරලා.. එයා ලෙඩ වෙලා ඉද්දි ඒ ගැන මම දැනගෙන හිටියා.. බට් ඒක කාටවත් දැනගන්න තියන්නෙපා කියලා එයා මාව පොරොන්දු කරවගත්තා.. එතකොට සවින්දි ප්‍රෙග්නන්ට් කියලා දැනගත්ත එකටත් එයා සදිසි මදනායකගෙ එන්ගේජ්මන්ට් එක කඩපු එකටත් නොසෑහෙන්න කළකිරීමෙන් හිටියෙ.. එයා මට කිව්වෙ මැරෙන්න කලින් මේ දෙවල් නිරවුල් කරන්න ඕන කියලා.. මං ගාව තියෙනවා සේරම ඩොකියුමන්ට්ස්.. මම කියන්නම්.. සරලව ම.. මිස්ට මදනායක ලංකාවෙ එයාගෙ තියෙන ගාමන්ට් ෆැක්ට්‍රිස් ඇන්ඩ් ටී ෆැක්ට්‍රීස් මිසිස් මදනායක නමටත්, සවින්දි මදනායකටත් පවරලා තියෙනවා.. සවින්දි මදනායකට ලැබෙන්න ඉන්න දරැවට ඒ දේවල් සවින්දිගෙන් පස්සෙ අයිති වෙන විදිහට ලියලා තියෙනවා.."

ලෝයර් එකින් එක නිරවුල් කරද්දි අම්මගෙ මූණෙ තිබුණෙ අමුතුම සතුටක්.. මට හිතුණෙ එකම දෙයයි.. අම්මට තාත්තා අපිව දාලා ගිය එකේ දුකට වඩා තාත්තගෙ දේපල ගැන ආසාවක් තිබිලා වගෙයි..

"ම්.. මම දැනන් හිටියා.. එඩ්වඩ් අවසානෙදි හරි එයාට ඉන්නෙ මමයි සවින්දි විතරයි කියලා තේරැම් ගනී කියලා.."

"නෝ මිසිස් මදනායක.. මිස්ට මදනායක එහෙම කෙනෙක් නෙවෙයි.. එයා තවත් එක දෙයක් කරලා තියෙනවා.."

අම්මගෙත් නංගිගෙත් මෙතෙක් වෙලා මූණෙ රැදුණු හිනහව තරමක් දුරට අඩුවී චකිතයක් ඇති වෙනවා මම දැක්කා.. මට ලෝයර් කියන කිසි දෙයක වැදගත්කමක් තිබුණෙ නෑ..

"මොකක්ද මිස්ට ප්‍රනාන්දු කියන්න.. "

"ඔව් මිසිස් මදනායක.. මිස්ට මදනායක එයා මෙතෙක් කාලෙකට හම්බ කරපු සල්ලි වලින් ලංකාවෙ ලමා නිවාස වලට කොටසක් පරිත්‍යාග කරලා.. පන්සලක් හදලා ස්වාමීන් වහන්සේලා පැවදි කරවලා එයාලට හැමදේම හරිගස්සවලා තියෙනවා.."

ලෝයර් මෙතෙක් වෙලා කිව්ව කිසි දෙයක් වැදගත් නොවුණත් ඒ දේට මගේ ඇස්වලට කඳුලක් එක් වුණේ තාත්තා මේ තරම්ම පින් කරලද අපි අතරින් වෙන් වුණේ කියලයි.. මාව ලමා නිවාසෙකින් අරන් හදාගත්ත නිසාද.. එයා ලමා නිවාස වලට ආධාර දුන්නෙ.. තාත්තා ගැන අද මම ආඩම්බර වෙනවා නිහතමානීව..

"ඒ විතරක්ම නෙවෙයි.. මිස්ට මදනායක සදිසි වෙනුවෙන් කෝටි ගානක මුදලක් අකවුන්ට් එකට ට්‍රාන්සර් කරලා තියෙනවා.. ඒ වගේම සදිසි මදනායකට ඕස්ට්‍රේලියා වල මිස්ට මදනායකගෙ හොටෙල්ස්, ෆ්‍රෙශ් මිල්ක් ෆැක්ට්‍රි ස් සේරම ලියලා තියෙනවා.. ඒ හැමදේම ඔයාගෙ බෑන්ක් ලොකර් එකේ ඇති.. කී එකක් නෑ.. බට් ඒක ඔයාට විතරක් ඕපන් කරන්න පුළුවන්.. ඔයාගෙ දේපලවල අයිතිය කාටවත් ම ගන්න බැරි වෙන්න ඔයාගෙ ලොකර් එක ඔයාගෙ ෆ්‍රින්ගර් ප්‍රින්ට් එකට හදලා තියෙන්නෙ.."

