Pages

Wednesday, May 20, 2020




     
      සයුරු පෙම ( නව කථාවකි )


        ........*පහලොස් වන කොටස*........



එකපාරම ගෙදරට වාහනයක් එනවා ඇහුනා.. මම ඉක්මනටම පහලට ගිහින් බැලුවෙ කවුද ආවෙ කියල මේ වෙලාවෙ..

"අම්මයි, තාත්තයි, මල්ලියි... තුන්දෙනාම ඇවිත්.. ඇයි මේ හදිස්සියෙම.. තුන්දෙනාම ඇවිත්.. ටික දවසක් ඉඳලා නේද එනවා කිව්වෙ.."

පහන්ගෙ අම්මල ගෙට ගොඩවෙන්නත් කලින් ම මම ප්‍රශ්න කලේ අම්මලා ටික දවසක් ඉඳලා එනවා කිව්ව නිසයි..

"එහෙම කිව්වෙ බොරැවට.. අපි කතාවෙලා එහෙම කිව්වෙ...කොල්ලව පුදුම කරන්න.."

තාත්තා එහෙම කියද්දි මම තවත් පුදුම වුනා... මොකක්ද මේ හතරබීරි කතාව කියලා...

"පහන් ව පුදුම කරන්නෙ ඇයි.. මොකක්ද වුනේ අම්මෙ කියන්නකො.."

"අයියෝ දූ.. ඔයා දන්නෙ නැද්ද.. අද පහනගෙ බර්ත්ඩේ එකනෙ.."

අම්මා හිනාවෙවී උත්තර දෙද්දි මම ඇස් අදහගන්න බැරැව හිටියා..

"අද පහන්ගෙ බර්ත් ඩේ එකද.. අනෙ මට මතකයක් වත් නෑ.. මම ඉතින් ඇවිල්ලා ටික දවසනෙ.. අම්මල මොකුත් ඇරේන්ජ් කරනවද.."

මම ප්‍රශ්න කලේ මීට පෙර පහන්ගෙ බර්ත් ඩේ එකට පාටි දානවද කියලා නොදන්න නිසයි..

"රෑට කෑම වේලක් ලෑස්ති කරමු.. අපි කේක් එකක් ඕඩර් කලා.. ඔයාගෙ අම්මලටත් එන්න කියන්න රෑ වෙලා..පහන් ඔයාව මැරි කරලා සමරන පළවෙනි බර්ත් ඩේ එකනෙ..පොඩියට පාටි එකක් ගමු.. පුතා කැමති චාම් විදියටනෙ අපි එහෙම කරමුකො.."

"පහන් මේ කිසි දෙයක් දන්නෑනෙ අම්මෙ.."

මම තාමත් ඉන්නෙ පුදුමෙන්.. පහන්ට මොකුත් ගත්තෙත් නෑ.. මම දන්නවද බර්ත් ඩේ එක කියලා.. මම මේ කල්පනා කරන්නෙ එ් මෝඩයා මගෙ නළල කිස් කරපු එක.. කොච්චර කිව්වත් බර්ත් ඩේ ගිෆ්ට් එකක් දෙන්න ඕනි.. දැන් හවස් වෙන්නත් කිට්ටඅයි කොහෙන් ගන්න ද මම ගිෆ්ට්.. හෙටම දෙනවා..

"නෑ පහන් මොකුත් දන්නෑ.. පහන් ව කලින් ගෙන්න ගන්න වැඩේ තියෙන්නෙ ඔයාගෙ අතේ.. දොර අරිනගමන් ම අපි හැමෝම එයාට විශ් කරමු..."

අම්මගෙ යෝජනාවට අපි හැමෝම එකඟ වුණා... ගෙදර සේරම ඇරේන්ජ් කරලා ඉවරයි.. කේක් එකත් ගෙනාවා.. පහන්ගෙ නම ලස්සනට ලියලා තිබුණා.. 29යි දැන් එයාගෙ වයස.. ඉලක්කම් කරපු ඉටිපන්දම් ගහලා කේක් එක ලස්සන කරලා තිබුණා..

,"අක්කෙ අයියට දැන් එන්න කියමු නේද"

මල්ලි එහෙම කිව්වත් පහන්ට මොකක්ද හේතුවක් කියන්නෙ..
මම පහන්ගෙ නම්බර් එකට කෝල් එකක් ගන්න ගමන් හිතුවෙ ඒක..

"ඔව් කියන්න දිදුලි මොකද මේ කෝල් එකක් ගත්තෙ.."

පහන්  පෝන් එක අාන්සර් කරප්‍ර ගමන් ම අැහුවෙ එහෙම.. මොගද කවදාවත් එයා වැඩට ගියාම මම කෝල් ගන්නෙ නෑනෙ..

"පහන් ඔයා දැන්ම එනවද ගෙදර.."

"තව ටිකක් පරක්කු වෙයි.. මම මේ අලුත් ප්‍රජෙක්ට් එකක් ගැන කතා කරනවා මීටින් එකක ඉන්නෙ..පස්සෙ ගන්නම්.."

