*මගේ මරණය මා අභියස..*
(කෙටිකතාව)
* දෙවන කොටස*
"නෝනලා මහත්තයලා ප්‍රශ්නෙක වගේ.. සාත්තරයක් අහමුද.."
අපි හිටපු තැනට අමුතු විදියට අැඳගත්ත ගෑනුකෙනෙක් අාවා එවලෙම..
"නෑ නෑ.. අපිට සාත්තර ඕනි නෑ මේ වෙලාවෙ.."
සාත්තර ගුරැකම් කවදාවත් විශ්වාස නොකරන අයියා එකපයින්ම කිව්වෙ සාත්තර එපා කියලා..
"නෝනා ලොකු ප්‍රශ්නෙක වගේ.. වතුරට බයයි වගේ නේද.. මම දැක්කා ඈතදිම වතුරට දැම්මම බයෙන් කෑ ගහනවා.."
"නෑ.. නෑ.. බයක් නෑ.. වතුර පාර සැර වැඩී.. ඒකයි. පොඩ්ඩක් බයවුනේ අද.."
මොනා කරන්නද.. නම්බුව රැකගන්න බොරැ කියන්න වුනා..
"නෝනා ගෙදරදිත් ඔහොමනෙ.. බාත්රෑම් එකෙත් බයේ කෑගහනවනෙ.. මම හරිනෙ"
ගෑනු කෙනාගෙ ඒ කතාවටනම් මම ඉඳගෙන හිටපු තැනින් ඉබේම නැගිට්ටුනා..
"ඔ...යා... කො...හො...ම...ද... ඒ..ක... ද...න්...නෙ..?"
"මට බොරැ කරන්න කාටවත් බෑ නෝනා.. මගෙන් උදව් ඔයාලට ඕනිමයි..සාත්තරයක් අහනවනම් කියන්නම්.. නැත්තම් මම යන්නම්.. මට සතයක්වත් එපා.."
ගැහැණිය මගේ මේ රහස ඇස් දෙකෙන්ම දැක්කා වගේ කියද්දිනම් මට මේ කුතුහලය නැති කර ගන්නම හිතුණා..
"ඔයා මොනවද තව දන්නෙ.."
"මම නොදන්න දෙයක් නෑ.. නෝනගෙ බය මේ ආත්මෙ දෙයක් නිසා නෙවෙයි.. පෙර ආත්මෙ එක්ක බැඳිලයි තියෙන්නෙ.."
එ් කතාව අහපුගමන් මමයි අයියයි එයාගෙ යාලුවොයි අන්ද මන්ද වෙලා ගියේ අපි එක්කෙනාට එක්කෙනා දිහා බලාගනිමින්..
"එ් කතාව මෙකක්ද..? දෝණි වතුරට බය කලින් ආත්මෙ දෙයක් නිසා කියලද කියන්නෙ.. එහෙම වෙන්න බෑ.. අපි ඒ ආත්මෙ අතහැරලයි තව ආත්මෙකට එන්නෙ.. තමුන්ට අපෙන් මොනාද ඕන කරල තියෙන්නෙ.. අපිව ගොනාට අන්දන්නද හදන්නෙ.."
මගෙ අයියට ඒ කතාවට නම් හොඳටම කේන්ති ගිහින් වගේ..
"මට ඕන සැනසීම.. මේකෙන් මට සැනසීම ලැබෙනවා.. අදටත් වැළලුණු රහසක් රාවණා ඇල්ලෙ සැඟවිලා ඇති.. මං ගැන විශ්වාසයක් එයි.. යන්න මාව අවිශ්වාසනම් රාවණා ඇල්ල යට හැංගුන මහත්තයගෙ මේ නෝනගෙ රහස විසඳගන්න..මම යනවා එහෙදි මුණගැහෙමු.."
කාන්තාව මහ ලොකු බයංකාර කතාවක් හෙලිකලා.. අයියා එයාට දොස් කිව්ව නිසා අපිටම හොයාගන්න කියලා යන්න ගියා..