අහගෙන හිටපු අපි හතරදෙනාගෙම ඇස් මවිත වුණේ තාත්තා මං වෙනුවෙන් මේ තරම් දේපලක් ලියලද.. කවද්ද බෑන්ක් ලොකර් එකක් ඕපන් කලේ.. ඒකත් මගේ ෆ්‍රින්ගර් ප්‍රින්ට් කොහොමද ඒකට ඇඩ් කලේ.. මට විතරක් ඕපන් කරන්න පුළුවන් සිකියුරිටි එකක් දාලා එච්චර ආරක්ෂාවක් දීලා රකින්න තරම් ඔයාට වැදගත් කෙනෙක් වුණාද මාව තාත්තෙ... මම ඉඳගෙන හිටි තැනින් නැගිට්ට වුණේ අදහගන්න බැරි වූ නිසයි..

"තව දෙයක්.. මේ තියෙන්නෙ ඩොකියුමන්ට්ස්වල කොපීස්.. ඔරිජිනල් ටික ඔයාගෙ ලොකර් එකේ ඇති.. ගිහින් ඕපන් කරලා ගන්න.. " 

අහන්න ප්‍රශ්න කෝටියක් එකින් එක එක පෙලට මතක් වුණත් කටින් එක වචනයක් හෝ පිටනොවුනේ මේ සිදුවන දේවල් අගක් මුලක් නොතේරෙන නිසාවෙනි.. තාත්තා එච්චර දෙයක් මම වෙනුවෙන් කලාද.. ඒත් ෆ්‍රින්ගර් ප්‍රින්ට් තිබ්බෙ කවද්ද.. මට මතකයක් නෑනෙ..

"මේ..මේ.. ම...ගෙ..  ෆ්‍රින්ගර් ප්‍රින්ට් තිවුවෙ කොහො..ම..ද.."

"ම්.. ඒකද.. මිස් සදිසි මදනායක.. පොඩ්ඩක් මතක් කරන්න.. පොඩි කාලෙ හරි ඔයා තාත්තාගෙ කීමට කොහෙන් හරි ඇඟිලි සලකුණු තිව්වද.. පොඩ්ඩක් මතක් කරන්න.."

ලෝයගේ උපදෙස් නිසාම මම කල්පනා කලේ තාත්තා කවදද මගේ ඇඟිලි සලකුණු ගත්තේ කියලයි...  

"හ..රි.. මට දවසක් මතකයි.. මම පොඩි කාලෙ තාත්තා මාව බෑන්ක් එකට එක්කන් ගියා මගෙ බර්ත් ඩේ එකක් දවසෙ.. කේක් එහෙම කපලා එයා මාව ප්‍රසන්ට් එකක් දෙන්න කියලා එක්ක ගියේ..එදා එයා මගෙ ඇගිල්ල තියලා මොනවදෝ කලා... ඒත්.. එයා මට පොඩි කාලෙදිම එහෙම කලේ අද දවසක් ගැන හිතලද... මං ගැන ඒ තරම්ම වද වුණාද එයා... මේ තරම් දුර දිග බලලා වැඩ කලාද.."

අවුරැදු ගානක් ඉහත දී තාත්තා මගේ ඇඟිලි සලකුණු ගත්ත බව මතක් වෙද්දි දෙනෙත් වලට පිරැණු කඳුළු වල බර වැඩි වී කම්මුල් දිගේ පහලට කඩා වැටුණේ මටවත් නතර කරන්නට බැරි තැනමයි.. එයා මට අම්මලා මෙහෙම කරයි කියලා ඒ කාලෙම දැනගත්තෙ කොහොමද.. මේ තරම් දෙවල් මං වෙනුවෙන් ලියන්න තරම් මම එයාගෙ කවුද.. අරන් හදාගත්ත මට මේ තරම් වත්කමක් මොකටද.. මගේ අනාගතේ ගැන ඔයා මෙච්චරටම වද වුණාද තාත්තෙ.. අනේ මොන දේවල් තිබුණත් මොකටද අද ඔයා මං ගාව නෑනෙ.. දුවෙක්ට, දේපල ධනය මොකටද.. තාත්තෙක් නැතුව.. කඳුළු කඩා හැලෙද්දි ඉකි බිඳුනේ තව තවත් ඇස් මගේ තෙත් කරමින්.. 

