Pages

Wednesday, July 22, 2020



ආදිත්‍යා

ආදරය වෙනුවෙන් කැපවුණු දඟකාරිකගේ කතාව

*පස්වන පිටුව*

ගෙනියපු ෆයිනස් පැලේ ක්ලාස් එකේ ඉස්සරහින් සිටුවන්න අදහස් කලත් මගේ ඇස් නිතරම තිබුණේ කොමර්ස් එක පැත්තෙයි.. ස්කූල් උදේ රැස්වීම අවසන් වී පැයකට කිට්ටු වුවත් තවමත් මියුරු ඇවිත් හිටියෙ නෑ.. 

"ඒ මේ.. අද මියුරු නෑ නේද බං.. ඊයෙ පට්ට රැග් එකනෙ හම්බ වුණේ එන්න බැරුව ඇති.."

සඳුනි මම කොමර්ස් එක දිහා බලන් ඉන්නවා දැකලා තේරුම් ගන්න ඇති මම බැලුවෙ මියුරු ඇවිල්ලද කියන දේ වග.. 

"හ්ම්ම්.. ඔව් බං මාත් මේ බැලුවෙ ඩයල් එක පේන්න නැති නිසයි.. අමාරු ඇති.. එක අතකින් යස වැඩේ බං.. තියෙන ලොකුකම බහින්නත් එක්ක.. අපි මොකද මේ උෟ එනකං බලන් ඉන්නෙ.. වරෙන් යන්න.. ස්කූල් එක වටේම පැල ඉන්දනවා.. අපිත් යමං..."

අද මුළු ඉස්කෝලෙම ලස්සනයි.. මල් පැල, ලස්සන කොල තියෙන ගස් හැම පන්තියකම හිටවනවා.. ස්කූල් ගාඩ්න් එකෙත් හිටවනවා.. දවසක අපි මේ පාසල හැර ගිය දවසට අපේ මතකයන් මේ හිටවන පුංචි පැල නැවත අහම්බෙන් හෝ පාසලට ආවොත් අපි මේ ගත කරන දිනයන්, මොහොතක් පාසා අපිට මතක් කර දේවි.. අපි ඉතුරු කල පාසල් මතකයන් විදිහට.. දවසක අපි එකට ඉන්න යාළුවෝ වෙන් වෙලා තැන් තැන් වලට යාවි, සමහරවිට අහම්බෙන් හෝ මුණ නොගැසෙන ලෙස.. කවුරුන් කෙදිනක පාසලට පැමිණියත් මේ පුංචි ගස් සුවිසල් වී ලස්සනට මල් ඵල ගැන්වී මතක් කර දේවි මේ අපි ඉතුරු කර ගිය මතකයන් බව...

"ඒ මේ.. අන්න මියුරු.."

පාසල වටේම නෙත් යොමා සුන්දරත්වය විඳින අවස්ථාවේ මගේ කල්පනාව බිඳුනේ පවනි ගෙ කටහඬටයි..

"කෝ.."

"අර බං ප්ලාස්ටර් දාලා වැලමිටෙත් එක්ක.. මොනාද පැලේකුත් අරන් ඇවිල්ලා යමං බලන්න.."

මියුරු දිහාම බලාගෙන පවනි කියද්දි අපි තුන්  දෙනාම ගියේ කොමර්ස් එක පැත්තට..

"ආහ්.. අහංකාර චන්ඩියා. හැම තැනම ලෙලි ගහ ගත්තනෙ අහංකාරකම නිසා.. දැන් කොහෙමද.. ගොඩක් තුවාල වෙලාද.."

"ටිකක් විතර.. දැන් අවුලක් නෑ.. "

දෙයක් ඇහුවම ඇහුව දේට විතරක් කෙටියෙන් උත්තර දෙන පුරුද්ද කොහෙන් ආවද මන්දා.. අපි වචන දහයක් කිව්වොත් ඒ වෙනුවට වචන දෙකක් කියාවි ඕනි නම්.. මොන පුරුද්දක් ද කියලා 

"අප්පා මෙන්න මෙයා රෝස පැලයක් ගෙනල්ලා.. මම හිතුවෙ රෝස මල් වලට ආස කෙල්ලො විතරයි කියලා.."