"ඔ..හොම පොඩ්ඩක් ඉන්න.. ඔයා දන්නවා ඒ ගැන මට කියලා යන්න.. මොකක්ද රාවණා අැල්ල ගැන කියන්නෙ.."
මම කෑමොර දුන්නත් එ් ගෑනු කෙනා පස්ස නොබලාම යන්න ගියා..
"මොකක්ද ඔයා කලේ අයියෙ.. අපිට එයාගෙ කටින්ම හැමදේම දැනගන්න තිබ්බනෙ.. ඔයා බැන්න නිසා මගෙ ඔළුව අවුල් කරලා දාලා යන්න ගියා.."
"එ් ගෑනි දන්න දෙයක් නෑ දෝණි.. අපිව අන්දලා සල්ලි කීයක් හරි කඩාගන්න බැලුවෙ.."
"නෑ නෑ. එයා කලින්ම කිව්ව සතපහක්වත් එපා කියලා.. මතකද.. මතකද ඔයාට එයා කිව්වා එයාට ඕන සැනසීම.. මේකෙන් එයා සැනසීම ලබනවා කියලා.. සාත්තර කියන එකෙන් එයා සතුට, සැනසීම හොයනවා ඇති.."
"මටත් ඒ කතාවෙ අමුත්තක් තියෙනවා.. එයා රාවණා ඇල්ල කියලම කිව්වනෙ.. එහෙ යන්නත් කිව්වනෙ.. බොරැමයි කියන්නත් බෑ.. අපි ගිහින් බලමු.."
මෙතෙක් නිහඬව ඉදපු චතුර අයියත් එහෙම කියද්දි අයියට විශ්වාසයක් ඇතිවුනා වගේ හැගීමක් එයාගෙ මූනෙ ඉරියව් වලින් මම දැක්කා..
"හරි.. මෙයාගෙ වතුර දකිද්දි කෑගහන හේතුව රාවණා අැල්ලෙ තියෙනවනම් හරි අපි එහෙ යමු.. දෝණි ඔයා අවුලෙන් ඉන්නවා මට බලන්න බෑ.. ඔයාට සැනසීමක් ලැබෙනවනම් මගෙ පණ ගියත් මට කමක් නෑ.."
හැමෝගෙම එකඟතාවය උඩ අර කාන්තාව කිව්ව රාවණා ඇල්ලෙ සැඟවුණු රහස හොයන්න යන්න අපි හැමෝම එකඟ වුණා.. දිනයක් වෙලාවක් දාගෙනම අපි බෝපත් අැල්ලට සමු දුන්නෙ සැඟවුණු රහස හොයන්න මහා ලොකු කුතුහලයක් හිතේ තියාගෙන.......
..............................................................................
"දෝණි... ලෑස්තිද ඔයා.. අපි වෑන් එකක යන්නෙ.."
අයියා උදේම ඇවිත්.. අදනම් කසුන් අයියා විතරයි... ඉදලා හිටලා අපේ වැඩවලට යාලුවෝ ඩ්‍රයිවර් ලා කර ගත්තම මොකද..
"මම ලෑස්තියි.. අපිට මේ මිෂන් එක ඉවර කරන්න කොච්චර දවසක් යයිද..මම වැඩිපුර ඇඳුම් ටිකක් දාගත්තා.."
"අම්මෝ මැට්ටි.. නවතින්න නෙවෙයි යන්නෙ.. එහෙ මොනාද තියෙන්නෙ කියලා බලන්න යන්නෙ.. අදම එනවා.. පිස්සු කෙල්ලෙක්.. කමක් නෑ.. රාවණා ඇල්ලෙදි බය ඇරැනම ඇල්ලෙන්ම නාවගෙන එනවා.. අද ඉදන් දෝණි සතුටින්ම ඉඳී.."