පහන් ව ගෙන්න ගන්න එකනම් අමාරැයි..පහන් අැමතුම විසන්ධි කරන්න කලින් මම ඉක්මන් වුණා..

"ඔහොම ඉන්න.. පහන් මට ටිකක් අමාරැයි වගේ.. ආයෙම උණ අරන්.. මේ වෙව්ලනවා.. අම්මලත් නෑනෙ.. මාව අපෙ ගෙදර ගිහින් දාන්නකො.."

අමාරැවක් නැතත් මගෙ කටට ආව හේතුව ඒක.. පහන් යිශ්වාස කරයි.. මොකද මට කොහොමත් තෙමිලි අසනීප වුනානෙ..

"බෙහෙත් ටික බිව්වෙ නෑ නේද.. එදා බැන්නටමට තාම ෆනිශ් කරනවද.. දීපු බෙහෙත් ටික දැන් ම බොනවා.. මම දැන් එන්නම්.."

පහන් තාමත් හිතන්නෙ මම එයාට ෆනිශ් කරන්න මෙහෙම කරනවා කියලා.. එයා දන්නෑනෙ අපෙ සප්‍රයිස් එක...

"වැඩේ හරිද අයියා එනව කිව්වද.."

"ඔව් මල්ලි එන්නම් කිව්වා.. මම කුස්සිය පැත්තට ගිහින් එන්නම් අම්මලා මොනව කරනවද කියලා.."

පහන් ව ගෙන්න ගන්න බොරැ කියලා මම කුස්සිය පැත්තට ගියේ අද කෑම වෙනදට වඩා විශේෂ වූ නිසයි... අපෙ අම්මයි පහන්ගෙ අම්මයි බර සාක්ච්ඡාවක.. තාත්තල දෙන්න නම් එලියෙ වෙනම සෙට් වෙලාද කොහෙද..

"අපි මේ කතා වුනේ ඔයාලා දෙන්න ගැන.. ෂෝක් එකට ගැලපෙනවා කියලා.. මම කිව්වේ දිදූ තාත්තයි මායි ඔයාට වැරද්දක් කරන්නෑ කියලා..."

අපෙ අම්මනම් මාව පහන්ට බන්දපු තීරණේ ගැන සතුටු වෙනවා..  පහන් හොඳ කෙනෙක් නිසා ඉස්සර වගේ මම හරහට කතා කරන්න ගියෙ නෑ..

"පුතා තාම නෑනෙ දූ.. ඔයාට කිව්වද දැන් ම එනවා කියලා.."

පහන්ගෙ අම්ම මගෙන් ඇහුවෙ දැන් රෑ 8 ටත් කිට්ටුවෙලා පහන් ආවෙ නැති නිසා...

"ඒකනෙ අම්මෙ පැය දෙකකට කිට්ටුයිනෙ..එවලෙ කිව්ව දැන් එනවා කියලා.."

වෙලාව ගෙවිල යනවා පහන් තාමත් නෑ..  කෝල් ගත්තත් පෝන් එක ගන්නෙත් නෑ.. 

"දැන් හුඟක් රෑ වෙලානෙ දූ.. එයා යාලුවො එක්ක බර්ත් ඩේ එකට මොකුත් පාටියක්ද මන්ද"

අපෙ අම්මා තාත්තා, පහන්ගෙ අම්මා තාත්තා, මල්ලි, මම හැමොම බලන් හිටියෙ පාර දිහා.. 

"අනෙ නෑ නංගි.. පහන් දන්නවනෙ දූ තනියම කියලා.. ඒ නිසා පාටිවලට යන්නෑ.. අනික එයා එහෙම පාටිවලට යන කෙනෙක් නෙවෙයි.. අපි එක්ක විතරයි පොඩියට පාටියක් දැම්මත්..ඒකත් එයා ඩ්‍රින්ක්ස් ගන්නෙත් නෑ.."

පහන්ගෙ අම්ම අපෙ අම්මට විස්තර කලේ පහන් පරක්කු වෙන්න වෙන හේතුවක් ඇති නිසයි..

"ඉන්න මම පහන් වැඩ කරන තැනට කෝල් එකක් ගන්න.."

පහන්ගෙ තාත්තා නම්බර් එකක් හොයාගෙන ඒකට කෝල් කලා..

" හෙලෝ මම මේ පහන්ගෙ තාත්තා.. පහන් තාම ඔහෙද අහන්න ගත්තෙ.."

"අනේ නෑ සර්.. පහන් එයාගෙ වයිෆ්ට අසනීපයි කයලා මීටින් එකත් කැන්සල් කරලා ගියානෙ.. දැන් පැය දෙකක් විතර.."

"ආ.. එහෙමද හරි හරි තැන්ක් යූ.."

පහන්ගෙ තාත්තා දුරකතනය විසන්ධි කලේ අපි හැමෝගෙම මූණු දිහා බලමින්...