කොල්ලෙක් රාේස පැලයත් ගෙනත් හිටවන්න.. මම කෙල්ලෙක් වෙලත් ගෙනාවෙ ෆයිනස් පැලයක්.. වෙනස්ම කෙනෙක් මෙයා නම්.. මම හිනා වෙද්දි සඳුනිත් පවනිත් හිනා වුණේ උන් දෙන්නටත් හිතා ගන්න බැරි නිසයි..

................................................................................

"අඩෝ චිරන්තයා කොහෙද උඹ ඔය බලන් ඉන්නෙ.. අද දතක් ගලවන්න යන්නැද්ද.. බඩත්ගිනී බං දැන් නම්.."

චිරන්ත එක  එල්ලෙම බලන් හිටියෙ එකම දසුනක් දිහායි...

"බලපං අරකි අරූ එක්ක හිනා වෙවී ඉන්න ලස්සන.. මෙච්චර අවුරුදු ගානක් එකට ස්කූල් හිටපු මට විරුද්ධ වෙලා අලුතෙන් ආපු එකෙක්ට කඩේ ගියා.. මට දැන් තියෙන්නෙ වෙනම ටාගට් එකක් බං.."

අචින්තගෙ කතා විශ්වට ඇති කලේ කුතුහලයක්.. 

"මොකක්ද බං ඒ.."

"බලපං අරකි.. ආදිත්‍යා නංගි.. මෙච්චර දවසක් ඇයි මට මේ අයිඩියා එක නාවෙ ඔළුවට.. එක ස්කූල් එකේ ඉඳලත් නිතරම දැකලත්.. එදා තමයි ඕන කමින් ම බැලුවෙ.. බලහංකෝ පට්ට ෆිගර් එකනෙ.. මාර ලස්සනයිනෙ, සුදුයි.. අපේ ස්කූල් එකට ඉන්න ලස්සනම කෙල්ලද කොහෙද.. යකෝ ගමේ වරකා ගමේ කපුටන්ට කියලා කතාවක් අහලා නැද්ද.. ගමේ ඒවට පිට එව්වන්ට හොට දාන්න දෙන්න පුළුවන්ද.."

විශ්ව තුශ්නිම්භූත වෙලා බලන් හිටියෙ චිරන්තගෙ කතාවට..

"අඩෝ.. උඹට කවද්ද එහෙම අයිඩියා එකක් ඔළුවට ආවෙ.. උඹ කැතයිනෙ බං අර කොල්ලටත් වඩා සිරා කතාව ඒක.. ඒකි උඹට කැමති වෙන්නෙ නෑ ලොවෙත්.."

"මට අකමැති වෙන එවුන් ඉන්නවද මේ එ්රියා එකේ.. කී දෙනෙක් නම් මට කැමති කියලා ලියුම් එවලා ඇත්ද කෙල්ලො.. අනික මට දෙයක් ඕනි උණොත් මම ඒක කොහොමහරි ගන්නවා කියලා උඹ දන්නවනෙ.. 
හොඳින් නැත්තම් නරකින්.."

චිරන්තගෙ මූණෙ කේන්තිය පිරී තිබුණේ කෙසේ හෝ ආදිත්‍යාව අයිති කර ගැනීමේ අපේක්ෂාව ඇතුවයි..

"මම අරූව අතාරින්නෙ නෑ.. මට ඕන දේ වෙන එකෙක්ට ගන්න මම ඉන්නකම් ඉඩ දෙන්නෙ නෑ.. බලමුකො."

"හරි මචං අපි ඉන්නවා ඕන දේකට උඹ එක්ක.."