අපි ගමන කුතුහලයෙන් පිරැණත් හිතේ තියෙන ඒ කුතුහලය විසඳගන්න අාසාවෙන්, උනන්දුවෙන්, ඉවසිල්ලක් නැතුවයි හිටියෙ..
"ඉන්න මම දොරවල් වහලා එන්නම්.."
ත්‍රාසය පිරැණු මේ ගමනට අම්මා මාව අයියා එක්ක තනියම නම් යවන්නෙ නෑ.. මට වඩා මේ දේ දැනගන්න උනන්දුව තිබ්බෙ අම්මට..
අපි හතරදෙනා රාවණා ඇල්ලෙ සැඟවුණු රහස හොයන්න යන ගමන පිටත් වුනා.. දිගු ගමනක් නිමා කර සීතල සුලඟ ගතේ දැවටෙන සුන්දර බදුල්ල දිස්ත්‍රික්කයට අපි කිට්ටු වුනා..
සුන්දර රාවණා අැල්ල මනස්කාන්තව ගලාගෙන බැසගියත් රාවණා අැල්ල ලඟදි මොකක්දෝ අමුත්තක් මගෙ ඇඟට දැනෙන බව මට තේරැණා..
මොකක්දෝ අමුතු වේදනාවක්.. අමුතු හඬවල් මැදින් රාවණා ඇල්ල මොකුත් ම නොදන්නවාසේම ගලා බසිනවා..
"අම්..මෙ.. ම..ට.. මො...ක...ක්...ද.. වෙ...න...වා... ඇ...ඟ...ට... ම...ට.. ක...තා... ක...ර..න...වා...ඇ....හෙ..න..වා.. බ...ය..යි.."
මම ගොත ගැහෙද්දි මට දැනෙන්න ගත්ත අමුතු හැඟීම කියන්න මටන් ගත්තා... අනේ හතර වටෙන් මට කතා කරනවා ඇහෙනවා.. කෑ ගහනවා ඇහෙනවා.. මට ඉවසන්න බෑ.. මම අඬන්න ගත්තා..
"දෝණි.. මගෙ දෝණි... අයියත් ලඟ ඉන්නවා.. මාත් ඉන්නවා.. බය වෙන්නෙපා.. කියන්න මොකක්ද ඇහෙන්නෙ.. කොහෙන්ද ඇහෙන්නෙ.. අපි යමු හොයන්.."
"අ...ර.. පැත්තෙන්... විලා..ප..යක්.. මට.. බයයි.."
ඇල්ල ලඟම මිනිස්සු නොගැවසෙන බිහිසුනු තැනකට මගෙ ඇගිල්ල දිගුවුනා.. අපි හතරදෙනාම ඒ පැත්තට යන්න තීරණය කලා..
"මහත්තයාලා කොහෙද යන්නෙ.. ඔය පැත්ත අවදානම්.. අනතුරැදායකයි කියලා ගහලා තියෙනවා..යන්නෙපා ඔය පැත්තට.. ඔය පැත්තෙ හොල්මන් තියනවා කියලා අතීතෙ ඉදන් කතාවක් එනවා.. කවුරැත්ම යන්නෙ නෑ.."
ඇල්ල ලඟ ඉදපු මනුස්සෙක් අපි යන්නත් කලින් අපිට අනතුරැ ඇඟෙව්වා.. ඒත් අපි එ් වචන නොතකා ඉදිරියට ගියේ හිතේ බය තිබුණත් ඒ බයට හේතුව විසඳගන්නයි...

*රාවණා ඇල්ලේ සැඟවුනු රහස ඉක්මනටම විසඳගමු... ආත්මගත මේ කතාව ඒකාකාරි කතාවලින් වෙනස් එකක් වේවි... කතාව මුල ඉදන් කියවන්න.. අදහස් කමෙන්ට් කරන්න.. දිගටම රැදී ඉන්න කතා පියස සමඟම...*
Diltu Don't Copy