"මේ මොනවද වෙන්නෙ මමී.. ඩැඩීගෙ ඩෝට මමනෙ.. එයා මට මෙහෙ බිස්නස් විතරද ලිව්වෙ ආ.. මම ඕස්ට්‍රේලියා පදංචියට යන්න ආසාවෙන් හිටියෙ.. ශික්.. මේ කෙල්ලට මේවා ලියන්නෙ මොකටද මම කිව්වනෙ මමී.. ඩැඩී මට වඩා මේකිට ආදරේ කරන්නෙ කියලා.. ශික්.. හොඳම ටික මෙයාට.. මටනම් ඩැඩී ගැන පුදුම කේන්ති.."

කෝටි ගානක දේපල ලැබිලත් අද අපිව දාලා සදහටම වෙන් වෙලා ගිය තමන්ගෙම තාත්තා එක්ක දේපලවල මදිකම නිසාම කේන්ති ගන්නෙ ඇත්තටම නංගිගෙ හිතේ කොනකවත් තාත්තා ගැන ආදරයක් නැද්ද, මනුස්සකමක් කොනකවත් නැද්ද ගෑවිලා...
තාත්තා මට දේපල පවරපු එක කිව් වෙලේ සිට අම්මගෙත් නංගිගෙත් මුහුණුවල තිබ්බේ  පුදුම තරහක්, කෙන්තියක්.. සත්තකින්ම නංගියි අම්මයි කියන විදිහට තාත්තා මට වෙන්න දුන්නෙ නෑ.. හිගන කෙල්ලෙක්..

"තව දෙයක්... ඔයාලට ඕස්ට්‍රේලියාවල සිටිශන්ෂිප් එක ගන්න එහෙ ලීගල් ඩොකියුමන්ට්ස් සේරම ලෑස්ති කරලා එහෙ රජය එක්ක සේරම කතා කරලා තියෙන්නෙ.. මේ තියෙන්නෙ ඒ ෆයිල් එක.. පරිස්සම් කර ගන්න.. වීසා එයි ඔයාලට.. සන්දීප් මානවඩුටත් එහෙ සිටිශන් ගන්න හැමදේම මිස්ට මදනායක ලෑස්ති කරලා.. ෆයිල් එක පරිස්සම් කරන්න.. වීසා ආවම මාව මීට් වෙලා ඉතුරැ වැඩ ටික කරගන්න..."

දෙවියනේ තාත්තා සන්දීප්ටත් සිටිශන් ශිප් එක අරන් දෙන්නද හදන්නෙ.. මාවත්, සන්දීප්වත් ඕස්ට්‍රේලියාවෙ සදහටම පදිංචි කරවන්වන ප්ලෑන් කරලද කලින්ම.. මේ තරම් සෙනෙහසක් ලබන්න මම සුදුසු ද.. ඕස්ට්‍රේලියාවෙ යන්නෙ කොහොමද මම.. මගෙ ඇත්ත අම්මා දුක් විඳිද්දි.. එයාව ඒ දුකින් මුදවගන්ක කාලෙ ඇවිත්.. මෙහෙන් සදහටම ගිහින් හරියනවද ඉතින් මම.., දෙලාෙවක් අතර මම තනි වුනේ අම්මා තාත්තා තරම් අන් කිසිවක් මට වැදගත් නැති නිසාවෙනි...

"වට්.. මෙයාලට එහෙ සිටිශන් ශිප් එක ගන්නත් එයා සේරම හදලද.. එයාගෙ දුව ගැනවත් නැති කැක්කුමක් මේ කෙල්ල ගැන එඩ්වඩ්ට මොන ඉනාවක් කවලද මේකි..,"

අම්මගෙ තරහ දැන් තවත් වැඩි වී ඇත්තේ මම සන්දීප් එක්ක ඕස්ට්‍රේලියා පදිංචියට යයි කියලා තියන ඉරිසියාවට හා තරහටයි..