චිරන්තට ආදිත්‍යා ගැන ඇති වුණ හැගීම නිසා එයා කොහොම හරි ආදිත්‍යාව අයිති කරගනී වගෙයි.. තමන්ගෙ පහත් අරමුණු මුදුන් පත් කර ගන්න චිරන්ත වැන්නවඅන්ට කල නොහැකි පහත් ක්‍රියාවක්ද නැත...

💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙

අද ඉකෝන් අමතර පන්ති වැටිලා.. අපි තීරණය කලේ යුනිෆෝම් එකෙන්ම යමු කියලයි.. 
ඉගෙන ගන්න ලොකු ආසාවක් මගේ නෑ.. පන්ති එන්නෙත් අම්මගෙ තාත්තගෙ කීමට මිසක් ම කැම්පස් යන්න ආසාවකට නම් නෙවෙයි.. අපේ ජීවිතේම කඩදාසි කොලේකින් අමාරුවේ දාන දවසක් අද.. ඒ කියන්නෙ ඉකෝන් ක්ලාස් එකේ monthly test එක.. ආසාවකට පොතක් අතින් නොඅල්ලන මට එහා පැත්තෙ ඉන්න එකාගෙ පිහිට තමයි..

"ලමයි.. ඔයාලට පැය එකහමාරක් දෙනවා.. ටෙස්ට් එක ලියන්න.. ඊට පස්සෙ මම සේරම එකතු කරලා මාරු කරලා දෙනවා යාලුවො අතරට.. මම උත්තර කියද්දි මාර්ක් කරන්න.. මේක mcq පේපර් එකක් විතරයි.. ප්‍රශ්න 50යි.. එකකට දෙක ගානෙ.. 100ක් දෙනවා.. හැමෝම ලකුණු 80න් එහා ගනී කියලා හිතනවා.."

සර් පේපර් එක ගැන දීර්ඝ විස්තරයක් කලා.. අනේ මන්දා ඕවා.. ඉගෙන ගන්න අයට නම් වැඩක් වෙයි.. මටනම් වැඩක් නෑ.. පේපර් එකට උත්තර තෝරන්න තිබුණ වුණත් මට හිතෙන්නෙ උත්තර සේරම හරි වගේ.. සමහර ඒවා එකක්වත් මැච් වෙන්නෙ නෑ වගේ..නිශ්පාදන වක්‍ර ගැන, ඉල්ලුම සැපයුම් ගැන අනේ මන්දා මේවා.. ඒ ලෙවල් කරන්න ආව මෝඩකම කියලා හිතෙනවා පේපර් දැක්කම.. ඔන්න ඔහේ මතක හැටියට ගහලා දානවා.. පැය එකහමාරක් වූ පේපර් එක මම පැය බාගෙන් කරලා ඉවර වුණාම නම හිතුණෙ අනිත් අයට වඩා මම දක්ශයි කියලයි.. මගෙ එහා පැත්තෙ ඉන්නෙ සඳුනි.. ඕකිගෙන් අහනවට වඩා හොඳයි මම හිතලා කනාවට ගහපුවා..  මට අහම්බෙන් වගේ නෙත ගැටුනෙ මියුරුයි.. ඒකා කල්පනා කරනවා.. එක ප්‍රශ්නයක් දිහා පුරාම වෙලා බලන් ඉන්නවා.. සර්ගෙන් කටු කොල ඉල්ලගෙන ගණනුත් හදනවා.. මම පේපර් එක පෙරලලා බැලුවෙ කටු කොල අරන් හදන්න මොනවද තියෙන්නෙ කියලා..

"දැන් වෙලාව ඉවරයි..  කෝ පේපර් එක එකතු කරන්න.."

පේපර් ටික සේරම එකතු කරලා මාරු කලා.. මගේ පේපර් එක අහු වුණ එකාටනම් බලන්න දෙයක් නෑ.. උෟ අනාථයි..

