නව කථාවක්
මන්දිරයක සතුට සොයන
සමනලී
*විසිහත්වන දිගහැරැම*
මැණිකෙ නැන්දගෙ ඇස්වල පිරැණු කඳුළු පිසඳගත්තේ මාව නැගිට්ටවන ගමන්.. නැන්දගෙ තුරැලට හේත්තු වෙලා මම ඇඬුවේ දුක පිට කරන්න කඳුළු ම මිස වෙන මගක් නැති නිසයි..
"මම මහ පව්කාරියෙක් නැන්දෙ.. වාසනාව කොහෙන්ද මට.. වාසනාව තිබ්බනම් අද මට මහ මගට වැටෙන්න වෙනවද.. ගිය ආත්මෙ මම කුරැලු කූඩුවක් කඩලා වෙන්නැති මේ ආතමෙ මට හෙවනක් නැති වුණේ.. අනේ තාත්තා හිටියනම් ලග වෙන්න දෙන්නෙ නෑ මට මෙහෙම දෙයක්... මොනා කරන්නද.. කාත් කවුරැවත් නැතුව මේ ලෝකෙට ආපු හැම ලමයම වගේ මෙහෙම ප්‍රශ්නවලට මූණ දෙනවා.. කමක් නෑ නැන්දා.. අවුරැදු විසිපහත් පහුවෙනකම් එයාලා මාව තියාගත්තනෙ.. දැන් මට මං ගැන බලාගන්න පුළුවන්.. මම යන්නම් නැන්දා...තරහක් නෑ අම්ම එක්කවත් නංගි එක්කවත්.. එයාලා හරි.. මම නිසයි නංගිට ගොඩක් දේවල් බෙදාගන්න වුණේ.."
වැටුණු කඳුළු අත් දෙකෙන් පිහ දාගෙන මම කාමරයට ගියේ ඇඳුම් ටික දාගන්න.. එකින් එක ඇඳුම් නවද්දි ජීවිතේ මම විදපු ලස්සන දවස්, දුක්බර දවස් සිහියට ආවම දිග හුස්මක් පිට වුණේ මටත් නොදැනිමයි... පොඩි කාලෙ නංගියි මමයි කොච්චරනම් සතුටෙන් හිටියද.. අම්මයි තාත්තයි ආදරේ දුන්නේ කිසි අඩුවක් නොකර.. ඒත් මට හැමදේම නැති වුණා... නංගි මට දීපු හැමදේම සෙල්ලම් බඩුවෙ ඉදන් මම පරිස්සම් කලේ හරි ආදරයෙන් ඒත් දැන් හැමදේම දාලා මට යන්න වෙලා...
අම්මලා එන්න කලින් යන්න කිව්ව නිසා අතේ තිබුණෙ සුළු ගානයි.. තාත්තා ආපු පාර දීලා ගියපු සල්ලි වගයක්.. ඒකත් දාගත්තා මම.. උණක් හැදුනත් බේත් ටිකක්වත් ගන්න.. තාමත් නෑ හිතේ තීරණයක් යන්නෙ කොහෙද කියලවත්.. පාරට බැස්සම හිත කියන තැනකට යනවා මම.. ඇඳුම් බෑගයත් හදාගෙන එලියට බැස්සෙ මෙතරම් කාලයක් අම්මෙක් වගේ මාව රැකපු මැණිකෙ නැන්දට සමු දෙන්නයි.. ඒ ඇස්වලින් මම දැක්කේ හදවතේ තිබුණ කියාගන්නත් බැරි දරාගන්නත් බැරි වේදනාවක්.. තාත්තට කිව්වනම් එයා මට යන්න දෙන්නෙ නෑ.. ඒත් මම පිට එකානෙ.. මට තාත්තගෙවත් අයිතියක් නෑ.. ඒ නිසා මම යනවා සදහටම අම්මගෙ නංගිගෙ ඇස්වලට ආයෙ නොපෙනෙන්නම..
"මැණිකෙ නැන්දා.. මම යනවා.. මෙච්චර කාලයක් මාව හදාගත්තෙ තමන්ගෙම දරැවෙක් වගේ.. මට අසාධාරණයක් වුණ තැන පුළුවන් විදිහට ඉදිරිපත් වෙලා මං වෙනුවෙන් කතා කලා.. මට කවමදාවත් අමතක වෙන්නෙ නෑ නැන්දෙ ඔයාව.. මගෙ තාත්තා ඇහුවොත් කියන්න එයාගෙ සදිසි පරිස්සමෙන් ඉන්නවා කියලා.. මට ඔයා වගේ ආදරේ දෙන කෙනෙක් හම්බ නොවේවි.. අපි ආයෙ හම්බ වෙයි නේද මැණිකෙ නැන්දා.."