"ඔව් මිසිස් මදනායක.. හැමදේටම උත්තර තියෙනවා.. මිස්ට මදනායක හේතුවක් නැතිව දෙයක් කරන කෙනෙක් නෙවෙයි.. මෙන්න මේ ලෙටර් එක මතක් කරලම සදිසි මදනායකට දෙන්න කියලා මට දුන්නා අවසන් මොහොතෙදි මිස්ට මදනායක.. මේක කියවන්න.. සමහරවිට එයාට ඔයාට කියන්න අමතක වුණ දෙයක්  ලියලා ඇති.. තව දෙයක්.. සෝමා මැණිකෙ කියන කෙනාගෙ බෑන්ක් එකටත් ලක්ෂ පනහක් ට්‍රාන්සර් කරලා තියෙනවා.. මේ තියෙන්නෙ පේපර්ස්.."

අනේ තාත්තා.. ගෙදර වැඩ කරපු කෙනා කියලා නොසලකා ඉදලා නෑ.. මැණිකෙ නැන්දා වසර ගණනක් බංගලාව වෙනුවෙන් නිර්ණාමික ව කරපු මෙහෙය වෙනුවෙන් කළගුණ සළකන්න අමතක කරලා නෑ.. තාත්තා මොන තරම් නම් යහපත් කෙනෙක් ද.. මැණිකෙ නැන්දගෙ ඇස්වලත් කඳුළු.. ඒත් තාත්තා ලියුමක් එවලා මට.. ඇයි ලියුමක්.. මොනවද ලියන්න ඇත්තෙ.. එයාගෙ ආදරේද මට සදහටම මතකයක් විදිහට කියවලා එයාව මතක් වෙන්න ලග තියාගන්න දීපු.. ලියුම කඩලා කියවනකම් ඉවසිල්ලක් නෑ මට.. මේ තියෙන්නෙ තාත්තා එයාගෙ හදවතේ තිබුනු හැගීම්, සිතුවිලි ආදරෙයේ අකුරැ කරපු ලිපියකි.. ඉතින් තාත්තා හදවතින්ම අකුරැ කරපු ඒ සිතුවිලි කියවනකම් මට ඉවසිල්ලක් කොහෙන්ද.. ඊටත් වඩා කුතුහලය හිතේ රජ කරන්න ගත්තේ හතරට පහට නවා තිබූ පිටු දෙකක කොලයක් දිගහැරෙද්දි................

.............................................................................


*කතාවේ තිස් දෙවන දිගහැරැම අවසන් කරන්නම්.. එඩ්වඩ් මදනායක හැමදේම නිරවුල් කරලා තියලා.. සදිසිට අද වගේ දවසක් උදාවෙන බව දැනගෙනද මන්දා පොඩි කාලෙම ෆ්‍රින්ගර් ප්‍රින්ට් තියලා බෑන්ක් ලොකර් එකක් ඕපන් කරලා.. ලමා නිවාස වෙනුවෙන් ආධාර කරලා.., පන්සලක් හදලා.., සවින්දිගෙ නරක හැදියාවෙන් බිහිවෙන්න ඉන්න දරැවා වෙනුවෙනුත් දේපල වෙන් කරලා.. තාත්තෙක් නැති ඒ දරැවටත් සමාජයේ කොන් වෙන්න දීලා නෑ තාත්තා..වසර ගනනාවක් බංගලාවෙ මෙහෙකාරකම් කරපු මැණිකෙ නැන්දටත් සල්ලි ට්‍රාන්සර් කරලා මැරෙනකම් ජීවත් වෙන්න... කොයි තරම් නම් කලගුණ දන්න කෙනෙක්ද.. සදිසිට එවපු ලියුමෙ එඩ්වඩ් මොනවා වචන කරලා කරලා අකුරැ කරලා ඇත්ද.. සදිසි කියවයි හෙට ලියුම.. බලමු.. හෙට මොනව වෙයිද කියලා.. කතාව අදම ඉවර කරන්න හිටියෙ.. අමාරැයි ටයිප් කරන්න.. හෙට ඉවර වෙයි.. කතාව ගැන අදහස් කියන්න අමතක කරන්නෙපා.. දැන් කතාව තේරෙනවා ඇති කියවපු හැමෝටම.. ඊලග කොටස ඉක්මනටම දෙන්නම්.. දිගටම ඉන්න කතා පියස එක්ක...*
Dilru Don'T Copy

No comments:

Post a Comment