"දැන් ලකුණු කොහොමද කියලා බලමු.. ක්ලාස් එකේ වැඩිම ලකුණු තියෙන්නෙ 94.. මට ගොඩක් සතුටුයි.. මම කියන්නම් ලකුණු 94ක් අරන් ක්ලාස් එකේ පලවෙනියා වෙලා තියෙන්නෙ... ඉෂානි ගමගේ දුව.. හැමෝම අත්පොලසන්නාදයක් දෙන්න...."

අම්මෝ 94ක් කොහොම ගත්තද මන්දා... ඒ කෙල්ල නැගිට්ටෙ නිකම් මහ රැජිණ වුනා වගේනෙ..

"එතකොට ක්ලාස් එකේ දෙවනියා.. එයා ලකුණු 88ක් අරන් තියෙනවා... හොඳ ළකුණු මට්ටමක්.. හරි එහෙනම්.. ලකුණු 88ක් අරන් ක්ලාස් එකේ දෙවනි තැන අරන් තියෙන්නෙ මියුරු ගිම්හාන් පුතා.. කොල්ලෙක් ලකුණු අතර ඉන්න එක මටත් ආඩම්බරයක්.."

මොකක්.. මියුරු ක්ලාස් එකේම දෙවනි තැන.. ඒකත් ලකුණු 88ක්.. අම්මෝ.. මගෙයි සඳුනිගෙයි ඇස් ලොකු වුණේ මියුරුගෙ ලකුණු කිව්වමයි..මට ලැජ්ජත් හිතුණා.. කීයක් අරගෙනද දන්නෙ නෑ මම... මාර කොල්ලෙක් තමයි.. ඉගෙන ගන්න මාර දක්ෂයිනෙ..

"අඩෝ සඳුනි උඹට කීයද ලකුණු.. මට 42යි බං.. ලැජ්ජාවෙ බෑ.. අරූ 88ක් බං.."

"මටත් යන්තං 50 බං.. පවනිට 64 ලු.. ඒකිට වැඩි වුණේ කොහොමද.. ඕකි අපිට නෑ කිය කිය පාඩම් කරනවා ඇති.. "

අපි ලැජ්ජ වුණේ අපේ ලකුණු මියුරුට වඩා ගොඩක් පහතින් තිබුණ නිසයි.. මියුරුට මූණ දෙන්නෙ කොහොමද කියලා දැන් මට සේරටම වඩා ප්‍රශ්නයක්.. අයියෝ..

"ආ මැඩම්.. කට වගේම වැඩත් ඇතිනෙ.. ලකුණු කීයද ටෙස්ට් එකට.."

හිතපු විදිහටම මියුරු මගෙන් ලකුණු ගැන ඇහුවෙත් නෝන්ඩියට වගේ.. මොකක් කියන්නද මම දැන්.. එකම තැන හිරවුණා වගේ දැනෙනවා.. මට කතා කරන්න වචනවත් පිට නොවෙන තරම්....

ඉදිරියට.....

..............................................................................

*කතාවෙ පස්වන පිටුවත් පෙරලී අවසන්.. හිතුවට වඩා කොල්ලා දක්ෂයා.. කෙල්ල කොල්ලට දාපු පාර්ට් වලට උත්තර කොල්ලා ඉගෙනීමෙන් දෙන්න වගේ යන්නෙ.. ඉතින් කෙල්ල කොල්ලට සෙකන්ඩ් වෙයිද..ඉගෙනීම   අතින්... ඒ අතරෙ ස්කූල් එකේ නම ගියපු චන්ඩියට කෙල්ල ගැන හැගීමක් ඇතිවෙලා.. චිරන්ත කෙල්ලව කොහොම එයාගෙ කරගනීද.. චිරන්තගෙ පහත් අරමුණ කොහොම ඉටුකර ගනීද.. මියුරු සහ ආදි ගැන තියෙන වැරදි වටහා ගැනීම නිසා මියුරුට කරදර කරයිද.. ඉස්සරහට ලස්සන සිදුවීම් ගේන්නම්.. දිගටම ඉන්න කතා පියස එක්කම..*
Dilru

No comments:

Post a Comment