බෑග් එකත් බිම දාලා මැණිකෙ නැන්දව බදාගෙන ඇඬුවෙ මට මේ ගෙදර තාත්තා ඇරෙන්න මං වෙනුවෙන් හිටපු එකම කෙනා මැණිකෙ නැන්දා නිසා.. මට එයාව දාලා යන්න දුකයි...
"මම පොරොන්දු වුණා.. සදිසි බේබිව ඇස් දෙක වගේ බලාගන්නවා කියලා.. සදිසි බේබි මගේ වගකීමක්.. බේබි යන තැනක මාත් එනවා.. බේබිගෙ ආරක්ෂාවට.. මටත් දැන් මේ ගෙදර මං වෙනුවෙන් කවුරැවත් නෑ සදිසි බේබි.. අපිට හිටියෙ අපි විතරයි.. ඒත් ඔයා ගියාම අපි දෙන්න දෙපැත්තක තනි වෙනවා.. මහපාරෙ හරි අපි දෙන්නෙ එකට ඉමු.. මම බේබිගෙ ආරක්ෂාවට ඉන්නවා... මමත් එනවා ඔළුව හැරැණු අතේ යන්න හරි.."
අනේ මැණිකා නැන්දා මගේ ආරක්ෂාව වෙනුවෙන් මාත් එක්ක පාරට බහින්න ලෑස්ති වෙලා.. ඒත් මට අයිති නැති මේ මන්දිරෙන් මැණිකෙ නැන්දව එක්ක යන්න බෑ මට...
"බෑ නැන්දා.. ඔයා මම එන්නත් කලින් ඉදන් මෙහෙ හිටියෙ.. අම්මවයි නංගිවයි බලාගන්න නැන්දා ඉන්න ඕන.. අම්මගෙ බෙහෙත් වෙලාවට දෙන්න.. නංගි ඕවා කරන්නෙ නෑ.. සතුට නැතුව හරි මෙතන බඩගින්නෙ නැතුව කාලා, නොතෙමි වැටිලා ඉන්න පුළුවන්නෙ.. මං ගැන වද වෙන්නෙපා.. අවුරැදු 25ටත් වඩා මට හෙවන දුන්නා මේ බංගලාව.. ඒකම ලොකු දෙයක්.. මම යනවා නැන්දා.. ඔයාව බලන්න මම එනවා කවදහරි.. දුක් වෙන්නෙපා.. මගෙ මල් ගස් හොඳට බලාගන්න.. මල් දකිද්දි මාව මතක් වෙයි නැන්දට..හැමදේම ලැබෙන්නෙ ලැබෙන්න තියෙන විදිහට... සතුටින් ඉන්න නැන්දා..."
දෙදණ බිම තියා මැණිකෙ නැන්දට වැන්දෙ මෙතරම් කාලයක් මගෙ අම්මා වගේ මගෙ ලග හිටිය නිසයි... අම්මට වඳිනවා කියලා හිතාගෙනයි නැන්දට වැන්දෙ මම... මැණිකෙ නැන්දගෙ කඳුළු පිහදාලා මම බෑග් එක අතට අරන් එළියට ආවෙ නැවත වතාවක් බංගලාව දිහා හැරිලා බලමින්...
මේ බංගලාවෙ නංගිත් මමත් සෙල්ලම් කරපු තරම්., එකට වාඩිවෙලා පාඩම් කරපු හැටි.., හැම ගහ කොළකම අපේ හුස්ම කවලම් වෙලා ඇති... අවුරැදු විසි පහක් ඉක්මවා මට සෙවන දුන්න මහ මන්දිරයේ හැම අස්සක් මුල්ලක් නෑරකම එක්වුණු මතකයන් විටෙක සතුටක් විටෙක දුකක් ගෙනාවත් මන්දිරයේ බිත්ති පවා අපේ හඬින් අපිව අඳුනන්නේ ඒ තරම්ම මේ බංගලාව මට සමීප වුණු නිසාවෙන්.. අද අවුරැදු විසි පහක මතකයන් පොදි ගහගෙන මේ මැදුරෙන් යන්නම යනවා මම සදහටම......