"එයා ඔෆිස් එකෙන් ඇවිත්.. පැය දෙකක් වෙනවලු.. මීටින් එකත් කැන්සල් කරලා දූ අසනීපයි කිව්වම.. තාම නැත්තෙ මොකද.. පහන්ට හෙමින් ආවත් පැයෙන් එන්න පුළුවන්.."

අපි හැමෝම අවුලෙන් හිටියෙ පහන් එන්න පරක්කු ඇයි කියලයි..
ඒ එක්කම පහන්ගෙ නම්බර් එකෙන් මට කෝල් එකක් ආවා..මම ඉක්මනටම ආන්සර් කලේ බනින්න හිතාගෙන...

"හෙලෝ මිස්.. මේ පොන් එක අයිති කෙනාගෙ කාර් එක ටිපර් එකක හැප්පුනා... මෙයාට සිහිය නෑ.. මේ නම්බර් එකෙන් කෝල් තිබ්බ නිසා මේකට ගත්තෙ.. අපි මෙයාව මහ රේහලට ගෙනියන ගමන්.. දැන් ළඟමයි.. ඉක්මනට එනවද..."

ඉබේම මගෙ අතින් දුරකතනය ගිලිහුනා...එහෙමම බිම ඉන්ද වුනේ කතා කරගන්න බැරැව කටත් ලොක් වෙලා වගෙ..

"දිදු මොකද මේ.. මොකක්ද වුනේ කියනවද.. කෝ කතා කරන්න..පහන් සොකද කිව්වෙ.. මොකක්ද වුනේ..."

හැමෝම කලින් ප්‍රශ්න කරද්දි මම හිටියෙ ගල් ගැහිලා වගෙ..

"හො....ස්....පි...ට..ල්.."

මට කියවුනේ එච්චරයි..

"මොකක්.. හොස්පිටල් පුතාට කරදරයක් නෑ නේද.. "

පහන්ගෙ අම්මා අඬන්න ගත්තෙ මාව බදාගෙන..

"දුව කියන්න විස්තරේ.. මොකක්ද හොස්පිටල් කිව්වෙ.."

පහන්ගෙ තාත්තා මගෙ ලඟට ආවෙ එවලෙ..

"පහන්..එක්සිඩන්ට් වෙලා...මහ රෝහලෙ යං ඉක්මනටම..මට පහන් ඕන.."

මම එහෙම කියලා ඉක්මනටම මල්ලිගෙ කාර් එක ගාවට දිව්වෙ මෙලෝ සිහියක් නැතුව...

මල්ලියි, මමයි, පහන්ගෙ අම්මයි තාත්තයි මල්ලිගෙ කාර් එකෙනුත්, මගෙ අම්මයි තාත්තයි එයාලගෙ කාර් එකනුයි ඉක්මනටම හොස්පිටල් යන්න පිටත් වුනා..මල්ලි වේගෙන්ම ගියේ ඇස්වල කඳුලු පුරවන්..
අම්මත් තාත්තත් අඬනවා හොඳටම..
අනේ පහන්.. එයා මට ආදරෙයි ඒක මම දැක්කා උදෙත්...මටත් මේ දුක දරාගන්න බෑ.. මට පහන් නැතිවෙයි කියලා ලොකු බයකුත් දුකකුත් ඇති වුනා.. මම හොඳටම අඬන්න ගත්තා.. අනේ මගෙ පහන්... මගෙ කටින් පිටවුනේ එච්චරමයි....ඉක්මනට ම එන්නැත්තෙත් මට අසනීපයි කිව්ව නිසා... අනේ මට ඒ තරම්ම ආදරෙයිද  පහන්.... අනේ මොකද මේ වුණේ පහන්.... මගෙ ඇස් වලින් කඳුලු ගපාගෙන ගියේ මට මට මාව වත් පාලනය කරගන්න බැරැවයි...
අපි මහ රෝහලට අැවිත් වාහනය නතර කලේ පහන් බලන්න නොඉවසිල්ලෙන්...

...............................................................................

*පහන් දිදූ කතාවෙ පහලොස් වක කොටසත් ඉවරයි.. මේ මොකද වුනේ.. තාම පහන් දිදුපිටවත් දිදුලි පහන්ටවත් එයාලගෙ ආදරේ වචනෙන් කිව්වෙ නෑනෙ.. පණටත් වඩා දැන් දෙන්කට දෙන්නා ආදරෙයි.. දිදුලිටත් මෙච්චර දුක ඒ නිසානෙ.. ආදර කතාව පටන් ගන්නත් කලින් පහන් දිදුලිව දාලා යන්නම යයිද.. අපි බලමු මොකද වෙන්නෙ කියලා...දහසය වන කොටස අරන් ඉක්මනටම එන්නම්... ඔයාලගෙ වටින අදහස් කමෙන්ට් කරන්න.. යාලුවන්ටත් බලන්න ශෙයා කරන්න.. රැදෙන්න කතාපියස එක්කම..*

දිල්රුක්ෂි                                                       (උපුටාගැනීම තහනම්)

No comments:

Post a Comment