තැබූවත් පියවර යන්න හිත නෑ මතක අතහැර...
මිලින විය සිහින එකිනෙක යලිඳු කිසිදා සැබෑ නොවන ලෙස...
හුස්ම රැඳුණා සිනහ රැඳුණා එකම මැදුරක එකම විදියට...
ඉතින් යන්නම් මතක අරගෙන නැවත කිසිදා හැරී නොඑන්නට...
පයින්ම පාරට බැස්සේ හිතූ මතේ යන්න තැනක් හිතාගන්න බැරැව... බෑග් එකත් අරන් කල්පනා කර කර යද්දි මිනිස්සු බැලුවෙත් අමුතු විදිහට.. සත්තකින්ම ගැහැණු ලමෙකුට සමාජෙ ජීවත් වෙන්න මෙච්චරම අමරැද.. පාරට බැස්සට කොහේ යන්නද මම.. කල්පනා කර කර හිටියෙ පුරාව වෙලාවක් මම බස් හෝල්ට් එක ලග....
"හරි මතක් වුණා.. අම්මෙක් තාත්තෙක් හරියට නැති ලමෙක් යන තැන.. මම ඉපදිලා දවස් ගාණක් මට නිවහනක් වුණ තැන.. ඔව්.. එතන තමයි මට හරි යන්නෙ.. ලමා නිවාසෙ.. සුදු අම්මා මාව බැනලා එලවගන්නෙ නෑ කවදාවත්.. හෙමින් සැරේ ජොබ් එකක් හොයාගෙන අයින් වෙනවා.. දැනට පිහිටක් වෙයි මට සුදු අම්මා..."
එකපාරම මට මතක් වුණේ ලමා නිවාසෙයි..,සුදු අම්මවයි... අනේ මම අසරණ වුණ තරමක්.. යන්න එන්න තැනක් හිත හිත මහ පාරේ... අනේ අම්මෙ ඔයා මෙහෙකාරකම් කලාට කමක් නෑ.. මාව ඔයා ගාවට ගන්න..මටත් පුළුවන් වළං හෝදන්න.. ඇස්වල කඳුළු පුරෝගෙන ලමා නිවාසෙට යන්න තීරණය කලා මම.. කාත් කවුරැවත් නැති මට ලමා නිවාසෙ සුදු අම්මා පිහිට වෙයි.. හරියකට අම්මා තාත්තා නැති දරැවෙක් මේ ලෝකෙ කොයි තරම් නම් අසරණ වෙනවද.. යන එනමක් නැතුව මහ මග කොයි තරම් නම් වැස්සට තෙමි තෙමී අව්වට වේලි වේලි,බඩගින්නෙ ඉන්නව ඇත්ද.. බඩගින්න නිවා ගන්න බත් කටක් ඉල්ල ගන්න මිනිස්සු ගාව කොටි තරම් නම් බැගෑපත් වෙනවා ඇත්ද.. හයක් හතරක් නොතේරෙන කාලෙ හරි බලා ගත්තා මාව අම්මයි නංගි.. ඒකම ලොකු දෙයක් මට.. සන්දීප්ට කතා කලානම් එයා මේ ප්‍රශ්නෙ විසඳනවා.. ඒත් එයාට බරක් වෙන්න බෑ එහෙම..
දහසක් දේ කල්පනා කරමින් ලමා නිවාසෙ ගේට් එකෙන් ඇතුල් වුණේ පිහිටක් ලැබේවිදෝ ප්‍රාර්ථනා කරමින්...............
.............................................................................
*කතාවෙ විසි හත්වන කොටස අවසන් කරන්නම්.. කතාව දාන්න පරක්කු වෙනවට සොරි.. සදිසි කාත් කවුරැවත් නැතුව අසරණ වෙලා ලමා නිවාසෙට ආවා... ලමා නිවාසෙන් සදිසිට පිහිටක් ලැබෙයිද... සදිසි වෙනුවෙන් පණ වුනත් දෙන සන්දීප් දැන් සදිසිව කොහොම හොයා ගනීද.. එයා ගෙදරින් ගියා කියලා දැනගත්තම සන්දීප් කොහොම ඒකට රිඇක්ට් කරයිද.. ඊලග කොටස ඉක්මනටම දෙන්නම්.. කතාව ගැන අදහස් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නෙපා.. දිගටම ඉන්න කතා පියස එක්කම..*
Dilru Don'T Copy
No comments:
Post a Comment